Sunday, April 21, 2019

එලොයි, එලොයි, ලාමා සබහ්තානි


එලොයි, එලොයි, ලාමා සබහ්තානි?

(මාගේ දෙවියනි, මාගේ දෙවියනි,
ඔබ මා අත් හැරියේ කුමක් නිසාද?)



“පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින් , එසේ නම් ජුදෙව්වරුන්ගේ රජය' යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්නදැයි ඇසීය. කුරුසියෙහි ඇණ ගසන්නැයි ඔවුහු යලිත් මොර ගැසූහ. එකල පිලාත්: කිමෙක්ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ යි ඔවුන්ගෙන් ඇසීය. එහෙත් ඔවුහු කුරුසියෙහි ඇණ ගසන්නැයි වැඩි වැඩියෙන් මොර ගැසූහ”.

ශුද්ධවර මාක් (15:12-14)


මම දහස් ගණන් උවදුරින්
වට වී සිටිමි
හිස එසවීමට බැරි තරම්
මගේ පව් මා පිට පැමිණ ඇත
ඒවා මගේ හිසකේ වලටද වඩා වැඩිය
මාගේ සිතට දිරියක් නැත
සමිදුනි මා මුදාගත මැනව
අහෝ සමිදුනි,
මට සහාය වීමට කඩිනම් කල මැනව.
මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී
වියවුල් වෙත්වා .
මාගේ විනාශයට ආශා වූවෝ
පසු බැස අපකීර්තියට පැමිණෙත්වා!
හහා! හහා! කියමින්
මට සමච්චල් කරන්නෝ
මෙවන් නින්දාව නිසා
පසු බසිත්වා!
ඔබ සොයා එන්නෝ
ප්රීති ප්රමෝද වී සතුටු වෙත්වා!
ඔබේ විමුක්තියට ප්රේම කරන්නෝ
හිමි තුමෝ ශ්රේෂ්ඨ යි
නිරතුරු කියත්වා !
මම දුගියෙක්මි, දිළින්දෙක් මි.
එහෙත්,
හිමි තුමාණෝ මා සිහි කරන සේක
ඔබ මාගේ පිළිසරණය
ඔබ මාගේ මිදුම්කරුය.
මගේ දෙවියනි,
පමා නොවී වැඩිය මැනව.
(ගීතාවලිය 40- පිහිට පතා යැදීම)

සුසානය නොවේ අවසන
තිඹිරි ගෙය නොවේ ඇරඹුම
මරණය
දිගු ගමනක
නවාතැන් පළක් පමණය
(නොමියෙමි - මහගම සේකර)

සුභ ගමන් මා ආදරණීය සොහොයුරනි සොයුරියනි!!
සමා වනු මැන දෙවියන් යැදීමට ඉඩ නොදුන් තිරිසනුන් හට
උන් සමගම ජීවත් වීමට සිදුව ඇති
අප වෙනුවෙන් දෙවියන් ඉදිරියේ  යාඥා කළ මැනව!!!
ආමෙන්!

26 comments:

  1. දුක කිසිම මුස්ලිම් රටක් මුස්ලිම් කණ්ඩායමක්. මෙය හෙලා නොදැකීමය. මට mark tawain. ගේ mysterious stranger මතක්. වෙනවා කඩුවයියා.

    ReplyDelete
    Replies
    1. මම ජීවත් වෙන ගමට ආසන්නව තමයි ඔය ත්‍රස්තවාදී කණ්ඩායම මුලින්ම සංවිධානය වෙලා තියෙන්නේ බලාගෙන යනකොට. මේ තත්වය අළු යට ගිනි පුපුරු වගේ තිබ්බා කාලයක් තිස්සේ. දැන්වත් උන්ගේ ලේ පිපාසාව නිවිලා නම් හොඳයි. හැබැයි මම පෞද්ගලිකව එහෙම හිතන්නේ නෑ. මුස්ලිම් රටවල් වලින් මේ සිද්ධිය හෙලා දැක්කේ කවද්ද කියන එකට වඩා අපිට වැදගත් වෙයි මුස්ලිම් රටවල් වල අන්‍ය ආගමික සහජීවනය කොහොමද කියල හොයල බැලුවොත්..... ආගමික ත්‍රස්තවාදය නිළ වශයෙන් පිළිගන්නේ කවුදැයි හොයා බැලීමත් වැදගත්.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. රටක මනුස්සකං බෝම්බ අටකින් පුපුරවන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. ඔව් සුරංග මලයා ඒක ඇත්ත. ඒ වගේම මනුස්සකමට විරුද්ධව බෝම්බ තිබ්බ උන් ගැන අපි මොකද්ද කරන්නේ? මේක ලංකාවේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මගේ හිතේ.

