Saturday, November 16, 2019

අපිට මොකද අපි අටසිල් උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට



අද 2019 නොවැම්බර් 16. ජනාධිපතිවරණෙ මම චන්දෙ දෙන්නේ කාටද කියල තාම තීරණයක් නෑ. තව පැය කීපයක් තියෙනවනේ චන්දෙ දාන්ඩ. චන්දෙ දාන්ඩ යනවද නොයනවද කියලා එකෙල මෙකෙල වෙමින් ඉන්දැද්දී අනුරාධපුරේ ගිය වතාවල් කීපෙක ගත්තු චායාරූප ගොන්නක් දිග ඇරගෙන බල බලා හිටියා. කොයිකක උනත් දැක්කේ මහා වැව්...මහා වෙහෙර විහාර...මහා කුඹුරු යායවල්. මට හිතුනා මේ අපි දකින දේවල් එදා හිටපු මිනිස්සුත් දැක්කද කියල.


මට හිතිච්ච දේවල් එක්ක මහාවංශ සිංහල පරිවර්තනයකුත් පෙරලලා බලපුවම ඇත්තටම අපි - කියන්නේ අනුරාධපුර යුගයට සාපේක්ෂව අනාගත වැසියන් වෙන අපි දකින දේ එදා යුගයේ අය දැක්කේ නෑ නේද කියල හිතුනා. මට හිතිච්ච දේවල් කට්ටකාඩුවේ 'අගත අනගත' පාඨක ඔබ එක්ක බෙදා ගන්ඩයි මේ හදන්නේ. කැමති නම් කියවන්ඩ මගෙ මොකෝ!


උදාහරණෙකට අපි යමුද දේවානම්පියතිස්ස එහෙම නැත්තං දෙවියන්ට ප්රිය කියන අභිධානය ලබපු තිස්ස රජ්ජුරුවන්ගේ කාලෙට. උන්නාන්සේ අපේ මිහිදු හාමුදුරුවොත් එක්ක මහා මේඝ වනය පූජා කරන්ඩ ඇවිදගෙන යන වෙලාව හිතේ මවා ගන්ඩකෝ. ඔන්න අනාගතයේ ජය ශ්රී මහා බෝධිය පිහිටුවන තැනට මල් මිටක් පූජා කරනවා...දැන් ටික ටික මහා ථූපය කියන්නේ රුවන් වැලි මහා සෑය පිහිටුවන තැනට යනවා...මේ මොකද්ද මේ තියෙන්නේ වැවක් ළඟ තියෙන පොඩි කැළෑ මන්ඩියක් නේද? ඔව් එදා එතැන තිබ්බේ කකුධ වැව කියල හඳුන්වපු පොඩි වැවක් - මට හිතෙන්නේ නං ටිකක් ලොකු පතහක් වෙන්ඩ ඕන. රුවන්වැලි සෑය හැදුවේ ඔය කකුධ වැවේ අද්දර. අද එතෙන්ට ගිහිල්ලා බැලුවට කකුධ වැව දකින්ඩ නෑ. ඒකට හේතුව සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ පුතෙක් වෙච්ච ලජ්ජිතිස්ස රජ්ජුරුවෝ වැව පස් වලින් පුරවලා වහලා දාපු හිංදා. මහාවංශය කියන්නේ .."වැලි භූමීශ්වර තෙමේ ලක්ෂයකින් මහ සෑ ථූපාරාම අතර බිම සම කොට ගොඩ කරවීය" කියල. කියන්නේ ලජ්ජිතිස්ස රජ්ජුරුවෝ වැව වැහුවේ නැත්තං රුවන්වැලිසෑයේ ඉඳන් බෝට්ටුවකින් තමයි ථූපාරාමෙ වඳින්ඩ යන්ඩ වෙන්නේ.

