Friday, January 5, 2018

මහරජ කංසා


සාමාන්යයෙන් පිරිමි අපිට ටී. වී. බලන වෙලාවට රිමෝට් කොන්ට්රෝල් එක අතේ නිකං තියාගෙන ඉන්ඩ ටිකක් අමාරුයි. ඉතින් ඕකේ බොත්තන් මිරික මිරික ඉන්න වෙලාවක මම දැක්කා මහරජ කන්සා කියල ටෙලි නාට්ටියක් මොකද්දෝ චැනල් එකක පෙන්නනවා කියල මේ දවස් වල. දැක්ක ගමං මගේ හිත දුවලා ගියේ අපි කැම්පස් හිටපු කාලේ හිල්ඩා හොස්ටල් එක වාසභවනය කරගත්තු කාලෙට.

ඔය කාලේ බඩේ කැක්කුං, අතේ පයේ කැක්කුං, කොන්දේ කැක්කුං, ඉස රදේ, අධික සීතල, පීනස වගේ අටානූවක් රෝග දෙසිය තිහක් ව්යාධි හැදුනම හෙල්ත් සෙන්ටර් එකට යන එක මහා වදයක්. මොකද කෙහෙම්මල තිබ්බේ සංඝමිත්තා කන්දේ. අපි ඕකට ගෙහුං ආවත් අනිත් අපතයෝ හිතන්නේ අපි මේ කෙල්ලෝ පස්සෙන් ගිහින් එනවා කියල. එහෙව් එකේ අර කියාපු ලෙඩ වලට හරියන අත් බේත් අපි ළඟ තබා ගැනීමේ අවශ්යතාවක් පැන නැගුනා. එක එක අමාරු වලට වෙන වෙන බේත් අපි තියා ගත්තේ නෑ. තිබ්බේ එකම බේතයි. තමයි මහරජ කංසා. එහෙම නැත්තං ත්රයි ලෝක විජය පත් එහෙම නැත්තං ගංජා!!!


මේ අගනා අවුසදෙත් එක්ක අපේ තිබ්බ සම්බන්ධෙ කොච්චරද කියනවනං අපේ එක යාලුවෙක් පොඩී සූට්ටං ගංජා පැලයක් හුරතලේට ඇති කරන්ඩ පටං ගත්තා. මේ පොඩි හුරතල් පැලේ දවසින් දවස ලොකු වෙවී එද්දී අපිත් ගිහිං වතුර ටිකක් දාලා, කොළ ටිකක් අත ගාලා අපේ ආදරේ දක්වලා ආවා. ඒත් එක දවසක් හරිම ඇබැද්දියක් උනා. තමයි ශාලාධිපති තුමා තමුන්ගේ උප ශාලාධිපති වරුනුත් එක්ක අපේ කාමර වලට ආවා සැප දුක් බලන්ඩ. එදා අපේ කාමරේ තමයි අර හුරතල් පැලේ හිටියේ !!

Tuesday, January 2, 2018

2019 දී වස විස නැති රටක්?


අවුරුද්දේ මට හම්බ වෙච්ච එස්.එම්.එස් සුභපැතුම් ගණනාවක තිබුනේ බත බුලතින් සරු වෙන අවුරුද්දක් ලැබේවා කියලා. මේක අතීතයේ ඉඳන් පැවත එන සිංහල සුභ පැතුමක්. ඒ වෙලාවේ තමයි මට හිතුනේ මේ සුභ පැතුමේ ආරම්භය අද දවසට කොච්චර ගැලපෙනවද කියලා. 

ඈත අතීතයේදී බත් හා බුලත් අපේ ප්‍රධාන අහාර අවශ්‍යතා වෙන්ඩ ඇති. ඉතින් බතුයි බුලතුයි කාට හරි අවශ්‍ය ප්‍රමාණයට තියනවා නං ඔහුගේ හෝ ඇයගේ ජීවිතේ වාසනාවන්ත එකක් විදිහට සැලකෙන්ඩත් ඇති. සමහරවිට මේ  දේවල් ඇති පමණට ලැබුනේ සමාජයේ වැදගත් එහෙම නැත්නං ප්‍රධාන පුද්ගලයන්ට විතරක් වෙන්ඩත් ඉඩ වැඩියි. ඉතින් මේ සුභ පැතුම ලබන්නාට සමාජයේ වැදගත් තැනක් හිමිවේවා කියල පැතීමත් එක අදහසක් වෙන්ඩ ඇති. ඒ කොහොම උනත් බත් බුලත් අපේ පැරණි සමාජේ අඩුවෙන් තිබ්බ, දුර්ලභ දේවල් කියලනම් මේකෙන් හොඳටම ඔප්පු වෙනවා. බහුලව තිබ්බ එහෙම නැත්තං එච්චර අපහසුවකින් තොරව ලබා ගන්ඩ පුළුවන් දේවල් නැවත නැවත ලැබේවා කියල ප්‍රාර්ථනා කරන එක සිහි මොලේ ඇති කෙනෙක් කරයි කියල හිතන්ඩ අමාරු හින්දයි එහෙම තීර්ණේකට මම ආවේ.

