කෝච්චියේ ගියත්, බස් එකේ ගියත්, මළ ගෙදරකට,
පිංකම් ගෙදරක්ට ගියත්, යාලුවෙක් එක්ක කතා කරත් මේ දවස් වල හැමෝගෙම කතාව ලඟ ලඟ එන්ඩ පුලුවන්
චන්දේ ගැන. චන්දයක් කියන්නේ අපේ ගම් පළාතේ අයට නං පොඩි ලොතරැයියක් වගේ දෙයක්. හැමෝටම
වගේ ඕන මන්ත්‍රීලා වෙන්ඩ. කසිප්පු මුදලාලිලාගේ ඉඳන් හොරෙන් ගස් කපන ගස් මුදලාලත්,
හොර පොල් කඩන අයත්, අරගලයේ වාසිය ගන්ඩ මාන බලන ලංකාවෙ තියෙන තරමක් පක්ෂ වලින් මිට
ඉස්සර ඉල්ලපු අයත් මේ පාර චන්දේ ඉල්ලනවා.
දේශපාලන පක්ෂ ගත්තත් අති දක්ෂිණාංශික ඉඳන් අති වාමාංශික දක්වා විවිධ කණ්ඩායම්
පොර පිටියේ ඉන්නවා.
මේ අය අපිට ගේන ලොතරැයිය ගැන මට නං තියෙන්නේ
බයකුයි, පිළිකුළකුයි. ගිනි පෙනෙල්ලෙන් කාපු බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ.
ඉතිං හිතේ කාංසිය යන්ඩත් එක්ක කෙටි කතාවක් කට්ටකාඩුවට ගේන්ඩ හිතුවා.
මේ ඇමරිකානු ජාතික Shirley
Jackson, 1948 දි ලියපු The Lottery කෙටි කථාව හෙළ බසට නැඟුමකි. වෙනත් බසකින්, වෙනත් සංස්කෘතියක් අරභයා ලියැවුනක් තවත්
සංස්කෘතියක වෙනත් බසකට නැඟුම අපහසුය. එනිසා බොහෝ අතපසුවීම්, දෝෂ සිදුවිය හැකිය. එනිසා සුධීහු කමත්වා!!!