Saturday, October 17, 2020

කිං කරිස්සන්ති තාරකා

 

සාමන්‍යයෙන් ලෝකේ ආර්ථික විද්‍යාඥයෙකුට ලබන්ඩ පුලුවන් ලොකුම ගෞරවය කියල සැලකෙන්නෙ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ලැබෙන නොබෙල් තෑග්ග ලබා ගන්න එක. 2020 අවුරුද්දේ මෙ වාසනාව උදා උනේ පෝල් ආර් මිල්ග්‍රම්ටයි රොබට් බී විල්සන්ටයි. ඒ වෙන්දේසි න්‍යාය වැඩි දියුණු කිරීමට ඔවුන් දක්වපු දායකත්වය වෙනුවෙන්. ඔවුන් මේ වෙන්දේසි කිරීමේ න්‍යාය ගැන කොච්චර පර්යේෂණ කරාද කියනවනං අලුත් වෙන්දේසි ක්‍රම පවා ලෝකෙට අදුන්නලා දෙන්ඩ ඔවුන්ට පුලුවන් උනා. වෙන්දේසි න්‍යාය වෙනුවෙන්       නොබෙල් තෑග්ගක් හම්බ වෙච්ච පලවෙනි පාර මේක නෙවෙයි. 1996 දි විලියම් විකරිට නොබෙල් තෑග්ග හම්බ උනෙත් මෙ න්‍යාය ගැන කරපු පර්යේෂණ වෙනුවෙන්. මෙච්චර ලෝක අවධානය යොමු වෙන්ඩ වෙන්දේසි කියන එව්වා ලෝකෙට අලුත් දෙයක්ද? කොහෙත්ම නෑ. අවුරුදු දෙදාස් පන්සීයකට විතර උඩදී ඉතිහාසඥ හෙරඩෝටස් පවා තමන්ගේ බිරින්දෑවරුන්ව වෙන්දේසියේ දාපු ආදරණීය ස්වාමි පුරුෂයන් ගැන ලියලා තියෙනවා!! ඉතින් දැං මොකද්ද මේ ඇතිවෙලා තියෙන උනන්දුව?



ඒ ගැන වැඩි විස්තර කථා කරන එක ආර්ථික විද්‍යාව ගැන නිතර කථා කරන අපේ ඉකොනොමැට්ටාතුමා වගේ කෙනෙකුට බාර කරලා අපි අපේ කථාවට යමු.

ඔය වෙන්දේසි  න්‍යායයේ ප්‍රධාන උපකල්පනයක් තියෙනවා අසමාන දැනුම ගැන. ඒ කියන්නෙ මෙන්න මෙහෙම දෙයක්....අපි හිතමු අමරබන්ධු කියල කෙනෙකුයි රූපසිංහ කියල කෙනෙකුයි පංසලේ තියෙන වෙන්දේසියකට යනවා කියල. මේ ඩබලම ගමේ ගෑල්ලමයෙක් වෙන්දේසියට ඉදිරිපත් කරල තිබ්බ රසවත් ආහාර පාර්සලයක් කියල නම ගහපු භාණ්ඩයක් වෙනුවෙන් ලංසු තියනවා. මේ ලමයා ගැන අමරබන්ධුගෙ හිතේ පොඩි චිං චිං ගතියක් තියෙනවා කියල හිතමුකො. රූපසිංහ මේ කථාව දන්නෙ නෑ. රූපසිංහට ඕන ඒ වෙලාවෙ තියෙන බඩගින්නට කන්ඩ යමක් සල්පිලෙන් ගන්ඩ. ඉතින් දෙන්න ලංසු තියනවා. ඔන්න මයික්‍රපෝනය වෙන්දේසි කරුට....

ගමේ සිටින සුන්දර ලාලිත          තරුණී

ගෙනත් දුන්න රසවත් කෑමකි     පිරුනී

කන්නට වඩා ගෙනියන්නට හිත ඇදුනී

ලංසුව තියමු ඉක්මන් වී සකි        සදුනී!!

 

විසි පහයි...ඒ අමරබන්ධු

තිහයි...ඒ අපේ රූපසිංහ

පනහයි!

පනස් දෙකයි!!

හැත්තෑවයි!

දැං රූපසිංහ හිතනවා මෙතන මොකක් හරි මගඩියක් තියෙනවා කියල. අනිවාර්යයෙන් කෑම පාර්සලේ ඇතුලෙ තියෙන්නෙ වෙන මොනව හරි වටින දෙයක් තමයි කියල හිතල මෙන්න රූපසිංහ යාලුවංගෙනුත් සල්ලි ඉල්ලගෙන හරි ණයට ඉල්ලගන්ඩ බලාගෙන හරි ගේමට බහිනවා.

සීයයි!! ඒ රූපසිංහ

එකසිය පනහයි!! අමරබන්ධුත් අත අරින්නෙ නෑ

දෙසීයයි!

දැං අමරබන්ධු හිතනවා යකෝ මේ රූපසිංහයත් මං වගේම අරකිට ට්‍රයි...ඒක හින්ද තමයි හිටං මේ කෑම පාර්සල් එකම කීයක් දීල හරි ගන්ඩ ඕන කියල හිතාගෙන ලංසු තියන්නෙ...මාත් අරින්නෙ නෑ කියල ගේමට එන්ටර් වෙනවා!

දාහයි!

දැං රූපසිංහට බඩේ බඩ්ඩිංග වගේ ෂුවර් මෙතන වෙන්දේසි වෙන්නෙ නිකං කෑම පාර්සලයක් නං නෙවෙයි කියල. සමහර විට කෝටියක් විතර වටින නිධානයක්ද කවුද දන්නෙ?  දෙදාහයි!!

පන් දාහයි!!

අමරබන්ධුටයි, රූපසිංහටයි ලංසු තියාගන්ඩ දීලා අපි මේකෙ හරය අරං බැලුවොත් වෙලා තියෙන්නෙ මේ දෙන්නට දෙන්නා එක් එක්කෙනා ගැන වගේම සල්පිල් භාන්ඩය ගැනත් අවබෝධයක් නැති කම හිංදා අනවශ්‍ය තරගයක පැටලිලා ඉන්න බව. වෙන්දේසි වෙන භාණ්ඩයේ නියම වටිනාකම ගැන වෙන්දේසියට සහභාගි වෙන අය අතරේ තියෙන දැනුම සමාකාර නොවෙන හිංදා තමයි මේ ගොං කෙළි පටං ගන්නේ.

අනේ අපිනං ඔව්වට අහු වෙන්නෙ නෑ...අපි කවද්ද වෙන්දේසි වලට යන්නෙ කියල පොර ටෝක් දුන්නට අපිත් ඔය ගේමට අහුවෙන වෙලාවල් ඕන තරං තියෙනවා. වෙන්දේසියක් කියන්නෙ හැම වෙලාවෙම පෝස්ටර් ගහල ප්‍රසිද්ධ කරලම පවත්තන දෙයක් නෙවෙයි. අපි අතරෙ තියෙන අසමාන අවබෝධවලින් ප්‍රයෝජන ගන්නෙ ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො විතරක් නෙවෙයි කියල කිව්වොත් මේ මං කියන දේ වඩාත් පැහැදිලි වෙයි.

