Monday, July 2, 2018

පාර දිගේ ලේ ගැලුවත්...



ගිය මාසේ මම කිව්වනේ රුහුණේ දී හම්බ වෙච්ච තිත්තවැල්ගොල්ලේ වධකයා ගැන. ඉතිං ඔය ලිපිය දැකපු දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහුවා 'රුහුණේ විස්තර' එතකොට මතක් වෙච්ච තව කතාවක් කියන්ඩයි අද සූදානම. මේක අද සමාජයේ ඉන්න ප්රසිද්ධ පුද්ගලයෙකුටත් සම්බන්ධ හිංදා කියම්දෝ නොකියම්දෝ කියල හිතුනත් අපේ ගමේ කට්ටිය කියනවා වගේ 'ඕන ඉලව්වක් වෙන්ඩ ඔන්නොහෙ කියල දාන්ඩ' තමයි මගේ කල්පනාව.

අපේ තකතීරු අධ්යාපන ඇමැත්තෙක් ගේ මානසික රෝග සංසිදුවා ගන්ඩ සැටලයිට් තුමිය රාජ්ජය අවිචාරණ සමයේ අපිව ගාල් කරලා රුහුණේ කෘෂි කර්ම පීටයට යවපු හැටිත් කෘෂි කෙසේ වෙතත් අපේ පෙර කල කර්ම පළදෙන තැනක් බවට එතැන පත්වෙච්ච හැටිත් මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. දැන් කියන්ඩ යන්නේ කාලෙම අපි විරු සිසුවෝ වෙන්ඩ තිබ්බ චෑන්ස් එකක් නූලෙන් මිස් වෙලා ගිය හැටි. එදා වැඩේ ටක්කෙට උනා නං අද මේ ලොකු මලය සුන්දර සුරඹුන්ගේ අතේ.....


අපේ ෆැකල්ටිය පිහිටලා තිබ්බේ මාපලානේ. කියන්නේ ඉඳන් කඹුරුපිටිය පාරේ හැතැම්ම නවයක් දහයක් විතර එනකොට තියන හරියක. හැබැයි රුහුණු විස්සවිජ්ජාලේ ආට් ෆැකල්ටිය හෙම පිහිටුවලා තිබුනේ වැල්ලමඩමේ. කියන්නේ මාතර ඉඳන් තංගල්ල පාරේ හැතැම්ම තුනක් හතරක් විතර එනකොට තියන හරියක. කොටිම්ම කිව්වොත් මාපලානේ ඉඳන් වැල්ලමඩමට එන්ඩ බස් දෙකක හැතැම්ම දොළහක් දහතුනක් විතර එන්ඩ ඕන. ගමනට කාලේ පැය එක හමාරක් විතර ගත උනා කියලයි මතක තියෙන්නේ.


රැග් සීසන් එකේ අපි උදේ පාන්දර හතරට විතර නැගිටපු වෙලාවේ ඉඳලා රෑ දොළහට එකට විතර නිදා ගන්න කල් කලාබර, බාවා ඇතුළු මානසික රෝගීන්ගේ ඉවරයක් නැති වධ බන්ධන වලට ලක්වෙමින් දවසට බත් කටවල් දෙක තුනකුත් වතුරත් බිබී බද රවට්ටගෙන ජීවත් වෙච්ච කාලෙක අපිට මහා ශිෂ් සංගමේ සාර ගර්භ දේශනා වලට කන යොමු කරන්ඩත් සිද්ධ උනා. හැමදාම කොමන් රූම් එකෙයි එක එක හොස්ටල් වලයි එල්ලලා තියන මහා ශිෂ් වීරයන්ගේ ෆොටෝ වලට අමු හෙලුවල්ලෙන් ඉඳ ගෙන නැත්තං ලේ පෙරෙන වැලමිටි දණිස් යනාදියෙන් යුක්තව ආචාර කරපු අපිට මේ ශිෂ් වීරයෝ කොබ්බෑකඩුව මහත්තයටත් වඩා වීරයෝ කියලයි කියල දුන්නේ. 

වීරයෝ ජීවිත පූජාවෙන් දිනාගත්තු අධ්යාපන අයිතිය තමයි අපි මේ අද භුක්ති විදින්නේ හරිය. ඉතින් අපෙන් ඇගෙන් පොඩ්ඩක් ලේ ගැලුවට මොකෝ? උන්නාන්සෙලා ගේ ඔලුවට ඇණ වදිද්දී කිසිම කෙනෙක්ව පාවා නොදී මරණය වලදගත්තා අනාගත පරපුරේ අද්යාපන අයිතිය වෙනුවෙන්....ආමි එකට එර්දිය පහල වෙලානේ ඔක්කොම වීරයෝ ටික හොයා ගෙන මරලා දැම්මේ. නැතුව එකෙක් වත් තව  පාවලා දීලා නෙවෙයි හරිය....එක එකා කිව්වට සෙට් එකක් ඔය සටන් කාලේ ඔක්කොමලා පාවලා දීලා හෙමීට මාරු උනාය උන් තාම හොඳින් ඉන්නවාය කියල එව්වා ඔක්කොම පට්ටපල් බොරු හරිය. එව්වා අලයෝ කියන කතා හිංදා අපි එව්වා ගැන හිතන්ඩවත් හොඳ නෑ හරිය. තොපිට ඇහුනද ...යෝ....බලාගෙන ඉන්නේ උරුලෑවෝ වගේ?

එහෙමයි ජ්යෙෂ්ට තුමනි.

මතක තියාගනිල්ලා තොපිත් අනාගතේ එන නංගිලා මල්ලිලා වෙනුවෙන් මේ නිදහස් අධ්යාපනය රැකලා දෙන්ඩ ඕන. සටනෙදි එකෙක්වත් පස්සට යන්ඩ හොඳ නෑ. තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම් දිහා බලන්ඩ ඉස්සරලා පොදු අරමුණ වෙනුවෙන් කැප වෙන්ඩ  ගනිල්ලා. තොපි ශිෂ් ව්යාපෙරෙත් එක්ක ඉන්නවද නැත්තං අලයෝ වෙනවද?
ඔන්න එතකොටම කලාබර එනවා කවුද අලයෝ වෙන්ඩ එහෙම නැත්තං පොදු ශිෂ් ව්යාපාරයෙන් යන්ඩ දඟලන එව්වන් බලා ගන්ඩ. කලාබර එනකොට අපි දෙතුන් දෙනෙකුට චූ වෙනවා. බයට නෙවෙයි යකුනේ සතුටට සතුටට.

අපි ශිෂ් සංගමෙත් එක්ක ඉන්නවා.

