ඔය ජනේරු මාසෙ තියෙනවා නේද...හරි අපූරු මාසයක්. සූර පප්පලගෙ ගම අල්ලාගන්ඩ බැරි උනාට මොකද රෝමන් කාරයෝ හරි අමුතු වැඩ කරලා ලොක්කෙ පුරාම නමක් තියපු මිනිස්සු. එහෙව් රෝමන් කාරයෝ අවුරුද්දෙ මුල්ම මාසෙට නම දාන්නේ මූණු දෙකක් දෙපැත්තට පිහිටලා තිබ්බා කියල කියවෙන ජානුස් දෙවියන්ගෙ නම සිහිවෙන්ඩයි. මේ ජානුස් දෙවියන්ට මූණු දෙකක් තියෙන්නෙ එක මූණකින් අතීතේ වගේම අනික් මූණෙන් අනාගතේත් බලන්ඩ පුලුවන් හින්ද කියලයි රෝමන් කාරයෝ හිතුවේ. මට මේ ළගඳි දවසක හිතුන මේ ජානුස් දෙවියගේ මූණ මොනවගේ වෙන්ඩ ඇද්ද කියල.
ජානුස්ට තියෙන්නෙ සන්තෝසෙන් ඉන්න මූණක්ද? නැත්තං ඔහු
දුකෙන්ද? සමාන සුඛ දුක්ඛ මූණක්ද? අතීතෙත් අනාගතේත් දකින කෙනෙකුට මොනවා හිතෙනවා
ඇද්ද? මහ ලොකු සෞභාග්‍යමත් අතීතයක් තිබ්බ කියන රටවල්වලට දැන් වෙලා තියෙන
නස්පැත්තිය දැක්කම ජානුස්ට හිනා යනවද? දුක හිතෙනවද? ඔය ඔක්කොම අලකලංචි හිංද මට
හිතෙනවා ජානුස්ට තියෙන්නෙ තේරුම් ගන්ඩ බැරි අන්දොස් වෙච්ච මූණක් කියල. හරියට
මොනාලිසාගෙ මූණ වගේ.
මොනාලිසා කියපු ගමං මතක් උනේ ඩා වින්චිව. උන්නැහෙලුනෙ මොනාලිසා ඇන්දෙ. මොකද මේ ලෝකෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා, චින්තකයා, නිමැවුම්කරුවා ඔය වගේ චිත්‍රයක් ඇන්දෙ? ඔය කියන තරම් වශීකරණ බලයක් - නෑ නෑ ඔය පත්තරේ දාන වශී ගුරුකම් ගැන නෙවෙයි මං කියන්නෙ ලක්ෂ කෝටි ගාණක් මිනිස්සුන්ගෙ හිත ඇද බැද ගැනීම ගැන- මේ චිත්‍රෙට ලැබුනෙ කොහොමද? විචාරකයො අවුරුදු සිය ගානක් මේ එක චිත්‍රයක් ගැන කෙස් පැලෙන විචාර එක එක විදිහට ඉදිරිපත් කරන්නෙ කොහොමද? දාස් ගානක් කවි සිංදු ලියන්ඩ මිනිස්සුන්ව පොළඹවන්ඩ තරම් හයියක් මේ එක චිත්‍රෙකට කොහෙන්ද? මම කවදාවත් මොනාලිසාව හැබහින් දැකලා නෑ. මං දැකලා තියෙන්නේ මොනාලිසා පෝස්ටර් විතරයි. හැබෑ මොනාලිසාව දැක්කොත් විතරයි මෙච්චර මේ චිත්‍රෙ ලස්සනද කියල තේරුම් ගන්ඩ පුලුවන් වෙන්නෙ. පුලුවන් උනොත් කවදහරි දවසක යන්ඩ ඕන ලූව්ර කෞතුකාගාරෙට ප්‍රංශෙ!
හෝව්! හෝව්! ඩා වින්චි ඉතාලිකාරයෙක් නේද? එතකොට කොහොමද
මේ ප්‍රංශෙට හම්බ උනේ මොනාලිසාව? ප්‍රංශ කාරයො ගල් කරාද මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රෙ?
අද කට්ටකාඩුවේ කතාව ඒ ගැන.
ආ...තව සුට්ටි කාරණයක්! අපේ මාටින් වික්‍රමසිංහ මහත්තයා
ලිව්වනේ අර තුන් ඈඳුතු කතාවක්. මාත් පොඩි අත් හදා බැලීමකටත් එක්ක එහෙම කතාවක් තමයි
ලියන්ඩ හදන්නෙ. මේ කතාව දුවන්නේ එකම පවුලෙ පරම්පරා තුනක් එක්ක. ඒ හිංදා ටිකක්
ඉවසිල්ලෙන් අහගෙන ඉන්ඩ ඕන ඈ.
ඔන්න අර මම ඉස්සෙල්ලා කියපු ජානුස් දෙවියන්ට කැප කරපු
මාසෙ පළමුවෙනිදා කියන්නේ ලෝකෙ හැමෝටම වැදගත් දවසක්නේ. ලංකාවෙනං හුගක් ගෙවල් වල
කිරි බතකුත් ඉදෙනවා හොඳට මිරිස් සැර තියෙන ලුණු මිරිසකුත් එක්ක. ඒක කාපුවම පොඩි
නිදිමතක් එනවා. ඊට පස්සේ අපේ අයියලා හොඳට ගොරොද්දෙ ඇද ඇද නිදා ගන්නවා. අතීතේ
අනාගතේ ගැන නෙවෙයි මේ ලෝකෙ පිටිම්ම හොරු ඇරගෙන ගියත් අපි දන්නේ නෑ.
ඔන්නොහොම අපේ නත්තලා කිරි කෑ මුත්තලා ගොරොද්දෙ ඇද ඇද
නිදාගෙන හිටපු දවසක, ඒ කියන්නෙ මීට අවුරුදු පන්සිය හැත්තෑ දෙකකට විතර ඉස්සර අපේ
කෝට්ටේ හයවෙනි පරාක්‍රමභාහු මහරජ්ජුරුවන් වහන්සේ අපේ රට පාලනය කරන කාලෙ ඉතාලියේ
ෆ්ලොරන්ස් කියන නගරෙ නිළ නොලත් ප්‍රධානියා වෙච්ච පියෙරෝ ඩි කොසොමෝ ඩි මෙඩිචිටයි
එයාගෙ නෝනා මහත්තයාටයි පුතෙක් උපදිනවා. කවද්ද හරියටම දවස කිව්වෙ? 1449 ජනවාරි 1.