අද අපි රුවන්වැලිසෑය ලඟට ගිහිං වට පිට බලපුවම ජේතවනාරාමේ පේනවා. උනාට දුටුගැමුණු රජ්ජුරුවෝ තියා අභයගිරිය හදපු වළගම්බා රජ්ජුරුවෝ වත් කවදාවත් මේ මහා විහාර කර්මාන්තය දැක්කේ නෑ. කාලේ එතන තිබුනේ මොකද්ද? සමහර පුරා විද්යාඥයෝ හිතනවා මිහිදු මහරහතන් වහන්සේ ආදාහනය කරපු තැන මෙතැනයි කියල. සමහර විට පොඩි චෛත්යයක් තියෙන්ඩ ඇති එතන. කොහොම උනත් ඔච්චර ලොකු ඉදිකිරීමක් එතැන තිබ්බේ නෑ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලෙන් අඩුම ගානේ අවුරුදු 400  විතර යනකල්. හරියට පෘතුගීසින්ට එරෙහිව කොළඹ කොටුව වටලන්ඩ ආපු සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ ඊට අවුරුදු හාරසීයක් විතර අනාගතේ හැදෙන කොටුවේ ලෝක වෙළඳ මධ්යස්ථානේ දැක්කේ නෑ වගේ.

ඔන්න ඔහොම තව හුගක් දේවල් භූමි දර්ශනය වෙනස්වීම පැත්තෙන් අපිට කතා කරන්ඩ පුළුවන්. වගේම තමයි මිනිස්සු හිතපු විදිහ වෙනස් වෙච්චි හැටි. දැන් නිකමට හිතන්ඩකො ජේතවනාරාමේ හැදුවට පස්සේ කොහෙද රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනය මට්ටමේ ලොකු චෛත්යයක් අනුරාධපුරේ හැදුනේ කියල? හැබැයි ලොකු වැව්, ලොකු බුදු පිළිම ඕන තරං හැදිච්ච, ආර්ථිකය සමෘද්ධිමත්ව තිබ්බ කාලෙක ලොකු චෛත්යය විතරක් නොහැදුනේ එදා හිටපු සිංහලයෝ හිතපු විදිහ වෙනස් වෙච්ච හින්දද? සමහරු නම් කියන්නේ මහායාන අදහස් මේ කාලේ තදින් බල පෑවා කියල. ගැන කියන්ඩ ගියොත් තව ලිපි දහයක් විතර ලියන්ඩ වෙනවා.

මට නං හිතෙන්නේ මහායාන බලපෑම හින්ද හරි, හොඳ ධනවාදී සමාජයක් රටේ ඇතිවෙලා ආර්ථික කටයුතුවලට වැඩි බරක් දාපු හින්ද හරි අපේ සමාජය වෙනස් උනා. මම පුරා විද්යාව හෝ ඉතිහාසය ගැන විධිමත් අධ්යාපනයක් ලබලා නැති හින්ද හරියටම මේ ගැන කියන්ඩ දන්නේ නැති උනත් මම කියවලා තියෙන දේවල් වලින් එක්තරා සිද්ධියක් ගැන මට  කියන්ඩ පුළුවන්. තමයි මේ කාලේදී ඇතිවෙච්ච ලම්භකර්ණ වංශික රජවරුන්ගේ පාලනය. මට හිතෙනවා මිනිස්සු හිතන පතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරන්ඩ ඒ කාලවල හිටපු පාලකයෝ දායක උනා කියල.

ඊට ඉස්සර තිබුනේ විජය රජ්ජුරුවන්ගෙන් එහෙම නැත්තං මම හිතන විදිහට පණ්ඩුකාභය රජ්ජුරුවෝ ඉන්දීය සංක්රමණිකයන් හා දේශීය නායකයන් එක්කහු කරලා රජය පිහිටවෙව්වට පස්සේ ඇති වෙච්ච රාජ පරම්පරාව. අර දොරටුපාලකයා එක්ක ආතල් ගන්ඩ ගිහිං ජීවිතේට ටටා කියපු යසලාලකතිස්ස රජ්ජුරුවන්ගෙන් පස්සේ සුභ කියන බලතා - බලවතා- රජ වෙනවා. සිදුවීමත් එක්ක බොහෝ කාලයක් තිබ්බ පරණ රජ පරපුර ඉවර වෙනවා. සුභ ඇති කරන අලුත් රාජ වංශය ඔහු එක්කම අභාවයට යනවා. ඊට පස්සේ රජ වෙන්නේ වසභ. මන් හිතන විදිහට නං රජරට මිනිස්සු වඳින්ඩ ඕන මේ රජ්ජුරුවන්ට. මේ රජ්ජුරුවෝ තමයි ලම්භකර්ණ වංශයේ ආරම්භකයා. විතරක් නෙවෙයි මහා වැව් හදන සිරිත පටන් ගත්තෙත් ඔහු. මහා වැව් හදන්නේ නාන්ඩ වතුර එක්කහු කර ගන්ඩ විතරක් නෙවෙයි නේ. මහා වැව් එක්ක මහා කුඹුරු යායවල් ඇති උනා. ධාන් අතිරික්තයක් එක්ක ධන අතිරික්තයකුත් රටට හම්බ උනා. ඔන්න අපේ ගමේ කියන විදිහට නං බුසු බුසු ගාලා රට සංවර්ධනය වෙන්ඩ පටන් ගත්තා.

