මල් කඩනවා කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නෑ. කොල්ලො කෙල්ලො එක්කහු වෙලා ආ ගිය විස්තර කතා කලත්, ලග අහල පහල සමාජ සේවා වැඩ කටයුතු ගැන කතා බහ කලත් වටේ පිටේ ඉන්න මිනිස්සු කියන්නෙ ...ඕන්න.....මල් කඩනවා කියල. මේ වචන දෙක මුලින්ම භාවිතේට ආවෙ කැම්පස් ආශ්‍රයෙන් වෙන්ඩ පුලුවන්. හැබැයි පේරාදෙනියෙ කෘෂිකර්ම පීඨයට ගිය අපි වගේ ගොබිලො නං කවදාවත් මල් කඩල නෑ. අම්මප!
දැං ඉතිං ඔබ තමුන්නැහෙලා හිතන්ඩ එපා අපි පේමතෝ විප්පමුත්තස්ස - නත්ති සෝඛෝ කුතෝ භයං කියල බොක්කෙම්ම හිතාගෙන ප්‍රේම නොහොත් ලව් නොකරපු ඈයොය කියල. අපි මල් නොකඩන්ඩ හේතුව වෙනම එකක්. ඒ මොකද්ද දන්නවද? අපි ඔය සද්කාර්‍යයට කිව්වෙ ‘මල් කැපිල්ල’ කියලා. අනිත් කැම්පස් වල වගේම බාහිර සමාජයෙත් මල් කැඩිල්ල කියල හදුන්වන දේ පේරාදෙනියෙ ඇග්‍රි ෆැකල්ටියෙදි විතරක් මල් කැපිල්ල උනේ කොහොමද? අද මං කියන්ඩ යන්නෙ ඒ ගැන.
Showing posts sorted by date for query රැග්. Sort by relevance Show all posts
Showing posts sorted by date for query රැග්. Sort by relevance Show all posts
Sunday, January 27, 2019
Saturday, October 6, 2018
තිරුවානා එක්ස්ප්‍රස්
කාලෙකට පස්සේ කැම්පස් එකේ කතාවක් ලියන්ඩ හිතුනා. අපේ යාලුවා එන්නේ දුම්බර මිටියාවතේ ඉඳලා. නම තිරුවානා. ඒක නියම නම නං නෙවෙයි. නියම නම නොකියන්නේ කිව්වොත් ලොකු මලයාගේ ජීවිතේ අනතුරට පත් වෙන්ඩ ලොකු ඉඩක් තියන හිංදා.
අනික නම මොක උනාම මොකද වැඩ හොඳ නං. වැඩි වැල්වටාරන් නැතුව කතාවට බහිමු මොකද කතා එකක් නෙවෙයි දෙක තුනක්ම කියන්ඩ තියන හිංදා.
ඔන්න අපි ඔක්කොමලා කැම්පස් එකට ගිය අලුතම වෙච්ච වැඩක්. ඔය කාලේ කඩිනම් ඉංග්රීසි පාඨමාලාව පැවැත්වෙන කාලේ. අපි ඉගෙන ගත්තත් මාත් තිරුවානාත් ඒ කාලේ ඉඳම්ම හොඳ යාළුවො. තිරුවානා නැවතිලා හිටියේ නුවර ටවුන් එකේ බොහොම ප්රසිද්ධ පැත්තක. ඉතින් එහෙ ඉඳලා හැමදාම උදේ කැම්පස් එන ඌ දවසක් ගෙනාවේ හරි අපූරු ආරංචියක්. ඒ තමයි නුවර ෆිල්ම් හෝල් එකකට කාම සූත්‍ර කියන ෆිල්ම් එක ඇවිල්ලා කියන එක. ඔය කියන කාලේ කාම සූත්‍ර කියන නම ඇහිච්ච පමණින් ඇගේ රුධිර පරිවහනය ඉක්මන් වෙච්ච කාලයක්. ආය ඉතිං ඉඳල මොටද කියල දැන් අපි දෙන්නගේ සූදානම මේ ෆිල්ම් එක බලන්ඩ යන්ඩ. එකම පුරස්නේකට තියෙන්නේ කොයි වෙලාවෙද යන්නේ කියන එක. තිරුවානට හවස නැවතුම්පොලින් පිටත් වෙන එක හිතන්ඩවත් දෙයක්. ඒ හින්ද 6.30 බැලිල්ල බොරු. 2.30 ට ෆිල්ම් එක පෙන්නුවට පට්ට දවාලේ ඔය ෆිල්ම් එක බලලා ආතල් එකක් ගන්ඩ බෑ කියල තමයි තිරුවානා ගේ තක්සේරුව. ඉතින් ඉතුරු වෙච්ච එකම වෙලාව 10.30 ට යන එක. හැබැයි ඒ කියන්නේ එදා ක්ලාස් කට් කරන්ඩ වෙනවා.
