සමහර කාල වලට එන උණ හැමෝටම වගේ හැදෙනවා. අපේ ගමේ ඉස්සර
නං පොඩි උන්ට අඹ ගැට කාලෙට හැදෙන උණේට කියන්නේ අඹ උණ කියලා. ඇස් ලෙඩ වගේ දේවල් හුග
වෙලාවට හැදෙන්නේ නියං කාලයක් අල්ලලා. ඒ වගේම තමයි ක්‍රිකට් මැච් කාලෙට ක්‍රිකට්
උණත් ඔලිම්පික්, ෆුට්බෝල්
වර්ල්ඩ් කප් කාලෙට අපේ ගමේ අයට විතරක් නෙවෙයි මුළු රටේම හුග දෙනෙකුට ඒ ඒ ස්පෝට්ස්
උණකුත් හැදෙනවා. මටත් එහෙමයි.
ලොකු මල්ලි කොල්ල කාලේ වෙච්ච දේවල් තමයි තාම රහට
මතක් වෙන්නේ. 96 වර්ල්ඩ් කප්
එක අමතක වෙන ලංකාවේ මනුස්සයෙක් ඉන්ඩ බෑ කියල දකුණු කණ ඔට්ටුවට තියන්ඩ මම කැමතියි.
ඒ වගේම මට මතකයි 88 ඔලිම්පික්
එකේදි බෙන් ජොන්සන් දුවනවා. 2000 ඕස්ට්‍රේලියාවේ ඔලිම්පික් එකේ සුසන්තිකා දුවනවා මම
බැලුවේ පේරාදෙණියේ වෙට් ෆැකල්ටි කැන්ටිමේදී. ඒ විතරක් නං බැරිය 94 ෆුට්බෝල්
වර්ල්ඩ් කප් එකේ හැම මැච් එකක්ම බැලුවේ ඒ ලෙවල් විබාගේ කට උඩ තියාගෙන. දැන් කාලේ ගෙවිලා. ඒ කාලේ තිබ්බ ජොහොර් එක ඇගේ
නෑ. මගේ හිතේ වයසට යන හිංදා වෙන්නැති. කොච්චර වයසට ගියත් තාම පුළු පුළුවන් විදිහට
ඔය ක්‍රීඩා තියන වෙලාවට ටී වී එක අල්ලාගන්ඩ තවම මම කැමතියි. ඒ කාලේ නං අප්පච්චිත්
මාත් එක්ක හිටියා දැන් අප්පච්චිත් නෑ. හැබැයි මම හැමදාම චියර් කරන කණ්ඩායම එකයි.
ක්‍රිකට් නං ලංකාව. එහෙම නැත්තං ඉන්දියාවටයි, ඔස්ට්‍රේලියාවටයි
විරුද්ධ කණ්ඩායම (තලේබාන් ටීම් එකක් උනත් කමක් නෑ ඉන්දියාවට රිඹ යන්ඩ ගහනවනං මම
සපෝට් තලෙබාන්ලට ඕං). ඔලිම්පික් වලදී නං රුසියාව නැත්තං චීනේ. ෆුට්බෝල් නං ඉතිං ආය
දෙකක් නෑ බ්‍රසීල් තමයි.
බ්‍රසීලේ නැති ෆුට්බෝල් වර්ල්ඩ් කප් ෆයිනල් එකක් නිකං
පරිප්පු නැති හෝටලේ වගේ. වලියක් නැති මගුල් ගෙයක් වගේ. බෙර නැති පෙරහැරක් වගේ.
මිනියක් නැති මළ ගෙයක් වගේ. අද රෑ තමයි ඔය වගේ කිසි ගතිමන්ට් එකක් නැති ෆුට්බෝල්
ෆයිනල් එක තියෙන්නේ. හැබැයි මම අද ෆයිනල් එකනං බලනවා. මම මේ කියන්ඩ යන්නේ ඒකට
හේතු. කැමතිද කියවන්ඩ?
