Saturday, September 12, 2020

සළුපට- 2

සළුපට අහසට නාට්යයේ ප්රධාන නළුවෝ තාම පෝස්ට් එක දැකලා නෑ. එහෙම නැත්තං උං මාව මරන්ඩ කොන්ත්රාත් දීපු උන්ට තාම සල්ලි දීලා නෑ. ඔය කාරණා දෙකෙන් මොකක් උනත් සළුපට අහසේ දෙවෙනි කොටසත් ලියන්ඩ තාම පණ කෙන්ද රැකිලා තියෙනවා. තාම මේ ගේම ඉල්ලන්නේ ඔෆිස් එකෙන් මං මළොත් හම්බ වෙන ලක්ෂ විස්ස තිහ ලංසුවට තියලා. අපේ ගමේ කියන විදිහට සුටුස් ගාල හුස්ම ටික ගියොත් අපේ බැච් එකේ සාඩම්බර ඉතිහාසයට මේ ට්රිප් එකේ ඉතිහාසය හරියට නොලියවීමෙන් වෙන අඩු පාඩුව හින්දමයි මේ ලියන්නේ.

අපි අලුත් සහශ්රකයේ බැච් ට්රිප් එකක් ගිය විදිහත් මැණික් ගඟේ නාන්ඩ ගිහිං සෝමෙයා ජී.කේ. කියල ගරු නම්බු නාමයක් ලබා ගත්තු හැටිත් මම ගිය පාර කිව්වා මතක ඇති. අමතක කෙනෙකුට මෙන්න සබැඳිය ගිහිල්ලා හිතේ හැටියට බලා කියාගෙන එන්ඩ පුළුවන්.



දැන් ඔන්න පහුවදාට එලි වෙලා.

කෝ මචං සෝමේ? ඊයේ රෑ වෙච්ච අකටයුත්ත මතක් උනාම මම ඇහුවා.

ඌට ඒක මතකත් නෑ අර ඉන්නේ කෙල්ලෝ එක්ක පැණි හල හලා…ගොට්ටා කිව්වේ දත් මිටි කන ගමන්. ඌට කෙල්ලෙක් එක්ක කොල්ලෙක් කතා කර කර ඉන්නවා පේන්ඩ බෑ. ඌට කිසිම පණ තියෙන ගෑණු ළමයෙක් කැමති වෙච්ච නැති හිංදා.

අපි කෑ ගහමුද ජී කේ කියල? මම ඇහුවේ ඔලුවේ තිබ්බ දෙහි රේණු අතින් එක්කහු කරන ගමන්...

චී..ඒක හරි නෑ... හලපු පැණි ටිකත් අපරාදේ අපි කෑ ගැහුවොත්...

හ්ම්...එහෙනං සද්ද නැතුව ඉම්මු....

ඉතින් එහෙම කතා කරගෙන අපිත් උදේ කෑම බෙදන තැනට සෙට් උනා.

හා..මේ දෙන්නට දැන්ද බඩගිනි වෙලා තියෙන්නේ? වවුලි ඇහුවෙ නිකං ඔච්චමට වගේ.

ඇයි අපිටත් පස්සෙ තව කට්ටියක් එන්ඩ ඉන්නවා...ඊයේ රෑ කොච්චර හොඳට දෙයියන්ට කට්ටිය බාර හාර ඔප්පු කරලද කියනවා නං කොල්ලෝ දහයක් පහළොවක් තාම සිහි මද ගතියෙන් නිදි. උන් ගාවින් එන්නේ වමනේ ගඳද දෙහි සුවඳද කියල හිතා ගන්ඩවත් බෑ.

ඇයි ඊයේ මැණික් ගඟේ දී මොනවද කෑවා කියල අපිට ආරංචි උනා!  වවුලිට ටිකක් තදත් වෙලා වගේ. ඒකිත් එක්ක මගේ පොඩි මෙව්වා එකක් තිබ්බා කියල මම කියල තියෙනවනේ. කියල නැති උනත් එහෙමයි කියල හිතා ගන්ඩකෝ.

ම්...මම..? මොනවද?

දහ ජරාව බොන්ඩ එපා කියන්නේ ඕකනේ..සිහියක් පතක් නෑ බී ගත්තහම...

මම බිව්වා දෙයක් නෑ..කවුද කිව්වේ මට මොනවා හරි උනා කියල මැණික් ගඟේ දී?

