මල් කඩනවා කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නෑ. කොල්ලො කෙල්ලො එක්කහු වෙලා ආ ගිය විස්තර කතා කලත්, ලග අහල පහල සමාජ සේවා වැඩ කටයුතු ගැන කතා බහ කලත් වටේ පිටේ ඉන්න මිනිස්සු කියන්නෙ ...ඕන්න.....මල් කඩනවා කියල. මේ වචන දෙක මුලින්ම භාවිතේට ආවෙ කැම්පස් ආශ්රයෙන් වෙන්ඩ පුලුවන්. හැබැයි පේරාදෙනියෙ කෘෂිකර්ම පීඨයට ගිය අපි වගේ ගොබිලො නං කවදාවත් මල් කඩල නෑ. අම්මප!
දැං ඉතිං ඔබ තමුන්නැහෙලා හිතන්ඩ එපා අපි පේමතෝ විප්පමුත්තස්ස - නත්ති සෝඛෝ කුතෝ භයං කියල බොක්කෙම්ම හිතාගෙන ප්‍රේම නොහොත් ලව් නොකරපු ඈයොය කියල. අපි මල් නොකඩන්ඩ හේතුව වෙනම එකක්. ඒ මොකද්ද දන්නවද? අපි ඔය සද්කාර්යයට කිව්වෙ ‘මල් කැපිල්ල’ කියලා. අනිත් කැම්පස් වල වගේම බාහිර සමාජයෙත් මල් කැඩිල්ල කියල හදුන්වන දේ පේරාදෙනියෙ ඇග්රි ෆැකල්ටියෙදි විතරක් මල් කැපිල්ල උනේ කොහොමද? අද මං කියන්ඩ යන්නෙ ඒ ගැන.
Sunday, January 27, 2019
Sunday, January 20, 2019
මණ්ඩි රාජා
ටවුමෙ ලොරි බාගයක් තියාගෙන හයර් දුවන රාජා දන්නවා නේද? හැමෝම දන්න මනුස්සයා ඔයාල විතරක් නොදැන ඉන්ඩ හේතුවක් නෑ...අමතකයිද? හරි හරි මටයි වැරදුනේ. රාජා රාජා කියල කියන කී දෙනෙක් නං ඉන්නවද නේ? මං මේ කියන්නෙ මණ්ඩි රාජා ගැන. ඔව් අර පොකුටු කොන්ඩෙකුයි, ඉස්සරහට නෙරල ආපු ඇස් දෙකකුයි තියන අඩි පහක් පහමාරක් විතර උස තල එලලු, කෙට්ටු හාදයා. තාමත් අමතක නං අපේ ගෙවල් ලග ටවුම පහුකරගෙන යන වෙලාවක ලොරි පාක් එකේ කාගෙන් හරි අහන්ඩකො. පෙන්නයි සුටුස් ගාල. දෙමව්පියො දාපු නම අබ්දුල් හමීඩ් අක්රම් රාජා. උප්පැන්නෙ විදිහට තව කෑල්ලක් එකතු වෙනවා මුලට. ඒ තමයි බනගෙපිටියෙ ගෙදර කියන එක. එතකොට සම්පූර්ණ නම බනගෙපිටියෙ ගෙදර අබ්දුල් හමීඩ් අක්රම් රාජා.දරු දැරියො දොලහක් හිටපු පවුලක බාලයා. අද මං කියන්ඩ යන්නෙ කොහොමද රාජාට නම වැටුනෙ කියල.
