භරත මුණි කියන පඬිවරයා මීට අවුරුදු දෙදාහකට ඉස්සර තමුන්ගේ
නාට්‍යශාස්ත්‍ර කියන පොතේ රස වර්ග අටක් ගැන උගන්නනවා. ඒ ශ්රුංගාර, හාස්‍ය, රෞද්‍ර,
කරුණා, භීබත්ස්‍ය, භයානක, වීර, අද්භූත කියන වර්ග. පස්සෙන් පහු කාලෙක ඔය අටට ශාන්ත රසයත් එකතු වෙලා තමයි අද අපි කියන ඔය නව නළු රසය හැදිලා
තියෙන්නේ. ඒ කොහොම උනත් භීබත්ස්‍ය එහෙම නැත්තං
අප්පිරියාව, කළකිරීම, ජුගුප්සාව කියන දේ රසයක් වෙන්නේ කොහොමද කියල මට නං හිතා ගන්ඩ
බෑ. ඒක හින්දම හුගක් සිංහල ටෙලිනාට්‍ය, චිත්‍රපට බැලිල්ල වගේම වගේම නවකතා කියවිල්ලත්
මං කරන්නේ හරිම අඩුවෙන්. පරිවර්තන ගැන තත්වේ වෙනස්. වැඩියක්ම ත්රාසජනක හෝ අබිරහස් කතන්දර- ඒ කියන්නේ භයානක, වීර,
අද්භූත රස දනවන කතා- කියවන්ඩ මං හුගක් කැමතියි. දුක හිතෙන එහෙම නැත්තං ශෝකාන්ත ඝනයට අයිති වෙන දේවල් නං කියවන්ඩ කොහෙත්ම කැමැත්තක් නෑ .
දවසක් සූරිය ප්රකාශකයන්ගේ පොත් සාප්පුවට ගොඩ වෙලා ඉන්න වෙලාවක අහම්බෙන් දැක්ක තීන්ත නදිය කියන පරිවර්තන නවකතාව ගත්තේ ඒක ලංකාව පසුබිම් කරගෙන ලියවෙච්ච ඓතිහාසික නවකතාවක් කියල කවුදෝ කියපු හින්ද. ටිකක් කියවලා බලන කොට තමයි තේරුනේ ඒ කතාවට පසුබිම් වෙන්නේ පොළොන්නරු යුගයේ
වෙච්ච කාලිංඝ මාඝ ගේ ආක්රමණය වෙච්ච කාලේ කියන එක. ඒක කොහොමද ශෝකාන්තයක් නොවෙන්නේ?
මහාවංශේ මාඝ ගැන කියන්නේ මේ විදිහට.
ඉක්බිත්තෙන් ලංකාවාසී වූ ජනයන්ගේ රෞද්‍ර වූ අතිශයින් උත්සන්න වූ යම්කිසි පාපකර්මයක් කරන කොටගෙන එකල ලංකා රක්ෂණයෙහි නියුක්ත
වූ දේවතාවන් ඒ ඒ තන්හි ආරක්ෂා විධානය කරන්ට උපේක්ෂා
කල්හි
මිත්යාදෘෂ්ටීන් සමාදන් වූ, දුර්නීතියෙහි නිබඳ ඇලුණු සිත් ඇත්තා වූ , දානාදී කුශල කර්ම නමැති
ලැහැබ දැවීමෙහි
ගිනි බඳු වූ ....මාඝ නම්වූ එක් අධාර්මික මහීපාලයෙක්..... කියලයි.
ඉතිං එහෙව් මනුස්සයාගේ කාලේ වෙච්ච කතාවක් කොහොමද වීර හෝ අද්භූත රසයක් ගෙනෙන්නේ.
ඒ කොහොම වෙතත් පොත කියවන්ඩ ගත්තම බිම තියන්ඩ හිතෙන්නේ නැති තරං විශිෂ්ට පොතක්. ලියල තියෙන්නේ පෝල් කුපර් කියන එංගලන්ත ජනමාධ්‍ය වේදියෙක්. පරිවර්තනය කරලා තියෙන්නේ සමන් කළුආරච්චි. සූරිය ප්රකාශනයක්.