එහෙනං හයියෙන් කියපල්ලා මෙහෙම. කපා කපා කෑලි කපා - අප වලකනු සිතනු එපා

කපා කපා කෑලි කපා - අප වලකනු සිතනු එපා!

පාර දිගේ ලේ ගැලුවත් - අපේ ගමන අපි යනවා

පාර දිගේ ලේ ගැලුවත් - අපේ ගමන අපි යනවා!

අපේ අන්තරේ කැඳවුම්කාර සහෝදරයා ඇවිල්ලා ඉන්නවා අද. අපි කිව්වා උඹලටත් කතා කරන්ඩ කියලා පොඩ්ඩක්.

අපි හොස්ටල් එකේ කොමන් රූම් එකේ නිගන්ටයෝ වගේ වාඩි වෙලා ඉන්දැද්දී ඔන්න අර අන්තරේ පොර ආවා. කලාබරයත් එනකොට නැගිටලා, දෙකට නැවිලා, හිනා වෙලා අතට අත දුන්නා කියහන්කො. කියන්නේ මේ අන්තරේද මොකද්ද කියන එකේ පොර සෑහෙන වැඩ්ඩෙක් වෙන්ඩ ඕන.

සහෝදරයා සහෝදරිය.. සහෝදරියන් මෙතන නෑ නේ...මට වැරදුනා... අන්තරේ බුවා කතාව පටං ගත්තා. අද දවස වෙනකොට අපේ රටේ අධ්යාපන ක්රමය මහා විනාශයකට මූණ දීලා තියනවා. ඔයාලා මෙතැන හොඳට ඉගෙන ගනිද්දී ඔයාලගේම සොයුරු සොයුරියෝ පිරිසක් පන්ති තහනමකට ලක්වෙලා. මේ රුහුණු විශ්ව විද්යාලයේම වැල්ලමඩම සංකීර්ණයේ. අපි එකා වගේ සටන් කලේ නැත්තං පාලකයෝ අපේ අයිතීන් එකින් එක උදුරා ගෙන නිදහස් අධ්යාපනය වළලලා දානවා. අපි දැනටමත් සටනක් පටන් ගෙන තියනවා. සටන ඉස්සරහට ගෙනියන්ඩ අපිට කට්ටිය ඕන. වැල්ලමඩමට නිවාඩු දීලා හිංදා අපිට කට්ටිය මදි. මේ ෆැකල්ටියෙත් විබාග හිංදා ජ්යෙෂ්ට සහෝදරසහෝදරියන්ට යන්ඩ අමාරුයි. කැමතිද අපේ සටනත් එක්ක එක්කහු වෙන්ඩ?

අප්පට සිරි මාර චාන්ස් එකක් නේද අර බිත්තියේ එල්ලලා ඉන්න වීරයෝ වගේ වෙන්ඩ....අනේ මම හිතුවේ එහෙම නෙවෙයි මේ නරකාදියෙන් ගැලවිලා දවසක් හරි ඉන්ඩ පුලුවන්නං ඒක ලොකු දෙයක්. හින්දයි මම නම දුන්නේ හවස වැල්ලමඩමේ යන කණ්ඩායමට.  

හැබැයි නම දුන්නට පස්සේ මට මතක් වෙනවා ඇයි අච්චර ලොකු ටෝක් දීපු ජ්යෙෂ්ටයෝ පස්සට ගිහිං අපි වගේ තාම රැග් වෙවී ඉන්න කබ්බෝ ඉස්සරහාට දාන්නේ කියල. අනික අර අන්තරේ බුවාගේ අතේ ඇඟිලි ගණනාවක් නෑ. මට මතක් උනේ රාවයේ වික්ටර් අයිවන්. එතුමා දවසක් කිව්වා ටී.වී. වැඩසටහනකදී එහෙම ඇඟිලි නැති උනේ බෝම්බ හදන්ඩ ගිහින් කියලා. යකෝ මේ අන්තරයාත් බෝම්බ කාරයෙක්ද? කලාබරගේ දස වද විඳිනවට වඩා හොඳයි බෝම්බ කාරයෙක් එක්ක ආතල් එකක් ගන්න එක....මම එහෙම හිතලා හිත හදා ගත්තා.

ඔන්න පහුවදාට එලි උනා. එදා අර වැල්ලමඩමේ යන්ඩ නං දීපු සෙට් එක දිහා සීනියර්ස් ලා බැලුවේ නීල් ආම්ස්ට්රෝංග් හඳට යන්ඩ තෝරගත්තට පස්සේ පොර දිහා බලන නාසා එකේ අතුගාන එව්වෝ වගේ. අපිට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදෙමින් තිබුනා. එදා අපි කීප දෙනාට රැග් නෑ. අනිත් උන් බත් ඇටේ ඇටේ අහුලන් කද්දී ගෙදරින් කැම්පස් ආවට පස්සේ පලවෙනි වතාවට දවල්ට බඩ පිරෙන්ඩ කෑවා. කාලා ඉවර වෙලා අනික් උන් කලාබර සොමිය විදිද්දී අපිට කාමරයක් දුන්න ටිකක් නිදා ගන්ඩ. අනික් උන් ගැන දුක හිතුනද? නෑ. මට එහෙම මතකයක් නෑ. අපේ තිබුනේ ජීවිතේ ගැට ගහගන්න තරඟයක් මිසක් සහෝදරත්වයක් නෙවෙයි. අනිකාගේ මස් කාලා ජීවත් වෙන්ඩ උනා නං අපි ඒකත් කරයි බාග වෙලාවට. අපිට නොතේරිච්ච දේ තමයි අපිව පුම්බලා තියන එකෙන් උන් අනික් අයට පණිවිඩයක් දුන්නා කියන එක. උඹලා අපි කියන හිටියොත් සැප ගන්ඩ පුළුවන්. නැත්තං වද විඳලා මැරිලා ගියත් අපිට කමක් නෑ....පණිවිඩේ පැහැදිලියි.

එදා හවස් ජාමේ නාලා කරලා අපේ තිබිච්ච ලේ නොගෑවිච්ච හොඳම ඇදුම් ටික ඇඳගෙන අර අන්තරේ බුවත් එක්ක අපි වැල්ලමඩමේ ගියා. හය හමාර හත වෙනකොට අපිට කන්ඩත් හම්බ උනා. අපරාදේ කියන්ඩ බෑ අන්තරේ බුවා එක්ක ආපු හිංදා අපිටත් රජ සැළකිලි. මං පොරත් එක්ක කොච්චර ෆිට් උනාද කියනවා නං පොරගේ අත් වල ඇඟිලි වලට මොකද උනේ කියලා ඇහුවා.

මල්ලි උඹ හිතන්නේ මේ බෝම්බෙකින් කියලද? නෑ මම උපන් හැටි තමයි මේ.

