Monday, November 8, 2021

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත

 

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත ගෞරව පුරස්වරව ලියා දක්වන වගනම්...

ඔය එක එකා කට කැඩිච්ච කථා කිව්වට මම නං ඔබවහන්සේ කොළඹ විස්ස විජ්ජාලේ කුලපති වෙච්ච එක ගැන හරිම සංතෝසය. ඔය විස්ස විජ්ජාලවල ඉන්න උං හිතාගෙන ඉන්නේ උං මහ උගත්තුය කියලාය. ඔය මොන උගතත් රෑට රෑට එක එකාගේ ගොම්පස් අල්ලන්ඩ යනබව ප්‍රසිද්ධ රහසක් උනාට උන්ට කතා නැතිවෙන්ඩ නෙලුවේ මේ පාරය. ඕකුන්ට හොඳ වැඩේය. මට රෑ හීනෙනුත් පෙනෙන්නේ උං ඔබ වහන්සේට පෝලිමේ ඇවිත් දණ්ඩ නමස්කාර කරන විදිහය!


අනික අපේ නායකතුමා ඔබවහන්සේ ඔය තනතුරට පත් කෙරුවේ කිසි අධ්‍යාපන සුදුසුකමක් හිංදා නොවෙයිය රෙදි නැතුව කඩේ ගිය හිංදාය කියලා උන්නාන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙවා වදාරා තියෙන හිංදා ආය ඒකේ හේතුවක් හොයන්ඩ උවමනාවක් නැතිය.

ඉතිං එක එකා ඔබ වහන්සේට බැණ අඬගහන අතරේ මං ඔබ වහන්සේට පොඩි බණ කතාවක් කියලා දෙන්ඩ කැමතිය. මේක උනේ දඹදිව බ්‍රහ්මදත්ත කියලා රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන කාලයේ රෝමයේදිය. දැං මොකෙක් හරි බක පණ්ඩිතයෙක් එහෙම කොහොමද වෙන්නෙ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ හිටපු කාලෙ රෝමෙ ඔහොම දෙයක් උනේ නෑය කියල කිව්වොත් ඔබ වහන්සේට දෙන්ඩ තියෙන උත්තරේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලා ගිය සතිය වෙනකල් ලෙඩ්ඩු මරන්ඩ ඉස්ට්‍රැයික් කරපු එක ඇරෙන්ඩ වෙන කිසිම දැනුමක් නැති ඔල මොට්ටලයෙක් විස්ස විජ්ජාලෙක කුලපති කරේ කවද්ද කියලා අහන එකය.

මේ කතාව උනේ එක පාප් වහන්සේ නමක් පත්කරගන්ඩ නිළවරණයක් තියෙද්දිය. ඔය නිළවරණෙට චන්දෙ දෙන්ඩ පුලුවං කාඩිනල්වරුන්ට විතරය. අර ලංකාවෙත් එක් කෙනෙක් ඉන්නේ. අන්න එහෙම අයය. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ ඒ අය අතරින්ම එක්කෙනෙක් පාප් පදවියට පත්වෙන එකය. ඉතිං මේ කට්ටිය එක්කහු වෙලා කවුරු පාප් පදවියට පත් උනත් ඔක්කොම කාඩිනල්වරුන්ට ඩකෙට් 1,500 ක සන්තෝසමක් දෙන්ඩ හැමෝම පොරොන්දු උනාලු.