මෙන්න පලවෙනි හේතුව.
මේ පාර ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක තියෙන්නේ රුසියාවේ.
රුසියාව කියන්නේ බටහිර අධිරාජ්‍යයන්ට විරුද්ධව නැගී හිටපු දේශීය විමුක්ති ව්‍යාපාර
වලට 50-60 දශක වලදී
බොක්කෙම්ම උදව් කරපු රටක්. ඔන්න එහෙම රටක් FIFA එකත් එක්ක එක්කහු වෙලා
වැඩේ ඕගනයිස් කරනවා. පිට්ටනියක් හදලා, ගෝල් කණු හිටවලා, තරගේ නීති
රීති පැහැදිලි කරලා, වලි දාගත්තොත්
බේරුම් කරන්ඩ අර ලවක් දෙවක් නැතුව දුවන විසිල් එකක් කටේ තියාගත්තු පොරකුත් දාලා, ලයින් එකෙන්
පිටට බෝලේ ගියොත් ඒකත් බලන්ඩ කට්ටිය දාලා ගේම සෙට් කරනවා.
මුල් තරග අමතක කරන්ඩකෝ. ඔන්න අපි එනවා අන්තිම දවස් දෙකට.
පලවෙනි තරගය තුන් වැනියා කවුද හතර වැනියා කවුද කියන එක තීරණය කරන්ඩ. කවුද ගේමට
එන්ටර් වෙන්නේ. බෙල්ජියමයි එංගලන්තෙයි. මුන් දෙගොල්ලගෙ පැටිකිරිය අන්තිම
සවුත්තුයි. ෆුට්බෝල් වලදී නෙවෙයි බොලව් ලෝකේ රටවල් බෙදා ගන්ඩ විශේෂයෙන් ඇෆ්රිකාවේ
රටවල් ටික බෙදා ගන්ඩ මීට අවුරුදු දෙසීයකට
තුන්සීයකට ඉස්සර මුන් දෙගොල්ල පටලිච්ච බලු පොරේ දී.
1885 ඉඳන් 1960 වෙනකල්
කොන්ගෝව (දැන් මේ රටට කියන්නේ DRC එහෙම නැත්තං ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජය, ලෝකේ තියන
අන්තිම දුප්පත්, හරිම අස්ථාවර
රටක්) පාලනය කලේ බෙල්ජියම. ඊට අමතරව 1916 ඉඳන් 1962 වෙනකල් රුඅන්ඩා
උරුන්ඩි කියන ප්‍රදේශය පාලනය කළා. චීනේ වලියකට පැටලිලා එහෙනුත් කෑල්ලක් පාලනය කළා 1902 ඉඳන් 1932 වෙනකල්.
එතකොට මොරොක්කෝවේ කොටසක සම පාලකයා විදිහට හිටියේ 1924 ඉඳන් 1956 වෙනකල්.
මෙන්න මේ සිතියමේ තියෙන්නේ බෙල්ජියම පාලනය කරපු රටවල් ටික.
එංගලන්තේ ගැන කියන්නේ
මොකටද හැමෝම දනන්වනේ උංගේ වැඩ කිඩ. වෙනින් තැන් ගැන නෙවෙයි ඇෆ්රිකාව ගත්තොත්
එක්දාස් අටසිය ගණන් වල අගදී ඇෆ්රිකාව එක එක බටහිර අධිරාජ්‍යවාදීන් අතරේ බෙදිලා
ගිහින් තිබ්බේ මෙහෙමයි.
දල වශයෙන් ගත්තොත් නැගෙනහිර දකුණු ඇෆරිකා රටවල් යටත් කරගෙන
හිටියේ එංගලන්තේ. ඒකනේ කෙන්යාව, සිම්බාබ්වේ, දකුණු ඇෆ්රිකාව වගේ රටාවක් ක්‍රිකට් ගහන්නේ.