ඔය ලම්භකර්ණ වංශිකයන් ගැන මහා විහාර පාර්ශ්වය එච්චර සුභ ආකල්පයක් තිබ්බේ නැති හින්දද කොහෙද අය කරපු වැඩ වලට එච්චර ලොකු තැනක් හම්බ උනේ නෑ මහාවංශ කතුවරුන්ගෙන්. මේ කට්ටිය කවුද කියල මතක් කර ගන්ඩත් එක්ක කියන්ඩ කීප දෙනෙක් මේ පරපුරේ අය කරපු වැඩත් එක්කම.

වසභ - ලංකාවේ මහා වැව් සංස්කෘතියේ ආරම්භකයා.

ගජබා - ඉන්දියාවෙන් දොළොස් දාහක් මිනිස්සු අල්ලාගෙන ආවේ මේ රජ්ජුරුවෝ. අර වැලි මිරිකලා වතුර ගත්තා කියන්නේ මෙයා. විතරක් නෙවෙයි පත්තිනි ඇදහිල්ල ලංකාවට ගෙනාවෙත් මොහුගේ කාලේ කියනවනේ. අද අපේ කාන්තාවෝ සම්බන්ධ පුද පූජා හුගකට පත්තිනි දේවිය නැතුවම බෑ.

සිරිසඟබෝ - මෙතුමා රටේ සමගිය වෙනුවෙන් හිස දැන් දුන්නා විතරක් නෙවෙයි මතු වෙන බෝධිසත්ව වරයෙක් විදිහටත් ලංකාවේ මිනිස්සු අදටත් විශ්වාස කරනවා.  පසු කාලීන රජවරුත් තමුන්ගේ නමට ඉස්සරහින් සිරිසඟබෝ කියන අභිධානය පාවිච්චි කරන්ඩ පටන් ගත්තේ මේ රජ්ජුරුවන්ට කාලේ ඉඳම්ම මිනිස්සු අතරේ තිබ්බ ගෞරවේ හින්ද වෙන්ඩ ඕන.

මහසෙන් - මහා වැව් හදන කලාවේ ලියනාඩෝ දා වින්චි එහෙම නැත්තං පිකාසෝ තමයි මේ. කොච්චර ජනප්රිය උනාද කියනවා නම් මින්නේරි දෙයියෝ කියල අදටත් මිනිස්සු වඳින්නේ මෙතුමාට.

කිත්සිරිමෙවන් - දළදා වහන්සේ ලංකාවට ලැබෙන්නේ මේ රජ්ජුරුවන්ගේ කාලේ. ලංකාවට ඉන්දියාවත් එක්ක හොඳ විදේශ සම්බන්ධතා තිබුනේ නැත්නම්, මෙහෙ ආරක්ෂාව හොඳයි කියල ගැරන්ටියක් නැත්නම් දළදා වහන්සේ ආරක්ෂාවට එවයිද මෙහාට? නෑ නේ!!

ජෙට්ටතිස්ස - කවුරුත් වැඩිය දන්නේ නැති උනාට මේ රජ්ජුරුවෝ හොඳ ඇත් දත් කැටයම් කරුවෙක්. මම මේ රජ්ජුරුවන්වත් තෝරා ගත්තේ මේ රජවරුන්ගේ තිබ්බ කලාකාමී බවට උපහාරයක් විදිහට.

බුද්ධදාස - අරිසෙන් අහුබුදු මහත්තයා සිංදුවකත් කියනවා රටකට අභාග්යය උදා වෙනවා කියලා බුද්ධදාස වගේ රජවරු නොලැබීමෙන්. විශිෂ්ට වෛද්යවරයෙක්. මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත්. සාරාර්ථ සංග්රහය කියන්නේ මෙතුමා ලියපු පොතක්. කියන්නේ ඔහු හොඳ ලේඛකයෙක්. තව මොනවද ඕන රජෙක් ගෙන් ?