අර සෝමෙයා උදේම නැගිටලා හැමෝටම කිය කියා යන්නේ ඊයේ රෑ කට්ටිය සෙට් වෙලා නාන්ඩ ගිහින් වෙච්ච හරිය!

යකෝ අර ...යා උල තියන්ඩ එපාද? මටත් කලින් ප්රශ්නේ ඇහුවේ ගොට්ටා.

මේ... මේ..මේ දෙයියන්ගේ රටේ කට වරද්දා ගන්ඩ එපා...වවුලි කිව්වේ අපේ හොඳට..

දෙයියන්ගේ රටේ...දෙයියන්ගේ රටේ....මෙහෙම මුමුණ මුමුණ හිටපු ගොට්ටා සෝමෙයා එනවා දැක්කා ඈතින්.

ජී.කේ. කොහොමද?

මොකද්ද ජී.කේ කියන්නේ? සොමෙයාට ටියුබ් ලයිට්.

අයි උඹ මැණික් ගඟේ දී බයිට් වගයක් කෑවා අපි දැක්කනේ...

එතනින් එහාට කියපු දේවල් එච්චර හොඳට ඇහුනේ නෑ... දරුණු හූ හඬකින් මුළු විශ්රාම ශාලාවම වැහිලා ගිය හිංදා...ඒක නතර උනේ රෙපා ඇවිත් යකෝ තොපි පිළිවෙලකට හැසිරෙයව් පිට තැනකට අපුවාමවත් කියල තවත් හොඳ කුණු හරුප දෙක තුනකින් සභාව ඇමතුවාට පස්සේ.

කෙල්ලෝ නං කිව්වේ කතරගම දී හූ කියපු එක දෙවියන් කෝප වෙන්ඩ හේතුවක් කියල. හැබැයි දවල්ටත් බත් පාර්සල් බැඳ ගෙන දහයට එකොළහට විතර කතරගමින් පිටත් වෙනකල් එහෙමට කියන්ඩ භාදාවක් උනේ නෑ.

අපි දවල්ට කෑවේ බුදුරුවගලදී. එතකොට හවස තුනට විතර ඇති. කෑම වලින් බාගයක්ම බල්ලන්ට විසිකරා. මොකද ගෙනාපු දෙහිත් ඉවර වෙලා තිබ්බ හිංදා බීපු එව්වෝ හුගක් දවල්ට කන තත්වෙක තියා එකෙන් බැහැ ගන්න තත්වෙකවත් නොහිටපු හිංදා.

හවස පහ විතර වෙනකොට අපි හිටියේ තංගල්ලේ. දැන් මගෙන් අහන්ඩ එපා කතරගම ගාවට තිබ්බේ බුදුරුවගලද එතනින් පස්සේ තියෙන්නේ තංගල්ල කියලා. අතර වාරේ තමයි අපි දන්නා සින්දු ටික කිව්වේ. එක පාරක් නෙවෙයි සමහර සින්දු දහ දොළොස් වතාවක් කියන්ඩ ඇති. සමහර විට ඊටත් වඩා වාර ගානක්. ප්රියා සූරියසේනගේ සිංදු අස්සේ ජෝතිපාලගේ සිංදුවල කොටසුත් අමරදේව මාස්ටර් ගේ ස්ථායි කොටස් වලට පස්සේ එම්.එස්. ගේ බයිලා අන්තරා කොටසුත් තියෙනවා කියල මම දැනගත්තේ එදා. දිවුල්ගනේ දේශපාලන පත්වීමක් ගත්තු එකට විරෝධය දක්වන්ඩ මනුස්සයා ජිම් එකේ තිබ්බ සංගීත ප්රසංගයකට ආපු වෙලාවේ හූ කියපු අපේ උන් දිවුල්ගනේ පණ පිටිං මරලා දැම්මේ එයාගේ සින්දු ටික රැප් කරලා. කරපු දේට කියන්නේ රැප් නෙවෙයිද? මොකක් හරි සුදුසු වචනේ ඔය කට්ටිය දා ගන්ඩ. අපි දිවුල්ගනේ ගේ සින්දු කියපු විදිහ එතුමාට අහන්ඩ ලැබුනා නං....!

කොහොමින් කොහොම හරි වෙරි මතයි කෑ ගහපු කෑ ගැහිල්ලට බැරැන්ඩි වෙච්ච උගුරු තොගේකුයි එක්ක අපි තංගල්ලේ බීච් එකේ බැස්සා.