උදාහරණෙකට ජ්‍යෝතිෂය ගම්මු. අනාගතේ සිද්ධවෙන දේවල් අපි හරියටම දැනගෙන හිටියානං අපි කේන්දර බලන්ඩ යයිද? සාස්තර අහන්ඩ යයිද? අපේ අනාගතේ අපිට වඩා හොදින් අහවල් ජ්‍යෝතිශාස්ත්‍රඥයාට දැනගන්ඩ පුලුවන් කියන විශ්වාසෙන් නේද අපි යන්නෙ? ‘එයාට’ වඩා හොඳින් ‘අනෙකාට’ අපේ අනාගතේ ගැන විස්තර කියන්ඩ පුලුවන් කියල හිතෙනවා නං අපි යන්නේ ‘අනෙකා’ ගාවට නේද? ඒ කියන්නෙ අපේ අනාගතේ දැනගැනීම කියන සේවාව තමයි වෙන්දේසි වෙන්නෙ මේ ‘සාත්තර’ වෙන්දේසි පොලේදී.

අනාගතය දැනගැනීමට අපි දෙන්නේ ඉතා අඩු වටිනාකමක් නං අපි සාස්තර අහන්ඩ යන්නෙ නැතිවෙයි. හැබැයි අනාගතේ දැනගන්ඩ අපි ලොකු වටිනාකමක් දෙනවා නං අපි එක වෙන්දේසි පොලකින් සේවාව තෝරා ගැනීමෙන් සෑහීමකට පත් වෙන්නෙ නැතුව තවත් අවස්ථාවක තව වෙන්දේසි පොලකින් නැවතත් සේවාවක් ලබා ගනියි. අපි එකම කේන්දරේ අරගෙන ‘කේන්දර කාරයෝ’ දෙන්නෙක් තුන් දෙනෙක් ගාවට යන්නෙත්, කේන්දර බැලිල්ලෙන් සෑහීමකට පත් නොවී නාඩි වාක්‍ය, හස්ත රේඛා මත පදනම්ව අනාගතය පුරෝකථනය කිරීම, මළවුන් ගෙන්වා අනාගතය ඇසීම වගේ වැඩ කෙරෙන තැන් වලටත් යාවි. ලංකවේ එච්චර ප්‍රසිද්ධ නැති උනාට පිටරටවල් වල මේ වගේ වෙනත් ක්‍රමත් තියෙනවා.

මාත් කැම්පස් එකෙන් අවුට් වෙන්කල්ම අනාගතේ දැනගැනීම කියන එකට දුන්නේ ඍණ වටිනාකමක්. කේන්දර බලන්ඩ යන අයව නෝන්ඩි කරේ නක්ඛත්ත ජාතකයෙ එන “කිං කරිස්සන්ති තාරකා” (තාරකාවෝ කුමක් කරත්ද?) කියන බුදු හාමුදුරුවන්ගේ දේශනයත් මතක් කරමින්. අම්මලා කෙන්දරයක් බලන්ඩ ගියොත් මම දවස් දෙක තුනක් යනකල් කට වහන්නෙ නෑ අගහරුයි ගුරුයි සෙනසුරුයි අපිට කන්ඩ උයලා දෙන හැටි කිය කියා. අම්මානං කිව්වේ මගෙ අතිපණ්ඩිතකම හිංද තමයි එහෙම ගරහන්නෙ කියල. ඒ ‘අතිපණ්ඩිතකම’ ‘රෝල් කරලා පස්ස පැත්තේ ගහගන්ඩ’ මට සිද්ධ වෙන්ඩ වැඩි කාලයක් ගියේ නෑ. 

කැම්පස් එකෙන් අවුට් වෙන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දී මගෙ ඔලුව පිස්සගෙ පලාමල්ල වගේ උනා. කැම්පස් එකෙන් අවුට් උනාම රස්සාවක් හම්බ වෙයිද? ඒ රස්සාව ‘හොඳ’ රස්සාවක් වෙයිද? මට ලංකාවෙන් පිට යන්ඩ වෙයිද රස්සාවක් හොයා ගන්ඩ?? ඔව්ව තමයි මට වද දීපු ප්‍රශ්න. මං හිතන්නෙ ඒ ප්‍රශ්න ඒ වයසෙ  ඉන්න ඕන කෙනෙකුට සාධාරණ ප්‍රශ්න. ඉතිං මම අප්පච්චිට බැගෑපත් වෙලා ඉල්ලලා හිටියා අනේ මගේ කේන්දරේ බලවලා දෙන්ඩකෝ කියල. කේන්දරේ බලවන්ඩ ඉස්සරම මගේ දසාව එච්චර හොඳ නැති බව තේරුනේ මගේ කේන්දර ගැන තිබ්බ විශ්වාසය වෙනස් වෙච්ච එක ගැන ගෙදරින් නෝන්ඩි වෙන්ඩ වීමෙන්. හැබැයි කේන්දරෙන් කියල තිබ්බෙ මගෙ ග්‍රහ චාරෙ හොඳ හිංද එක දවසක්වත් රස්සාවක් නැතුව ගෙදර ඉන්ඩ වෙන්නෙ නැතිවෙයි කියල.

මම මගේ ‘චින්තන අවුල’ පිළිගන්ඩ කැමති උනේ නෑ. අම්මලා මට නෝන්ඩිය වදාන හැම වෙලාවෙම කිව්වෙ හරි..හරි..බලමුකො ඔය අනාවැකිය හරි යයිද කියල තමයි. අනාවැකිය වැරදුනොත් මගෙ ඉස්සර ඉදන් තිබ්බ ප්‍රතිපත්තිය හරි යනවා. ඒ කියන්නෙ මට තව දුරටත් පොර ටෝක් දිදී ඉන්ඩ පුලුවන්. අනාවැකිය වැරදුනොත් මට රස්සාවක් හම්බ වෙනවා!! පොඩ්ඩක් නෝන්ඩි උනාට මොකද බොලව් රස්සාවක් හම්බ වෙනවනං. අනික නෝන්ඩි වෙන්නෙ වෙන කාගෙන්වත් යැ තමුන්ගෙම දෙමාපියන්ගෙන් සහෝදරයන්ගෙන් නෙ. ඔහොමද අපි නෝන්ඩි වෙලා තියෙන්නෙ? කෙල්ලන්ගෙන් කැමතිද කියල අහන්ඩ ගිහිල්ලම කී පාරක් නං නෝන්ඩි වෙලා තියෙනවද?!! ඒ හිංද හිත යටිං මගෙ කැමැත්ත තිබ්බේ අනාවැකිය හරියනවට.

ඔහෙලට කිව්වම මොකද අනාවැකිය හරි ගියා. අන්න එදා තමයි අම්මා මට කියල දුන්නෙ යමක් බාගෙට දැනගෙන ඉන්න එක හරි භයානක දෙයක් කියල.

