අද කියන්ඩ යන්නේ අපේ ගමට ළඟ ගම දෙකක කතා දෙකක්. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියල ඈත අතීතේ ඉඳන් පවත එන කතාවක් තියනවනේ. ඒ උනාට මේ හතර කෝරළේ වැව් නෑ. පොඩි පොඩි ගම්මාන තියන හිංදා හැම ගමකටම පන්සලකුත් නෑ. මගේ හිතේ අතීතේ ඉඳම්ම උඩරට රජ්ජුරුවන්ටයි, කෝට්ටේ රජ්ජුරුවන්ටයි ඒ අතර මැද්දේ ටික කාලයක් සීතාවක රජ්ජුරුවන්ටයි, අපේම දැදිගම හිටපු රජ්ජුරුවන්ටයි වගේ එක එක රජා අතරේ මාරුවෙච්ච ෆුට් බෝලයක් වෙච්ච නිරන්තර යුද සූදානමක හිටපු මිනිස්සු ජීවත් වෙච්ච මේ හතර කෝරළේ හැම ගමකටම පංසලක් නඩත්තු කරන්ඩ තරං හයියක් හත්තියක් තිබ්බේ නැති හින්දම තමයි ලොකු ගං වල විතරක් පන්සල් හැදිලා තිබ්බේ.
අපේ ගමත් පොඩි ගමක් හිංදා
අපේ ගමටත් වෙනම පන්සලක් නෑ. හැබැයි එහෙම විශේෂයෙන් පන්සලක් නෑ අඩු පාඩුවකුත් නෑ. ඒ අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවරු අපේ ආගමික අවශ්යතාවන් ඉෂ්ට සිද්ධ කරලා දෙන හිංදා. හැබැයි හැම තැනම එහෙම වෙන්නේ නෑ. මම කියන්ඩ හදන්නේ අපේ ළඟ ආසිරාවේ තියන ගං දෙකක වෙච්ච කතා දෙකක් ගැන. කවුද හරි කවුද වැරදි කියලා තමුන්නැහෙලාම තීරණය කරන්ඩ හරිය.
ඉතිං මේ අපේ ගං ආසිරාවේ තියෙන පන්සල් හුගක් සියම් නිකායේ පන්සල්. අපේ අසරණ සරණ සරණංකර නොහොත් වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ බොහොම දුකසේ
උත්සාහ කරලා කීර්ති ශ්රී රාජසිංහ රජ්ජුරුවන්නේ කාලේ සියමෙන් ඒ කියන්නේ වර්තමාන තායිලන්තෙන් උපසම්පදාව ගෙනැත් ආරම්භ කරපු භික්ෂු වංශය තමයි පස්සේ කාලෙක සියම් නිකාය කියලා හැඳින්වෙන්ඩ පටන් ගත්තේ. ඉතින් ඔය නිකායේ තියන එක සම්මතයක් තමයි ගොවි කුලෙන් පිට උපන් කෙනෙක්ව මහන කර ගන්නේ නෑ කියන එක. එහෙම විනය නීතියක් බුදු හාමුදුරුවෝ පැනෙව්වෙවත් සියමෙන් ආපු සම්ප්රදායක්වත් සරණංකර හාමුදුරුවන්නේ නීතියක් වත් නෙවෙයි පස්සේ කාලෙක කාගේ හරි උවමනාවට දාගත්තු අවනීතියක්.
ඔන්න පලවෙනි ගමේ ජීවත් වෙන්නේ අඩුයි කියල සම්මත කුලයක මිනිස්සු කියන්ඩකෝ. කුල ක්රමය සමාජයෙන් ටිකෙන් ටික ඈත් වෙලා යනකොට
සමාජයේ තමන්ට
හම්බ වෙන්න ඕන තැන ලබා ගන්ඩ උත්සාහයක් දරුවා. මම මේ කියන්නේ 1980 ගණන් වල මුල කාලේ. ඔන්න ඉතිං ගමේ කට්ටියක් එක්කහු වෙලා ගියාලු ඒ ගමට අල්ලපු ගමේ තිබ්බ පන්සලට. මට මේ කතාව කියපු කෙනාත් ඒ කාන්ඩෙ ඉඳලා තියනවා.
ආ මොකද තමුසෙලා මේ පැත්තේ? පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇහුවා.
හාමුදුරුවනේ වැදගත් කාරණයක් කතා කර ගන්ඩ කියලා
මොකද්ද අප්පේ වැදගත් කාරණාව... මේ පාර කටින පින්කමවත්ද?
නෑ හාමුදුරුවනේ ඊට වෙනස් එකක්
වෙනස් එකක් කිව්වේ සල්පිල් භාණ්ඩ වෙන්දේසියක්වද්ද....එක හොඳයි මේ චෛත්තියේ හුණු ටිකක් ගාන්ඩත් උවමනාව තියනවා...
නා හාමුදුරුවනේ ඊටත් වෙනස් එකක්.
මොකද්ද අප්පා ඒ?
හාමුදුරුවනේ අපේ ගමේ ඉන්නවා මහන වෙන්ඩ කැමති ළමයෙක්.
