Friday, October 12, 2018

අලු වෙනුවට සල්ලි දුන්නු - අරුම ලොවක අපි ඉපදුනු


ඕනෑම භාෂාවක ලස්සන මතුවෙන්ඩ නං භාෂාවට ආවේණික  හැඩ තල, නීති රීති ගැන අපිට අවබෝධයක් තියෙන්ඩ ඕන. මෑතකදී පිදුරංගලදී වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති උනානේ. මගේ යාලුවෙක් ගැන ලස්සන කතාවක් කිව්වා.

"හෙලුවෙන් නටපු එක ගැන හෙලුවෙන් ඉඳගෙන උත්තර දෙන එක වැරදියි. හැබැයි හෙළුවෙන් උත්තර දෙන එකනං හරියටෝම හරි"

ටිකක් අපබ්රංශ වගේ පෙනුනත් මිනිහ කියපු දේ හරියටෝම හරි. ඒකට හේතුව සිංහල භාෂාවෙන් හෙලුව කියන්නේ නිර්වස්ත්රව ඉඳීමට හැබැයි හෙළුව කියල කියන්නේ සිංහල භාෂාවට එහෙම නැත්තං හෙළයන්ගේ බසට. හෙළුව නොදැන වනන්නෝ හෙලුවෙන් වනන්නෝ වැනිය කියල තමයි මගේ යාලුවා කලේ.

මට ඔය ,, , බේධය එච්චර හොඳට තේරෙන්නේ නෑ. කොටිම්ම මම සාමාන් භාවිතයේදී කැපිටල් ලයන්න කියල තමයි මුර්ධජ යන්න හඳුන්වන්නේ. දන්තජ යන්න මං හඳුන්වන්නේ සිම්පල් ලයන්න විදිහට.

සමහර දේවල් ඕනවට වඩා සිම්පල් විදිහට ගත්තහම මහා විනාශයක් වෙලා කැපිටල් පනිෂ්මන්ට් (මරණීය දණ්ඩනය) තත්වෙට පත්වෙන්ඩ පුලුවන්. ගැන කතාවක් දෙකක් තමයි මම අද කියන්ඩ යන්නේ. එක කතාවක් උතුරු අයර්ලන්තෙන්. අනික ඉතින් වෙන කොහෙන්ද මේ අපේ සිරි ලංකාවෙන් මිසක්. කැමතිද කියවන්ඩ. ඔන්න එහෙනං ලිව්වා . 


ඔය උතුරු අයර්ලන්තේ කියන්නේ මහා බ්රිතාන්යයට එහෙම නැත්තං එක්සත් රාජධානියට අයිති එක ප්රදේශයක්. මහා බ්රිතාන්යය හැදෙන්නේ කොටස් හතරක් එක්කහු වෙලා. එංගලන්තේ, වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය කොටස්. 1998 දී මේ එක් එක් කොටස් වලට විමධ්යගත වෙච්ච බලතල පිලිබඳ තීරණ ගන්ඩ වෙන වෙනම පාර්ලිමේන්තු පිහිටුවන්ඩ තීරණයක් එනවා. තවම එංගලන්තය වෙනම පාර්ලිමේන්තුවක් පිහිටුවාගෙන නෑ.  හැබැයි අනිත් කොටස් තුන වෙන වෙනම පාර්ලිමේන්තු එහෙම නැත්තං මන්ත්රණ සභා පිහිටුවා ගෙන ඉවරයි. මේක හරියට අපේ පළාත් සභා සහ පාර්ලිමේන්තුව වගේ තත්වයක්.

ඔන්න ඔහොම තියෙද්දී හරි අපූරු වැඩක් වෙනවා. තමයි ෆොසිල ඉන්ධන මත යැපෙන බලශක්ති නිෂ්පාදනයට විකල්ප පුනර්ජනනීය බලශක්ති ප්රභව ජනප්‍රිය කරවීමේ වැඩසටහනක් එක්සත් රාජධානිය පුරාම පටං ගන්නේ. ඒ 2012 නොවැම්බර් වලදී.

