මට කොහොමත් සිංහලෙන් අකුරු ටයිප් කරන්න හරි අමාරුයි අපි අයිති වෙන්නේ සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් ‘ඒ කෝ බී කෝ’ ක්‍රමයට ටයිප් කරන්න පුරුදු වෙච්ච පරම්පරාවකට. ඉතින් කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු ටයිප් කරගන්න අමාරු වෙනවා නම් කීබෝඩ් එකේ පේන්ඩ නැති, ඒ වගේම සාපේක්ෂකව වැඩි අකුරු ප්‍රමාණයක් තියෙන සිංහල ටයිප් කරන්න කොච්චර අමාරු ද කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දෙදහස් තුන හතර වගේ අවුරුදු වලදී මම සිංහල ටයිප් කරේ symbol විදිහට insert කරලා. ඒ විදිහට වාක්‍යයකට දෙකකට වඩා ටයිප් කරන්න හොඳ ඉවසීමක් වගේම පැයක දෙකක කාලයකුත් ඕන වෙනවා. ඊට පස්සේ google transliteration කියන සේවාව පාවිච්චි කරලා තමයි සිංහල අකුරු ටයිප් කරේ. ඇත්තටම බ්ලොග් එකේ මුල්ම ලිපි බොහොමයක් ලියවුනේ මේ translitaration ක්‍රමයට. ඊටත් පස්සෙ හෙළකුරු app එක පාවිච්චි කරලා ලිපි ලියන්න පටන් ගත්තා. එන්න එන්න අඩු කාලයකින් වැඩි පහසුවකින් සිංහලෙන් ලියන එක කරගන්න මේ මෙවලම් හින්දා පුළුවන් වුණා.
ගිය සතියේ මට ඉගෙන ගන්න හම්බවෙච්ච මට අලුත් ක්‍රමයකට තමයි මේ ලිපිය ලියන්නේ. ඒ තමයි google docs මෙවලමේ ඇති කථන-ලිඛිත පහසුකම පාවිච්චි කරලා. අපිට ඕන විදිහට කතා කරනකොට google සිංහලෙන් අපි කියන දේවල් ලියලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් නැතුව නෙමේ. හැබැයි වඩා ඉක්මනින් පහසුවෙන් සිංහලෙන් යමක් ටයිප් කරන්න මෙය පහසු ක්‍රමයක්. අවශ්‍ය කරන එකම දේ ටිකක් හොඳ අන්තර්ජාල පහසුකමක් විතරයි. කාට හරි මේ ක්‍රමය ගැන දැනගන්න ඕන නම් මම දන්න දේවල් කියලා දෙන්න ලෑස්තියි.
ඊට කලින් අපි කට්ටකාඩුවේ අද කතාවට බහිමු. පහුගිය දවසක මම කල්පනා කර කර හිටියා ලංකාවේ දැනට ඇති වෙලා තියෙන ආර් ථික අවපාතය හින්දා අවුරුදු හැට හැත්තෑ ගණන් ගණනක් තිස්සේ ඇති කරගත්තු, ලබාගත්තු සමහර ජයග්‍රහණ නැති වෙලා යනවා නේද නේද කියලා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ ක්ෂේත්රවල ලබපු ජයග්‍රහණ පෙන්නලා දෙන්න පුළුවන්. අපි පරම්පරා ගණනක් තිස්සේ ආයෝජනය කරලා මන්දපෝෂණය වගේ ප්‍රශ්න සෑහෙන මට්ටමකට විසඳ ගත්තා. ඒත් වත්මන් දරු පරම්පරාව මේ ආර් ථික ප්‍රශ්නත් එක්ක ආපහු පරම්පරා ගණනකට ඉස්සර තිබුණු තත්ත්වයට ආපස්සට ගණන් ගමන් කරලා කරනවා නේද කියලා මට හිතෙනවා.
එහෙම ඇතිවෙන පෝෂණ ඌනතා එක්කම හිතන පතන විදිහ විදිහෙත් ඌනතා අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්. අද මම කියන්න යන කතාව එහෙම එකක්. උපුටා ගන්නේ සද්ධර් මාලංකාරය කියන පරණ බණ පොතෙන්. මේ පොත ලිව්වා කියලා විශ්වාස කරන්නේ ගම්පොළ යුගයේදී.