      Delete
  4. ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකක් - අප්‍රියයන් හා එක් වීමද දුකක් නම්
    එහි විලෝමය ලෙස අප්‍රියයන් ගෙන් වෙන් වීම සතුටක්ද?
    ඔවුන් සතුටින් ඇති!

    ReplyDelete
    Replies
    1. මියගිය අහිංසකයන් සියලු දෙනාට ඔවුන් පැතූ විමුක්තිය ලැබේවා. කන්‍යාවන් හා දිව සැප බලාපොරොත්තුවෙන් අහිංසකයන් මැරූ අපතයන්ට අවීචි මහා නරකයේ දොර ඇරේවා!!!

      Delete
  5. මෙම ප්‍රවෘත්තියේ ඇති පින්තූර දෙස බලන්න.
    https://pressfrom.info/au/news/australia/-118699-australian-could-be-hurt-by-sri-lanka-bomb.html

    ඇයි මෙච්චර සිංහල මිනිස්සු ඉන්න රටේ ප්‍රධාන චායාරූපයට දෙමළ ගෑනියෙක්ගේ රූපයක් දාලා තියෙන්නේ. මීට සමාන තත්වයක් සුනාමි වාර්තාකරණයේදීත් වුනා. එතැනදිත් බටහිර ජනමාධ්‍ය විශේෂයෙන් ඉංග්‍රීසි ජනමාධ්‍ය ලංකාවේ මහජාතිය දෙමෙල්ලු කියා ඇඟෙවෙන විදියට වාර්තා කරණය කලා.

    මේක අහම්බයක් නෙමෙයි. ලාංකික දෙමල ජාතිවාදය ලන්දේසීන් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණු දෙයක් එහි අරමුන සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමයි.

    ඒ වගේම ලංකාවේ ප්‍රධාන කතෝලික පූජකවරුන් මෙම සිද්ධිය ගැන ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමේදී ඒ සඳහා ඉංග්‍රීසි බස යොදා ගැනීමත් මා හෙලා දකිනවා. ඇයි ඔවුන්ට සිංහලෙන් කතා කරන්න.

    අවසාන වශයෙන් කිවයුතු දෙය තමයි ලංකාවේ සිංහල කතෝලිකයෝ දෙමළ ජාතිවාදයට පක්ශයි. කතෝලිකයන්ගේ ෆේස්බුක් පිටු, බ්ලොග් අඩවි බලන්න. මම ඒ තත්වය හඳුන්වන්නේ සිංහල කතෝලිකයාගේ ජන්ම ද්‍රෝහිකම හැටියට. ඒ නිසා මටනම් කියන්න තියෙන්නේ
    "දෙයියනේ සිංහල ක්‍රිස්තියානි කාරයෝ තව මැරියන්" කියලයි.

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ සහෝදරයා කවදාවත් ඔය විදිහට හිතන්ඩ එපා. ඒ හිතන විදිහ අයිති මනුස්සයන්ට නෙවෙයි අර අහිංසකයන්ට බෝම්බ තියපු ආගමික උන්මත්තකයන්ට. උන් මිනිස්බව ලැබූ තිරිසනුන් කොටසක් විතරයි. ඇයි ඔබ බලෙන් ඒ ගොඩට වැටෙන්ඩ හදන්නේ?

      Delete
  6. ජාති ආගම් භේද නොසලකා මිනිසුන් එක්විය යුතු කාලයයි.

    ReplyDelete
    Replies
    1. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ?

