Monday, May 20, 2019

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර !



වෙසක් හඳ ලස්සනට පායලා බලන කන්දට උඩින්. වැස්සක් නැති හිංද අහස වගේම තොරන් බලන්ඩ යන මිනිස්සු නැති හින්ද පාරත් හරි නිස්කලංකයි.වෙසක් කූඩු දෙකේ රැල් හුළඟට කම්මැලි කමෙන් වැනෙනවා.කූඩුවේ සැව් කොළ හින්ද මලානික වෙන බල්බ් එකේ එළිය හරි සාන්ත දාන්ත බවක් මුළු ගෙදරටම ගේනවා. මේ මං ඉන්නවා වගේ එක පසළොස්වක පෝය දවසක අජාසත්ත රජ්ජුරුවොත් උඩු මහල් තලේට වෙලා බලාගෙන හිටියා නේද කියල මට මතක් උනා.

ත්රිපිටකයේ තරම් ලස්සන පරිසර වර්ණනා මම දැකලා තියෙන්නේ කලාතුරකින්.
කුමුදු මල් පිපෙන පිරුණු සඳ ඇති රාත්රියක වේදේහි පුත් අජාසත් මගධ රජතුමා මැති ඇමති වරුනුත් පිරිවරාගෙන ඉන්න ගමන් මෙන්න මෙහෙම සංතෝස උනා.

...ඇත්තටම කිසිම දොසක් නැති ඉතා රමණීය, සුන්දර රාත්රියක්. කිසිම දොසක් නැති ප්රසාදනීය, ලස්සන රාත්රියක්. අද වගේ දවසක අපේ හිත පහදින විදිහේ ශ්රමණයෙක් හරි බ්රාහ්මණයෙක් හරි ඇසුරු කරන්ඩ පුළුවන් වෙයිද?

ඔන්න ඉතින් ඇමතිවරු එක එක යෝජනා ගේනවා. අහවලා හොඳයි...අහවලා හොඳයි කියල. හැම කාලේම ඉන්න හැම නායකයටම ඉන්නේ තම තමන්ගේ පැත්තට වැඩි වාසි හම්බෙන විදිහේ උපදෙස් දෙන කැචර් ලා. අජාසත්ත රජ්ජුරුවන්ට කියලත් වැඩි වෙනසක් නෑ. ඉතින් එක එක ඇමතිවරයා ගෙන යෝජනා වලට රජ්ජුරුවෝ එච්චර කැමති වෙන්නේ නෑ.


පොතේ තියෙන්නේ ජීවක කෝමාරභච්ච කියල. මං හිතන්නේ ඔය කියන්නේ ජීවක වෙදැදුරා හෝ ඔහුගේ පුතෙක් වෙන්ඩ ඕන. මොකද බුදුන් වහන්සේට අඹ වත්තක් පූජා කරපු ජීවක වෙදතුමා මේ කාලේ වෙනකොට වයසක කෙනෙක් වෙන්ඩ ඕන.එහෙම කෙනෙකුට අජාසත්ත රජ්ජුරුවෝ යාළුවා කියල කතා කරන එකක් නෑනේ.

ඉතිං අර ඇමතිවරු ඔක්කොම තම තමුන්ගේ ශාස්තෘවරු ගැන කියල ඉවර උනාට පස්සෙත් ජීවක සද්ද නැතුව ඉන්නවා.

යහළු ජීවක ඇයි ඔබ සද්ද නැතුව ඉන්නේ?

ඔබ කැමති නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ අඹ වනයේ වැඩ ඉන්නවා හාමුදුරුවරු එක්දාස් දෙසිය පනහකුත් එක්ක. කැමතිනං ගිහිං හම්බ වෙන්ඩ පුළුවන්. එතුමා ඇසුරු කලොත් හිත පහදිනවාමයි.