අයියා කොයි කැම්පස් එකේද?

ජපුරේ. උඹලා ඔහොම බය නැතුව කතා කරන එක හොඳයි. උඹලා තාම රැග් වෙන කියලා මුන්ට අඟවන්ඩ එපා මුනුත් උඹලාව රැග් කරයි.

හොඳයි අයියා..ඒක නෙවෙයි ශිෂ් සංගමේ කියන්නේ ජේ.වී.පී එකක්ද?

පිස්සුද? දැන් මම ජේ.වී.පී. කාරයෙක්ද? ඇයි එහෙම ඇහුවේ?

නෑ මම අහලා තියනවා කැම්පස් එකේ ශිෂ් සංගම් ජේ.වී.පී. කාරයන්ගේ වැඩ කියලා.

පිස්සුද මල්ලි? සහෝදරවරුත් අපිට උදව් කරනවා. හැබැයි අපි ජේ. වී. පී. නෙවෙයි.

ඇති යන්තං දැන් මට ගෙදර උනත් ගිහින් කියන්ඩ පුළුවන් මම කරපු වැඩේ. නැතුව ජේ.වී.පී වැඩකට ගියා කිව්වොත් ගෙදර විසුමක් වෙන්නේ නෑ.

ටික වෙලාවක් යනකොට මට එදා කතන්දරේ තේරුනා. කාලේ මාතර හිටපු හයේ හතරේ ඇමති කෙනෙක් හොඳින් හෝ නරකින් මේ ස්ට්රයික් එක නවත්තන බවට කියලා දවස් දෙක තුනයි ගිහින් තිබ්බේ. මේ ඇමති තුමා තාම ජීවතුන් අතර ඉන්නවා. ඒත් බෝම්බෙකට මූණ දීලා ආභාධිත තත්වයෙන්. දැන් දන්නවනේ කවුද කියලා. ඉතින් එදා රෑ ඇමතිතුමාගේ චණ්ඩි කැම්පස් එකට පැනලා හතර අතට නෙලන්ඩ යන බවට කතාවක් පැතිරිලා. තර්ජනෙට මූණ දෙන්ඩ වැල්ලමඩමේ වෙනකොට ඉතුරු වෙලා හිටපු කට්ටිය මදි හිංදා තමයි සහායක බල සේනා විදිහට අපිව පෙරමුණට කැඳවලා තිබුනේ

වෙච්ච දේට මක් කොරන්ඩද කියල හිත හිතා ඉන්න කොට එදා අපිට මුර කරන්ඩ තියෙන්නේ කොයි හරියද කියල රෑ අටට විතර කිව්වා. අපි එදාම තමයි වැල්ලමඩමට ගියේ. ඉතින් එක එකාගෙන් පාර අහගෙන අපිට පැවරිලා තිබ්බ හරියට ගියා. අපේ අතට විසිල් එකක් දුන්නා මැරයෝ එනවා නං පිඹින්ඩ කියලා. මගේ නං අදහස තිබ්බේ මැරයෝ එනවා නං හැංගිලා හරි දුවලා හරි පන බේර ගන්ඩ. ඇයි යකෝ අපි විසිල් ගහන කල් මැරයෝ නිකං ඉඳියිද? 

මට පිටිපස්සෙන් අපේ බැච් එකේ තව එකෙක් ආවා. මට ඉස්සරහින් තව දෙන්නෙක් හිටියා. ඉස්සරහින්ම හිටපු එකා අතේ තමයි විසිල් එක. ජොලියටත් එක්ක විසිල් එකෙන් හෙළ ජාතික අභිමානේ සින්දුව ගහන්ඩ පටන් ගත්තා හෙමිහිට. අපිට රකින්ඩ තිබ්බ බිල්ඩිම ගාවට යනකොටම මමයි ඉස්සරහින් ගිය එකයි අතරට දෙකේ දෙකේ පොල්ලක් පාත් උනා වේගෙන්. මම පැත්තට පැන්නා ඒකෙන් බේරෙන්ඩ. මට පස්සෙන් ගිය එකාව කවුදෝ අල්ලගත්තා.

තොපි කවුද?

අපි කැම්පස් එකේ. මාපලානෙන් ආවේ.

පාස්වර්ඩ් එක මොකද්ද?

අපි දන්නේ නෑ පාස් වර්ඩ් එකක්.

තොපි කා එක්කද ආවේ?

අන්තරේ කැඳවුම්කාර අයියත් එක්ක....

ඊට පස්සේ අපේ මූණු වලට ටෝච් එළියක් වැදුනා. විනාඩියක් විතර ගියාම කරුවලේ හිටපු හා දෙනෙක් විතර අපි ඉස්සරහට ආවා. බැලින්නං උන් තමයි එතන මුරකාවලට ඉඳලා තියන කට්ටිය.

මොන ගොනාද උඹලව තනියෙන් එව්වේ පාස්වර්ඩ් එක නොකියා. තව ඩිංගෙන් උඹලා ගුටි කාලා මැරෙනවා. එකෙක් විසිල් පිඹ පිඹ ආපු හිංදා තමයි අපි උඹලාට ගැහුවේ නැත්තේ. 
මළ කෙලියයි...මේ මොන කතාවක්ද? තව ඩිංගෙන් අපි මැරුම් කනවා.

අපි ගුටි කාලා මැරුණා නං ඒ මරණ වැටෙන්නේ අර ඇමතිගේ මැරයන්ගේ අකවුන්ට් එකට. එහෙම මැරයෙක් ඇත්තටම එදා රෑ ආවේ නෑ. හැබැයි අපි මැරුණා නං නාදුනන මැර ප්‍රහාරයකට ලක්වෙලා මැරිච්ච අපේ මිනී කර තියාගෙන ගමනක් යන්ඩ තිබ්බා.

පාර දිගේ ලේ ගැලුවත් අපේ ගමන අපි යනවා!!!!

පහුවදා දවල් අපි මාප්ලානට ආපු ගමන් කලාබර අපේ එරියස් ටික දුන්නා. එදා රෑ යන උන්ට තමයි එදා සැප.

