අලියා කියන්නේ දැනට ගොඩබිම මත ජීවත් වෙලා ඉන්න ලොකුම සතාය. පොඩි කාලේ පටම්ම අලියෙක් දැක ගන්ඩ අපිට තිබ්බේ ආසාවක්. නිතරම ලොකු ලොකු දේවල්ම කරන්ඩ අම්මලා තාත්තලා අපිව පොළඹවන හින්දමද කොහේදෝ පාරේ අලියෙක් ගියත්, අඩුම ගානේ දම්වැල් එකට හැප්පෙන ලොකු සද්දයක් පාර පැත්තෙන් ආවත් අම්මලා අපිව එක්කගෙන යනවා අලි බලන්ඩ. කව්ද කියල තියනවනේ අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැති වැඩ දෙකක් කියලා. ඒක හිංදා වෙන්ඩැති තාමත් අපි අලි බලන්ඩ කැමති. මේ ලඟදි දවසක අලියෙක් එන සද්දයක් ඇහිලා පාර දිහා බලනකොටම මගේ හිතට ආවා අලි කියන්නේ මොක්කුද කියලා ටිකක් හොයල බලන්ඩ. මං ඉතිං ඔය සත්ව විශේෂඥයෙක්වත්, අලින්ටත් වඩා අලි ගැන දන්න ලංකාවේ හීලෑ අලින්ගේ අයිතිකරුවන්ගේ සංගමේ කෙනෙක් වත් නොවෙන හිංදා පොතක් පතක් බලලා තමයි
කරුණු හොයා ගත්තේ.
අලි ගැන පොතේ පතේ තියන දේ ඇත්තමද කියල අහගන්ඩ මං අපේ ගමේ ඉන්න අලි පිලිබඳ විශේෂඥයා - කඩේ මාමා - වත් සම්බන්ධ කරගත්තා. උන්දැගේ ගෙදර ඉස්තෝප්පුවේ සද්දන්ත කොළ පාට
ඇතෙක් ගේ පිංතූරයක් ගහලා තියන හින්දත්, ඔය ලංකාවෙ අලි රැහැට විඩෙන් විඩේ නායකත්වය දුන්න 'අලි කාරයෝ' කීප දෙනෙක්ගේ පින්තූර එල්ලලා තියන හින්දත් මට හිතුනා උන්දැ තමයි මේ වැඩේට අල්ලගන්ඩ හොඳම චරිතේ කියල. ඉතින් ඔන්න වැඩි වැල් වටාරම් නැතුව කතන්දරේ.
අලින්ගේ එක එක වංශ තියනවා කියලා අපි කිව්වට සත්ව විද්යාත්මකව නං උං අයිති වෙන්නේ සත්ත්ව රාජධානියේ කෝඩේටා වංශයට (Phylum - Chordata). එහෙම නැත්තං ජීවිත කාලේ කොයියම්ම අවස්තාවක හරි ඔලුව පැත්තේ ඉඳන් වලිගෙ පැත්තට දිවෙන කූරක හැඩය ගත්තු, ස්නායු පද්ධතිය ගමන් කිරීමට ඉඩ සලසන ව්යුහයක් ඇති සත්තු කොටසට. හරියටෝම
කිව්වොත් අලි අයිති වෙන්නේ මේ කෝඩේටා වංශෙත් පිට කොන්දක් තියෙන වර්ටිබ්රේ උප වංශයට තමයි.
අපේ ගමේ කට්ටිය නං කියන්නේ දැන් ඉන්න අලින්ට පිට කොන්දක් නෑ කියලයි. ඒක සත්ව විද්යාත්මකව වැරදියි.
“පුතා ඉස්සර අලි අයිති උනේ මොන වංශෙටද?” කඩේ මාමා ඇහුවා.
“ඒ කිව්වේ?”