ඒ පොතේ කියවෙන්නේ
මාඝට ඉස්සරලා හිටපු පරාක්රම පාණ්ඩ්ය රජ්ජුරුවන්ගේ
රාජ සභාවේ සේවය කරපු අසංක කියන කවියාට මාඝ රජ්ජුරුවෝ කවි පොතක් පරිවර්තනය කරන්ඩ දීපු එක ගැනත් ඒ කවියා තමන්ට ඕන විදිහට ඒ පොත පරිවර්තනය කරපු හැටි ගැනත්. හරිම ලස්සන භාෂා විලාසයක් එක්ක අමුතුම ප්රහර්ෂයක් - හරියට ලස්සනට හඳ පායලා තියන රෑක අමරදේව මහත්තයාගේ ගීතයක් පසුබිමෙන් ඇහෙද්දී සඳලුතලයට වෙලා පෙම්බරියත් එක්ක ප්රේමයෙන් වෙලෙනවා වගේ - ඒ පොත ගේනවා.
අසංක ඇදුරුතුමාට පරිවර්තනය කරන්ඩ කියල මාඝ දෙන්නේ ශිෂුපාල වධය කියන සංස්කෘත
කාව්යය. තීන්ත නදිය කියවපු ගමන් ඒ පොතේ වර්ණනා වෙන ශිෂුපාල වධය ගැනත් හොයන්ඩ ටිකක් උත්සාහ කළා. අද කට්ටකාඩුවට ලියන්ඩ හිතුවේ ශිෂුපාල වධය පොතට පසුබිම් වෙච්ච ශිෂුපාල රජ්ජුරුවෝ ගැන.
ශිෂුපාල කියන්නේ මහා භාරතයේ චරිතයක්. මේ චරිතය
කරමින් තමයි මාඝ කියන සංස්කෘත මහා කවියා හත්වෙනි හෝ අටවෙනි සියවසේදී මේ කවි පොත ලියන්නේ. මාඝ කියන්නේ ලේසි පාසු කවියෙක් නෙවෙයි. සංස්කෘත ශ්ලෝකයක කියවෙන විදිහට කාලිදාසගේ උපමාලංකාරයත්, භයිරවී ගේ ගැඹුරු අරුත් ඇති වදන්කෝශයත් දණ්ඩීන් ගේ වදන් හරඹයේ ඇති නිපුණතාවත් එක්කහු වෙලා තමයි මාඝ ගේ කවි උපදින්නේ.
ඉතින් එහෙව් මාඝ ලියපු දැනට හොයා ගන්ඩ
එකම කවි පොත වෙච්ච ශිෂුපාල වධය ගැන ටිකක්
හොයල බලන එක වටිනවා නේද?
මහා භාරතයේ කියන විදිහට ශිෂුපාල කියන්නේ මධ්‍ය ඉන්දියාවේ තිබුණු චේදී කියන රාජධානියේ රජ්ජුරුවෝ. චේදී කියන්නේ ඉන්දියාවේ මාධ්‍ය ප්රදේශ් වල පැතිරිලා තිබුණු මහ රාජධානියක්. ධමඝෝෂ රජ්ජුරුවන්ටයි එතුමගේ ප්රධාන බිසව වෙච්චි ශ්රුතාශ්වරාටයි හම්බ වෙච්ච පුතා තමයි ශිෂුපාල. හැබැයි ශිෂුපාල ඉපදෙන කොට සාමාන්‍ය ළමයෙක් නෙවෙයි. එයාට ඇස් තුනකුයි අත් හතරකුයි තිබ්බලු. උනහපුලුවට උගේ
මැණිකක් කියනවනේ. ඒ උනාට ධමඝෝෂ රජුරුවන්ට එහෙම උනේ නෑ . එතුමා හැදුවේ ශිෂුපාලව අත් ඇරලා දාන්ඩ. ඒ උනාට දෙවි කෙනෙක් එහෙමා කරන්ඩ
එපා කියල අවවාද කරනවා. කවදා හරි දවසක ශිෂුපාලව මරා දමන බවත් ඒ මිනීමරුවා ශිෂුපාලව ස්පර්ශ කරපු දවසට ඔහුගේ මේ විකෘති ඇඟ පසඟ නැතිවෙලා සාමාන්‍ය දරුවෙක් වෙන බවත් ඒ දේවියා කියනවා.