පුතාගෙ නම තමයි ලොරෙන්සෝ ඩි පියෙරෝ ඩි මෙඩිචි. එහෙම නැත්තං ලොරෙන්සෝ ඩි මෙඩිචි.
එහෙමත් නැත්තං විභූතිමත් මෙඩිචි කියල කියන්නෙ මෙයාට තමයි.
නෙට්ෆ්ලික්ස් එකේ තියෙනවා මේ මෙඩිචි ලගෙ පැටිකිරිය. හරි
ලස්සන සීරීස් එකක්. බලන්ඩ වටිනවා. හැබැයි ඇත්ත කතන්දරෙත් එක්ක පොඩි පොඩි වෙනස්කම්
තියෙනවා. ඒ උනාට අමතක
කරන්ඩ එපා ඇත්ත කතාව ප්‍රබන්ධයකට වඩා හැමවෙලාවෙම රසවත්. හරියට කැලේ හැදෙන පැණි මොර
ගෙඩියක් වගේ!!
මෙඩිචිවරු බැංකුකරුවො... බැංකු කියන්නේ ඉතිං සල්ලි මවන්ඩ
පුලුවන් කට්ටියනේ. මෙඩිචි
බැංකුව තමයි ඒ කාලෙ යුරෝපෙ ලොකුම බැංකුව! මෙඩිචිලත් විශේෂයෙන්ම ලොරෙන්සෝ ලොකු සල්ලිකාරයෙක්
උනා. සල්ලි හුගක් තියෙනකොට මිනිස්සු මොකද කරන්නෙ? දැං වගේ අක් වෙරළ සමාගම්වල
ආයෝජනය කරන්ඩ හිතුවෙ නෑ ඒ කාලෙ. හැබැයි ඒ කාලෙත් අදත් අන්තිම අරමුණ එකයි. ඒ තමයි අනාගතයේ ලාභ උපයන්ඩ පුලුවන් තැන්වල ආයෝජනය කරන
එක. ඒ කාලෙ හැටියට විතරක් නෙවෙයි අදත් කරන්ඩ පුලුවන් නං හොදම බිස්නස් තමයි සම්භාව්‍ය
කලා නිර් මාණ එක්කහු කරන එක එහෙම නැත්තං ලොකු පංසලක පල්ලියක නායකකම ගන්න එක!!
අම්මපා මහත්තයෝ මට කියන්ඩ හදලා ඉවර කරපු එක පංසලක්? මං ක්‍රිස්තියානි ආගම ගැන නං
දන්නෙ නෑ හැබයි මගෙ හිතේ පල්ලියටත් දායකයෝ සල්ලි දෙන එකේ ඉවරයක් නෑ!!
මෙඩිචිවරුත් එහෙමම තමයි! උන්දැලා දැනං හිටියා දෙයියොත්
එක්ක ගණු දෙනු කරන තැන්වල දෙයියන්ට වඩා ඉන්නෙ දෙයියන්ගෙ මල්ලි කියල. මොකද මෙඩිචි
බැංකුව තමයි පාප් වහන්සේගේ ගිණුම් පවත්තගෙන ගියෙ. ඊට වඩා හොඳ වැඩේ තමයි තමන්ම ඒ
වගේ දේපොළ තියෙන පංසලක, පල්ලියක නායකයා වෙන එක. මෙඩිචිලා
මේ වැඩේ ටෙස්ට් කරලා බලන්නෙ ෆ්ලොරන්ස් නගරේ සුප්‍රසිද්ධ සන්ත මරියා දෙල්
ෆියොරේ ආසන දෙව් මැදුර එහෙම හදන්ඩ ප්‍රධානත්වය අරගෙන.
ඔය අතරේ කළාකාරයෝ විදිහට ඉස්සරහට එන්ඩ හදපු ඒ කාලෙ පොඩි
බච්චො කීප දෙනෙකුටමත් මෙඩිචිලා උදවු කරනවා. දැං ඉන්නවා වගේම කළාකාරයන්ට වඩා නළාකාරයෝ
තමයි ඒ කාලෙත් හිටියෙ. සල්ලි දෙන එකාට ඕන විදිහට තමයි වැඩ. හැබැයි කළාවෙන්. නැතුව
ආණ්ඩුකාරකං, තානාපතිකං බලාගෙන නෙවෙයි. කවුද මේ මෙඩිචිලා උදව් කරපු කලාකාරයෝ?
මයිකල් ආන්ජෙලෝ කියල පොඩි එකෙක් හිටියා. ඌට කන්ඩ අඳින්ඩ
දීලා, අනිත් ඕන අඩුම කුඩුම ගන්ඩ උදවු කරේ මෙඩිචි. ආ තව පොඩි එකෙක් හිටියා රෆායෙල්
කියල. ඇයි ඩොනටෙලෝ? මෙඩිචිලගෙ පස්සෙන්ම තමයි ඒ කාලෙ. තව කරදරකාර බච්චෙක් හිටියා
ලියනාඩෝ ඩා වින්චි කියල. ඇත්තටම වින්චි කියන්නෙ ලියනාඩොගෙ ගම. අහලහෙම තියෙනවද මේ
කස්ටිය ගැන. ඒ කාලෙ හිටපු බච්චො පස්සෙ ලොකු වැඩ කාරයෝ උනා. මේ අයගෙ අනාගතේ වෙනස් උනෙත් මෙඩිචිලත් එක්කම තමයි.
ඔය මං කියපු ලොරෙන්සෝට හිටියා ජුලියානෝ කියල මල්ලි
කෙනෙක් අවුරුදු හතරක් විතර බාල. පොර ටිකක් සෙල්ලක්කාරයා. කොටු පැනිල්ලට හරි
දස්සයි. ඔය ලොකු කෝටිපතියො අතරෙ තියෙනවනෙ ලොකුම කෝටිපතියා වෙන්ඩ ලොකු ආසාවක්.
