Saturday, June 22, 2019

ලාපු ලාපු


රාජකාරි වැඩකට පිලිපීනෙට යන්ඩ උනා ආයිබෝවන්. හරියටම කියනවනං පිලිපීනෙ සේබු නගරෙට. ඔය නගරේ හරි ප්රසිද්ධයි ලාපු ලාපු කියන වීරයා හිටපු ප්රදේශය හිංදා.මට හිතුන ඔය ලාපු ලාපු ගේ කතාව තමුන්නැහෙලත් එක්ක බෙදා හදා ගන්ඩ.  වෙන ඕනෑම කතාවක් වගේ මේ කතාවෙත් වීරයෝ වගේම ද්රෝහීන් බිහිවෙන්නෙත් ඕපපාතිකව නෙවෙයි සමාජයේ තිබ්බ උවමනා එපාකම් එක්ක. හින්ද කතාවත් කියලම ඉන්නං අර හුදී ජනයාගේ මෙව්වා එක වෙනුවෙන්.

මේ  කතාව පටන් ගන්නේ පහළොස් වෙනි ශත වර්ශේ කියන්නේ 1400 ගණන් වල යුරෝපයේ දී. කාලේදී යුරෝපයේ අයිබීරියානු අර්ධද්වීපයේ ලොකු රාජධානි දෙකක් තිබ්බා. එකක් පෘතුගාලය. කියන්නේ පෘතුගීසි කාරයන්ගේ මවුබිම. අනික අනික කැස්ටිලා රාජධානිය. අද ඔය ස්පාඤ්ඤය කියන්නේ දල වශයෙන් රාජධානියට. ඔය රටවල් දෙක හැදුන හැටිත් හරි ලස්සන කතාවක්. ඒත් අපේ කතාවට ඒක එච්චර සම්බන්ධයක් නැති හින්ද වෙන දවසක කතා කරමු.

ඔය රටවල් දෙකින්ම දේශ ගවේෂකයෝ බිහිවෙන්ඩ පටන් ගත්තා ඔය අපි කියන 15 ශත වර්ශේ. බර්තොලමියු ඩයස්, වස්කෝද ගාමා වගේ අය පෘතුගාලෙනුත් ක්රිස්ටෝෆර් කොලොම්බස් (ඔය මනුස්සය ඉතාලියේ ඉපදුනා කිව්වට ඇත්තටම පෘතුගීසි කාරයෙක් කියලත් මතයක් තියනවා. කොහොම උනත් එයාගේ දේශ ගවේෂණ කටයුතු වලට උදවු කලේ ස්පාඤ්ඤය), ෆර්ඩිනන්ඩ් මැගලන් (මෙයත් පෘතුගීසි කාරයෙක්. හැබැයි දේශ ගවේෂණය කලේ ස්පාඤ්ඤය වෙනුවෙන්), ෆ්රැන්සිස්කෝ කොරොනාඩෝ, හුආන් පොන්ස් ඩෙ ලෙයෝන් වගේ අය ස්පාඤ්ඤයෙනුත් බිහි උනා. මේ වගේ තව හුගක් මධ් කාලීන දේශ ගවේෂකයන් බිහි උනේ මේ රටවල් දෙකින්.
රූපයේ දකුණු පැත්තේ කොනේ පෘතුගාලය ඊට වම් පැත්තෙන් කැස්ටිලා රාජධානිය

