මගේ එක විනෝදාංශයක් තමයි ඉතිහාසය ගැන තියන පොත් පත්
කියවීම. මගේ යාළුවො හුග දෙනෙකුත් මේ ගැන දන්නවා. ඉතිං උන්ට මොකක් හරි ඉතිහාස ප්‍රශ්නයක්
ආපුවම මට කෝල් එකක් දෙන එක අමුතු කාරණයක් නෙවෙයි. ඊයේ පෙරේද දවසක යාලුවෙක් මට කතා
කළා.
“මචං පොළොන්නරුවෙ
ඉපදිච්ච, දුටුගැමුණු
රජ්ජුරුවන්ගේ සේනාවේ හිටපු යෝධයා කව්ද?”
“ඒක අහපං ඔය
කතාව කියපු යෝධයාගෙම්ම!” මම කිව්වේ මේ
ලඟදි එක්තරා දේශපාලක උත්තමයෙක් තමන් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යෝධයෙක් වගේ හිටිය බව
කියපු ප්‍රවෘත්තියක් මම අහලා තිබ්බ හිංදා...
“නෑ...නෑ...මම
සීරියස් කතාවක් අහන්නේ!” යාලුවා
කිව්වා.
“ඇත්තටමද?”
“ඔව්...
ඔව්...මට උඹෙන් ප්‍රශ්න තුනක් අහන්ඩ තියනවා. මේ පලවෙනි එක”
“අනික්වා මොනවද?”
“එහෙම කියන්ඩ බෑ.
ඒ ප්‍රශ්න හැදෙන්නේ මේ ප්‍රශ්නෙට උඹ දෙන උත්තරේ මත”
“මට මතක නෑ මචං පොළොන්නරුවේ ඉපදිච්ච යෝධයා කවුද කියලා. ඕන නං පොතක් බලල කියන්නං. මං ගාව තියනවා
එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ලියපු පොතක්. ඔය යෝධයෝ දහ දෙනා ගැන ලියපු”
“අනේ හොයල
කියපන්කො!...ආ මේ ඒ ගමම්ම පොතේ තියනවද බලපං ඔය යෝධයෝ යුද්දෙන් පස්සේ මොකද කලේ
කියලත්…”
ඉතින් මමත් අර කියපු පොත හොයාගෙන කියවන්ඩ පටං ගත්තා. අද
කතාව මේ යෝධයෝ සහ තමන් යෝධයන්
කියල හිතං ඉන්න අඟුටු මිට්ටෝ ගැන.
දුටුගැමුණු රජ්ජුරුවන්ට යෝධයෝ ගණනාවක් හිටිය කියල
මහාවංශේත් අනික් ඉතිහාස පොත් පත් හුඟකත් සඳහන් වෙනවා. මහාවංශය ලිව්වෙම දුටුගැමුණු
රජජුරුවන්ගේ කතාව කියන්ඩ කියලත් සමහරුන්ගේ මතයක් තියන එකේ මේ යෝධයෝ ගැන ඒ පොතේ
සඳහන් නොවෙනවානං තමයි පුදුම.
ඒ කොහොම වෙතත් මේ අය ශරීර ප්‍රමාණයෙන් යෝධයෝ වෙනවට වඩා
කාර්ය ශූරත්වයෙන්, ස්ථානෝචිත ප්‍රඥාවෙන්, යුධ උපායෙන්
හා දැඩි දේශ මාමක හැගීමෙන් ඔද ගැන්වුනු සේනාපතියන් කියලයි මම හිතන්නේ. අපේ එල්ලාවල
හාමුදුරුවෝ නං හිතන්නේ මේ අය තනි තනියෙන් 1,100 විතර භට කණ්ඩායමක්
මෙහෙයවපු සේනාපති වරු කියලයි. මීට අනුරූප වර්තමාන හමුදා නිළය මොකක්ද කියල දන්නා
කවුරු හරි කියනු ඇතැයි මං හිතනවා.
ඒ කොහොම වෙතත් මෙන්න දස මහා යෝධයන් ගේ උපන් ගම් හා
යුද්දෙන් පස්සේ ඒ අය කරපු දේවල්.
1. නන්දිමිත්ත
යෝධයා - අනුරාධපුරේ හොරොව්පතාන ප්‍රදේශයේ හෝ වවුනියාවේ පෙරියපුලියන්කුලම ප්‍රදේශයේ
උපන් මොහු පස්සේ කාලෙක යාල ප්‍රදේශයේ බෝවත්තේගල පැත්තෙත් පදිංචි වෙලා ඉඳලා තියනවා.
යුද්දෙන් පස්සේ පුත්තලම පැත්තේ ගම්වර ලබා පින් දහම් කරමින් හිටියලු. මෙතුමාගේ
පරපුර පුත්තලම පැත්තේ නාවික කටයුතු වලට සම්බන්ධ වෙලා හිටපු බවකුත් සඳහන්.