ඔන්න ඊට පස්සෙන් පහු කාලෙක තව තවත් ජීවිත අත්දැකීමුත් එක්ක හරි ගිය අනාවැකි වගේම වැරදුනු අනාවැකිත් මට අහන්ඩ ලැබුනා. ඒ හින්දම මටත් උවමනාවක් ආවා හඳහන් බලන්ඩ ඉගෙන ගන්ඩ. සෑහෙන වෙලාවක්, මුදලක් වැය කරලා කේන්දර හදන්ඩ ඉගෙන ගත්තා කියමුකො. දැන් ටක්කෙටම කේන්දරයක් හදන්ඩ පුලුවන්. හැබැයි කේන්දරේ හදා ගන්ඩ පුලුවන් උනා කියල වැඩක් නෑනෙ ඒකෙන් අනාගතය පුරෝකථනය කරන්ඩ බැරිනං. ඔන්න ඉතිං අරිටත් වඩා මහන්සියෙන් තව තව ඉගෙන ගන්නවා. අනුන්ගේ කේන්දර ඉල්ලගෙන ප්‍රැක්ටිස් කරනවා. බුධ, සඳු, රවි, කුජ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු මගෙ ෆ්‍රෙන්ඩ්ස්ලා ගානට උදේ දවල් රෑ නැතුව මා එක්ක!!

අඩු ගානේ කේන්දර සීයක් දෙසීයක් බලන්ඩ ඇති ඉගෙන ගන්ඩ. මං කිව්වේ අතීතය ගැන. එතකොට හරිද වැරදිද කියල ඒ වෙලාවෙම දැන ගන්ඩ පුලුවන්නේ. සමහරුන්ට මං කියපු දේවල් ඇත්තටම වෙලා තිබුනා. සමහරුන්ට ඒ වගේ සිද්ධි වෙලා තිබුනත් මං කියපු විදිහට නෙවෙයි. එක්කෝ  ඒ දේවල් වෙලා තිබුනු කාලෙ වෙනස්. තව සමහරෙකුට මම කියපු දේවල් වෙලා තිබුනෙම නෑ.

දැං මට මේක හෙන ප්‍රහේළිකාවක්. පොත් වල තියෙන විදිහට හරියටම කේන්දරේ හදලා පොත් වල තියෙන විදිහටම ග්‍රහ පිහිටීම් වල බලපෑම විස්තර කරපුවම එක්කෙනෙකුට හරි යන්ඩයි අනික් කෙනාට වරදින්ඩයි හේතුව මොකද්ද?

එක එක පලාපල කීම ගැන තියන පොත්වල එකම ග්‍රහ පිහිටීම ගැන පොඩි පොඩි වෙනස්කම් තියෙන බවත් එ ඔක්කොගෙම පොදු ගුණාකාරය අරගෙන ග්‍රහ බලපෑම් විස්තර කරපුවම ඒ පුරෝකථන හරියන බවත් මං තේරුම් ගත්තෙ ඔය කාලෙ. හරියට ලංකාවෙ කාළගුණ වාර්තාව වගේ. “ඉදිරි පැය විසි හතර ඇතුලත උතුරු, නැගෙනහිර, වයඹ, උතුරු මැද, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ පලාත්වල සමහර ප්‍රදේශ වලට මද වැසි ඇති විය හැකිය”...පොලොව පැලෙන්ඩ පායන කාලයක් ඇරුණම ඔය කතන්දරේ ලංකාවට හැමදාටම ගැලපෙනවා.

ලංකාවෙ මිනිහෙක් තමුන්ගෙ හරි තමුන් දන්න අඳුනන කෙනෙක්ගෙ හරි කේන්දරේ බලවා ගන්ඩ එන්නෙ දුකකට කරදරේකට මූන දීපු වෙලාවක කියල අපි හිතුවොත් ඒ කෙනාට අපල කාලයක් උදා වෙලා තියෙනවා කියල කිව්වොත් අර මනුස්සයා ඒක විශ්වාස කරනවද නැද්ද? ඒ අපලෙන් මිදෙන්ඩ අහවල් අහවල් දේවල් කරන්ඩ ඕන කිව්වොත් අපි කීයක් ගියත් කමක් නෑ අපලෙන් මිදෙන්ඩ තියෙනවා නං කියල හිතල අර කේන්දර කාරයා කියන දේවල් කරනවද නැද්ද? මොකක් හරි ඒ කරපු වැඩේ හින්ද පොඩි හරි සහනයක් ලැබුනොත් අපි තවත් අර අනාවැකිය විශ්වාස කරනවද නැද්ද?

ඔන්න ඔය වගේ උප්පරවැට්ටියක් දැම්මොත් මගේ කේන්දර බැලීමේ සාර්ථකත්වය ඉහල දාගන්ඩ පුලුවන් බව මට තේරුනා. ඔන්න ඔය කාලෙ තව වැඩක් උනා. මගේ ඥාති සහෝදරියකට බබෙක් හම්බ උනා. ඒ බබා හම්බ උනේ කොලඹ ලොකු ඉස්පිරිතාලෙක. ඒ හින්ද බබාගෙ තාත්තට - ඒ කියන්නෙ අර කියපු ඥාති සහෝදරියගේ හස්බන්ඩාරට- ඒ අසිරිමත් මොහොත සියැසින් දැක බලා ගන්ඩ වගේම හතර වරිගේ හැම එකාටම බේං මෙහෙමයි සීසර් කරලා ළමයි උද්දවන්නෙ කියල උජාරුවෙන් පෙන්නන්ඩ දරු උපත වීඩියෝ කරන්ඩත් අවස්ථාව ලැබුනා. ඔන්න මේ පොරත් ඕක ගෙනැල්ලා මටත් පෙන්නුවා. ඉස්පිරිතාලෙන් බබා ඉපදුනු වෙලාව කියල දීල තිබ්බ වෙලාවත් මට දුන්නෙ මම ඒ දවස් වල කේන්දරත් එක්ක ඔට්ටු වෙන බව දැනගෙන හිටපු හින්ද.

ඉස්පිරිතාලෙන් දීපු වෙලාවට කේන්දරේ හදපුවම ඒක ලග්න මාරුවෙන වෙලාවක්. හුග දෙනෙකුට වැඩිය නක්ෂත්‍ර දැනුමක් නැති හින්දා ඒක මෙන්න මේ වගේ දෙයක් කියල විතරක් හිතට ගන්ඩකො. අහවල් දවසෙ පාන්දර 01.15 වෙනකල් ඉපදෙන අයගෙ ලග්නය තුලා...ඊට පස්සෙ තව පැයක් දෙකක් විතර යනකල් ඉපදෙන අය වෘශ්චික..දැං අර බබා ඉපදෙන්නේ ඉස්පිරිතාලෙන් කියපු විදිහට 01.16 ට. ඒ කියන්නෙ ඒ බබාගෙ ලග්නේ වෘශ්චික. හැබැයි මම වීඩියෝ එක බලන කොට බබා ඉපදෙන වෙලාවෙ වීඩියෝ එකේ සටහන් වෙලා තියෙන්නෙ 1.10 වගේ වෙලාවක්. එහෙම නං ඒ පොඩි එක්කගෙ ලග්නෙ තුලා!!!

මම කේන්දරේ හැදුවෙ ලග්නෙ තුලා විදිහට අරගෙන. අර අපේ ඥාති සහෝදරීගෙ පවුලෙ ඔෆීෂියල් කේන්දරකාරයාට අනුව ලග්නෙ වෘශ්චික. වැරැද්ද කාගෙද? මට පෙන්නපු වීඩියෝ එක අර කේන්දරකාරයාට නොපෙන්නපු බබාගෙ තාත්තගෙ! ළමය ඉපදිච්ච වෙලාව කියල ඇත්ත වෙලාවට විනාඩි හයක් විතර පස්සෙ වෙලාවක් සටහන් කරල දීපු අර ඉස්පිරිතාලෙ මිසීගෙ!!