“ඒ කිව්වේ ඔය කෝ ඩේටා කියල නම දාන්ඩ ඇත්තෙ මේ ඩිජිටල් පොරොන්දු කඩ උනාම වෙන්ඩෑතිනේ..ඉතින් ඊට කලිනුත් උන්ට නමක් තියෙන්ඩ ඇතිනේ?”
“නෑ…. නෑ ….කඩේ මාමෙ මෙතන කියන්නෙ එහෙම ඩේට එකක් ගැන නෙවෙයි. මේක ලතින් නමක්”.
“ආ එහෙම නං කමක් නෑ...මං හිතුව ඒක නෝන්ඩියට දාපු නමක් කියල!”
අලි අයිති වෙන ගෝත්රය ප්‍රොබොසිඩේ (proboscidea).
ඒ කියන්නේ හොඬයක් තියන කිරි බී වැඩෙන සත්තු අයිති වෙන ගෝත්රයට. මේ ගෝත්රයේ විශේෂ ලක්ෂණ තමයි සද්දන්ත ශරීරය.
බොහෝ කාලෙකට ඉස්සර නරියෙක් විතර සයිස් සත්තු හිටියට උං ඒ කාලෙම ඒ කියන්නේ පැලියෝසීන යුගයේදීම වඳ වෙලා ගිහිල්ලා. ඉතිං
පහුගිය අවුරුදු පන් කෝටිය තුල හිටපු මේ ගෝත්රයේ කිසිම සතෙක් කලිසං සාක්කුවක හෙම දාගෙන යන්ඩ බෑ.
කොහේ හරි ජොලියට ගෙනිහිල්ලා අමතක කරලා දාලා එන්ඩත් බෑ!! ඉතින් කවුරුහරි කියනවනං මේ සතා කවුරු හරි අමතක වෙලා දාලා ගියා කියලා ඒ කියන්නේ ගල් පැලෙන කෙබරයක්. එක්කෝ ඒ ප්රොබොසිඩේ ගොත්රිකයෙක් නෙවෙයි!! එහෙමත් නැත්තං අර ජුරාසික් පාර්ක් ෆිල්ම් එකේ වගේ ඈත අතීතයේ වඳ වෙලා ගිය සතෙකුට ආයෙත් පන දීලා. පස්සේ පස්සේ පරිණාමය වෙච්චි මේ ගෝත්රයේ සත්තුන්ට දළ දෙකක් වගේම මාංශපේශි වලින් හැදිච්ච හොඬේකුත් තියනවා.
“අම්මප පුතා ඇත්තද ඔය කියන්නේ?”
“එහෙම තමයි පොත් පත් වල තියෙන්නේ!”
“ඉතින් මං අලි ඇරුනම වෙන සද්දන්ත ශරීරෙකුයි හොඬකුයි තියන වෙන මොකෙක් වත් දැකලා නෑනේ!”
“ඒක හරි මාමා. මොකද මේ ගෝත්රයේ හිටපු අනික් උන් ඔක්කොම වඳ වෙලා ගිහිල්ලා. ඉතුරු වෙලා ඉන්නේ අලියා විතරයි”.
“අන්න එක නම් ඇත්ත!”
“ඒ මොකෝ?”
“නෑ ඒ කාලේ තිබ්බ අත්, යතුරු, තරු, රෝද ඔක්කොම දැන් පීචං වෙලා අමතක වෙලා ගොහින්නේ. අලිය විතරයි තාම ඉතුරු!!”
“අලිය හිටියම මදෑ නේද රට නැතුවට?”
“තොපි මේ මොනවා දැනගෙනද කතා කරන්නේ. තොපි දැක්කද මිරිස් පොලු, හාල් පොලු. තොපි ඒ කාලේ ඉපදිලා වත් නෑ බොලව්!”
“හරි… හරි… අපි මොකටද ගහ ගන්නේ. මෙන්න මේ ඉතුරු ටිකත් කියවලාම ඉමුකො”.
“හුහ්! බොලා පොඩි වැඩියි මේ වගේ කරුණු කාරණා කතා කොරන්ට! හා ඉතින් කියවපංකෝ!!”