      Delete
  7. මිනිසුන් මැරුණම මනුස්සකමත් මැරෙනවද? මතවාදත් මැරෙනවද?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මැරුණම මනුස්සකම මැරෙනවානම් මනුස්සකම් මේ ලෝකෙන් තුරන් වෙලා ගිහින් කොච්චර කල්ද? හැබැයි මිනිස් කමින් තොර සමහර මතවාද නං සමහර මරණ එක්ක නැති වෙනවා නේද නිදිතුමා?

      Delete
  8. අතන ජේසු කියන්නෙ "එලාහී එලාහී..." කියලා. ඒක "අල්ලාහු" කියන වචනයෙ හීබෲ පෙරලීම... ඒ වගේම රෝමානුවන් තමන්ගේ ආගම වශයෙන් පෙරළාගත්තට, කුරාණයෙත් මොහම්මදු නබි තුමාට කලින් ඉන්නේ ඊසා නබිතුමා. ඒ ජේසු... අපි ඔක්කොම හෝමො සේපියන් සේපියන් අන්තිමේදි බලනකොට...

    ReplyDelete
    Replies
    1. එලොව පොල් පෙනුනා

      Delete
    2. දැති හුළහ තුමා කියන කතාව හරි. මම ඔය පාඨය ගත්තේ මාක් තුමාගේ ශුභාරංචියෙන්. මතෙව් තුමා නං කියල තියෙන්නේ ඒලී , ඒලී කියල උන්වහන්සේ කිව්වා කියල. බෞද්ධ මගේ බයිබල් දැනුම ගැන සමාවෙන්ඩ ඕන වැරද්දක් වෙලානම්.නමුත් යේසුස් වහන්සේ කිසිම තැනක හිංසාව අනුදැකලා නෑ නේද? එතකොට අලුත් වෙනකොට හිංසාව එක්කහු උනේ කොහෙන්ද කියල හොයල බලන්ඩ වටිනවා.

      Delete
    3. ඔවුන්ට අනුව බුදුහාමුදුරුවෝ කියන්නෙත් දෙවියන්ගේ පණිවිඩ කරුවෙක්. ඔවුන් පණිවිඩ කරුවට නොව දෙවියට වදින උසස් මිනිසුන් ලෙස තමා තමුන් ගැන හිතන්නේ.
      හිංසාව ඇවිල්ල තියෙන්නේ මම හිතන විදියට ඔවුන්ට අනුව මැවුම්කාර දෙවියා විසින් ඔවුන්ට තහනම් කරලා තියෙනවා වෙනත් කිසිම දෙවියෙකුට වන්දනා කරන්න. අපේ හැටියට ආනන්තරිය මට්ටමේ පවක් එක. මම හිතන්නේ හොදින් නැත්නම් නරකින් මිනිස්සුන්ව ඒ පවෙන් මුදවන්න තමා ඔය හිංසාව එයාල බාවිතා කරන්නේ.

      Delete
    4. @Pathum: පණිවිඩේ එහෙක් මෙහෙක් වෙලා හින්ද වෙන්ට ඇති ඔතරම් තරහ! එහෙනම් ඉතින් හරියට පණිවිඩේ එව්වේ නැති එක නේද වැරැද්ද?

      මේ ඔක්කොම විගඩම්! තවත් දෙයක් වෙනතුරු පමණයි. වඩාත්ම කණගාටුව යුද්ධය ගැන ලොකු අත්දැකීමක් නැති උන්ව ඉක්මනින් ෆෝම් කරගන්න පුළුවන් හැමෝටම. හිරිවැටුන වෙලාවේ පිළිකාව කපලා වැඩේ අහවර කලානම් තමයි හොඳ. නැතිනම් ආයෙත් ජිවිත පුජාවක් විතරයි අවුරුද්දක් ගානේ සමරන.