ඔන්න ජීව විද්‍යා පාඩමක් පටන් ගන්ඩයි යන්නෙ. දරුවෙක් පිළිසිද ගන්නෙ තාත්තගෙන් ලැබෙන ශුක්‍රාණුවකුයි අම්මගෙන් ලැබෙන ඩිම්බයකුයි එක්කහු වෙලා. ගෑණු දරුවෙක් උපදින කොට ඩිම්බ කෝෂ ඇතුලෙ නොමේරුනු ඩිම්බ ඔක්කොම පිහිටලා තියනවා. පස්සෙන් පහු කාලෙක වෙන්නෙ එව්ව එකින් එක මෝරලා එලියට එන එක. හැබැයි පිරිමින්ගෙ ජීවිත කාලෙ පුරාම පාවිච්චි වෙන ශුක්‍රාණු එහෙම එකපාර හැදිල ගබඩා වෙලා නෑ. අපේ ටවුමෙ උං ඔය මහප්පරාණ දන්නෙ නෑ ආයුබොවන්ඩ...උං හිතුවෙ රාජගෙ තාත්තගෙ ශුක්‍රාණු ගබඩාවෙ මුල් ටික ඔක්කොම රාජගෙ අනික් සහෝදර සහෝදරියො හදන්ඩ පාවිච්චි උනාය...ඉතිං ඔය මඩිස්සලේ යටම ඉතුරු වෙච්ච මණ්ඩි ටිකෙන් තමාය අපේ රාජා බිහි උනේ කියල. ඔන්න ඔහොමයි අක්රම් රාජා, මණ්ඩි රාජා බවට පත් උනේ.

Sunday, December 30, 2018
මයිකල්
ලඟදි දවසක බස් එකේ ටවුමට ගියා තනියම. එහෙම ගියාම වැඩිපුර වෙලාවක් ටවුමේ ගත කරන්ඩ පුළුවන්. වෙනදා වගේ කාර් එක පාක් කරන්නේ කොහෙද කියල හිත හිතා ටවුමට යනවට වඩා හිත හරිම නිදහස් මෙහෙම ගියාම.
කාලෙකට පස්සේ ටවුමට ගියාම අපි කොච්චර වයසට ගිහිල්ලද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ දන්නා අඳුනන මූණු වෙනුවට හරියට අපි අගහරු ලෝකෙන් ආවා වගේ නුහුරු නුපුරුදු මූණු වලින් පිරිච්ච පාරවල්, බස් හෝල්ට්, කඩ, ස්වීප් විකුණන මිනිස්සු, පොළ, පොලේ තියන එළවලු....මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියන බව තේරෙනවා. ඒ විතරක් නං බැරියැ ටවුමේ තියන ගොඩනැගිලි වල පාට පවා සම්පූර්ණයෙම්ම වෙනස්. කාණු වලින් එන ගඳ පවා වෙනස්! ඉස්සර ආපු මඩ කුණු වෙච්ච ගඳ දැන් නෑ. ඒ වෙනුවට තියෙන්නේ ඩීසල් දුම වතුරෙන් දිය කරලා ගත්තා වගේ දැනෙන ගඳක්. ඒක එහෙම වෙන්ඩ එපෑ. ඉස්සර තිබ්බේ ලංගම බස් තුන හතරකුයි, සීට් විසි හයේ රෝස බස් පහ හයකුයි මුළු බස් ස්ටෑන්ඩ් එකටම. අනික්වා ඔක්කොම හුණ්ඩු වෑන්. දන්නවනේ අර සීට් දොළහේ වෑන්. දැන් එහෙමද තට්ටු දෙක තුනකට බස් ස්ටෑන්ඩ් එක හැදුවත් පාක් කර ගන්ඩ මදි වෙන තරමට බස් පිරිලා. මෙච්චර සෙනග කන්දරාවක් කොහෙන් පාත් උනාද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ ඔතෑනි, කොළ පාට ටවුම දැන් හරි කාර්ය බහුලයි. දුඹුරු පාටයි. හැමෝම හරි හදිස්සියකින් එහෙ මෙහෙ යනවා. හරියට මුළු ලෝකෙම පවතින්නේ ඒ අය ඉක්මනට ගමන් කරන හින්ද කියල හිතාගෙන වගේ.