ඉතින් කොහොමින් කොහොමින් හරි ප්රොබොසිඩේ ගෝත්රයෙන් ඉතුරු වෙලා තියෙන්නේ එලිෆන්ටිඩේ කුලය (Family - Elephantidae) විතරයි! උන්ගේ විශේෂ ලක්ෂණය තමයි සුවිශාල ශරීරයක් තියන ශාක භක්ෂකයෝ වීම.
ඒ කියන්නේ අලි කන්නේ ගස් වල කොටස් විතරයි. ආ තව එකක්...මේ සත්තුන්ගේ හොම්බ හොඬේ විදිහට විකරණය වෙලා නැත්තං හැඩ ගැහිලා තියෙද්දී දත් සමහරකින් තමයි දළ විකරණය වෙලා තියෙන්නේ. මේ කුලයෙත් හිටපු හුඟක් කට්ටිය වඳ වෙලා ගිහිල්ලා. ඉතුරු වෙලා ඉන්නේ ඝන (genera) දෙකක කට්ටිය විතරයි. ඒ තමයි ඇෆ්රිකානු අලියා අයිති වෙන ලොක්සෝඩොන්ටා (Loxodonta) ඝනය හා ආසියානු අලියා අයිති වෙන එලිෆාස් (Elephas) ඝනය.
“පුතා බැයිද තව කීප දෙනෙක්වත් ඔය කුලෙන් ඉතුරු වෙලා ඉන්නවාද කියල හොයල බලන්ඩ?”
“ඇයි ඒ?”
“නෑ… හැම තැනම ඉස්සර හුගක් හිටියා දැන් උන් වඳ වෙලා ඉතුරු වෙලා ඉන්නේ එකයි දෙන්නයි කියන කොට අපේ ගමේ ඉන්න එව්වෝ හිතන්ඩ ඉඩ තියනවා.....”
“ආ මට තේරුනා...මට තේරුනා. හැබැයි ඉතිං ටික දෙනෙක් ඉන්න එකත් වටිනාකම වැඩි වෙන්ඩ හේතුවක් නේ?!!”
“ආන්න එහෙම ලියන්ඩ”.
ලොක්සෝඩොන්ටා ඝනයට අයිති වෙන විශේෂ දෙකක් තියනවා. ඒ තමයි ඇෆ්රිකානු වනාන්තර වල ජීවත් වෙන අලියයි (Loxodonta cyclotis) ඇෆ්රිකානු පඳුරු ආශ්රිතව ජීවත් වෙන අලියයි (Loxodonta africana) . මේ ඉන්නේ උන් දෙන්නා.
Loxodonta africana
Loxodonta cyclotis
මේ තියෙන්නේ උන් දෙන්නගේ ප්රමාණ ගැන පොඩි සංසන්දනයක්. බලන්ඩකෝ මිනිහෙක් එක්ක ගත්තම කොච්චර විශාලද කියලා!. ඔය පාටින් පෙන්නලා තියෙන්නේ පඳුරු අලියා. අලු පාට එකා වනාන්තර අලියා.
“මං කිව්වනේ මේක හරියන මගුලක් නෙවෙයි. ආයෙත් කියනවා එකයි කියලා. කියන්ඩකෝ පුතා හිත හැදෙන දෙයක්. හැම වෙලේම අවරෙට කතා කරන්නේ නැතුව!”
“ආ මෙන්න තියනවා මාමට සන්තෝස හිතෙන දෙයක්”.
ඔය එලිෆාස් ඝනයට අයිති වෙන්නේ එකම විශේෂයක් උනාට මේකෙ උප විශේෂ හතරක් ජීවත් වෙනවා. උන් තමයි ශ්රී ලාංකීය අලියා(Elephas maximus maximus) , බෝර්නියෝ අලියා (Elephas maximus borneensis), ඉන්දියානු අලියා (Elephas maximus indicus) අන්තිමට සුමත්රානු අලියා(Elephas maximus sumatranus) !!!