2. සුරනිමල
යෝධයා- මඩකලපු දිස්ත්‍රික්කේ තොප්පිගල ප්‍රදේශයට ආසන්න පැත්තක් උපන් මොහු යුද්දෙන්
පසු කුමක් කලේ දැයි පැහැදිලි නැතත් රජතුමා ගෙන් උපහාර ලබමින් විසු බව සිතිය
හැකියි.
3. මහාසෝණ යෝධයා
- අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේට කිට්ටු මල්වත්ත ප්‍රදේශයේ උපන්නෙකි. යුද්දෙන්
පසු රජු සමග දන් පින් කරමින් ජීවත් විය.
4. ගෝටයිම්බර
යෝධයා - හම්බන්තොට දිස්ත්‍රික්කයේ නෙටොල්පිටිය ප්‍රදේශයේ උපන්නෙකි. යුද්දෙන් පසුව
අනුරාධපුරයේම වසමින් සත් කෝරළයේ වාරි කර්මාන්ත දියුණු කළේය. අදද සත් කෝරලය තුල
පිදුම් ලබන දේවතාවෙකි. පසුව සුප්‍රසිද්ධ ජයසේන නම් යක්ෂයා සමග සටනට පසු රජතුමා සමග
විරසක වී ඉන්දියාවට ගොස් පැවිදිව රහත් විය.
5. ථෙරපුත්තාභය
යෝධයා- මොණරාගල දිස්ත්‍රික්කයේ සිත්තරම හෝ බෝදාගම ප්‍රදේශය මෙන්ම කතරගම ප්‍රදේශයද
මොහුගේ උපන් ගම වී යැයි අදහස් පවතී. පැවිදිව සිට හමුදාවට එක්වූ අතර යුද්දයෙන් පසු
රජතුමාගෙන් කිසිදු වරප්‍රසාදයක් නොගත් මොහු නැවත පැවිදි වී කිරිඳි ඔය සමීප පංසලක
වැඩ වාසය කළහ. පසුව රහත් පලයට පත් විය.
6. මහාභරණ යෝධයා
- මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම මොහුගේ උපන් ගමයි. යුද්දයෙන් පසු රජු සමග පිංකම්
කටයුතු වලට සහභාගී විය.
7. වේළසුමන යෝධයා
- බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ප්‍රදේශයේ උපන්නෙකි. යුද්දය අවසාන වන විට මහලු
වයසේ සිටි මොහු රජු සමග පිංකම් කටයුතු වලට සම්බන්ධ විය.
8. ඛඤ්ජදේව යෝධයා
- මොණරාගල වැල්ලවාය ප්‍රදේශයේ මිද්දෙනිය මොහුගේ උපන් ගම විය. යුද්දයෙන් පසු රජු
සමග පිංකම් කටයුතු වලට සහභාගී විය.
9.ෆුස්සදේව
යෝධයා - රුහුණේ කැලයට දැනට යටවී ඇති ගමක මොහු උපන්නේය. යුද්දයෙන් පසු ඔහු පිංකම්
කර මිය ගිය බව ලියැවී ඇතත් ජන ප්රවාදයට අනුව ඔහු පැවිදි විය. ඇඹිලිපිටියේ සංඛපාල
වෙහෙර ආශ්‍රිතව මෙම තෙරුන්ගේ යයි කියවෙන සොහොනක් ඇතත් එය තහවුරු කිරීමට සාධක නැත.
10. ලභිය්ය වසභ
යෝධයා - රුහුණු ජනපදයේ මාගම අසල ගමක උපන්නෙකි. යුද්දයෙන් පසු රජු සමග පිංකම්
කටයුතු වලට සහභාගී විය.
ඉතිං මම මේ විස්තර යාලුවට කිව්වා.
“ඒ කියන්නේ
පොළොන්නරුවේ ඉපදිච්ච හෝ පදිංචි වෙලා හිටපු, දුටුගැමුණු
රජ්ජුරුවන්ගේ යෝධයෙක් නෑ?”
“ම්හ්...එල්ලාවල
හාමුදුරුවන්ගේ පොතේ විදිහට නං එහෙම කෙනෙක් නෑ....!”
“හැබැයි එළාරගේ
විජිතපුර බලකොටුව තිබ්බේ පොලොන්නරුව පැත්තේ කියල මතයක් තියනවා නේද?”
“ඔව්...සමහරුන්ගේ
එහෙම මතයක් තියනවා...!”
“එහෙම උනා නං
මේ එළාරගේ යෝධයෙක් වෙන්ඩ බැයිද? පැරදෙන බව දැනගෙන පැත්ත මාරු කරපු?”
“හිහ්...හිහ්...!”