මචං අපි යනවා රෑට උයන්ඩ. බව්වා ගේ නෑයෙක් ඉන්නවලු මේ කිට්ටුව. ගෙදරට ගිහිං උයා ගෙන එනකල් උඹලා නා ගනිල්ලා...අපේ රෙපා කිව්වේ විදිහට.

අපිත් ඉතින් සුවච කීකරු ශිෂ්යයෝ වගේ බීච් එකේ බැස්සා. බැස්සා කිව්වට පැන්නා. පැන්නා කිව්වට කවුද එකෙක් තල්ලු කළා. පැනලා දුවගෙන ගියේ නාන්ඩ....

නාලා ඇඳගන්ඩ ඕන රෙදි අනං මනං ඔක්කොම ගනිල්ලා අපි එනකොට පරක්කු වෙයි... බව්වා!!

හුහ් මේකාගේ කටේ තියෙන සද්දේ බලහංකො.. ගාල්ලේ එකා. තංගල්ලට ආවම මෙච්චර කටේ සද්දේ නං ගාල්ලෙදි අපිට මොනව කරයිද දන්නේ නෑ...රොබා කිව්වේ වෙරි මතට වෙන්ඩ ඇති. 

රෑට උයන්ඩ නියමිත සෙට් එකත් එක්ක බස් එක ලඟ ඉන්න බව්වාගේ මාමා කෙනෙක්ගේ ගෙදර ගියා. අපි නාන්ඩ සෙට් උනා.

පැයක් නෑවා.දෙකක් නෑවා බස් එක තාම නෑ. දැන් ඔන්න හවස හයහමාරට විතර ඇති.

මට අමතක නොවෙන සුන්දර මතකයක් තියෙනවා ඔය අස්සේ. එදා ලස්සනට හඳ පායාගෙන ආවා. මූදේ රළ උඩට හඳ එළිය වැටුනම හරිම ලස්සනයි. හැබැයි ලස්සන යට කරගෙන තෙත ඇඳුම් පිටින් ඉන්න අපිට සීතල  වද දුන්නා. සීතලත් එක්ක ආවේ බඩ ගින්න. දවස් දෙකක ගමන් මහන්සිය එක්ක හරියට ගංජා ගැහුවා වගේ ෆීලින්  ආවේ. ඛෝමද හරියටම එහෙම කියන්නේ ඇහුවා? නාන්ඩවත් මූදට බහින්නේ නැතුව ජොයින්ට් එකක් හදාගෙන උරපු උනුත් කිව්වේ උන්ටත් එහෙමමයි කියලනේ. ඉතින් මං දන්නවා සීතලයි, බඩගින්නයි,මහන්සියයි එක්කහු උනාම ගංජා ගැහුවා වගේ තමයි කියල.

ඉතින් අපි බඩගින්නට සින්දු කියන්ඩ පටන් ගත්තා.

හතයි...බස් එක තාම නෑ...

හත හමාරයි..දැනගෙන හිටපු ඔක්කොම සිංදු ඉවරයි. බස් එක තාම නෑ.

මචං අපි පාරට බැහැලා මාතර පැත්තට යමු. පාර අයිනේ කියලනේ බව්වා කිව්වේ උංගේ මාමාගේ ගෙදර. අපිට බස් එක හොයා ගන්ඩ පුළුවන් වෙයි.

මරු අයිඩියා එක!! ඇයි යකෝ මෙච්චර වෙලා අපි මේ සීතලේ තැප්පේ?

උඹලා පාරේ දකුණු පැත්ත බලාගෙන පලයල්ලා. අපි වම් පැත්ත බලාගෙන යන්නං. කට්ටිය දෙකට බෙදුනා. දැන් යන්ඩයි සූදානම.

කෙල්ලෝ ටිකට මොකද කරන්නේ? රොබාට මතක් උනේ හොඳ වෙලාවට.

අප්පට සිරි කෙල්ලෝ එක්ක පාරේ පයින් යන්නේ කොහොමද බස් එක හොය හොයා?

කෙල්ලෝ ටිකත් කොහොම හරි එක්ක ගියා කියමුකෝ මේ ගගනගාමියෝ ටික එක්ක යන්නේ කොහොමද? රොබා පෙන්නුවේ තුන්වෙනි සුරුට්ටුවෙන් විතර පස්සේ වෙරළේ තියෙන සිප්පි කටු, ගල් මල් එක්ක හිනා වෙවී කතා කර කර හිටපු අපේ ඇටා පෙන්නලා...

