අවුරුද්දේ මට හම්බ වෙච්ච එස්.එම්.එස් සුභපැතුම් ගණනාවක
තිබුනේ බත බුලතින් සරු වෙන අවුරුද්දක් ලැබේවා කියලා. මේක අතීතයේ ඉඳන් පැවත එන
සිංහල සුභ පැතුමක්. ඒ වෙලාවේ තමයි මට හිතුනේ මේ සුභ පැතුමේ ආරම්භය අද දවසට කොච්චර
ගැලපෙනවද කියලා.
ඈත අතීතයේදී බත් හා බුලත් අපේ ප්‍රධාන අහාර අවශ්‍යතා වෙන්ඩ ඇති.
ඉතින් බතුයි බුලතුයි කාට හරි අවශ්‍ය ප්‍රමාණයට තියනවා නං ඔහුගේ හෝ ඇයගේ ජීවිතේ
වාසනාවන්ත එකක් විදිහට සැලකෙන්ඩත් ඇති. සමහරවිට මේ දේවල් ඇති පමණට ලැබුනේ සමාජයේ වැදගත් එහෙම
නැත්නං ප්‍රධාන පුද්ගලයන්ට විතරක් වෙන්ඩත් ඉඩ වැඩියි. ඉතින් මේ සුභ පැතුම ලබන්නාට
සමාජයේ වැදගත් තැනක් හිමිවේවා කියල පැතීමත් එක අදහසක් වෙන්ඩ ඇති. ඒ කොහොම උනත් බත්
බුලත් අපේ පැරණි සමාජේ අඩුවෙන් තිබ්බ, දුර්ලභ දේවල් කියලනම් මේකෙන් හොඳටම ඔප්පු
වෙනවා. බහුලව තිබ්බ එහෙම නැත්තං එච්චර අපහසුවකින් තොරව ලබා ගන්ඩ පුළුවන් දේවල්
නැවත නැවත ලැබේවා කියල ප්‍රාර්ථනා කරන එක සිහි මොලේ ඇති කෙනෙක් කරයි කියල හිතන්ඩ
අමාරු හින්දයි එහෙම තීර්ණේකට මම ආවේ.
එදා සමාජයේ බත් එහෙම නැත්තං හාල් පරිභෝජනය අඩු වෙන්ඩ
හේතුව නිෂ්පාදනය අඩුකම. වාරි පහසුකම් අඩු වෙච්ච හිංදා, නැත්තං කැරළි
කෝලාහල වගේ වෙනත් හදිසි කටයුත්තකට ශ්‍රමය
යොදවන්ඩ වෙච්ච හිංදා එහෙමත් නැත්තං ස්වභාවික උවදුරු වගේ සිද්ධි හිංදා අපේ
සමාජය සාගත වලට මුහුණ දුන්නු බවට ඕන තරං සාක්කි මහා වංශය ඇතුළු බොහෝ ඉතිහාස පොත්
වල සඳහන්. අපි විතරක් නෙවෙයි අපිට පරමාදර්ශ සපයපු උතුරු ඉන්දියානු සමාජෙත් මෙහෙම
සාගත ඇති උනා. පස් මහ බැලුම් බලල බුදු වෙච්ච අපේ බුදු හාමුදුරුවන්ටත් එක වස් කාලයක
අශ්ව කෑම වලදන්ඩ උනා කියල මම අහලා තියනව. ඒ වගේ උත්තමයෙක් ඒක උපේක්ෂාවෙන් ඉවසුවට බොහොම අමාරුවෙන් ලබා ගන්න මනුස්ස
ජීවිතයක් තුල මනුස්සයෙක් විදිහට කාලා, බීලා, සතුටින් ඉන්ඩ නොලැබීම අවාසනාවන්ත තත්වයක්.
මේ අවාසනාවන්ත තත්වෙන් ගැලවෙන්ඩ තමයි අහාර වලින්
ස්වයංපෝෂිත වීම හුගක් රටවල් වල මූලික ඉලක්කයක් උනේ. අවුරුදු ලක්ෂ ගානක් පුරා, මිනිස්සු
පරම්පරා දාස් ගානක් දැක්ක ඒ හීනේ - කෑමෙන් අග හිගයක් නැති ජීවිතයක්- සැබෑ කර ගන්ඩ
පුළුවන් වෙන්නේ මීට අවුරුදු 50-60 කට ඉස්සරලා. ඒ අපි කැමති උනත් අකමැති උනත් ලෝකේ සිදු
වෙච්ච හරිත විප්ලවය කියල හඳුන්වන කෘතීම රසායන ද්‍රව්‍ය පාවිච්චිය, වැඩි දියුණු
කල බීජ ප්‍රබේධ භාවිතය වගේ තාක්ෂණයන් එක්ක. ඊට කලින් ලෝකේ ඉන්න මුළු ජනගහණයට ඕන
තරමට ආහාර නිපදවීමක් උනේ නෑ. ඒක තමයි ඇත්ත.
දැන් මම එන්නං කතාවේ දෙවැනි කොටසට.
ලංකාවේ ආණ්ඩුව වස විස නැති රටක් කියලා මහ ලොකු වැඩසටහනක්
පටන් ගත්තේ 2016 මාර්තුවේ දී.
හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝගය වගේ බෝ නොවෙන රෝග ව්‍යාප්තිය ඉහල ගිහිං
තියන වටපිටාවක ඒකට උත්තර හොයන්ඩත් එක්ක තමයි ඒ වැඩ පිළිවෙල පටං ගත්තේ. ඒ අරමුණු
බොහොම හොඳ ඒවා. ඒ ගැන සැකයක් නෑ. මට සැකයක් උපදින්නේ ඒ අරමුණු ඉටු කර ගන්ඩ යන ආකාරය ගැනයි. ඒ
අවුරුදු තුනක් තුල රට පුරාම කෘෂි රසායන භාවිතයෙන් තොරව භව බෝග- අපේ මාතෘකාවට අදාලව නං වී වර්ග වගා කරන්ඩ
උත්සාහ ගැනීමෙන්.
හැබෑටම මේක කරන්ඩ පුළුවන් දෙයක්ද?
මම කාලයක් හම්බන්තොට සූරියවැව පැත්තෙත් මොණරාගල වැල්ලවාය
පැත්තෙත් වැඩකලා. ඔය 'රත්නවීර' ලා 'වම් බොට්ටලා' වැඩ පෙන්නපු
කාලේ මං හිටියේ ඒ පැත්තේ කරක් ගහ ගහ. ඔය කාලේදී රත්නපුරේ හේමන්ත අබේවර්ධන මහත්තයත් රට පුරා
යමින් පැරණි වී වර්ග ජනප්‍රිය කරන්ඩ උත්සාහ ගත්තු කාලේ. මාත් උන්නැහෙත් එක්ක එකතු
පහදු වෙලා පැරණ වී වර්ග දහයක් විතර වැල්ලවායට අඳුන්නලා දුන්නා. අපි ගොවියෝ 60-70 එක්ක වැඩ කරන
කොට වැල්ලවාය පැත්තේ කිසිම රාජ්‍ය ආයතනයක් මේ පාරම්පරික වී ගැන කටයුතු කලේ නෑ. මේ
බොහොම මෑතකදී මට දැන ගන්ඩ හම්බ උනා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔය මං කියන
කාලෙට ටිකකට කලින් පාරම්පරික වී අඳුන්නලා දෙන්ඩ උත්සාහ ගත්තු බව. හැබැයි මං වැඩ
කරන කාලේ වෙනකොට ඒ වැඩසටහන් අභාවයට ගිහිං තිබ්බා. අත්තෙම්ම කිව්වොත් ඒ වෙනකොට වැල්ලවාය
පැත්තේ විශේෂයෙම්ම වැල්ලවායේ ඉඳන් තණමල්විල පැත්තට වෙන්ඩ පැරණි වී හොයා ගන්ඩ වත්
තිබ්බේ ගොවියෝ හය හත් දෙනෙක් ළඟ විතරයි. ඒ අයත් තමුන්ගේ ප්‍රයෝජනේට පොඩි ප්‍රමාණෙන්
වගා කරා මිසක්ක විකුණන්ඩ තරං අස්වැන්නක් ගන්න තත්වයක් තිබ්බේ නෑ.
ඉතින් ඒ පැත්තට
පලවෙනි පාරට වෙළඳපොල ඉලක්ක කර ගත්තු පැරණි වී වගාව අඳුන්වලා දුන්නේ අපි කිව්වොත්
වැරදි නෑ. ප්‍රතිපලේ සාර්ථක උනා. අස්වැන්න අඩු උනත් රත්දැල්, සුවඳල්, කලු හීනටි, මඩ තවාලු, කුරුළු තුඩ
වගේ පාරම්පරික වී කිලෝ එකකට රුපියල් 150 -200 දෙන්ඩ අපිට පුළුවන්
උනා. ඒ හාල් කිලෝ එකක් ලේසියෙම්ම රුපියල් 250-300 අතර මිලකට විකිණුනා.
ඇත්තම කිව්වොත් ඉල්ලුමට හරියන විදිහට සැපයුම නොතිබ්බ හිංදා ඕන නං තව ටිකක් වැඩි
මිලකට උනත් මෙව්වා විකුණන්ඩ පුළුවන්කම තිබ්බා.
පළවෙනි කන්න දෙක පුරාම අපි ගොවියන්ට කිව්වේ අක්කර කාලකට
අඩු ප්‍රමාණයක මේ පරණ වී වවන්ඩ කියලා. එක ගොවියෙකුට කුඹුරු අක්කර දෙක තුනක් තිබ්බ
ගමක අක්කර කාලක් කියන්නේ පොඩි ප්‍රමාණයක්. එහෙම කලේ ගොවියන්ට අඩුම අවදානමකින්
පාරම්පරික වී වර්ග වවන්ඩ ඕන කරන අත්දැකීම් ලබා දෙන්ඩත්, අපිට තිබ්බ
බිත්තර වී ප්‍රශ්නෙට විසඳුමකුත් විදිහට. ඒත් තුන්වැනි හතරවැනි කන්න වෙනකොට මේ ප්‍රශ්න
දෙකම සාර්ථකව විසන්දගන්ඩ පුළුවන් වෙච්චි හිංදා පාරම්පරික වී වවන අක්කර ප්‍රමාණය
වැඩි කරන්ඩ ඉඩ තිබ්බා. ඒකෙන් වැඩි ලාබෙකුත් ලැබුන හිංදා අපි හිතුවේ ගොවි
මහත්තුරුත් මේ වැඩේට එක පයින් කැමති වෙයි කියලා. ඒත් ඒක එහෙම නොවෙන බව මට අමතක
නොවෙන පාඩමකුත් එක්ක කියල දුන්නේ අපිත් එක්ක හිටපු දක්ෂ ගොවි මහත්තයෙක් වෙච්චි
මහතැන්න ගමේ කිරි බණ්ඩා මාමා.