      Delete
    5. මට මේ දවස් වල සෙට් වෙලා ඉන්නවා මරු මුස්ලිම් යාලුවෙක්. මම මිනිහ සහ මගේ කතා ගැන ලියන්නම්. දැන් ලිව්වොත් ලියන සියලු දේ එක පැත්තකට යනවා ... සති දෙකකින් ලියන්නම් හෙහ්

      Delete
    6. @ පැතුම් : ඒක දේව වාදය, බහු දේව වාදය වගේ විවිධ අදහස් ලෝකෙ ශිෂ්ටාචාරවත් බවත් එක්ක ඇති වෙච්ච අදහස්. ඒ කොයි අදහස හරිද කොයි අදහස වැරදිද කියන එක ගැන මගේ ආගමානුකූලව පෞද්ගලික අදහසක් මට තියනවා. ඒත් ඒ අදහසට වෙනස් අදහස් දරන්නට අනෙකුන්ට ඇති අයිතිය මම පිලි ගන්නවා. වෙනස් අදහසක් දැරීම ජීවිතයෙන් වන්දි ගෙවන්නට බල කරන්නට හේතුවක් නොවෙයි. මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තේ කොතරම් අමාරුවෙන්දැයි ඔවුන් දන්නවා නම් ඒ ජීවිතයත් සමග මේ විදිහේ 'ගොං ජෝක්' කරන්නට පෙළඹෙන්නේ නෑ.

      @ ලිඛිතා: පිළිකාව කපන්නට ඉස්සර එය පැතිරීම වලක්වලා ඉන්න වෙයි. ඒ කොහොම උනත් ගොඩ වෙදකං නොකර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ම බේත් ගන්ඩ ඕන වැඩේ වණ කර ගන්නේ නැතුව.

      Delete
    7. [මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තේ කොතරම් අමාරුවෙන්දැයි ඔවුන් දන්නවා නම් ඒ ජීවිතයත් සමග මේ විදිහේ 'ගොං ජෝක්' කරන්නට පෙළඹෙන්නේ නෑ]

      ඔබ හා මා සිතන විදියට මනුෂ්‍ය ජීවිතය ලබා ගැනීමක් ගැන ඔවුන්ට අවබෝධයක් නෑ. ඒ බුදු දහමෙන් අපිට උගන්වා ඇති විදිය. ඔවුන්ට සියලු දේ ලබා දී ඇත්තේ දෙවියන්. සියලු දේ ලබා දුන් දෙවියන්ට විරුද්ද වීම ඔවුන්ට අනුව වරදක්. ඔබේ සහ මගේ ඔලුව බුදු දහම විසින් හැඩගස්වා ඇති ලෙසම ඔවුන්ගේ මනස ඒ ආගම විසින් හැඩගස්වා තියෙනවා. බුද්ධාගම ආරක්ෂා කර ගන්න මිනි මරන්න සුදානම් ඕනේ තරම් අය අප අතරත් ඉන්නවා.
      ජිවිත විනාස කිරීම කියන්නේ අන්තවාදයක්. ආගම මොකක් වුනත්.

      Delete
  9. 1. කට්ටාස්, මාර කම්පනයක් තමයි දැන් තියෙන්නේ. වැඩක් කර ගන්න හිතෙන්නේ නැහැ. පල්ලියට ගහපු නිසාම නොවෙයි. ලංකාවේ දැනට අමාරුවෙන් හරි තියාගෙන ඉන්න මිනිස්කමට/සහෝදරත්වයට කෙල වෙයිද කියලා.
    ඒ අතරවාරයේදී තමයි දැක්කේ ඔබේ වෙර වීර්යය. මනුෂ්‍යත්වය රැක ගන්න ඔබ දරන වීර්යය. අනිවා,මං එනවා උඹව හම්බවෙන්න ලංකාවට ආපු දවසක.
    ප්‍රකෝපකාරී ,මෝඩ අදහස්වලට වුනත් ඔබ ඉඩදීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔබේ බුද්ධිමත් බවයි. ඒවා බලහත්කාරයෙන් යටපත්,නොකර සංවාදයෙන් හරි වැරැද්ද සොයා ගෙන යන ඔබ වැනි අය හරි අඩුයි. ඒක නිසාම ඔබ වටිනා අයෙක්.