“දුටුගැමුණු
රජ්ජුරුවන්ගේ සේනාව ගහගෙන ගහගෙන ඉස්සරහට එනකොට, විජිතපුර බලකොටුවටත් ළඟදීම බබා හම්බ වෙන බව
දැනගෙන, පිට ඉන්න
සතුරු සේනාවත් එක්ක ඩීල් එකක් දාලා, ඒ සේනාවට සෙට් වෙච්ච එළාරගේ සෙබලෙක් වෙන්ඩ
බැයිද මේ යෝධයා?”
“හිහ්...හිහ්...!
ඔව්ව ගැන කතා කරලා වැඩක් නෑ බං. උඹේ ඊගාව ප්‍රශ්නේ කියපං!”
“මචං මේක
ඉකොනොමික්ස් ප්‍රශ්නයක්. 2014 ඉඳන් 2016 වෙනකොට කෘෂිකර්ම
(වැවිලි කර්මාන්ත නැතුව), වන සම්පත් හා ධීවර, විදුලිබල හා
බල ශක්ති, ප්‍රවාහන කියන
අංශ වල දල දේශීය නිෂ්පාදනයට දායකත්ව ප්‍රතිශතය වෙනස් වෙලා තියනවද කියල කියපන්කො?”
ප්‍රශ්නේ අහපු විදියෙම්ම මට තේරුනා මූ මේක හොයලා තියන
විත්තිය. මං මොකටද ආය හොයන්නේ? ඉතින් මම උගෙම්ම ඇහුවා මොකක්ද උත්තරේ කියලා. මෙන්න ඌ
දුන්න උත්තරේ. වගුවක් විදිහට දාන්නේ පැහැදිලි වෙන්ඩ.
අංශය
|
2014 රුපියල් මිලියන
|
2016 රුපියල් මිලියන
|
කෘෂිකර්ම
(වැවිලි කර්මාන්ත නැතුව) වන සම්පත් හා ධීවර
|
640,787
|
726,835
|
විදුලිබල හා
බල ශක්ති
|
77,639
|
86,660
|
ප්‍රවාහන
|
1,288,124
|
1,426,726
|
දල දේශීය
නිෂ්පාදනය
|
10,361,151
|
11,838,975
|
අදාළ අංශ වල
දායකත්වය
|
19.36%
|
18.92%
|
“අඩු වෙලාද? වැඩි වෙලාද?”
“අඩු වෙලා නේද?”
“දේශපාලකයන්ට
ආර්ථිකය හසුරුවන්ඩ පුළුවන්නං ඔය කාල
සීමාවේ ඔය කියාපු අංශ බාරව හිටපු ඇමතිලාට මොකද කරන්ඩ ඕන?”
“මඩු වල්ගෙන්
තලන්ඩ ඕන නේ?!!!”
“ආර්ථිකේට
දායකත්ව ප්‍රතිශතය වැඩි කරපු එවුන්ට වඩා ප්‍රතිශතය අඩු කරපු එවුන් හොඳයි කියල
උන්ට ඉස්සරහදී මුළු ආර්ථිකේම බාර දෙන්ඩ ඕන
කියන නායකයා සරළ ගණිතය දන්නේ නැද්ද බං?”
“ඕව ගැන කතා
කරලා වැඩක් නෑ. මොකක්ද තුන්වැනි ප්‍රශ්නේ?”
“හ්ම්..”
“ඒත් ජෝකර් ගැන
ලිව්වේ නැත්තේ ඇයි? මං ආසයි ඌ ගැන
විස්තර දැන ගන්ඩ”.
“මචං…. ජූකර් කියල කාඩ්
සෙල්ලමක් තියනවලු. ඒකෙ ලොකුම කොලේ තුරුම්පු බූරුවා ලු. ඊ ගාවට ලොකු කොලේ තුරුම්පු
පාටම අනික් වර්ගයේ බූරුවාලු. උදාහරනෙකට කියනවනං තුරුම්පු හාරත නං, හාරත බූරුවා තමයි
ලොකුම. ඊගාවට රුවිත බූරුවා. මේක ටිකක් පැටලිලි සහගත හිංදා ඇමරිකන් කාරයෝ එක්දාස් අටසිය
ගණන් වල අගදී සෙල්ලම පොඩ්ඩක් වෙනස් කරලා, වෙන හිස් කොලයක් පාවිච්චි කරාලු වටිනාම කොලේ
විදිහට. මේ කාඩ් එකට නම වැටුනේ ජූකර් කියලා. ඒ සෙල්ලමේ නමින්. පස්සේ ජූකර්, ජෝකර් උනා.
ඊටත් පස්සේ තමයි ජෝකර් කියන වචනෙට හරියන්ඩ රූපයක් ඇන්දේ. අපි නං ඔය කොලේ පැත්තකින්
තිබ්බට පෝකර් කියන ප්‍රසිද්ධ සෙල්ලමේත් තව සෙල්ලං කීපෙකත් ඔය කොලේ පාවිච්චි වෙනවලු”.