කාලේ රට රටවල් හොයාගෙන යන එක හරි අනතුරුදායක වැඩක්. හැබැයි රටවල් වල ධනය කොල්ල කන්ඩ පුළුවන් හින්ද හරි ගියොත් හරිම ලාභදායක ව්යාපාරයක්. ලාභයක් තියන 'බින්නස්' එකක් නං එතෙන්ට ආයෝජකයෝ එනවා. ආයෝජනය කරන්ඩ සල්ලි යහමින් තියෙන්ඩ ඕනනේ. කා ගාවද සල්ලි තියෙන්නේ ඔය කාලේ? රජ්ජුරුවෝ ගාව. පල්ලිය ගාව. ඉතින් මේ දේශ ගවේෂණ වලට ආයෝජනය කලේ රටේ රජ්ජුරුවොයි, පල්ලියයි. පල්ලියට තව බෝනස් එකකුත් හම්බ උනා. තමයි මේ අලුතින් 'හොයා ගන්න' රට වල ඉන්න 'ම්ලේච්ඡ' ජනතාව ස්වර්ගයට යවන්ඩ පිළියෙළ කරන එක. කියන්නේ ක්රිස්තියානි ආගම පතුරුවන එක.

ඔන්න දැන් තරගය පටන් ගත්තා. පහුගිය දවස් වල අපේ ගමේ මිනිස්සු වල්ලපට්ට හෙව්වා වගේ, දේශ ගවේෂකයෝ  ඉවක් බවක් නැතුව අලුත් රටවල් 'ශිෂ්ටාචාරයට' එකතු කර ගැනීමේ 'මහා පුණ්යකර්මයට' දායක වෙන්ඩ පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? මොනවා වෙන්ඩද එක එකා අතර ඇන කොටා ගැනිලි වැඩි වෙන්ඩ පටන් ගත්තා. ඇතුලේ කචල් තියෙනකොට ලාබෙ  අඩු වෙනවා. හින්ද ස්පාඤ්ඤ රජ්ජුරුවොයි රැජිනයි (ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා), වෙනකොට පත්වෙලා හිටපු හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමාත් එක්ක එක්කහු වෙලා පාප්තුමාගේ ආඥාවක් නිකුත් කළා ලෝකෙ කොයි පැත්ත කොයි රටට අයිතිද කියල පැහැදිලි කරමින්. ඔය හයවෙනි ඇලෙක්සැන්ඩර් කියන්නෙත් ස්පාඤ්ඤ ජාතිකයෙක්ය, එතකොට මේ ගිවිසුමේ මැදහත් කරුවාත් පාර්ශ්වයකුත් කියන දෙකම එකක්ය හින්දම මේ ගිවිසුම හරි අසාධාරණ එකක්ය කියල කියන එකත් ලස්සන කතාවක්. ඒත් අපේ කතාවට ඒක එච්චර සම්බන්ධයක් නැති හින්ද වෙන දවසක කතා කරමු. ඔන්න ඔය ගිවිසුමට තමයි ටොර්දෙසීයස් ගිවිසුම කියල කියන්නේ. අස්සන් කලේ 1494 ජූනි 7. කියන්නේ හරියටම මීට අවුරුදු 525 කට ඉස්සර.

ඔය කාලේ වෙනකොට පෘතුගීසි කාරයෝ කෙප්වර්ඩේ දූපත් අල්ලාගෙනයි හිටියේ. ස්පාඤ්ඤය වෙනුවෙන් කොලොම්බස් අද කාලේ නං වලින් කියනවානං කියුබාව හා ඉස්පන්යෝලා දූපත් අල්ලාගෙනයි හිටියේ. ඉතිං හයවෙනි ඇලෙක්සැන්ඩර් කලේ මේ දෙපැත්ත මැදින් ඉරක් ඇඳපු එක. තමයි කේප් වර්ඩේ දූපත් වල ඉඳන් ලීග 370 බටහිරට වෙන්ඩ දේශාංශ රේඛාවක් ඇඳලා. රේඛාවෙන් බටහිරට තියෙන කොටස ස්පාඤ්ඤයට. නැගෙනහිර කොටස පෘතුගාලෙට!!

ඔය කතාව හොද උදාහරණයක් කොහොමද බටහිර ශිෂ්ටාචාරය, අනෙකුන් දිහා බැලුවේ කියන එකට. උන්ට අපි එක ඉරක් විතරයි. උන්ට අපි එක 'ම්ලේච්ච' ජාතියක් විතරයි. තාමත් ස්වර්ගෙට යවන්ඩ සූදානම් කරන්ඩ බැරි උන එක 'ම්ලේච්ඡ ජනතාවක්' විතරයි.
ඉතින් ඔය විදිහට අද අපි කියන විදිහට ආසියාව, පෘතුගීසින්ට අයිති උනා.