අපිට පාස්වර්ඩ් නොකිව්වේ හිතා මතා ද? අපේ ජීවිත වලට වඩා අපේ මිනී වලට වටිනාකමක් 'නිදහස් අධ්‍යාපන සටනට' තිබුනද? අපි බේරුනත් එහෙම වාසනාවක් නොතිබ්බ කී දෙනෙක් ඉන්ඩ ඇත්ද? මේවට මං ගාව තියෙන්නේ අනුමාන උත්තර විතරයි. අර අන්තරේ හිටපු බුවා - තමුන් ජේ.වී.පී. කාරයෙක් නෙවෙයි කියල මගේ මේ කන් දෙකට ඇහෙන්ඩ කියපු අයියා දැන් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තුවේ තියන දූෂණ හොයන කමිටුවක සභාපති උත්තමයෙක්. මොකක් කිව්වා...උන්දැ ජේ.වී.පී. එකේ මන්ත්‍රී කෙනෙක්?....මං හිතන්නේ බොලාට වැරදිලා. මිනිහ මට කිව්වනේ උන්දැ කිසිම පක්ෂෙක ඇත කොලුවක් නෙවෙයිය ශිෂ්‍ය ව්‍යාපාරේ වෙනුවෙන් කැපවීමක් විතරයි මේ කරන්නේ කියලා. මට ෂුවර් උන්දැ බොරු කිව්වේ නෑ කියල.

අද කැම්පස් යන නංගියේ මල්ලියේ, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන්ඩ ඕන තමයි. හැබැයි උඹලගේ ජීවිත ඊට වඩා වටිනවා. ඒ හිංද අපි කාපු ලණු උඹලා කන්ඩ එපා. අපි එක්කහු වෙලා අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් වැඩ කරමු. හැබැයි එක එක දේශපාලන පක්ෂ වල අතකොලු වෙන්ඩ නෙවෙයි. කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපන පනත ගෙනාවේ වීදි සටන් වලට බයේ නෙවෙයි. අනාගතය දැකපු බුද්ධියකින් වැඩ කරලා. අන්න එහෙම බුද්ධිමත්බවක් ලබා ගෙන අපි අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් ආරක්ෂා කරමු.  

ආවඩා ආයු බෝ වේවා!!!

35 comments:

  1. සමහර ප්‍රසිද්ද ඝාතන වලට සම්භාන්ද්ද අයගේ අවසාන දවස්වල කතා කරන්න ලැබුනා.


    සමහර ඝාතන කොන්ත්‍රාත්

    ReplyDelete
    Replies
    1. රන්සකු ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට හැබැයි මට හිතෙන්නේ ඒකෙ බාගයක් හැලිලා කියලයි.

      Delete
  2. අපිට මොරටුවේ කචල් තිබුනේ නැහැ, අපි අන්තරේට ඇතුළට එන එක තහනම් කරලා තිබුනේ. නමුත් උන් NDT එක හරහා උන්ට කාඩරයෝ හොයා ගත්තා...
    ඒ වගේම උපතින් හීනමානය තිබ්බ දුර පළාත්වලින් ආපු BSc උන් කීප දෙනෙකුත් තනි කැමැත්තෙන් අන්තරේට කඩේ ගියා...

    ඒ වගේම අපි පාරට බැස්සා එකම එක වතාවක්, ඒ NDT BSc ගැටළුවට විසඳුම් ඉල්ලලා. ඒකත් සාමකාමී එකක්...
    ඒ එක්කම NDT එක කැම්පස් භූමියෙන් එළියට ගෙනියන්න ඕනේ කරන ඉඩම ගන්න එක අපි යුනියන් එක හරහා ලයසන්ස් මීටින් වලදී කෑ ගහලා අපේ ධුර කාලය තුළදීම කර ගත්තා...
    අද දියගම ඉදිවෙලා තියෙන අලංකාර සහ NDT ළමයින්ට කළින් තිබුනට වඩා ඉතා වැඩි පහසුකම් ඇති, වැඩි ළමයි ගානකට ඉගෙන ගන්න හදල තියෙන ආයතනය ඉදි කරවන්න අපිත් මුල් වීමක් කරලා තියෙනවා කියන සතුට තියෙනවා...

    ඒ කාලේ බිල්ලෝ මැව්වට ඒ ආයතනය තවමත් මොරටුව සරසවියට අයත්...
    දැන් මම හිතන්නේ NDT එකට ආපහු අන්තරේ පිහිට ඕනේ නැති වෙයි...

    ප.ලි.: NDT එක මොරටුව කැම්පස් එක ඇතුලේ තියෙද්දී ඒ ළමයින්ට 1999 නඩු තීන්දුව අනුව පහසුකම් කිසිවක් වැඩි කරන්න, ළමුන් සංඛ්‍යාව වැඩි කරන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. මේ කියන විදියට ලොකු පුතා මගේ සීනියර් බැච් එකක පුතෙක් වෙන්න ඕනි. මදැයි.

      Delete
    2. මම පේරාදෙණියට ආවට පස්සෙත් ඔය දේශපාලන සීන් දැක්කේ නෑ. හැබැයි අපේ ජූනියර් බැච් එකේදී උන් ආපහු වැඩ පටන් ගත්තා.

      Delete
  3. පාවල දුන්න නේද? ගහපිය දණ! උස්සපිය අත්.....උඩ පැනපියව් දැං!!!!! කියපිය ආයෙ නම් පාවල දෙන්නෙ නෑ කියල උඩ පනින ගමං!!!! (Mixed with lovey sinhala words!)

    තව කොයි තරම් නම් සැලසුම් ක්‍රියාත්මක ⁣කරන්නට/කරනව ඇත්ද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ පෙප්පෝ බවයි දැනගන්නට ලැබුනේ. උන්ගේ එකම දේශපාලන ක්‍රියාකාරකම ළමයි බිලී බා ගැනීම විතරයි මම දන්න විදිහට. ජෙප්පන්ට ඊට වඩා හැකියාවක් තිබ්බා.

      Delete
  4. නෙත්තියෙන් හඳුන් සුවඳ විහිදෙනයයි කිව්වට ඕකුන් ගාව තියෙන්නෙ කැරට් ගඳ..නිදහස් අධ්‍යාපන කැරට් අලේ පෙන්නල හාවො ඇල්ලන කාරිය තාමත් යහමින් කරනවනෙ

    ReplyDelete
    Replies
    1. අන්න හරි SDCතුමා. මොන හඳුන් සුවඳද? හැබැයි එතුමා දැන් කරන සභාපති වැඩේ නං හොඳට කරනවා මං හිතන්නේ....ඔය මොනවා උනත් අනික් උන් වගේ කම්බ හොරෙක් නං නෙවෙයි. එහෙමවත් හිත හදා ගම්මු.

      Delete
  5. ඕකුන්ගේ සේවක සංගමය ඔයිට හපං ... මං මේ කියන කාලේ ඒකේ ලේකම් අමනසිංහ , පස්සේ ඌ එවකට ආංඩුවේ පුක ලෝලා සංස්ථා සබාපති කමක් ගත්තා... මේ කියන කාලේ ඕකුන් ආයතන බරගානක සේවකයන් අතර නැති ප්‍රශ්න හදලා ... විනාස කලා ...