“ඒ කියන්නේ ඔය
ජෝකර් ගේ උපත සිද්ද උනේ හිටපු ලොක්කන් අතරේ පටලැවිල්ලක් බේර ගන්ඩ හිස් කොලයක් උඩට
ගත්තු හිංදා?”
“හ්ම්...”
“ඒ හිස් කොලේ
අපි තාම තියාගෙන ඉන්නවා වැඩකට නැති උනත්?”
“හ්ම්... අපිට වැඩක් නැති උනාට
දන්න එවුන්ට පෝකර් ගහන්ඩ මේ කොලේ ඕන!”
“පෝකර් ගහන්ඩ
දන්නේ නැති අපි වගේ පොඩි උන්ට දැක්කහම හිනා යන්ඩ කාඩ් පැක් එකේ ජෝකර් ඉන්නවා.
නිකමට හිතපන් අන්ධ අයට කාඩ් පැක් එකක් හැදුවොත් කොහොමට හිටීද?”
“ඒ කියන්නේ?”
“ඒ අයට පේන්නේ
නෑනේ. ඉතින් සද්දේ ඇහෙන්ඩ එපාය”
“ඔව්..ඒක හොඳ
අදහසක්!!”
“නිකමට හිතන්ඩ
අපි ඔක්කොම අන්ධයෝ කියලා....එහෙම නං කවුද හොඳම ජෝකර්?”
“කවුද බං?”
“ඇයි යකෝ
ඉතිහාසේ කවදාවත් නොහිටපු චරිතෙකට තමන්ව උපමා කර ගන්න, වැඩ බැරි
දාසලා තොගයක් එක්ක ඔස්තාද් කෙනෙක් කියල හිතාගෙන ඉන්න, හිටපු ලොක්කෝ
අතරේ තිබ්බ පටලැවිල්ලක් විසදා ගන්ඩ ගෙනාපු හිස් කොලයක් වගේ මනුස්සයෙක් කට අරින
අරින පාරට එකකට එකක් ගැලපෙන්නේ නැති කතා කියනවනං ඌ නෙවෙයිද ජෝකර්?”
“හ්ම්.....!!”මම ෆෝන් එක
ඩිස්කනෙක්ට් කළා.
මට රණස්ගල්ලේ හාමුදුරුවෝ ලියපු ලෝකෝපකාරේ කවියක් මතක්
උනා.
පුන් සඳට තෙවුනා - තරුත් අමරැස් පතුරුවන්නේ
නිරිඳුන් පවතිනා - පණතමය පවතිනේ මැතිඳුන්
පුන්සඳ නිසා බබළන තාරකාත් අමාරැස් පතුරුවයි. ඒ අන්දමටම
ඇමතිවරු පවතින්නේත් රජවරුන් පවතින්නාවූ සම්මතයෙහිමය!!!
ආශ්රිත ග්රන්ථ
දුට්ටගාමිණී අභය මහරජතුමාගේ දශමහා යෝධයන් සහ තවත්
දෙදෙනෙක්- පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි. දයාවංශ ජයකොඩි සහ සමාගම (2008)
2016 වාර්ෂික
වාර්තාව - ශ්‍රී ලංකා මහා බැංකුව (2017)
රණස්ගල්ලේ හිමිගේ ලෝකෝපකාරය - වැලිගම සීලානන්ද නාහිමි
සංස්කරණය. ඇම්.ඩී.ගුණසේන සහ සමාගම (2009)
කට්ටකඩුව කියන්නෙ ඉකොනොමැට්ටගෙ බොජුන්හල ඇරුනම මනුස්සයෙක්ට කියවලා යමක් ඔලුවට ගන්න තියෙන තවත් ලිවිල්ලක්. මේකෙ පින යන්ට ඕනෑ දම්පාට ජීවනට.
ReplyDeleteඔය කියන ජෝකර් අඳින්නේ ජාතික නැසනල් ඇඳුම නේද?
සුරංග මලයා දම් පාට ජීවන තුමාගේ ලිපිය , මාතලන් සහ අටම් තුමාලගේ සින්ඩිකේටර, සහ බොහෝ දෙනා ගේ බ්ලොග් රෝල් වල පිහිටෙන් තමයි කට්ටකාඩුව පැත්තට සෙනග එන්නේ. ඒ පැමිණීම තමයි තව ලියන්ඩ තියන පෙළඹවීම. ස්තූතියි නිතරම මේ පැත්තේ ඇවිත් අපිව දිරි ගන්නන එකට.
Deleteඔය හාදයා ජාතික නැෂනල් එක නිල වශයෙන් ඇඳගෙන ඉන්නේ. හැබැයි කියන කතා වලට මට හිතෙනවා කවුරුහරි එතුමාට සීතාම්බර පට සළුව අන්දවලාද කියලත්!!
බබා හම්බ වෙනවා කියන යෙදුම වැඩිපුරම යෙදුණේ ආමි සාමාජිකයන් අතරෙයි. උඹ කොහොමද මල්ලි ඒ කතාව හොයාගත්තේ?