Friday, December 29, 2017

විල්පත්තුවේදී මුව හමට තඩි බෑම


අද වෙනකොට විල්පත්තුව ගැන දන්නේ නැති එකෙක් වත් හොයාගන්ඩ අමාරුයි. විල්පත්තුවට ජීවිතේට අඩිය නොතිබ්බ හුග දෙනෙක් දැන් විල්පත්තුවේ  මායිම් ගැන දන්නවා. මේ ලගදි කැලෑ කන්තෝරුවේ ලොකු මහත්තැන් කෙනෙක්ව එල්ලුම් ගස් යවන්ඩ සුදුසුයි කියලත් සමහරු කියනවා මං අහගෙන. කාලෙකට ඉස්සර නං අම්බ හොරු රෑනක් ගෝල් පේස් පිට්ටනියට ගෙනැත් එල්ලන කල් අපි බලා ගෙන හිටියා. ඒත් එහෙම කවුරුවත් ඇත්තටම එල්ලුම් ගස් යැව්වේ නෑ.  මේ පාරත් ඔය කවුරු පාරම් බෑවත් කවුරුවත් එල්ලුම් ගස් යන එකක් නෑ. හැබැයි හැලපතුමා දාලා තිබ්බ පෝස්ට් එකක් හිංද මට හිතුනා ඔය විල්පත්තු කතන්දරේ තව පැත්තක් පෙන්නලා දෙන්ඩ. ඔන්න පුලුවන්නං මේ හේතු ටික නැතිකරලා දාන්ඩ පුලුවන් ජගතෙක් හිටියොත් අපේ කැලෑ ටික බේර ගන්ඩ පුළුවන් වෙයි.


ඊට කලින් කතන්දරයක් කියල හිටින්නං කොහොමද සමහර නිලධාරියෝ අතීතේදී කැලෑ ටික බේර ගත්තේ කියල කාටත් තේරෙන්ඩ. අපේ කැලෑ දෙපාර්තමේන්තුවේ ඉහලම පුටුවේ හිටියා බණ්ඩාර මහත්තයා කියලා උත්තමයෙක්. එතුමා බොහොම දිග කාලයක් ඒ තනතුර දැරුවා. ඔය කාලේ කැලෑ බාර ඇමතිතුමා විදිහට පත් වෙලා හිටියේ මාතර පැත්තේ චරිතයක්. එතුමා කම්පනා කළා මේ එක එකා හොරෙන් කැලෑ කපන එක නවත්තන්ඩ හොද ක්‍රමයක්. දවල් රෑ මේ ගැන කම්පනා කරපු ඒ ඇමැත්තා ඒකට හොඳ කෙරේමයක් හොයා ගත්තා. ඒ තමයි කැලෑ ටික නීත්‍යානුකූලව කපලා දාන එක!!! හොරෙන් කපන්නේ කැලෑ තිබුනොත්නේ. කැලෑ නැති උනාම මක්කද කපන්නේ???? කොහොමද එතුමගේ ටිකිරි මොලේ?   

Sunday, December 24, 2017

ප්‍රාග් නුවර කැරකොප්පුව

අවුරුද්දේ අන්තිමත් ලංවෙනවා. මේ අවුරුද්දේ කරපු කියපු දේවල් ගැන හැරිලා බලන්ඩ, ඒ දේවල් වලින් ඉගෙන ගන්ඩ කියලා ටී වී එකේ නිතර දෙවේලේ කියවන හිංදා මම ඒක වහලා දැම්මා. අපි ඔක්කොමලා ඒ කියන්නේ මුළු මිනිස් සමාජයම එක්කහු වෙලා ඔය ටී වී එකේ ඉන්න පණ්ඩිතයෝ කියන දේ අහලා අපේ තියන ඔක්කොම වැරදි ටික හදා ගත්තොත් මොකක් වෙයිද? හරිම නීරස, ඒකාකාරී, මුඩුම සමාජයක් බිහිවේවි එතකොට. මං මේ කියන්නේ හැමෝම නිවන් දැක්කොත් වගේ දාර්ශනික ප්‍රශ්නයක් ගැන නෙවෙයි අපි මේ දිනපතා කරන වැරදි ගැන. 