මං කිරිබණ්ඩා මාමට කිව්වේ එයාගේ කුඹුරු අක්කර දෙකේම
පාරම්පරික වී වර්ගයක් වවමු කියලා. ඒ වර්ගයේ නම මට දැන් මතක නෑ.
"මහත්තය මට කොලොප්පන් කරනවද?" කිරිබණ්ඩා මාමා ගත් කටටම
ඇහුවා.
"ඇයි එහෙම අහන්නේ?"
"අක්කර දෙකේම ඔය වී වර්ගේ වැව්වත් ගෙදරට ඇති වෙන්ඩ
අස්වැන්නක් ගන්ඩ බෑනේ. ඉතිං අපි කොහොමද ඊළඟ කන්න වෙනකල් ජීවත් වෙන්නේ?"
"ඒ උනාට වී විකුනලා හම්බ වෙන සල්ලි වලින් අව්රුද්දටම ඇති
වෙනද හාල් ගඳ පුළුවන්නේ කඩෙන්?"
"මහත්තයො ගොවියෝ වෙච්චි අපිට මුලු අස්වැන්නම විකුනනවා
කියන්නේ හිත් වාවන්නේ නැති වැඩක්. අඩු ගානේ ගෙදර පාවිච්චියට වී ගෝනි දහයක් දොළහක්
වත් නැත්තං ඒ ගොයිතැනින් පලක් නෑ. අනික කඩේ හාල් අද ඔය ගානට තිබ්බට තව මාස හය
හතකින් කීය වෙයිද කව්ද දන්නේ?"
එදායින් පස්සේ මම කවුරු හරි ගොවියෙකුට උපදෙස් දෙනකොට මේ
පාඩම හොඳට මතකේ තියා ගත්තා. එදා කිරිබණ්ඩා මාමා කියපු දේ අද මුළු රටටම ඇත්ත වෙලා.
ඒ මෙන්න මෙහෙමයි.
ඔය වස විස නැති එහෙම නැත්තං කෘෂි රසායන වලින් තොර
ගොවිතැන ප්‍රොමෝට් කරන ය අමතක කරන දේ තමයි අපිට තියන කුඹුරු ප්‍රමාණෙන් ලංකාව හාල්
වලින් ස්වයංපෝෂිත කරන්ඩ තරං අස්වැන්නක් ලැබෙන්නේ නෑ කියන එක. මෙන්න ඒකට සාක්කි.
1948 අපි නිදහස
ලබනකොට අපේ හාල් අවශ්‍යතාවෙන් 75% ගෙන්නුවේ පිටරටින්. එතකොට ජනගහනය මිලියන් හයක් විතර. අපේ වී වගාවේ පලදායිතාව හෙක්ටාරෙකට ටොන්
එකටත් වඩා අඩුයි. වැව්වේ ඔක්කොම පාරම්පරික වී. කෘෂි රසායන භාවිතයක් තිබ්බෙම නැති
තරං. පලවෙනියෙම්ම ලංකාවට අදුන්නලා දීපු වැඩි දියුණු කල වී ප්රබෙධය විදිහට සැලකෙන H4 එන්නේ 1958 දී. 1961 වෙනකොට අපේ
පලදායිතාව ටොන් 1.81 හෙක්ටාරෙකට.
මේක 1970 දී 2.25 කටත් 1983 දී 3.2 කටත් 2010 දී 4.06 කටත් වැඩි
වෙනවා. ඔය අතරේ වගා කරන ඉඩම් ප්‍රමානෙත් වැඩි වෙනවා හැබැයි ජනගහනෙත් ඉක්මනටම ඉහල
යනවා. ඒ කියන්නේ නිෂ්පාදනේ වැඩි වෙන තරමටම පුරවන්ඩ ඕන බඩවල් ගානත් ඉහල යනවා.
හැබැයි තාක්ෂනේ පිහිටෙන් අපි හාල් වලින් ස්වයංපෝෂිත මට්ටමට හොඳටම ලං වෙනවා. අපි
හැමදාම හාල් පිටරටිං ගෙන්නුවත් 1995 දී ඒක අවම අගයකට එන්නේ සහල් අතිරික්තයක් පවා ඇතිවිය
හැකි බවට මත පල වෙමින්.
හැබැයි මේ වර්ධනයත් එක්කම තව ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ
තමයි කන්න දෙකම වැඩ කිරීමත් එක්ක කෘමි සත්තුන්ටත් පහසුවෙන් ජීවත් වෙන්ඩ අවස්තාව
සැලසීම. ඒ හිංදා රෝග බෝ වීම වැඩි වෙනවා. එතකොට කෘමි නාශක ඕන උනා. වල් නෙලන්ඩ ඉස්සර මිනිස් ශ්‍රමය යොදා ගත්තත්
කම්කරු ශ්‍රමයේ මිල වැඩි වීම හිංදා වල් නාශක වලට හොඳ වෙළඳ පොලක් එනවා. ඉස්සර අපි
කන්නක් දෙකක් කුඹුරු පුරං වෙන්ඩ ඇරියේ වතුර නැති හිංදා. මේ කාලේ කුඹුරේ පසට එක එක
කාබනික පොහොර එකතු උනා. දැන් වාරි ජලයත් එක්ක අවුරුද්දට කන්න දෙකක් නැත්තං තුනක්
වවන්ඩ පටන් ගැනිල්ලත් එක්ක පසේ සරු බව හිඳුනා. එතකොට පොහොර වැඩි වැඩියෙන් ඕන උනා.