ReplyDeleteඅද කතාව මරු බං. උපහාසය උත්ප්රාසය දැනුම ඔක්කොම තියෙනවා. හරිම රසයි.
ඇත්තටම හැලප තුමනි මම දැනං හිටියේ නෑ එය හමුදා සොයුරන් අතර භාවිතා වූවක් බව. එය අපේ ගමේත් බහුලව භාවිතා වෙනවා. සමහර විට අපේ ගමේ බොහෝ තරුණයන්ට තියන එකම රජයේ රැකියාව වෙච්ච හමුදාවෙන් මේ වචන ගමට එකතු උනා වෙන්ඩ පුළුවන්. හැමදාම වගේ ඔබේ දිරිගැන්වීමට බොහොම ස්තූතියි.
Deleteබ්ලොග් ලියුම් කලාවේ අපූර්වත්වය මෙයයි!අලංකාරවත්,සියුම්වත් වචන ගලපා ඇති රචනාවේ සුන්දරත්වය !මෙවැනි නිර්මාණශීලී දූ පුත්තු ලක් මවගෙන් දුරස්වුනේ ඇයි? අපේ කරුමය නිසාය.ඒ වගත් එසේමැයි !
ReplyDeleteලලිත් ගුණවර්ධන තුමනි බොහොම ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට. හැබැයි මට හිතෙනවා අපේ රටේ නිර්මාණාත්මක වැඩ අඩු වෙන්ඩ හේතුව අර 56 දී තක්කඩියෙක් කරපු වැඩේ කියලා. අපේ පරම්පරාවේ හුග දෙනෙකුට ඉංග්‍රීසියත් ඒ හින්දම අලුත් තාක්ෂනෙත් ආගන්තුකයි. වාසනාවට අද බිහිවෙන පරපුරට ඒ ශාපය වැදෙන්නේ නැති තරං. ඉතින් හෙට එච්චර කළුවර නෑ!!!
Deleteඔබ තුමාගේ මතය හරි.56 තක්කඩි වැඩේ අපිව කෑවා.උන් උන්ගේ පරම්පරාවලට තවත් පාර හදා ගත්තා.හැබැයි උන්ට පුලුවන් ඉංග්‍රීසි විතරයි,මොළේ නෑ.
Deleteපට්ට නිර්මාණයක් ...නියමයි ..
ReplyDeleteශෂී තුමනි ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට!!
Deleteමේක ඇක්සොලන්ට්... උත්ප්රාසය ඉහලින්ම...
ReplyDeleteමම බුකියේ ෂෙයාර් කරනවා...
ස්තූතියි මාතලන් තුමනි. ඔබලාගේ දිරි ගැන්වීම් බ්ලොග් නවකයන් වන අපට මහා මෙරක් තරම් වටිනවා!!
Deleteයුද්ධෙන් පස්සේ රජු සමග පිංකම් කටයුතු වලට සහභාගී විය....!
ReplyDeleteඅදට ගලපගන්නේ කොහොමෙයි ඉතිං මේක...!
සෑහෙන කාලෙකින් නිර්මානාත්මක බ්ලොග් ලිපියක් කියවන්න ලැබීමම මදැයි...!
බ්ලොග් වලට හොඳ කලක් යාවි...!
ජයවේවා කට්ටකාඩුවෙ ලොකූට...!
යුද්ධෙන් පස්සේ රජතුමයි යෝධයෝ ඔක්කොමයි ගොඩාක් පින්කම් කටයුතු කොළා. මේ යෝධයාගේ එක පිංකමක් ජාත්‍යන්තරේටම හිට් උනා. ඔට්ටේලියාව පැත්තෙන්.
Deleteස්තූතියි චෙෆාකි තුමනි. මෙතුමා ඔය පිංකම් වලට වෙන්ඩ ඇති වැලි, හාල් එහෙම එකතු කරා කියල අපේ යට ඇඳුම් විශේෂඥ ඇස්.බී. තුමා ඉස්සර කිව්වා මතකයි.
Delete++++++
ReplyDeleteThank you!!
Deleteවදින්න ඕනෑ තැනට වදින්න. ඒත් උපහාසය හා දැනුම සමග.
ReplyDeleteස්තූතියි නයනේ තුමනි...අපිට පුලුවන්නං අපි දන්නා දේ කියල දෙන්ඩ තව කෙනෙකුට, මිනිස් වර්ගයාටම යහපතක් කළා වෙනවා. උපහාසය තිබ්බම මතකේ හිටිනවා වැඩියි නේද? ස්තූතියි ඔබේ අදහසට.
Deleteඉස්තරම්!ඉස්තරම්!!ඉස්තරම්!!!
ReplyDeleteස්තූතියි ඔබේ අගය කිරීමට. දිගටම මේ පැත්තේ එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Deleteනියමයි.