හොඳයි එහෙනම් යමු කියල ඔන්න රජ්ජුරුවෝ ජීවකත් එක්ක යනවා බුදු හාමුදුරුවෝ බැහැ දකින්ඩ.

හැබැයි අඹ වනයට ලං වෙනකොට රජ්ජුරුවන්ට බය හිතෙනවා.

ජීවක ඔබ මාව රැවට්ටුවා නෙවෙයි නේද? ඔබ මාව සතුරන්ට පාවලා දෙනවා නෙවෙයි නේද? එක්දාස් දෙසිය පනහක් ඉන්න තැනක් නං මෙච්චර නිශ්ශබ්ද වෙන්නේ කොහොමද? කිවිසුම් හඩක් වත්, උගුර පාදන හඩක් වත් නැත්තේ කොහොමද?

කියන්නේ මේ මහා වීරවරයා, මහා ශාස්තෘවරයා නිශ්ශබ්ධතාවයට කොච්චර ප්රිය කලාද කියන එක නේද? ඒක කොච්චර අගය කලාද කියන එක නේද?

නෑ මම ඔබ වහන්සේ රවටන කෙනෙක් නෙවෙයි. අර රැස්වීම් ශාලාවේ තමයි ඔවුන් දැන් වැඩ ඉන්නේ. අර එතන තමයි පහන් දැල්වෙන්නේ.

කියන්නේ බුදු හාමුදුරුවෝ අනිත් හාමුදුරුවරුන්ට ධර්මය දේශනා කරපු තැන විතරක් එළිය තියෙද්දී අනික් තැන වල ආලෝකය නිවලා තිබ්බා කියන එක නේද? දැන් වගේ හතර දිග් බාගෙම ෆ්ලෑෂ් ලයිට් ගහලා තොරණ වගේ පන්සල පවත්තගෙන ගියේ නැති බව නේද

ඔන්න රජ්ජුරුවෝ රැස්වීම් ශාලාවේ දොරකඩට ආවා. ඇවිත් අහනවා යහළු ජීවකය, භාග්යවතුන් වහන්සේ කෝ?

කවුද මේ අහන්නේ? බිම්බිසාර රජ්ජුරුවන්ගේ පුතා. අනිවාර්යයෙන් අජාසත්ත පොඩි කාලේ ඉඳලා දකින්ඩ ඇති බුදු හාමුදුරුවන්ව. එහෙව් කෙනාටත් අදුන ගන්ඩ  බැරි තරම් සාමාන්‍ය මනුස්සයෙක් වගෙයි බුදු හාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන්නේ ජීවමානව ඉන්දැද්දී.  

අර මැද කණුවට පිට දීලා ඉන්නේ බුදු හාමුදුරුවෝ තමයි. ජීවක උත්තර දුන්නා.

රජ්ජුරුවෝ ගිහින් බුදු හාමුදුරුවන්ට වැන්දා. ඊට පස්සේ වටේ ඉන්න හාමුදුරුවෝ දිහා බැලුවා. හරියට පැහැදිලි වතුර තියන විලක් වගේ හාමුදුරුවරු නිහඬයි. ඊට පස්සේ රජ්ජුරුවෝ මෙහෙම කියනවා.

දැන් මෙහි සිටින භික්ෂු සංඝයා යම් සංසිදීමකින් යුතු නම් මගේ උදායි භද් කුමාරයාද මෙවැනි සංසිදීමකින් යුතු වේවා!

එතකොට බුදු හාමුදුරුවෝ අහනවා මහරජ සිත ප්රේමය දිහාවට ඇදිලා ගියා නේද කියල.

ස්වාමීනි උදායි භද් කුමාරයා මට හරි ප්රියයි. ස්වාමීනි නිසයි දැන් මෙතැන වැඩ සිටින භික්ෂු සංඝයා යම් සංසිදීමකින් යුක්ත නම් උදායි භද් කුමාරයාද එබඳු සංසිදීමකින් යුක්ත වේවා කියල හිතුවේ.