ඒකත් ඇත්ත..මුන් එක්ක බස් හොයන්ඩ යන්නේ කොහොමද? අපිත් කොහොම හරි කාගෙන ඉම්මු අරුන් ටික එනකල්....

කෙල්ලෝ සෙට් එක බෝට්ටුවක් ලඟට වෙලා සින්දු කියනවා.

ලෝ අඩ නින්දේ - මේ රෑයාමේ.....

සඳරැස් වතුරේ- කිමිදෙන්නේ....

අපි සින්දු වලට නැටුවා.

කෙල්ලෝ සින්දු කියනවා. අපි නටනවා. අපි නටනවා. කෙල්ලෝ සින්දු කියනවා. බස් එක තාම නෑ.

ඔන්න බස් එක ආවා අට හමාරට විතර....රෙපා බස් එකෙන් බැස්සේ අපිට වැඳගෙන...අපි හින්ද කිසිම කුණු හරුපයක් කියල ඌට බැන්නේ නෑ. හැබැයි මෙතෙන්දි කට ඉස්සර් කරගත්තේ .

අර හු.....උගේ මාමා ඉන්නේ කොහෙද දන්නවද?

අපි කොහොමද දන්නේ?

දික්වැල්ලේ යකෝ දික්වැල්ලේ...දික්වැල්ලේ කිව්වට එතනිනුත් හැතැම්ම දහයක් විතර දුර!!

ඒක කොහෙද තියෙන්නේ? ළඟක නෙවෙයිද?

ළඟක? යකෝ නුවර ඉඳන් මාතලේට ඊට වඩා ලඟයි!!

අම්මට...යකෝ අපි මෙතන සීතලේ ගැහෙද්දී ළඟ කියලා එක්ක ගියේ ඔච්චර දුරද???!!

ඊට පස්සේ බව්වා එතැන හිටියානං ඌට කරනවා එක එකා කරනවා කියපු දේවල් මෙතන ලියන්ඩ බෑ. ඒකෙ සාරාංශය මෙන්න මේ වගේ දෙයක්.

ස්ත්රී ප්රජනක ඉන්ද්රියයක් ඇත්තියකගෙන් උපත ලැබූ පුත්රයාණෙනි, අපි ඔබට සුනඛයන් ලවා මෙවුන්දම් කාර්යය කරවන්නෙමු. පුරුෂ ධාතු ඇත්තාණෙනි ඔබ කුමන ස්ත්රී ප්රජනක ඉන්ද්රියයක් සෙවීමට එතරම් දුර බස් රථය ගෙන ගියෙහිද? ඔබනම් ලිංග බේධයක් නොමැත්තෙකි. අප ඔබගේ පුරුෂ ලිංගය කපා වෘෂණ තංගල්ල වෙරළේ මාළුන්ට ආහාර පිණිස දමන්නෙමු!!!

මේ ලියන කොටත් මට ඇඟේ හිරි ගඩු පිපෙනවා බව්වට කරනවා කියපු දේවල් ඇහුණාම.

කොහොමින් කොහොම හරි අපි එදා රාටා කනකොට දහයට දහය හමාරට විතර ඇති. වලං ටිකත් හූරගෙනම කෑවා. අම්මපා. අපි කෑවේ බඩ ගින්නට. ගංජා ගහපුවාමත් බඩගිනි එනවලු නේද? මං දන්නේ නෑ ඇටා කිව්වේ.

එකල්හි බව්වා නම් මෙකල්හි ජාත්යන්තර සංවිධානයක වගකිව යුතු නිලදරුවෙකි. තංගල්ල වෙරළේ සිප්පි කටු සමග සංවාදයේ යෙදුනු තිලොව ජයගත් පත් පිලිබඳ විශේෂඥයාණන් වන ඇටා මෙකළ පෞද්ගලික සමාගමක ඉහල නිල දරුවෙකි. එකල්හි වවුලි නම් මෙකල කෘෂිකර්මයට සම්බන්ධ රාජ් ආයතනයක වැදගත් නිලයක් හොබවයි. මේ මම පමණක් කට්ටකාඩුවට සිංහල අකුරු ටයිප් කිරීම මෙතරම් අපහසු කිම්දැයි විපිළිසර වෙමින් කල් යවන ලොකු මලයා වම්හ.

 

පාඨකයෙකු සමග දෙබසක්....

ඉවරද?

මොකද්ද?

කතාව!

ඇයි ගංජා ගැහුවද? තාම එක සළුවක් ගැනවත් කිව්වද මම?