මේක කවුරුවත් කරපු කුමන්ත්‍රණයක් නෙවෙයි. ස්වභාවික සංසිද්ධියක්.
ඉතින් උත්තරේ මොකක්ද? උත්තර දෙකක් තියනවා අපිට තෝර ගන්ඩ පුළුවන්.
1. වස විස නැති ගොවිතැන කියලා අපි ආපහු පරණ ක්‍රමේට යන
එක. හැබැයි මිනිස්සුන්ට කන්ඩ පිටරටිං හාල් ගේන්ඩ වෙයි මොකද පලදායිතාව හතරෙන් එකකට
විතර අඩු වෙන හිංදා. ආර්ථික විද්‍යානුකූලව මේක කල හැකි දෙයක්. හැබැයි සමාජ විද්‍යානුකූලව
නරක ප්‍රතිපල ඇති කරවන්ඩ පුළුවන්.
2. ඔය කෘෂි රසායන පාවිච්චි කරන හරි ක්‍රමේ ගොවියන්ට කියල
දීලා අනවශ්‍ය විදිහට කෘෂි රසායන පාවිච්චි කිරීම වලක්වන එක. දැනටමත් ලොකුම ප්‍රශ්නේ
මිනිස්සු හිතිච්ච හිතිච්ච විදිහට කෘෂි රසායන පාවිච්චි කරන එක. මේ පැත්තෙන් ගත්තු
ධනාත්මක පියවරක් තමයි පොහොර සහනාධාරේ ගොවියන්ගේ අතට සල්ලි විදිහට දෙන්ඩ වර්තමාන
ආණ්ඩුව ගත්තු පියවර. හැබැයි ඒකෙ ප්‍රායෝගික බව රැකෙන්ඩ නම් අවශ්‍ය ප්‍රමාණ වලින්
මිලදී ගන්ඩ ඉහළ ගුනාත්මයේ පොහොර වෙළඳ පොලේ තියෙන්ඩත් ඕන.
වස විස නැති රටක් කියන වැඩ සටහන අපේ 'ගොවි පුතා' පටන් ගන්නේ 2016 දී. ඒ
අවුරුදු තුනකින් සාර්ථකව අවසන් කරන අදහසින්. මේ වෙනකොට ඒ මාස 36 න් 22 ඉවරයි. තාම
අපේ ගොවියෝ පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරන කොට පාකිස්තානේ අගමැතිට කතා කරලා අපි පොහොර
ඉල්ලා ගන්නවා. අපි අර වැඩ පිළිවෙලේ 50% වත් සාර්ථක කර
ගත්තානං මිනිස්සු පොහොර ඉල්ලනකොට කියන්ඩ තිබ්බා විකල්ප වැඩ සටහනට යොමු වෙන්ඩ
කියලා!!!
මගේ අලුත් අවුරුදු පැතුම අපේ රටට දැන්වත් මේ දේශපාලන ගොන් පාට් නවත්ත
ගන්ඩ පුළුවන් වේවා කියලයි.
කවුරු හරි සහලින් රට ස්වයංපෝෂිත කරන ගමන් වස විස නැති
රටකුත් හදනවා කිව්වොත් එයාට අනුකම්පා කරන්ඩ. මොකද එයා ඇත්ත දන්නේ නෑ. එක්කෝ ඇත්ත
දැනගෙන හංගනවා. අන්න එහෙම නං හොරෙක්. දුරිම්ම දුරු කරලා දාන්ඩ.
ඔබ සැමට හොරුන්ගෙන් හා බොරු කාරයන්ගෙන් තොර සුභ
අවුරුද්දක් වේවා!!
ගොවිතැනේ ප්‍රායෝගික පැත්ත ගැන අවබෝධ උනා.වටිනා අදහස්.දිනක් මිතුරෙක් මට මෙහෙම දෙයක් කීවා.ඔහු වැඩ කරන්නේ ලංකාවට පොහොර ගේන සමාගමක.ගිය ආණ්ඩුව කාලේ පොහොර අඩු මිලට දුන්නම එක මිටියක් ගත්ත ගොවියා දෙක,තුන ගත්තලු.ඒ ඔක්කොම දැම්මලු අස්වැන්න වැඩියෙන් අරන් වැඩි මුදලක් සොයා ගන්න.එතැනදි උනේ පසට වැඩියෙන් රසායනික එකතුවීම සහ අපේ ආහාරයට විස එකතුවීම.මම දකින දෙයක් තමයි ගම්වල සරල බවක් නෑ.සරලබව තියෙන්නේ පොත්වල.ගම්වල අය අපි හිතනතරම් සාමකාමි,සැහැල්ලු ගතිපැවතුම් ඇත්තොත් නෙමේ.