වැඩේ වෙන්නේ මෙහෙමයි. සමහර කර්මාන්ත වලදීත් ශීත කාලගුණයක් තියන කාලවල නිවෙස් වලත් තාපය නිපදවීම අත්‍යාවශ්‍ය වෙනවා. ජාතික විදුලිබල ජාලයෙන් විදුලිය අරගෙන මේ වැඩේ කලොත් සෑහෙන විදුලි බලයක් මේ තාප ජනන ක්රියාවලියට යොදාගන්ඩ වෙනවා. තාපය නිපදවන්ඩ හුගක් වෙලාවට පාවිච්චි වෙන්නේ බොයිලේරු. වතුර පුරවපු බොයිලේරු රත්කලාම හුමාලය හැදෙනවා. ඒ හුමාලය අවශ්‍ය තැන්වලට ගෙනියපුවම තාපය ලබා ගන්ඩ පුළුවන්. ඉතිං මේ බොයිලේරු රත් කරන්ඩ ජාතික විදුලි ජාලයෙන් ලබා ගන්න විදුලිය වෙනුවට වෙනත් බලශක්ති උත්පාදන ක්‍රමත් පාවිච්චි කරන්ඩ පුළුවන්. ලංකාවෙත් බොහොම ජනප්‍රිය දර වගේ ද්‍රව්‍ය යොදා ගැනීම එක විකල්ප ක්‍රමයක්.
ඉතිං එක්සත් රාජධානියේත් මේ දර වැනි ජෛවීය ස්කන්ධ යොදා ගැනීම ජනප්‍රිය කරන්ඩ සහනාධාර වැඩසටහනක් ආරම්භ කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ බලශක්ති ක්‍රම වෙනස් කරන්ඩ අදි මදි කරන මිනිස්සුන්ව පොළඹවා ගැනීම. ඒ වියදමෙන් කොටසක් දරලා. මේ වැඩසටහන උතුරු අයර්ලන්තේ ක්‍රියාත්මක කිරීම පැවරෙන්නේ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුවට. සහනාධාරය එන්නේ ප්‍රධාන රජයෙන්.

ඔන්න දැන් උතුරු අයර්ලන්තේ දේශපාලකයොයි නිලධාරීයි ලංකාවේ විදිහට වැඩ කරන්ඩ පටන් ගන්නවා. මතකද චන්දෙ ගන්ඩ සමෘද්ධි ආධාර වැඩි කරන එහෙම නැත්තං වැඩි කරන්ඩ දඟලන දේශපාලකයෝ සහ උන්ගේ පදයට නටන නිලධාරි සෙට් එක! මෙහෙ විතරක් නෙවෙයි එහෙත් එහෙමයි. මහ ආණ්ඩුවෙන් සල්ලි දානවනං අපි උපරිම ප්‍රයෝජනේ ගම්මු. මිනිස්සුන්ට උපරිම සහනාධාරයක් දෙමු. එතකොට මිනිස්සු අපිට කැමති වෙයි. ඔන්න ඔහොමයි මේ තකතීරු සෙට් එක හිතන්නේ.

අර ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව බාර ඇමතිනිය ආර්ලීන් ෆොස්ටර් නිලධාරි දෙන්නෙක්ව පත් කරනවා මේ වැඩේ සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්ඩ. එක්කෙනෙක් පූර්ණ කාලීනව මේ වැඩේට යෙදෙන අතරේ අනෙකා අර්ධ කාලීනව තමයි මේ ව්‍යාපෘතිය සැලසුම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි පලවෙනි අවුරුදු එක හමාර තුලදී ක්‍රියාත්මක කරන්නෙත්. ඊට අමතරව මේ නිලධාරි දෙන්නගෙන් එක්කෙනෙක්වත් බලශක්ති විශේෂඥයෝ නෙවෙයි. මේක හරි සිම්පල් වැඩක්. මොකටද මේකට ස්පෙෂලිස්ට් ලා. අපිට තෙරෙනේවා මේ වැඩේ කරන්ඩ ඔවුන් එහෙම හිතන්ඩ ඇති. සහනාධාර බෙදන්ඩ මොනවටද වැඩිපුර හිතන්නේ?