Monday, July 2, 2018
පාර දිගේ ලේ ගැලුවත්...
ගිය මාසේ මම කිව්වනේ රුහුණේ දී හම්බ වෙච්ච තිත්තවැල්ගොල්ලේ වධකයා ගැන. ඉතිං ඔය ලිපිය දැකපු දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහුවා 'රුහුණේ විස්තර' එතකොට මතක් වෙච්ච තව කතාවක් කියන්ඩයි අද සූදානම. මේක අද සමාජයේ ඉන්න ප්රසිද්ධ පුද්ගලයෙකුටත් සම්බන්ධ හිංදා කියම්දෝ නොකියම්දෝ කියල හිතුනත් අපේ ගමේ කට්ටිය කියනවා වගේ 'ඕන ඉලව්වක් වෙන්ඩ ඔන්නොහෙ කියල දාන්ඩ' තමයි මගේ කල්පනාව.
අපේ තකතීරු අධ්යාපන ඇමැත්තෙක් ගේ මානසික රෝග සංසිදුවා ගන්ඩ සැටලයිට් තුමිය රාජ්ජය අවිචාරණ සමයේ අපිව ගාල් කරලා රුහුණේ කෘෂි කර්ම පීටයට යවපු හැටිත් කෘෂි කෙසේ වෙතත් අපේ පෙර කල කර්ම පළදෙන තැනක් බවට එතැන පත්වෙච්ච හැටිත් මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. දැන් කියන්ඩ යන්නේ ඒ කාලෙම අපි විරු සිසුවෝ වෙන්ඩ තිබ්බ චෑන්ස් එකක් නූලෙන් මිස් වෙලා ගිය හැටි. එදා වැඩේ ටක්කෙට උනා නං අද මේ ලොකු මලය සුන්දර සුරඹුන්ගේ අතේ.....
අපේ ෆැකල්ටිය පිහිටලා තිබ්බේ මාපලානේ. ඒ කියන්නේ ඉඳන් කඹුරුපිටිය පාරේ හැතැම්ම නවයක් දහයක් විතර එනකොට තියන හරියක. හැබැයි රුහුණු විස්සවිජ්ජාලේ ආට් ෆැකල්ටිය හෙම පිහිටුවලා තිබුනේ වැල්ලමඩමේ. ඒ කියන්නේ මාතර ඉඳන් තංගල්ල පාරේ හැතැම්ම තුනක් හතරක් විතර එනකොට තියන හරියක. කොටිම්ම කිව්වොත් මාපලානේ ඉඳන් වැල්ලමඩමට එන්ඩ බස් දෙකක හැතැම්ම දොළහක් දහතුනක් විතර එන්ඩ ඕන. ගමනට ඒ කාලේ පැය එක හමාරක් විතර ගත උනා කියලයි මතක තියෙන්නේ.
Saturday, June 2, 2018
තිත්තවැල්ගොල්ලේ වධකයා
මම ලඟදි දවසක පොඩි වැඩ වගේකට මිහින්තලේ ගියාම දවල්ට කන්ඩ වෙලාව එළඹුනා. මගේ මිතුරෙක් මාව එක්ක ගියා හරි අපූරු තැනකට. (ඒ තැන ගැන මම ලඟකදී බ්ලොග් අඩවියකත් කියවලා තිබුණු බව මතක නමුත් ඒ කොයි බ්ලොග් එකේද කියලා හොයා ගන්ඩ බැරි උනා).
එතැන තමයි ඔරිජිනල් නෙලුම් කොළේ කියන කෑම කඩේ. රඹෑව ටවුන් එක ළඟ තියෙන්නේ. ඉතාම සුන්දර අත්දැකීමක් එහෙම ව්‍යවසායකයෙක් දකින්ඩ ලැබීම. ඊට අමතරව තව වැදගත් දෙයක් උනේ ඒ කෑම කඩේ තිබුණු දැන්වීමක්.