හ්ම්...ඉතිං
ඔබ වහන්සේටත් ගෝල නමක් නැති එකේ අර ලමයව මහන කරගන්ඩ පුලුවන්ද කියලා අහන්ඩයි අපි මේ ගමේ කට්ටිය එක්කහුව් වෙලා ආවේ.
ඇයි උඹලට මොකක් හරි අඩුපාඩුවක් හෙම වෙලා තියනවද මේ පන්සලෙන් මට ගෝලයෙක් හිටියේ නෑ කියලා?
එහෙමට අඩුපාඩුවක් නං නෑ හාමුදුරුවනේ
එහෙනං උඹලා උඹලගේ වැඩක් බලා ගනිල්ලා. මට ගෝලයෙක් හදා ගන්ඩ ඕන නං ඒක මම බලා ගන්නං.
එහෙනං හාමුදුරුවනේ ඔබවහන්සේ දන්නා වෙන පන්සලකවත් අර ළමයාව මහන කරන්ඩ පුළුවන් වෙයිද?
මං දැන් වතාවකුත් කිව්වනේ. ඒ ඒ හාමුදුරුවරුන්ට ගෝල නමක් ඕනනං ඒ ඒ හාමුදුරුවරු ඒකට ඕන කරන වැඩ කටයුතු කරයි. අපි කලබල වෙන්ඩ ඕන නෑ. අපි බලන්ඩ ඕන අපේ ගමේ පන්සල දියුණු කරගෙන එලොවටත් වැඩක් කර ගන්ඩ...
එහෙමයි හාමුදුරුවනේ. ඒත් අර ළමයා මහණ කර ගන්න එක අපෙත් ලොකු බලාපොරොත්තුවක්. කතාවකුත් තියනවනේ ළමයෙක් මහණ කරාම හතර වරිගේ නෑයෝ නිවන් දකිනවා කියලා...
ඉක්මනට නිවන් දකින්ඩ ඕනනං පිංකම් කරහල්ලා. කවුද කැමති චෛත්තියේ හුණු පිරියම් කරන පිංකමට දායක වෙන්ඩ? ඔන්න නිවන් ලැබෙන පිංකම්...නැතුව ළමයි මහණ කරාට නිවන් යන්ඩ බෑ.
මේ කතාබහෙන් හාමුදුරුවෝ නම්මා ගන්ඩ බෑ කියලා තේරිච්ච ගමේ උදවිය ආපහු ගියා. හැබැයි තමුන්ට ගෝල නමක් ඕන නෑ කියපු හාමුදුරුවෝ ඊගාව සතියෙම අපේ ගමෙන් ගොවි කුලේ දරුවෙක් ඇබිත්ත කමට ගත්තා. ඉකමනට මහන කරන්ඩත් කටයුතු කරා. දැන් අර ගමේ අයට කාරණේ බොහොම පැහැදිලියි. තමුන්ගේ කුලේ හිංදා තමයි ගමේ ළමයෙක් මහණ කරන්ඩ හාමුදුරුවෝ අකමැති වෙන්නේ.
ඒ ළමයව මහණ කරන එක ඇත්තටම ආගමික උවමනාවකට ගමේ අයට ඇති වෙච්ච එකක් නෙවෙයි. ගමේ ලොකු ලොක්කන්ට ඕන උනේ තමන්ගේ සමාජීය තත්වය ඉහලට දා ගන්ඩ. හාමුදුරුවන්ටත් ගෝලයෙක්ගේ උවමනාව තදින් දැනෙමින් තිබුනත් නිකාය සීමා හිංදා අඩුයි කියලා සම්මත කුලේක ළමයෙක් මහණ කරගන්ඩ බෑ. හරියට කැඳ හිංදා අහක දාන්ඩත් බෑ. උණු හිංදා බොන්ඩත් බෑ වගේ වැඩක් තමයි දෙපැත්තටම වෙලා තිබුනේ. ඔන්න ඔය වෙලාවේ එක දැනුමැත්තෙක් යෝජනාවක් කළා.
යකෝ මේක අපේ පරම්පරාවටම නිග්ගිරහයක්. අපි දෙන දානේ කන්ඩ හොඳයි හැබැයි අපේ එකෙක් මහන කර ගන්ඩ නරකයි.කෙනෙක් කිව්වා.
ඒක නං ඇත්ත...අනිත් ලොකු ලොක්කෝ එක පයින් ඒ කතාව අනුමත කරා.
අපිත් හදමුද පන්සලක්...මම දෙනවා ඉඩං කෑල්ලක්.
එහෙනං අපි වෙන නිකායකට කියලා අපේ ගමේ පන්සලක් දා ගම්මු...පන්සලක් නඩත්තු කරන්නේ කොහොමද කියලා වැඩිය හෙව්වේ බැලුවේ නැති අනිත් කට්ටියත් වැඩේට එක පයින් කැමති උනා.
ඔන්න දැන් අමරපුර නිකායට අයිති පන්සලක් ගමේ පටන් ගත්තා කියමුකෝ. ගමේ අයම මේ පන්සලට දැම්මා නං වානමක්. ඒ කියන්නේ නියම නම තියෙද්දී භාවිතයට ගැනෙන උපහාසාත්මක නමක්. නික් නේම් කියන්නේ. මොකද්ද දන්නවද නම. කොරෝදාරාමය.