ඩකෙට් එකක් කියන්නෙ පරණ ඉතාලියෙ භාවිතා වෙච්ච මුදල් ඒකකයක්. ඒක දළ වශයෙන් රත්තරං ග්‍රෑම් 3.545 කට සමානයිලු. මේ කියන්නෙ කැරට් විසි හතරෙ රත්තරං කියල උපකල්පනය කරොත් අද ලංකාවෙ මුදලින් පවුමක් රුපියල් 102,000 විතර වෙනව නං - මං මේ විස්තර ලියන්නෙ ඔබවහන්සේ මේ ලිපිය කියවන කොට රුපියල තවත් බල්ලට ගිහිල්ලා පවුමක් රුපියල් කෝටියක් දෙකක් වෙලා තියෙන්ඩත් පුලුවං හිංද ඕං ඈ- එක ඩකෙට් එකක් රුපියල් රුපියල් හතලිස් පන්දාහක් විතර වෙනවා. එතකොට ඩකෙට් 1,500 කියන්නෙ රුපියල් මිලියන් 67.8....තව විදිහකට කියනවා නං හය කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් එක්දාස් තුන්සීයක් විතර!! ඔය විදිහට සංතෝසම් දෙන්ඩ කැමති වෙලාලු දහවෙනි ලියෝ කියන පාප් උන්නාන්සෙ පත් උනේ.

ලංකාවෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරපු 2012/ 15 චක්‍රලේඛයම නං අදත් බලපවත්වන්නෙ,  විශ්ව විද්‍යාල කුලපතිකෙනෙකුට පත් කෙරෙන පුද්ගලයා විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලෙ ඉන්න අධ්‍යයන කාර් ය මණ්ඩල සාමාජිකයෙක් නෙවෙයි නං එයාට ගෙවන්ඩ ඕන ජ්‍යේෂ්ඨ මහාචාර් ය කෙනෙකුගෙ මූලික පඩිය කියලත් එහෙව් ඇම්බැට්ටයෙකුට අධ්‍යයන හා පර් යේෂණ දීමනා ගෙවන්ඩ ඕන නැතිය කියලත් ඒකෙම කියවෙනවා. ගූගල් එකේ තියෙන වයඹ විශ්ව විද්‍යාලේ විසින් පළ කරපු දැන්වීමකට අනුව නං අපෙ හාමුදුරුවනේ ඔය ජ්‍යේෂ්ඨ මහාචාර් ය කෙනෙකුට හම්බ වෙන්නේ 171, 350 වගේ ගානක්. මීට අවුරුදු පන්සීයකට විතාර ඉස්සර චන්දෙ දුන්නට හම්බ වෙච්ච හය කෝටිය එක්කහු කරගන්ඩ ඔය කුලපති තනතුරේ අවුරුදු තිස් තුනක්වත් ඉන්ඩ ඕනෑය. ඔබ වහන්සේගේ වයසේ හැටියටත්, මේ ලංකාවෙ හැම එකාටම තාම පිස්සු හැදිලා නැති හිංදාත් එච්චර කාලයක් ඔය තනතුරේ ඉන්ඩ හම්බ වෙන්නෙ නැති බව මට නං එළටම ෂුවර් ය. ඉතිං මං මේ කියන්නේ අප්පච්චියි අනික් කට්ටියයි ඔබ වහන්සේ රවට්ටලා තියෙන බවය! අඩුම ගානේ හය කෝටියක්වත් දෙන්ඩ ඕනෑ වැඩකට පොඩි සොච්චමක් දීලා උං ඔබ වහන්සේව  මහ දවල් රවට්ටලාය!!

අනික ඒ ලෙවල්වත් පාස් නැති එකෙකුට ගණිතය ගැන උපාධියක් දීලා විස්ස විජ්ජාල ක්‍රමේ ගණිකා වෘත්තියේ යෙදෙව්වෙත් ඔය කොළඹ විස්ස විජ්ජාලේ එව්වන්‍ ය. ඉතිං උන්ට ඒක දිට්ඨ දම්ම වේදනීය විදිහට පළ දීපු එක ගැනත් මට සංතෝසය.

ඊගාවට අපේ සර් ජෝන් උන්නැහේ දුස්සීල මහණුන්ගේ සිවුරු ගලවලා තාර ගාන්ඩ ඕන බව කිව්වා කියලා අහලා තිබුනත් මට ඒක හරියට තේරුනේ නැතිය. දැන්නං තේරෙනෙවාය. සර් ජෝන්ට එහෙම නීතියක් ගේන්ඩ බැරි උනේ ඔබ වහන්සේගේ පරණ පිනකටය. ඒ වගේ පිංවන්ත උත්තමයෙක් දකින්ඩ ලැබුනු එක ගැනත් මට සංතෝසය.

