Tuesday, August 25, 2020

සළුපට අහසට

 

මේ සිරි ලංකාද්වීපේ ඕනෑම කැම්පස් එකක ඕනෑම බැච් එකක ඕනෑ තරම් බැච් ට්රිප් නොහොත් කණ්ඩායම් විනෝද චාරිකා යෑම අරුමයක් නෙවෙයි. ඒත් ආගමික භක්තිය, වීර ක්රියා, පීචං වීම, දේශ ගවේෂණ, ශ්රුන්ගාරය කියල යමක් හඳුන්වනවද අන්න ඒක, දේශපාලනය, වගේම යුධ මෙහෙයුම් ඇතුලත් එක බැච් ට්රිප් එකක් හොයා ගන්ඩ ලේසි නෑ. ලේසි උනත් එහෙම දෙයක් ගැන කියන්ඩ ලියන්ඩ කෙනෙක් ඉතුරු වෙන්නේ නැති තරං. මොකද වගේ භයානක වගේම විනෝදාත්මක සිද්ධි දාමයකට කෙනෙක් මූණ දුන්නම එක්කෝ සිද්ධි හිංදා දත කට පූට්ටු වෙලා ඔය ලබ්බල පැත්තේ කියන විදිහට විරුවපට්ටං ගහනවා. සමහර විට කම්පනය හින්දම කෝමා එකකට උනත් යන්ඩ පුළුවන්! අද කතාව අසමසම බැච් ට්රිප් එක ගැන.

(මගේ බැචාලට මේ කියන්නේ...අපේ ඔෆිස් එකේ ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා වැඩ කරන කාලේදී මැරුනොත් ලක්ෂ විස්සක් තිහක් හම්බ වෙනවලු. මේ කතාව කියෙව්වම උඹලා මාව මරණ බව දන්නවා. හැබැයි මගේ මරණෙන් පස්සේ ගෙදරට හම්බ වෙන ඉන්ෂුවරන්ස් එක ගැන හිතලා මම හිත හදා ගන්නවා. අවුරුදු දහ නවයකට පස්සේ හරි අර බැච් ට්රිප් එක ලඟට හරි යන අත්දැකීමක් ලබන්ඩයි මම මේ ජීවිත අවදානම අරගෙන කතාව ලියන්නේ)  

Sunday, August 2, 2020

කළු ඇඳගෙන රතු ඇවිදින්


අපේ ගමේ ජීවත් වෙන්ඩ ඔබ තමුන්නැහෙලාට නොලැබෙනවා කියන්නේ ජීවිතෙන් බාගයක් අපතේ ගියා වගේ දෙයක්. තරමට අපේ ගම විකෘතියි. අපේ මිනිස්සු දුකටත් අඬනවා. සතුටටත් අඬනවා. දුකටත් බොනවා. සතුටටත් බොනවා. දුකටත් හිනා වෙනවා. සතුටටත් හිනා වෙනවා. අඬ අඬත් බොනවා. හිනා වෙවීත් බොනවා. බිබී නටනවා...නට නටත් බොනවා. ඔය බොන අතරේ ජීවත් වීමත් කරනවා. ජීවත් වෙන අතරේ  මැරෙන එකත් කරනවා.


මැරෙන එක කරන්ඩ - කියන්නේ හිතලා කරන්ඩ -පුළුවන් වෙන්නේ සිය දිවි නසා ගන්න අයට විතරයි කියල අපිට හිතෙන්ඩ පුළුවන්.  අනිත් අයට වෙන්නේ මැරෙන්ඩ- කියන්නේ නොහිතාම, නොපතාම මැරිලා යන්ඩ. මටත් ඉස්සර හිතුනේ එහෙම තමයි. හැබැයි මම දැන් දන්නවා මැරෙන එකත් අපිම තමයි කරන්නේ කියල. අපි හිතලමයි මැරෙන්නේ. අපේ ගමේ නං එහෙමයි. අපේ ගමට වඩා ඔයාලගේ ගමේ රටේ තත්වේ වෙනස්ද කියල බලන්ඩ අද කට්ටකාඩුවට ගොඩ වෙන්ට.

Sunday, July 19, 2020

ස්මාට් ෆෝන් වල දමන්නා

ගිය සතියේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් ගැන කට්ටකාඩුවට නිතර ගුරු හරුකම් සපයන 'ඩොක්ට ඩී' එක්ක අදහස් හුවමාරුවක් උනා. එතෙන්දි එතුමා කිව්ව කතාවක් මගේ හිත බැඳ ගත්තා. මේ කතාව හැබෑ සිද්ධියක්ද නැත්නම් යාන්ස් එකක්ද කියලනං මම දන්නේ නෑ.

කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සේ නැගෙනහිර හා බටහිර විදිහට බෙදිලා වෙන් වෙච්ච ජර්මනිය. නැගෙනහිර ජර්මනිය සෝවියට් රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරට ගමන් කරද්දී බටහිර ජර්මනිය ධනවාදී කඳවුරත් එක්ක ඉස්සරහට යමින් හිටියා. දෙවනි ලෝක යුද්ධයේදී නාසිවාදයෙන් ජර්මනිය බේරා ගන්ඩ වැඩිපුර ජීවිත පරිත්යාගයෙන් කටයුතු කලේ රුසියාව. හැබැයි ධනවාදයත් එක්ක බටහිර ජර්මනිය ඉක්මන් ආර්ථික සංවර්ධනයක් ලඟා කරගනිමින් සිටියා. මේක නැගෙනහිර ජර්මානුවන්ගේ ඇහේ කටු අනිනවා වගේ වැඩක්! නැගෙනහිර ජර්මානුවෝ කරේ තමුන්ගේ පැත්තේ තියෙන කුණු ගොඩවල් බටහිර පැත්තට දාපු එක. අපේ ගඳ ගහන දේවල් ගොඩ ගහන්ඩ තමයි උඹලගේ රට තියෙන්නේ!!!

දැන් බටහිර ජර්මන්නු කලේ මොකක්ද දන්නවද?

Sunday, July 5, 2020

ගන්සී සාහිත්‍ය හා අල පොතු පයි සමාජය


සමහර නරක දේවල් වෙන්නේ හොඳට. ඔව් ටිකක් විතර බූත කියමනක් උනාට ඒක එහෙම තමයි. මං අද කියන්ඩ යන්නෙත් එහෙම සිද්ධියක්. සිද්ධියක් කීවට මේක සිද්ධි දාමයක්. හැබැයි අනන්ත සිද්ධි අතරින් සිද්ධි දහයක් දොලහක් සලකපුවම ඒක ගණන් ගත නොහැකි තරමේ සුළු දෙයක්. මේ කතාව පටන් ගන්නේ මගේ යෞවනෝදයත් එක්ක...

කාලේ මට ඉංග්රීසි කියන භාෂාව අණ්ඩර දෙමල වගේ. මට හොඳට මතකයි අට වසරේ ඉංග්රීසි පොතේ තිබ්බ පාඩමක්. ඇත්තටම ඒක කතන්දරයක්. පහුවදාට කතන්දරේ ගැන ඉස්කෝලෙදි සාකච්චා කරන හිංදා කතන්දරේ කියවගෙන එන්ඩ කියල ඉංග්රීසි මැඩම් කිව්වා. මම නවාතැන් අරං හිටපු ගෙදර අයියාගෙන් ඇහුවා පාඩම කියල දෙන්ඩ පුලුවන්ද කියල. ඔහු කැමති උනා. මම දැන් සද්ද නගල පාඩම කියවනවා.

ඔය කියන්නේ කතන්දරේ නෙවෙයිනේ? අයියා කියනවා.

මේ කතන්දරේ නෙවෙයිද?

ඔයා කතන්දරේ පටන් තැනවත් දන්නේ නැද්ද?

Friday, April 10, 2020

පෙර පිනක් තියෙනවානම්......!!!


වසන්ත කාලේ පායන පුර හඳ කියන්නේ දකින්ඩම ඕන කාරණයක්. ඊට වඩා ලස්සන හඳක් මම දැකල තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර පේරාදෙණියේදී. මාර්තු මාසේ පැහැදිලි අහසක් තිබ්බ රැයක්. හන්තාන කන්ද උඩින් කළා දොළොසක් විතර පිරුණු හඳක් නැගගෙන ඇවිත්. මම මනෝරත්න මහත්තයාගේ අන්දරේලා බලනවා එදිරිවීර සරච්චන්ද් එළිමහන් රංග පීඨයෙදි කියන්නේ සුප්රසිද්ධ පේරාදෙණියේ වලේ දි. සීතල හුළඟක් හමාගෙන යන්නේ හරියට මේ මනු ලෝකෙට බැහැලා අන්දරේලා නාට්යය බලන්ඩ බැරිවෙච්ච දුකට අර හඳ සුසුම් ලනවා වගේ. හුළඟ සීතලයි. වල අසබඩින් ගලාගෙන යන මහවැලියේ  වතුර ගලන්නෙත් හරියට අමරදේව මහත්තයා ගායනා කරනවා වගේ 'දහසක් අපගේ ප්රාර්ථනා' එක්කහු කරගෙන වගේ.

අදත් එහෙම රැයක්. කඳු මුදුනින් ලස්සනට හඳ පායලා. කොහෙන්දෝ එන සීත සුළං රැල්ලක් ගත කුල්මත් කරනවා. මොනවද මේවගේ කොරෝනා කාලේ නිවාස අඩස්සියේ ඉන්න දවසක, ලස්සන හවස් යාමෙක වෙලාවක ඉටු කරගන්ඩ තියෙන මහාවැලිය මහා ගඟ උතුරා යන තරමේ ප්රාර්ථනා? අනේ මට ලස්සන ගැමි ඌරුවට ගැයෙන කවියක් අහන්ඩ තියෙනවා නං ලස්සන බෙර පදේකුත් එක්ක....මම දෑස් පියා ගන්නේ රසය විඳින්ඩ.