ඒකට හේතුව තමන්ගේ කුලේ කෙනෙක් මහන කරගන්ඩ බෑ කියපු එහා ගමේ පන්සලට විරුද්ධව ක්රෝධයෙන් මේ පන්සල හදපු එක.
පන්සලක් කියන්නේ නිකං ගොඩනැගිලි කීපයක් විතරක් නෙවෙයි. පන්සල ගමට අලුත් අගයක් එක්කහු කලේ නැත්තං මිනිස්සු පන්සලත් එක්ක තියන සම්බන්ධතාව ගිලිහිලා යනවා. එහෙම උනාම පන්සලට හිර කරලා ඉන්න හාමුදුරුවරුන්ට අබ සරණයි. දැන් කවුරු හරි හිතන්ඩ පුළුවන් හාමුදුරුවරු ඉන්නේ බන බාවනා කරගෙන ආගමික වැඩ කරන්ඩ නේද කියල. එහෙම හාමුදුරුවරු ගංකරේ තියන පන්සල් වල ඉන්නේ හරි අඩුවෙන්. හුගක් හාමුදුරුවරුන්ට ඕන තමන්ට
ජීවිතේදී ලබා ගන්ඩ බැරි වෙච්ච සැප සම්පත් ටික පැවිදි ජීවිතේදී ලබා ගන්ඩ. පන්සලට ලොකු ආදායම් මාර්ග තියනවා නං වැඩේ ගොඩ. එහෙම නැති උනාම හාමුදුරුවෝ සිවුරක් දා ගත්තු බිස්නස් කාරයෙක් බවට පත් වෙනවා.
අර කොරෝදාරාම පංසලටත් උනේ ඒකම තමයි. මේ ළඟදී පන්සලේ හිටපු හාමුදුරුවෝ දහම් පාසැල් ආපු තරුණ උපාසිකාවක් එක්ක අභිනිශ්ක්රමණය කළා පැවිදි ජීවිතෙන් ගිහි ජීවිතේට. හැබැයි පන්සල තියනවා. දැන් ගමේ අයට ලොකු ප්රශ්නයක් පන්සල පවත්තාගෙන යන එක....කුළයෙන් පන්සල බිල්ලට ගත්තද පන්සලෙන් කුළය බිල්ලට ගත්තද කියල මට තේරෙන්නේ නෑ.
දෙවෙනි කතාව උනේ අපේ ගමට වෙන
දේශසීමාවක් තියාගෙන ඉන්න එක ගමක. ඒ ගමටත් මුලින් පන්සලක් තිබ්බේ නෑ. අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි දුකට සැපට හිටියේ. පොඩි පොඩි අවනඩු තිබ්බට අවුරුදු පනහක් හැටක් තිස්සේ ඒ හාමුදුරුවෝ ගමට ආභරණයක් වගේ හිටියා. කාගේත් දුක සැප බැලුවා. හැබැයි ඒ හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවෝ උපාසිකාවන්ගේ කෙසේ වෙතත් ලාබාල උපාසක මහත්තුරුන්ගේ දුක සැප වැඩියෙන් හොයා බලන්ඩ ගියපු කතන්දරේකින් පස්සේ ලොකු හාමුදුරුවෝ තමුන්ගේ ගෝල නමගේ පැත්ත ගත්තා. ඔන්න ආයෙත් අර ගමේ ආගමික භක්තිය නහුතෙට නැග්ගා. කවුද කෙනෙක් ඉඩමක් පූජා කළා. ගෙන්නෙව්වා හාමුදුරු නමක්. හැදුවා පන්සලක්.
දෙන්න දෙමාල්ලෝ අතරේ තියන අඩ දබර බත ඉදෙනකල් විතරයි කියලා කතාවක් තියනවනේ. ඒ වගේ අර ලොකු හාමුදුරුවොයි ගමයි අතරේ තිබ්බ විරසකේ මාස හත අටක් යනකොට සංසිදුනා. මිනිස්සු ආපහු ඒ පරණ පංසලත් එක්කම ගනු දෙනු කරන්ඩ පටන් ගත්තා. හැබැයි දැන් සමීකරණේ වෙනස් වෙලා. අලුත් පන්සලක්
සමීකරණේ ඇතුලට ඇවිත්. එකම දායක පිරිසක් දැන් පන්සල් දෙකක් නඩත්තු කරනවා. පරණ පන්සල් හිතන්නේ අලුත් පන්සල තමන්ගේ ගොදුරු ගමට කඩා පාත් උනු පරපෝෂිත පන්සලක් කියලා. ඒ හින්දා ඒ හාමුදුරුවරු අලුත් පංසලත් එක්ක තරහයි. ඉතින් මිනිස්සුන්ව උසි ගන්නනවා අලුත් පන්සලේ හාමුදුරුවන්ට විරුද්ධව.