ඒක නෙවෙයි ප්‍රශ්නෙ. මේ කේන්දර පාවිච්චි කරල අනාගතය කියන්ඩ ගිහාම කියවෙන්නේ කතන්දර දෙකක්. ඔෆීෂියල් කේන්දරේ අනුව අර බබාගෙ ළමා වයස ඉතා සුන්දරයි. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මගෙ කේන්දර හැදිල්ලට අනුව ඒ බබාට පොඩි කාලෙ තාත්තගෙ ආදරය විදගන්ඩ හම්බ වෙන්නෙ නෑ.ළමයෙකුට දෙමාපියන්ගේ ආදරය නොලැබී යෑම තරං වෙන අපලයක් තියෙනවා කියල මම විශ්වාස කරන්නෙ නෑ. ඒ හින්දම බොහොම සීරු මාරුවට මම ඔය කතාව අර බබාගෙ තාත්තට කිව්වා. මට හරියටම ෂුවර් නෑ හැබයි මෙන්න මෙහෙම දෙයක් තමයි මට හිතෙන්නෙ කියල. හිත රිද්දන්ඩ හොඳ නෑනෙ කියල හිතල පුලුවන් තරං සැර බාල කරල තමයි කිව්වෙ.

එයා කිව්ව අපි බලමුකො මොකද වෙන්නෙ කියල. වැඩේ එතනින් ඉවරයි. අර බබාගෙ තාත්තට මාස පහක් යන්ඩ ඉස්සරලා රස්සාව නැති උනා. රස්සාවක් හොයා ගන්ඩ ෆුල් ට්‍රයි එකක් දැම්මත් වැඩේ හරි ගියේ නෑ. පස්සෙ පොර පිට රටක රස්සාවට ගියා. දැං අවුරුදු අටක් විතර වෙනවා. ළමයා රට ගිය තාත්තව හැබැහිං දැකල තියෙන්නෙ දවස් විස්සක් තිහක් විතරයි. මං මේ කථාව දන්නෙ ඔවුන් මගේ ඥාතීන් හින්ද. නිකමට හිතන්ඩකො වැරදි වෙලාවක් පදනම් කරගෙන හදපු ඔෆීෂියල් කේන්දරෙන් මේ ළමයගෙ අනාගතේ ගැන විස්තර කියන කේන්දර කාරයන්ට අම්ම මෝ නැතුව බනින මිනිස්සු ගැන.

කේන්දර හදද්දී වරදින්ඩ පුලුවන් අවස්ථා හුගක් තියෙනවා. හරියට ගණිත ශාස්ත්‍රය නොදන්න හිංද වගේම, අපරික්ෂාකාරී වීම හින්දත් වරද්දපු කේන්දර මම දැකල තියෙනවා. සුළඟේ වේගය හරි වළාකුලු වල උස මට්ටම හරි වගේ භෞතික මැනුම් හරියට තිබ්බොත් තමයි කාළගුණ පුරෝකථන හරියට කරන්ඩ පුලුවන්. කේන්දරේ හදල තියෙන්නම වැරදියට නං පුරෝකථන හරිද වැරදිද කියල කථා කරලවත් වැඩක් නෑනෙ.

ඊට පස්සෙ එන්නෙ අත්දැකීම්, ජ්‍යෝතිෂ දැනුම, සාමාන්‍ය බුද්ධිය වගේ දේවල් එකට එක්කහු කරලා කරන අනාවැකි කීම. මං කිව්වනෙ මේ කෑල්ල හරියට කරන්ඩ මට බැරි වෙච්ච බව. ඉතිං මෙතන වැඩ කරන වට්ටෝරුව මගෙන් අහල වැඩක් නෑ. මං හිතන්නෙ නෑ කිසිම කේන්දර කාරයෙක් ගාව හරියටම හරි වට්ටෝරුවක් තියෙනවා කියල.

ඒ කොහොම උනත් මට කියන්ඩ ඕන උනේ ජ්‍යෝතිශය කියන්නෙ පට්ටපල් බොරුවක් නෙවෙයි කියන එක. ඒක වරද්දන්නෙ මිනිස්සු අතින් වෙන වැරදි හිංදා.

වෙන්දේසියකදි වෙන්නෙත් අනාගතය ගැන- ඒ කියන්නෙ තමන් දැං තියන ලංසුව හිංද අනාගතයෙදි ලැබෙන වටිනාකම ගැන හරි තොරතුරු නොදන්න හිංද - තියෙන අවිනිශ්චිත බව පදනම් කරගෙන තරග කිරීම.  වෙන්දේසි කරුට වැඩිම වාසියක් එන්නෙ මේ තරගෙ වැඩි වෙන තරමට. ඒ විතරක් නෙවෙයි වෙන්දේසිකරුට වඩා හොඳින් මේ තරගය පවත්වන්නෙ කොහොමද කියල උපදෙස් දෙන, ඒ ගැන සොයාගැනීම් කරන මිල්ග්‍රම් ලා විල්සන් ලා නොබෙල් තෑගිත් දිනනවා.

නිකමට හිතන්ඩ ජ්‍යෝතිෂය පාවිච්චි කරල හරියට අනාවැකි කියන හැටි ගැන හොයා ගත්තොත් ඒ කෙනාට කොච්චර ලොකු පිලිගැනීමක්, වාසියක්, වටිනාකමක් ලැබෙයිද කියල? එහෙම පර්යේෂණ කෙරෙනවද? එව්ව විද්‍යාත්මක සඟරාවල පලවෙනවද? ජ්‍යෝතිශාස්ත්‍රඥයෝ ඒ පර්යේෂණ ප්‍රතිඵල අනුව තමුන්ගේ අනාවැකි කීම දියුණු කර ගන්නවද? එහෙම නැත්තං කාගෙන් හරි අහගත්තු විදිහකට ඔහේ කියව කියව ඉන්නවද?

අර ගාථාව මතක් වෙන්නේ එතකොට . ඒ ගාථාව මෙහෙමයි.

නක්ඛත්තං පතිමානෙත්තං- අත්තො බාලං උපච්චගා

අත්ථො අත්ථස්ස නක්ඛත්තං- කිං කරිස්සන්ති තාරකා

ඔය ගාථාව තියෙන්නෙ ජාතක කතා පොතේ හතලිස් නව වැනි ජාතකය විදිහට තියෙන නක්ඛත්ත ජාතකයෙ. ඒ ගාථාවෙ තේරුම එන්නෙ මේ විදිහට. “සුභ මොහොතක් එන තුරු වැඩ කල් දමනා මෝඩ පුද්ගලයා කිසිදාක සිය බලාපොරොත්තු ඉටු කර නොගනී. සැබෑ සුභ මොහොත නම් තමාගේ බලාපොරොත්තු සඵල කරගත් මොහොතයි. ඒ වෙනුවෙන් අහසෙහි ඇති තාරකාවන්ට කල හැක්කේ කුමක්ද?

