Saturday, August 10, 2019

පුත්තලම් කෝච්චියේ කථා දෙකක්

මං මේ පෝස්ට් එක ලිව්වෙ අවුරුදු දෙකකට විතර කලින්. කට්ටකාඩුව ලියන්ඩ පටන්ගත්තු අලුත. එදාට වඩා පොඩි පොඩි වෙනස්කම් අද තිබුනත් තවම කථාවේ මුල් බීජය අදාල හින්දා නැවත පල කරන්නට හිතුවා.

අනාගතයේ දවසක ඉදිරි පරම්පරාව අද ජීවත්වෙන අපි කරන මේ වැඩ ගැන මොනව කියයිද?
අපි කථාව කියවමු.



කථාව 1- කොටස 1 

එය පාලු මුසල රාත්රියකිඉදහිට බුරන බල්ලෙකුගේ හඩත් ඇතින් කෑ ගසනඋලමෙකුගේ හඩත් හැරුණු කොට ඇසුනේ මුහුදු රල බිදෙන ඒකාකාරී සුසුම්හඩ  පමණිවෙනදාට උස්ව නැගෙන පල්ලියේ යාඥාවන්ට කැදවීම අද නොඇසුණු සේයඇසුනද එය බොහෝ දෙනාට අමතකව ගොසිනි.  

“පොඩි අය කෑවද?”අබ්දුල් පාතිමා ගෙන් ඇසුවේය.

“ඔව්” පාතිමාගේ කටහඩ කෙදිරිල්ලකට වැඩි යමක් නොවිණි.

“එහෙනම්  අය නිදි කරවන්ඩසමහරවිට අපි ඔක්කොටම හෙට දුර ගමනක්යන්ඩ තියන හින්දා දැන්ම නිදා ගන්න එක හොදයිඅල්ලා  අපිව රැක බලාගන්ඩ  ඕන මේ විපත්තියෙන්!!....”අබ්දුල් ගේ හඩ  හැඩුම් බරය.

නිදි නැතිව දෑස දල්වා කෝච්චි පාරට කන් යොමා සිටින අබ්දුල්ට රැය දිගුයරෑඅට පසුවී නවයේ කනිසමද අනතුරුව දහයේ කනිසමද සටහන් කරන බිත්තිඔරලෝසුව දෙස අබ්දුල් බැලුවේ සුසුම් පිට කරමිනි.

“අබ්දුල් අයියා… අබ්දුල් අයියා…”  එහා ගෙදර නිහාල්ය.

“ඇයි නිහාල් ?”

“අයියාත් ඇහැරලා ඇති කියලා හිතුනා......මට ලොකු භයක් දැනෙනවාඅයියා!!” වෙනදා නිතර සිනහවෙන් සැහැල්ලුවෙන් කල් ගත කරන නිහාල්  අදතැති ගෙන ඇති සේය.

“අබ්දුල් අයියා ඇත්තටම ඒක එයිද?”

“මං කොහොමද මල්ලි හරියටම දන්නේ දෙවියන්ගේ කැමැත්ත ඒක නම් අපිමොනවා කරන්නද?”

“ඒත් ඇයි අයියා අපිම මේ කරුමෙට කර ගහන්නේඅපි මොකද කරන්නේමේකට?”

අපිට කරන්ඩ ඉතුරු වෙලා තියෙන තියන කරන්ඩ පුළුවන් එකම දේ තමයිමං කරන්ඩ යන්නේ හෙටඋඹත් එනවනම් වරෙන් ඉඩ තියනවා යන්ඩ”.

 සමගම එය සිදුවිය.

 දුම්රිය පැමිණියේ කිසිදු හඩක් නොනගායවෙනදා පළාතම දෙදරුම් කවනකෝච්චියේ හූ හඩ අද ගොළුව ගොසිනිවෙනදාට දීප්තිමත් ඉදිරි ලාම්පු පවාඅද මලානික බවක් දක්වයි.

“ඒක ආවාද?” දුම්රිය පොළ දෙසට යමින් එහා වීදියේ ෆ්රැන්සිස් ඇසීය.

එය ඇසිය යුතු පැණයක් නොවුනේ ඔවුන් සියලු දෙනා  අවාසනාවන්තදුම්රිය පැමිණෙනු ඇතැයි සති ගණනක් තිස්සේ බයෙන් පසුවූ නිසාත් එය හැරවෙනත් දුම්රියක් මේ රෑ යාමයේදී පුත්තලම දුම්රිය ස්ථානයට නො පැමිණෙනබව ඔවුන් සියලු දෙනාම දැන සිටි නිසාත්ය.