අනිත් පැත්තෙන් අලුත් පන්සලට කිසිම නිත්‍ය ආදායම් මාර්ගයක් නෑ. ඉතින් ඒ හාමුදුරුවෝ කේන්දර බලනවා. යන්තර මන්තර කරනවා පන්සල නඩත්තු කරන්ඩ ඕන සල්ලි හොයා ගන්ඩ. පන්සල හදන්ඩ රෙද්ද උස්සගෙන දුවගෙන ආපු ගිහියෝ පන්සල් දෙක මැද්දේ තියන ලන්දක හවසට හවසට සෙට් වෙනවා බෝතලේකුත් එක්ක. මේ ලඟදි මට හම්බ උනා අලුත් පන්සලට ඉඩම් පූජා කරපු එක්කෙනෙක්. දැන් එයා හාමුදුරුවන්ට විරුද්ධව ඉඩම් නඩුවක් දාලා පන්සලට පූජා කරපු ඉඩම ආපහු ගන්ඩ.
කවකට්ටක් අරගෙන අපේ ගෙදර උඩින් තුඩ තියලා කිලෝ මීටර් පහක අරයකින් රවුමක් ඇන්දොත් කිව්වට විශ්වාස කරන්ඩ පන්සල් තියනවා දාසයක්. ඊට අමතරව පාර අයිනේ පිහිටුවලා තියන බුදු පිළිම දෙකකටත් මිනිස්සු පුද පූජා පවත්තනවා. මිනිස්සු ඇති හාර දාහක් පන් දාහක් විතර. මට හිතෙනවා මේ ට්රෙන්ඩ් එක තව අවුරුදු හතළිහක් පනහක් තිබුනොත් මේ පන්සල් ගාන සීය පනියි කියලා.
මෙහෙම සිද්ධියක් වෙන්ඩ එක ප්රධාන හේතුවක් තමයි නිකාය බේධය. ලංකාවේ තියන නිකාය අතර තියන එකම ප්රධාන වෙනස ගිහි සමාජයේ තියන කුළ ක්රමය පිලිගන්නවා ද නැද්ද කියන එකයි මම දන්නා තරමට. අවුරුදු තුන්සීයකට තුන්සිය පනහකට කලින් හිටපු රජ කෙනෙක් කළා කියන හැබැයි කිසිම සාක්කියක් නැති නියෝගයක් තාම පවත්තාගෙන යන්ඩ හදන එක තමයි ඒ ප්රශ්නේ මුල.
මට මතක් වෙනවා බුදු හාමුදුරුවෝ තමුන්ගේ උපන් ගම වෙච්ච කිඹුල්වත් පුරයට වැඩම කරලා පළමු
පාර දිගේ ගෙයින් ගෙට පිඬු සිඟා වැඩියා කියන කතාව. ශාක්‍ය වංශිකයන් කොහොමත් උඩගුයිලු. ඉතින් තමුන්ගේ පුතා ආහාර ටිකක් වෙනුවෙන් සිගමන් යැදීම ශාක්යයන්ගේ රජ්ජුරුවෝ වෙච්ච සුද්ධෝධන රජ්ජුරුවන්ට දරා ගන්ඩ බැරි උනා. එතුමා බුදු හාමුදුරුවන්ට ආරාධනා කළා පිඬු සිගා වැඩීම නවත්තලා තමුන්ගේ මාලිගයේ දානය පිළිගන්ඩ කියලා. එතකොට බුදු හාමුදුරුවෝ කිව්වලු මහරජ ඔබේ රාජ නීතියට නෙවෙයි මම වැඩ කරන්නේ පෙර බුදු වර්ගේ ඉඳන් පවත එන බුද්ධ නීතියට කියලා. ඒ බුද්ධ නීතියේ කොටසක් තමයි තමන්ගේ සරණ හොයා
උනත් කරුණාවෙන් උදවු උපකාර කරන එක.
ඒ උතුම් බුද්ධ නීතිය කුළය පදනම්ව නිකායයන් පිහුටුවා වර්ධනය කරන නායක හාමුදුරුවරුන්ට මතක් වේවා!
ඇතුල් කෝට්ටේ කොටුබැම්ම පාරේ අන්තිමට වගේ එකිනෙකට මුහුණලා පන්සල් දෙකක් තියෙනවා. ඒ දෙකට එක කාලයක ඊර්ශ්‍යාරාමය සහ ක්‍රෝධාරාමය කියල පටබැඳ තිබුණා මතකයි. ඒ පන්සල් දෙකේ තරඟය නිසා.
ReplyDeleteමම හිතන්නේ පහසුකම් වැඩි නාගරික පරිසර වලදී මේ තත්වය උග්‍රයි. හැබැයි දුප්පත් පිටිසර ගම් වලදී හැතැම්ම හය හතක ගියත් පන්සලක් නෑ.
Deleteධර්මසංගායනාවක් කරන්ඩ යනවා කියන්නේ. බලමුකෝ එහෙමවත් දෙයක් වෙයිද කියලා
ReplyDeleteධර්ම සංඝායනාවකින් හදන්ඩ තරම් දෙයක් නෙවෙයි දැනටමත් තියන පැහැදිලි විනය නීති ටික ක්‍රියාත්මක කළා නං හොඳටෝම ඇති මගේ හිතේ. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
Deleteපන්සල් හැදිල්ලයි හන්දියක් ගානෙ බුදුපිළිම පැලකිරිල්ලයි ගැනනං කතාකරල වැඩක් නෑ.