Monday, December 24, 2018
සවණ රේඩියෝවත් එක්ක කට්ටකාඩුව
කැනඩාවෙන්
ගුවන් ගතවෙන සවණ අන්තර්ජාල රේඩියෝවට කට්ටකාඩුවේ කතා කීපයක් ගත්තට කමක් නැද්ද කියල අහල ඊ මේල් එකක්
ආවේ මාස දෙක තුනකට කලියෙන්. මගෙ මොකෝ කියල උත්තර යැව්වම තවත් ඊ මේල් තුන
හතරකින් අපි අදහස් හුවමාරු කරගත්තා. මෙන්න අද අහම්බෙන් වගේ
ඊ මේල් එක දිහා බලද්දී
වැඩ සටහන් දෙකක් යූ ටියුබ් එකට
මුදා හැරියා කියල ඒ මහත්තැන්ලා කියල
තියනවා. හරි පුදුම වැඩේ කියන්නේ මාසෙකට වඩා දීර්ඝ නිහැඩියාවකට පස්සේ කට්ටකාඩුවට ඊලග ලිපිය ලියමින් ඉන්නකොටමයි මේක දැක්කෙත්.
අර
ලියන ලිපිය දින කීපයක් පස්සට දාලා ඔබ තමුන්නැහෙලාත් එක්ක
සවණ නිෂ්පාදනය අහන්ඩයි මේ සූජානම.
සුභ
නත්තලක් වේවා!!
පළමු වැඩසටහන
දෙවැනි වැඩසටහන
අපේ ඉයන් තුමාගේ අදහසකට අනුව මේ රේඩියෝ කෙටිකතා වලට පාදක වෙච්ච කට්ටකාඩුවේ ලිපි වලට සම්බන්ධතා පහත දක්වනවා. බලන්ඩ එකම කතාව ශ්‍රවනය කරන කොටයි කියවන කොටයි වෙනස් හැගීම් ඉපදෙනවද කියල?
පළමු වැඩසටහන
තුන්දෙනෙක් ගැන දිග කතාවක්
අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ
දෙවැනි වැඩසටහන
සරුංගල් ජීවිතේ
තිත්තවැල්ගොල්ලේ වධකයා
Saturday, October 20, 2018
සරුංගල් ජීවිතේ
පොත් අල්මාරිය පෙරල පෙරල ඉන්නකොට කාලෙකට ඉහතදී කියවපු ඒත්
අමතක වෙලා ගිහින් තිබ්බ පොතක් හම්බ උනා. ඛාලිඩ් හොසෙයිනිගේ ද කයිට් රනර් (සරුංගල් යවන්නා).
මම ආසම පොතක්. ඛාලිඩ් හොසේයිනි තරම් අපූරුවට චිත්ත රූප මවන ලේඛකයෙක් ගේ පොතක් මම කියවලා
නෑ. ඒ පොතේ තියෙනවා ලස්සන දෙබසක්. කතා නායක අමීර් සහ එයාගේ තාත්තා අතර.
මුල්ලා මොනවා ඉගැන්නුවත් මේ ලෝකේ තියෙන්නේ එකම පවයි. එකම එකයි. ඒ තමයි හොරකම. අනිත් ඕනෑම පවක් හොරකමේ වෙනස් විදියක් විතරයි. පුතේ උඹට ඒක තේරුනාද?
නෑ තාත්තා.......
ඔයා මිනිහෙක් මැරුවොත් ඔයා ඒ මනුස්සයාගේ ජීවිතය හොරකං කරනවා.
ඔයා එයාගේ බිරිඳට ස්වාමියෙක්ගේ රැකවරණය ලබාගන්ඩ තියන අයිතිය හොරකං කරනවා. එයාගේ දරුවන්ට
තාත්තෙක් එක්ක හුරතල් වෙන්ඩ තියන අයිතිය හොරකං කරනවා. ඔයා බොරුවක් කියනකොට ඒක අහන කෙනාට
ඇත්ත දැනගන්ඩ තියන අයිතිය ඔයා හොරකං කරනවා. ඔයා වංචාවක් කරනකොට ඒ වංචාවට අහුවෙන කෙනාට
සාධාරණත්වය වෙනුවෙන් තියන අයිතිය හොරකං කරනවා. තේරුනාද?
තේරුනා තාත්තා!!
මේ දෙබස දකින කොට මට අපූරු කතාවක් මතක් උනා පහුගිය දවසක අහපු.
ඒ කතාව කට්ටකාඩුවට ලියන්ඩ ඕන කියල මට හිතුනේ ඒ කතාවේ තිබ්බ අපූරු සිදුවීම් රැසක් හිංදා.
Subscribe to:
Posts (Atom)