    එක්තරා ආයතනයක මම ඒ කාලේ වැඩ ... අවම වැටුප් ... පොදු පහසුකම් නොමැතිවීම් වගේ කාරනා අදාල ආයතනයේ තිබුනා ..ඒත් එතන රැදුන මිනිස්සුන්ගේ ජීවන රටාව , අමතර ආධායම් ක්‍රම එක්ක ඒ ආයතනයේ පැවතුන සේවා මුර ක්‍රමය ගැලපිම ...නිවස ආසන්නයේ පිහිටිම .... වගේ කාරනා නිසා සැලකිය බහුතරය බොහොම සතුටින් සේවය කලා ....

    ඔහොම යනකොට ඉතා හොර රහසේ ..සේවක සංගමයට සම්බන්ද කිහිප දෙනෙක් හරහා රහසේ සේවක සංගමයක් පිහිටවාගන තිබුනා ... අවසන් මෙහොත වෙනකං ඒක එලියට නොයන්න මේ අය වගබලා ගත්තා ... සැලකියයුතු පිරිසක් උන් එක්ක හිටියත් සේවක නැගිටීමක් සංවිදානය කරගන්න බැරි උන තැන .... අර පිහිටුවා ගත්ත අටමගලේ නිලදාරි මංඩලේට සම්බන්ද උන් පස්දෙනෙකොට බොන්ඩ දීලා ..ආයතනයේ ගේට්ටුව ලගට එවලා .. ගැටුමක් නිර්මානය කරගත්තා ... අන්න ඒකත් එක්ක ..ඒකතමයි අපි කියුවේ මෙතන සේවක මර්දනයක් ... දඩයම් කිරීමක් තියනවා ..අරකයි මේකයි කියලා කොහොමහරි ... මිනිස්සු ටික එලියට ගත්තා ...

    ඔය අතරේ දැන් තව සෙට් එකක් උඩට ආවා ඇත්තටම අවංකව පෙරමුනට උන් ආවේ දේශපාලන උවමනාවකට නෙමෙයි ...සේවක අයිතින් සහ සහෝදර සේවකයන්ට අසාදාරනයක් උනාය කියන අදහසින් ... ඔය අස්සේ උන්ව හදුනාගන පක්ෂයට බදවාගන්ඩත් දැලක් එලුවා සමහරු ඒකට අහුඋනා ...තව සමහරු දවසක් දෙකක් රහස් රෑස්වීම්වලට ගිහින් මග ඇරියා ...ඔය අමනසිංහයා අාපුවහම බයික් එකට පෙට්රල් ගහන්ඩත් මිනිස්සු සල්ලි දෙන්ඩ ඕන ,

    ඔහොම ගිහින් දැං මේක මිනිස්සුන්ටත් එපා වේගන යනවා ... ආයතනය විසින් අයතාවිදිහට පුලුවන් සියලු බලය යොදවනවා වැඩේ නවත්තන්ඩ ... ඒ අතරේ වෙන දේශපාලන කන්ඩායම් මේකට මැදිහත් වෙන්ඩ උත්සාහ කරනවා ..අවුල් ජාලාවක් ,

    දවසක් අමනසිංහ කට වරද්දා ගත්තා ... දැං ඉස්ට්‍රයික් එලියේ රුස්වීමක් ..... අමනසිංහ කතාකරනවා

    ‘‘ සහෝදර සහෝදරවරුනු... අපේ සියලු ඉල්ලීම් දෙනකං මේ පාර අපි එකෙක්වත් වැඩට යන්නේ නැ ‘‘

    කට තියන ඉන්ඩ බැරි වේසා කොල්ලෙක්

    ‘‘ එහෙම ඉදලත් අපේ ඉල්ලීම් දුන්නේ නැත්තං ‘‘

    අමනසිංහට හොදටම තරහ ගියා ඒකට

    ‘‘ එහෙම උනොත් ගිනිතියපියව් මේකට ‘‘

    අන්න එදා ටික වෙලාවක් යනකොට එකා දෙන්නා එතනින් මාරු උනා , පහුවදා හාරපන්සීයකින් එකසිය පහක් විතර තමයි ආවේ ...වැඩටයන්නෙත් නැ උද්ගෝෂනේට එන්නෙත් නැ ...

    ඔය අතරේ ආයතනය විසින් කම්කරු කාර්යාලයේ තියන පයිල් එක ඉස්සුවා .... යුනියන් ලිඩර්ට හිතාගන්ඩ බැරි ඔපර් එකක් දුන්නා අයින් වෙන්ඩ කියලා ... උන් ඒ සල්ලි ඇරගන අයින් වෙලා අන්තරේ යූනියනි තියන ආයතනවල වැඩි වැටුප් සහ ඉහල තනතුරුවලට රස්සාවට ගියා ...අසරන සේවකයෝ ..කලින් තිබුන නිදහසත් නැතිවෙලා ..තව නීති රීති වැඩිවෙච්ච වහල් කදවුරක වැඩට ගියා .... සමහරු ඒ ආයතනයෙන් ඉවත් වෙලා ගියා ....... කලින් කවදාවත් සේවක උද්ගෝශනයක් සිදුනොවුන සමුහ විය්‍යපාරයක් ගොඩ නගපු .... සභාපතිතුමා ...මේ කාරනාව නිසාම ඇතිවෙච්ච කනස්සල්ලය නිසා ලෙඩ ඇදට වැටුනා.............ඕන අයියගේ තරම.

    ReplyDelete
    Replies
    1. ලක්මාල් සහෝදරය,

      යම් කරුමයක් උරුමයක් වන්නට යන්නේ නම් එය අප බාර ගත යුතුද?

      ඔබ , සිරිපාල අමරසිංහ aka අමරේ අයියා ( සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔහු භාවිතා කලේ එස්. අමරසිංහ ලෙසයි) පිලිබඳව කල නිරීක්ෂණය මමත් කලා. මගේ මතකය නිවැරදි නම් ඔහු ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් වෙලා හිටියේ 1997 සිට 2002 වාගේ කාලයක. ඒ කාලය තුල මට ඔහුව ඉතා සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුනා trade union වැඩ කටයුතු සම්බන්ධව එවිට (සභාපති ලාල් කාන්ත)
      පක්ෂයේ සාමාන්‍ය දැක්ම නම් පහල කාඩරය විසින් ඉහල කාඩරය නඩත්තු කල යුතු බවයි. ඒක නිසා තමයි අපි සතිපතා කරන හමුවට පසුව කරන - එතකොට කාර්යාලය තිබුනේ කැළණිය දාස එක ලඟ- අනිවාර්යය අංගයක් ලෙසට මුදල් සම්මාදමක් කලේ.ඒක කලේ පක්ෂයට කරන ආධාරයක් ලෙසටයි.
      අමරසිංහ ලස්සනට press කල ඇඳුමක් ඇඳ , හොඳට කාබී පුද්ගලික/පක්ෂයේ වාහනයකින් එන යන විට ,හඩු පෙරා ගත්ත , ප්ලේන්ටියක් ගැහුවොත් බස් එකට සල්ලි මදි වෙන අපි මේ මිනිසාට සල්ලි එකතු කර දිය යුත්තේ ඇයි කියලා අපෙන් ප්‍රශ්නයක් නොනැඟුවේ අපි පුද්ගලයාට වඩා පක්ෂය උසස් බව ඇදහූ නිසාද?
      මම හිතන්නේ ඔව් කියලා.