ReplyDeletehaloo pra... mama nadil face book eka comment kare
Delete+++++++++++++++++++++
Deleteමේකට ගිහියොත් වග කියන්ඩ ඕන ලොකු ප්‍රමානෙකින්. ඔවුන්ගේ උවමනාවල් ඉටු කරගන්ඩ තමයි වැඩේ මුලින් පටන් ගන්නේ. ස්තූතියි ඔබලාගේ අදහස් දැක්වීම් වලට.
Deleteකට්ටකා සහෝදරයා ,
Delete1. මම නම් හිතන්නේ විජයාගමනයටත් පෙර ලංකාව බහු ඇදහිලි රටක්. 1 වැනි මහින්දාගමනය සමඟින් ලංකාවට බුදු දහමත් , ඊට පෙර සහ පසු සිදුවූ යුද්ධ නිසා හින්දු ආභාෂයත් , 15 වැනි සියවසෙන් පස්සේ ආවර්තීයව සිදු වුනු යුරෝපීය ආක්‍රමණයන් නිසා ලංකාවේ බහු ආගමික තත්ත්වය සම්පූර්ණ වුනා කියලා තමයි මට හිතෙන්නේ.
2. ලංකාවේ බුද්දාගම ( බුදු දහම නොවෙයි) ලාංකීය කුල පුශ්නය ගසා කාපු බවට පර්යේෂණ සාක්ෂි තිබෙනවාද? ක්‍රිස්තියානි ආගම පැමණීමත් සමඟ කුල ප්‍රශ්නය යට ගියාට පන්ති ප්‍රශ්නය ඉදිරියට ආවා කියලායි මම හිතන්නේ.මොකද කුලය කෙසේ වෙතත් පන්තිවලට සීමා වෙච්ච පල්ලි ලංකාවේ තිබුනා. 2 වැනි වතිකාන ධර්ම සංගායනාවෙන් / කතිකාවෙන් පසු මේ trend එක දියවෙලාම ගියා.මම හිතන්නේ මේක ගැන කවුරු හරි පර්යේෂණයක් කල යුතුයි.
3. ඔබ ජීවත් වන ගමේ 5km අරයක් තුල පන්සල් හැට හුටහාමාරක් තියෙනවා වාගේම තමයි මීගමුව පැත්තේ පල්ලි තියෙන්නේ .පාර දෙපස තිබිය යුතු විදුලි පහන් කනුවලට වඩා විවිධ සුරැවම් තියෙනවා එහි. පොදු මහජන අවකාශයට අවහිර කරමින්, සෞන්දර්ය නැති කරමින් සිදු කරන මේ ආගමික වංචාවට ගිහි- පැවිදි- දේශපාලන හැත්ත බුරුත්තම කැමති නිසා තව වසර 200 විතර යන කල් මේ trend එක තියේවි.!
Clement Peris
ස්තූතියි ක්ලෙමන්ට් තුමා ඔබේ අදහසට. 1.මගේ කල්පනාවනං පොලොන්නරු යුගයේ ඉදං තමයි මේ අද තියන විකෘතිය පටන් ගත්තේ කියලා. 2.අපොයි මොකද නැත්තේ. සියම් හා අමරපුර නිකායේ සමහර පාර්ශ්වයන් ගැන කියවපුවම හිතෙනවා කුල ක්‍රමයේ හොල්මන් කොච්චර බලවත්ද කියලා...නමුත් නරකම ආදර්ශය සියම් නිකාය. 3.අනිවාර්‍යයෙන් වාසි ලබන්නන් සිටින තුරු මේ සිස්ටම් එක ක්‍රියාත්මකයි
Deleteමම අහල තියෙන මල්ලි අය්යේ ඔය පැත්තේ සමහර මිනිසුන්ට , ගැහැනුන්ට උද ඇදුමක් ආණ්ඩුවේ එන එම පෙරේරා කියලා ඇත්තද එක
ReplyDeleteමොකක්ද බං මේ
Deleteඔබ කියන්නේ එන්. එම් .පෙරේරා මහත්තයා අඩු යැයි සම්මත කුළ වල කාන්තාවන්ට උඩු කය ඇඳුම් ඇන්දවූ බවක්ද? මම දන්නා තරමින් අපේ පැත්තේ එවැන්නක් සිදුවී නෑ. එන්. එම්. පෙරේරා මහතා වැඩ කලේ රුවන්වැල්ල, යටියන්තොට වැනි කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ වල බවයි මම අසා තිබෙන්නේ. අනික් අතට එවැනි තත්වයක් 1930 ගණන් වලවත්අපේ පැත්තේ අඩු යැයි සම්මත කුල ගම්මාන වල පැවතුනා කියලා මම හිතන්නේ නෑ. මම වැරදි විය හැකියි.