    2. කුරුසිය යනු ක්‍රිස්තුන්වහන්සේගේ මරණයෙන් පසුව, එතෙක් රෝම එල්ලුම් ගස ලෙස තිබී පසුව ගැලවීමේ සලකුණ බවට පත් වුනු ලෝක ඉතිහාසය දෙකඩ කරපු සලකුණ. ඒ සුසමාදර්ශී වෙනස ISIS නොවේ සෞදි රජ පවුලටවත් වෙනස් කරන්න බැහැ. පල්ලි ඇතුලේ බෝම්බ පුපුරන ගානට, මැද පෙරදිග මිනිසුන් මරන ගානට වඩා වැඩි intencity එකකින් ඉස්ලාමය පිරිහෙන බවට මේ ඉස්ලාමයේ කපටි ආරක්ෂණවාදීන්ට ⁣තේරෙන්නේ නැහැ. ISIS නොවෙයි මේවා කරන්නේ..සෞදි ආණ්ඩුවයි.

    3. මීගමුවේ, කොචිචිකඩේ , මඩකලපුවේ සහ හෝටල්වල මරා දැමීම් ක්‍රියාත්මක කල සහෝදරයන්ට සමාව ලැබෙනවා දෙවියන්වහන්සේගෙන්. එය ස්ථීරයි..එසේ නොවුනොත්,ඒ දෙවියන්වහන්සේ නොවෙයි.
    අපේ දැඩි විශ්වාසය සහ යාච්ඤාව ඒ සඳහායි.
    නමුත් මේ වරදට ඔවුන්ව පොළඹවාලූ සෞදි ඝාතකයන්ට ...අනේ මන්දා..මට කිසිවකුත් විනිශ්චය කල නොහැක.
    අපි විශ්වාස කරන්නේ විනිශ්චය දෙවියන්වහන්සේට අයිති දෙයක් කියලා.
    ඒත් සෞදියා දෙවියන්වහන්සේගේ වැඩේ උන් අතට අරගෙන.

    4. තමන්ට, තමන් කිතුනුවකු වීම නිසා යමකු පීඩා කරනවා නම් ඊට එරෙහිව නහයෙන් ඇඬීම, ඤරුඤුරු ගෑම කිතුනුකම නොවෙයි. යමකු කිතුනු ජීවන මාර්ගය තෝරා ගත්තානම් කුරුසියේ ගමන කල්වාරියෙන්ම කෙලවර කල යුතුයි. මේ සිද්ධ වුනේ ඒ වාගේ දෙයක්.
    අපිට සතුරෝ නැහැ. අපි ප්‍රතික්ෂේප කරන්නේ පාපයයි..වරදකරුවන් නොවෙයි.
    (කතෝලිකයා මොන වැරැද්දකට වුනත් රාජ්‍ය මරණීය දණ්ඩනය නැමැති නාගයාට එරෙහිව මුගටියකු සේ සටන් කරන්නේ ඒ නිසායි)

    5. මීගමුවේ සහ කොචිචිකඩේදී මගේ මිතුරන් සහ ඔවුන්ගේ පවුල්වල අය මිය ගියා. ඔවුන්ව මරා දැමූ අය අපේ සතුරන් ලෙස අපි කතෝලික අය පිලිගන්නේ නැහැ. අපේ සතුරා පාපයයි.. හැම victim කෙනකුම ඔවුන්ට සමාව දෙනවා.
    මේ පාස්කුව දෙවියන්වහන්සේ අපිට දුන්න වි⁣ප්ලවවාදී දවසක්. අපි මැරුනේ නැහැ. පාස්කුව දා අපි හැමෝම සමාව දීමෙන් ක්‍රිස්තුන්වහන්සේ සමඟ උත්ථාන වුනා.
    ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා..මිතුරු මිතුරියනි!
    Clement Peris
    Calgary