මහානාම -බුද්ධඝෝෂ හාමුදුරුවෝ දඹදිව ඉඳන් මෙහෙට එන්නේ මේ කාලේ. කියන්නේ ලංකාව හොඳ බුද්ධි කේන්ද්රස්ථානයක් කියල කාලේ එහෙත් ප්රසිද්ධයි. එක පැත්තකින් චීනය දක්වාත් අනික් පැත්තෙන් පර්සියාව දක්වාත් අපේ වෙළඳ ගනුදෙනු පැතිරිලා තිබ්බා.

මං ඉස්සෙල්ලත් කිව්වා වගේ වසභ රජ්ජුරුවෝ ක්රිස්තු වර්ෂ 61 දී රජ වීමත් එක්ක ආරම්භ වෙන ලම්භකර්ණ වංශිකයන්ගේ මුල් වතාවේ පාලනය පණ්ඩු හා අනෙකුත් ආක්රමණිකයින් ක්රි. . 431 එනකල් අවුරුදු  370 කට සීමා වෙනවා. සම්පූර්ණ කාලයම කිසිදු ආක්රමණයකින් තොරව රට හොඳට ආරක්ෂා වෙලා තිබ්බ කාල. පොඩි පොඩි දුර්භික්ෂ කීපයක් ඇරුනම රට සමෘද්ධිමත්ව තිබුනා. දෙවෙනි පාර දෙවැනි උපතිස්ස ගෙන් පටන් අරං ලම්භකර්ණ වරු  රට පාලනය කරනවා අවුරුදු සිය ගණනක්. දෙවැනි උපතිස්ස රජ වෙන්නේ ක්රි. . 531 දී.

මේ ලම්භකර්ණ වංශිකයෝ අතරේ හොඳ කලාකාරයෝ, වෛද්යවරු, රාජ තාන්ත්රිකයෝ හිටියා වගේම ටිකක් දරුණු වැඩ කරපු අයත් හිටියා. කොටිම්ම ජේතවනේ හදලා ධාතු නිදන් කරන්ඩ ගියාම බුදු හාමුදුරුවන්ගේ පටී ධාතුව දෙනවා දෙනවා කිය කියා නොදී ඉඳිමින් කෝචොක් කරපු දෙවියොත් එක්කත් මහසෙන් රජ්ජුරුවෝ අද කාලේ විදිහට කියනවා නං ගේම ඉල්ලුවා. මට හිතෙන්නේ නං මේ අයගේ තිබ්බ විශිෂ්ට පෞරුෂත්වයත් එක්ක ආපු දෙයක් කියල.

ඒ පෞරුෂත්වයේම කෑල්ලක් තමයි ඔවුන් පරාජයට මුහුණ දීපු විදිහ. හුග දෙනෙක් පරාජය ඉදිරියේ රටේ අනිත් මිනිස්සුන්ව අනතුරට පත් කරන්නේ නැතුව තමුන්ම සිය දිවි නසා ගත්තා. ඒ නිකං අත්තන ඇට කාලා හරි ගඟේ පැනලා හරි නෙවෙයි තමන්ගේ ගෙල තමන්ම කපාගෙන. රටේ හරි අනුන්ගේ හරි යහපත වෙනුවෙන් තමන්ගේ ගෙල තමන්ම සිඳ ගන්ඩ මිනිහෙකුට කොච්චර හයියක් තියෙන්ඩ ඕනද? නිකං බෙල්ල කපාගෙන සිය දිවි නසා ගන්න එකට වඩා රටේ අනාගතය වෙනුවෙන් හරි තමන්ගේ අභිමානය බේරා ගන්ඩ හරි බෙල්ල කපා ගන්නවා කියන්නේ මං හිතන විදිහට නං හෙන සිරා සිරා වැඩක්. බලමුද අය කොහොමද ඒක කලේ කියල.

මෙන්න සිරිසඟබෝ. වසර 249...”මිහිපල් තෙමේ ඔහු පිණිස [ මේ කියන්නේ අත්තනගල්ලේ දී තමන්ට බත් ටිකක් දීපු කෙනා ගැන] හුන්නේ මළේයි.

කාශ්යප - මෙතුමා ලම්භකර්ණ වංශිකයෙක් නොවුනත් ඔහු හිටියේ ලම්භකර්ණ වංශිකයන් ගේ මුල් යුගයට ටික කාලෙකට පසුව. ලම්භකර්ණ වංශිකයන්ට බලපාපු සමාජ වට පිටාවම මොහුටත් බලපෑවා. මෙන්න ඔහු මැරුණු විදිහ.වසර 495...” කසුබ් රජ සිරියෙන් (සිය) හිස සිඳ අහසට දමා සිරිය කොපුවෙහි බැහීය.