      අමරසිංහට අප කණ්ඩායම මුදලින් විතරක් නොවෙයි ද්‍රව්‍යවලින් පවා ආධාර කලේ එය කරන්නේ පක්ෂයට බව සිතින් සිතාගෙනයි.( පූජා වට්ටිය දෙන්නේ කපුවාට නොව දෙවියන්ට බවයි බැතිමතා සිතන්නේ)

      මම හිතන්නේ ඔහු පාම කෙනෙක් වූ පසු දුර්වල පෞරුෂයක් සහ ලඟ දකින කෙනෙක් වූ නිසා මහින්ද ඔහුට ලෙහෙසියෙන් කොක්ක ගැහුවා. පක්ෂයෙන් නෙරපීමට පෙර ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්වී මහින්ද පෙන්වූ මාවත දිගේ ගියා විමල් මල්ලි වාගේ. දේශපාලන පත්වීම් මගින්දැව සංස්ථාව, කඩදාසි සංස්ථාව හරහා සාර්ථක ගමනක් ගිය ඔහු ව වරක් මට කොලඹ පෞද්ගලික රෝහලකදෘී මුහුණට මුහුණ හමුවුනත් , තත්පර 10 විතර කාලයක් අප දෙදෙනා එකිනෙකා දෙස බලා සිටියත් none of us කතා නොකලේ ඇයි කියා මට සිතා ගන්න බැහැ.
      ඇත්තටම දැන් ඔහු කොහෙද..මොනවාද කරන්නේ කියා ඔබ දන්නවාද?
      Clement Peris

      Delete
    2. අහ.. තවත් චතුර සේනාරත්න කෙනෙක් වගේ.. 71 දී වයස අවුරුදු පහයි.. 76 දී ශිෂ්‍ය සංගමේ ප්‍රධානියා වෙලා අත් අඩංගුවට.. වැඩේ කියන්නේ 76 මහින්ද ලොක්කත් මෙයත් එක්ක තර්ස්ටන් එකේ ස්ට්‍රයික් කරලා.. :) :D

      http://archives.dinamina.lk/2010/07/29/_art.asp?fn=f1007292&p=1

      Delete
    3. කට්ටා සහෝදරයා කතාව ලියං ආවේ හඳුන්නෙත්ති ගැන. නමුත් කතාව ඇදෙන්නේ අමරසිංහ පිලිබඳවයි. ඒකත් මරු..හැබැයි.
      කට්ටා සහෝදරයා සිතනවා නම් මෙහි ගත යුතු යමක් ඇතැයි කියා කරුනාවෙන් කට්ටකාඩුවේ පල කරන්න.අමරසිංහගේ සුකුරු පුරාජේරුව දැක්වෙන link එක ඈඳු කල්‍යාණ මිත්‍රට ස්තුතියි.


      1.අමරසිංහ බැසිල් සමඟ දාපු ඩීල් ඔහු දැම්මේ අම්මා වෙනුවෙන් නිසා අම්මලා ඉන්න අපි සැම ඒ අම්මා වෙනුවෙන් ඒ ඩීල් එක අමතක කරමු.නමුත් වේගේ ජොකාගේ පාටත් දන්නවා සේ හැසිරෙන අමරසිංහට චේ ගැන අතපසු වූ කාරනයක් මතක් කරලා දෙන්න කැමතියි.
      Jon Lee Anderson කියන විදියට චේ , බොලිවියාවට යන අතරවාරයේදී ආජන්ටිනාවේ සිට ඔහුගේ අම්මා හවානාවලට කතා කරනවා මරණ මංචකේ සිට. උත්තර දෙන්නේ ෆිඩෙල්. අම්මා අහනවා චේට කතා කරන්න පුලුවන්ද කියලා. ෆිඩෙල් කියනවා චේ ඉන්නේ මේ දුරකතනයට ලං වෙන්න පුලුවන් දුරකින් නෙමෙයි කියලා.නමුත් පසුව චේ මෙය දැන ගන්නවා.
      ඒ දැන ගත්තාම ඔහු තමන් තෝරා ගත්ත වැඩේ දමලා ගහලා අම්මාගේ නැවතෙන හදවත ආයේ පණ ගන්වන්න ආවේ නැහැ.ඒකට හේතුව චේ කරපු දේශපාලනය කිරිපිටි බෙදන එක නොවන නිසා.අමරසිංහලාගේ ⁣ජවිපෙ කලේ සුබසාදන වැඩ මිසක් දේශපාලනය නොවේ.
      පරණ /අලුත් ජේවීපී කාරයෝ කියුබන් විප්ලවය සහ එහි වෘත්ත්තික විප්ලවවාදින්ව තොරොම්බල් කරමින් ඔවුනට ගහන එක නවත්වන්නේ කවදාද?

      2. 2004 විතර , අමරසිංහගේ ප්‍රධානත්වයෙන් බියගම වෙලඳ කලාපයේ මා වැඩ කල ආයතනයේ අන්තරයේ මහා සභා රැස්වීම තියන්න සියලු වැඩ කටයුතු සංවිධානය කලා. අමරසිංහ ආ යුතුමයි ඊට. තීරනාත්මක දවසකදී ඔහු ඒ රැස්වීම මඟ හැරියා. අන්තරයට මුලු ආයතනයේම සේවකයන් දිනාගෙන ලංකාවේම නිදහස් වෙලඳ කලාප වල සේවක තත්වය දියුනු කරගෙන නියම කම්කරු ආන්ඩුවක් හදන්නේ කොහොමද කියන එක ගැන පුලුල් සාකච්ඡාවක් තමයි එදා අපි අරඹන්න පටන් ගත්තේ..නමුත් පස්සේ ඔහු මට කතා කරලා කියනවා ගමේ හාමුදුරුවන්ගේ අවමඟුල් උත්සවයට යන්න කියලා පක්ෂයේ ඉහලම තැනින් කිව්ව නිසා AGM එකට එන්න බැහැ කියලා.