උතුර සහ බටහිර ප්‍රංශය යටතේ. ඉතාලිය, බෙල්ජියම, පෘතුගාලය, ජර්මනිය ඉතුරු
ටික අල්ල ගෙන.
දැන් රුසියාවෙදී ෆුට්බෝලෙකට පයින් ගහලා දෙවෙනියා
තුන්වැනියා තෝරන බෙල්ජියමයි එංගලන්තෙයි එදා කවුද දිනන්නේ කියල තීරණය කරන්ඩ පයින්
ගැහුවේ ඇෆ්රිකානු කළු මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට. මේකේ කතම අවස්ථාව 1884 දී බර්ලින්
සම්මේලනයේදී යුරෝපයේ රටවල් එකතු වෙලා ඇෆ්රිකාව බෙදා ගැනීම. ඒ සම්මේලනෙට කිසිම
ඇෆ්රිකානු රටක් සහභාගී උනේ නෑ.
ඊට වඩා අද කොච්චර හොඳයිද? අනේ ඔය රටවල් දෙකේ
මිනිස්සු සංතෝසෙන් ෆුට්බෝල් ගහන කොට තාම අර පරණ යටත් විජිත වල එව්වෝ මිනී මරා
ගන්නවා. බෙල්ජියමට යටත් වෙච්ච DRC වලත් එංගලන්තේ
යටතේ තිබ්බ අද මහා ඛේදවාචක වල ජීවත් වෙන සුඩාන්, සෝමාලියා, සියෙරා ලියොන්
වගේ රටවල් වල මිනිස්සුන්ටත් සංතෝසෙන් ජීවත් වෙන්ඩ පුළුවන් උනානං හුගක් හොඳයි. ඒ
මොක නැතත් මේ ලොකු රටවල් වලින් කරන හූරා කෑම දැන්වත් නැවත්තුවොත් ඒ රටවල
මිනිස්සුන්ට හොඳ කලක් යයි.
ඊයේ බෙල්ජියම දිනුවා. එංගලන්තෙ පැරදුනා. හැබැයි මට
හිතෙන්නේ උන් දෙගොල්ලම දිනුම්. අර ඇෆ්රිකන් රටවල් ඇතුළු උන් යටතේ ජීවත් වෙච්ච
එව්වෝ තමයි පරාද.
ඔන්න දෙවෙනි කතාව.
අද ෆයිනල් ගහන එක රටක් තමයි ප්‍රංශය. මට මේ ලඟදි හම්බ
වෙච්ච ප්‍රවෘත්තියක තිබ්බා ප්‍රංශ ෆුට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පැටිකිරිය ගැන.
ඒ කතාව ඇත්තද කියන්ඩ නං මම දන්නේ නෑ හැබැයි හුගක් ඉඩ තියනවා ඇත්ත වෙන්ඩ.
මෙන්න ඒ ඒ ක්‍රීඩකයන් ගේ මව් භූමිය (නමුත් බොහෝ දෙනෙක්
උපත ලබා තියෙන්නේ ප්‍රංශයේදී. සමහර විට ඔවුන්ගේ දෙමාපියන් මේ කියන ඇෆ්රිකානු රටවල්
වලින් සංක්‍රමණය වුවන් විය හැකියි)
- ප්‍රෙස්නෙල් කිම්පෙම්බේ - කොන්ගෝව
- සැමුවෙල් උම්ටිටි - කැමරූන්
- පෝල් පොග්බා - ගිනි
- කයිලියන් බප්පේ - කැමරුන් / නයිජීරියාව
- උස්මාන් දෙම්බෙලෙ - සෙනගාලය / මාලි
- කොරෙන්ටින් ටොලිස්සෝ - ටෝගෝ
- න් ගොලෝ කන්ටේ - මාලි
- බ්ලයිස් මටුයිඩි - DRC / ඇන්ගෝලාව
- ස්ටීවන් සොන්සි - DRC
- ස්ටීව් මන්ඩාන්ඩා - DRC
- අඩිල් රමි - මොරොක්කෝ
- නබිල් ෆෙකිර් - ඇල්ජීරියා
- ජිබ්රිල් සිඩිබේ - සෙනෙගාලය
- බෙන්ජමින් මෙන්ඩි - සෙනෙගාලය
මේ කතාව ඇත්ත නං ක්‍රීඩකයන් 23 කගෙන් 14ක්ම ඇෆ්රිකානු
සම්භවයක් තියන කට්ටිය. ඒ කියන්නේ ඇත්තටම ප්‍රංශ ටීම් එක ඇහින්දාස් සෙට් එකක්.