දැන් ඔන්න දෙවැනි උපතිස්ස කියන්නේ ලම්භකර්ණ පරපුරේ දෙවෙනි ආගමනය පටන් ගන්න රජ්ජුරුවෝ රජ වෙනවා. රජ්ජුරුවෝ රජ වෙලා එක අවුරුද්දකදී අසිග්ගාහක සිලාකාල (දෙවැනි ලම්භකර්ණ යුගයේ මගේ ප්රියතම රජ්ජුරුවෝ) සටනට එනවා. ඔහුත් සමග සටන් කරන්නේ උපතිස්ස රජ්ජුරුවන්ගේ පුතා කාශ්යප. සටනින් කාශ්යප පැරදෙන්ඩයි යන්නේ. අවුරුද්ද 532....”මහා ඇතුහු පසු බස්නා කල තමා හිස කපා ඇතරුවාට දී සිරිය ලේ පිස කොපුවෙහි බහා ඇත්කුඹ දෙ අත් තබා වැතිර ගත.

දාඨපභූති රජතුමා බලෙන් රජ උනාම රජය හිමි  දෙවෙනි මුගලන් විදිහට අනාගතේ රජ වෙන සහෝදරයා එනවා සටනට...වසර 546...”රජ තෙමේ දැක සිය ඉස සිඳිනට පටන් ගත. ඉක්බිති මුගලන් කුමර "තමහක් මෙසේ කර" [මෙසේ නොකරන්නැයි] යි වඳිමින් ආයාචනා කෙළේය. අයදනා කල්හිද හෙතෙමේ මින් පුදමින් ගෙළ කපා ගත.

තව ඕනද උදාහරණ සමාජයේ තිබුණු සිතුම් පැතුම් වලට. තව ඕනද උදාහරණ කාලේ රජවරුන්ගේ පෞරුෂත්වයට? මහාවංශයේ තියෙන විදිහටම සිද්ධි නොවුනා වෙන්ඩ පුළුවන්. මං හිතන්නේ නෑ බෙල්ල කපාගෙන උඩ දැම්මා නම් එක මොහොතක් වත් ජීවත් වෙයි කියලා. උනත් සාරාංශය ඇත්ත වෙන්ඩ පුළුවන්. තමයි රජවරුන්ගේ තිබ්බ වීර්යය. නිර්භයකම.

අද එහෙම රජවරු නැත්තං නායකයෝ ඉන්නවද? උදාහරණයක් විදිහට අද විශ්රාම යන 'පොළොවෙන් මතු වෙච්ච කෙනා' මට නං හිතෙන්නේ මේ ලම්භකර්ණ වරුන්ට වඩා ලං වෙන්නේ අර මුලින් කිව්ව යසලාලකතිස්සට කියල. ගැන මම කලිනුත් ලියල තිබ්බා. මෙන්න ලිපියට සබැඳිය [අතීතයෙන් වර්තමානයට අන්දරේ]. පරාජය ඉදිරියේ බෙල්ල කපා ගෙන ගෞරවාන්විතව ඉතිහාසෙට එක්කහු වෙනවට වැඩිය ඔහු උත්සාහ කලේ තමන්ගේ බලය වෙනුවෙන් අන්තිම මොහොත දක්වා අනුන්ගේ බෙලි කපන්ඩ.  රටේ ආර්ථික වර්ධනය පල්ලෙහාට වැටුනේ, ආරක්ෂාව බල්ලට ගියේ, කෘෂිකර්මය කඩා වැටුනේ ඔහු යටතේ. මේ සියල්ලට ඔහු තනිව වග කිව යුතු උනේ නැති උනාට නායකයා විදිහට වගකීම ඔහුගේ. රට විනාශ වෙද්දී පක්ෂය ගැන කවර කතාද? විශාල නුග රුකක් වගේ තිබ්බ පක්ෂයක් සුන්නද්දූලි උනේ ඔහුගේ නායකත්වය යටතේ.