අපි ඕකෙ අල්ලගන්නෙ අවසාන පදය විතරයි. එතකොට එන්නෙ සම්පූර්ණයෙන් වෙනස් තේරුමක්. එහෙම වැරදි විදිහට අල්ලගන්නෙත් තව කෙනෙක් එක්ක වාද කරන්ඩ විතරයි. නැතුව මේ ගාථාවෙන් කියවෙනව වගේ උනන්දුවෙන් තම තමුන්ගේ අරමුණු ඉටු කර ගන්ඩ මහන්සි වෙලා වැඩ කරන එක නෙවෙයි.

දහ දාහයි...ඈවරයි...දහ දාහයි දෑවරයි....දහ දාහයි තුන් ඈවරයි!!! ඔව් අපේ රූපසිංහ මහතා අපේ සල්පිලේ භාන්ඩයක් වෙනුවෙන් තැබුනු ඉහලම ලංසුව තබමින් මාරි බිස්කට් ග්‍රෑම් 100 දිනා ගන්නවා. අපි ඒ මහතාට ගුවනින් මෙසේ ආසිරි ගෙන එනවා.....!!! (නොකියවෙන කථාව තමයි ඔය මුදලෙන් 20% වෙන්දේසිකාරයාට කුළිය විදිහට හම්බ වෙනවා කියන එක!!!)

 

 

31 comments:

  1. ජ්‍යොතිෂය දැං වැඩි හරියක් බිස්නස් එකක් විදියට කරන හින්ද ඒකෙ තියෙන තත්වෙ නැතිවෙලා තියෙන්නෙ.

    මගෙත් ඔය ලග්න අවුල නං තියෙනව. පොතේ තියෙන එකයි සොෆ්ට්වෙයා වල පෙන්නන එකයි දෙකක්. ඒ කාලෙ ජනප්‍රිය බ්ලොගර් කෙනෙකුත් මගේ ලග්නෙ පොතේ තියෙන එක නෙමෙයි කියල කිවුව. හැබැයි පොතේ තියෙන එකත් ඩබල් චෙක් කරපු එකක් කියල තමයි ගෙදරිං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකම වෙලාවට ලග්න දෙකක් තියෙන්ඩ බෑ..කොහෙ හරි ගණිතමය වැරැද්දක් ඇති...කේන්දරේ හදන එක වැරැද්දීමට නං සමාවක් නෑ තනි නොසැලකිල්ලම තමයි...ඒ කොහොම උනත් තමන්ගෙ අතීතය හරියට කියවෙනවද බලන්ඩ ඔය කේන්දර දෙකින් එකකින්වත්...දශමස්ථානයක් දෙකක් වැරැද්දුවොතින් පවා අවුරුදු කීපෙක වැරැද්දක් වෙන්ඩ ඉඩ තියෙනවා...ඒකයි අනාවැකි කීම අමාරු...මං වැඩේ නවත්තල දැම්මෙත් ඒකයි...

      Delete
  2. පන්සලේ වෙන්දේසි කෙරුණේ කජු මුලක්ද?

    ReplyDelete
    Replies
    1. එක විදිහකින් ගත්තම අපි ඔක්කොටම අනාවැකි කාරයන්ගෙන් හම්බ වෙන්නෙ 'කජු මුල්' තමයි ලොකා....

      Delete
  3. ඔය නියමෙට විස්තර කරල තියෙන්නෙ තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්නයයි, අනාවැකිකරුවාගේ ප්‍රශ්නයයි දෙකම. ලොකු මල්ලි භාව කේන්ද්‍ර හදන හැටිත් ඉගෙනගෙන ඇති නේද? එක විනාඩියෙන් ලග්නේ වෙනස් වෙලා පලාපල වෙනස් වෙන ප්‍රශ්නේ භාව කේන්ද්‍රය යොදාගත්තහම යම් දුරකට විසඳෙනවා. අනෙක් කරුණ සංඛ්‍යානමය අනාවැකි පිළියෙල කරන අය හැම විටම වගේ අනාවැකියත් එක්ක එය හරියන්න තිබෙන සම්භාවිතාවත් ඇස්තමේන්තු කරනවා. අනාවැකි කීමේ මූලධර්මයක් විදිහටම අනාගතයේ වෙන දේවල් හරියටම කියන්න බැහැ. එහෙම අනාගතය නිශ්චිතව ලියැවිලා තියෙනවානම් දැනගත්තා කියා කළ හැකි දෙයක් නැති නිසා දැන ගන්න එකේ තේරුමකුත් නැහැ. ජ්‍යෝතිෂ අනාවැකි කියන අය හරියටම කියන්න යන එකෙයි අවුල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉකොනොතුමා භාව කේන්ද්‍ර හදන්න පුලුවන්. හැබැයි මං දැකල තියෙන හුගක් අනාවැකි කරුවො භාව කේන්ද්‍ර පාවිච්චි කරන්නෙ නෑ...අනිවා අපේ ප්‍රශ්නෙ සම්භාවිතාව ගැන මොකුත් නොකියා අනාවැකි (පලාපල) කියන එක සහ ඒ නරක දේවල් වලක්වගන්ඩ පුද පූජා නියම කරන එක...මේ හොරුන් නිසා නැතිවෙන්නේ ජ්‍යෝතිශය කෙරෙහි ඇති විශ්වාසය බිද වැටීම...ඔබතුමාට පුලුවන්නම් Auction theory එකේ රසවත් අහුමුලු ගැන ලියන්ඩ ඒක හුගක් වටිනවා...ලංකාවෙ economics ඉගෙන ගන්න සමහර දරුවො මේ ගැන අහලවත් නෑ...විශේෂයෙන් ප්‍රායෝගික භාවිතය...

      Delete
    2. මේ හොරුන් නිසා වෙන්නේ....ලෙස ඉහත පිලිතුර නිවැරදි විය යුතුය...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  4. ජ්යෝතිශ්‍ය ගැන කරන්න තියෙන්නේ පරණ සිද්ධාන්ත පැත්තකට දාලා. පරිගනක තාක්ෂණය පාවිච්චි කරලා බලන්න.

    සුපිරි පරිගනකයකට මිනිස්සු කෝටියකගේ විතර උපන් වෙලාව සහ ස්ථාන දාලා ඔවුන්ගේ ජීවිත තොරතුරු හැකි පමණ දාලා. පරිගණකයටම කියන්න ඕනේ මෙව්වා අතර රටාවක් තියෙනවද කියලා හොයෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. හොද යෝජනාවක් අන්තෝනියෝ තුමා. ඇත්තටම අවුරුදු දහස් ගනනකින් අනාවැකි කීමේ මූලධර්ම වෙනස් වෙලා නැතුව ඇති. පැරණි සමාජ ක්‍රමයට වඩා අද සමාජය කොච්චර සංකීර්ණද කියල අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ. මං හිතන්නෙ ඒ හිංද -අනාවැකි මූලධර්ම අද සමාජයට නොගැලපීම-තමයි අනාවැකිකරුවන්ට තමන්ගේ අත්දැකීම් 50%-60% විතර මිශ්‍ර කරන්ඩ වෙලා තියෙන්නේ...ඒකෙන් වැරදීම් වැඩිවෙනවා....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම අවුරුදු දහස් ගනනකින් අනාවැකි කීමේ මූලධර්ම වෙනස් වෙලා නැතුව ඇති//

      හ්ම්..එහෙම වෙනස් වෙන්න ඕනෙද? මූලධර්ම වෙනස් වෙනව නං එතන සාත්තරේට වඩා සූත්තරයක් තියෙනවා නේද?