ReplyDeleteලලිත් ගුණවර්ධන තුමනි ඔබේ මිතුරාගේ මතය යම් පමණකට නිවැරදියි. අපේ වී පලදායිතාව පහුගිය වසර දහය පහළොව තිස්සේ සැලකිය යුතු මට්ටමේ වැඩිවීමකට ලක්වී නෑ. සමහරු ඊට හේතුව ලෙස සලකන්නේ වී වගාවට ඕන කරන ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය අපේ පසේ දැන් හිග වීම (අවුරුදු ගානක් තිස්සේ වී වගාව දිගටම කරගෙන ආපු හිංදා). ඒත් නිවැරදි කෘෂි ව්‍යාප්ති සේවයක් අපිට නැති හිංදා ගොවියෙක් හිතන්ඩ පුළුවන් වැඩිපුර වෙළඳපොලේ ඇති පොහොර යෙදීමෙන් අස්වැන්න වැඩි කර ගන්ඩ පුළුවන් කියලා. නමුත් වෙළඳපොලේ විකුනන්ඩ තියෙන්නේ එහෙම නැත්තං ලංකාවේ ගොවියන් අතර ප්‍රසිද්ධ මහා මූල ද්‍රව්‍ය වන නයිට්රජන්, පොස්පරස්, පොටෑසියම් ලබා දෙන පොහොර වර්ග. ඉතින් ඒ පොහොර වර්ග කොච්චර දැම්මත් අස්වැන්න වැඩි වෙන්නේ නෑ. පරිසරයට අනවශ්‍ය විදිහට රසායන ද්‍රව්‍ය එකතු වෙනවා විතරයි. හැබැයි වෙළඳපොලේ පොහොර මිල කෘතිමව අඩු කරලා තියන තාක් කල් ගොවියන් අවනී දෙයට පෙළඹීම වළක්වන්නත් බෑ. ඒකයි පසුගිය රජයේ පොහොර ප්‍රතිපත්තියට වඩා වර්තමාන ප්‍රතිපත්තිය මූලධර්මය අනුව නිවැරදි. හැබැයි ඒත් එක්ක තව බොහෝ දේ වෙන්න ඕන හරිම තැනට එන්න නම්.
Deleteඔබතුමාගේ ලිපි කියවීම මේ දේවල් ගැන
Deleteමගේ දැනුම වැඩිවීමට හේතු වෙනවා.බොහොම ස්තූතියි!
http://dhaneshw.blogspot.com/2015/01/blog-post.html
Deleteවස විස නැති ගොවිතැන පටන් ගත්තේ ගිහි ජීවිතය ගැන (කමෙසුමිච්චාරා ,මුසාවාදා ) ඇර මෙලෝ දෙයක් නොදන්නා , තුන් වේලටම අසපුවට චයිනිස් ගෙන්න ගෙන වළදන අතුරලියේ රතන සහ නාථ දෙයියන්ගෙන් ටියුෂන් ගන්න හෙළ උරුමේ තක්කඩි ටික මුන් ලෝකේ ගැන මෙලොදෙයක් නොදන්නා බූරු රැලක් චන්දෙ ගන්න ඕන තක්කඩි කමක් කරනවා .මුන් ප්‍රයෝගික කෘෂිකර්මය ගැන මෙලෝ සංසාරේ දෙයක් නොදන්නවා උනාට කතා කරන්නේ සියල්ල දත් වගේ ග්ලයිපොසෙට් තහනමත් ඒවගේ දෙයක්
ReplyDeleteග්ලයිපොසේට් ගැන වෙනම ලිපියක් ලියන්ඩ හිතං ඉන්නේ. බලමු ඉඩ ලැබුන විටකදී. වැඩසටහන් දෙකේම සමාන තැන නම් හුගක් තියනවා. ස්තූතියි ඔබේ අදහසට.
Delete+++++++++++++
Delete/දැනටමත් ලොකුම ප්‍රශ්නේ මිනිස්සු හිතිච්ච හිතිච්ච විදිහට කෘෂි රසායන පාවිච්චි කරන එක/ එළවලු වගාවේදී වගේ නොවෙයි, දැන් වී වගාවට එහෙම ලවක් දෙවක් නැතුව රසායන යොදන ගොවියෝ ඉන්නේ කලාතුරකින්, බොහෝවිට එහෙම කරන්නේ ගොවිතැනට නවකයෝ, පළපුරුදු ගොවියෝ වී වගාවට කෘමිනාශක යොදන්නේ ඒවා නැතුව ගොඩයන්න බැරිම නම් විතරයි, දසක කීපයක් පුරාවට උගන්නපු අයිපිඑම් මෙතඩ් එකේ රිසිඩියු දැන් ගොවීන්ගේ මස්තිස්කේ තැන්තැන්වල රැඳිලා තියනවා.නමුත් ජනමාද්‍ය වලින් බන කියන උන්නන්සේලට එක එච්චරම දිරවන්නේ නැති කාරණාවක් නිසා පරණ තැටියම කරකවනවා, ඔය ගොවීන්ට උපදෙස් දෙන්න යන බොහොමයක් උගත්තු වල් නාශක සහ කෘමිනාශක වේන් කරලා අන්දුනගන්න්වත් සමත්තු නොවෙයි.