    ReplyDelete
    Replies
    1. ක්ලෙමන්ට් තුමා, ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. ඉන්ෂා අල්ලා (දෙවියන්ගේ කැමැත්ත පරිදි) අපි හමු වේවි. ශාරීරිකව හමු නොවුනත් සහෘදයන් ලොව කොහේ හෝ සිටින බව දැන ගැනීමම සතුටක්. හමු වීමක්.
      ඉස්ලාමීය ඉතිහාසය කෙටියෙන් කියන්ඩ කිව්වොත් මං හිතන්නේ මෝඝල් රජ පරපුරේ කතාව තමයි එකට වඩාත්ම ගැලපෙන්නේ කියලා. සවුදි විතරක් නෙවෙයි මද පෙරදිග රජ පරම්පරා බොහොමයක් තමන්ගේ බලය පවත්වා ගන්ඩ ඕන ජරා වැඩක් කරනවා. මතකද කශෝගි මරපු විදිහ?. ඔහු රජ පවුලේ ලඟම නෑයෙක්. නමුත් මේ බලහත්කාරී වැඩේ දිගටම කරන්ඩ බෑ. මේ කාලය සංවිධිත පල්ලියේ (කිතු දහමේ නොවෙයි) මධ්‍යතන යුගයේ කල් ක්‍රියාවට සමානයි. මතකද ශුද්ධ රෝම අධිරාජ්‍යයා එක්ක නටපු නැටිලි? අද මැද පෙරදිග රජ පවුල් හා අන්තවාදී ඉස්ලාම් දේශකයන් සමහර විට ඊටත් ටිකක් වැඩියෙන් දරුණුයි. හැබැයි........ වසන්තය එනවා සත්තයි!!
      "අපි ප්‍රතික්ෂේප කරන්නේ පාපයයි!!" බෞද්ධයෙකු ලෙස මම මේ වාක්‍යයට ආදරය කරන තරම ඔබ දන්නවානම්?!!!
      පාස්කුව සැබවින්ම හරි විප්ලවවාදී අදහසක්. එහෙව් දවසේ තම ඇදහිල්ල වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගීන් දෙවියන් ඉදිරියේ යහපත් විනිශ්චයකට බඳුන් වේවි. නමුත් අපිට අහිමි වූ සුන්දර මිනිසුන්ගේ ඇසුර නැවත ලබා ගන්නේ කෙසේද?

      Delete
  10. 1.කට්ටාස්, බොහොම ස්තුතියි පිලිගැනීමට. පුද්ගලයෙක් නියම බොදුනුවෙක් වන්නේ ධර්මයට ඇති පිපාසාවෙන් එය ග්‍රහණය කර ගැනීමෙන් විනා හුදු බෞද්ධයෙක් වීමෙන්ම නොවේ. ඔබ ප්‍රකට කලේ ඒ දුර්ලභ ලක්ෂණයයි. රසායන විද්‍යාවෙන් කියනවා නම් ආගම සහ දේශපාලනය කියන්නේ එක්තරා binary mixture එකක්. එහි හැසිරීම phase diagram එකකින් පැහැදිලි කිරීමේ යම් උත්සාහයක් උඹ අරගෙන තියෙනවා.

    පෘතුගාලයේ හදන ඉස්තරම් වයින් බෝතලයක් ඔබේ බිරින්දෑට සහ (මගේ බිරින්දෑටත් දීලා..අනිත් ගෑනුන්ට wine දෙනවා නේද කියලා නැත්නම් අපේ ගෑනි මාව කයි! ) සහ කෙල කෝටියක් නම් තියෙන ඉස්තරම්ම විෂ්කි (Whisky) බෝතලයක්/දෙකක් නීති ප්‍රකාරව ලංකාවට ගෙනැවිත් මේ ගැන කතා කරමින් සප්පායම් වීම අපේ ධර්මයන්ට පටහැනි නැති බවයි මගේ අවංක හැඟීම. නමුත් මේ thread එකේ කවුරු හරි ඒ 'රන්දිය' සහ ධර්ම සාකච්ඡාව එකට යන්නේ නැහැ කියනවා නම් ...හරි..මම ඒ මතයට ගරු කරමින් පෙලෙන්ටියක් සහ වඩයක්(උළුඳු) කමින් ඵලදායි සාකච්ඡාවක් දාමු. හැබැයි අපරාදේ බෝතල් දෙක බෑග් එකේ!