      //ලංකාවෙ මිනිහෙක් තමුන්ගෙ හරි තමුන් දන්න අඳුනන කෙනෙක්ගෙ හරි කේන්දරේ බලවා ගන්ඩ එන්නෙ දුකකට කරදරේකට මූන දීපු වෙලාවක .......මොකක් හරි ඒ කරපු වැඩේ හින්ද පොඩි හරි සහනයක් ලැබුනොත් අපි තවත් අර අනාවැකිය විශ්වාස කරනවද නැද්ද?

      ඔන්න ඔය වගේ උප්පරවැට්ටියක් දැම්මොත් මගේ කේන්දර බැලීමේ සාර්ථකත්වය ඉහල දාගන්ඩ පුලුවන් බව මට තේරුනා//

      මේ කොටස අනුව ලොකුත්, නොදැණුවත්ව හරි කරල තියෙන්නෙ සූත්තරයක්. අඩුම ගානෙ අර බබාගෙයි, තාත්තගෙයි දෙන්නගෙම හඳහන් අනුව, පියාගෙ වෙන්වීම පෙන්නුම් කලා නං, ඒක එක සාධකයක් කියලවත් හිතන්න තිබුණා. සුනාමිය, කෝවිඩි මේ එකක්වත් නාම මාත්‍රයෙන් හෝ අනතුරු හඟවන්න බැරි වුනු, මේ අනාවැකි කීම, අනේ මන්දා...?

      ග්‍රෑන්ඩ් ඩිසයින්, සිමියුලේෂන් හයිපොතසිස්, දෙයියොංගේ / ග්‍රහයිංගේ දාදු කෙලිය අනුව නං අපිට ෆ්‍රී විල් එකක් නෑ, ඔක්කොම කලින් නලලෙ කොටල ඉවරයි. ඉතිං එහෙම නං ආයෙ ඕක දැණගන්න ඕනෙමද?

      ඉස්සර සුභසෙත කියල පත්තරයක්ම තිබ්බා නේද? වැරදුනොත් හෙමීට ලුහුටලා යන්නත්, යංතං හරි ගියොත් පොල්ගෙදි අකුරින් "සුභසෙත කිව්වා" කියපු ඒක මට නං පෙනුනෙ සූත්තරයක් විදිහටයි.

      කියන්න ඕනෙදේ කියවුනාද මන්දා? හඳ මෝරන කොට පිස්සංගෙ පිස්සුව වැඩිවෙනව වගේ, ඔය ග්‍රහයොන් ගෙ යම් බලපෑමක් ඇති, බාගදා. ඒත් අපේ මුළු අනාගතේම එතන ලියැවිල තියනව කියල මං හිතන්නෙ නෑ. බෞද්ධ දර්ශණයත් ඒකම කියලයි , මට තේරෙන්නෙ.

      එකඟ නූනත්, මේ වැදගත් මාතෘකාව ගෙනාවට ලොකූට ස්තූතියි.

      Delete
    2. ස්තූතියි බස්සා තුමාගේ අදහසට. ඔබේ අදහසේ අන්තිම කොටසින් මගේ උත්තරේ පටං ගන්නං...බුදු දහමේ කියවෙන උතු, බීජ, ධම්ම වැනි නියාම ධර්ම පහෙන් එකක් තමයි කම්ම නියාම. හරියටම මෙන්න මේ කොටස තමයි ජ්‍යොතිෂය මගින් පැහැදිලි කරන්නෙ කියල මම කොහෙවත් දැකල නැති උනත් මං හිතන්නෙ කම්ම නියාමය-කර්මය නිසා වෙන දේ-තමයි ජ්‍යොතිෂය තුලින් දැනගන්ඩ පුලුවන්. ඒක සතෙකුගෙ ජීවිතේට බලපාන නියාම ධර්ම පහෙන් එකක් විතරයි. හැබැයි 20% කියල ගන්ඩ එපා...මගෙ හිතේ මේක මනුෂ්‍ය වර්ගයාගෙ දියුණුවත් එක්ක වෙනස් වෙන ප්‍රතිශතයක්. අද සාමාන්‍ය සමාජයක් ගත්තොත් මූලික පහසුකම් සැපිරෙන හිංදා මීට අවුරුදු 5,000 විතර ඉස්සර ජීවත් වෙච්ච මිනිහෙකුට වඩා වැඩි සැපවත්බවකින් වැඩි ආයු කාලයක් ජීවත් වෙන්ඩ පුලුවන්. සමහර ග්‍රහ යෝග මාරක යෝග හැටියට ඒ කාලෙ පිලිගැනුනත් දැන් එව්ව එතරම්ම නිවැරදි නොවෙන්න පුලුවන්...ඒක හිංද තමයි කේන්දර හරියට හදන්ඩ පුලුවන් උනාට පොත පතින් ඉගෙන ගෙන අනාවැකි කියන්ඩ එහෙම ලේසියෙන් බැරි. ඔබ කියන විදිහටම සූස්තරෙන් තමයි වැඩේ ගොඩ යන්නෙ...හරියට සූත්තරේ කරන්ඩ පුලුවන් වෙන්නෙ කේන්දර අති විශාල ගණනක් සියුම්ව පරීක්ෂා කරල එන අත්දැකීමෙන්. සමහරවිට නූල් සූත්තරත් ඕන ඇති. මට ඒක බැරි නිසා තමයි වැඩේ නැවැත්තුවෙ. අර බබාගෙ සිද්ධියෙදි උනත් මට හරියටම මේ දේ වෙනවමයි කියල අනාවැකිය කියන්ඩ බෑ...බැරි වෙලාවත් මං දන්න තරමින් අර වගේ බරපතල කථාවක් කියල ඒ ලමය දෙමාපියන්ගෙන් බලෙන් ඈත් කරානම් මගේ අනාවැකි කීමේ පරමාර්ථයම විනාස වෙනවා...මට ඕන උනේ දරුවට දෙමාපියන්ගෙ ආදරය දිගටම දෙන්න...මම එක්ස්පර්ට් කෙනෙක් නොවෙන නිසා වෙන කෙනෙකුගෙ අදහසත් බලන්ඩ කියලයි මම කිව්වෙ. අද වෙනකොට මගේ අනාවැකිය ඇත්ත වීම ගැන මං දන්නවා උනාට එදා 100%ඒ කතාව ඇත්ත වෙයි කියල දැනං හිටියෙ නෑ. හදහන කියන්නෙත් කාළගුණ දත්ත වගේ වැඩක්. දත්ත නිවැරදි වෙන්ඩත් ඕන ඒවයින් නිවැරදි අනාවැකි කියන්ඩ දක්ෂතාවක් තියෙන්ඩත් ඕන...එකක් තිබිල බෑ...ඒ හිංද කේන්දරේට ඕන විදිහට ලෝකෙ පවතිනව නෙවෙයි..ලෝකෙ පවතින විදිහ ගැන පුරෝකථනය කිරීමකුයි වෙන්නෙ.

      Delete
    3. 'සුනාමිය, කෝවිඩි මේ එකක්වත් නාම මාත්‍රයෙන් හෝ අනතුරු හඟවන්න බැරි වුනු, මේ අනාවැකි කීම, අනේ මන්දා...?'