      මං ඇහුවා අමරේ අයියා, වඩා වැදගත් මැරිච්ච හාමුදුරුවෝද ජීවත් වෙන කම්කරුවාද කියලා. මේ යකා කෙලින්ම කිව්වා මැරිච්ච හාමුදුරුවෝ කියලා.

      3. ඔහුට අප ආයතනය ( එතකොට එම ආයතනය තමයි ලංකාවේ ලොකුම විදේශ ආයෝජකයා..Head office එක Red Bank, NewJercy වල තිබුනේ.චන්ද්‍රිකා සමයේ පලමු කම්කරු දඩයම පටන් ගත්තේ මෙම ආයතනය සමඟයි.) පිලිබඳව විශේෂත්වයක් තිබුනා. යම් හෙයකින් අන්තරයට මෙහි වෘත්තීය සමිතියේ මුලු බලය හිමිවුනොත් එය නිදහස් වෙලඳ කලාප සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රතිපත්තිය තීරනාත්මකව වෙනස් කරන සාධකයක් වෙන බව අපි දැන සිටි නිසා අන්තරය , එනම් ජවිපෙ වෙනුවෙන් මේ සුවිසල්ආයෝජකයාව පන්නා දැමීමට වුනත් මේ දැන් අකුරු කොටන (එදා මෝඩ ) අප ලෑස්ති වී සිටියා. ඊට අමරසිංහගේ පූර්ණ අනුමැතිය ලැබුනා. එය එසේ නම් ලාල් කාන්තත් අනුමත කරන්න ඇති.

      අරගල සමූහයකින් පසුව මේ සුවිසල් ආයෝජකයාව විශ්මයට පත් කරමින් අපි මාණ්ඩලික සේවකයන්ගේ වෘත්තීය සමිතිය අන්තරයට සම්බන්ධ කර ගත්තා. මම එහි ලේකම්. මම රජෙක් වෙනුවෙන් රටක් යටත් කර ගත්ත යුධ සෙනෙවියෙක් වගේ ගියා GM හම්බ වෙන්න මිනිහාගේ office complex එකටම..appointment නැතුව!!.අපේ අන්තරේ වෘත්තීය සමිතිය පිලිගැනීමට demand කිරීමට.

      මාව සාදරයෙන් පිලිගත්ත GM මට කියනවා.. Mr. Amarasinge එක්ක තියෙන meeting එකකින් පස්සේ මේ ගැන කතා කරමු කියලා..නමුත් අපිව ප්‍රශ්නයකට ඇද දමමින් අමරසිංහ දිගින් දිගටම අපිත් එක්ක GM හමුවෙන එක මග හැරියා කිසිම හේතුවක් නොදන්වා.
      පසුව ආයතනය තුල සේවක ප්‍රශ්න කිරීම මටම දරා ගන්න බැරිව ගියා.අරගල ආපසු කරකැවෙන්න පටන් ගත්තා.ඒත් පක්ෂය කෙරෙහි තිබුන විශ්වාසය වෙනස් කර ගන්න කැමති වුනේ නැහැ.පසුව
      ආයතනයෙන් මාව අපරාධ චෝදනා මත නෙරපා දැමීමට ප්‍රථමව මට ඉතාමත් විශ්වාසවන්ත කලමනාකරුවකු කියා සිටියේ අමරසිංහ සහ GM කිහිප වතාවක් ආයතනය තුලදීම අපට හොරෙන් හමුවූ බවයි!!
      දිණමින පත්තරේ අමරසිංහව ඉතිහාසයේ කුනු ගොඩෙන් දැන් වේදිකාවට නංවන මල්ලිට බැරිද අමරසිංහගෙන් ඒ ප්‍රශ්නය මා වෙනුවෙන් අහලා දෙන්න.
      Clement Peris



      Delete
    4. //අමරසිංහ ආ යුතුමයි ඊට. තීරනාත්මක දවසකදී ඔහු ඒ රැස්වීම මඟ හැරියා//

      ඔය වැඩේම කිහිපවරක්ම අපිට කලා

      Delete
    5. ඔය පොර ආපුවහම සල්ලි එකතු කරලා දෙන එක ගැන ඇහුවහම .. පක්ෂයට සම්බන්ද පසුව සල්ලි ඇරං පාවාදුන්න ලීඩර් කෙනෙකුගෙන් පොර කියුවේ ... පලාත් සභාවේ පඩියත් ගන්නේ නැ ඒකත් පක්ෂයට යනවා කියලා ... ... ඇත්තටම ඩයල් එක දැං කෝ අප්පා .....

      Delete
    6. අපේ අන්තරේ සහෝදරයට වඩා ඔය අන්තරේ සහෝදරයා පක්ෂ ප්‍රතිපත්ති වලට ළඟ අයෙක් කියලයි මේ කතා කියවපුවම මට හිතෙන්නේ. දැන් පොර ගොවිපලකද දන්නේ නෑ අර පත්තරේ ලිපියේ කියන විදිහට?
      බොහොම ස්තූතියි මේ සංවාදය පැවැත්වීම ගැන හැමෝටම.

      Delete
  6. කාලකන්නි තිරිසන්නු

    ReplyDelete
    Replies
    1. ඔය කාන්ඩේ හුග දෙනෙක් එහෙම තමයි. මම කියපු කෙනා සාපේක්ෂකව හොඳ එකෙක් මම දන්නා තරමට. හොඳ එකා එහෙම නං නරක උන් කොහොමද කියල අටුවා ඕන නෑනේ.

      Delete
  7. උන්ගේ හීනමානය,ලොකුකම පෙන්වන කැඩපතක් නවකවදය.අපේ සමාජයේ ලැජ්ජා සහගත දෙයක්.එතැන ඇති වමේ අර කට්ටියගේ දේශපාලනයත් නිරුවත්.තරුණ පරපුර බිලී බෝයිස් වෙනවා.අර නායකයෝ සැපෙන් ඉන්නවා.උන්ට රටේ ප්‍රශ්ණ තියෙන තරමට නියමයි.හරියට මාලුන්ට පීනන්න වතුර ඕනෑ වගේ.ඔය වමේ කට්ටිය අනෙක් පැත්තට ගියාම කොහොමද?ලංකාවේ ගොඩක් තියෙන්නේ "බොනිකර තරුවක්" විතරයි.තනිකර බොරුවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔය කට්ටිය ගහගෙන යන තරුව ඒ බොනිකර තරුව ද දන්නේ නෑ නේද ලලිත් ගුණවර්ධන තුමනි?