සල්ලි වලට ගත්තු කියලම කියන්ඩ බැරි උනත් එහෙම නොකිය ඉන්ඩත් බැරි කට්ටියක්. කල්ලෝ
දිනන එකට මම කැමතියි. හැබැයි උං කොට අදින්ඩයි වටේ ඉන්න උන් පෙරහැරේ යන්ඩයි හොඳ නෑ.
ඉතින් ඔන්න ප්‍රංශේ ලකුණු කැපෙනවා.
ක්‍රොයේෂියාව සාපේක්ෂකව දුප්පත් රටක්. කොටිම්ම ඔවුන්ට
ජාතික ක්‍රීඩාංගනයක්වත් නෑ ෆුට්බෝල් ගහන්ඩ. ඉතින් උන් එන්නේ රට වෙනුවෙන් සෙල්ලං
කරන්ඩ. අර ඉස්සර කාලේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක වගේ. ඉතින් මම මේ පාර සපෝට් කරන්නේ
ක්‍රොයේෂියාවට.
ඔන්න ක්‍රොයේෂියාව ගැන මතක් කරනකොට තව කතාවක් මතක් උනා.
ඒ තමයි උන්ගේ ටීම් එකේ හිටපු පොරක් ගැන. නම නිකොලා කලිනිච්. මේ පාර වර්ල්ඩ් කප්
එකට එනකොට ක්‍රොයැට් ටීම් එකටම හිටියේ හොඳ ප්‍රහාරකයෝ දෙන්නයි. එක්කෙනෙක් කලිනිච්
අනිකා මරියෝ මන්සුකිච්. මේ මන්සුකිච් තමයි එංගලන්තෙට එරෙහි අවසාන පූර්ව තරගේ දී
ගෝල් එක ගත්තේ. අපේ කතාව කලිනිච් ගැන.
ඔන්න මේ පාර ක්‍රොයේෂියාව මූණ දීපු පළමු තරගය. ප්‍රතිවාදියා
නයිජීරියාව. මේ තරඟයේදී කලිනිච් අතිරේක ක්‍රීඩකයෙක් විදිහටයි හිටියේ. තරඟයේ අන්තිම
මිනිත්තු පහේ දී කණ්ඩායමේ පුහුණුකරු ස්‌ලට්කෝ ඩලිච් කියනවා කලිනිච්ට සෙල්ලම් කරන්ඩ
යන්ඩ කියල. ඒ වෙනකොටත් ක්‍රොයේෂියාව 2-0 විදිහට
ඉස්සරහින් ඉන්නේ. මේ නියෝගයට කලිනිච් ට තද වෙනවා. මම වගේ තද පොරක් අතිරේක ක්‍රීඩකයෙක්
කළා නං දැන් මට යන්ඩ කියන්ඩ එපා මම යන්නේ නෑ. ඔහු තරහින් කියනවා. පුහුණුකරුත්
අරින්නේ නෑ. අපි පැරදුනත් උඹ වගේ විනයක් නැති ක්‍රීඩකයෝ අපිට එපා කියන ඔහු කලිනිච්
ව ආපහු ක්‍රොයේෂියාවට යවනවා. කලිනිච්
හිතන්නෙත් පළමු වටයෙන්ම ක්‍රොයේෂියාව ගෙදර යන බව. ඒ හින්දා පුහුණුකරුට පාඩමක්
උගන්නන්ඩ හිතාගෙන පොර නිවාඩුවක් ගත කරන්ඩ ගිහින් කින්ඩියට වගේ ආතල් ගන්න ෆොටෝ වෙබ්
එකේ දානවා.