ඊට පස්සේ රජ්ජුරුවෝ පැත්තකින් වාඩි වෙලා ප්රශ්නයක් අහන්ඩ අවසර ඉල්ලා ගන්නවා. මොකද්ද දන්නවාද ප්රශ්නේ?

පැවිදි ජීවිතේකින් තියෙන ප්රතිපල මොනවද?

බුදු හාමුදුරුවෝ ඉතා දීර්ඝ සූත්රයක් දේශනා කරනවා මේ ප්රශ්නෙට උත්තර විදිහට. කෙනෙකුට ඕන නං දීඝ නිකායේ සාමඤ්ඤඵල කියන සූත්රය බැලුවොත් සම්පූර්ණ දේශනාවම බලා ගන්ඩ පුළුවන්.

මම ඒකෙන් කොටස් දෙක තුනක් විතරක් උපුටලා දක්වන්නං කතාවට අදාළ වෙන.

......භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. කුරුල්ලෙක් යම් තනකට පියාඹන කොට පියාපත් වල බර පමණක් අරගෙන පියාඹනවා වගේ කයට සිවුරකින් සහ කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයකින් සෑහෙනවා.....

......තරහ වයිර ආදිය අතහැර, තරහ නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. තරහ වයිර ආදියෙන් සිත පිරිසිදු කරනවා....

ඔන්න ඔය හිතානුකම්පීව වාසය කිරීම ගැන තව ලස්සන කතාවක් තියෙනවා මජ්ජිම නිකායේ තියෙන කකචූපම කියන සූත්රයේ. කකචූපම කියන්නේ කියතක් උපමා කොට දේශනා කරපු කියන එකයි

කතාවේ හැටියට ඉස්සරා කාලේ සැවත් නුවර ඉඳලා තියෙනවා වේදේහිකා කියල ගෘහනියක්. මෙයා ගැන වටේ පිටේ මිනිස්සු කිව්වේ හරිම ගුණ යහපත්, ශාන්ත දාන්ත තැනැත්තියක් කියල. ඔය ගෘහණිය යටතේ සේවයේ දීලා හිටියා කාළී කියල සේවිකාවක්. ඔය කාළී ඕන උනා මේ කතාව ඇත්තද කියල හොයල බලන්ඩ. කොහොමද හොයල බලන්නේ කියල හිතල මෙන්න මෙහෙම අපූරු වැඩක් කෙරුවා.

දවසක් උදේ කාළී ටිකක් වැඩිපුර නිදා ගත්තා. වේදේහිකා අහනවා කියල

කාළී කියනවා නෑ මොකුත් විශේෂ හේතුවක් නෑ කියල.

හුහ් එහෙනං මේ පව්කාර කෙල්ල මොකුත් හේතුවක් නැතුව දවල් වෙලා නැගිටින්නේ කියල වේදේහිකා රවල බැලුවා.

දෙවෙනි දවසෙත් කාළී පරක්කු වෙලා නැගිට්ටා. 

උඹ මොකද දවල් වෙලා නැගිට්ටේ?

නෑ මොකුත් විශේෂ හේතුවක් නෑ!

මොකද තෝ එහෙම නිදා ගන්නේ කියල ඔන්න එදා වේදේහිකා, කාළීට හොඳටම බැන්නා.

දැන් කාලීට තේරෙනවා මේ වෙදෙහිකා ගාව තියෙන ශාන්ත කම, ගුණ යහපත් කම තියෙන්නේ තමන් හොඳට වැඩපොළ කරන තෙක් පමණයි කියල. දැන් කාළීට ඕන වෙනවා වටේ පිටේ මිනිස්සු ගාව තියෙන වැරදි අවබෝධය නැති කරන්ඩ. එයා තුන්වෙනි දවසෙත් හොඳටම පරක්කු වෙලා නැගිටිනවා. වේදේහිකාට දැන් මලේ මල!