ඇයි අර මැණික් ගඟේ නානකොට ගලවපු සළුව? එතකොට තංගල්ලෙදි බස් එකේ තියල ගිය සළුව?

ඔය සළු එකක් වත් අහසට ගියාද? නෑනේ!?

එහෙනං?

කතාව අහසට ගිය සළුවක් ගැනනේ...හෙඩිම කියෙව්වේ නැද්ද?

එතකොට?

ටිකක් හිටපල්ලා ලබන සතිය වෙනකල්. නැත්තං අපේ බොසාට කියල නිවාඩුවක් අරන් දීහල්ලා.


19 comments:

  1. වවුලිගේ සළුවද අහසට ගියේ , බව්වට දැන්වත් සාත්තුවක් කළා නම්

    ReplyDelete
    Replies
    1. වවුලිගේ සළුව උඩට ගියා නම්.....හප්පේ...මතක් වෙනකොටත් බය හිතෙනවා....බව්වට සාත්තු කරලා වැඩක් නෑ. ඌ අදත් එහෙමම තමයි. හැබැයි හරි හිත හොඳ එකා. ඇත්තටම ඌ බැච් එකට උදව්වක් විදිහට තමයි මාමාගේ ගෙදර උයන්ඩ ලෑස්ති කරලා තිබ්බේ. එකම ප්‍රශ්නේ දුර ගැන කිසියම්ම දෙයක් ඌ හිතලා නොතිබීම.

      Delete
  2. මං කියන්නෙ නං මගදි බසෙක කැඩෙන්නැති.

    ReplyDelete
    Replies
    1. බස් එක කැඩුන එක විතරයි සුරංග මලයෝ උනේ නැත්තේ....

      Delete
  3. මරු ට්‍රිප් එක.....

    ReplyDelete
    Replies
    1. මරු දත් අහනවා..අද අද එයි මරු පිං කර ගන්නේ කියල කියල තියෙනවනේ. මේ ට්‍රිප් එකෙන් පස්සේ අපි 'මරු' ගැන හොඳට දැන ගත්තා.

      Delete
  4. අනේ අම්මපල් මෙහෙම බාබෙද්දෝ!

    ReplyDelete
    Replies
    1. මේ ට්‍රිප් එකෙන් පස්සේ අපි දුරාචාර වැඩ අත ඇරියා. දැන් අපි හොඳ ළමයි. අපි කිව්වේ මම. මම කිව්වේ සමහරක් වෙලාවට මම.

      Delete
  5. මං කියන්නෙ... දිවුල්ගනේට හොඳ වැඩේ. ඕකට ඔහොම කරලත් මදි...!

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒකනේ මාත් කියන්නේ...රෝස තොල් සිඹිම් තොල් මත කඳුළු බිඳු රැදෙයි- අපිත් එක්ක එකට හිටිය රෝසා, රෝස නැතුව ගේ පාලුයි රෝසා සින්දුව අහල තියෙනවා නේද? අපි ඒකත් කිව්වා..කිව්වා නෙවෙයි ගායනා කළා

      Delete
    2. මට මතක් උනේ, එක පාරක් මරේ ආත කිව්ව සිංදුවක්...

      "නළඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
      මධු සඳෙන් සඳට මුවාවෙලා කළ දවසත් ගෙවී ගිහින්
      නෙතට නුහුරු කඳුලු බිංදු මට විතරක් මේ හැටි ඇයි නපුරු"

      Delete
  6. "ලෝ අඩ නින්දේ..." සිංදුවට නැටුව කියන්නෙ බොලාට ප්‍රවෘත්තිවලටත් නටන්ඩ බැරි වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. හරි දෙන්ඩ සිංදුවක්..ඔයා කැමති ඕනෑම සිංදුවක්.... අපි දෙන්නං රඹටි හැලෙන්ඩ ඩාන්ස් එකක්!!!

      Delete
    2. අඩෝ දවසක සෙට් වෙන්ඩ ඕනෙ, නටන්ඩ ම...

      Delete
  7. බොසාගෙ ඊමේල් එක එවන්න. අපි නිවාඩුවක් ඉල්ලලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ෂ්...කෑ ගහන්ඩ එපා කසුන්...පොර දැන ගත්තොත් මගේ පරණ වැඩ පටි රෝල් වෙනවා.

      Delete
  8. බීමෙන් කොයිතරම් සොමියක් ගන්ඩ පුලුවන්ද කියල දැනගෙනත් ඇයි බීම අත් හැරියේ ?අපරාදේ

    ReplyDelete