කලිනිච් නැතුව අනිත් ටීම් එක මැච් දිනනවා. ඔවුන්
ඉතිහාසයේ කවදාවත් නොගිය තරම් දුරක් රට අරන් යනවා. අද මැච් එක දිනුවත් නැතත් ක්‍රොයේෂියා
ටීම් එක ඒ රටේ ජාතික වීරයෝ වෙලා ඉවරයි. හැබැයි උඩගු කලිනිච් ඇර. ඩෝන්ට් බී ලයික්
කලිනිච් - කලිනිච් වගේ වෙන්න එපා කියන එක දැන් ප්‍රස්ථා පිරුලක් ගානට ඇවිල්ලා.
අපිටත් හොඳ පාඩම් ඔව්වා. කොච්චර ලොක්කෙක් උනත් අහන්කාරේ
ඔලුවට ගැහුවොත් අවසානේ එතන තමයි.
ඔන්න ඔය කාරනා හිංදා මම අද සපෝට් අර යුගොස්ලාවියාවෙන්
කැඩිලා ගිය පොඩි උන් ටිකට. ලොකු ප්‍රංශේ මොකාට ලොකු උනත් මට ලොකු නෑ.
රතු සුදු කොටු තියන දාම් පෙතක් වගේ ටී ෂර්ට් එකක් ඇඳගෙන
ඉන්න ක්‍රොයැට් වරුනි උඹලා අද දිනුවත් පැරදුනත් මට උඹලා තමයි වැඩර් ලා. වෙන
රටවල්වල හැකියාවන් සල්ලි වලට ගත්තු අධිරාජ්‍යවාදීන් නෙවෙයි. මම බලා ඉන්නවා උඹලා
මහත්තුරු වගේ සෙල්ලං කරනවා. එච්චරයි!!
želi vam dobar spoj
සෙලි වැම් ඩොබාර් ස්පොයි!!
සුභ තරඟයක් වේවා!!!
මාත් අහු උනාම ඔය අන්තර්ජාලෙ තියෙනේ චෙස්, ස්නූකර්, කැරම් ගේම්වල ඉඳං ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, ස්විමිං, ඩයිවිං වගේ හැම එකක්ම බලනවා. හැබැයි ලොක්කො මොන රටේ ටීම් එකක්ද? කවුරු හොඳයිද කවුරු නරකයිද කියලා නං හොයන්නේ නෑ. ඒක හින්දා මොකා දින්නත් මොකා පැරදුනත් මම සන්තෝසෙන්.
ReplyDeleteමේ ගමන අපේ ගෙදර කට්ටියගෙ සපෝට් එකත් කොර ඒසියාවට තමා.
ReplyDelete+++++++ I am supporting France
ReplyDeleteපැරණි යුගෝස්ලාවියාවේ කොටසක්.මේ යුගෝස්ලාවියාවේ තිබුනු රටවල් හරිම ලස්සණයි.එකල මිනිස්සුත් ඉතා හොඳයි.දේශගුණය ඉතා ප්‍රියයි.ක්‍රෝඒශියා ජනාධිපති තුමිය ඉතා ලස්සන,උගත් කාන්තාවක්.හරි සෞම්ය අදහස් ඇති අය මා දුටු එදානම්.ලංකාවේ අපිට ආදරය කරන මිනිස්සු.ඩුබ්‍රොව්නික් කියන නගරය සහ ජනතාව මට කිසිදා අමතක නොවෙයි.හැකිනම් ජීවිතයේ එකවරක් හෝ මේ රටවලට යන්න.බෝල්කන් රටවල් ඒ දේශගුණය මටනම් කිසිදා අමතක නොවෙයි.අඩු වියදමකින් සංචාරයක පූර්ණ සතුට ලබාගන්න හැකියි.යුරෝපයේ සල්ලිකාර රටවල මිනිස්සුවගේ අහංකාර නැති සරල අය ඉස්සරනම්.කෑම,බීම,නවාතැන් හරිම අඩුයි.නගරබද මෙන්ම ගම්බද පරිසරය ගැන කියන්න වචන නෑ.පුදුම ලස්සනක් !