තෝ මොකද දවල් වෙලා නැගිටින්නේ?

නෑ මොකුත් විශේෂ හේතුවක් නෑ!

හිටපිය මම විශේසහ හේතුවක් දෙන්ඩ කියල ගත්ත දොර පොල්ල. තඩි බෑවා ඔලුවට.

කාළීගේ ඔලුව පැලිලා ලේ ගලනවා. එයා පැන්නා පාරට. පැනල වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට ඇහෙන්ඩ කෑ ගහලා කියනවා "මෙන්න ඔයාලා හරි ශාන්ත දාන්ත කීකරු ගෘහණියක් කයල හිතපු කෙනා තමන්ගේ එකම මෙහෙකාරිය ටිකක් දවල් වෙලා නැගිට්ටා කියල ඔලුව පලනවා!" කියල.

ඔන්න ඔය සිද්දිය හින්ද වේදේහිකා ගෘහණිය ගැන අපකීර්තියක් පැතිරිලා ගියාලු වේදේහිකා ගෘහණිය හරි නපුරු, දරුණු, නොසන්සුන් කෙනෙක් කියල.

මේ කතාව දේශනා කරපු බුදු හාමුදුරුවෝ ඒක සංඝ සමාජයට ගලපනවා.

පින්වත් මහණෙනි ඇතැම් භික්ෂුවක් තුල කීකරුකම තියෙන්නේ, යටහත් පැවතුම් ඇතිකම තියෙන්නේ, උපශාන්ත කම තියෙන්නේ, තමන් අකමැති වචන අහන්ඩ ලැබෙනකම් විතරයි. යම් දවසක භික්ෂුවට තමන් අකමැති වචන අහන්ඩ ලැබෙන කොට තමයි භික්ෂුවගේ කීකරුකම බලන්න තියෙන්නේ. යටහත් පැවතුම් බලන්ඩ තියෙන්නේ. උපශාන්තකම බලන්ඩ තියෙන්නේ.

ඔය කකචූපම සූත්රය හරි ලස්සනයි. මේ මම කිව්වේ එකේ තියෙන අතුරු කතාවක් විතරයි.

පහුගිය දවසක සාලියවැව පැත්තේ හාමුදුරුනමක්  කුරුස සලකුණ තියෙන වෙසක් කූඩු එල්ලනවට විරුද්ධ වෙච්ච සිද්ධියක් මතක් වෙනවා. මෙන්න අර නිහඬ බව අගයපු, තමුන්ගේ දහම අගයන ශ්රාවකයන් තුල නොඇලීම, අල්පේච්චතාවය පුරුදු පුහුණු කරවපු, තරහ වයිර ආදිය අත ඇරලා හැමෝටම හිතානුකම්පීව ජීවත්වීම අනුශාසනා කරපු, තමන් අකමැති වචන ඇහෙද්දීත්,  උපශාන්ත යටහත් පැවතුම් පවත්වන්ඩ දේශනා කරපු මහා මනුෂ්යරත්නයේ ගෝලයෙක් කියල කියා ගන්න කෙනෙක්! අම්මපා මේ රට ගිනි අරගෙන තියෙන මොහොතක සාමයේ, සමාදානයේ, සහජීවනයේ බලාපොරොත්තු දල්වා ලන්නට ඉස්සරහට ආපු තරුණයන්ගේ වෙසක් කූඩු වැඩේට අකුල් හෙලන්ඩ මේ හාමුදුරුවන්ට  ඉගැන්නුවේ කොයි බුදු හාමුදුරුවෝද?