ඔය එලිෆාස් ඝනයට අයිති වෙන්නේ එකම විශේෂයක් උනාට මේකෙ උප විශේෂ හතරක් ජීවත් වෙනවා. උන් තමයි ශ්රී ලාංකීය අලියා(Elephas maximus maximus) , බෝර්නියෝ අලියා (Elephas maximus borneensis), ඉන්දියානු අලියා (Elephas maximus indicus) අන්තිමට සුමත්රානු අලියා(Elephas maximus sumatranus) !!!
“පුතා බලහංකො අපෙ අලියා වෙනම කැපී පේන එකෙක් කියල මං කිව්වෙ නැද්ද?”
ආසියානු අලියා කියලා මුලින්ම විස්තර කලේ අපේ අලියව. අපි කොහොමත් සුද්දෝ එක්ක හොඳ පයිරු පාසානයක් තිබ්බ හිංදා වෙන්ඩ ඇති ඒ. ඒක කලේ වර්තමාන වර්ගීකරණ ක්රමය ඉදිරිපත් කරපු ලිනේයස් උන්නැහේම තමයි.
සාමාන්යයෙන් ඇෆ්රිකානු අලියට වඩා ආසියානු අලියා කුඩා උනත් ආසියානු අලි අතරේ විශාලතම සතා අපේ අලියා. උං කිලෝ 2,000 -5,500 යුක්තයි. උරිස්සට උස අඩි 6.6 - 11.5 විතර වෙනවා. ඒ කොහොම උනත් අතීතයේදි ගත්තු චායාරූප එක්ක සංසන්දනය කරලා බලද්දී දැන් ඉන්න අපේ අලි ටිකක් පොඩියිලු. ඒකට හේතුව විදිහට හිතන්නේ ලොකු ශරීරයක් තිබ්බ අලි ටික මරා දාපු හිංදා වෙන්න ඇති කියලා තමයි හිතන්නේ!
සාමාන්යයෙන් ඇෆ්රිකානු අලියට වඩා ආසියානු අලියා කුඩා උනත් ආසියානු අලි අතරේ විශාලතම සතා අපේ අලියා. උං කිලෝ 2,000 -5,500 යුක්තයි. උරිස්සට උස අඩි 6.6 - 11.5 විතර වෙනවා. ඒ කොහොම උනත් අතීතයේදි ගත්තු චායාරූප එක්ක සංසන්දනය කරලා බලද්දී දැන් ඉන්න අපේ අලි ටිකක් පොඩියිලු. ඒකට හේතුව විදිහට හිතන්නේ ලොකු ශරීරයක් තිබ්බ අලි ටික මරා දාපු හිංදා වෙන්න ඇති කියලා තමයි හිතන්නේ!
“හිතන්ඩ දෙයක් නෑ එක තමයි ඇත්ත!”
“ඒ කොහොමද මාමා හරියටම ඒක දන්නේ?”
“ඇයි අපේ
හුගක් දළ ඇත්තු මරලා දැම්මනේ බෝම්බ ගහලා, වෙඩි තියලා. අන්න උන්නාන්සෙලා හිටියනං බලා ගන්ඩ තිබ්බ වැඩේ!!”
පහුගිය පරම්පරා තුන විතර ඇතුලෙදි ලංකාවේ අලි ගහණය 50% කින් විතර අඩු වෙලා. ඒක හින්දම 1986 ඉදන් ලංකාවේ අලියා වඳවීමේ තරජනයට මූණ දීල ඉන්න සතෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ කොහොම උනත් තාම ආසියාව තුල වැඩිම අලි ඝනත්වයක් තියෙන්නේ ලංකාවේ. දවසින් දවස සිද්ද වෙන අලින්ගේ වාසස්ථාන විනාශ වීම, හායනය හා කැබලි වීම
නිසා දිනපතාම අලි මිනිස් ගැටුම් වැඩි වෙනවා. මෙහෙම ගියොත් තව ටික කාලෙකින් තමුන්ගේ අතීත නෑදෑයෝ කළා වගේම අපේ අලිත් මේ ලෝකෙන් සදහටම සමු ගනීවි.