ඒ කාලේ හිටපු ඉතා ප්‍රසිද්ධ ධර් මකීර් ති සඟ පරපුරේ දෙවෙනියා වෙච්ච ජයබාහු දේවරක්ෂිත කියන පස්සෙ කාලෙක සංඝරාජ තනතුරට
පවා පත්වෙච්ච උත්තමයෙක් තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතා සරල භාෂාවෙන් කියවලා, අහලා රසවිදින්න පුළුවන්
විදිහට ලියපු හුඟක් කතා මේ පොතේ අඩංගුයි. මට හිතෙන්නේ දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල වගේ යුගයන් අපේ රටේ පරිහානි පරිහානියේ
උපරිම අවධි පෙන්නනවා කියලා. ඒ කාලේ අපිට කොච්චර අමාරු වුනාද කියනවනං අවුරුදු
පනහෙන් හැටෙන්, සීයෙන් රාජධානි මාරු
කරමින් තැනින් තැනට පැනලා යන්න වුණා. ඉතින් මේ හාමුදුරුවෝ සද්ධර් මාලංකාරය ලියනකොට එහෙම අමාරුවෙන්, බයෙන්, දුර් භික්ෂයෙන් පැනලා යමින්, වනගතව, දුකෙන් කල් ගෙවපු පරම්පරා ගණනක මතකය උන්වහන්සේ
ලඟ තියෙන්න ඇති. බණ කතා විදිහට අතීතයේ
දුර් භික්ෂ කාලයක් ගැන ලියනකොට, ඒ වන විට උන්වහන්සේ සමහරවිට අත්දැකලා තිබිච්ච
එහෙම නැත්නම් ආසන්න පරම්පරා වලින් අහල දැනගෙන තිබිච්ච දුර්
භික්ෂයක් ගැන මතකය අවදි වෙන්න ඇති. ඒ හින්දම මේ කතා සත්‍යයට වඩා ආසන්නයි. අනිත් පැත්තෙන් පරම්පරා කීපයක් ඉගෙන ගන්නේ, කලා ශිල්ප වගේ දේවල් දියුණු කරන්නේ නැතුව බඩවියත
රැක ගන්නම උත්සාහ කරනකොට ඒ සමාජයේ ගුණදහම් වලට වෙන්නේ මොකක්ද කියලත් මේ කතාවලින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි අද කතාවට යොමුවෙමු. මම මේ කියන්නේ සද්ධර්
මාලංකාරයේ සිරිනාග වර්ගයේ ජයම්පතිකා වස්තුව නැත්නම් කතාවයි.
කතාව පටන් ගන්නේ
වළගම්බා රජ්ජුරුවන්ට ටික කාලෙකට ඉස්සර. ඒ කාලේ රුහුණේ මාගම සංඝ කියලා ඇමතියෙක් ජීවත්
වුණා. එයාට ලොකු දුවෙකුත් පොඩි පුතෙකුත් හිටියා. පුතාගේ නමත් සංඝ. ඔහොම ඉන්නකොට තාත්තා
මරණාසන්න වුනා. තාත්තා වැඩිමල් දුවගෙන් ඉල්ලනවා පොඩි මල්ලිව බලාගන්න කියලා. අක්කා ඒ
වගකීම බාරගන්නවා. තාත්තා පොඩි පුතා ලොකු මහත් උනාට පස්සේ දෙන්න කියලා වටිනා රෙදි දෙකකුත්,
කඩුවකුත්, මුතු මාලයකුත් ලොකු දුව අතට දෙනවා.
මේ පුතා ලොකු මහත් වෙලා දොළොස් හැවිරිදි උනහම තමයි අපි කවුරුත් අහල තියෙන බැමිණිටියාසාය කියන මහා අවාසනාවන්ත සාගතය ඇති වෙන්නේ. ඒකට හේතුව යුද්ධ, වැරදි පාලන ක්‍රම වගේම නොසැලකිල්ල. අද වගේමයි නේද?
ඒ සාගතේ හින්දා
කන්න බොන්න මොකුත් නැතිවෙලා යනවා.