      දැන් නම් vaccine එකත් අන්තිම stages (almost) නිසා ලන්කාවෙ ඔය මන්ජුල පීරිස්ල එහෙම ලඟදිම පැනලා කියයි තව මාස තුනකින් Covid තුරන් වෙයි කියලා

      Delete
    4. සුබසෙත වගේම තවත් ජ්‍යෝතිෂ පත්තරයක් තිබුනා. තවත් පත්තර කිහිපයක්ම පළ කෙරුණු ආයතනයක. ඒකෙ හැම පත්තරයකම පිටු සකස් කලේ එක්කෙනෙක්. දවසක් අර ජ්‍යෝතිෂ පත්තරේ හතුතුමා මේ ශිල්පියාට කිව්වා සතියේ පලාපල ලියන මනුස්සයා තවම ඒවා එවලා නැති බවත්, තව ටිකකින් ඒ පිටු මුද්‍රණයට යැවිය යුතු බවත්.

      එතකොට පත්තර ඉටු හදන්නේ ප්‍රින්ට් අවුට් අරන් කපලා, අතින් අලවලා.

      අර ශිල්පියා මොකද කලේ, පරණ පත්තර කිහිපයක තිබුණු පලාපල විස්තර අරන් ඒවායින් අහඹු ලෙස විස්තර කපලා අරගෙන ලග්න දොළහේ පලාපල පිටුව ඇලවීමයි!

      Delete
    5. ඒක වුණේ මගේ ඉදිරිපිටමයි!

      Delete
    6. ලෝඩ් බැස්ටියන් පෝස්ට් ලියන්න තියන කම්මැලිකමට වන්දි ගෙවනවා කමෙන්ට්වලින් !

      Delete
    7. ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න ක්‍රමයක් හොයා ගත්තා. ඒත් ඒකත් ලේසි නෑ, දුකම තමා:(

      @Pra Jay
      කෝ ලිව්වට වැඩක් තියෙන එකක්යෑ, තමුන්නාන්සෙයි, බුරයි, මමයි එච්චරයි.

      @නිදි
      ෂා, ඒක නම් නියම කතාව. අර උඩින් ලොකූ කියල තියනව වගේ, සූත්තරෙන් තමා වැඩේ යන්න ඕනෙ, කොහෙන් කැපුවත් රාත්තලයි :)

      Delete
    8. @Lotus
      මගෙත් ජ්‍යොතිෂය ගැන තියෙන අත්දැකීම් එච්චරම සුභවාදී නෑ. ජ්‍යොතිෂය ඇත්තද නැද්ද කියලා මං දන්නෙත් නෑ. හැබැයි ජ්‍යොතිෂයට ජීවිතේ උගස් තියන්න කියල නං, මං මලාට කියන්නෙ නෑ.

      Delete
    9. @ ලෝටස් - ඔය ලංකාවේ ඉන්න හොර සාත්තරකාරයෝ දෙන ජාත්‍යන්තර ලණු හිංද ඔය පොරවල් ඉර පායන්නේ නැගෙනහිරින් කිව්වත් මම දෙපාරක් හිතල බලනවා...ඔන්න බලන්ඩ 2020 පටන් ගන්න කොට ඔය එකෙක් වත් මේ අවුරුද්දෙ මහා වසංගතයක් එනවා කියල කිව්වද?

      @ ප්‍රා ජේ - ලෝඩ් බැස්ටියන් !! අන්න නං...:)

      @ නිදි - ජ්‍යෝතිෂ පත්තර හුගක් තිබ්බා නේද? අර එක පත්තරයක් ....කිව්වා දෙයක් වැරදිලා නෑ කියල පොර ටෝක් දුන්නත් එක මැතිවරණෙක ප්‍රතිඵලේ හයි ටයිම් වරද්දගන පච උනා මතකද?

      Delete
  6. විශ්වයේ හැම දෙයක්ම අතර තියෙන සම්බන්ධතාවය (connectedness) සහ ඒකාත්මික බව (oneness) ධර්මයෙත් දේශනා කරලා තියෙන නිසා, තාරකා සහ ජීවිත අතර සම්බන්ධතාවයක් නැහැ කියන්න බැහැ. නමුත් මම නම් ඔය ජෝතිශ අයට කිසිම කැමැත්තක් නැත්තෙ කිසිම විට ඔවුන් කෙනෙකුගේ සිතේ ශක්තියෙන් නැගිටින්න අනුබල නොදෙන නිසා. මනුස්සයෙකුට ජීවිතේ full potential එක achieve කරන්න ඕනෙ නම් අවශ්ය ආත්ම විශ්වාසය සහ තමන් තමන්ට කර ගන්නා ආදරය සහ ආශිර්වාදය (self love). උදාහරනයකට, බුදු හාමුදුරුවන් දේශනා කරපු ‘හැම දෙයටම මුල් වෙන්නෙ සිත’ කියන සන්කල්පය බටහිර ලෝකයේ ‘Law of attraction’ කියන සන්කල්පය ගොඩ නගා ගෙන තියෙන හැටි බලන්න. ඒවා ලෞකික දේ කියලා කෙනෙකුට කියන්න පුලුවන්, නමුත් බඩගින්නෙ ඉන්න කෙනෙකුට ඉස්සෙල්ල කෑම දෙන්න කියලයි අපිට උගන්වලා තියෙන්නෙ.

    දෙවෙනි කාරනය ජීවිතය දිහා බුද්ධිමත්ව බලන ඕනෙ කෙනෙකුට තෙරුම් යන්න ඕනෙ ජීවිතය කියන්නෙ හොඳ නරක දේවල මිශ්‍රනයක් (a mixed bag) කියලා. සමහර කාල හොඳ නැති වුනත් ඒව කාලයක් ඇතුලත වෙනස් වෙනවා. ඒ කාලෙ ඇතුලත අපේ සිත් ‘අය්යෝ කරුමෙ’ කියල දුකෙන්, වයිරයෙන් පුරවා නොගැනීමයි වැදගත්. බුදු හාමුදුරුවො mindfulness, loving kindness ගැන කියා දුන්නෙ ඒ නිසයි. නැතුව වාඩි වෙලා මම හුස්ම ගනිමි ගනිමි කියලා මතුර මතුර ඉන්නවත්, ඇවිදින ගමන් කකුල වැදුනා වැදුන කියල කිය කියා ඉන්නවත් නෙවෙයි (කියලයි මගේ අදහස). අනිත් එක, සමහර කාල වල මොනවා කරත් හරියන්නෙ නැහැ. ඒක හරියට අපි මොනව හරි පැල කරලා පලදාව එනකම් බලා ඉන්නවා වගේ. ස්වභාව ධර්මයට ඉතාම කිට්ටු (නැත්නම් ස්වභා ධර්මයම වුනූ) ධර්මයක් අදහන මිනිස්සු ඒ වගේ වෙලාවට කේන්දර පස්සෙ යන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. In short, මට කියනා ඔනෑ වුනෙත් ජොතිශ කට්ටිය කරන්නෙ මිනිස්සුන්ගෙ මේ දුර්වලකම් manipulate කිරීම විතරයි. නමුත් අපි කරන්න ඕනෙ අපේ සිතේ ශක්තිය හා දුර්වලතා හඳුනා ගෙන ඒවා මත ක්‍රියා කිරීමයි (SWOT analysis එකක් වගේ). ජොතිශ අය ඒ දෙය කරනවා නම් හොඳයි. ඔබ වගේ කෙනෙක් මෙය කතා කිරීම ඉතාම හොඳයි.