බැංකුකාරයො අතරෙත් එහෙම තමයි. ඉතිං ෆ්ලොරන්ස් වල හිටපු තව බැංකු අයිති පවුල් වගයක්
එකතුවෙලා ලොරෙන්සෝට අවුරුදු විසි නවයක් වෙච්ච 1478 අවුරුද්දෙ පාස්කු ඉරිදා දවසේ
පල්ලිය ඇතුලෙදිම එයාව මරන්ඩ ට්‍රයි කරනවා. ඒත් ඇත්තටම පිහි පාර කාල මැරෙන්නෙ
ජුලියානෝ. අනේ ඒ අවුරුද්දෙම අර කොටු පැනිලිවල රිසල්ට් එක විදිහට ජුලියෝ කියල
පුතෙක් ඉපදෙනවා. මං කිව්වනේ ලොරෙන්සෝට විභූතිමත් එහෙම නැත්තං උත්තම ලොරෙන්සෝ
කියලත් කියනවා කියල. ඔන්න පොර තමුන්ගේ උත්තමබාවය පෙන්නනවා. ඒ අවජාතක ජුලියෝ තමන්ගෙ
බාරයට අරගෙන. ලොරෙන්සෝ අර පොඩි එකා, ඒ කියන්නෙ ජුලියෝට හොඳට අකුරු සාත්තරේ
උගන්නනවා. අඩුවක් පාඩුවක් වෙන්ඩ තියන්නේ නැතුව තමන්ගෙම පුතෙක් වගේ හදා වඩා ගන්නවා.
ඔන්න ඊට පස්සෙ තමයි ලොරෙන්සෝ තමන්ගෙ උත්තම ගතිය පැත්තක
දාලා අනාගතේ වෙනුවෙන් ප්ලෑන් කරන්නෙ. ඒ කාලෙ ඔය පාප් පදවිය එළිපිටම හොරකං කරන්ඩ
පුලුවන් අන්ත දූෂිත තැනකට වැටිලා තිබ්බෙ. ඉතිං ලොරෙන්සෝට ඕන උනා තම්න්ගෙ ලොකු පුතා
බැංකු කාරයෙක් කරන ගමන් ෆ්ලොරන්ස් නගරේ අධිපතිකම අරං දෙන්ඩත් පොඩි පුතාව අනාගතේ
දවසක පාප් පදවියට පත් කරන්ඩත්!!! දැං උනත් ඕක හොඳ උපායක්. ලොකු ලොකු පන්සල් සමහරක
අයියලා, මල්ලිලා, බාප්පලා, පුතාලා නායකකමට පත්වෙන්නෙ මෙන්න මෙහෙම හිතලා වැඩ
කරපුවාම තමයි!! ලොරෙන්සෝගෙන් අපේ උන්දැලාට ඉගෙන ගන්ඩ තියෙනවද නැත්තං අපේ උන්දැලා
ලොරෙන්සෝට උගන්නයිද කියන එක තමයි ප්‍රශ්නෙ!!!
ඉතිං ලොරෙන්සෝ මොකද කරන්නෙ ජියොවානි, ඒ කියන්නෙ තමන්ගෙ
දෙවෙනි පුතාවයි, තමන්ගෙ මල්ලිගේ පුතා වෙච්ච ජුලියෝවයි දෙන්නම පල්ලියට බාර දෙනවා
පූජකයෝ විදිහට හැදිලා වැඩිලා වැඩේට සෙට් වෙන්ඩ කියල. දැන් ඉතින් අපිට හිතෙන්නෙ පොඩි
එකෙක් පංසලකට බාර දුන්නම වගේ මේ මෙඩිචි පුතාලාත් පඩික්කං හෝදලා, ලොකු හාමුදුරුවන්ගෙ
කකුල් මිරිකලා, නොවිඳිනා දුක් විඳගෙන පිරිවෙන් ගිහිං ඉගෙනගෙන කන්ඩ තියෙන හැම
කට්ටක්ම කාගෙන අල්ලගෙන හිටියා කියලද? හිහ්...හිහ්..වැරදියි පිංවතුනි වැරදියි!
අවුරුදු පහලොව විතර වෙනකොටම ලොරෙන්සෝගෙ පුතා කාදිනල් තනතුරට උසස් වෙනවා. දැං අහන්ඩ
එපා එහෙම කොහොමද වෙන්නෙ කියල. එව්ව එහෙම තමයි කියල විතරක් හිතා ගන්ඩකෝ. අනික ඔය
ලොකු ලොක්කන්ගෙ පුතාලා කරන වැඩ ගැන කතා කරන්ඩ අපි මොක්කුද? නේද?
අපි අපේ කතාවට බහිමු. මොකද්ද කතාව මොනාලිසා කොහොමද ප්‍රංශෙට
ගියේ කියන එක!
මං කිව්වනේ ලියනාඩෝ ගැටයා කාලෙ ලොරෙන්සෝ ලඟ ඉදගෙන චිත්‍ර
කලාව පුහුනු කලා කියල. ඔය කාලෙ ලියනාඩොට වයස විස්සක් විසි දෙකක් විතර ඇති. අර මෙඩිචිලට
එල්ල වෙච්ච පාස්කු ප්‍රහාරය වෙලාවෙත් ඊට පස්සෙත් ලියනාඩෝ තමන්ගෙ හාම්පුතා වෙච්ච
ලොරෙන්සෝ මෙඩිචි එක්කම එයාට සපෝට් කරගෙන ඉන්නවා. ඒ හිංදා මෙඩිචි ලියනාඩොට
තානාපතිකමක් එහෙම නැත්තං ඇම්බැසඩර් කමක් දෙනවා මිලාන් නගරෙට. ඒ කාලෙත් අද වගේම
තමයි නේද? මේ ලඟදි අර මාස්ටර් සර් මගෙ
හිමිතැන දෙන්ඩ- අනේ කරුණාවෙන් සලකන්ඩ කියපු ගායිකාවකුත් ඇම්බැසඩර් කරලා යැව්වෙ
ඉතාලියටනේ!! ඒ කාලෙත් එහෙම තමයි නේ? එකම වෙනස ලියනාඩෝ වැඩ්ඩා!!
ලියනාඩෝ මිලාන් වලට ගිහිං පිං බත් කකා හිටියෙ නෑ. එයා
එහෙදිත් චිත්‍ර ඇන්දා නිකං ඉන්න වෙලාවට. සමහරවිට නිකං ඉන්න වෙලාවට තානාපතිකම කර කර
ෆුල් ටයිම් චිත්‍ර අඳින වැඩෙත් කරා. අපේ නලින්ද සිල්වා ඇම්බැසඩර් තුමා මියන්මාරෙදි
පරෙයියන්ට කන්ඩ දිදී හිටියා වගේ. . එක වෙනසක් තිබ්බා. ලියනාඩෝ තමන් ආපු කාරියත්
හරියටම කරා. ලියනාඩෝ වැඩ්ඩා!!