තවත් සන්තෝසෙට කාරණා හුගාරියක් තියෙන නමුත් ඔබවහන්සේගේ කුලපතිකම වාගේම මේ ලියුමත් ෂෝට් වෙන්ඩ ඕනෑ කියා මං හිතන හිංදා දැනට නවතිනවාය!

ඔබවහන්සේට ඔබ වහන්සේගේ ගුරුදේවෝත්තම ජෛන මහාවීරගේ පිහිටය!! ආරක්ෂාවය!!

41 comments:

  1. ++++++++++++🙏👌
    ආයෙ එන්නම්, කමෙන්ට් වැටුනාම.

    ReplyDelete
  2. සාදු.. සාදු...
    පස්සෙ එන්නං කොමෙන්ට් බලල යන්නත් එක්ක.

    ReplyDelete
  3. අපේ රාජාත්තමයාන් කොරන්නේ මේ දවස් වල සාදුලාට තනතුරු පූජා කොරන එකයි. මුලින්ම නානසාරට ඊලගට නර්ස් සාදුට දැන් නයි සාදුට. මීලගට බෙල්ලන්විලද නැත්නම් මැදගොඩද එහෙමත් නැත්නම් ඉත්තෑකන්දද කොහොම දුන්නත් අපිට අඹ සරණයි තමයි.

    ReplyDelete
    Replies
    1. කොටුවේ පොඩිතැනද, හිට්ලර් සාදුද අමතක කිරීම ඇවතකි!!

      Delete
    2. ඒ උන්නාසේලාටත් විද්‍යාත්මක ක්‍රමයට තනතුරු ලැබෙනු ඇත.

      Delete
  4. මං නං හිතන්නේ ජපුර පැපිලියානට දෙයි. අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අනිත් සුදුසුකම් පවා තියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔතන පොඩි පරහක් තියෙනවා. කැළනියේ උන්නාන්සෙත්, පැපිලියන්නෙ උන්නාන්සෙත් ගොම්පස් අල්ලන්ඩ ගිහිල්ලා කිච උනාට මොකද මං දන්න තරමින් හොඳ උගත්තු. බුද්ධිමතුන්ද කියලනං දන්නෙ නෑ! එහෙම උනානං අර වගේ සුයිසයිඩල් මිෂන් වලට යන්නෙ නෑනෙ!!. මොන දේශපාලන මත දැරුවත් සුදුස්සෙකුට ඒ තනතුරු ලැබෙනවාට මං නං කැමතියි!!

      Delete
  5. // මේක උනේ දඹදිව බ්‍රහ්මදත්ත කියලා රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන කාලයේ රෝමයේදිය. //

    මෙතන ටිකක් පැහැදිලි මදිනෙ කට්ස්. කීවෙනි බ්‍රහ්මදත්තද කියලා සඳහන් කරලා නෑ නෙව. දඹදිව හිටිය තරමක් හිටියෙ බ්‍රහ්මදත්තලා නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය දඹදිව හිටියෙ එක බහ්මදත්තයි. පොර ඉමෝටල්. ඒත් පස්සෙං පහු වෙන වෙන රජ්ජුරු ගොල්ලන්නෙ නං පොත් වලට ඔබන්න ගත්තු දුකට පොර වක් කපං වැළලුණා.

      Delete
    2. ඔය ඩ්‍රැකීගෙ ආතලා, මුත්තලා, කිරි කිත්තලාවගේ තමයි...බ්‍රහ්මදත්තලා ලෝකෙ නම තියපු මිනිස්සු.
      @මහේෂ්- ඉමෝටල් මිනිස්සුත් සෙටමෝල් වෙනවා අපේ රටේ වැඩ දැක්කම. එහෙම නේද උපාසක මහත්තයා!!
      @බුරතිනෝ- බ්‍රහ්මදත්තලා කෙසේ වෙතත් දත් ගලවන්ඩ දස්සයෝ නං එහෙ ඉන්නවා!!