    ReplyDelete
    Replies
    1. //ස්වභාව ධර්මයට...මිනිස්සු ඒ වගේ වෙලාවට කේන්දර පස්සෙ යන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ//

      මට ඒක කියන්න පුළුවන්. කල්පාන්තෙකට ඉස්සර, ජීවිතේ අඳුරුම පරිචේදයක, හොට බිම ඇනිච්ච බස්සෙක්ව හිතේ මවා ගන්නකො. මේ උතුර-දකුන මාරුවෙච්ච, පිදුරු ගහෙත් එල්ලෙන සයිස් එකෙන් ඉන්න බස්සා යනවා හඳහන බලෝගන්න." සෙනසුරු නීච වීමත්, කේතු කොටු පැනීමත් නිසා, මේ දිනවල උඩින් ගමන් සුදුසු නැත" වගේ උපදෙසක් ලැබුනා. ඒකෙ වැඩි හරියක් "මයින්ඩ් ගේම්" එකක්.

      Delete
    2. අපි කැමති අපේ බැරිකම් වලට වැරැද්ද අනුන් මත්තේ පටවලා අහවල් අහවල් ප්‍රශ්නේ නොතිබ්බා නං මං මීට වඩා ඉහල තැනක කියල ඇග බේරාගන්ඩ. මෙන්න මේක තමයි ලංකාව වගේ 'පරිධියේ රටවල්' වල ඉන්න ජනතාව නොපෙනෙන බලවේග ගැන වැඩිපුර විශ්වාසෙ තියලා දුප්පත්කම සාධාරනීකරනය කරගන්නේ. ජ්‍යෝතිෂය නැත්නම් වෙන මොකක් හරි උනත් කමක් නෑ ලෞකික හා ලෝකෝත්තර සුවය වෙනුවෙන් යොදා ගන්ඩ පුලුවන්නම්.

      Delete
  7. https://drackey.blogspot.com/2015/05/46.html

    මාත් යමක් ලිව්වා

    ReplyDelete
    Replies
    1. එල එල...අනේ එහෙම ශ්‍රේෂ්ට ගුරුවරයෙකුගේ ගෝලයෝ!!

      Delete
  8. ලංකාවෙ සමහර වෙන්දේසි නම් ෆික්ස්ඩ් නේද? පිටින් ඉල්ලල ගාණ උඩ යවන්නෙ නෑ.
    ලොකුමල්ලිතුමා කියවල තියනවද Wilbur Smith ගේ Cry Wolfඑකේ යුද්ධ ටැංකි වෙන්දේසියක් ගැන? සමහර දේවල් හිතේ රැඳෙනවනෙ. වෙන්දේසි කිව්වාම මට මතක්වෙන්නෙ ඒකයි, සමහර මූවීස් වල පෙන්නන Sotheby's වගේ ඒවා

    ReplyDelete
    Replies
    1. මම එහෙම ලොකු වෙන්දේසියක් කවදාවත් හැබැහින් දැකලා නෑ. ඇත්තටම මම වෙන්දේසි කියල ලංකාවේ තියෙන ඒවා ගැන අහල තියෙන්නෙත් වටිනාකමක් තියෙන භාණ්ඩ වෙන්දේසි වෙන්නේ තෝරාගත් කීප දෙනෙකු අතර පමණයි කියලා. උදාහරණෙකට වාහන වෙන්දේසි වගේ දේවල් වලට සහභාගී වෙන්ඩ නං ඇගේ පතේ හයි හත්තිය විතරක් නෙවෙයි ගිනි අවි සහ ගිනි කෙළි ගැනත් අවබෝධයක් තියෙන්ඩ ඕනලු....

      Delete
  9. ඕල්මෝස්ට් ඕනෑම දෙයක් වෙන්න පොඩි හරි චාන්ස් එකක් තියනවනෙ. ඒ චාන්ස් එකේ ප්‍රතිශතය බලලා තමයි ඒ අනුව වැඩකරන්න ඕනෙ.

    නිකං බලමු. ලොකුමල්ලිතුමා මනුස්සයෙක් වගේ වෙස්වලාගෙන ඉන්න පිටසක්වල ජීවියෙක් වෙන්න පුලුවන්. හැබැයි ඒක වෙන්න පුලුවන් සම්භාවිතාව ඉතා කුඩායි. එනිසා අපි ලොකුමල්ලිතුමා එක්ක ආශ්‍රය කරන්න ලැබුනොත් එහෙම කරන්නේ ඒලියන් කෙනෙක් කියලා හිතලා නෙමෙයි. හැබැයි වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියනවා , ඉතා කුඩා වුනත්.
    (ලෝඩ් බැස්ටියන් ගැන නම් සම්බාවිතාව ඊට වඩා වැඩියි !)
    ලොකුමල්ලිතුමා උගතෙක් බවට තියන සම්භාවිතාව වැඩියි. ඉතින් අපි මේකෙ කමෙන්ට් කරන්නේ එහෙම හිතාගෙන. නොවෙන්නත් පුලුවන්. ඒත් වීම පැත්ත වැඩියි.

    ජෝතිෂ්‍යය බැලුවොත් කිලෝමීටර් බිලියන් දෙකහමාරටත් වඩා ඈතින් තියන යුරේනස් ගෙන් ලංකාවෙ ඉන්න කොල්ලෙක්ගෙ විබාගෙට හෝ උගේ තාත්තගෙ විවාහයට බලපෑමක් වෙන්න තියන සම්භාවිතාව කොහොමද?
    ලොකුමල්ලිතුමාගෙ පෝස්ට් එකට කෙලින්ම සම්බන්ධයක් නැතුවට මං මේක ලිව්වෙ මං ජෝතිෂ්‍යය බොරුවක් කියනවයි කියලා සමහරු හිතලා විවාද කරන නිසා. මං කියන්නෙ විස්වාස කරල ඒමත කාලය හා මුදල් ලොකුවට යන වැඩ කරන්න තරම් සම්භාවිතාව මදියි කියලා විතරයි

    ReplyDelete
    Replies
    1. //ලෝඩ් බැස්ටියන් ගැන නම් සම්බාවිතාව ඊට වඩා වැඩියි !//
      හා, හා හොට, හොට!
      අපේ ලෝකෙදි බස්සො(බස්-තියං) පයින් යනවා, මිනිස්සු ඉගිල්ලෙනවා.

      Delete
    2. සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියල තියෙනවනේ....අපේ අම්ම නං පොඩි කාලේ මට බැන්නේ උඹ නං මේ ලෝකේ මනුස්සයෙක් වෙන්ඩ බෑ...පෙරේත ලෝකෙන් ආපු එකෙක් වෙන්ඩ ඕන කියල...!!!

      Delete
  10. ලොකු සෑර්, මේ ලංකාව කියන්නේ මුලින් නැකත බලල නැකතට සී-සෙක්ෂන් කරන රටක්නේ.
    ඕන් ඔහොමයි හෙනහුරාගෙනුත් ගේම ඉල්ලන්නේ අපේ කෂ්ටිය.

    ජයවේවා!

    ReplyDelete