මේ අතරේ ඩා වින්චි යුධ ආයුධ සැලසුම් ශිල්පියෙක් විදිහටත්
වැඩ කරනවා. ඉංජිනේරු සැලසුම් හදනවා. චිත්‍ර අඳිනවා. මිනිස්සුන්ගෙ ශරීර වල
ඇතුලාන්තය ගැන පරීක්ෂණ පවත්වනවා. ඔහොම එක එක වැඩ කර කර ඉන්නකොට ඩා වින්චිට ආරංචි
වෙනවා ලොරෙන්සෝගෙ මරණය! ඒ 1492 දි. ලොරෙන්සෝ එක්ක මෙඩිචි පවුලට ෆ්ලොරන්ස් නගරේ
තිබ්බ බලය ටික කාලෙකට අඩු වෙලා යනවා. ඔන්න දැන් අවස්ථාවක් උදා වෙනවා ඩා වින්චිට කළ
ගුණ සලකන්ඩ. නැවත ෆ්ලොරන්ස් නගරයේ බලය මෙඩිචි වරුන්ට අරන් දෙන්ඩ මොනව කරන්ඩ ඕනද
කියල හොයල බලන්ඩ ඩා වින්චි ආයෙත් ෆ්ලොරන්ස් නගරෙට එනවා. ඒ මොකද 1498 දි ෆ්ලොරන්ස්
නගරෙ මිනිස්සු තම්න්ගේ යාව ජීව ඒ කියන්නෙ ජීවිතාන්තය දක්වා රජ කරන්ඩ කියල පියෙරෝ
සොඩෙරිනි කියල කෙනෙක්ව පත් කරගන්න හින්ද. මෙන්න මේ පියෙරෝගෙ උපදේශකයා තමයි අදත්
ලෝකෙ පුරාම නමක් දිනාගත්ත මැකියවෙල්ලි!! බලේ අල්ලගන්ඩ ඒ වගේම පවත්තගෙන යන්නෙ
කොහොමද කියල මේ ළගක් වෙනකල්ම දේශපාලකයො ඉගෙන ගත්තෙ මැකියවෙල්ලිගෙන්. දැන් නං අපේ
රටේ කෙනෙක්ගෙන්!! අපේ එකා වැඩ්ඩා!!
මේ වගේ ප්‍රභල විරුද්ධවාදින්ගෙ පිළක් බලයේ ඉන්දැද්දී
ආපහු මෙඩිචිලට බලය අල්ලන එක හීනයක්! අන්න ඒකයි ඩා වින්චිම 1500 අවුරුද්දෙ
ෆ්ලොරන්ස් වලට එන්නෙ. එහෙ ඉන්න ගමන් ලියනාඩෝ සීසර් බෝර් ජියාගෙ (බෝර් ජියා කියන කොට මතක් උනේ මම බාගෙට ලිව්වා
ඔය බෝර් ජියාගෙ කතාව ලියන්ඩ පටන් ගත්තත් ඒක මගදි නැවතුනා. මේ තුන් ඈඳුතු කතාව ලියල
ඉවර උනාම ඒක ලියන්නං. එතකල් මේ ලිපි දෙක කියවන්ඩ කො- 1. බෝර්ජියා වරු; 2. පවුල, රැවුල සහ බෝර්ජියා ) ටීම් එකත් එක්කත් වැඩ කරනවා.
ඔය අතරේ 1503 දි තමයි ලියනාඩෝ අපි මේ කතා කරන මොනාලිසා
චිත්‍රෙ අඳින්ඩ පටන් ගන්නෙ. එතකොට ලියනාඩොට වයස පණස් එකයි!! ඉස්සර ලියනාඩො අයියා
කියල කතා කරපු අය දැං අංකල් කියල කතා කරන්ඩ පටන් ගන්න කාලෙ!!
1508 වෙනකල්ම තමන්ගෙ දැනුම මෙඩිචිලා ගෙ පුනරාගමනය
වෙනුවෙන් යොදවන ඩා වින්චි ඊට පස්සේ මිලාන් නගරෙට ගිහිං වැඩ කරන්ඩ පටන් ගන්නවා.
1512 අගදි කාඩිනල් මෙඩිචි ඒ කියන්නෙ ලොරෙන්සෝගෙ පුතා
පාප් වහන්සේගෙ හමුදාව අරන් ඇවිත් ෆ්ලොරන්ස් නගරෙ යටත් කරගන්නවා. මතක තියා ගන්ඩ
එතකොටත් එයා පාප් පදවියට පත්වෙලා නෑ. හැබැයි කාඩිනල් කෙනෙක් විදිහට එයා හරි බලවත්.
ඒකනෙ පාප් වහන්සෙගෙ හමුදාව තමන්ගෙ පවුලෙ බලකොටුව යටත් කරගන්ඩ මෙහෙයවන්ඩ පුලුවන්
වෙන්නෙ!! ඊට පස්සෙ අවුරුද්දෙ, ඒ කියන්නෙ 1513 දි කාඩිනල් මෙඩිචි පාප් පදවියට පත්
වෙනවා!! මගෙන් අහන්ඩ එපා මේ සිද්ධි දෙකේ සම්බන්ධයක් එහෙම තියෙනවද කියල. මං කිව්වනෙ
ලොරෙන්සෝ මෙඩිචි මීයක් කැඩුවෙ අත ලෙවකන්ඩ නෙවෙයි කියල!! ලොරෙන්සෝ වැඩ්ඩා!!!
1513 දි මෙඩිචි පාප්තුමා දහවැනි ලියෝ කියන නමින් පාප්
පදවියට පත් උනාට පස්සෙ, පරණ යාලු මිත්‍රයන්ට අත දිග ඇරලා සලකන්ඩ පටං ගන්නවා. ඒ
ලිස්ට් එකේ ලියනාඩොත් ඉන්නවා ඈ. ලියනාඩෝ යනවා රෝමෙට. මයිකල් ආන්ජෙලෝ, රෆායෙල් වගේ මෙඩිචි
වලව්වෙ හැදිලා වැඩිච්ච සෙට් එක රෝමෙ ගජරාමෙට වැඩ!! අතන අඳිනවා. මෙතන අඹනවා. වැඩ ගොඩයි!!