ReplyDeleteඇණ තුමනි ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. ඔව් එළවලු වගාවට සාපේක්ෂව නම් වී වගාවේ කෘෂි රසායන භාවිතය හරිම අඩුයි. විශේෂයෙන්ම පලිබෝධ නාශක. ඒත් අපිට තව බොහෝ දුර යන්ඩ තියනවා නියම තැනට එන්ඩ. අයි.පී.එම් එහෙම නැත්නම් සමෝධානිත පලිබෝධ කළමනාකරණය යම් සාර්ථකත්වයක් ලබා ඇති බව ඇත්තයි. හැබැයි අපිට හොඳ කෘෂි ව්‍යාප්ති සේවයක් තිබුනා නම් මීට වඩා බොහෝ ප්‍රතිපල අත් කර ගත හැකියි. පොහොර භාවිතයේදී උනත් අපි තාම පාවිච්චි කරන්නේ සාමාන්‍ය නිර්දේශ පමණයි. ලෝකය ඊට වඩා හුගක් ඉස්සරහට ගිහිං. හරි නං ඒ ඒ කුඹුරට අවශ්‍ය පොහොර මිශ්‍රණ ගැන වෙනම නිර්දේශ අවශ්‍යයි. සුහුරු බව කුඹුරටත් ගේන්ඩ ඕන.පලිබෝධ නාශක ගැන වල් නාශක ගැන ව්‍යාප්ති සේවා ලබා දෙන්නේ 'තෙල් කඩේ මුදලාලි'. මෙන්න මේ විදියට ගත්තොත් තාම අපි ඉන්නේ ප්‍රාථමික අවධියක. අපි තාම පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය වී වගාවේදී පවා හුගක් වැඩියි.
Deleteanith kubure gahuwanam thamange kubureth eka gahanawa e lede nati unath.
Deleteකාබනික, සම්ප්‍රදායික, පෞරාණික, වස විසින් තොර වගේ ෆැන්සි කතා නෙමෙයි කරන්න ඕනෙ නියමිත සහ/ හෝ අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර හා කෘෂි රසායන භාවිතා කිරීම තදින් නියාමනය කිරීම
ReplyDeleteආනයනිත ආහාර ද්‍රව්‍ය පැකට් එකක ලංකාවෙදි අලවපු ලේබල් එකේ අකුරුවල සයිස් එක ගැන පොලොන්නරුවෙ උසාවියෙ නඩු දාපු සෞඛ්‍ය නිලදාරියෙක්ගෙන් මං ඇහුවා මීට වඩා හොඳ නැද්ද අස්වැන්න නෙලීමට ඉතා ආසන්නව හෝ පසුව කෘමි/දිලීර නාශක ගහපු එලවලු අල්ලන එක කියල. ඔහු කිව්වා ඕවා ගවන්මන්ට් ඇනලිස්ට්ට දාලා මාස ගණන් බලා ඉන්නවට වඩා ලේසියි සුපර් මාර්කට් එකක රාක්කෙක තියන බඩුවල ලේබල් බලල නඩුවක් දාන එක කියල
ප්‍රා ජේ තුමනි ඔබ කියන කතාව එක්ක මම 100% එකගයි. තව රහසක් කියන්නං ඔබ අහපු හිංදා. අරුමෝසම් ගොඩනැගිල්ලකට මාසෙකට කොටි ගානක් කුලී ගෙවන්ඩ සල්ලි තියන කෘෂිකර්ම අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 15 නෑ කෘෂි දෙපාර්තමේන්තුවට පසු අස්වනු රසායන ද්‍රව්‍ය ප්‍රමාණය මැන ගන්න උපකරණ කට්ටලයක් අරං දෙන්ඩ. තාම අපෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රේසිඩුවල් ටෙස්ට් කරන්නේ පිට තැන් වලට දීලා. ෆර්ටිලයිසර් ටෙස්ට් කරන ක්‍රමය කියන්ඩද? නෑ එක්කොත් මොකටද අවුරුද්දේ මුලිම්ම ලේ කෝප කර ගන්නේ?
Deletehttp://dhaneshw.blogspot.com/2015/01/blog-post.html
Deleteවැදගත් තොරතුරු ටිකක්.
ReplyDeleteඔය තීරණ ගන්න ඉහළ පුටුවල ඉන්න අය ගොවිතැන් කරන කුඹුරක පස් පෑගුවනං හිතල මතල තීරණයක් ගන්න තිබුණ.
ඔය ලොකු පුටු වල ඉන්න හුගක් අය අපි වගේම ගං වලින් ආපු එව්වෝ. හැබැයි මුල අමතක වෙලා ප්‍රසන්න තුමනි. කරුමේ ඒකයි!!
Deleteකිරිබණ්ඩා මාමා ජනපති කරමු.. අර කවුද කියුවා වගේ වල නාශකයි කෘමිනාශකයි වෙන් කරලා අඳුන ගන්නවත් නොදන්නවා උනාට මටත් ඉන්තෙරුවෙම්ම තේරෙනවා ඔය වස විස නැති කතා නිකම්ම නිකං ගැලරියට ගහන ගොන්පාට් විතරයි කියල.. ඕනෙම දේක 'නියාමනය' තමයි වැදගත්.. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න ඕනි.. ඊට පස්සේ ටෙක්ස්ට් බුක් ඔස්තාද්ලා හමස් පෙට්ටියට යවල හිතල මතල තීරණ අරගෙන වැඩ කරන්න පුළුවන් කීප දෙනෙකුට වැඩේ බාර දෙන්න ඕනි.. අන්තිම වශයෙන් 'මගේ අහවලාගේ අහවල් එකට කෙලවෙනවා'යි කියල බාල්දි දාන්න නොදී සුවාදින කරන්න ඕනි ඒ ඒ අංශ.. වැඩේ ගොඩ.. :)
ReplyDelete"අන්තිම වශයෙන් 'මගේ අහවලාගේ අහවල් එකට කෙලවෙනවා'යි කියල බාල්දි දාන්න නොදී සුවාදින කරන්න ඕනි ඒ ඒ අංශ" මෙන්න මේකනේ කල්යාන මිත්‍ර තුමනි ලංකාවේ වෙන්නෙම නැත්තේ. පටං ගන්නේ නං ස්වාධීන කියලා හැබැයි නැත්තෙමත් ඔය ගුනේ.