හයිය හත්තිය තියෙන පිරිමි
කෑම බීම වැඩිපුර තියෙයි කියලා හිතන හොඳ පළාත්වලට සංක්‍රමණය
වෙනවා. කාන්තාවෝ දරුවෝ සමහරවිට ඔවුන් එක්කම ඒ දුර
පළාත්වලට යනවා. සමහරවිට ඔවුන් ගමනාගමන අපහසුතා එහෙම නැත්නම්
වෙනත් සමාජීය අවශ්‍යතා හේතුවෙන් තමන් හිටපු හිටපු ප්රදේශවලම නවතිනවා. සමහරවිට ඈත ප්‍රදේශවලට එක් කරගෙන යන්න බැරි රෝගී දරුවෙක්, දුබල මහල්ලෙක් බලාගන්න ඔවුන් නැවතුනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරම්පරාවෙන් ලැබිච්ච එකම වස්තුව වෙච්ච පොඩි ඉඩම් කෑල්ලක් රැකබලාගෙන පුලු පුලුවන් විදිහට ජීවිතේ ගැටගහගන්න
උත්සාහ කරන්න ඇති. වෙස්සන්තර රජ්ජුරුවෝ ඈත හිමයේ දුක් විඳින්න
මන්ද්‍රි බිසවට එන්න එපා කිව්වට හුඟක් වෙලාවල් වල වෙන්නේ සල්ලි හොයාගෙන එහෙම නැත්නම්
සෞභාග්‍යමත් ප්‍රදේශ හොයාගෙන පිරිමි සංක්‍රමණය
වෙන එක. අමාරු කාල ආපුහාම අද තාක්ෂණයේ දියුණුවත් එක්ක
ඈත දුර ඉදන් සල්ලි එවන්න,
කෑම බීම එවන්න, එහෙම නැත්නම් අඩුගානේ දුක සැප අහන්න පුළුවන් උනත් ඒ කාලේ එව්ව මොනවත්
බැරි යුගයක් බව අමතක කරන්න හොඳ නැහැ. ඉතින් අපේ
මේ සංඝ කුමාරයාත් අනිත් පිරිමි
වගේම බැමිණිටියා සායෙන්
බේරෙන්න වඩා හොඳ පළාතකට ගියා.
සාගතේ ඉවර උනාම ඔහු
ආපහු ආවා. ඒ වෙනකනුත් අක්කා අර වස්තූන් රැකබලාගෙන හිටියා.
ආපහු ගම රට ඇවිල්ලා දෙවෙනි දවසේ සංඝ කුමාරයා තිස්ස වැවට යනවා නාන්න. ඒ වෙලාවේ
කොටගම එහෙම නැත්තං කොටගල ප්‍රදේශයේ වාසය කරපු මහා නාග කියන හාමුදුරුවෝ
මාගම නුවරට පිඬුසිඟා වඩිනවා.
ඒත් බත් ඇටයක්වත් දානය විදිහට
ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් බෞද්ධයෝ බොහොම උවමනාවෙන් තමයි
පිඬු සිඟා වඩින හාමුදුරු කෙනෙකුට දානය දෙන්නෙ. අනික මේ
කියන්නේ මාගම නුවර ගැන.
සාගතේ හින්දා ශූන්‍ය
වෙලා ජනයාගෙන් අඩු වෙලා තියෙන්ඩ පුළුවන් වුනත් සාමාන්‍ය ගමකට වඩා අති විශාල ජනතාවක්
නගරවල ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන නෑ. එහෙව් ප්‍රදේශයකිනුත් හාමුදුරු කෙනෙකුට බත් ඇටයක්වත් නොලැබෙන්නේ මිනිසුන්ගේ දුප්පත්
කම හින්දම තමයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. බඩගින්න,
දුප්පත්කම ආවම දානෙකට බත්
ටිකක් පූජා කරන්න තරම් වත් ගුණ
යහපත්කමක් මිනිස්සු අතර
නැති නැති වුණා වෙන්නත් පුළුවන්. මොකක් වුණත්
දුප්පත්කම හා සාගතය මිනිස්සු නොහිතන ගානට වෙනස් කරනවා!