පාප්තුමා ලියනාඩොටත් දුන්නා ජොබ් එකක්. හැබැයි ලියනාඩොට චිත්‍ර අඳිනවට වඩා අලුත්
අලුත් දේවල් කරන්ඩ තමයි හිතේ තිබ්බෙ. ඒ හිංද කළාව විකුණලා වැඩිපුර කීයක් හරි හොයා
ගන්ඩ ට්‍රයි කරනවට වඩා පාප්තුමාගෙන් පිං පඩියක් අරං සාමෙන් සමාදානෙන් ඉන්ඩ ලියනාඩො
කැමති උනා. ඔය කිව්වට ඉතින් පොඩි පොඩි හිත් අමනාපකං එහෙමත් තියෙන්ඩ ඇති කියලයි මට
හිතෙන්නෙ. මෙඩිචිලා වෙනුවෙන් අච්චර දේවල් කරපු මට දැං මෙහෙමද සලකන්නෙ කියල!
මොනාලිසා ගැන ප්‍රසිද්ධම කතාව තමයි ෆ්ලොරන්සයේ හිටපු
සිල්ක් රෙදි වෙළෙන්දෙක්ගෙ බිරිඳගෙ චිත්‍රයක් කියන එක. හැබැයි 1503 ඉඳන් 1513
වෙනකල් අවුරුදු දහයක් එක චිත්‍රයක් අඳින්ඩ චිත්‍ර ඇඳීම රස්සාව කරගත්තු කෙනෙක්
ගතකරයි කියල හිතන්ඩ බෑ. අනික ෆ්ලොරන්සයේ ඉඳන් මිලාන් වලටයි එතනින් රෝමෙටයි මේ
බාගෙට ඉවර කරපු කන්ට්‍රෑක්ට් එකක් උස්සගෙන යයි කියල හිතන්ඩත් බෑ. අනික අර සිල්ක්
රෙදි වෙළෙන්දා අවුරුදු දහයක් තිස්සේ තමුන්ගෙ චිත්‍රෙ හම්බ වෙනකල් බලා ඉඳී කියල
හිතන්ඩත් බෑ. තව එකක් සිල්ක් රෙදි වෙළෙන්දා කවදාවත් මේ චිත්‍රෙට ඇඩ්වාන්ස් එකක්
දුන්නා කියලවත් ලියොනාඩෝ ඒ වෙළෙන්දගෙන් ඇඩ්වාන්ස් එකක් ගත්තා කියලවත් ඒ අයගෙ
ගිණුම් සටහන්වල නෑ!!
මොනාලිසා ගැන තව කතාවක් තියෙනවා. මේ කතාව කියන්නෙ
ඇන්ටෝනියෝ ඩි බියාටිස් කියන ඩා වින්සිව හොඳින් දැනගෙන හිටපු වංශකථා කාරයා. ඒ කතාව
තමයි මොනාලිසා චිත්‍රය අඳින්ඩ බාර දෙන්නෙ ජුලියානෝ මෙඩිචි- ලොරෙන්සෝගෙ තුන්වෙනි පුතා, දහවෙනි ලියෝ
පාප්තුමාගෙ සහෝදරයෙක්- කියල. මේ ජුලියානොත් කඩු බාරයෙක්! බාප්පා වගේම තමයි. එහෙම
දහපදුරා වැඩක් කරලා පුතෙක් හම්බ වෙනවා. මේ පුංචි පුතාගෙ නම ඉපොලිටෝ. ඒත් බබා හම්බ
වෙද්දි අම්මා මරෙනවා. පුංචි ඉපොලිටෝ කවදාවත් තමන්ගෙ අම්මා දැකලා නැති හිංදා තමන්ගෙ
පවුලට හරිම හිතවත් ලියොනාඩෝ අංකල්ට කියනවා තමන්ගෙ පුතාට බලලා සතුටු වෙන්ඩ පුලුවං
විදිහට අම්මෙක්ගෙ රූපයක් ඇඳලා දෙන්ඩ කියල. මේ වැඩේ ඇත්ත නං එහෙම වෙලා තියෙන්නෙ
1513 න් පස්සෙ ලියොනාඩෝ රෝමෙට ආවට පස්සෙ. කතාව ඇත්තනං නං එතකොට ලියොනාඩොට අවුරුදු
හැට එකයි. ලියොනාඩො ලෙඩ මරගාතෙ උනත් වැඩේට බෑ කියන්නෙ නෑ.
ඔන්න ඔය අතරෙ ප්‍රංශෙ රජ්ජුරුවෝ වෙච්ච පළමුවෙනි ෆ්‍රැන්සිස්,
මිලාන් නගරෙ අල්ලාගන්නවා. මිලාන් නගරෙ අනාගතේ ගැන දහවැනි ලියෝ පාප්තුමායි, පළවෙනි
ෆ්‍රැන්සිස් රජ්ජුරුවොයි අතරෙ තිබ්බ සාකච්චාවලටත් ලියනාඩො සම්බන්ධ වෙනවා. පේනවනේ
ලියනාඩො කියන්නෙ නිකංම නිකං චිත්‍ර කාරයෙක් නෙවෙයි කියල! එහෙව් මනුස්සයාගෙන් තමන්ට
හුගක් ගුරුහරුකං ගන්ඩ පුලුවන් කියල හිතන ෆ්‍රැන්සිස් රජ්ජුරුවො ලියනාඩො තමන්ගෙ සේවාවට
බඳවාගන්නවා!!
ලියනාඩො තාමත් ඉවරයක් කරගන්ඩ බැරි උන චිත්‍ර තුනක් විතර
අරගෙන ප්‍රංශෙට යනවා. ෆ්‍රැන්සිස් රජ්ජුරුවොත් තමන්ගෙ මාළිගේ ළගම මන්දිරයක් දෙනවා
ලියොනාඩෝට. මේ වෙනකොට ලියොනාඩො අබල දුබල වෙලා හිටියෙ. පොඩි අංශභාග ලෙඩකුත් තිබ්බ
කියල තමයි කියවෙන්නෙ. ඒ කොහොම උනත් අන්තිම කාලෙ අර ඉවර කරගන්ඩ බැරි වෙච්ච චිත්‍ර
ටික ඇඳලා ඉවර කරන්ඩ එයා උත්සාහ කරා.
ප්‍රංශෙට ගිහිං අවුරුදු තුනකින් විතර ඒ කියන්නෙ 1519 දි ලියොනාඩෝ මැරෙනවා. අර චිත්‍ර ෆ්‍රැන්සිස් රජ්ජුරුවන්ට අයිති වෙනවා. බියාටිස් තමන්ගෙ ලියවිල්ලෙ කියනවා තරුණ ස්නාපන ජුවාම්ගෙ චිත්‍රයකුත් ශාන්ත ආනා මුනිතුමියගේ උකුළේ නිදන ජේසු තුමා සහ මරිය තුමියගේ චිත්‍රයකුත් තවත් ෆ්ලොරන්ටියානු තරුණ කාන්තාවකගෙ රුවකුත් ඩාවින්චි අතේ තිබුන කියල. මුල් චිත්‍ර දෙකම ලූව් රෙ කෞතුකාගාරෙ අදත් තියෙනවා. ඔය පල්ලෙහායින් මම ඇලෙව්වෙ ඒ චිත්‍ර දෙක.