බුදු හාමුදුරුවෝ කියනවා බ්රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්, ක්ෂුද්  කියන හතර වර්ගයාම බුදු සසුනට එකතු වෙලා එකම බෞද්ධ සමාජයක් හැදෙනවා ජාති, ආගම්, කුළ, පන්ති බේධයකින් තොරව කියල. එතකොට ක්රිස්තියානි දරුවන්ට, මුස්ලිම් දරුවන්ට, හින්දු දරුවන්ට දහම අදාළ වෙන්නේ නැද්ද? දරුවන්ට වෙසක් කූඩුවක් හදන්ඩ බැයිනං හදපු වෙසක් කූඩුව එල්ලන්ඩ බැයි නං, අයි. එස්. අයි.එස්. හරි වහාබ් අන්තවාදීන් හරි අල් කයිඩා හරි වෙන මොක්කු හරි අන්තවාදීන් ගෙයි සාලියවැව හාමුදුරුවන්ගෙයි වෙනස මොකද්ද?

රටේ සාමය ඇති කරපු මැයි 19 ලබද්දී සාමය තහවුරු කරන්ඩ වැඩ කරන්නේ නැතුව, ගොං ජෝක් දාන්ඩ ලයිසන් එකක් විදිහට සිවුර පාවිච්චි කරන්ඩ එපා හාමුදුරුවනේ. ඊට වඩා අපිට ඔය චීවරේ වටිනවා. ඔය සැරියුත්, මුගලන් වගේ මහා ශ්රාවකයෝ පාවිච්චි කරපු උතුම් වස්තුවක්.

අනිත් අතට පොලිසිය ඉන්නේ හාමුදුරුවෝ කියන දේ කරන්ඩද නැත්තං හරි වැරැද්ද හොයල බලලා හරි දේ කරන්ඩ ඉඩ දෙන්ඩද?

මම ලබන වෙසක් එකට හදන කූඩුවේ හතර පැත්තේ ආගමික සංකේත ඔක්කොම අලවනවා. මගේ බුදු හාමුදුරුවෝ ආගමික සහජීවනය අගයපු, වැරැද්දට හිස නොනමපු, සියලු බේධවල පුහු බව ක්රියාවෙන පෙන්නපු උත්තමයෙක්.

මම අයිති වෙන්නේ බුදු හාමුදුරුවන්ට ගල් පෙරළපු දේවදත්තගේ නිකායට නෙවෙයි.


16 comments:

  1. ඉස්සෙල්ලම හාමුදුරුවරුන් ගෙන් බුද්ධ ධර්මය බේරා ගන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර හාමුදුරුවරුන්ගෙන්. මං හිතන්නෙ ඒ අය දේවදත්ත නිකායේ.

      Delete
  2. //
    මම ලබන වෙසක් එකට හදන කූඩුවේ හතර පැත්තේආගමික සංකේත ඔක්කොම අලවනවා. මගේ බුදුහාමුදුරුවෝ ආගමික සහජීවනය අගයපු, වැරැද්දට හිසනොනමපු, සියලු බේධවල පුහු බව ක්‍රියාවෙනපෙන්නපු උත්තමයෙක්.///

    ඇයි මට හිතෙන්නේ කට්ටකාඩුවෙ මල්ලි මේ පාර හදපු කූඩුවේ ඒ ලාංජන නොඇලෙව්වෙ කියල.....!
    ලබන වෙසක් එක වෙනකොට අපි මොනා කරයිද..?

    ReplyDelete
    Replies
    1. මං ඉතිං පොඩි එකා කාලෙ ඉදලම එකම විදිහට කූඩු හදාපු එකා. වෙනස් වෙන්ඩ නං උත්තේජනයක් ඕනෙමයි. ලබන පාර ජීවතුන් අතර හිටියොත් හදනවමයි කූඩුවක්.

      Delete
  3. We have to be vary careful about bashing Hamuduruwo, it is correct as Buddhists we have to be critical of our actions (including Hamuduruwo's) However what is happening now is, other religions (and politicos) are talking Hamuduruwo (in general) as a joke.

    Ganasara Hamuduruwo was bashed left, right and center by Sinhala Buddhists for so much, his message about Muslim extremists was lost, the rest is history.

