Wednesday, February 3, 2021

පහන දල්වා පැදුරු ආනේ ගැහීම

ඉතා වේගයෙන් වෙනස් වන වටිනාකම් රැසක් කරපින්නාගත් සමාජයක් තුල පවතින අධ්‍යාපන ක්‍රමයක් නිසි පරිදි යාවත්කාලීන නොකල හොත් වැදගැම්මකට නැති තත්වයට පත්වන බව නොකිවමනාය. මේ තත්වය ලංකාව කෙරෙහිද අදාල වේ. අතීතයේ දී දේශපාලන, සමාජ හා ආර් ථික වෙනස්කම් රට තුල සිදු වූයේ ඉතා සෙමිනි. ඒ ද අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී උවමනා එපාකම් සපුරා ගනු සදහාය. මෙවැනි වටපිටාවක් තුල අප යුගයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අප සතුව තිබෙන්නේදැයි අවම අවශයෙන් වසර දහයකට වරක්වත් විශ්ලේශනය කොට බැලීම අත්‍යාවශ්‍ය කරුණකි.


ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉන්දියාවේ මෙන්ම කිසිදු අරමුණක් හෝ සැලසුමක් නොමැතිව අපිලිවෙලකට වර් ධනය වී ඇති බව නොරහසකි. අධ්‍යාපනය සම්බන්ධ විවිධ ගැටලු පිලිබඳව සොයා බලා නිසි පිළියම් යෙදීමට වරින්වර විවිධ කමිටු හා කොමිෂන් සභා ගනනාවක් පත්කරණු ලැබූවද අවාසනාවකට මෙන් ඒ කිසිදු කමිටුවකට හෝ කොමි


සමකට මුළු මහත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදු කොට නිර් දේශ ඉදිරිපත් කිරීමට අවස්ථාව නො ලැබීම අවාසනාවන්ත තත්වයකි. ඊට අමතරව ‘ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකසා ගැනීමටද කිසිදු උත්සාහයක් නොගැණුනි. ජාතික අධ්‍යාපන ක්‍රමයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීම සදහා පහත උපුටනය දක්වනු කැමැත්තෙමි.

“සාර් ථක ජාතික අධ්‍යාපන ක්‍රමයක් එම ජාතියේ අනන්‍යතා මතින්ම පැන නැගී එම අනන්‍යතා වලටම බද්ධ වන්නට හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයකි - කැන්ඩ්ල්”

Monday, January 4, 2021

භූත සෙල්ලම

මේ කාලේ රටේ හුගක් තැන්වල කතා වෙන්නේ ඇහැට නොපෙනෙන බලවේග එක්ක එක්කහු වෙලා කොවිඩ් වසංගතේ මැඩ පවත්වන්ඩ ඕන කරන බේත් හේත් හොයාගැනිල්ල ගැන. ඔන්න එතකොට මතක් උනා මම මීට අවුරුදු දෙකකට විතර උඩදි කට්ටකාඩුවට ලියපු අපේ ගමේ වෙච්ච භූතයා ගැහිල්ලක් ගැන. නත්තල් කෝඩෙයි හිරි ගඩු පිපෙන සීතලයි එක්ක ගුලි වෙලා ඉන්න ගමන් මට හිතුනා ඒ පෝස්ට් එක නැවත පල කරන්ඩ. මගෙ හිතේ අද කාලෙ තියෙන මේ අවනඩුවටත් අපේ ගමේ ඈත අතීතේ සිද්ද වෙච්ච දේවල් වලින් දැනමුතු කමක් ගන්ඩ පුලුවන් වෙයි.

මෙන්න කතාව....

ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය එක්ක කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා ආදරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේකොහොමද  ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්රමාන කැපකිරීම් කරන්නේඑහෙව් කැප කිරීම් කරපු කෙනා සමහරවිට නොහිතූනොපැතූ විදිහට ඇත ඇරලා දාලා යන්නේඑහෙම නැත්තං  ආදරයත් එක්ක ජීවිතේ ඉවර වෙනකල් කටු කාගෙන ජීවත් වෙන්නේ?



