අරාබි නිසොල්ලාසය තරම් අපූරු මායාවී කතන්දර තියෙන වෙන පොතක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මේ අපූරු අද්භූත කතන්දරවල හරි සරළ සුන්දර මතුපිටක් පෙන්නුවාට ගැඹුරු අදහස් ගැබ් වෙලා තියෙනවා කියලයි මං හිතන්නේ. අද කතාව ඒ අපූරු පොතින්. ඉංග්‍රීසි බසින් හෙළ බසට නගන කොට, මුල් කෘතියේ තියෙන රහ ඒ විදිහටම තියාගන්ඩ අමාරුයි වචනයෙන් වචනය පෙරලුවොත්. අන්න ඒක හිංදා මං කතාවෙ සාරය විතරයි කියන්නෙ. වැරදි ඇතොත් සමාවෙලා මේ කතාව රස විඳින්ඩ.
මේ සිද්දිය වෙන්නෙ ඈත
අතීත කාලෙ. අපි නෙවෙයි අපේ අත්තලා මුත්තලා, කිරි කෑ මුත්තලාවත් ඒ කාලෙ ඉපදිලා නෑ
ඕං.
ඒ කාලේ හිටියා හරිම
පොහොසත් වෙළෙන්දෙක්. එයාට එක එක පළාත් වල ගෙවල් තිබුනා. ඒ හැම ගෙදරකම වතු පිටි,
හරක බාන, ගෙවල් දොරවල්, හරි සරු සාරෙට තිබ්බා මේ වෙළෙන්දට. එයාගෙ අතට පයට සේවකයෝ
හිටියා ඕන තරං. ඉතිං මේ වෙළෙන්දා එයාගෙ හාමිනෙයි පවුලේ අනික් අයයි එක්ක කාලෙන්
කාලෙට මේ එක එක ගෙදරට ගිහිං ටික කාලයක් නැවතිලා ඉන්නවා. ඔන්න ඇති කියල හිතුනම වෙන
ගෙදරකට ගිහිං ටික කාලයක් ඉන්නවා. ඔහොම සැපෙන් සනීපෙන් කාලෙ ගත උනා. ආ තව ඩිංගෙන්
මට කියන්ඩ අමතක වෙනවා. මේ වෙළෙන්දට හරි අපූරු හැකියාවක් තිබුනා. ඒ තමයි සත්තු කතා
කරන දේවල් තේරුං ගන්ඩ පුළුවං වීම. හරියට දොස්තර හොඳහිතට වගේ. හැබැයි දොස්තර
හොඳහිතට සත්තු එක්ක කතා කරලා දැන ගන්න දේවල් අනිත් අයට කියන්ඩ පුලුවං. හැබැයි මේ
වෙළෙන්දාට සත්තු කතා කරන දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ තහනං. මැරුවත් සත්තු කියපු
දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ බෑ. එහෙම කිව්වොත් වෙළෙන්ද තමුන්ගෙ රහස කියන කෙනාගෙ ජීවිතෙත් විනාශ වෙනවා. පේනවනේ ඕන බලයක් හම්බ වෙන්නෙ කොන්දේසි වලට යටත්ව.