දේව කැමැත්ත අනුව, ඉරණම අනුව සියල්ල වෙන්ඩ ඕන කියන එකනේ
හුගක් දෙනා හිතන්නේ. ඉතිං දැන් අර ධමඝෝෂ රජ්ජුරුවොත් රටේ ඉන්න හැම එකාටම තමුන්ගේ දරුවව පෙන්නනවා. ඒ මොකටද? මොකටද ඉතිං තමුන්ගේ දරුවව මරණ කෙනා අහු උනොත් ගේමක් දෙන්ඩනේ.
හැබැයි ඒ කෙනා මැරුවොත් කොහොමද එයා අනාගතයේ දවසක ශිෂුපාලව මරා දාන්නේ? අනික් පැත්තට අහවලා කවද හරි දවසක තමන්ගේ පුතා, රාජධානියේ ඔටුන්න හිමි කුමාරයා
මරණ බව දැන දැනත් තාත්තෙක් - නිකම්ම තාත්තෙක් නෙවෙයි මහා රාජධානියක බලසම්පන්න රජ කෙනෙක් -නිකම්ම උඩ බලාගෙන ඉන්නේ?
අපිට මේ ප්රශ්නේ එන එක වලක්වන්ඩ මහාභාරත කතාකරුවා ලස්සන වැඩක් කරනවා. ඒ තමයි ශ්රුතාශ්වරා ගේ ඒ කියන්නේ ශිෂුපාලගේ අම්මගේ සහෝදරයා වෙච්ච ක්රිෂ්ණ ව වේදිකාවට කැන්දාන එන එක. දැන් මගෙන් අහන්ඩ එපා දෙවි කෙනෙක් ගේ සහෝදරී මිනිස් රජ කෙනෙක් බැඳලා ළමයිනුත් හම්බ උනාද කියල. එව්වා එහෙම තමයි. ඔය රජ වරුන්ගේ දෙවියන්ගේ වැඩ අපිට තේරෙන්නේ නෑ .
එක එකා අල්ල අල්ල යනවා ශිෂුපාල බබාට මොකුත් වෙන්නේ නෑ. මෙන්න ක්රිෂ්ණ ඇල්ලුවා විතරයි අර වැඩිපුර තිබ්බ ශරීර අවයව ඔක්කොම නැතිවෙලා යනවා. දැන් ධමඝෝෂ රජ්ජුරුවන්ට සතුටුයි ද? නෑ . තමුන්ගෙම මස්සිනා අතින් කවදාහරි දවසක තමන්ගේ පුතාව මැරෙනවා කියන එකනේ මේ කියන්නේ. ඒක වලක්කගන්ඩ ධමඝෝෂ
කරන්නේ. ඔහු කියනවා දෙවියන්ගේ පණිවිඩය. අනේ ක්රිෂ්ණ ඔබේ බෑණාව මරන්ඩ එපා කියල ඔහු බැගෑපත් වෙනවා. එතකොට ක්රිෂ්ණ කියනවා පිස්සුද මචං මං එහෙමත් කරනවද? මේ මගේ පවුලේ කෙනෙක් නේ. මට සිය වතාවක් මේ පොඩි එකා අපහාස කලත් මම ඉවසනවා කියල.