කථාව 2

මම නිලුපා දෙස බැලීමි. ඒකාකාරී ගමනින් හෙම්බත් වූ ඇය නිදා ගන්නට සැරසෙයි. දොඩමලු වෙමින් දවස ගෙවීමට සිතා පුත්තලම කෝච්චියට ගොඩ වුවද කෝච්චියේ ගොරහැඩි සද්දය ඒ බලාපොරොත්තු සිද දමා බොහෝ වෙලාවක් ගතවී ඇත. කුමක් හෝ වෙනසක් නොකළ හොත් කාලකන්නි ලෙස දවස ගෙවී යනු ඇත.

“අපි ඊලග ස්ටේෂන් එකෙන් බැහැලා ටිකක් පයින් යමුද?”

“එතකොට පුත්තලමට යන්නේ කොහොමද?”

“ඊලග කෝච්චියේ නගිමු. බැරි උනොත් බස් එකේ යමු. මේ කෝච්චිය ගාටන විදිහට පයින් ගියත් අපිට පුත්තලමට යන්ඩ පුළුවන් වෙයි කෝච්චියට කලින්...අනික අපි පුත්තලමට නොගියා කියලා ප්‍රශ්නෙකුත් නෑනේ අපිට ඕන කතා කර කර ඉන්ඩ තැනක් නේ?”

“ඒකත් ඇත්ත!” කී නිලුපා ද මගේ යෝජනාවට එකග වූවාය.  

සවරාන ස්ටේෂමෙන් අපි බැස්සේ එතැන් සිට හලාවත දක්වා පයින් ගමන් කිරීමේ සිතුවිල්ලෙනි.

“සීරුවෙන් සිටින්..! පහසුවෙන් සිටින්..!! කණ්ඩායම….. ගමනේ යා!!”

ස්ටේෂමේ සිට මුල්ලු යකඩ ඉනි දිග අඩු ආදිය ගත කාණ්ඩයක් හමුදා ඛණ්ඩයක් අනුකරණය කරමින් කාක්කපල්ලිය දෙසට ගමන් කරති.  රේල් පාර දිගටම ශ්‍රමදානයක් ආකාරයට මිනිස්සු පෙළ ගැසී රේල් පාර සුද්ධ කරති. අයෙක් රේල් පාරේ ඇන බුරුල් වී ඇත්දැයි පරීක්ෂා කරයි. තවකෙක් පීලි අතර දුර වෙනස් නොවී ඇති බව පරීක්ෂා කරයි. කෙනෙක් රේල් පීලි වල කඩතොළු ඇත්දැයි සොයා බලයි.

“ෂ: මට ඊයේ නිවුස් බලන්ඩ බැරි උනානේ!” මම කීවෙමි.

“මොකද හදිස්සියේම නිවුස් මතක් උනේ?” ඒ නිලුපා ය

“දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රයිවටයිස් කරලා වගේ ඊයේ රෑ... නැත්නම් මෙච්චර උනන්දුවෙන් මේ සේවකයෝ වැඩ කරනවා මං දැකලා නෑ. මීට ඉස්සර ජීවිතේටවත් ලංකාවේ.”

“නෑ අනේ… මේ කෝච්චි සේවකයෝ නෙවෙයි වගේ… මං හිතන්නේ මේ පැත්තේ ගෙවල් වල කට්ටිය”

“අනේ මේ පිස්සු කතා කියන්ඩ එපා. මුන්ට පිස්සුද කොච්චි පාරේ ඇන මුරිච්චි හයි කරන්ඩ පඩි ගෙවන්නේ නැත්නම්?” මෙසේ කියමින් අපි කොච්චි පාර දිගේ ඇවිද යාමට පටන් ගතිමු.

“මේ මහත්තයලා කව්ද?” අපි රේල් පාරට පැමිණි සැනින්ම පාර පරීක්ෂා කරමින් සිටි එක පුද්ගලයෙකු ඇසීය.

“අපි කොළඹ ...පුත්තලමට යන ගමන් කම්මැලි හිතුන හින්ද මෙතනින් බැස්සා...

“දැන් මේ කොහෙද යන්නේ...”