Deleteලෙසටම කියල
ReplyDeleteස්තූතියි මද්දා තුමනි ඔබේ අදහසට.
Deleteඔය කියන පුද්ගලයා හිතාගන් ඓන්නේ එය තරම් කෘෂිකර්මය දන්නා වෙනකෙනෙක් නැහැ කියල.ඇත්තටම .ඔය පාරම්පරික වී වලින් වැඩි අස්වනු දෙන වී වර්ග වලට යන්ඩ උනේ පාරම්පරික වී වලින් එන අස්වැන්න අඩු නිසා.අනිත් අතට එහෙම අස්වැන්න අඩුවෙන් ලැබෙන කොට වැඩි මිලකට විකුනන්ඩ ඔවන .එතකොට කව්ද එහෙම ගන්නේ .ඔය සරල තර්කය ගැන හිතන්නේ නැතුව හැමතනම මේවා වවල දැන් විකුනගන්ඩ බැහැ.මම දැක්ක දැන් මස කීපයකට කලින් සේරුවාවිල පන්සල ළග හමුදාවෙන් පාරම්පරික වී විකුණන තැනක දාල.හැබැයි මිල 50% අඩුකරලා.දැන් පොර අලුත් වැඩක් පටන් අරන් නේද.
ReplyDeleteඅපේ රට හරි පුදුම රටක්. වී කිලෝ එකට රුපියල් හැත්තෑවක් ඉල්ලනවා. ඊට පස්සේ හාල් කිලෝ එකත් රුපියල් හැත්තෑවට ඉල්ලනවා. හරියට වී ගස් වල කෙලිම්ම හාල් හැදෙනවා වගේ. එහෙව් රටේ පාරම්පරික හාල් කියලා 250 ට හාල් ගන්න කියනවා සමහරු.
Deleteකාලෙකින් අහපු තේරුම් ගන්න පුළුවන් විදියට ලියපු ලිපියක්. මේක ලිව්වාට ලොකුමල්ලී මහත්තය උතුමාණන්ට මගේ අවංක භක්ත්‍යාදරය මෙයින් පිලිගන්වමි.
ReplyDeleteසුරංග තුමනි ඔබ තුමාගේ පැමිණීමට හා අදහස් ස්තූතියි. එකම පරහකට තියෙන්නේ අර උතුමාණන් කියන වචනය. මහත්තයත් ඕන නෑ. ඔව්ව කිව්වම හරි දුරයි වගේ.
Deleteඅන්න තේරුනානෙ. ඒ හංදා මටත් 'තුමනි' නොකියා 'උඹ', 'තෝ' යන්නෙං කතාකොරව.
Deleteඑහෙමයි බොල සුරංග තුමනි!!! මුගේ තියන අනාදි කම පේනවා නේද??!!!!!
Deleteඅනාදිකම නෙවෙයි 'අනාදිකොම'
Deleteමගේ අම්මෝ ලිඛිතා මැඩම් දැක්ක කල්....හරි හරි ඔබ තුමී හරි...සු**ගේ අනාදි කොම!!! ඔබ තුමීත් යාං හෑල්ල කට පාඩම් කරලා තියනවා!!!
Deleteඒ ඉතින් මගේ අනාදිකොම නේ!
Deleteලොකු මල්ලි සෑර්ගේ කතාව නං බොහොම නිවැරදියි.
ReplyDeleteකෘෂි කර්මාන්තෙ වගේම ලංකාවේ අනික් කර්මාන්ත වලත් සාමාන්‍ය තත්ත්වය මේකම තමා.
හැට්ටර් දැකපු විධියට ලොකු තැන්වල ඉන්න 'බොහොමයක් දෙනා' ප්‍රයෝගික අංශෙන් බොහොම පසුපසින් සිටින අය.
දැන් බලන්ඩ පරිසරය රකිමු කියනවා රැකිල්ලෙන් වෙන අවැඩ/ අවාසි ගැන නෝ කතා. හැමෝම ඉන්නේ තමංගේ අග කොනේ, දෙපැත්තටම සාධාරනෙට බලන අය බෝම හිඟයි.
පහු කාලේ තක්කාලි වවල විකිනිල්ල කෝම වෙතත් කැඩීල්ලම පාඩු වෙන කාලයක් තිබ්බ. ඉතිං පොළොවටම කොටලා දැම්ම.
හැබැයි සෝස් හදන්න පල්ප් රටින් ගෙන්නනවා!, ඇයි තායිලන්තේ වවන්නේ 'අඟහරු' ලෝකේ තක්කලිනේ, අපිට එව්වයේ ඇට විකුනන්නේ නැහැ නේ. අපි කළු නේ.