    2. ක්‍රිස්තියානි ඉගැන්වීම නම් බයිබලයේ මුඛ්‍ය පරමාර්තය වනුයේ ක්‍රිස්තුන්වහන්සේ යනු පැරණි ගිවිසුමේ සඳහන් දෙවියන්වහන්සේම බව ලෝකයට පැහැදිලි කිරීම බවයි. මේ වාක්‍ය ඇතුලේ මුලු මහත් ක්‍රිස්තියානි ඉගැන්වීම පත අට එකට සිඳවා තමයි කියන්නේ. නමුත් ජුදෙව්වන්ට සහ මුස්ලිම්වරුන්ට මේ අදහස තේරුම් ගන්න බැරිව ගියා. (ඊට හේතු මට ඇලෝසියස් පීරිස් SJ,පියතුමා දවසක් පහදා දුන්නා.) ජුදෙව්වන්ට Moses දුන්න ඇසට ඇස- දතට දත න්‍යාය තවමත් ජුදෙව්වන් අගයන්නේත් , එහිම දිගුවක් ලෙස සොරකම් කල එකාගේ අත් කපලා දාන, ගල් කපලා මාට්ටු වුනොත්ගල් ගහලා මරා දාන ෂරීයා නීතිය නබි තුමා ඉස්ලාමයට හඳුන්වා දුන්නේ , අලුත් ගිවිසුමේ Law of Love තේරුම් ගන්න බැරිව ගිය නිසායි.

    ක්‍රිස්තියානිකාරයාට , තමාට වෛර කරන්නාට සමාව දීම ගැන දෙපාරක් හිතන්න බැහැ. සමාව දීමට කිතුනුවා දෙවියන්වහන්සේ සමඟ බැඳී සිටිනවා. ඒක bargain කරන්න බැහැ. ලඟදී Francis, (තවත් SJ පොරක්) කිව්ව දෙයක් තමයි..⁣"දෙවියන්වහන්සේට සමාව දීමට නොහැකි වරදක් නැහැ" there is no sin that God cannot forgive කියලා. දැන් මේ ලංකාවේදී සිදුවූ සිද්ධිය සම්බන්ධව ඉතින්අපි මේ වරදකරුවන්ට සමාව දෙමු කිව්වාම අපේම එවුන්- බුද්ධ කුරුස , හින්දු මරක්කල ඔක්කෝම එවුන් එකා වාගේ මට කිව්ව කුණුහරුප ප්‍රමාණය මිලියන ගණනක්!
    (අපේ ලංකාවේ ගෙදර එවුනුත් ඒකට එකඟ වුනා.
    සරදියෙල්⁣ට නෑ කමක් තියෙන මගේ මස්සිනා විතරයි, හොරෙන් හරි ඒ,යෝජනාවට මට support කලේ.)ඒකට ලැබුන ප්‍රතිචාරය ඔබ වැනි යහපත් බෞද්ධයකුගෙන් ලැබුනු ප්‍රතිචාරයට වඩා ⁣බෙහෙවින් වෙනස්!

    කතෝලිකයන් වන අප දිනපතා දෙවියන්වහන්සේගෙන් සමාව ඉල්ලනවා.අපි ප්‍රසිද්ධියේ ම පිලිගන්නවා අපි පවුකාරයෝ/sinners බවට..Forgive us our sins as we forgive those who sin against usඅපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කල මැනව...අනිකාට සමාව නොදී අපට බැහැ අපේ වැරදිවලට දෙවියන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න.
    මේ මම කියන දෙයක් නොවේ.
    ක්‍රිස්තුන් වහන්සේම අපට කිව්ව දෙයක්
    සමාව දිය යුතු මෙම very moment එකේදීම අපිට අපේ ක්‍රිස්තියානිකම අමතක වෙනවා. පාපය /sin පැටව් ගහන්නේ මේ සමාව දීම අපි නොසලකා හරින නිසාය.

    ලියන්න ගියාම comment එක දිගයි post එකටත් වඩා.(පිස්සාට No kilometer) එච්චර හොඳ දෙයක් නොවේ. නමුත් අදට විතරක් ඉඩ දීපං කට්ටෝ.