මේ අතරේ ඊයේ පෙරේද දැන ගන්ඩ හම්බ උනා ඇමරිකාවේ ජනාධිපති උන්නැහේ ඒ රටේ තියන නීතියක් ඉවත් කරන්ඩ යනවලු. ඒ තමයි ඇමරිකානු දඩයක්කාරයෝ පිට රටවලදී මරණ අලි ඇත්තුන්ගේ කොටස් සිහිවටන විදිහට ඇමරිකාව තුලට ගේන්ඩ ඉඩ දෙන්ඩ කියන යනවා කියන එක. උන්දැට අලි ඇත්තු කිසි අනුකම්පාවක් නැති ගානයි. හැබැයි උන්දැ නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂේ ලාංජනයත් අලියා. හැබැයි මං දන්න තරමින් ඇමරිකාවේ අලි ඉන්නේ සත්වෝද්‍යාන විතරයි. එක අතකට ඒක පුදුම වෙන්ඩ දේකුත් නෙවෙයි. මොකද ලඟදි දවසක ලංකාවේ නියෝජ්‍ය ඇමතියෙක් කියල තිබුනනේ අපිට අලි වැඩි හිංදා අනිත් රටවල් වලට අලි 2,000 විතර 'තෑගි දෙමු' කියලා. උන්දැත් පාර්ලිමේන්තුවට ආවේ අලි පක්ෂෙන්ම තමයි.
මේ අතරේ ඊයේ පෙරේද දැන ගන්ඩ හම්බ උනා ඇමරිකාවේ ජනාධිපති උන්නැහේ ඒ රටේ තියන නීතියක් ඉවත් කරන්ඩ යනවලු. ඒ තමයි ඇමරිකානු දඩයක්කාරයෝ පිට රටවලදී මරණ අලි ඇත්තුන්ගේ කොටස් සිහිවටන විදිහට ඇමරිකාව තුලට ගේන්ඩ ඉඩ දෙන්ඩ කියන යනවා කියන එක. උන්දැට අලි ඇත්තු කිසි අනුකම්පාවක් නැති ගානයි. හැබැයි උන්දැ නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂේ ලාංජනයත් අලියා. හැබැයි මං දන්න තරමින් ඇමරිකාවේ අලි ඉන්නේ සත්වෝද්‍යාන විතරයි. එක අතකට ඒක පුදුම වෙන්ඩ දේකුත් නෙවෙයි. මොකද ලඟදි දවසක ලංකාවේ නියෝජ්‍ය ඇමතියෙක් කියල තිබුනනේ අපිට අලි වැඩි හිංදා අනිත් රටවල් වලට අලි 2,000 විතර 'තෑගි දෙමු' කියලා. උන්දැත් පාර්ලිමේන්තුවට ආවේ අලි පක්ෂෙන්ම තමයි.
අලි ඉන්ඩ ඕන පෙරහැරේ යන්ඩවත්, කොට අදින්ඩවත් නෙවෙයි. හැබැයි කැලේ ඉන්නවා කියල කන්ද නැතුව මැරෙන්ඩ හරි කන්ඩ දෙයක් හොයා ගන්ඩ හේනකට, ගමකට පැනපුවම හක්ක පටස් කාලා දුක් විදලා මැරෙන්ඩත් නෙවෙයි. අනික් පැත්තෙන් දුප්පත් ගොවියෝ වල් අලි හිංදා විදින දුක කුරුණෑගල හරි පුත්තලමේ හරි ගමකට ගිය ඕන කෙනෙක් දන්නවා. ඉතිං අපිට ආඩම්බරයක් ගේන අලියා රැක ගන්නේ කොහොමද කියන එකත් අලියගේ ඇග පත වගේම ලොකු ප්රශ්නයක්. සමහරවිට අලියගේ තරම ඌ දන්නේ නෑලූ කියල ජන කවියක තියෙන්නෙ ඒ හිංදා වෙන්ඩ ඇති.