ඉතින් තුන්වෙනි චිත්‍රය- ඉපොලිටෝ මෙඩිචිගේ තාත්තාගෙ උවමනාවට
ඇන්ද ‘අම්මා’ ගෙ චිත්‍රෙ, අපි කියන මොනා ලිසා වෙන්ඩ හුගක් ඉඩ තියෙනවා.
අද වගේ කාලෙකනං ජුලියානො මෙඩිචි අර මොනා ලිසා චිත්‍රෙ
දිහා බලාගෙන මෙහෙම කියාවි.
මැණිකේ මගේ හිතේ- මුදු ඒ නුරා හැඟුම් යාවි- ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී- සිහිවේවී කියල.
ඔය මං කියපු මෙඩිචිලගෙ පළවෙනි පරම්පරාව ලියනාඩෝ ඩා විංචි,
රෆායෙල්, මයිකල් ආන්ජෙලෝ වගේ අය හදාගත්තු විදිහ හිංද තමයි මහේශාඛ්‍ය මෙඩිචි මැරිලා අවුරුදු
ගානක් යනකල් උනත් ඒ අය මෙඩිච් පවුලට හිතවත්ව හිටියෙ. නලා කාරයොන්ට උදවු පදවු කරන එක
නැවැත්තුවත් ලංකවෙ නම ලෝකෙ පුරා ගෙනියන්ඩ පුලුවං කළාකාරයෝ ටික රැක ගන්ඩ අපි හැමෝම උත්සාහවත්
වෙන්ඩ ඕන. අයියෝ ඔව්ව මොනවද? අනුන්ගෙ සිංදුනෙ ඔව්ව!! වගේ පඩත්තල කතා කියල අපේ
යොහානිලගෙ තත්වේ පහත් කරන්ඩ හදන කුහකයන්ට කියන්ඩ තියෙන්නෙ නෝනාවරුනි, මහත්වරුණි
පුලුවන්නම් යොහානි කරපු දෙයින් දහයෙන් එකක් කරලා පෙන්නන්ඩ කියල.
අපි යොහානිට නිසි පිළිගැනීම දුන්නෙ නැත්තං එයා ඉන්දියාවට
යයි. මතකනේ දැනට ලෝකෙ තියෙන වැඩිම වටිනාකමක් තියෙන චිත්‍රෙ- මොනා ලිසා - ප්‍රංශෙට
අයිති උනේ ඉතාලිය ලියොනාඩොට නොසලකපු හිංදා!!
මා සිත ළඟම දැවටෙනා- හුරු පෙමක පැටලෙනා
රුව නාරී- මනහාරී- සුකුමාලි නුඹ තමා!!
ස්තූතියි. මේක මේ ආවට ගියාට කියන්න බෑ. ආයෙ එන්නම්.
ReplyDeleteඔය සිත්තර හොයන්න මෙන්න මේක හොඳ තැනක්:
https://artsandculture.google.com
ස්තූතියි ආරංචියට. දැනුම බෙදා ගන්න තරමට තමයි මේ වැඩේ රසවත් වෙන්නෙ!!
Deleteමෝනා ලීසා
Deletehttps://artsandculture.google.com/story/RAWhCf30WpKiZQ
පාරාවන්ගේ අකුරු
https://artsandculture.google.com/story/twUBNIZ-R83nzQ
මුල් පැරා එකේ ඇහැකින් කියන එක මුහුණකින් වෙන්න ඕනෙ නේද?
ReplyDeleteදහස් වාරයක් ස්තූතියි ප්‍රා ජේ. ඔන්න නිවැරදි කරා.
Deleteඒ ලිපියට ස්තූතියි... අර ලිංක් දෙකත් කියවන්ට ඕන... රෝමය සහ වතිකානුව කියන්නෙම ලෝකෙ අල්ලෙ නටවපු තැන් නේද. අදත් ඒමනෙ. වෙනසක් නැතිවම
ReplyDeleteඔය රට ලෝකෙ හොල්ලන තැන්වල තියෙන අපිරිසිදු බාවය දැක්කොත් බල්ලො බත් කන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ මහේෂ්!!
Deleteමටනම් දැන් හිතිගෙන යන්න නලින් නාථ තුමාට හිතුන දේ මයි. ඉන්දියාවේ ගේමක් වගේ. චීනය අමතක කරන්න. මමම කිවේ යොහානි නොදැනුවත්ව අහුවුනා වගේ පෙන්නේ. හේ හේ
ReplyDeleteඑනිවේ , ඉතාලි පුරාණ රජකත කතා (සත්‍ය ඒවා ) නියමයි. මාර ප්ලොට් තියෙන්නේ. මේ මෙදිචි ට කලින් හිටි බෝජා පවුල ගැන. https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_20.html
යොහානි කියන්නෙ ඩ්‍රාමා එකක් නං, ඉන්දියාවෙ ගේමක් නං, මං එහෙම ගේම් වලට, ඩ්‍රාමා වලට කැමතියි.
Deleteඅජිත්තුමා අර වචනෙ හරි උච්චාරනේ බෝජා ද බෝර්ජියාද? මං බෝර්ජියා කියල හිතුවෙ කේ. ජී. කරුණාතිලක මහත්තයාගෙ සිටුවර මොන්ත ක්‍රිස්තෝ පරිවර්තනය අනුව.
ඉටෑලියන් නම් බෝර්ජා
Deleteබ්‍රිටිශ් නම් බෝජා/ෂා
/යොහානි කියන්නෙ ඩ්‍රාමා එකක් නං, ඉන්දියාවෙ ගේමක් නං, මං එහෙම ගේම් වලට, ඩ්‍රාමා වලට කැමතියි.// මමත් ඉන්නේ නලින් ට විරුද්ධ පැත්තේ. චීනේ අරන් ගිය "බුදු හාමුදුරුවෝ උපන්නේ ලංකාවේ " ගේම් එකට වැඩිය මේක ගියා වගේ
Deleteබෝජා //බ්‍රිටිශ් නම් බෝජා/ෂා// එහෙම මිත්තනියගේ රෙද්දක් නැහැ මිස්ටර් ප්‍රා
Deleteබෝජා පවුල ස්පාඤ්ඤ . ඒකයි බෝජා වෙන්නේ. ඉටලියන් borgia ශබ්ද නගන්නෙත් බොර්ජා කියලම තමයි
"චීනේ අරන් ගිය "බුදු හාමුදුරුවෝ උපන්නේ ලංකාවේ " ගේම් එකට වැඩිය මේක ගියා වගේ" --- ඔය මීවනපලානේ ඇරිහතුන් ගැන කියනවා නං කියන්ඩ හුගක් දේවල් තියෙනවා. මිනිස්සුන්ගෙ පෞද්ගලික දුර්වලකම් හාරා අවුස්සන්ඩ හොඳ නැති හිංදා කට වහගෙන ඉන්නවා.