ඔන්න දැන් අපේ කතාවට එනවා. කතාවේ සහාය නළුවා තමයි ෆර්ඩිනන්ඩ් මැගලන්. ඉපදෙන්නේ පෘතුගීසි රදළ පවුලක 1480 දී විතර. මෙයාටත් හිතෙනවා මේ මහා ධන නිධාන උපදවන දේශ ගවේෂණ බිස්නස් එකට බහින්ඩ. මැගලන් ගේ අවධානය යොමු උනේ ඇමරිකාව දිහාට. එයා පෘතුගාලේ රජ්ජුරුවන්ට යෝජනා කරනවා දකුණු ඇමරිකාවේ කොණට දකුණින් යාත්රා කරලා ඉන්දියාවට යන අලුත් පාරක් හොයාගමු කියල. මේ වෙනකොට වස්කෝ ගාමා ඉන්දියාවට යන මුහුදු මාර්ගය හොයාගෙන ඉවරයි. අනික ටොර්දෙසීයස් ගිවිසුම හරහා පෘතුගාලයේ අත් බැඳලා තිබ්බේ ස්පාඤ්ඤයේ 'ඇමරිකානු අයිතිවාසිකම්' වලට ඇඟිලි ගහන එක වලක්වන්ඩ. ඉතින් පෘතුගාලේ රජ්ජුරුවෝ මැගලන්ට බෑ කියල කියනවා.

හැබැයි මැගලන් කැමති නෑ පරාද වෙන්ඩ. මනුස්සයා පැත්ත මාරු කරනවා. ගහනවා කරණමක් පෘතුගාලෙන් ස්පාඤ්ඤයට. එහෙ රජ්ජුරුවෝ කැමති වෙනවා මැගලන් ගේ යෝජනාවට. රජ්ජුරුවන්ට ඕන කරන්නේ 'කුළු බඩු  දූපත්' හොයා ගන්ඩ. කාලේ සාදික්කා, වසාවාසි, කරාඹු වගේ කුළු බඩු යුරෝපයට ආවේ ඉන්දුනීසියාවේ දූපතකින්. හින්ද යුරෝපයේ ඔය දූපත් ප්රසිද්ධ වෙලා තිබුනේ කුළු බඩු  දූපත් නමින්. ඔන්න ඔය දූපත් ටික හොයාගෙන මැගලන් 1519 දී පිටත් වෙලා අත්ලාන්තික් සාගරය පහු කරලා, දකුණු ඇමරිකාවේ දකුණු තුඩුව පහු කරලා පැසිෆික් සාගරය හරහා ඉන්දුනීසියාවට එනවා. පේනවා නේද පල්ලියේ පූජකයන්ටයි, රජවරුන්ටයි ඕන වෙච්ච හින්ද මැගලන් කඩේ යවපු පාරේ දුර!!

හැබැයි පෘතුගීසින් යටතේ සේවය කරමින් ඉන්න කොට මැගලන් යුරෝපයේ ඉඳන් නැගෙනහිරට යාත්රා කරලා මලේ දූපත් දක්වා ඇවිත් තිබුනා ඉස්සර. දැන් ස්පාඤ්ඤය යටතේ ඔහු බටහිරට යාත්රා කරලා එතෙන්ටම ඇවිත්. මෙන්න මේ හින්දා තමයි ලෝකේ වටේ මුලින්ම ගිය පුද්ගලයා විදිහට මැගලන්ව සැලකෙන්නේ. බලන් යනකොට මැගලන් ලේසි පාසු පුතයෙක් නෙවෙයි නේද?