ඔහු රටම විහිලුවකට අරගෙන ඔහුම විහිළුවක් වෙලා අද ගෙදර යන්නේ මම හිතන විදිහට නම් මෑත යුගයේ හිටපු අසාර්ථකම පාලකයා විදිහට. කතාවක් තියෙනවා යමෙක් යන්ඩ ඕන අනිත් අය ඇයි ඔබ යන්නේ කියල අහන වෙලාවක මිසක් යන්නේ නැත්තේ ඇයි කියල අහන වෙලාවක නෙවෙයි කියල. මං හිතන්නේ ඔහුගෙන් අන්තිම අවුරුද්දේ රටම ඇහුවේ ඇයි නොයන්නේ කියල. අද පත්වෙන නායකයා කවුරු උනත් ඔහු හිටපු කෙනාට වඩා හොඳ කෙනෙක් වේවි. තරමට අද යන කෙනා පීචං!!

කට්ටකාඩුවට ලියන්ඩ අවස්ථා සැපයීමෙන් නම් ඔහු මට උදවු කල අයෙක්. හින්දයි අන්තිම දවසේ මේ ලිපිය ලියලා ඔහුට කළගුණ සලකන්ඩ හිතුවේ. ඔන්න මම කිව්වා විශිෂ්ට රජ පරම්පරාවක තිබුණු තමන්ගේ අවසානය ලඟා කරගන්න නිර්භීත ක්රමයක් ගැන. සමහර විට බයගුලු අසාර්ථක පාලකයෙක් වෙනවට වඩා හොඳයි නිර්භීත අසාර්ථක පාලකයෙක් වෙන එක.

මං කිව්වනේ අද පත් වෙන කෙනා නිකම්ම නිකමෙක් උනත් හිටපු කෙනාට වඩා හොඳයි කියල. ඉතින් මම යනවා මගේ කැමැත්ත ඉල්ලන අයට දෙන්ඩ.

අර අපේ පොඩි ළමයා ගායකතුමාගේ එක සින්දුවක් තියෙන්නේ ඔලුව තදින් නරක වෙච්ච කියල. අන්න ඒකෙ එක තැනක මෙහෙම කියවෙනවා.

නිස්සො සුදුස්සෝ යටකොට
පුස්සො වැඩ දෙනවා යමරෙට
සෙතක් කොහෙන්ද එහෙම රටකට ඕයි....

මං ප්රාර්ථනා කරන්නේ නිස්සෝ සුදුස්සෝ වෙනුවට පුස්සෙක් එක්ක ගතකරපු අවුරුදු පහ දැන්වත් ඉවර වෙයි කියලා. අලුත් නායකයෙක් එක්ක අලුතෙන් හිතන සමාජයක් ඇති වේවා...යසලාලකතිස්සගෙන් ටික කලකට පස්සේ ඇති වෙච්ච ලම්භකර්ණ යුගය මෙන් සමෘද්ධිමත් යුගයක් -වෙනස් විදිහට හිතන යුගයක් - සිරිලක උදා වේවා!! 

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බෝ වේවා!!

ආශ්රිත ග්රන්ථ

මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය -දෙවැනි සංස්කරණය, 2015

සිංහලේ මහාරාජවංශෙ- පූජ් එල්ලාවල මේධානන්ද හිමි I (2008) හා II (2007), දයාවංශ ජයකොඩි සහ සමාගම

පසු සටහන
මෙන්න 'පොළොවෙන් මතු වෙච්ච කෙනා' ගැන කට්ටකාඩුවේ ඉස්සර ලිපි


















22 comments:

  1. ලොකු,

    ඉතිහාසය තමයි පදනම අනාගතේ
    ලියවී තියෙනවා ඒ බව පොතේ-පතේ
    ඒ විත්තිය අපේ අය නම් දන්නෙ නැතේ
    නිසි ඉගෙනුමක් නොලැබුණු අය ගොඩක් වෙතේ!

    අභිමානය තියා ලජ්ජාවත් නොමැති
    සිහසුන දරා වුව පොඩි පුටුවට කැමති
    බල ලෝභය මිසක කිසිවක් ඔළුවෙ නැති
    අය නීති සිරිලකේ වැජඹෙති; රටම කති!

    ReplyDelete
    Replies
    1. අභිමානය තියා ලැජ්ජාවත් නොමැතී
      අය නිති සිරිලකේ වැජඹෙති, රටම කතී
      එදත් එහෙමයි අදත් එහෙමයි...ඒකනෙ ලොකා කියන්නෙ ඉතිහාසය නැවත නැවත රග දැක්වෙනවා කියලා නේද?

      Delete
  2. අන්තිම ටික කොහොම වෙතත් රජවරු ගැන හොඳ විස්තරයක් දැනගත්ත.