ReplyDeleteමාත් ඔය ක්‍රොෙව්සියාවට සපෝට්. මොකක් හරි දෙයක් ඉල්ලුවොත් කරල දෙනව. හැබැයි මැච්චෙක බලන්නෑ. මට නිදිමත ඊට වැඩිය වටිනව. අර ජනාධිපතිතුමිය විසේසයෙන්ම යහපත්.
ReplyDeleteඒ අස්සෙ ලොකුමලයා අයියා මහත්තයා කියන කතාවත් බොහොම වැදගත් එකක්. ඉස්තූතියි.
මමත් ක්‍රොයේශියාව තමයි සපෝර්ට් කළේ. පාපන්දු ගැන මම අනිවාර්යයෙන්ම ලියනවා වර්ල්ඩ් කප් කාලෙට. මේ පාර පොස්ට් දෙකයි ලියන්න ලැබුණේ. ඉන් එකක් යුගොස්ලෝවියාවේ බෙදීම ගැන. පුළුවන් වෙලාවක බලන්න. මම මේ පාර සපෝට් කළෙත් ක්‍රොයේශියාවට. හේතුව ලොකු කම් නැති, එක ජාතියකින් කණ්ඩායම ඉන්න, දක්ෂයෝ රැසක්. අපි වගේ දුප්පත්, ඉස්සර කොමිනිස්ට් රාජ්‍යයක් නිසා. 1998දීත් ඔවුන් දක්ෂකම් පෙන්නුවා. මුලදී උනත් මම බලාපොරොත්තු තියපු කණ්ඩායමක්. එංගලන්තෙට සපෝර්ට් කරන්න කියළා හිතුවත්, පස්සේ හිතුණා මුන් අපේ රට හූරා කෑවා, පෘතුගාලේ කෑවා. එහෙම ගත්තම මෙවුන් අහිංසක රටක්. වාසනාවන්ත කණ්ඩායමක්. ජනාධිපතිනියගේ දිරි ගැන්වීම වඩාත් වටිනවා.
ReplyDeleteප්‍රංශ අර්ජෙන්ටින තරගය බලපුවම මට හිතුන මේපාර කප් එක ප්‍රංශය ගනී කියල එත් මටත් කැමැත්ත තිබුනේ ක්‍රොයේෂියාව දිනනවට.මම මේ පාර දැක්ක හොඳම තරගය තමයි ප්‍රංශ අර්ජෙන්ටිනා තරගය
ReplyDeleteA soccer match without Neymar is like Mr. Bean without Rowan Atkinson. Only problem for me is that Atkinson's acting is superb. Neymar's acting is not only bad but utterly annnoying as well. I started disliking even the entire Brazilian team because of Neymar.
ReplyDeleteමම නම් ඔය මැච් බැලුවේ නැහැ ... නමුත් අර ජනාධිපතිතුමියව මතක් කරහම දුක හිතුන අම්මපා !
ReplyDeleteසෝමාලියාව, අයිවරි කෝස්ට්, ලයිබීරියා, ඝානා කියන අප්‍රිකානු රටවල් වලට යන්න ලැබිල තියනවා, ඒ ඇරෙන්න ජිබූටි (Djibouti) සහ කෙන්යානු ගුවන් තොටුපොළ හරහා ගිහින් තියනවා. මාලි, සුඩාන් ජස්ට් මිස්ඩ් බයි වන කෙස් ගස් :(
ඔය සඳහන් කළ රටවල් වලින් ඝානා සහ කෙන්යාව ඇරෙන්න අන් සියල්ල මිහිපිට අපායවල් !