ආශ්රිත වෙබ් අඩවි
චායාරූප - ගූගල් සෙවුම් තුලිනි
නියම විස්තරේ . අර කවියත් හොයල දැම්ම නං නරකද?
ReplyDeleteතාම හොයා ගන්ඩ බැරි උනා. හම්බ උනොත් දාන්නම්.
Deletealiyage tharama mama nam eda indalama danagena hitiya
ReplyDeletemathak karnna epa okun karapau dewal
නියම විස්තරයක්.
ReplyDeleteඔය සමහර 'ස්ථාන' වල අලි දාල ගියා කියන හැටියට ඔය උප විශේෂ වලට අමතරව අලුතෙන් තව විශේෂයක් ඒකතුවෙලාද කියල හොයල බලන්න වෙයි.
ඔය කියන්නේ අර අමතක වෙලා දාලා ගිය අලි / පූස් පැටියා නේද? කුරු අලි කියලා ජාතියක් ඉඳලා තියනවා අතීතේදි. සමහරු කියනවා සිරිපා අඩවියේ හිටපු එහෙම ඇතෙක් මීට ටික කාලෙකට කලින් මැරුවා කියලා අපේ පව්කාරයෝ. හැබැයි ඒ කුරු අලියාවත් අමටක වෙලා දාලා යන්ඩ තරම් පොඩි නෑ මගෙ හිතේ.
Deleteඋපහාසයයි දැනුමයි දෙකම තියනවා.අර ලංකාවේ අලි ඉන්න පුළුවන් ප්‍රමානයට වැඩිය දෙගුණයක් ඉන්න හින්ද පිටරටවලට විකුණලා අදායම් ගන්ඩ කියල දාපු යෝජනවා හොඳ නැද්ද.එතකොට ඔය අලි ප්‍රශ්න තරමක් හරි අඩුවෙයී නේද.කොහොමත් මට හිතෙනවා එක කරන්ඩ කලින් ඊලග චන්දෙන් පස්සේ අලි ගහනය බරපතල ප්‍රතිශතයකින් අඩුවෙයි කියල.
ReplyDeleteප්‍රශ්නේ ලංකාවේ අලි කොච්චරක් ඉන්නවද කියලා අපි හරියටම දන්නේ නැති කම. සමහරවිට අලි 2,000 කියන්නේ මුළු අලි ගහනයෙන් බාගයක් වෙන්ඩත් පුළුවන්. අපි එහෙම දෙයක් කලොත් ජාන කිටුව අඩු වෙලා ඉතුරු අලි ටිකත් නැති වෙලාම යන්ඩ පුළුවන්.
Deletehttp://thewildlife.wbur.org/2014/12/22/a-dwarf-elephant-with-outsized-attitude/
ReplyDeleteස්තූතියි තොරතුරට
Deleteසමහර අලි ඉන්නව අයිබොවන්ඩ...අලි හොරු..ගොයියන්ගෙ වී ටික බීල දානව නොකර සද්ද.. පිලිකන්නෙන් ඇවිත්... සමහර අලි කප්පම් ගන්ඩත් පුරුදුවෙලා..ඒ මදිවට කියන්ඩත් ලැජ්ජයි හිඟන අලිත් ඉන්නෝ...කොහෙන් ඉගෙන ගත්තද මන්දා......
ReplyDeleteආන්න අලි! එකත් එකටම මිනිස්සුන්ගෙන් පුරුදු වෙලා වෙන්ටෑ ආයිබෝං!!
ReplyDeleteතවත් හොඳ ලිපියක් ගොඩක් දේ දැනගත්තා,බලල නැත්තම් බලන්න මේ ඩොකියුමන්ටරිය 'සද්දන්තයන්ගේ දන්ත සන්තෑසිය' The Ivory Game
ReplyDelete