මම කොහේ හරි රටකට යනකොට පුළුවන් හැම වෙලාවේම ඉල්ල ගන්නවා ගුවන් යානයේ ජනේලේ ළඟ සීට් එකක්. මොකද මට ඕන අලුත් රටකට එහෙම නැත්තන් අලුත් නගරෙකට යනකොට උඩ ඉඳන් බලන්ඩ ඒ නගරේ ගොඩනැගිලි කොයි වගේද කියලා. හරි හතරැස් පෙට්ටි පෙට්ටි වගේ බොහොම පිළිවෙලට හදපු ගොඩනැඟිලි  නං මට පෙන්ඩ තියෙන්නේ, මට හිතෙන්නේ ඒ නගරේ හරිම කෘතීම එහෙම නැත්තං හරි අස්වාභාවික විදිහට කවුරු හරි පිට ලෝකෙකින් ගෙනත් දාපු සත්තු ටිකක් හදපු මැෂින් එකක් වගේ. කිසිම ජ්‍යාමිතික හැඩේකට නැතුව විසිරුණු හැඩ තියන ගොඩනැගිලි නං පේන්ඩ තියෙන්නේ මගේ හිත සතුටින් පිරෙනවා. හරියට මගේ ගමට ආවා වගේ හැගීමක් මට හම්බ වෙන්නේ එතකොට.  ඒ මගේ හැටි.

Thursday, December 21, 2017

බල්ලෝ, බූරුවෝ,හරක් සහ ගොන්නු


ඉස්සර කාලේ බොහොම ගැඹුරු කට හඬකින් විදේශ ප්‍රවෘත්ති, විස්තර විචාර ගෙනාපු ආචාර්ය මොහාන් සමරනායක මහත්තයා මතකදඅද එක එක දේශපාලන පක්ෂ වල මාධ්‍ය ප්‍රකාශක වගේ තුට්ටු දෙකට වැටිලා හිටියට එතුමා හොඳ බුද්ධිමතෙක්. හරි සුන්දර මනුස්සයෙක්. කාලෙක එතුමත් අපේ කන්තෝරුවට කිට්ටුවෙන් වැඩ කළා. ඉතින් සමහර දවස් වල අපි උදේ කෑම ගන්න වෙලාවෙදි හම්බෙනවා කැන්ටිමේදී. මෙන්න එහෙම කියපු එක කතාවක්.

දවසක් එක සීබ්‍රාවෙක් සත්තු වත්තේ කූඩුවෙන් එලියට පැන ගත්තා. ඊට පස්සේ ඌ කල්පනා කළා සත්තු වත්තේ ඉන්න අනික් සත්තුන්ව බලන්ඩ යන්ඩ. එහෙම යනකොට ඉස්සොරෝම හම්බ උනේ බල්ලා.

ආ යාලුවේ ඔයා කව්ද?” සීබ්‍රා ඇහුවා

බුහ්....බුහ්...මම තමයි බල්ලා කියන්නේ

ඔයා මොනවටද ප්‍රසිද්ධ?”

මම මිනිස්සුන්ගේ හොඳම යාලුවා. මම ඒ අයව ආරක්ෂා කරනවා...!!!”

ඒකත් එහෙමද?” කියපු සීබ්‍රා ගමනේ යෙදුනා. ඌට ඊළඟට හම්බ උනේ පූසෙක්.

ආ...යාලුවේ ඔයා කව්ද?”

මම පූසා..ඥාව්..."

ඔයා මොනවටද ප්‍රසිද්ධ?”

ඥාව්...මම ගෙවල් වල ඉන්න මීයෝ අල්ලන්ඩ තමයි ප්‍රසිද්ධ!!!”.

ආ හොදයි මම එහෙනං ගිහිල්ලා එන්නං කෝ...

ඔහොම එක එක සත්තු හම්බ වෙච්ච සීබ්‍රා අන්තිමට ආවා පට්ටි ගොනෙක් (stud bull) දාලා හිටපු කූඩුවක් ලඟට.