    ReplyDelete
    Replies
    1. ඒ රජ සිරිත පවත්වන්නට හිටපු පාලකයාට නොහැකි බව දැන දැනම මෙය ලිව්වේ අඩුම තරමින් එහෙම සිරිතක් පැවති බවවත් මතක් කරලා දෙන්ඩයි සභාපතිතුමා...ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...

      Delete
  3. හරිම දේශපාලනිකයි...

    මට හිතෙනව වංශ කතාවල අපිට නොකියන දෙයක් තියෙනව, ප්‍රශස්තිවල (අර මහසෙන් රජ්ජුරුවො ගේම ඉල්ලපු විත්තිය එහෙම තියෙන්නෙ) අතින් දාල කියන වෙන වෙන දේවල් තියෙනව කියල.

    සිරිසේන ජනාධිපතිවරයා ගැන ඔය වගේ ප්‍රශස්ති හරි බයස් වංශ කතා හරි ලියවුණානං කියයි, "එයා එනකොට දීපු පොරොන්දු සේරම ඉෂ්ට කරපු සත්‍යගරුක, ප්‍රතිපත්ති ගරුක නායකයෙක්" කියල. උන්දැමත් එහෙම කියාගත්තනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් වංශකතා ලිව්වෙත් රහත් වෙච්ච උතුමන් නෙවෙයි නේ. ඔවුන්ටත් එක එක දේශපාලන උවමනාවල් තිබුනා කියල හිතන්ඩ පුලුවන්. හැබැයි අද වගේ බලයේ ඉන්න පාලකයාගෙන් වරදාන බලාපොරොත්තුවෙන් නම් වෙන්ඩ බෑ මොකද සිරිතක් විදිහටම මහා වංශය ලියැවුනේ අදාල යුගයෙන් බොහෝ කාලයකට පසුව.

      Delete
  4. ඉතිහාස කතාවට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු ඔබේ අදහස් දැක්වීමට...

      Delete
  5. Replies
    1. Probably it was the last armour they had after losing the battle...or else it was the easiest to handle in such a situation...probably they had two choices - a sword or a kris. Anyway the ultimate act was unbelievable!

      Delete
    2. A straight or slightly curved edge would have been more convenient, like a Japanese short sword used for Seppukku. Self-beheading is next to impossible anyway; must have only severed the jugular vein.

      Delete
    3. ප්‍රා ජේ ලිංක් එකක් නොදාපු ඉතා දුර්ලභ අවස්ථාවකි...

      Delete
    4. https://www.thoughtco.com/seppuku-definition-195157

      Delete
    5. Must be severing the jugular vein. On the use of Seppukku or similar shaped weapon- i think they didnt have a purpose build weapons like that. Probably they have used the weapon they had in hand. As you have correctly pointed out i also dont think they performed all these heroic acts. Probably the writer of Mahawamsa dramatized the scene so listners will remember the final act of these kings. Thank you very much for your comment and link.

      Delete
  6. ලොකු මලය සෑර්,

    ඇත්තටම සෑර් කියන විදියට රටේ සංවර්ධනයක් වෙච්චි කාලවල රජා හැටියට ඉඳල තියෙන්නේ වෘත්තිකයෙක්. එතැනදී මං හිතන්නේ ඔහුට තමන්ගේ වෘත්තිය පිලිබඳ දැනුම වගේම රාජකාරි කිරීමේදී මහජනතාව කොහොමද ඉන්නේ කියන එක ගැනත් හොඳ දැනුමක් තේරුමක් තිබීමත් වැදගත් වෙන්ඩ ඇති..

    මෑත ඉතිහාසෙ, ඒ කියන්නේ නිදහසින් පස්සේ, අපේ රටේ හිටි නායකයො දිහා බලන්ඩ. අපිට හරි හමං රස්සාවක් කරපු නායකයෙක් හිටියද, රස්සාවට නායකකන් කළ අය නේද අපට හිටියේ.