      Delete
  8. ඈ.. එතකොට ඒ මන්තිරි තුමාගේ ඇඟිලි නැත්තේ බෝම්බ හදල නෙවෙයි.. හෙහ්.. අපි හිතුවේ මුල ඉඳලම ගේමේ ඉඳල කියලනේ..හැක්. ඔය පිළිබඳව මෑතක බුකියේත් කතාවක් ගියා.. කොටසක් ඩිෆෙන්ඩ් කරා එයාව.. එයා ගේ ඒ උපන් විදිය ය.. එයා නියම මහත්තයෙක් ය කියල හිටං..

    හම්මේ.. අපිට මොන තරං රැග් කරත් දේශපාලනේ ගෑවිලා නොතිබිච්චි එක නම් සෑහෙන්න වටිනවා.. :)

    ReplyDelete
    Replies
    1. ඒ ඇගිලි දිහා හොදින් බලන්න ... මගේ වාගේ කැඩුන එවා නෙවෙයි

      Delete
    2. මම දන්නා තරමින් ඔහු උපතින් ආභාධිතයි. ඔහු අබාධිතයන්ගේ අයිතීන් වෙනුවෙනුත් යම් හඬක් නගනවා. ඒක ඇත්තටමද බොරුවටද කියන්න නං මම දන්නේ නෑ.

      Delete
  9. කට්ටා සහෝදරයා, හඳුන්නෙත්ති වැරදියි.ආයේ ඒකේ දෙකක් නැත. නමුත් ඔහුගේ සංජානමය ආබාධයක් මත ඔහුට නිගා දෙමින් කතා කිරීම වැරදි බවයි මගේ හෘදය සාක්ෂිය මට කියන්නේ.
    හරිව හෝ වැරදිව වික්ටර් අයිවන් බෝම්බ හදන්න ගිහින් අනතුරකට ලක් වුනා. ඉන් ඔහු ආබාධිත තත්වයකට පත් වුනත් රෝහන විජේවීරගේ උඩු දත් පෙල ප්‍රකටව ඉදිරියට පැමිණීම ගැන විශේෂයෙන් කතා කරනවා.මේක වැරදි බවයි මට හැඟෙන්නේ .
    Clement Peris-Edmonton

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මගේ ලිපිය හිංදා වැරදි අවබෝධයක් ඇති උනා නම්. මම කියලා තියෙන්නේ මට මුලින්ම ඇති වෙච්ච හැගීම සහ ඔහුගෙන්ම ඒ ගැන අසා නිවැරදි කරගත් ආකාරය පමණයි. ආබාධිත තත්වයකට නිගා කිරීමට මම කිසි විටෙකත් සිතුවේ නෑ. අනිත් අතට තව කෙනෙකුගේ ආබාධිත බවක් කියමින් නිගා කිරීම මම කිසිසේත් අනුමත කරන්නෙත් නෑ. ඇත්තටම අග පසග හරියට තියෙද්දී ජීවන ගමන අපිට මෙච්චර අමාරු නම් ඔවුන් යම් යම් ආබාධිත තත්ව යටතේ ඊට මූණ දීම අපි අගය කල යුතුයි. ගෞරව කල යුතුයි.

      Delete
  10. මේක කියෙව්වට පස්සේ කරකැවිල්ල වගේ. ඇත්තටම හරිම කම්පනයක් එන්නේ, ඒ කාලේ ශිෂ්‍යයන්ට අත් විඳින්න සිදු වුණු දේවල් දැක්කම.
    කොයි තරම් නම් ගේම් තිබිලද නේද? හරියට ෆිල්ම් එකක් හෝ නව කතාවක් වගේ. මට තාම හිතාගන්න බෑ මේක ඇත්තටම ඔබතුමා ඇතුළු කණ්ඩායම කොහොම දරාගත්තද කියල.

    බැච් ෆිට් එක වැඩි කරන්න රැග් එක දෙනවා වගේ කතා මම කවදාවත් සාධාරණීකරණය කරන්නේ නැත්තේ මේ නිසයි.

    ReplyDelete
    Replies
    1. බැච් ෆිට් එක හදන්නේ කොහොමද වධ දීලා? ඒක මිත්‍යා කතාවක් විතරයි. ස්තූතියි මානවිකාවෙනි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  11. මගෙ කොමෙන්ටුව කෑවෙ කවුද අස්පයෝ...

    කෙසේ වුනත් මේ වගේ හැංගිච්ච අහුකොං හොයා දොට්ට අදිනවට ඔබතුමාට බෝම ඉස්තූතියි. ඔය කියන අයියගෙ පක්සෙ ඉන්නා තරං කුහක රංචුවක් අපේ ගමේවත් නෑ ඔන්න.එකම දේ ඌල සීනිගම ගිහිං ගම්බිරිස් අඹරන්නැති එක විතරයි.

    ReplyDelete
    Replies
    1. අනේ සුරා මල්ලි සීනිගම ගිහිං අඹරනවා නං කමක් නෑ කියල හිතෙනවා මුන් කරපු වැඩ දිහා බලපුවම. හැබැයි වැඩේ වෙන්නේ පක්ෂෙන් ගියාම. ඇතුලේ ඉන්නකල් බෝසත්වරු. එළියට ගිය ගමන් දෙව්දත්ලා.

      Delete
  12. කට්ටඩු මල්ලි
    ඔය කියන පාතාලයට පඩි ගෙව්වේ , රජයේ මාළු සම්බන්ද අමත්යන්සෙන් මම ඕක හොදටම දන්නේ , මම දන්නා මාතර පැත්තේ කොල්ලෝ දෙන්නෙක් (අයිය , මල්ලි)හිටිය , පඩි දවසට විතරක් වැඩට යන . උන්ගේ ජොබ් එක උනේ ලොක්ක කිව්වහම උද්ගෝෂණ වලට ගහන්න යන එක .
    වාහනත් තියාගෙන බොහොම උජාරුවට .

    මේ දවස්වල දේශපාලනේ ඉන්න ඔය වගේම චරිතයක් රනිල් තුමා ලග ඉන්නවා , පත් කල මන්ත්‍රී කෙනෙක් හැටියට .
    කොලබ විශ්ව විද්‍යාලේ මට වඩා අවුරුදු කීපයකින් වැඩිමල් . මහචාර්ය පදවියකුත් තියෙනවා . නම ආ ......මාරසිංහ .
    1994-1999 කාලේ කොලබ විද්‍යා ෆැකල්ටි එකේ ජේ වී පි ලොක්ක. කතාව කියන්න ගියොත් බල්ලෝ බත් කන්නේ නැහැ .
    තමන් ලග හිටපු එවුන් පාවලා දීල , උන්ගේ ඉගෙනීමත් කඩා කප්පල් කරා . ඒ වෙනුවෙන් පරිපාලනය , හරියට ඩිග්රියවත්
    නොකරපු මිනිහට ශිෂ්‍යත්වයක් දීල ජපානේ ඇරියා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...

      Delete