ReplyDeleteවිහිළුවෙන් එහෙම දැනුම බෙදා ගන්න ඒක. ජිවිතේට අමතක වෙන්නෑ. ඉතිං
ස්තූතියි ඔබේ අගය කිරීමට. දිගටම මේ පැත්තේ එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
DeleteWhat a talent!!! Excellent.
ReplyDeleteThank you very much for appreciation!!
Deleteහප්පා .. තනි ඇහැට ඇඬෙනවා ...
ReplyDeleteමෙහෙම ගියොත් මුළු රටටම ඇඩෙයි අනොපිලිස් තුමනි. ස්තූතියි ඔබේ අදහසට.
Deleteනියමයි ... හුඟක් දෙවල් ඉගෙන ගත්තා...මරු ලියවිල්ලක්...
ReplyDeleteස්තූතියි ඔබේ අගය කිරීමට. දිගටම මේ පැත්තේ එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Deleteමෙන්න මේ වගේ ලිපි ලියවෙනවනං බ්ලොග් වසන්තය දිගටම තියේවි කියන බලාපොරොත්තුව නැති වෙන්නෙ නෑ.
ReplyDeleteදැනුමත්, උපහාසයත් අපහාසයක් නැතුව දීපු මෙම ලිපිය ඉතා අගෙයි.
බ්ලොග් වසන්තය දිගටම පවතීවි. තව සඳරු ලා, තව සුරංග ලා, තව අටම ලා, තව හැලපලා බිහිවෙන කල් කොහොම හරි ඇදගෙන යමු!!!
Deleteස්තූතියි අගය කිරීමට!!
මටනම් මේ යෝධයෝ කතාව ටිකක් අවුලක්.මේ යෝධයෝ කිව්වේ ඇත්තටම් ඇඟ ලොකු අයටද එහෙම නැත්නම් ටිකක් අනිත් අයට වැඩිය ශක්තිය තිබ්බ අයටද.ඒ කාලේ ඔච්චර යෝධයෝ හිටියනම් ඇයි මේ කාලේ එක්කෙනෙක්වත් නැත්තේ.ඒ කාලේ පෝෂණය හොද හින්දද?
ReplyDeleteමම දන්නවා ඔබ තුමා ආහාර ගැන විශේෂයෙම්ම අලුත් තාක්ෂණ විධි ක්‍රම පාවිච්චි කරලා ගෙදරදීම ගුණවත් ආහාර නිපදවීමට කටයුතු කරන බව. අපි ප්‍රාර්ථනා කරමු ඔබ තුමා අදුන්වලා දෙන්ඩ යන අලුත් තාක්ෂණ ක්‍රම වලින් නැවතත් යෝධයෝ බිහිවෙයි කියලා!!
Deleteඅජූත සෙල්ලම් කරල තියනවද? කොයිතරම් කියවල තිබුනත් මං පෝකර් ඉගන ගත්තෙ ලඟදි. ඕමි, 304 සහ බ්‍රිජ් තමයි වැඩිය කලේ. ඒත් අජූත බලන් ඉඳල තියනවා. ඔක්කොටම වඩා ෆැසිනේටින්
ReplyDeleteඒක නෙමෙයි කැකොෆොනික්ස් මොකටද?
නෑ ප්‍රා ජේ තුමනි මම ඒ සෙල්ලම දන්නේ නෑ. ඇත්තටම මම දන්නේ 304, ඕමි සහ බූරුවා ගහන්ඩ විතරයි. අපේ ගමේ ජාතික ක්‍රීඩාව බූරුවා ගැසීම!! කැකොෆොනික්ස් කියන්නේ හරි සුන්දර චරිතයක් කට අරිනකල්. මම කැමතිම දර්ශනය තමයි සිද්ධියක් ඉවර වෙලා ගමේ උදවිය පාටියක් දාද්දි කැකෝ ව බන්දලා දාලා ඉන්න දර්ශනය. මට හිතුනා මේ කතාවේ ප්‍රධාන චරිතෙත් එහෙම කැකෝ කෙනෙක් නේද කියලා...
Deleteමට පොඩි කාලේ දස මහ යෝධයෝ කිව්වම මැවිල පෙනුනේ සුමෝ ක්‍රීඩකයො වගේ මහත අඩි හතක් අටක් උස මිනිස්සු ටිකක්.