ඔන්න ඔහොමයි උනා කියන්නේ. මම කමෙන්ට් බැලුවේ අග ඉඳලා. හැට්ටර් තුමාගේ අන්තිම අදහස් දැක්වීමට මගේ උත්තරේ දැම්මට පස්සේ තමයි මේක දැක්කේ. ඔය තක්කාලි ගැන මගේ පරණ බොස් කෙනෙක් වැඩ කළා 1990 ගණන් වල. එක කන්නෙක රුපියල් සීයට දෙසීයට කිලෝ එක යනවා. ඊගාව කන්නේ සත පහටවත් විකුණන්ඩ බෑ. මේක අපේ සැලසුම් වල තියන ලොකු ප්‍රශ්නයක්. ඒ වැරදි හදා නොගන්න තාක් කල් අපෙ ගොවියෝ අසරණ වෙනවා. අස්වැන්න විකුණා ගන්ඩ බැරි උනාම පාරට බහින එක නෙවෙයි කරන්ඩ ඕන කන්නේ මුල ඉඳම්ම හරි සැලසුමකට වැඩ කිරීම.
Deleteනියමයි
ReplyDeleteස්තූතියි අරූ තුමනි.
Deleteහෙහ්..... හෙහ්
Deleteලොකු මල්ලි සෑර් අර 'බත බුලතින් සරු වෙන අවුරුද්දක් ලැබේවා' සුබ පැතුම ගැන මට මෙහෙමත් හිතෙනවා.
ReplyDeleteබත් බුලත් අපේ පැරණි සමාජේ අඩුවෙන් තිබ්බ, දුර්ලභ දෙයක් නොවේ, හැබැයි අඩු පාඩු උනොත් (බත් නැතුව) හාමතේත් (බුලත් නැතුව) සමාජ ජීවිතෙත් සම්පුර්ණ නැති වෙන නිසා දෙකම හොඳට ලැබීයන් කියල හිටං තමා හැට්ටර්ට කල්පනා වෙන්නේ.
හැට්ටර් තුමනි මම මේ අදහසට ඉතා කැමතියි. ඒ වෙනස් ආකාරයකින් ඔබ ඒ ගැන හිතා ඇති බව හිතෙන හිංදා. අපේ රටට වෙනස් විදිහකට හිතන එවුන් එච්චර දිරවන්නේ නැති උනත් ඉස්සරහට යන්ඩ නං තියන එකම පාරත් වෙනස් විදිහට හිතීම හා ක්‍රියා කිරීම. සුභ පැතුම ගැන වගේම මම ලියල තියන අනිත් දේවල් ගැනත් ඔබට ඇත්තේ වෙනත් මතයක්ද?
DeleteThis comment has been removed by the author.
Deleteලොකු මල්ලි සෑර්ට කියන්ඩ, සෑර්ගේ ලියවිල්ලට හැට්ටර් බෝම මනාපයි. ඇඟේ බ්ලඩ් බොයිල් වෙනවා සමහරක් වෙලාවට, මම හිතන්නෙන් ඔව්ව ලියනකොට සෑර්ගෙත් බොඩි ෆිෂ් ඩාන්සිං වෙනවා වගේ වගේ ඇති නේද?. MI එකේ ගත්ත ෆන් බලනකොට හැට්ටරුත් ඩෝම් එකේ හිටිය වගේ.
ReplyDeleteහැට්ටර් ඇග්රි කචල් ගැන සම්ප්රදානුකුලාව ඒ කියන්නේ නියමාකාරව කවදාකවත් ඉගෙනගෙන නැහැ. නමුත් කෘෂිකර්මේ නැත්තං අපිට වෙන කර්මේ හාමතේ මියයාම පමනයිනේ.ඒ නිසා ඇහැකි වෙලාවට ඔව්ව ගැන පොඩ්ඩක් හොයා බලනවා. අහවල් එක වෙන්නේ/ නැත්තේ ඇයි .. ආදී වශයෙන්.
මේ විස්තර ඩිටෙල් ඇතුව ගනං මිනුං ඇතුව තේරෙන විධියට කියනකොට ඕන එකා අල්ල ගන්නවා. අර පෙනෙන නොපෙනෙන එකේ ඉංජිනේරු මහත්තැනුත් ඔය විධියේ කතා ලියනවා. ඔව්ව බෝම හොඳ වැඩ.
අපිට පුළුවන් දේ අපි කොරමු සෑර්, ඕන එකා දැනුවත් වේවි, ඕනේ නැති එකා ඉතින් කෝවෙ දාල මකල අයෙමත් කෝවෙ දැම්මත් වෙනස් වෙන්නේ නැහැ නොවැ . නැද්ද මං කියන්නේ.
(ඔය මොනවා කිව්වත් සෑර්ගේ අර අන්තිමට ලියන පන්ච් ලයින් කියන එක නං පංකාදු පහයි සෑර්!)
ස්තූතියි හැට්ටර් තුමනි. දිගටම ඔබතුමා කට්ටකාඩුවට ගොඩ වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
DeleteOrganic farming is not the answer. proper use of Pesticides is the correct way to go. if we cultivate traditional varieties without agrochemicals as mentioned by Kattakaduwe loku malli we will have to import 75% of our rice requirement. Where will we import this rice from. Probably the cheapest will be from Bangladesh which has lot of arsenic in the soil. Then we will be eating rice contaminated with heavy metals. These pundits who want to cultivate without agro chemicals should know that if we are to import rice from countries such as India or Bangladesh that they use more potent and dangerous chemicals.
ReplyDeletehttp://dhaneshw.blogspot.com/2015/01/blog-post.html
ReplyDelete