ඒ කොහොම වුණත් සංඝ
කුමාරයාට
හිතෙනවා මහානාග හාමුදුරුවන්ට දානේ ටිකක් පිලිගන්වන්න. ඔහු අක්කගේ
ගෙදරට ගිහිල්ලා අහනවා උයපු බත් තියෙනවද කියලා. අක්කා කියනවා
නෑ කියලා. ඊට පස්සේ සංඝ කුමාරයා
තාත්තා දීලා තිබ්බ කහවනු දාහක් වටිනා මුතුමාලය එක කහවනුවකට උකස් කරලා - ඔන්න බලන්න සාමාන්‍ය කාලයකදී කොච්චර වටින දේවල් වුනත් මේ වගේ අමාරුකම්
තියෙන එහෙම නැත්නම් කන්න බොන්න අගහිගකම් තියන කාලයක කොච්චරක් වටිනාකම පල්ලෙහාට යනවද
කියලා වෙනදා දාහක් මසුරන් දාහක් වටින දේ දැන් උකස් තියන්න වෙන්නේ මසුරං එකකට - ඒ මසුරං එක වියදම් කරලා, බත් ටිකක්
හොයාගෙන, හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ විතරක් නෙවෙයි හාමුදුරුවන්ට මේ දානය හොයාගන්ඩ වෙච්ච අමාරුවත් කියනවා. හාමුදුරුවෝ හිතනවා මෙච්චර අමාරුවෙන් තමන්ට ලැබිච්ච දානයට කෙළෙහිගුණ
සලකන්න ඕන කියලා. ඒ හින්දා හාමුදුරුවො දානෙ පාත්‍රය පැත්තකින්
තියලා, මහත් උත්සාහයෙන් භාවනා කරලා රහත් ඵලයට පත්වුණා
කියලා කියවෙනවා. අන්න ඊට පස්සෙයි උන්වහන්සේ අර දානෙ වැළඳුවේ.
සමහර සමහරවිට
මේ අමාරු කාලේ හින්දම වෙනදා දකින්ඩ නොතිබිච්ච ධෛර්යයක් මිනිස්සු
අතරට එන්න ඉඩ තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ගේ පහළ වීම සමාජයට අධ්‍යාත්මික විදිහට කොච්චර වැදගත්ද!! ඒ වැදගත්
කමට සමානව ජාතියක් විදිහට එකමුතු වෙලා ධෛර්ය සම්පන්නව, උපායශීලීව
වැඩ කරන්න මේ අමාරුකම් එක්ක උත්සාහවත් වෙනවා නම් මං හිතන්නේ අපි මේ ගෙවන මිලට,
කැපකිරීමට සාධාරණයක් වෙනවා
කියලයි.
සංඝ කුමාරයාගේ මේ දානය දැකපු වළගම්බා රජ්ජුරුවන්ගේ
සේසතේ වාසය කරන දේවතාවිය සාධුකාර දුන්නා කියලා කියවෙනවා. ඒ සේසතෙන් බැහැලා ඇවිත් අඩ ශරීරයක් මවා ගනිමින්. රජ්ජුරුවෝ අහනවලු ඇයි මේ සාදු කාර දෙන්නෙ
කියලා. එතකොට දේවතාවිය රජ්ජුරුවන්ට සංඝ කුමාරයා ගැන කිව්වා කියලයි පොතේ තියෙන්නේ. අද වගේම
එදත් රජ්ජුරුවෝ පිටිපස්සේ,
වටේට, එහෙ මෙහෙ අහුමුළුවල හිටපු හෙංචයියෝ තමයි රජ්ජුරුවන්ට ආරංචි දීලා තියෙන්නේ!! සංඝ කුමාරයා දීපු දානෙ වත් එහෙම නැත්නං මහානාග හාමුදුරුවෝ රහත් වෙච්ච එක
වත් නෙවෙයි වැදගත් වුණේ අර සේසතේ හිටපු දේවතාවිය රජ්ජුරුවන්ට කියපු පණිවිඩය!!! අඩුගානෙ ඒ දේවතාවිය ලංකාවේ අද තියෙන ජනමාධ්‍ය වගේ තමන්ට ඕන, වාසි දේ විතරක් රජ්ජුරුවන්ට කියන්න නැතුව ඇති කියලා අපි හිතමු.