Wednesday, December 16, 2020

නිධන් හෑරිල්ල

 

නිධන් හාරනවා කියපුවම හැමෝම හිතන්නේ නීති විරෝධී වැඩක් කරන්ඩ යනවා කියලයි. සමහරවිට අද්භූත දේවල් වලට අපි කොහොමත් ආස කරන හින්දා හැංගිලා තියෙන සම්පත් මතු කර ගන්ඩත් ඒ ගැන කතා හදන්ඩත් අපේ හිත් අතුලේ කැමැත්තක් ඇති. මට නං ඔය නිධං හෑරිල්ල ගැන පෞද්ගලිකව කිසිම අත්දැකීමක් නෑ. හැබැයි මම පොඩි කාලෙ අහපු දැකපු දේවලුයි තරුණ කාලෙ අහපු දේවල් කීපෙකුයි එක්ක තමයි මේ කතාව කියන්නෙ. හැබැයි මම ඉස්සෙල්ලත් කිව්ව වගේ නිධං ගැන මගේ කිසිම ඇහින් දුටු සාක්ශියක් නෑ.



කවුරු හරි කෙනෙක් හිතා මතා වටිනා වස්තුවක් හංගලා යන්නේ ආපහු ඇවිත් තමන්ට හරි තමන්ගේ නෑදෑ යාලු මිත්‍රයෙකුට හරි ගන්ඩ පුලුවන් වෙන තැනක. ආපහු ඇවිල්ලත් දස වද විදලා ගන්ඩ නං මිනිස්සු වටිනා වස්තුව තැන්පත් කරන එකක් නෑ මට හිතෙන විදිහට. ඇයි යකෝ අපි හම්බු කරපු අපේ සල්ලි ආපහු අපිම ගන්න කොටත් බිලි පූජා දීලා, මන්තර මතුරලා ගන්ඩ වෙනවා නං මොන කරුමයද්ද?

Sunday, November 8, 2020

එක් හිස් රාවණ-හමුවිය සැදෑවක

මෙතෙක් කථාව....

කොළඹ ගමයා වියුණුව රසික අප වෙත ගෙනෙන අජිත් ධර්මකීර්ති මහතාණන් වාසය කරන්නේ පරසිදු ලන්ඩන් පුරවරයෙහිය. කට්ටකාඩුව වියුණුවට අත්‍යාවශ්‍යව තිබෙන එක්තරා පුරාණ පුස්කොලපොතක අත් පිටපතක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව දැන ගන්නා කට්ටකාඩුවේ ලොකු මල්ලී, හැකියාවක් ඇත්නම් එම අත් පිටපතෙහි පිටපතක් තමන්ට ලබා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි. එය පිලිගන්නා අජිත් සුධීමතුන් සිය පියඹගේ විරෝධයද, කොරෝනා තර්ජනයද නොතකා ලන්ඩන් කෞතුකාගාරයට යන අතර එහිදී නොසිතූ අයුරින් කෞතුකාගාරය තුල තනිවන අතර මාසයක පමණ කාලයක් කොරෝනා තර් ජනය හේතුවෙන්  කෞතුකාගාරය වසා දැමෙයි. අජිතුන් හමුවට පැමිනෙන්නේ කවුද?

වැඩි විස්තර සඳහා කොළඹ ගමයා වියුණුවට මෙතැනින් පිවිසෙන්න........බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක්



ලා කහ පැහැති ආලෝකය දසතම එක ලෙස පැතිර පවතින බවත් එහි ප්‍රභවයක් නොමැති බවත් මට තේරුම් ගියේ එවිටය. එය හැබෑවටම පවතින ආලෝකයක් ද නැතහොත් මගේ සිතේ ඇඳුනු ආලෝකයක් වැනි හැගීමක්දැයි මම සිතන්නට වීමි. වසර සිය ගණනක් තිස්සේ සමහර විට දහස් ගණනක් තිස්සේ රාමායණය කියවු නොකියවූ බොහෝ දෙනාගේ සිත් පැහැර ගත් රාවණයන් මා අබිමුව සිටිද්දී මම අවට පැතිර පවතින ආලෝකයේ ප්‍රභවය සොයමින් කල් මැරීම කෙතරම් අනුවණ කමක් දැයි සිතෙත්ම රාවණ රජුගෙන් කුමක් ඇසිය යුතු දැයි සිතන්නට වීමි. සිත නිසල වන්නට වන්නට කොහෙන්දෝ නැගෙන බෙර හඬක් මා සවනත වැකෙයි.....