Deleteපන්සල් අතර තරඟය ලංකාවේ පමණක් නොවෙයි, පිට රටවලත් තියනවා. 1990 මුල මෙල්බර්න් වලට තිබුනේ එක 'සිංහල ' බෞද්ධ පන්සලක් (springvale) පමණයි. ගංගොඩවිල සෝම හිමියන් එහි වැඩසිටියා. එහිමියන්ගේ නොයෙකුත් අපචාර ක්‍රියා නිසා පන්සලෙන් ඉවත් කල පසු ('එලෙව්වා' කියන වචනය හිමි නමකට යෙදීම නුසුදුසු නිසා එසේ නොකියමි) noble park හි එතුමා පන්සලක් පිහිටෙව්වා. පළමු කී පන්සල, අක්කර පහක ඉඩමක් නව පන්සලක් තැනීම සඳහා keysborough වලින් මිලදී ගත්විට එයට දෙවෙනි නොවීමට සෝම හාමුදුරුවන්ගේ පන්සලත් berwick වලින් ලොකු ඉඩමක් මිලදී ගත්තා. එකිනෙකා අතර තරඟය නිසා ඉඩම ගත්තත් මුදල් නොමැතිකම නිසා සෝම හාමුදුරුවන්ගේ පන්සලේ ඉදිකිරීම් සිදු උනේ නැහැ. මේ හේතු නිසා සෝම හිමියන් ලංකාවට ගියා.(ඕස්ට්‍රේලියාවේ PR ලැබුනා කියා උත්සව පින්කම් පැවැත්වූ හිමිනමක් පසු කලක ජාති මාමකත්වය ගැන දෙසුම් කරන කොට මට නම් හිනා යනවා) . මේ අතර dandenong වල තවත් පන්සලක් පිහිටෙව්වා (දැන් ඒ පන්සල එතන නැතුවා වගෙයි). ඉන්පසු yuroke වල තව පන්සලක් පිහිටවූවා. දැන් rockbank වල සහ hoppers crossing වල තවත් දෙකක් තියනවා. තව ටික කලකින් අටමස්ථානය, සොළොස්මස්ථානය මෙහිදීම වඳින්න අවස්තාව ලැබේවි.
ReplyDelete//එහිමියන්ගේ නොයෙකුත් අපචාර ක්‍රියා//
Deleteමොනවද අප්පේ ඒ... කියන්ඩකෝ අපිටත් දැනගන්ඩ
මම එවැන්නක් දැන සිටියේ නෑ. මං හිතන්නේ නෑ ලංකාවේ බොහෝ දෙනෙක් එවැන්නක් දැන සිටියා කියලා.
Deleteමම ගිහියෙක් වශයෙන් හාමුදුරු කෙනෙකුගේ වැරදි ගැන කියන එක හොඳ මදි නේද ?? කොහොම උනත් එතුමන්ගේ අයහපත් කල්ක්‍රියාවන් නිසා 1992 දී පන්සලෙන් ඉවත් කළා. නමුත් ඒ කාලයේත් එතුමන්ට යම් අනුගාමිකයින් පිරිසක් හිටියා. ඔවුන් මැදිහත්වී මෙතුමාට (ගෙයක්) පන්සලක් ලබා දුන්නා. නමුත් කල්ගතවන විට ඒ අනුගාමිකයින් බොහෝ දෙනෙකුටත්, මෙහිමියන් තම ගෝලයන් වශයෙන් මෙහි වැඩමවූ හිමිවරුන්ටත් සත්‍ය අවබෝධ උනා. සෝම හිමියන්ට ඕස්ටේලියාවේ තිබුණු මතභේදයට තුඩුදෙන කරුණු කාරනා වලින් ගැලවී ලංකාවට ගොස් "අදේවවාදය" මුල් කරගෙන ලබාගත් ජනප්‍රියත්වයත් සමග එතුමන්ට නැවත මෙහි පැමිණීම අනවශ්‍ය උනා. එතුමන්ට මෙහි තිබුන පිළිගැනීමේ තරම කියනවානම්, එතුමන් අපවත් වූ පසු ඒ බවවත් මෙහි සිංහල ගුවන් විදුලි වැඩසටහනෙන් ප්‍රචාරය උනේ .නැහැ
DeleteThis comment has been removed by the author.
Deleteමමත් මෙල්බන් වල දීර්ග කාලයක් ඉන්නවා , හැබැයි මම දැනුවත්ව ප්‍රශ්නේ තිබ්බේ සෝම හාමුදුරුවන්ගෙන්
Deleteපස්සේ හිටපු හාමුදුරුවන්ට . උන්වහන්සේට තාව කාලිකව හිරෙත් යන්න උනා.
මම එන්ගලන්තේ කාලයක් හිටියා . කිසිම වෙනසක් නැහැ . අපේ පන්සල් ටික කරන්නේ බිල්ඩින් හදන එකයි , දායකයෝ
බෙදාගෙන මරා ගන්න එකයි.
දැන් මොනවාද මෙල්බන් වල නැත්තේ , සග රාජ පෙරහැරවල් , බෝදි පූජා, බාවනා මාකට් , කේන්දර ලංකාවේ තියෙන ඔක්කොම ගොන් වැඩ . මේවට වැඩිපුරම වගකියන්න ඕනේ හාමුදුරුවන්ට වඩා ඕව වල අරක්ගත්ත දායකයෝ.
කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පන්සලේ තත්වය අන්තිම දරුණුයි . මට පෞද්ගලිකවම තියෙන අත්දැකීම ලියන්න වෙලාවක් නැ .
නොකරන එකම දේ දර්ම ප්‍රචාරය විතරයි . මොකද බොහොමයක් කට්ටියට ඉංග්‍රීසි බැහැ .
කිසිම දවසක මම දැකල නැහැ සුදු ඔස්ට්‍රේලියානුවෙක් අපේ පන්සලකට යනවා ( ඕස්ට්‍රේලියාවේ වැඩිපුරම වේගයකින් වැලද ගන්න දර්මය වෙලත් ) ඔවුන් ඔක්කොම යන්නේ තිබ්බත හෝ තායි පන්සල් වලට .
බොහොමයක් ඒවා වල ඉන්නෙත් ඔස්ට්‍රේලියනුවන්ම පැවිදි වෙලා . කිසි දෙයක් ඉල්ලන්නේ නැ , දර්මයම පමණයි . මම දැන් ලංකාවේ පන්සල්වලට යන එක නවත්වල ගොඩක් කල් .
කට්ටාස් සහ දීප්ත.,
Deleteමම ඉන්න නගරයේ ලංකාවේ පන්සල් ( ගෙවල්)දෙකක් තිබෙනවා. වසරින් මාස 7 ක්ම උෂ්ණත්නට සෘණ 5 සිට 35 පමණ දක්වා තිබෙන නිසා සම්ප්‍රදායික පන්සලක් මෙහෙට ගැලපෙන්නේ නැහැ.
නමුත් ධර්ම ප්‍රචාරය අතින් නම් එහි සිටින භික්ෂුන්වහන්සේලාට ඉංගිරිසි බස හැසිරවීමට ඇති කැපී පෙනෙන නොහැකියාවක් මම දකිනවා. මෙහෙ ස්වදේශිකයනුත් එය දකිනවා. නමුත් මෙහෙ කතෝලික පල්ලිවලට ඉන්දියාව, පිලිපීනය, පෝලන්තය, ෆ්‍රන්සය, ද. අෆ්‍රිකාව, එරිත්‍රියාව, ලංකාව, දකුණු ඇමරිකාව ආදී රටවලින්එන හැම පූජකවරයෙක්ම ඉංගිරිසි බස ප්‍රගුණ කල අය විය යුතු බවට Catholic Bishops Conference එක වග බලා ගන්නවා.
මා දන්නා තරමින් දැනට ලංකාවේ සිටින , බුදු දහම පිලිබඳව ආචාර්ය උපාධියක් ඇති එකම කතෝලික පූජකවරයා වන කැලණියේ 'තුලන'හි ආචාර්ය ගරු ඇලෝසියස් පීරිස් SJ පියතුමා( there were two of them. One was Fr. Tissa Balasooriya OMI and the one was Fr. Michael Paul Rodrigo OMI)පවා මෙය දුටුවේ ලංකාවට ඇති ලොකුම අඩු පාඩුවක් ලෙසටයි. එතුමා වරක් පැවසුවේ the most important thing we could export is still sitting on the muddy floor here කියලා. එතුමා අදහස් කලේ අපිට පිටරට පැටවිය හැකි හොඳම දෙය අපේ බුදු දහමයි කියලා. ඊට ඇති බාධාවත් හොඳ ඉංගිරිසි උගත් සංඝයා අපිට නොමැති බව කීවේ ,තායිලන්තයෙන් ලංකාවට පැමිණ ,එතුමා යටතේ ඉංගිරිසියෙන් බුදු දහම ඉගෙන ගන්නා තායි සඟ පිරිසකට උගන්වමින් සිට ලැබූ කෙටි විරාමයකදීයි.2012 විතර මේ සිද්ධිය සිදු වුනේ.
මම යෝජනා කරන්නේ , කතෝලිකයකු ලෙසට, ලංකාවේ වැඩකට නැති බුද්ධ සාසනයට ඕනැ මඟුලක් කර ගනියව් කියලා ලෝකයේ අනිත් රටවල පිරිසිඳු ථෙරවාදී බුදු දහම ප්‍රචලිත කිරීමට අපි ලාංකිකයන් වසයෙන් ශ්‍රමයෙන්, කාලයෙන් සහ ආර්ථිකව උදව් කල යුතුයි කියලා..අවංකවම.
එතකොට අබ සරණ, GST වාගේ කට්ටිය හැලිලා නියම බුද්ධ පුතුන් ලෝකයට දෙන්න අපිට පුලුවන් වෙයි.
Clement Peris.
ඔබතුමාගේ අදහස් වලට බොහොම ගරු කරනවා
Deleteලංකාවේ හිටියා ඉතම් උසස් තත්වයේ ඉංග්‍රීසි සහ අනෙක් බෂා ගැන ප්‍රාමාණික දැනුමක් ඇති යතිවරු බොහොමයක්ම .