ReplyDeleteසෙව්වන්දිය තුමියනි අද කාලේ තමයි කද බඩ තියන අපි වාගේ එව්වෝ යෝධයෝ විදිහට සැලකෙන්නේ. ඉස්සර හිටපු අය බොහොම කාර්ය ශූර මිනිස්සු. නිකමට හිතලා බලන්ඩ ඔය යෝධයෝ කෙරුවා කියන වැඩ කරන්ඩ නිකමෙකුට පුලුවන්ද කියලා. මෙතෙන්ට අදාළ නොවුනත් මම මගේ දෑහින් දැකලා තියන ලොකුම යෝධයා ගැනත් කියන්නං. එතුමා අඩි පහ මාරක් විතර උස ඇති හීන්දෑරි මනුස්සයෙක්. ශාන්ත තෝමස් විද්‍යාලෙන් ඉගෙන ගෙන හමුදාවට බැඳුනා. විශ්‍රාම යනකොට මේජර් ජෙනරාල් වරයෙක්. ඔහු තමයි විශේෂ බලකාය හැදුවේ. සටනට සිංහයෙක්. සාමාන්‍ය ජීවිතේ ශාන්තුවරයෙක්. දන බිම ගහලා වඳින්ඩ උනත් සුදුසුයි. කවදාවත් තමුන්ගේ යුද ජයග්‍රහණ කියලා පම්පෝරි ගහන කෙනෙක් නෙවෙයි. නම කියන්නේ නැත්තේ එතුමා ප්‍රසිද්ධියට එතරම්ම අකමැති නිහඩ චරිතයක් හිංදා. හැබැයි දන්නෝ දන්නවා මේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යෝධයෝ උනත් පරද්දන තරමේ චරිතයක් කියලා.
Deleteලොකු මලය සෑර්,
ReplyDeleteසී සී මොනවාද ලොකු මලය සෑර් මේ ලියල තියෙන කතා.හරියට හොයල බලන්නේ නැතුව මේ වගේ කතා ලියනවද? බොහොම කැතයි.
මොකද ඔය ලොකු ලොක්කෝ ආවට ගියාට ඔය කතා කියන්නේ නැහැනේ. අනික එල්ලාවල උන්නාන්සෙත් පොඩ්ඩක් විතර ඉතිහාසෙත් 'නවල' ඇතිනේ. අර හිටපු ජනපතිතුමාගේ මල්පැණි දන්සැල ගැන කිව්ව ඉස්ටෝරි බලනකොට.
මෙන්න ලොකු මලය සෑර් 'නවපු' නැවිලි. හොඳට බලාගන්ඩ.
1. තනි තනියෙන් 1,100 විතර භට කණ්ඩායමක් මෙහෙයවපු සේනාපති වරු යෝධයෝ නං, ලංකාවේ යුද, ගුවන්, නාවික සේරෝටමට -ලක්ස ගානකට-ලොක්කා මහා යෝධයෙක් වෙන්ඩ එපායැ.නැද්ද මං කියන්නේ.
2. කාර්ය ශූරත්වයෙන් - මඩු වලිග ප්‍රහාර, කඩු සටන්, කොමිසන් වලට සුරයෙක් නොවෙයිද? , මයිලෝ වානා සහ තවත් දෑ තියෙනවා තව ඕනෙමනං
3. ස්ථානෝචිත ප්‍රඥාවෙන් - සෙනිකවම පැත්ත මාරු කිරීමේ මනා හැකියාව හිටං, අන්න ස්ථානෝචිත ප්‍රඥාවෙන් කොරපු වැඩ, තැනට සුදුසු නුවණ ඒ කියන්නේ TSN එක.
4. යුධ උපායෙන් - 96න් ආණ්ඩු හැදීමේ ක්රමයම යුධ උපායක් නොවෙයිද සෑර්. චන්දෙ ලංවෙලා ආසියා කොළ ටික තියාගෙන පැක් එක පාර්ලිමේන්තුවට දෙන්නේ ගේම ගහන්ඩ. අන්න උපායශීලිත්වය, කාටද එව්වා පිහිටලා තිබ්බේ ලංකාවේ.
5. දැඩි දේශ මාමක හැගීමෙන් ඔද ගැන්වුනු - ඕස්ට්‍රේලියන් (ඒ රටේ සිංහල නම මං දන්නේනැහැ - සිනුවර වගේ හොඳ සිංහල නමක් ඒකටත් ඇති නමුත් මං දන්නේනැහැ. සොරි හොඳේ) සුද්දොන්ගෙන් අන්තිම සතේ දක්වා - කොන්ත්‍රාත් මුදලට අමතරවත් - හූරගත්තේ රට ගැන හිතලා දේශ මාමක හැගීමෙන් නොවෙයිද හිටං?
දැන් ලොකු මලය සෑර් නෑ බෑ නොකියා හොඳ සෑර් වගේ මෙන්න මේ දේ විතරක් මට හොයල දෙන්ඩකෝ.
මොකක්ද? ඔය එක පොතකවත් කොහේ හරි තියෙනවද කියල බලන්ඩ 'ආප්ප කන්ඩ කැමති' යෝධයෙක් ඉඳල තියෙනවද කියල.
ඒක හොයා ගත්තොත් බඩේ බත් වගේ ඔය යෝධයා නං අර අහවල් යෝදයාම තමයි.
(දන්නෙම නැත්තන් අපේ මරවින් ඇමතිතුමාගෙන් වත් අහල බලන්ඩකෝ, මොකද එයා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නෑදෑයෙක්ලුනේ. එයා දන්නවා ඇති.)