Deleteඇනෝ ලියන නිසා අවුලකුත් නැහැ නේද , ඔන්නොහෙ ලියල දාන්න
Deleteකියෙව්වා. අජිත්ගෙ ලින්ක් එක දිගේ ගිහින් ඒකත්, හයියෙන් කියෙව්වා.
ReplyDelete+++++++++
ටොමියාතුමා කියන්නෙ ප්‍රා ජේතුමාගේ ගෝලයෙක්ද කියලත් හිතෙනවා. ලින්ක් දානවා. වැටවල් ගහනවා!! බොහොම ස්තූතියි ඔක්කොම කියෙව්වට!!
Deleteප්‍රාජේ ගේ ගෝලයෙක් වගේ මොකද, ගෝලයෙක් තමයි? එතුමා තමයි, හ්ම්, වැට, ලින්ක් දමන ලිස්සන කලාවේ "පිකාසෝ".😊🤣
Delete//ලිස්සන කලාවේ "පිකාසෝ"// නීතිඥ වෘත්තියේ දස්කම් විස්කම් වලින් එකක් තමයි
Delete// හයියෙන් කියෙව්වා// ටොමියා , අහල පහල ගෙවල් නැතිය?
DeleteSpeed reading/skim reading. ඒකට වෙන නමක් තියේද?��
Deleteදුවමින් කියවීම සහ යොදේ පෙරමින් කියවීම කියන්නද? ��
හෑ, මගේ ගුරු දේවයානන්ට නේද අර මඩ ගහන්නෙ?��
ආං කෙලියා, මගේ ඉමෝජි වලට. ඕං ඕක නිසයි, මම කිව්වෙ, ඉමොජි කී-බෝඩ් එක දාගන්න එපා කියලා.:(
Deleteමඩ ඒ මොනවාද , අපි ලෝක සත්‍යයෙන් බිඳක් පැවසීම පමණයි කලේ
Delete// හෑ, මගේ ගුරු දේවයානන්ට නේද අර මඩ ගහන්නෙ? //
Deleteමොකද කියන්නෙ ටොමී සාන්, අජිත්ට විරුද්ධව ඇනෝ ප්‍රහාරයක් එල්ල කරමු ද? :-D
මේ සැරේ නම් හරියන්නේ නෑ බුරා , අපි ගෙන්වනවා ලෝකි, කතරගම, තාරා, දැඩි මුණ්ඩ , කළු කුමාරයා, සුර ඇසුර සෙට් එකම
Deleteඇනෝලා නං අර හැලපතුමාගේ ගෝල්ලීප් ඇනෝ වගේ ආතල් චරිත වෙන්ඩ ඕන!! මේ දවස්වල අජිත්තුමා වැඩිපුර පුස්තකාලවල කරක් ගහනවා. ඔය දෙවිවරු ගෙන්නන්ඩ පුලුවන් මන්තර සෑත්තර එහෙම හම්බ වෙලාද දන්නෙ නෑ ඕං!!
Delete@ටොමියාතුමා- ප්‍රා ජේතුමාගේ ගෝලතුමෙක් විදිහට අජිත්තුමාගෙන් එල්ලවෙන 'බටහිර විජාතික' බලපෑම් ගැන මොනවාහරි නීති කෘත්‍යයක් කරන්ඩ පුලුවන්ද කියල හොයල බැලුව නං හොඳයි....මෙඩිචිත් කලේ ඒකනේ. අනාගතේ හරි පාප්වහන්සේගෙන් එන බලපෑම් නවත්තන්ඩ, තමන්ගෙම කට්ටිය පාප් පදවියට පත්කරගත්තු එක වගේ වැඩ!!
Deleteඅනේ ඔය ටොමී කොරන නීති කෘත්‍ය. පඳුරක් පඳුරක් ගානෙ සැරීර කෘත්‍යය නං කොරයි අඩුපාඩුවක් නැතුව.
Deleteකට්ට සෑර්,
Delete'බටහිර විජාතික' බලපෑම් ගැන හොයන්න,අපට කොයින්දෑ සෑර්, ලෙමන් ෆෆ්?
අණ්ඩ-ස්ටෑන්ඩ් බුරටීනෝ සෑර්.
පිලිගන්ට මගේ බුර-බුරා නැගෙන ප්‍රීතිය. අපි ඒම තමා බල ප්‍රදේශය ලකුණු කරන්නෙ.
පිටරට හිටියනම් ඉන්න විධිහට ඉන්නේ නැතිව එනවා මෙතන බ්ලොග් කොමෙන්ට් ලෝකයේ බලවතාට ඇන ගහන්න හුහ්. - මම මේ මටම බැන ගන්නවා .
Deleteහැබැට මේ ටොමියා අර සීගිරි සර් වගේ ලෙමන් පෆ් මද කන්නේ සීනි වැඩි ඕවල
අජිත් මට කතා කළේ නෑනෙ...
Deleteඇයි අජිත්, මොකද වෙන්න ඔි?
Deleteවලියක්ද, තාරා පණ?
Deleteඉදහං මාත් එනව... (ගසමු!)
Deleteගසමු යකො...
Deleteමාත් එනකං හිටිවු යකො!
Deleteමං ටිකක් පරක්කු වුණා. අජිත් මට කතා කළා ද?