ඉතින් කාලය ගතවෙලා ගිහිං ශිෂුපාල චේදී රටේ රජ වෙනවා. පොර හෙන මැරයා. මුළු දඹදිවම දන්නවා ශිෂුපාලගේ කැරැට්ටුව. රජ උනාට මදිනේ...බිසවකුත් ඕන නේ. කවුද මේ තනතුරට හරියන කෙනා කියල හොයන කොට ශිෂුපාලගේ යාලුවෙක් වෙච්ච විධර්භ රාජධානියේ කුමාරයා රුක්මි කියනවා ඇයි මචං අපේ නංගි ඉන්නේ උඹ කැමති නං බැඳ ගනිං මගේ අවුලක් නෑ කියල. රුක්මිගේ නංගි රුක්මණී. එයා ඒ වෙනකොටත් ක්රිෂ්ණ
එක්ක පොඩි පලහිලව්වක් හදාගෙන තිබ්බේ. ඔන්න ඔය ගති ගුනේනං මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙනවා නේද? හැඩ කෙල්ලෝ කැමති වෙන්නේ වයසක අන්කල්ලාට. එක අතකින් ඒකත් හොඳා. තව ටික දොහකින් ඉතින් අපිත් වයසක අන්කල් ලා තමයි නේ!!
ඒ උනාට ඉතින් අයිය කියන දේට පිටු පාන්ඩත් බෑ . මොකද පොර මරුමුස් චරිතයක් ශිෂුපාල වගේම. ඉතින් රුක්මණී කැමැත්ත දීලා ඒ අතරේ ක්රිෂ්ණට පණිවිඩයක් යවනවා තමන්ව හොරෙන් පන්නගෙන යන්ඩ කියල. මංගල්ලේ හෙටයි කියල අද හවස මෙන්න ක්රිෂ්ණ ඇවිල්ලා රුක්මණී ව උස්සගෙන යනවා දෙනෝ දාහක් බලා ඉන්දැද්දී. රුක්මී ට කර කියා ගන්ඩ දෙයක් නෑ.
මේ වෙච්ච අපහාසේ ගැන ශිෂුපාල ඉන්නේ මල පැනලා. කොයි වෙලාවේ හරි
නැතෑ කියා කියා
දින ගණින ශිෂුපාලට අසල්වැසි රාජ්යයක කුමාරයෙක් වෙච්ච - මහා භාරතේ බොහොම ප්රසිද්ධ- යුධිෂ්ට්ඨිර
කුමාරයාගේ මෞලි මංගල්යයට ආරාධනාවක් ලැබෙනවා.
එනවා ක්රිෂ්ණත්.
ක්රිෂ්ණ දකින ශිෂුපාලට තැන නොතැන වගේම තමන් ගැන කියල තිබ්බ අනාගත වාක්යයත් අමතක වෙනවා. ඔහු එකසිය එක වතාවක් ක්රිෂ්ණට අපහාස කරනවා. මතකනේ ක්රිෂ්ණ, ශිෂුපාලගේ දෙමාපියන්ටා වෙච්ච පොරොන්දුව- සිය සැරයක් අවමන් කලත් මම ඉවසනවා කියල. දැන් මෙන්න ශිෂුපාල සිය සැරයකට වඩා අවමන් කරලා. ක්රිෂ්ණ තමන්ගේ සුදර්ශන චක්‍ර කියන රවුම් කවපෙත්තක් වගේ ආයුධයෙන් දමල ගහනවා ශිෂුපාලට. ඔහු එතෙන්දීම මැරිලා වැටෙනවා.
ක්රිෂ්ණ රුක්මණී විතරක් නෙවෙයි තව භාර්යාවන් 16,000 කට වඩා පාවා ගත්තා. සමහරු කියන විදිහට නම් රුක්මණී තමයි ක්රිෂ්ණ
ප්රධාන භාර්යාව. හැබැයි මම නං අහලා තියෙන්නේ ක්රිෂ්ණ ගේ ප්රධාන භාර්යාව රාධා කියල. ඒ කොයික උනත් රුක්මණී ට ක්රිෂ්ණ හින්දා දරුවන් දහ දෙනෙකු ලැබුණු බවත් සඳහන්.