මේ ක්‍රමය යටතේ ලියාපදිංචි වෙන අයට අවුරුදු විස්සක කාලයක් සහනාධාර හම්බ වෙනවා. ඇත්තටම සහනාධාරය දර වලට යන වියදමට වඩා වැඩියි. ඒ කියන්නේ වැඩිපුර දර පාවිච්චි කරන තරමට වැඩියි. අනික් පැත්තෙන් ලාබෙ වැඩියි. එක හරියට වැඩිපුර පොහොර දාන තරමට පහුගිය දවස්වල වැඩිපුර පොහොර සහනාධාර දුන්න වගේ වැඩක්.

උතුරු අයර්ලන්තේ මේ සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වෙලා දවස් කීපෙකින් දර බොයිලර් විකුණන වෙළෙන්දෝ මේ වැඩසටහනේ තියෙන තකතීරු ස්වාභාවය තේරුම් ගන්නවා. ඔවුන් දැන්වීම් දානවා 'අවුරුදු විස්සක කාලයකට ඔබට නොමිලේ තාපය' කියලා. ඇත්තටම   නොමිලේ විතරක් නෙවෙයි හොද ආදායම් මාර්ගේකුත් ලැබෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වීමෙන්.

නිකං දෙනවනං දෙමළ පත්තරේ උනත් මොකද කියල  කතාවක් තියනවා. වගේම උතුරු අයර්ලන්තෙත් මිනිස්සු ඇරියේ නෑ. නිකං හම්බ වෙන ආධාරේ ගන්ඩ වැල නොකැඩී ආවා. මුලින්ම තිබ්බ ඉලක්කය බොයිලේරු වලින් 4% දර වලට පරිවර්තනය කිරීම. මේ ඉලක්කය ලේසියෙන්ම  ගත්තා විතරක් නෙවෙයි සමහරු මේ සහනාධාරේ උපරිමව පාවිච්චි කරන්ඩත් පටන් ගත්තා. සමහර කුකුල් ගොවිපල් හිමියෝ හිස් කුකුල් කොටු වලට පවා බොයිලේරු හයි කරා. සමහරු පැය  පුරාම මේ බොයිලේරු ක්රියාත්මක කරා. ඇයි වැඩිපුර දර පුච්චපු තරමට නේ වැඩිපුර ආධාර හම්බ වෙන්නේ. මතකද අර ලංකාවේ තියන පොහොර සහනාධාරය. වැඩිපුර පොහොර දෙනවා. කුඹුරට ඕන නැති උනත් පොහොර ටික ගන්නවා ගොවියෝ. එහෙම නැත්තං සමෘද්ධි සහනාධාරය දිහා බලන්ඩ. තමුන්ගේ දුප්පත්කම වැඩිපුර පෙන්නපු තරමට ආධාරය වැඩියි. ඉතින් කවුරුවත් පෙන්නන්නේ නෑ තමුන් දැන් දුප්පත්කමින් මිදෙනවා කියල පෙන්නන්ඩ.

මේ දර වියදමට වඩා වැඩිපුර සහනාධාර දෙන ක්රමය ගැන සහනාධාර වැඩපිළිවෙලේ වැඩ කරන සේවකයෙක් 2013 අවුරුද්දෙත් 2014 අවුරුද්දෙත් ඇමැතිනියට රහසේ දැනුම් දුන්නා. ඒත් ඇමතිනිය නෙවෙයි එව්වා කණකට වත් ගත්තේ. එතුමිය උපදෙස් ගත්තු එක දීර්ඝ කාලීන උපදේශකයෙක් වෙච්ච අන්ඩ්රු ක්රෝෆර්ඩ් තවත් උපදේශකයෙකුට මෙහෙම කියල තිබුන.

"මට නං තේරෙන්නේ නෑ මොකද්ද මෙතන තියන ප්රශ්නේ කියල. සහනාධාර දෙන්ඩ සල්ලි එන්නේ එක්සත් රාජධානියෙන්. ඉතින් අපි වැඩිපුර සහනාධාර දුන්නොත් බර වැඩි වෙන්නේ එක්සත් රාජධානියට.  ඒකට අපි කලබල වෙන්නේ ඇයි? අයට ටිකක් අසාධාරණයි තමයි හැබැයි අපේ මිනිස්සුන්ට වාසියි.