හරියටම වචන මතක නැති උනත් එයින් කියැවුනේ මෙහෙම අදහසක්. "වැරදි කල අයෙකුට සමාව දිය හැක්කේ ශක්තිමත් පුද්ගලයෙකුට පමණි". මම කල්පනා කළා ඒක ඇත්තද කියල. වෙන කෙනෙක් ගැන හිතනවට වඩා තමන් උපමා කරලා යමක් හිතන්ඩ කියලනේ බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ...ඉතිං මම මං ගැනම කල්පනා කරලා බැලුවා. මට වැරද්දක් ඒත් මගේ හිතේ පැහැවන තරහක් තියන කෙනෙක් කවුද?
ඔන්න එතකොට මතක් උනා කලාබර ගැන. කැමතිද ඒ කතාව කියවන්ඩ.
Wednesday, May 16, 2018
මේ ළඟ.... මේ ළඟ....!!
මහ ඉලුප්පල්ලමේ ජීවිතේ ගැන කියන්ඩ කතන්දර සිය ගානක්
ඉතුරු වෙලා තියනවා. ඒ කතා ලියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු විස්සකට විතර
ඉස්සර වෙච්ච දේවල් මතක් කර ගන්න එක. මේ ලඟදි අනුරාධපුරේ යන වෙලාවකදී තලාව කෝච්චි
ස්ටේෂන් එක දැක්කා කියමුකෝ. එතකොට මතක් උනා MI වල අපේ පළවෙනි දිනය.
මට මතක විදිහට පේරාදෙණියෙන් අපි එදා MI වලට එන්ඩ පිටත් උනේ
උදේ දහයට විතර. කොහොම උනත් අපි MI වලට එනකොට දවල් දෙකට දෙක හමාරට විතර ඇති. ආපු ගමං දවල්ට
කාලා ටිකක් එහ්ට්ට මෙහෙට්ට වෙනකොට MI ජීවිතේට හුරු වෙන්ඩ ඕන
මූලික අවශ්‍යතා ගැන තේරෙන්ඩ පටං ගත්තා. ඒ
තමයි මදුරු දැලක්, වතුර ටිකක්
කාමරෙන් ගෙනත් තියා ගන්ඩ ප්ලාස්ටික් කෝප්පයක්, සබන් කෑල්ල තියා ගන්ඩ සබන් පෙට්ටියක් වගේ
දේවල්. පේරාදෙණියේදී මෙව්වා මොනවත් ඕන උනේ නෑ. ඒ වගේම පේරාදෙණියේදී ඕන වෙච්ච රැවුල
කපන රේසර්, ඇඟ පිහ දාන
තුවා, ඇඳ ගන්ඩ සරමක්
වගේ දේවල් MI වල ජීවිතේට
අත්‍යාවශ්‍ය සාධක නෙවෙයි!
මේ වෙනස්කම් ගැන අපේ සීනියර්ස් ලා කොච්චර කියල තිබ්බත් MI වලට ඇවිල්ලම
තේරුම් ගන්ඩ ඕන ඒ වෙනස. ඉතින් අපි MI ආපු දවසේ මේ අවශ්‍යතා
තේරුම් යනකොට හවස තුනට විතර ඇති. ඊට හපන් තව ප්‍රශ්න තිබ්බා. ඒ තමයි කාලෙකින් අතු
පතු ගාලාවත් නැති දූවිලි පිරිච්ච කාමර. හැම කාමරේම ඇඳන් හතරක් තිබුනා. ඒ කියන්නේ
කොන්ක්‍රීට් ඇඳන්. කාමරේට ඇතුල් වෙන දොර දෙපැත්තේ බිත්ති වල එක පැත්තක දෙක ගානේ
ඇඳන් හතරක්! මාස හය හතක් තිස්සේ වහල තියන කොට කාමරෙයි ඩෝම් එකේ අනිත් කෑලි වලයි
කොච්චර දූවිලි පිරිලා තියෙන්ඩ ඇද්ද කියල නිකං හිතා ගන්ඩකෝ. මේ කාමර හෝදලා අර
මුලින් කියපු අවශ්‍යතා ටික සම්පූර්ණ කර ගෙන මිසක් MI වල පළවෙනි රැය ගතකරන
එක හීනයක් බව අපිට තේරුනා.
Subscribe to:
Posts (Atom)




