ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය එක්ක කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා ආදරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්. ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්. නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේ? කොහොමද ඒ ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්රමාන කැපකිරීම් කරන්නේ? එහෙව් කැප කිරීම් කරපු කෙනා සමහරවිට නොහිතූ, නොපැතූ විදිහට ඇත ඇරලා දාලා යන්නේ? එහෙම නැත්තං ඒ ආදරයත් එක්ක ජීවිතේ ඉවර වෙනකල් කටු කාගෙන ජීවත් වෙන්නේ?
ඔයවගේ දාර්ශනික දේවල් ගැන හිත හිතා ඉන්නකොට මට මතක් උනා අපි පොඩි කාලේ වෙච්ච සිද්දියක්. මේ සිද්ධිය වැඩි හල හොල්මනක් නැතුව ගලාගෙන ගිය අපේ ගමේ ජීවිතේ කොච්චර වෙනස් කරාද කියනවනං තාමත් මිනිස්සු මේ ගැන කතා වෙන වෙලාවල් තියනවා. ඉතිං අද කතාව ඒ ගැන.
කතාවේ මූලිකයා කවුරු උනත් මේක උනේ අපේ පල්ලෙහාගෙදර මාමලාගේ ගෙදර. ඒ ගෙදර කට්ටිය ගැන මම දැන් කතා දෙක තුනක ලියල තියනවා සමහරුන්ට මතක ඇති. අමතක අය බාචි ගේ පොල් හොරකම ගැන මෙතනිනුත්, පල්ලෙහාගෙදර මාමාගේ සමාජ සේවය ගැන මෙතනිනුත් බලා ගන්ඩ පුළුවන්.