ජයවේවා!
හැට්ටර් සර් තෑන්ක් යූ වේවා කමෙන්ට් එකට. මෙන්න ඔබ තුමාට උත්තර කීපයක්.
Delete1. මගේ හමුදා මිතුරෙක් අද කිව්වා 1,100 විතර නායකත්වය දෙන්නේ අද කාලේ හැටියට කර්නල් වරයෙක් නැත්නම් බ්‍රිගේඩියර් වරයෙක් කියලා. එතකොට එතනින් ඉහල අයට අවස්තාවක් තියනවා තමුනුත් 'යෝධයෙක්' කියලා පෙන්නන්ඩ!! මෙන්න ඉඩ- දෙන්න වැඩ!!
2. මට ඇහුන්නෑ!
3. ඇහෙන්නෙ නෑනෙ මක්ක කියනවද කියල....!!
4. සිග්නල් අඩුද කොහෙද...ඇහෙන්නෙම නෑ!!!
5.පීක්....පීක්...පීක්....
(මෙව්වට උත්තර දෙන්ඩ ගියොත් හෙට අනිද්දා සුදු වෑන් එකකින් මාව උස්සන්ඩත් බැරි නෑ...දැනට නැති උනාට මේ යෝධයා අද කියන දේට හාත් පසින් වෙනස් දෙයක් නේ හෙට කරන්නේ...ඉතින් කවුද දන්නේ සුදු වෑනුත් එයිද කියලාඅ හෙට අනිද්දා!!!)
ලොකු මලය සෑර්,
Deleteබි. පෙ. සි.!
ඉස්සෙරලා නං විහිලුවට කිව්වේ දැන්නං ඇත්තටම තේරුනේ නෑ!!!
Deleteලොකු මලය සෑර්ගේ පිළිතුර පංකාදු පහයි.
Deleteමම කිව්වේ බිම පෙරළෙමින් සිනාසෙමි, අර සිංහලෙන් කියන්නේ LOL කියල,
අප්පද පුතේ කවුද්දන්නේ එහෙම කෙටි යෙදුං? ස්.නැ.හ!!!
DeleteExcellent Hatter and Lokka, kiyala vadak nae!
Deleteමේක නං මරු මචෝ ....
ReplyDeleteඒ දවස්වල පැගිර කිව්වා වගේ අපේ උපංගෙයි වේ$ ගතිය හින්ද ද කොහෙද ගියපාර පත්තරේ දාලම උස්සල දුන්න ....සූපින් කොලයක් කියල...
දැන්නම් මේ කෙලින පිස්සුවේ හැටියට මේ අමුතු ඇටේ ගේම් ඔක්කොම 304 තමා මචං...
එක්කෝ වහල ගහනවා... නැත්තං කින්ඩිය දාගෙන ඇරලම ගහනව.....
ස්තූතියි දිරි ගැන්වීමට....දිගටම කට්ටකාඩුව පැත්තට ගොඩ වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.කොයි පැගිරා ගැනද ඔබතුමා ඔය කියන්නේ?
Deleteමේක නම් එල.දෙන එක දීලා තියෙනවා කනේ වැලි ගෑවෙන්නම.ජයවේවා .තව ලියමු.පත්තර කඩමාලු වල තියෙන දේශපාලුවන්ගේ ගොන්පාට් කියවලා එපාවෙලා තියෙන්නේ.බ්ලොග් ලෝකය සුන්දර තැනක් .
ReplyDeleteස්තූතියි දිරි ගැන්වීමට....දිගටම කට්ටකාඩුව පැත්තට ගොඩ වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Deleteමේක ලංකා ඊ නිව්ස් එකෙත් ගියා... ජය වේවා
ReplyDeleteමචං අර ගාන නම් තේරුනේ නෑ අගය වැඩි වෙද්දි ප්්රතිශතය වැඩි වෙලාද?
ReplyDeleteමෙහෙමයි මද්දා තුමනි. සංඛ්‍යාත්මකව ඒ ඒ අංශ වල දායකත්වය වැඩිවෙලා තියනවා. ඒත් රටේ සමස්ථ ආර්ථිකයේ වර්ධන වේගයට වඩා අඩු වේගෙකිනුයි ඔය කියපු අංශ වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනිත් අංශ වලා දායකත්ව ප්‍රතිශතය වැඩිවෙලා එහෙම නාත්තන් මේ අංශ වලට වඩා වැඩි වේගෙකින් අනිත් අංශ වර්ධනය වෙලා.
Deleteඔබේ ලියැවිලි හැමෝටම කියවන්න පුළුවන්. නවක වදය දීපු වදකයින්ට සමාව දුන්නු හැටි , පඩ අතට ගත්ත හැටි වගේම මේ ලිපිය ඉසව් ගණනක් පුරා දුවනවා ...
ReplyDelete