    3. අන්තිම ටික වැදගත්. මේ සිද්ධිය ඉතාම දේශපාලනිකයි..ඒ වාගේම ආගමිකයි. මේ සම්බන්ධව දැන් ⁣ලංකාව මිලිටරිමය විසඳුමක් යෝජනා කරනවා. නමුත් ඒකෙන් වෙන්නේ ලංකාව තවත් අපායක් වීමයි. ⁣block ගල් ගහනවා වාගේ blog නොලියන ඔබට බැරිද කට්ටාස්, ඉස්ලාමය, දේශපාලනය , ethics ආදිය එකතු කර ලිපි පෙලක් මෙහි ලියන්න?
    ඔබ සඳහන් කලා සේ රෝම අධිරාජ්‍ය සිටම මේ ගැන ලිවිය යුතුයි. මෝගල් වරු, පැරාගේ praja.lk සඳහන් ලෙස වහාබ්වාදය Wahhabism ..මේ ආදිය විස්තරාත්මකව සහ මුල සිටම.
    මීට වසර ගණනකට ඉස්සෙල්ලා මට සිදුවුනා core subjects වලට අමතරව අනිවාර්යයෙන්ම comparative civilizations විෂයක් ලෙසට හදාරන්න..rise of islam එහිදී මට බලෙන් ඉගෙන ගන්න සිදු වුනා. මටත් පුලුවන් ප්‍රයෝජනවන් දායකත්වයක් සපයන්න. ඔබ ඒ ලිපි පෙල ලියනවා නම් ලොකු කතිකාවක් කට්ටකාඩුවේන් අරං ගිය හැකියි.

    සිද්ධීන් සිදු වන්නේ හඬා වැලපීමට සහ වෛර කිරීමට විතරක්ම නොවෙයිනේ..යමක් ඉගෙන ගන්නත් පුලුවන් ඒ දේවලින්. විද්‍යාර්ථිකයෙක් ලෙස ඔබට පුලුවන් මිනිසුන් හිතන විදිය වෙනස් කරන්න. විද්‍යාවේ capability එක එයයි.

    Clement Peris-Calgary

    ReplyDelete
  11. සාතන්ට ඕනවුනා තමන්ට සේවයකරන සංවිධානයක් හදාගන්න.
    දවසක් සාතන් ජේසු ලඟට ආවා එයා ජේසුට තමන් සාතන් බව ඇඟෙව්වේ නෑ.
    එයා ලෝකේ පුරා රජවරු රජසැප විඳින අයුරු ජේසුට මවා පෙන්නුවා.
    ඉන්පසු:
    උඹ මට එකපාරක් වැන්දොත් මම උඔට මේ සැප දෙනවා කීවා.
    ජේසු: "සාතන් පලා යව" කීවා සාතන් පැරදිලා යන්න ගියා.


    දැන් දෙවන කොටස:
    අවුරුදු 600ක් පමණ ගියා සාතන් නැවත උත්සාහ කලා.
    මෙවර ඔහු ගියේ අරාබිකාරයෙක් ලඟට, ඔහු කුඩාකල ආනාථයෙක්
    ඒ වනවිට ඔහු ජීවත්වුනේ තමාට වඩා සෑහෙන්න වැඩිමහල් තම බිරිඳගේ දේපලවලින්.
    ජේසු සමඟ කටයුතුකල ආකාරයටම අරාබි කාරයා සමඟත් කතාකලා.
    අරාබිකාරයා එක වතාව වෙනුවට පස් වතාවක්ම සාතන්ට වඳින්න පොරොන්දු වුනා.

    සාතන් ඔහු ලවා තමාට සේවය කරන සංවිධානයක් ගොඩනඟා ගත්තා.

    නමුත් අරාබිකාරයාට පොරොන්දු වූ රජසැප දුන්නේ නෑ. සාතන් පොරොන්දු ඉටුකරන කෙනෙක් නෙමෙයිනේ.
    සාතන් කියන්නෙත් දේවදූතයෙන් ඔහු සෑම මිනිසෙකුටම වඩා බුද්ධිමත්. නමුත් දුෂ්ටයි.

    මුල් අවුරුදු 10යේ ඔහු අරාබිකාරයා ලවා කියැවෙව්වේ ජේසුස් වහන්සේගේ දේශනා වලට සමාන අදහස්.
    ඉන්පසු ක්‍රමයෙන් අන්තවාදී අදහස් දේශනාකලා.
    එසේ කලේ සැලැස්මකට අනුවයි.


    සංවිධානයට පිටස්තර අය සහ යම්කිසි උපක්‍රම යොදාගෙන සංවිධානයට හරවාගන්නා අයට උගන්වන්නේ මුල් අවිහිංසාවාදී අදහස්.
    අනිත් අයට පසුකාලීන අදහස්.

    ReplyDelete