හැබැයි මේ උපදේශකයෝ නොකියවපු එහෙම නැත්තං කියෙව්වත් තේරුම් නොගත්තු දේ තමයි එක්සත් රාජධානියෙන් සහනාධාර දෙන්නේ 4% දක්වා පමණක් බවත් සහනාධාරෙත් උපරිම සීමාවක්  තියෙන බවත්. කියනේ වැඩිපුර වියදම් කරන සල්ලි ගෙවන්ඩ වෙන්නේ උතුරු අයර්ලන්තේ මිනිස්සුන්ටම තමයි.

4% ඉලක්කය 60% කට කිට්ටු වෙන්ඩ නොහිතූ විදිහට සාර්ථක වීමත් වියදමට වඩා සහනාධාර දෙන තකතීරු ප්රතිපත්තියත් හින්දා පවුම් මිලියන් 700 කියන්නේ අද දවසේ ලංකාවේ රුපියල් වලින් නං කෝටි 15,822 විතර වැඩිපුර වියදමක් දරන්ඩ උතුරු අයර්ලන්ත වැසියන්ට වෙන තත්වයක් උදා උනා. ඔන්න දැන් තව සෙල්ලමක් වෙනවා. මේ අධික වියදම දරා ගන්ඩ බැරි වෙන හිංදා උතුරු අයර්ලන්තේ ආණ්ඩුව තීරණය කරනවා මේ සහනාධාර ක්රමය සංශෝධනය කරන්ඩ. අලුතෙන් යෝජිත ක්රමය යටතේ සහනාධාරය නැට්ටටම කපන්ඩයි ආණ්ඩුවේ කල්පනාව. හැබැයි මේ තීරණේ ක්රියාත්මක කරන්ඩ ඉස්සර අර තකතීරු නිලධාරි ටික තීරණය ගැන දර බොයිලර් විකුණන වෙළෙන්දන්ට දැනුම් දෙනවා. ප්රතිපලය වෙන්නේ තීරණේ දිනයට කලින් සහනාධාර වැඩසටහනට බැදෙන්ඩ දිග පෝලිමක් ඇති වීම. කුකුල් ගොවිපල් හිමියන් 60% අන්තිම දවස් ටිකේ ලියාපදිංචි වෙනවා!! ඉතිං දැන් සහනාධාර කැපුවත් ලොකු වෙනසක් නෑ. පාඩුව එහෙමමයි.

ඔය අතර කාලෙදි අර ඇමතිනිය  ඇමතිනිය බවටත්  ප්රධාන ඇමතිනිය බවටත් පත් වෙනවා. කොහොම උනත් මේ තකතීරු වැඩසටහන නවත්තන්නේ 2016 දී. එතකොට අස්සයා පැනලා ගිහිල්ලා හුගක් කල්!!!

අන්තිමට මේ වෙච්ච සන්තෑසිය ගැන හොයන්ඩ කොමිසමක් පත් කරනවා 2017 දී. ප්රධාන ඇමතිනිය කොමිසමට සාක්කි දෙමින් පවසන්නේ තමන් මේ වැඩසටහන ගැන ලියකියවිලි වලට අස්සන් කරාට ලියවිලි තමන් කියෙව්වේ නැති බව. කොටිම්ම තමන් ගැන නොදැන සිටි බව. ඔය කොමිසමේදී තවත් හෙළි වෙච්ච දෙයක් තමයි රජයේ උපදේශකයෝ තමන්ගේ නෑයින්ට රාජ් රහස් අඩංගු ලියවිලි නීතියට පිටින් ලබා දුන්නු බව. ඊට අමතරව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කවුරු හරි මේ ගැන ඇහුවොත් ලබා දෙන්ඩ තොරතුරක් නැති තත්වෙට පත් කරන්ඩ නිලධාරින් හා දේශපාලකයන් අතර පැවතිච්ච සාකච්චා වල වාර්තා තබා නොගත් බවත් සමහර නිලධාරින් පිළිගත්තා. කියන්නේ මම දන්නේ නෑ- මට තේරෙන්නේ නෑ - මට මතක නෑ කියන අබග්ග චරිත ඉන්නේ මෙහෙ විතරක් නෙවෙයි.අඩුම ගානේ අතින් වත් අපි සුද්දට සමානයි. කාටද ආඩම්බර?