      Delete
  6. Ganayooo thama lankawa kawe....mr katta kadu...vijaya kuyana pal hora lankawata goda basse hambantotin da

    ReplyDelete
    Replies
    1. විජේ ගැන කෙසේ වෙතත් 'හම්බයො' හම්බන් යාත්‍රා වලින් ලෑන්ඩ් කරපු තැන නිසා හම්බන්තොට වුනු කථාවක් හිස්ට්‍රි බුක් එකේ තිබෙනවා. හම්බයො ආවේ මැලේසියාවෙන් උනාට හම්බන් යාත්‍රා වල ඔරිජින් එක චීනෙ 'සන්පන්' බෝට්ටු - සන් මීන්ස් ත්‍රී ඉන් චයිනිස් ලැන්ග්වේජ් ඇන්ඩ් පන් මීන්ස් ලෑල්ල ඉන් චයිනිස්. හම්බන්තොට පළාතේ සිංහල බෞද්ධ ලොකු ලොක්කන්ගේ චයිනීස් මැලේසියන් ෆේස් කට් නෝටිස් කරලා නැද්ද Yu තුමා/ තුමී. දැන් අන්ඩස්ටෑන්ඩ් වෙනවා නේද නෑකම.

      Delete
    2. මේ මොනවා අහනවද? දැනුත් තාප්පෙකට අණ්ඩ-ස්ටෑන්ඩ් කරලයි ආවෙ.

      අහා, අම්මපා හරි නේන්නං, චයිනීස් මැලේසියන් ෆේස් කට් සහ පාට. හම්බන්තොට වරාය 'සන්පන්' වෙච්චි එක පුදුමයක් නෑ නෙව, බලාගෙන ගිහාම?🤔

      Delete
    3. රන්සකුතුමා පොඩි නිවැරදි කිරීමක් කරන්ඩ ඕන. මං හිතන්නේ හාමුදුරුවරුන්ට මිනිස්සුන්ගේ තියෙන ගෞරවය නැතිවෙන්නෙ මේ වගේ සට්ටැඹිකං කරන උන්නාන්සෙලා හිංදා. ඉතා හොඳ ගුණවත් හාමුදුරුවරු මට හම්බ වෙලා තියෙනවා. ඔවුන් ගැන නෙවෙයි මං කියන්නෙ!!

      Delete
  7. සර් ජෝන්ට කොන්දස් පන තිබුනේ නෑනේ හැබෑටම!?

    ReplyDelete
  8. විනාස කාලේ විපරීත බුද්ධි:

    ReplyDelete
    Replies
    1. පව් පින් නැතැ'යි යන
      නිවටෝය මූ හැම දෙන
      ලොවට මුන්ගෙන් වන
      සෙතැත සිහිලස ලැබෙයි ගින්නෙන

      (බුදුගුණ අලංකාරය)

      Delete
  9. Me post eka baluwahama kulapathi thumata apawath wenna hitheyida danne naha?

    ReplyDelete
    Replies
    1. සරත්තුමා එහෙම මේ රටේ වෙනවනං කොච්චර අපූරු රටක් වෙයිද මේක?

      Delete
  10. කට්ටකාඩුවේ Yu තුමා, මෙතුමා කුලපති කළ එකේ නෙවෙයි ප්‍රශ්නේ. අනුප්‍රාප්තිකයෙක් නැතුව අඩුම ගන්නේ සාම්මහත්තයෙක්වත් නිදහස් නොකරන රටේ දැන් ලෙඩකට දුකකටවත් - අයි මීන් ෆොර් ඇන් ඉමර්ජන්සි- නර්ස් නෝනලට ඉට්‍රයික් එකක් කරවගන්න ඕනේ උනොත් කවුද ඉන්නේ, ඉස්ටාලින් සර්වත් එයිද?.