“ඊලග ස්ටේෂමට යනකල් පයින් යනවා.“

“ගියාට කමක් නෑ… හැබැයි ඊට ඉස්සර කරුණා කරලා මේ ගිවිසුමට අත්සන් කරන්ඩ.”
යකෝ.. මේක ලංකාවද වෙන රටක්ද? කොච්චි පාරේ ඇවිදින්ඩ ඉස්සරලා ගිවිසුමක් අස්සන් කරන්ඩ කියන්නේ මෙහෙම හිතපු “මම මොනවද ඔය ගිවිසුමේ තියෙන්නේ..?” කියල ඇහුවා.

“රේල් පාරට කිසිම හානියක් කරන්නේ නැති බවට පොරොන්දු වෙන්ඩ එච්චරයි.”

“ඒ කියන්නේ?”

“ඒ කියන්නේ මහත්තයාලා පාරේ යනකොට රේල් පීලි වලට වත් සිල්පර කොටන් වලට වත් ඇන මුරිච්චි වලට වත් කොටින්ම සිල්පර අතරේ තියෙන ගල් කැටේ කටවත් හානියක් කරන්නේ නෑ කියලා විතරයි.”

“මාරයි නේ හරි හොදයි නේ අපි එච්චර දුරට හිතනවානම්...ඔබ තුමා කව්ද? දුම්රිය දෙපාර්තමේන්තුවේද?” ඔහු පිලිබදව අලුතින් උපන් ගව්රවයකින් යුතුව අසීමි.

“නෑ…. පිස්සුද? අපි සවරාන ස්වේච්චා දුම්රිය මාර්ග ආරක්ෂක කමිටුවෙන්!! අපි තමයි මෙතන ඉදන් කිලෝ මීටර් දෙකක් පාර බලා ගන්නේ.”

“ඊට පස්සේ ටික?”

“ඊට පස්සේ ටික එහා ගමේ ස්වේච්චා සමිතියෙන් බලා ගන්නවා. මහත්තයලා දැක්කනේ මේ ස්ටේෂමට කලින් කිලෝ මීටර් දෙක බලන කාන්ඩේ පරීක්ෂා කිරීම් ඉවර කරලා ආපහු ගියා. අද හවස ඒ කට්ටිය ආපහු එනවා!”

“මොකද අප්පා මෙච්චර උවමනාවකින් කෝච්චි පාර රකින්නේ? මං නං මෙහෙම දෙයක් ලංකාවේ වෙන කොහෙවත් දැකලා නෑ...”

“මොකද නැත්තේ?? කොළඹ ඉදන් පුත්තලමට යනකල් මෙහෙම තමයි!” ඔහු පැවසුවේ අභිමානයෙනි.

“ඇයි ඒ?”

“ඇයි මහත්තයෝ කොළඹ ඉදන් පුත්තලමට යන කුණු කෝච්චිය අපේ ගෙවල් ලගදී පීලි පැන්නොත් එදා ඉදන් අපි ජීවත් වෙන්නේ කොහොමද නහයක් තියාගෙන. ඊට වඩා ලේසියිනෙ පාර රැකලා කෝච්චියට ඉක්මනින් යන්ඩ දුන්නහම පීලි නො පැන!!”

කථාව 1- කොටස 2

“හපොයි අයියා!! මීට හොදයි වැසිකිලි වලක පදිංචි උනා නම්...මම හෙටඋදේම පව්ලත් අරන් අයියලත් එක්ක එනවා සිරියාවට හරි සෝමාලියාවට හරිබෝට්ටුවකින් පැනලා යන්ඩ සරණාගතයෙක් විදිහට!!!...”නිහාල් අබ්දුල්ටකිව්වේ පළමු කුණු දුම්රිය පුත්තලමට  බව දැනුනු මොහොතේම නහය වසාගෙනය.


නිමිත්තකොළඹ කුණු පුත්තලමට දුම්රියෙන් ප්රවාහනයකිරීමට රජය තීරණය කරයි - පුවතක්

4 comments:

  1. ලොකු, පෝස්ට් එක කියවලා ඉවර වෙද්දී හිතට ආවේ එකම වචනයයි. "අයියෝ!"

    ReplyDelete
  2. කවුරුත් කුණු. බාර ගන්න කැමති උනාට හැමෝටම පිසර අලංකාරය පිරිසිදු කම ඕනමයි. කොළඹට එන අය ගේන කුණු ඒවිදිභටම ගෙනියන්න කිව්වොත් කී දෙනෙක් එකඟයි ද?

    ReplyDelete
    Replies
    1. කැමති නැති ලෙස විය යුතුයි

      Delete