    On Poya day during Sirasa FM Bana program, Hamuduruwo said criticising Hamuduruwo is not up to lay people. There must be some truth in it, since that Hamuduruwo is well regarded as an educated monk.

    I can see now Buddhism is well regarded in the west than in Sri Lanka. As Buddha said, may this is the 'start of the end' of Buddhism and its done by the Buddhists themselves.

    ReplyDelete
  4. https://sahankaseera.blogspot.com/2019/05/blog-post_58.html

    ReplyDelete
  5. දැන් නම් පන්සල්වල (සහ අනිකුත් ආගමික ස්ථානවල)ලවුඩ්ස්පීකර් ඇහෙනකොට නිවන් යන්න විතරක් නෙමෙයි දාපු එවුන්ව යවන්නත් හිතෙනවා

    ReplyDelete
  6. කිව්වත් වගේ සිවුරුකාරයින්ගෙන් බුද්ධාගම බේරා ගන්න කාලෙ ඇවිත් තියෙන්නෙ. ලබන වෙසක් එකට උඹ හදන කුඩුවටත් ලොකු ආරක්ෂාවක් දෙන්න වෙයි බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න.

    ReplyDelete
  7. //බුදු හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර කියන හතර වර්ගයාම බුදු සසුනට එකතු වෙලා එකම බෞද්ධ සමාජයක් හැදෙනවා ජාති, ආගම්, කුළ, පන්ති බේධයකින් තොරව කියල. එතකොට ක්‍රිස්තියානි දරුවන්ට, මුස්ලිම් දරුවන්ට, හින්දු දරුවන්ට ඒ දහම අදාළ වෙන්නේ නැද්ද?//

    ඒ දරුවෝ ආගම මාරු කරනවා නම් ඔබ කියන කතාව ඇත්ත.

    මම ඒ හාමුදුරුවෝ කල දේට විරුද්ධයි. කතෝලික අය නත්තලට කුරුස සටහන්කල වෙසක් කූඩු එල්ලනවා නම් වැඩිය හොඳයි.
    නමුත් මට ඔයා ගැනත් විවේචනයක් තියෙනවා.
    ඔයාට සිංහල බෞද්ධ අසාත්මිකතාවක් තියෙනබව පේනවා.

    ඔයා වතාවක් කිව්වා ලංකාව අයිති වැද්දන්ට සිංහලයෝ පිටින් ආපු ජාතියක් කියලා.
    තව වතාවක මම ඔයාට අභියෝග කලා පුළුවන්නම් එබේ ජීවිතේට හමුවූ බලුම දෙමෙල්ලු 3න් දෙනා ගැන කියන්න කියලා ඒකෙදී ඔයා තේරුමක් නැති කතාවක් කියලා මගහැරියා.

    මම තව අභියෝගයක් කරනවා
    පුළුවන්නම් ඥානසාර හාමුදුරුවන්ගේ එක හොඳක් කියන්න.

    ඔයාට ඔයවගේ හැඟීම් එන්න හේතුව සමහරවිට පාපමිත්‍ර සේවනය වියහැකියි. එහෙම නැත්නම් සිංහල ජාතිය බුද්ධාගම විවේචනය කිරීම හෙන රැඩිකල් වැඩක් කියලා හිතෙන නිසා වියහැකියි.

    ReplyDelete
  8. ලොකූ කියන සමහර දේවලට එකඟ වීම හෝ නොවීම අපේ අයිතියක් වගේම එහෙම කීමත් එයාගේ අයිතියක්.
    මගේ හැඟීමත් සමහර භික්ෂූන් වහන්සේලා දහමෙහි නොහැසිරෙන බවයි. ඒකට හේතුව වනවා ඇත්තෙ උන්වහන්සේලාත් මේ පිරිහුණු සමාජයෙන්ම බිහිවෙන නිසාද?
    රටකට ලැබෙන පාලකයන් පුරවැසියන්ට ඔබින අයයි කියනවානේ. ඒ තියරිය මෙතනටත් අදාළ වෙනවද?