ඊට පස්සේ සංඝ කුමාරයාට හිතෙනවා මුහුදේ නාන්න යන්න ඕන කියලා. එහෙම නනා ඉන්නකොට එයාගේ පින හින්දම රත්තරන් මසුරන් දාහක් පිරිච්ච ඔරුවක් ඇවිල්ලා ඇඟේ වදිනවා. කාටහරි දැං ඩේසි ආච්චිගේ මැණික් මල්ල මතක් වුනොත් ඔන්න එහෙම දේවල් වළගම්බා රජ්ජුරුවන්ගේ කාලෙත් වෙලා තියෙන බව අමතක කරන්න එපා. හැබැයි මේ සිද්ධි දෙකටම හම්බන්තොට කට්ටියම සම්බන්ධ ඇයි කියලා මගෙන් අහන්න එපා. මෙහෙම ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බ උනහම සංඝ කුමාරයා හිතනවා ඒක අක්කට දෙන්න ඕන කියලා. එහෙම දීලා කුමාරයා අනුරාධපුරේට යන්න පිටත් වෙනවා.
මෙහෙම යනකොට තිඹිරි ගමුව කියන පැත්තේදී පිඬු සිඟා වැඩිය හාමුදුරු කෙනෙක් බත් ඇටයක්වත් දානේ විදිහට නොලැබිච්ච හින්දා හිස් අතින්ම ආපහු පන්සලට වඩිනවා. සංඝ කුමාරයා තමුන්ගේ සළුවක් විකුණලා ඒකෙන් බත් සල්ලිවලට අරගෙන හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ හාමුදුරුවොත් මෙච්චර අමාරු කාලෙක මේ උපාසකයා දීපු දානය දානයට වටිනාකමක් වැඩිපුර දෙන්න ඕන කියලා හිතලා, උත්සාහවත් වෙලා, භාවනා කරලා රහත් වෙනවා. ඒක බලාගෙන හිටපු රජ්ජුරුවන්ගේ සේසතේ දේවතාවිය සාදුකාර දෙනවා රජ්ජුරුවෝ දැනගන්නවා සංඝ කුමාරයාගේ තවත් දානයක් ගැන!!
මේ කට්ටිය අනුරාධපුරේට එනකොට මගදි මිහින්තලේ විහාරයේ පිරිවෙනකට ගියා. ඒ වෙලාවේ එතන හිටපු රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ සිවුරෙ ඉරිච්ච තැන් මහන ගමන් තමයි හිටියේ. ඒත් උන්වහන්සේට රෙදි කෑල්ලක් මදි වෙච්ච හින්දා ඒ වැඩේ නතර කරා. සංඝ කුමාරයා මේක දැකලා තමුන් ගාව තිබ්බ කසී සළුවෙන් භාගයක් ඉරලා අර රහතන් වහන්සේට පූජා කරාලු. උන්වහන්සේත් ඒ කොටස අරගෙන තමුන්ගේ සිවුර මහා ගත්තා කියලයි පොතේ තියෙන්නෙ. මේක දැක්කහම සේසතේ දේවතාවි හතරවෙනි පාරටත් සාධුකාර දුන්නලු!!
මම ඉස්සරලා කිව්ව වගේ අද මම කට්ටකාඩුව ලිව්ව නෙවෙයි
කිව්වා!! ලිව්වෙ google කථන ලේඛන ආදාන මෙවලම. වෙනදා සාමාන්‍යයෙන් මට ලිපියක් ලියන්න පැය තුනක් විතර යනවා ඒ කියන්නේ
දළ වශයෙන් මගේ ටයිප් කිරීමේ වේගය පැයකට ඒ 4 කොළ එකක්
එකහමාරක් විතර. අද මම කතාවම කියලා ඉවර කරේ පැයකට ටිකක් වැඩි
කාලයකින්. ඒ බාහිර පරිසරයේ විවිධ සද්දත් එක්ක. අකුරු වචන වැරදි විදිහට ටයිප් වීමත් එක්ක. ඉතින් තාක්ෂණය යොදාගෙන අපිට අපේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුලුවන්
කියන එක බොහොම පැහැදිලියි.
අපේ රටටත් ඕන කරන්නේ අලුත්
තාක්ෂණය, වඩාත් ගැළපෙන විදිහට පාවිච්චි කරලා ආර් ථික, සමාජයීය පුනරුදයක් ඇති කරගන්න
එක. එක විදිහකින් ගත්තොත් සංඝ කුමාරයා තමන්ට ගැලපෙන කුමාරිකාවක් හොයාගන්න අංග ලක්ෂණ විද්‍යාඥයන්ගෙන් අහන්නේ ඒ කාලේ පැවතිච්ච තාක්ෂණය තමන්ගේ තීරණ ගැනීමේ පිලිවෙලට පහසුවක්
කරගන්න. ඒ පැවති තාක්ෂණය හොඳද නරකද වැඩේට ගැලපෙනවද
කියන එක ඊළඟ ලිපියෙන් කතා කරමු.