ඒ කට්ටිය එහෙම ඉන්න කොට මේ කතාව අමරණීය කලේ මාඝ.
මෙන්න මේ කතාව තමයි ශිෂුපාල වධය එහෙම නැත්තං ශිෂුපාල මරා දැමීම කියන කවි පොතට වස්තු බීජ වෙලා තියෙන්නේ. මාඝ නම් කවියා කරපු ඒ කාව්යය සිංහලෙන් තියෙනවද කියල මම දන්නේ නෑ. නමුත් සංස්කෘත මහා කාව්‍ය හයෙන් එකක්ලු මේ පොත. ඒ කොහොම වෙතත් තීන්ත නදිය පරිවර්තනය කියවපුවම මාඝ ගැනත් ඔහුගේ මේ අමරණීය කාව්යය ගැනත් ඇති වෙන්නේ පුදුම ගෞරවයක්. මෙතැන මාඝ කියන්නේ ලංකාව යටත් කර ගත්තු රජ්ජුරුවෝ නෙවෙයි අර සංස්කෘත කවියා.
මේ කවි පොතේ හරිම
කාව්‍ය බන්ධන රාශියක් තියෙනවලු. සර්වතෝබද්‍ර කියල හඳුන්වන අමාරු කාව්‍ය බන්ධන විශේෂයකට
ලියවුනු කවියක් තමයි මේ.
කායසාද දසයකා
රසාහවා වාහසාර
නාදවාද දවදනා
මේ කවියේ ඉස්සරහට, පස්සට, උඩට, පහලට කොහොම කියෙව්වත් එකම විදිහටලු කියවෙන්නේ. උඩට
කියවෙන විදිහ බලන්ඩ නං මේ කවියේ ප්රතිබිම්බයකුත් බලන්ඩ ඕන.
ඒ කොහොම උනත් ඒ කවිය මට පුළුවන් විදිහට
සිංහලට
පෙරලපුවම
අදහසක් තමයි
යුදයෙහි සිත් බැඳුනු - සේනා සතුය මිතුරන්
නෙක රුදුරු සතුරන් - දුටු පෙරමග සිහින
හා උන්ගේ ගමන
වැළකු .....
තවද මේ
සේනා..
සතු වේ
හඬ පමණක්ම නගනා
සංගීත භාණ්ඩද....
මේ කතාව ඇත්ත නේද අදටත්!!! හුගක් සේනාවල වගේම නායකයෝ ලඟත් ඉන්නවා යුද්ධෙකදී ප්රයෝජනවත් වෙන ධීර වීර මිතුරන්. තවත් කට්ටියක් ඉන්නවා නිකං සද්දේ විතරක් දදා ඉන්න වැඩ නැති හෝ වැඩ කරන්ඩ බැරි කට්ටියකුත් හරියට අර කවියේ කියවෙන සංගීත භාණ්ඩ වගේ. අර කතාවක්
තියෙනවනේ වර්තමානය හා අනාගතය කියන්නේ
ඉතිහාසයේම නැවත නැවත ප්රති නිර්මාණය වීමක් කියල.
ඉතිං එදා හිටපු ශිෂුපාල වෙනුවට අද අපිට වෙන පාලලා ඉන්නවා. එදා වගේම වෙලාව එනකල් කල් බලන ක්රිෂ්ණ ලාත් ඉන්නවා.
වර්තමාන ශිෂුපාල ලා එක්ක වගේම ක්රිෂ්ණ ලා එක්කත් අර ඉස්සරලා කියපු විදිහේ 'සංගීත භාණ්ඩ' ඉන්නවා ඕන තරම්. හැබැයි ඒ සංගීත භාණ්ඩ කොච්චර හොඳට තමන්ගේ වැඩේ කරනවද කියනවනං අපිට හිතෙන්නේ වාදකයෙක් නැතුව උනත් මේ හිස් සංගීත භාණ්ඩ වලට මිහිරි නද පතුරු වන්ඩ පුළුවන් කියලා. ඒ හින්දම තමයි අපිම ඒ හිස් සංගීත භාණ්ඩ අද කාලේ රාජ සභාව වෙච්චි පාර්ලිමේන්තුවට තෝරලා යවන්නේ.