Deleteදෙයියෝ සාක්කි , නාථ දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ , මන්ත්‍රයක් කියන්නත් කලින් ඇවිල්ල. ඒ මදිවට ග්‍රීසියෙනුත් ඇවිල්ල. ඔලිම්පස් කන්දේ ඉඳන්. දැන් ඉතින් මොන බොක්සරයෙකුටවත් බය නැහැ. කට්ටකඩුවේ වලව්වේ ලොකු මහත්තය දැන් මොකෝ කියන්නේ. හර්මිස් , අග්නි තාරා ඇඩම් ,වයිකිංග් ස්කෘ ලොක්කා , රුමේනියා ඩ්රකි ගේ අනිත් ඩ්රකි , ඒ. වී. නාථ බැහැල ඉන්නේ.මම හිතන්නේ විජත්ක බලවේග වලට ඉඩ දෙන්න කියල ගිවිසුමක් ගැහැව්වොත් මොකද
Deleteයකුනේ, බොල ගාව ආසනි...සොරි මස්කටු නැහ්ද මස්කටු?
Deleteබියවිය යුත්තන්ට බිය වෙන්න කියල තියනවනෙ බ්ලොග් පිටකයෙ. ලිස්සියයුතු තැන්වලින් ලිස්සීමත් ඒකෙ කෑල්ලක්
Deleteඔහෙට කියාන්ට කට්ස්, මේ ඉස්කෝලවල ගනනුයි, විද්‍යාවයි, අරකයි මේකයි හැම එකම දාගෙන උගන්නන එක හෙන අපරාදයක් කියලයි මට හිතෙන්නෙ. ඉතිහාසය විතරක් ඉගැන්නුවාම හොඳටෝම ඇති. ඒක ඇතුළෙ අර පාඩං ඔක්කෝම තියෙනවා.
ReplyDeleteමේක මඩක්ද නැත්තං සිරාවට කිව්ව එකක්දැයි සිතමින්.....
Deleteසිරාවට සිරාවට...
Deleteසිරාවට මඩක් :)
Deleteහොඳ විස්තරයක්.
ReplyDeleteඑතකොට නින්ජ ටර්ටල්ස්ලටත් උදව් කරල තියෙන්නෙ මෙඩිවි ල.
එහෙමයි සභාපතිතුමා!!
Deleteපොර වෙන්ඩැති අර ජපං මාස්ටර්, අර සාකිය මිය කළේ...
DeleteFlorance wala inna mage mithrayek oya kathawa kiwwa mama pili hatte na
ReplyDeleteෆ්ලොරන්ස්වල මෙඩිචි සිහිඅටන හුගක් ඇති තවමත් ඉතුරුවෙලා!! පුලුවන්නම් නෙට්ෆ්ලික්ස් එකේ 'මෙඩිචි' සීරීස් එක බලන්ඩ....
DeleteOya family eke kagewath chithra davinchi ande na neda
ReplyDeleteමං හිතන්නෙ ඒක හොඳ පාඩමක් තම්න්ගෙ නම, රූපෙ ගහගන්ඩ යන ඔක්කොටොම. මෙඩිචිලා තමන්ගේ රූපෙ අන්දවාගන්නවාට වඩා නම තියෙන වැඩ කරගන්ඩයි මහන්සි වෙලා තියෙන්නෙ මට හිතෙන විදිහට....
Deleteමිලාන් වල ස්ෆෝර්ට්සා පවුල ගැනත් ඔය එක්කම ලිව්වනම්
ReplyDeleteමෙඩිචි තුන් ඈඳතු කතාවත්, බෝජා කතා ටිකත් ලියල ඉවර වෙලා ඈ....
Deleteලියන එකනේ වැදගත් බෝජා ගැන මම ලීවෙ ඔය මොකක් හරි නෙට්ෆ්ලික්ස් එක්ක බලල තමා
Deleteමැදමූ....එක්කො ඕනෙ නෑ, ඔය එක එක පවුල් ගැන ලියන්න ගිහිල්ලා, අවුලක් වුනොත් එහෙම, මේ ලියන ටිකත් නැති වෙනවා, අපට කියවන්න.🤔
Deleteහොඳම හොඳ ලිවීමක්. Storytelling at best.
ReplyDeleteයොහානි ගැන එකඟයි. කොපි කරලා වුනත් අර අපි ඉංග්‍රීසියෙන් කියන bringing to a new level කියන එක හැමෝටම කරන්න බැහැ.
ඒක ඇත්ත. මම යොහානි ගේ සින්දු කලින් ඉඳන්ම අහනව. අර භාතිය ලගේ ස්ටේජ් එකේ සින්දු කියපු කාලේ ඉඳන්. නමුත් මේ සින්දුව එයා ලෙස්බියන් සීන් එකකට වගේනේ කියන්නේ. (මුලින් දැම්ම වීඩියෝ එක රංගි එක්ක ).කොන්සවටිව් ඉන්දියාවේ ඒක ජනප්‍රිය වෙච්ච එක මට එකපාරටම අමුත්තක් හැටියට දැනුනේ.
Deleteමහම වැරැද්දකි ලොකු ඔබ කර ගත්තේ
ReplyDeleteමෙච්චර දේ තියෙද්දිනෙ ලිව්වේ නැත්තේ
දහ මාසෙට හයයි මදියැයි කියා හිතේ
අපි දැනුවත් කරන්නට ලියහං 'මුත්තේ'!
ලේසියෙන් කියවන්න නම් බෑ ලොකු මල්ලි. එහෙම කියවන එක මෙච්චර කරුණු කාරනා හොයාගෙන ලියපු එකට කරන අපහාසයක්. හිටපං ආයෙම කියවල එන්න.
ReplyDeleteඑළ කොලිටියෙ Inside Louvre Museum වීඩියෝවක්. පැයේ කොටස් දෙකක් තියනවා. ඕනෙ නං 4K දාගෙන වුනත් බැලුවෑකි. ටයිම් ස්ටෑම්ප් 45:03 මෝනාලීසා කාමරේ, ඒත් ලඟටම යන්න දෙන්නෙ නෑ.
ReplyDeletehttps://www.youtube.com/watch?v=6vuFh6NNa70
This comment has been removed by the author.
ReplyDeleteඇත්ත කතාව. යොහනි සහ අළුතින් බිහිවෙන දක්ෂ කලාකාරයො රැක ගන්න මොනාම හරි අපි කරන්න ඕනි තමයි.
ReplyDeleteදක්ෂයින්ට ඒයාගේ රටෙන් රට වැසියන්ගෙන් සහයෝගයක් නොලැබෙන විට ඒ අයව අගයන පිට රටට ඒ නිර්මාණ ලබා දෙන්න පෙළබෙනවා. ඒක වැරදියි කියන්න කාටවත් බෑ. මෙක හැම ක්ෂේත්‍රයටම පොදුයි. කීදෙනෙක් නම් තාක්ෂනික දැනුම පිට රටට විකුණලා තියෙනවාද දැනටමත්?