Monday, December 24, 2018

සවණ රේඩියෝවත් එක්ක කට්ටකාඩුව




කැනඩාවෙන් ගුවන් ගතවෙන සවණ අන්තර්ජාල රේඩියෝවට කට්ටකාඩුවේ කතා කීපයක් ගත්තට කමක් නැද්ද කියල අහල මේල් එකක් ආවේ මාස දෙක තුනකට කලියෙන්. මගෙ මොකෝ කියල උත්තර යැව්වම තවත් මේල් තුන හතරකින් අපි අදහස් හුවමාරු කරගත්තා. මෙන්න අද අහම්බෙන් වගේ මේල් එක දිහා බලද්දී වැඩ සටහන් දෙකක් යූ ටියුබ් එකට මුදා හැරියා කියල මහත්තැන්ලා කියල තියනවා. හරි පුදුම වැඩේ කියන්නේ මාසෙකට වඩා දීර්ඝ නිහැඩියාවකට පස්සේ කට්ටකාඩුවට ඊලග ලිපිය ලියමින් ඉන්නකොටමයි මේක දැක්කෙත්.

අර ලියන ලිපිය දින කීපයක් පස්සට දාලා ඔබ තමුන්නැහෙලාත් එක්ක සවණ නිෂ්පාදනය අහන්ඩයි මේ සූජානම.

සුභ නත්තලක් වේවා!!

පළමු වැඩසටහන

දෙවැනි වැඩසටහන


අපේ ඉයන් තුමාගේ අදහසකට අනුව මේ රේඩියෝ කෙටිකතා වලට පාදක වෙච්ච කට්ටකාඩුවේ ලිපි වලට සම්බන්ධතා පහත දක්වනවා. බලන්ඩ එකම කතාව ශ්‍රවනය කරන කොටයි කියවන කොටයි වෙනස් හැගීම් ඉපදෙනවද කියල?

පළමු වැඩසටහන
තුන්දෙනෙක් ගැන දිග කතාවක් 
අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ 

දෙවැනි වැඩසටහන
සරුංගල් ජීවිතේ 
තිත්තවැල්ගොල්ලේ වධකයා

17 comments:

  1. arakkuwen sapiruna.. badu barin wadu una ,, vihulu thahaluwen supiruna subama suba naththalak wewa

    ReplyDelete
    Replies
    1. විහිලු තහළු...? ඇයි දෙයියනේ මදිද අර පහුගිය දවස් ටිකේ බලපු කොමිටල් ටික? හා..හා...විහිලු ඕනෑම නං අපි ප්‍රාර්ථනා කරමු චන්ද පිරිච්ච, පාර්ලිමේන්තුව හැමදාම රැස්වෙන අවුරුද්දක් වේවා කියල!!

      Delete
  2. loku malli ayye umbata makkeyi une ban.. umba nthiwa paluwen thama hitiye

    ReplyDelete
    Replies
    1. රටේ අනිත් උන් ඔක්කොටම වගේ හෙනහුරා ලැබුව රන්සකු මල්ලියේ....කම්පීතරේ යටියන්තොට ගියා කියහංකෝ....ඒකටම එක්කහු වෙච්ච කම්මැලි කම....ඉතින් මාස එක හමාරක් නිවාඩු ගත්තා....

      Delete
  3. සුබ නත්තලක් හා ලබන්නාවු නව වසර නිදුක් නිරෝගිව ගෙවන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...සී සික්නස් නැති පෝස්ට් ලියවෙන සුභම සුභ නව වසරක් වේවා!!
      ආවඩා... ආයුබෝ වේවා!!

      Delete
  4. බොහොම ස්තුතියි ඔබේ කතා භාවිතා කරන්නට දුන් අවසරයට . කෙටි කතාවක් කියවන එක පුරුදු අත්දැකීමක්‌ වුණත් කෙටිකතාවක් අහන එක වෙනස්ම අත්දැකීමක් වේවි කියල හිතනවා . සමහරවිට ඔබේත් , ඔබේ හිතවතුන්ගේත් අත්දැකීම් ඔබට සිහියට නැගෙන්නට පුළුවන් . කට්ටකාඩුවේ ලොකු මල්ලීගේ දක්ෂ රචනා වලට මේවගෙන් සාධාරණයක් වෙලාද කියල අහලම ඔබේ අදහස ලියනවා නම් කැමැතියි . ඔබේ නිර්මාණකරණයට ජය ... ඔබ සැමට වාසනාවන්ත 2019 වසරක් .

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ අපි හැම දේ ගැනම මධ්‍යස්තව හිතන්ඩ පුරුදු වෙන්ඩ ඕන කියලයි මම හිතන්නේ. මම ලියන කොට කවදාවත් හිතුනේ නෑ මේ කතා ගුවන් විදුලි මාධ්‍යයකින් ප්‍රචාරය වේවි කියල. ඒ හින්දම ඒ කතා ලියවුනේ කියවලා රස විදින්ඩ මිසක් අහලා රස විදින්ඩ නෙවෙයි. එහෙම පිටපතක් විවිධ බාධක මැද්දේ - ඔබට ඉන්නේ හඩ කැවීම් ශිල්පීන් දෙතුන් දෙනෙක් පමණයි- ඔබ ගුවන් විදුලියට හරවනවා. එතකොට මගේ මුල් කතාවට වඩා වෙනස් රසයක් එන්ඩ පුළුවන්. බ්ලොග් කලාවේ තියන අපූර්වත්වය තමයි නිදහස් අදහස් නොමිලේ ගලා යෑම. ඒ මූලික හරයයන් එසේම තිබෙන තුරු මම සතුටු වෙනවා.
      කැනඩාවට ගිහිං ජීවිතේ නොයෙකුත් හැල හැප්පීම් මැද කාලය හොයාගෙන සිංහල රේඩියෝ වැඩසටහනක් හදන එක ගැන අපි හුගක් සන්තෝෂ වෙන්න ඕන.
      ඔබේ ශ්‍රාවකයන් මේ ගැන අදහස් දක්වනවාද? මම කැමතියි ඔවුන්ගේ අදහස් දැනගන්න.

      Delete
  5. Replies
    1. ස්තූතියි සභාපතිතුමා!! ඔබට සුභ නව වසරක් වේවා!!

      Delete
  6. ඇහුව. සුභ පැතුම්. අදාල ලියපු කථා වලටත් ලින්ක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. ඔන්න ඔබේ ඉතා වටිනා අදහසට ගරු කරමින් අදාළ ලින්ක් ටික දැම්මා.

      Delete
  7. සුබපැතුම්.මේ කතා දෙකම කලින් කියවල තිබුනත් අහනකොට හරිම අපුරුයි.

    ReplyDelete
  8. ඉතාම රසවත්. වෙනස් මාධ්‍යවලින් උපදින්නේ වෙනස්ම රසයන් නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි තුමා...ඔව් වෙනස් මාධ්‍ය වලින් උපදින්නේ වෙනස්ම රස....වතුර අඩු මාධ්‍යයක හදන අඹ ගහක පල වඩා රහයි වතුර වැඩි මාධ්‍යයක හදන ඒ වර්ගයේම අඹ ගසක ගෙඩි වලට වඩා....

      Delete