සියලු දෙනාට වාසනාවන්ත හෙට දවසක් උදා වේවා!! ආයුබෝ වේවා!!
සේසතට අදිගෘහිත දේවතාවිය කියල කීව නම් වඩා හොඳයි.
ReplyDeleteඅනිවාර්යෙන් අපේ කාර්යක්ෂමතාවට, දියුණුවට තාක්ෂනය නිසි ලෙස යොදා ගන්න ඕන... එකතැන පල් වෙන්ට ඕනෑය. ඊළඟ කොටහත් ටක්ගාල දාන්ට. කට්ටකාඩුතුමාටත් ආයිබෝන්!
ස්තූතියි නමියාතුමා!! ඇත්තටම පොතේ තියෙන්නෙත් සේසතට අධිගෘ හිත දේවතාවිය කියලා තමයි. ඒකට වඩා සේසතේ දේවතාවී කියල කියපුවම ලස්සනයි කියල හිතුනා. ඊළග කොටස මේ සති අන්තෙ දාන්ඩයි හිතං ඉන්නෙ!!
Deletehttps://en.m.wikipedia.org/wiki/List_of_famines
ReplyDeleteවිකිපීඩියා ඔත්තුවට පින් ප්‍රා ජේ තුමා...බොහෝ දෙනාගේ පහන් සංවේගය පිණිස මෙන්න ඒකෙ විස්තරේ
DeleteBeminitiya Seya, also known as the Great Famine, (103-89 BC), during the reign of King Vattagamini Abhaya, known as Valagambahu,[1] was a period of over a decade in which ancient Sri Lanka's irrigation systems failed as a result of invasion, corruption and neglect.[2]
It was a time of hardship, compounded by foreign invasion, making this a grey region of Sri Lanka's history. Long drought coupled with South Indian invasion completely neglected the repairs and maintenance of the advanced irrigation systems that was in place. The situation eased with the deaths of five warring princes and the return of King Valagambahu. As soon as Valagambahu took over power in 89 BC, work was done to repair and reconstruct the ill-fated irrigation system which saw the end of the baminitiya seya in 89 BC. Valagambahu is regarded as one of Sri Lanka's greatest heroes.[2]
The famine is mentioned a number of times in the stories contained in "Sihalavatthu Pakarana", the oldest work of Ceylonese literature. It is related that at this time many monks left the island for India or the Maldives.[3]
එදයි අදයි කියලා නෑ ලොකු වෙනසක්
ReplyDeleteනම් ගොත් වෙනස්- ගතිගුණ වෙනසත් චුට්ටක්
ඔව්වා පහදලා ලිව්වොත් හෙණ නඩුවක්
රජ වෙනකොටම නැති වෙන්නේ ඇයි මොළයක්?
රජ වෙනකොටම නැති වෙන්නේ ඇයි මොළයක්
Deleteපහදා කිව්වොතින් නිදි නුඹ මහ දෙවියෙක්!!
අපිනං එදා ඉඳලම කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නැතුව කීබෝඩ් එකෙන්ම ටයිප් කරල පුරුදු වෙලා අද කිසිම අවුලක් නැතුව සිංහල ටයිප් කරන්න පුලුවන්.
ReplyDeleteනව තාක්ෂණය ලංකාවෙ පාවිච්චි කරනවයි කියන්නෙ සෙලවෙන මනස තමයි. ෆෝන්, පීසී මොනිටර් නැතුව මොන තාස්සනේ ද.
සභාපතිතුමා ඉතින් හොඳට යතුරු පුවරුව හැසිරවීමේ නිපුණයෙක් වෙච්චි, පණ ගහල ගම්මුකො අර බ්ලොග් එක!!
Deleteමොනිටරයක් වෙනුවට රූපවාහිනියක් යොදන්න.
ReplyDeleteෆෝන් එක වෙනුවට ඩොංගලයක් සමඟ bluestack පාවිච්චි කරන්න.
අපේ ගෙදර රූපවාහිනියක් වෙනුවට මොනිටරයක් දාල තියෙන්නෙ.