    ReplyDelete
  9. I do agree with the post, my question is about the police, according to my knowledge, police can not ask to remove them, as it is not comes under any offences in penal code, ER or PTA.

    I do not agree with the idea of anthojata bahijata, however, it is so nice the way he has present his disagreements, if that hamuduruwo had the discipline that anthojata has, I do not think that we would read this post.

    ReplyDelete
  10. ඉතිං ඇත්තනෙ. මහණ වීමේ අරමුණු මොනවද?
    1. දුප්පත් පවුලක ඉපදීම නිසා ළමයි නඩත්තු කරන්න බැරිවීම හෝ අනාථ ළමයි වීම
    2. හතර කේන්දරේ පාලු වීම නිසා ගිහි ජීවිතය අසාර්ථක වෙයි කියන පිළිගැනීම
    3. ලේසියෙන් ඉගෙන ගෙන රස්සාවක් හොයාගන්ඩ
    4. පන්සලේ අයිතිය පිට හාමුදුරු කෙනෙක් අතට යනවට, ලොකු හාමුදුරුවන්ගෙ ඥාති ළමයෙක් මහණ කරවීම

    එහෙම නැතුව, බුදු හාමුදුරුවො කිව්ව වගේ, අප්‍රමාදව කටයුතු කරලා නිවන් අවබෝධ කරගන්ඩ මහණ වෙන උදවිය දැකල තියෙනවද?

    නෑනෙ නෑනෙ...

    කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ බැරි දේවල් බලාපොරොත්තු වෙන්ඩ එපා...

    ReplyDelete
  11. කට්ටයියෙ, උන්නාන්සෙගෙං අහන්ඩ තිබ්බෙ වෙසක් කූඩුවට පේටන්ට් බලපත්තරේ තිබ්බෙ උන්නාන්සෙටද කියල?

    මේ රටේ තියෙන ප්‍රශ්නෙට බුද්දාගම කෙලින්ම සම්බන්ධ නෑ. මට පේන හැටියට මෙතන උනේ කොහෙන්දෝ මන්දා දිහාවකින් “අපි අහවල් දේ කොරන්නං“ කියලා දිගට හරහට සල්ලි කඩාගත්තු තම්බි කණ්ඩායමක් තමුන්ට සල්ලි දෙන හාම්පුතාලගෙ හිත දිනාගන්න රටේ විනාසයක් කරල පෙන්නීමක්. උං හදපු ත්‍රස්තවාදී වල්පැල හැදිල තියෙන්නෙ ඉස්ලාම් කුඹුරෙ. කලිං තිවුණ ගොයම් පැලත් ටික ටික වල්පැල බවටම හැරුණා. ඉතිං රටේ අයට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි වල් පැල ටික උගුල්ලන එක. එතකොට ඉතිං ගොයම් පැළ දැනගන්න ඕනැ ආයි වල්පැල හැදෙන්නෙ නැති වෙන්න විසාලෙට හැදෙන්න. එහෙම නැත්තං ඉතිං මුළු කුඹුරම ගිනි තියන්න වෙනවා (රට යන්නෙ ඒ විකල්පෙට වගේ). හැබැයි එතකොට ආයි මතුවෙන්නෙ වල්පැලම විතරයි.

    කොහොම නමුත් මේක තමයි වෙසක් එකට අහපු හිත හැදෙන තුංවැනි බණ කතාව.

    ReplyDelete
  12. කියල වැඩක් නැහැ.බුදුහාමුදුරුවන්ගේ කාලේ අල්පේච්ච ජීවිත් ගතකෙරුවට දැන් ඉන්න අයනම් මොනා ක්‍රමයකින් හරි සල්ලි හොයන්ඩ හදනවා මිසක් සමාජය යහපත් කරවන්ඩ උත්හසායක් නැහැ .

    ReplyDelete