ඩම...ඩම...ඩම....

Sunday, November 1, 2020

එකසිය පනහ

 

පහුගිය මාරතු මාසෙන් පාස්සෙ මුලු රටටම විතරක් නෙවෙයි මුලු ලෝකෙටම ලැබුවෙ මහ නරක කල දසාවක්. කොවිඩ් මාරයාගේ යක්ස හෙවනැල්ලෙන් වැහිලා ගිය මේ මාස හය හත ඇතුලෙ නිදහසේ හුස්මක් කටක් ගන්ඩ තරම් වාතාවරණයක් අපි කාටවත් තිබුනෙ නෑ. කොළඹ අවිවේකී තරඟයෙන් පොඩ්ඩකට මිදිලා ගෙදර දොරේ වැඩිපුර කාළයක් ගත කරන්ඩ ලැබිච්ච බව නං කියන්ඩම ඕන. මීට කලියෙන් එහෙම කාළයක් උදා වෙලා තිබ්බෙ 88-89 කාලෙ කැලෑ ආණ්ඩුවේ භීෂණේ හින්ද ඉස්කෝල වහල තිබ්බ කාලෙ. ඒත් ඒ කාලෙ අපි පොඩි කොල්ලො කුරුට්ටො. මොනව තේරෙනවද?



අම්මල අප්පච්චිල කන්ඩ බොන්ඩ දෙන දෙයක් කාල බීල දවල් දවසම සෙල්ලම් කරල රෑට රෑ උනාම ගෙදරට එනවා. ඔය කාලෙ කීර් ති විජේබාහු කියල චරිතයක් අස්සන් කරපු ලියුම් කරදාසියකින් ආමි එකෙයි පොලිසියෙයි  (නේවි එකෙයි ගුවන් හමුදාවෙයි වැඩ කරපු අයගෙ පවුල් වලටත් ඒ තර්ජනේම තිබ්බ කියල කිව්වත් අපෙ ගමේ තියා අහල ගං හතකවත් ඒ දෙකේ වැඩ කරපු කෙනෙක් හිටියෙ නැති හිංද අපිට එහෙම තර්ජනයක් තේරුනේ නෑ) වැඩ කරපු අයගෙ පවුල් පිටින් මරල දානවා කියල කතාවක් ගිය කාලෙ. අපේ ගමෙ කවුරුවත් එහෙම මැරුවෙ නැති උනාට සූදානං සරීරේ කියල අපේ ගමේ ආමි සහ පොලිස් පවුලුත් රෑට තම තමුන්ගේ ගෙවල් වල හිටියේ නෑ. එහෙම රාත්‍රී සංක්‍රමණික පවුලක අපේ යාලුවෙක් ඔය දවස් වල රෑට හිටියේ අපේ ගෙදර. අනික් පැත්තෙන් මොන ගම්පොල දෝ කියල මහ මරුමුස් පොලිස් ලොක්කෙක් කෑගල්ලෙ වැඩ බාරගත්තා කියල ආරංචියට ගමේ හිටපු කැලෑ ආණ්ඩුවේ උදවු කාරයොත් රෑට රෑට හැංගිලා තමයි හිටියෙ. ඔන්න ඔහොම චරිත දෙක තුනකුත් රෑට අපේ ගෙදර. ඉතින් ඔය කවුරු එක එකා මරා ගන්ඩ ට්‍රයි කලත් රෑට රෑට කට්ටියම අපෙ ගෙදර තුන්සිය හතර ගහනවා.