1521 මාර්තු 16 මැගලන් පිලිපීනෙට ගොඩ බහිනවා. ඊට පස්සේ මාස එක හමාරක් විතර කාලයක් ඔහු පිලිපීන වැසියන්ව කතෝලික ආගමට හරවමින් ගත කරනවා. ඔන්න දැන් අපේ කතාවේ වීරයා සීන් එකට එන්ටර් වෙනවා. හරියට අර හැටේ - හැත්තෑවේ දසක වල ගාමිණී එනවා වගේ තමයි. ගහමුද විසිල් එකක්!!!

මැගලන් බෞතීස්ම කරන සෙට් එක අතරේ ඉන්නවා සීබු ප්රදේශයේ රජ්ජුරුවොයි රැජිනයි. රජ්ජුරුවන්ගේ නම හුමබොන්. මේ හුමබොන් රජ්ජුරුවෝ යටතේ තමයි මක්ටාන් දූපත තිබ්බේ. මක්ටාන් දූපතේ  නායකයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සුලා. අනික් එක්කෙනා තමයි ලාපු ලාපු. කතෝලික ආගමට බැදිච්ච රජ්ජුරුවන්ගෙන් මැගලන් ඉල්ලනවා මක්ටාන් දූපතෙත් ආගම ප්රචාරය කරන්ඩ අවසර. රජ්ජුරුවෝ පැනල අවසර දෙනවා. රජ්ජුරුවෝ කියන ඕන එකකට හා කියන සුලා ත් කැමති වෙනවා කතෝලික ආගමට බැදෙන්ඩත්, මක්ටාන් වල කතෝලික ආගම ප්රචාරය කරන්ඩ ඉඩ දෙන්ඩත්. හැබැයි තමන්ගේ පාරම්පරික ආගම පාවා දෙන්ඩ ලාපු ලාපු කැමති වෙන්නේ නෑ (ලාපු ලාපු ඉස්ලාම් භක්තිකයෙක් කියල සමහරු කිව්වට අලුත්ම සොයාගැනීම් අනුව ඔහු ගස් ගල් වැනි දෑ අදහපු දේශීය ආගමක සාමාජිකයෙක් ලු).

හුමබොන් රජ්ජුරුවෝ මැගලන්ට කියනවා හොඳින් බැරිනම් නරකින් හරි කතෝලික ආගම පතුරවන්ඩ කියල ලාපු ලාපුව පරද්දලා. ලෝකෙ වටේ කරක්ගහපු මැගලන් මේ රජ ගැටේට අහු වෙනවා. ඔහු 1521 අප්රේල් 21 දා උදේ එලිය වැටෙන්ඩ පැය තුනක් විතර තියෙද්දී මක්ටාන් ආක්රමණය කරනවා. සැලසුම වෙන්නේ රෑ කාලෙම විශාල ප්රහාරයක් එල්ල කරන එක ලාපු ලාපු . උනාට උපාය වරදින්නේ ගල් පර හිංදා දූපතට ගොඩ බහින්ඩ අමාරු වීමෙන්. අන්තිමට මැගලන් තමාගේ භටයන් එක්ක වෙරළට එද්දී ලාපු ලාපු 1,500 භට පිරිසකුත් එක්ක සූදානමින්.

තමන්ගේ දේශ ගවේෂක සිහිනය හැබෑ කරගන්ඩ රටවල් මාරු කරපු, ලෝකේ වටේම ගිය පළමු මිනිසා වෙච්ච මැගලන් මේ සටනේදී මියයනවා.සටනට නායකත්වය දෙන ලාපු ලාපු, තමන් බටහිරයන් විසින් හිතන් හිටපු ජාතියේ ම්ලේච්ඡ, මෝඩ, තකතීරුවෙක් නොවෙන බව පෙන්නලා දෙනවා.