    නව ජනාධිපති තුමා ඒ අතින් වෙනස් කෙනෙක් කියා මා හිතනවා. මේ රටේ වගේම පිටරටකත් වෘත්තියක් කොරලා තියෙන නිසා කොහොමද එව්වවල වැඩ කටයුතු වෙන්නේ කියල අඩුම ගන්නේ සාමාන්‍ය තරමේ වත් දැනුම් තේරුම් තියෙන අයෙක් වෙන්ඩ ඕනේ. ඕන කෙනෙක් කාලයත් සමග තානාන්තර සමග වෙනස් වෙන්න ඇහැක්, නොම්මර එකේ අංකූරෙක් වෙන්නත් ඇහැක් නමුත් හැට්ටර් ගේ නං හැමදාමත් වගේ මේ පාරත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හොඳ දෙයක් කරයි කියලා. තාමත් මේක ගොඩ ගන්ඩ චෑන්ෂ් එකක් තියෙනවා, ලාවට වත්.
    (අපේ යසලාලකවැක්ස්පාලතිස්ස බෝල්පොයින්ට් පෑනෙන් අස්සං කරනකොටම සෑර්ට හිතුනේ නැද්ද මේකා ලෝකේ කාල වතුර බීපු මගෝඩියෙක් කියල. බොරුද මං කියන්නේ. වැදගත් දෙයක් වත් වැදගත් විදියට කොරන්ඩ දැනුමක් තිබ්බේ නැහැ අපේ වැක්ස්පාල තුමාට).

    සෑර්, බුදු අම්මෝ අර උඩ තියෙන පිහිය. ඔය ඩමස්කස් වානේ ඉන්ගොට්ස් ලංකාවෙන් හා දකුණු ඉන්දියාවෙන් සිරියාවට අපනයනය කළා කියල නේද ඉතිහාසේ තියෙන්නේ. ඒ ටෙක්නොලොජිය ආයේ මතුකර ගන්ඩ ඇහක්නං PPN සෑර්.
    ජයවේවා!
    Myself Hattor

    ආශ්‍රිත වචන:
    (PPN-පවසලා පලක් නෑ)

    ReplyDelete
    Replies
    1. 'එතුම' ගැන නං PPN තමයි හැට්ටර් තුමා. ඔය වානේ තාක්ශනය විතරක් නෙවෙයි මානව ශිශ්ටචාරයේ යකඩ භාවිතය ගැන දැනට හම්බ වෙලා තියෙන මුල්ම සාධක තියෙන්නෙත් ලංකාවේ. ආඩම්බරයි නේද? හැබැයි පුතෝ අද ගැන නෙවෙයි එදා ගැන...වෙලාවකට හිතෙනවා එදා හිටපු ජන වර්ගයමද අද දක්වා පැවතෙන්නේ කියල...ඒ ගැන ඉතිං PPN තමයි!! තැන්ක් යූ වේවා මේ පැත්තේ ආවාට.

      Delete
  7. දැන් ඉතින් අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවනේ. මමත් ඉතිහාස පොතක් හොයන් ගියා ප්‍රා එක්ක. ඊළඟ දවසේ දන ගත්තේ ඒ පොතේ දෙවෙනි කොටස කවුද එකෙක් උස්සල කියල. පරණවිතානගේ. මහාවංශය නැතිව ලියපු එකක්

    ReplyDelete
    Replies
    1. අපි ප්‍රාර්ථනා කරමු අලුත් ජනාධිපතිතුමා අර ලම්භකර්ණ වංශිකයෝ වගේ මතක හිටින යමක් කරයි කියල. ඇත්තටම ගෝටාභය රජතුමාත් ලම්භකර්ණ වංශිකයෙක්. අපේ මොකෙක් හරි ජනාධිපතිතුමාව අන්දයිද දන්නෙ නෑ ඔය කතාව කියල. ඔබ කියන පොත මොකක්ද කියල මම දන්නෙ නෑ...හැබැයි පරණවිතාන මහත්තයාගෙ හැම දේම පිලිගන්ඩ එපා...විශේශයෙන් ඔහුගේ ජීවිතේ අවසාන සමයේ ලියපු ඒවා...අර අරිස්තෝතලාචාර්‍ය, ප්ලාතාචාර්‍ය වගේ දේවල්...මං දන්න තරමින් දැනට තියෙන වඩාත් විශ්වාසනීය සම්පූර්න මූලාශ්‍රය මහාවංශය. හැබැයි මහාවිහාර පාර්ශ්වයෙන් ලියපු මහාවංශයට විකල්ප අභයගිරි පාර්ශ්විකයන් ලියපු ඉතිහාස පොතක් තිබිල තියෙනවා...ඇත්තටම එහෙම නොවුනානං තමයි පුදුම. අවාසනාවකට අද ඒ පොත දකින්ඩ නෑ...'කවුරුහරි උස්සලා'!!!!

      Delete