වල්පොල රාහුල
යක්කඩුවේ හාමුදුරුවෝ
ශ්‍රී දම්මානන්ද (මලයාසියාවේ සඟ නායක)
පසු කාලීනව ගුරු වුර්තියට ඇතුල්වීමේ පරමාර්ථයෙන් කෙරුණු පිරිවෙන් හා විශ්ව විද්‍යාල අද්‍යාපනය නිසාම , දැන්
එවැනි අය බිහිවීම සම්පුර්නයෙන්ම ඇන හිටලා .
දීප්ත ඔබ කියන දේ හරි. හැබැයි ඔබ සඳහන් කරන මහා ප්‍රාඥ යතිවරු බිහිවුනේ 56 ශාපයට ඉස්සර. වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ මට උගන්නලා තියනවා. එතුමා ගේ භික්ෂු චර්යාව ගැන මම දන්නේ නෑ හැබැයි විශිෂ්ට උගතෙක්. බුද්ධිමතෙක්. හැම දෙයක්ම මධ්‍යස්තව බලන්ඩ කැමති අන්තර් ආගමික සහජීවනය අගය කරන උතුමෙක්. එහෙම යතිවරු අද කී දෙනාද ලංකාවෙන් බිහි වෙන්නේ? මම අහලා තියෙන්නේ භික්ෂු පුහුණු වැඩසටහන් දෙකක් ගැන විතරයි. එකක් පේරාදෙණියේ සුබෝධාරාමයේ අනික කඩුවෙල පැත්තේ.
Deleteකට්ටකාඩුව මල්ලි
Deleteමේ ලින්ක් එක වල්පොල රාහුල කියන්නේ කවුද කියල තේරුම් ගන්න මුළු වීඩියෝ එකම බලන්න
https://www.youtube.com/watch?v=UMWJxzj-OCk&t=828s
වැඩක් නැහැ ලොකුමල්ලි ඕව මතක් කෙරුවට.පුලුවන්නම් ධර්ම සංගායනාවක් කරල කනපිට ගිහින් තියන් බුදුදගම හදාගන්ඩ බලන්ඩ ඕන.
ReplyDeleteආගමට,ජාතියට මුවාවී බොරුකීම,ඉතිහාස කතා දෙසමින් විකාර දෙඩවීම මෙහෙ මිනිස්සු අන්දවන්න පහසු ක්‍රමය.අද කාලේ හිස් මිනිසුන් වන අපි මේ බොරු අසා ආඩම්බර වෙනවා.සෝම හාමුදුරුවෝ ගැන තව විස්තර සමබරව දැන ගන්න කැමතියි.අපි නම් පුදුම ජාතියක් !ලෝකෙටම එකයි !!
ReplyDeleteඋඩුපිල තියනවා පන්සලක් ඒකට කියන්නේ ග්‍රමභේධනාරාමය.... ඇයි අනේ අර පඩිකපනාරාමය... ඒක මරු නම
ReplyDeleteපඩි කපනා රාම ගැන ප්‍රචලිත කරන්න එපා, කහකඩයෝ ඔය ක්‍රමය රිජිස්ටර් කරෝතින් මල විනාශයක්.
Deleteසංගායනා වලින් කරන්නේ තැනින් තැනින් බට් කරල එල්ලපු ඇප් කෑලි නිසා හටගන්නා බග්ස් අයින් කරල ඒ ඈප් වලින් කෙරෙන කාරිය ඉන්ටග්රේට් කරලා අලුතෙන් යුසර් මැනුවල් එකක් ලියන එකට නේද?
ReplyDeleteඅලුත් සංගායනාවෙන් පස්සේ එක එක නිකායේ තියන සුවිශේෂත්වය ගැන තියෙන විචිකිච්චවල් තුරන්වෙලයවී, අනේ සාදු.
තිස්සමහාරමයේත් ඊර්ෂ්‍යාරාමයයි ක්‍රෝධාරාමයයි දෙක එක ළඟ තියෙනවා! ගිහියන්ට වඩා සංඝයා වහන්සේලා ළඟ කුහකකම වැඩිද මන්දා? අනෙක් අතට එයාලත් ජීවත් වෙන්නේ අද සමාජය ඇතුළේමනේ.
ReplyDeleteඅපේ පන්සලට මම නම දාලා තියෙන්නේ හුත්තාරාමය
ReplyDeleteකනක් ඇහිලා ඉන්න නෑ තුන් තිස් පැයේ පීකරේ දාලා...
අපේ ගමෙත් විවිධ නිකායන් වල පන්සල් තියනව. හැබැයි මුහුදුබඩ ප්‍රදේශ වල ගොවි කුලයේ අය තරමටම අවශේෂ කුල වල අයත් ඉන්නා නිසා පන්සල් ඔක්කොම හොඳට නඩත්තු වෙනවා.
ReplyDeleteඅපේ බෞද්ධයෝ විවාහ වෙනකොටත් කේන්ද්‍රයයි කුලෙයි බලනවා. ඒ දෙකම බුදු හාමුදුරුවෝ අනුගමනය නොකරපු දේවල් නේ.
++++++++++++++++++++++++.බුදුන් අනුමත නොකරපු දේ තමයි අද මේ උන්දැලා අනුමත කරන්නේ.
Deleteඋතුම් බුද්ධ නීතිය අමතක බෞද්ධයෝ, සාදු සාදු සාදු
ReplyDelete