හුමබොන් රජ්ජුරුවෝ කපන්ඩ බැරි අත ඉඹින්ඩ පටන් ගන්නවා. ලාපු ලාපු එක්ක මිත් වීමෙන්. ලාපු ලාපු මේ සටනෙන් පස්සේ හුගක් කල් සතුටෙන් ජීවත් වෙච්ච බව තමයි මගේ මාර්ගෝපදේශකයා කිව්වේ. අතරේ පිලිපීන ජාතිකයන් බහුතරය කතෝලික ආගම වැළඳ ගන්නවා. ඇත්තටම කිව්වොත් 21 සියවස ආරම්භ වෙනකොටත් ආසියාවේ තිබ්බ එකම බහුතරය කතෝලික වෙච්ච එකම රට පිලිපීනය විතරයි. කියන්නේ පෘතුගීසින්ට බැරි උනා ඔවුන් 'සොයා ගත් එක රටක් වත් කතෝලික කරන්ඩ බ්රසීලය ඇරුනම. හැබැයි ස්පාඤ්ඤය 'හොයා ගත්තු' දකුණු ඇමරිකාවේ හුගක් රටවල් හා පිලිපීනයත් අදටත් කතෝලික. ඒකත් ලස්සන කතාවක්. ඒත් අපේ කතාවට ඒක එච්චර සම්බන්ධයක් නැති හින්ද වෙන දවසක කතා කරමු.

හොඳයි කතාව ඉවරයි. හැබැයි පිලිපීනේ මිනිස්සුන්ට ලොකු ප්රශ්නයක් ඉතුරු වෙනවා. ඒකට හේතුව තමයි තමන්ට කතෝලික ආගම ගෙනාපු පුද්ගලයාව මරපු ලාපු ලාපු වීරයෙක්ද ද්රෝහියෙක්ද කියන එක? නිකමට හිතන්ඩ බැරි වෙලාවත් ලංකාවේදී මිහිදු හාමුදුරුවන්ට කවුරුහරි යුද්ධ ප්රකාශ කළා නම් අපි මනුස්සය ගැන හිතන විදිහ. මුලින් ඔවුන් හිතන්නේ ලාපු ලාපු ද්රෝහියෙක් කියල. පස්සේ ඔවුන්ට තේරෙනවා ලාපු ලාපු, මැගලන් මරපු හින්ද පිලිපීනය තව අවුරුදු හතළිහක් යනකල් ස්පාඤ්ඤ යටත් විජිතයක් වීමෙන් බේරුනා කියල. හින්ද රටේ නිදහස ආරක්ෂා කරපු ලාපු ලාපු වීරයෙක් විදිහට සලකන්ඩ ඔවුන් පුරුදු වෙනවා. දැන් පිළිගන්න විදිහට ලාපු ලාපු තමයි පළමු පිලිපීන වීරයා!!
මක්ටාන් ජනකතාවක එන විදිහට ලාපු ලාපු මැරුනේ නෑ. ඔහු ගලක් බවට පත් උනා. අදත් මිනිස් හැඩය තියන ගලකට පුද පඬුරු පුදන පිලිපීන ධීවරයෝ ' රජ්ජුරුවන්ගේ' මුහුදේ මාළු අල්ලන්ඩ අවසර ගන්නවා.

විතරක් නෙවෙයි සීබු දූපතේ ප්රධාන නගරයක් නම් ඇරලා තියෙන්නෙත් ලාපු ලාපු කියල. උද්යානේ ලාපු ලාපු ගේ ලෝකේ පිළිමයක් තියෙනවා. ලාපු ලාපු, ප්රතිමාවේ  ඉන්නේ තලයක් අතින් අරගෙන. ඇත්තටම ඔහු මැගලන්ට විෂ පෙවූ තලයකින් විද්ද කියලා තමයි කියවෙන්නේ. කොහොම උනත් ලාපු ලාපු නගරයේ දූෂිත නගරාධිපතිවරු තුන් දෙනෙක්ම තනතුරේ ඉන්දැද්දිම හාට් ඇටෑක් වලින් මැරුණම මිනිස්සු කියන්ඩ ගත්තලු ලාපු ලාපු ඔවුන්ට තල වලින් විද්ද හින්ද කියල.