    ReplyDelete
    Replies
    1. මෙහ්, අන්ඩ කොන්ස්ට්‍රක්ෂන් ය කියල ගැළවෙන්ඩ බෑ. ලියමු මොනව හරි!

      Delete
    2. ඉට්ටාලිංතුමා බරට වැඩ මේ දවස්වල. ඔය අපේ ප. වාසුත් ඉස්සර හොඳ යුනියන් කාරයාලු. ගම්මුද පොරව ඇහැරවලා!!

      Delete
  11. පොර විස්ස විජ්ජාලෙට ගියෙ ලේසියටය කියන්නෙ. දැං ඉස්ටැයික් කොරන්ඩ ලේසියි කියලයි ආරංචිය.. හුම්ම්

    ReplyDelete
    Replies
    1. එක්කො පෙරට්ටො උන්නාන්සෙට ගේම දෙනවා නැත්තං උන්නාන්සෙ පෙරට්ටන්ට ගේම දෙනවා. ඕ යෑස්!!

      Delete
  12. මෙහෙම කතා මනා
    කියවනකොට පිනා
    යද්දි එනව හිනා
    අනේ අපේ ගොනා!

    ReplyDelete
    Replies
    1. කොහෙද කොහෙද ගොනා
      සිවුපා ඇති සතා
      වේද දෙපා ගොනා
      කීයක් වෙද සතා?

      Delete
  13. Replies
    1. ලිස්සුවා නේද? ඕකනෙ කියන්නෙ පය බුරුලෙන් තබා වරෙන් කියල!!

      Delete
  14. සකුවෙන් කුලපති යනු ස්වාමි පුරුෂයා යන්නයි
    උප කුලපති යනු හොර මිනිහාය.

    ReplyDelete
    Replies
    1. හැබෑද අන්තෝනියෝ? ස්තූතියි අලුත් දැනුමක් එක්කහු කරාට. එහෙමනං සරස්වතියගේ ස්වාමි පුරුශයා වෙන්ඩ එපෑ. ඒ කියන්නෙ බ්‍රහ්ම!! අනේ අපේ උන්නාන්සෙටත් ගිය කළක්!! දැං එහෙනං බ්‍රහ්මයා ඈ!!

      Delete
  15. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ වැඩක්. සින්ඩිකේටරයේ ලිපිනය දෙන්න. තව වැඩක් තියෙනවා...සින්ඩිකේටරය ගැන පොඩි ස්ටිකර් එකක් නිර්මාණය කරලා ලින්ක් එක දෙන්න අපිටත් බ්ලොග් එකේ අලවන්ඩ පුලුවන්වන විදිහට. අළුතින් ලියන්ඩ පටන් ගන්න බ්ලොග් වලට වැඩි ඉඩක්, ප්‍රචාරණයක් ලබා දෙන්න. ඔවුන් දිරිමත් කිරීම ඉතා වැදගත්.

      Delete
  16. මචං හිට්ලර් සාදු පේරාදෙණියට කැපයි. කාබනිකයි.

    ReplyDelete
  17. ඔය කොළඹ එකේ මහාචාරියෙක් ගැහැණු ළමයින්ගේ විභාග පාස් කරවන හැටි මට කිව්වා ඒ කාලේ. ඔකේ කුලපටි වෙන එකේ වරදක් නැහැ ඉතින් ඒ වගේ මහාචාරියෝ හිටිය එකේ. සාදු සාදු සආආදු

    ReplyDelete
  18. මෙච්චර හොඳ පත්වීමක් කරලත් ඒකට කියන දේවල්. :))

    ReplyDelete
  19. Betway Sports Review - A Complete Review of their Sportsbook
    Betway Review · What is the Betway Sports App? · What Are the Benefits of Using a max88 Betway Account? · Mobile App. 마틴게일 전략 Betway 코드 벳 Sports app 한게임 포커 클래식 is available 맥스 88 in

    ReplyDelete