Delete@ අන්තෝනියෝ... අන්න එහෙමනෙ ඉන්ඩ ඕනෙ...!
Deletekiyewwa
ReplyDeleteහොඳමයි!! මේ පැත්තෙ ආවට ස්තූතියි!!
Deleteapith kohoma hari ekek dennak rahath karawanna ona
ReplyDeleteආන්න අදහස්... කාවද අල්ලගන්නෙ මුලින්ම?
Delete//මොකක් වුණත් දුප්පත්කම හා සාගතය මිනිස්සු නොහිතන ගානට වෙනස් කරනවා!//
ReplyDeleteමේක කියවද්දි මට මතක් වුණේ අර වික්ටර් හියුගෝ කියන්නෙ, "ශීත කාලය වතුරත් මිනිසුන්ගේ හදවතුත් ගල් කළා" කියලා... ආන්න ඒක
වතුර ගල් උනාට පොඩි රස්නයක් ආවම ආපහු දිය වෙනවා...හැබැයි මිනිහෙක්ගෙ හදවත ගල් උනාම වැඩේ ලේසි නෑ...ආයෙ උණු කරගන්ඩ අමාරුයි...ලේ පිළිබඳ විශේෂඥයෙක් විදිහට මොකද ඔබතුමා හිතන්නේ?
Deleteහෙලකුරු එකෙත් කතා කරන්න පුළුවන් නේද. ගුගල් එකෙනුට් ප්පුලුවන්. මම තවම උත්සහ කලේ නැහැ. ලිපිය රසවත්. හොඳට ගලපලා ලියල තියෙනවා.
ReplyDeleteස්තූතියි අජිත් තුමා. හෙළකුරු ඇප් එක මම පාවිච්චි කරන්ඩ දන්නෙ නෑ ඒ වැඩේට. ගූගල් ගැනත් දැනගත්තේ ගිය සතියේ පුහුණු වැඩසටහනකට රබර් කනක් දාගෙන ඉන්දැද්දි.වැඩියක්ම සිංහල ඇතුලු භාෂා ගණනාවකට මේ පහසුකම තියෙන බව දැන ගත්තේ එදා.
Deleteගිතෙල්වලින් බඩේ අමාරු හොඳ වෙනවට වඩා, අපි මේ දවස්වල ගිතෙල් වැළඳුවොත් බඩේ අමාරුවක් හදාගන්න එක නං ශුවර්
ReplyDeleteලේ බොන කෙනා කියනවා ගිතෙල් වලින් බඩේ අමාරු හැදෙනවලු!! අම්මපා මෙව්වා තමයි දවසකටවත් කතා!!
Deleteඅනික, අර දානෙට වටිනාකමක් දෙන්ඩ රහත් වෙලා වළඳන එක ටිකක් රිස්කි නේද? ඒ ටයිම් ෆ්‍රේම් එක තුළ රහත් වුණේ නැත්තං ඉර හැරුණට පස්සෙ කන්ඩ වෙන්නෙත් නෑ. කෑම නරක් වෙන හින්දා පහුවදා උදේ කන්ඩ වෙන්නෙත් නෑ. අන්තිමේ අර දානපතියට උන්දැගෙ අරමුණ ඉෂ්ට වෙන්නැති වෙන්ඩ හොඳටම ඉඩ තියෙනව. ඔව්ව තමයි බණ කතා ලියපු උන්නාන්සෙලගෙ වටකුරු බයිලා.
ReplyDeleteවටකුරු බයිලා!! ආන්න වචනේ!! ඔය කතාව මොන බයිලයක්ද කියල හිතෙයි ඊලග කොටස කියෙව්වම. ඉරිදා දිහාට මේ පැත්තෙ ආවොත් බයිලා රී මික්ස් එකක් බලාගන්ඩ පුලුවන් වෙයි ඕං!!
Deleteඉරිද නං ආවෙ නෑ. අඟහරුවාද ආව. කෝ ඉතිං?
Deleteඒක තමයි...මං බලං හිටිය ඉරිද එයි කියල...කෝ ආවෙ නෑනෙ...අනික කවුද කිව්වෙ ගිය ඉරිද කියල....
Deleteඔ්ක දාන්නැතුව එන්ඩ එපා පැත්ත පළාතෙ! තල්ලු කරනව පුංචි ලෝකාන්තෙං පහළට, කෙලිම්ම රූපහ!
Delete