අර උතුරු අයර්ලන්ත කොමිසම තාම ක්රියාත්මකයි. ඉස්සරහට තව හොඳ හොඳ කෙළි එලියට එයි සමහරවිට. හැබැයි අපෙන් පාඩමක් ඉගෙන ගන්නවනං ඔය වැරදි කාරයෝ කාටවත් මොකුත් වෙන්නේ නැතිවෙයි.

උතුරු අයර්ලන්තෙට නං තියෙන්නේ ඔය වගේ තකතීරු වැඩසටහන් එකයි. හැබැයි අපිට? සමෘද්ධි, පොහොර සහනාධාර, දුම්රිය මාර්ග දිගු කිරීම්, ප්ලේන් නැති ගුවන් තොටුපොළවල් ඉදිකිරීම්, ගුවන් සේවා අරමුදල් අවභාවිතා කිරීම්, යුධ ආයුධ මගඩි,   මහ බැංකු බැඳුම්කර, ඉන්ධන මිල සූත්රය වගේ කාටවත් නොතේරෙන, කාටවත් මතක නැති, කවුරුවත් නොදන්න විතරක් නෙවෙයි සිදුවීම් වල වගකීම කවුරුවත් බාර නොගන්න මහ මගඩි ගණනාවක් අපිට තියෙනවා. ඔක්කොටොම අන්තිමට වන්දි ගෙවන්නේ උතුරු අයර්ලන්ත කාරයෝ වගේ දුප්පත් මිනිස්සු නෙවෙයි මේ අපි. අපි කියන්නේ සියලු වැරදි වලට සමාව දෙන, සියලු වැරදි අමතක කරන, යලි යලිත් රැවටෙන සියලු සමෘද්ධියෙන් පිරී ඉතිරුණු, උතුරු කුරු දිවයින් වැසියන් හා සමාන වූ උත්තම මනුෂ් කොට්ටාසයක් වම්හ.

6 comments:

  1. හුඟක් රටවල්වල අඩු වැඩි වශයෙන් වැරදි වෙනවා. හුඟක් රටවල් ඒ වැරදි එලි කරගෙන , සුදුසු දඬුවම්ද සහිතව වැරදි හදාගෙන පාඩමකුත් ඉගන ගන්නවා.

    සමහර රටවල් අතීත ස්‍රී විබූතිය, යටත්විජිත කාලයේ වැරදි, අදිරාජ්යවාදීන්ගේ දුස්ටකම්, ධනවාදයේ, සමාජවාදයේ, ජාතිවාදයේ, ආගම්වාදයේ, ජාතිකවාදයේ හොඳ හා නරක, විදේසීය කුමණ්ත්‍රන, බහුජාතික සමාගම්වල කපටිකම්, විරුද්දවාදීන්ගේ වැරදි ආදී වෙනත් ඔක්කොම බූත හා අද්බූත ගැන කතාකරමින් ආයිත් වැරදිම කරනවා

    ReplyDelete
  2. ඔබේ කතාව අහන්නට ඇතයි හිතනවා .

    ReplyDelete
  3. අපේ ව්‍යාපෘති ගැන තත්වෙත් ලොකු වෙනසක් නෑ නේද ලොකු මල්ලි තුමනි

    ReplyDelete
  4. හරිම ආඩම්බරයි, හරිම. බොලල්ලා හෙනං අපිත් ඒරොප්පේ සුද්දොන්ටත් වැඩිය උඩින් නොවැ ඉන්නේ. මොකෙන් වුණාම මොකෝ?

    ReplyDelete
  5. මුල් වතාවට අද ගොඩ උනේ. ලංකාවේ පවතින ඇතැම් සහන ක්‍රම පිළිබද මමත් එකග නැහැ. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න එහෙමත් නැත්තන් මිනිස්සු යම් දෙයකට පොළබවා ගන්න ඉහත දැක්වෙන ක්‍රමය වගේ ක්‍රමයක් වඩා උචිතයි. ඔබට වගේම මටත් ජය.

    ReplyDelete
  6. කැනඩාවෙත් ඔය වගේ වැඩ වෙනවා . කොයි රටෙත් අඩු වැඩි නැතුව උදාහරණ හොයාගන්න පුළුවන්. අන්තිමට සල්ලි ගෙවන්නේ බදු ගෙවන සාමාන්‍ය මහජනතාව තමයි .

    ReplyDelete