හොඳ වෙලාවට ඕක ලංකාවේ උනේ නැත්තේ. අපේ පළමුවෙනි ජාතියක් වීරයා වෙච්ච දුටුගැමුණු රජ්ජුරුවෝ බෞද්ධාගමික, අහිංසක දෙවි කෙනෙක් නෙවී ලාපු ලාපු වගේ ඊතලයක් අතින් අරං වැරදි කාරයන්ට දඬුවම් දෙන නපුරෙක් උනා නම් අද දියවන්නාවේ ඉන්න ගෝතයෝ කී දෙනෙක්ගෙන් රට බේරගන්ඩ තිබ්බද කියල මට නිකමට හිතෙනවා.

ඒත් එක්කම මේ ලඟදි  අපේ අච්ච ගිරිය පැත්තෙන් ඇහිච්ච ටොර්දෙසීයස් ආඥා වේ ශ්රී ලාංකික සංස්කරණය ලෝක ඉතිහාසය ආපිට ලිවීමක්ද කියලත් හිතෙනවා. එදත් හිටියේ දේශපාලකයොයි ආගමික නායකයොයි. අදත් කට්ටියමයි. මැගලන්ව මරු තුරුලට යැව්වෙත්, ලාපු ලාපුට බය වෙන්නෙත් අයම තමයි. පාස්කු ඉරිදා බෝම්බ ගහන්නෙත් දැන් මල මිනී උඩ ඩෙගා නටන්නෙත් දේශපාලකයොයි ආගමික නායකයොයි!! ඒක ලස්සන කතාවක් නෙවෙයි. හැබැයි අපි කවදාහරි තේරුම් ගන්ඩ ඕන කතාවක්.

ඔබ හැමටම ආවඩා ආයු බෝ වේවා!


7 comments:

  1. මොකද්ද Cebu කියන්නේ ඒක පිලිපීනේ වෙනම පාලන ඒකකයක්ද?

    ReplyDelete
  2. ඇත්තටම මිහිඳු හාමුදුරුවො ලංකාවට බුදු දහම ගෙනාවද කියන එක මට නං ටිකක් ප්‍රශ්නයක්.
    මොකද ඊට කලින් ලංකාවෙ බෞද්දයො ඉඳල තියෙන බවට සාක්ෂි තියෙනවා.
    අනික ස්පාඤ්ඤ ජාතිකයෝ ආගම පැතිරෙව්වෙ බලෙන් නෙ.
    ඉතිං ලාපු පාලු මටනං වීරයෙක්!

    ReplyDelete
  3. Cebu කියන්නේ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයෝ වැඩියෙන් ඉන්න පලාතක් නේද?

    ReplyDelete
  4. දේවානම්පියතිස්සට ශක්තියක් තිබුනද අශෝකගේ ව්‍යාප්තවාදයට විරුද්ධවෙන්න? එහෙම නැත්නම් අශෝක හොඳින් තියාගැනීමෙන් සහ අශෝකගේ ආගම ලංකාවෙත් රාජ්‍ය ආගම ලෙස පිලිගෙන් ව්‍යාප්ත කිරීමෙන් ආර්ථික දේශපාලන වාසි වුනාද?

    6 වෙනි ඇලෙක්සැන්ඩර් = රොඩ්‍රිගෝ ඩි බෝජ්යා නෙ.

    ReplyDelete
  5. රටවල් මිනිස්සු කාලය වෙනස් වුණත් සිදුවෙන්නේ එකම දේවල් වගේ.....

    මතක ඇතිව අර අද කතා නොකර නවත්තපු; අදාළ නැතෙයි කියාපුවත් කියන්න, පස්සේ දවසක හරි. නියමෙට තියෙයි ලොකූ!

    ReplyDelete
  6. මෙච්චර නම් තියෙද්දි ඒකගෙ නම… ලාපු ලාපු.

    ReplyDelete