ඊට පස්සේ පාර්ලිමේන්තුවේ වාද විවාද හුදෙක් භීභත්ස්ය රසයක් හෙවත් ජුගුප්සාජනක, අප්පිරියාව උපදවන නාට්‍ය බවට පත් වෙන්නේ.
අනේ ඊළඟ චන්දෙදි වත් සංස්කෘත මහා කවි මාඝ මීට අවුරුදු එක්දාස් තුන්සීයකට විතර කලින් දුන්න පාඩම අපිට මතක තිබේවා...
…….රසාහවා වාහසාර
නාදවාද දවදනා
……
//සමන් කළුආරච්චි
ReplyDeleteකට්ටස්,ඔය යෝධයාගේ ලියවිලි රහයි.මේත් එයැයිමැයි https://sililara.com/
කවියට තුති. බාරස කාව්‍ය ටයිප් එකේ වගේ.
ස්තූතියි සිරිබිරිස් තුමා. මං ගිහිං බැලුව අර 'යෝධයගෙ' සයිට් එක. හැබෑම සිලිලාරක් තමයි. බාරස කාව්‍යයට වඩා ශිෂුපාල වධයේ කවි වැඩියි. ඒ හින්දම අලංකාර පාවිච්චියටත් ඉඩ වැඩියි. සංස්කෘත උගත්තු කියන විදිහට මාඝ කියන්නෙ කාලිදාස, දණ්ඩීන් හා භයිරවී ගේ සංකලනයක්.....ආයෙ දවසක හම්බෙමු. එතකල් මම යනව සිලිලාර කියවන්ඩ....
Delete// Godse had compared his killing of Gandhi with Lord Krishna's killing of Shishupal. //
ReplyDelete- The Mahatma and the Muslims By Y. G. Bhave
නවනළු රසයම ගැබ්වෙලා තිබුණා වගෙයි ඒ ලියවිල්ලේ!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි කට්ටා මල්ලි...ශිෂුපාල කතන්දරේ මම අහලම තිබ්බෙ නැහැ...
ReplyDeleteපලි - ඒ බොල... පිළිකුල් රසයට කියන්නෙ "බීහත්ස රසය" කියල නේද?
This is a story from Mahabharata
ReplyDelete++++
ReplyDeleteඑදා කියවල ගියාට මොකුත් කියන්න බැරි වුනා. කවදාවත් අහල නොතිබ්බ කතාවක්.
ReplyDeleteනව නළු රසය හරියටම දැනගත්තේ අදයි. බොහොම ස්තූතියි.
ReplyDeleteප්‍රේමසිරි කේමදාස ශූරීන් අනුස්මරණ ප්‍රසන්ගයක පෙරවදන ලියූ ලූෂන් බුලත්සින්හල කියනවා කේමදාසයන්ගේ සන්ගීත භාවිතාව ග්‍රහනය කරගැනීමට සමත් ප්‍රේක්ෂක ඇන්ටනාවක් හැදුනේ නෑ කියලා.
ඔබේ විශිෂ්ට කලා භාවිතාව හා තුන්කල් ගලපා ලිවීම ග්‍රහනය කරගතහැකි කියවන්නන් කුලකය වැඩිදියුනු වේවායි පතමි.
This comment has been removed by the author.
ReplyDeleteඉතාමත්ම වටින ලිපියක්. එක හුස්මට කියවන්න පුළුවන්.
ReplyDeleteඔබතුමා ආචාර්ය චානක්‍ය (කෞටිල්‍ය / විශ්නගුප්ත ) ගැන ලියන්න අදහසක් නැද්ද? ඔහු ගැන ඔබතුමාගෙ මතය කුමක්ද?
ස්තුති!