Monday, March 26, 2018

උඩරට මැණිකෙට - අන්තිම කොටස



ඔන්න ඉතිං සුද්දව අල්ලගෙන  කෝච්චි පාරක් හදන්ඩ ට්‍රයි එකක් දුන්න විදිහ ගැන මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. ඒ ලිපි ආපහු බලන්ඩ ඕන නං මෙන්න පළවෙනිලිපියට සම්බන්ධතාවය. මෙන්න දෙවැනි එක. 


අර කවුද කට්ටඩි රාළ කෙනෙක් යකෙක් ව බැඳ ගෙන වැඩ ගත්තු කතාව දන්නවනේ. ඒත් යකාට දෙන්ඩ වැඩ තරං හරි හමං වැඩක් නැති වෙච්චි කොට අර මොකක්දෝ එකක් කෙලින් කරන්ඩ අභියෝගයක්  දුන්නු කතාවත් දන්නවනේ. හොරා වගේ බොරුවට නෑ දන්නේ නෑ කියන්ඩ එපා මම දන්නවා බොලා ඒ කතාව දන්නවා කියලා.

ඉතිං අපිත් සුද්දට දුන්නේ ඒ වගේ වැඩක්. සුද්දට අපිව එපා වෙලා, කප්පං ගෙවලා, මෙහෙන් නිදහස් වෙලා යන දවසක් ඇත්නං එදා වෙනකල් කොර කොර ඉන්ඩ තමයි මේ කෝච්චි පාරෙ වැඩේ උන්ට පංගරාර්තු  කොලේ. පහුගිය ලිපි දෙකින් කිව්වේ අපේ බලාපොරොත්තු සපල කරමින් කෝච්චි පාර හදන්ඩ ගිහිල්ලා සුද්දා දස අතේ ඇණ ගත්තු විදිහ. දවසක් දෙකක් නෙවෙයි බොලව් අවුරුදුම දහ අටක් උං එලෝ මෙලෝ නැතුව කම්පනා කොලා කොහොමෙයි මේ වැඩේ ඉවර  කියල. ම්හ්...කිසියම්ම කිසි අයිඩියා එකක් ආවේ නෑ.
ඒ විදිහට වැඩක් ලෑන්තරස් උනාම අපි මොකද කරන්නේ? වැරැද්ද වෙන මොකෙක්ගේ හරි ඇගේ ගහන්ඩ කොමිසමක් පත් කරනවනේ. අන්න සුද්දත් අපෙන් ඒක ඉගෙන ගත්තා. උනුත් පත් කළා "තේරීම් කාරක සභාවක්"! ඒ කවද්ද දන්නවද ? නෑ නේ. එහෙනං දැන ගල්ලා එහෙම කලේ 1861 ජූනි 8. මේ කමිටුවෙන්, මොල්ස්වර්ත් කියලා අලුත් මිනුංදෝරු මහත්තැන් කෙනෙක් ලව්වා අලුත් පාරකුත් සිතියං ගත කළා. 

ඉස්සරලා කෝච්චි පාර යන්ඩ තිබුනේ ගඩදැස්ස කියන ප්‍රදේශයෙන්ලු. අලුත් මිනුංදෝරු මහත්තැන් පාරක් හොයා ගත්තා දෙකඳ හරහා යන්ඩ. ඔය ගඩදැස්ස කියන්නේ වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ උස්සාපිටිය හා මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල යා කරමින් සරළ රේඛාවක් ඇන්දොත් ඒ මැද හම්බ වෙන ගඩදැස්ස පැත්ත වෙන්ඩ ඕන. ඒ කියන්නේ මහ කඳු සහිත පැත්තක්. ඊට වඩා වර්තමාන රේල් පාර දිවයන අලගල්ල හා බලන කඳු අතර ප්‍රදේශය වෙන්ඩ ඕන දෙකඳ කියන්නේ. හරියටම මේ ස්ථාන තියන සිතියමක් මට හොයා ගන්ඩ බැරි උනත් වෙබ් සෙවුම් දෙක තුනකින් ලැබුනේ ඔය කියන ප්‍රදේශ දෙක ගැන විස්තර. මේ ප්‍රදේශ දෙකේ සාමාන්‍ය භූ විෂමතාවය ගැනත් පොඩි අදහසක් තියන හිංදා මම හිතනවා මේ පාරවල් දෙක හරිය කියල. කාට හරි මේ ස්ථාන තියන සිතියමක් හම්බ උනොත් බොහෝ දෙනාගේ දන ගැනීම පිණිස බෙදා හදා ගන්ඩ අමතක කරන්ඩ එපා.

මේ අලුත් රේල් පාරට යයි කියල හිතපු ඇස්තමේන්තුව පවුම් 1,439,117. ඒ කියන්නේ අද ලංකාවේ රුපියල් වලින් හිතුවොත්  මිලියන් 35,500!!! එහෙම නැත්තං කෝටි 3,550.

ගිය පාර අමතක නොවෙන ඇණ ගැනිල්ලක් ඇණ ගත්තු හිංදා එංගලන්තේ ආණ්ඩුව මදුරාසියේ හිටපු ඉංජිනේරුවෙකුත් ගෙන්නලා බැලුවා මොල්ස්වර්ත් කියන කතාව ඇත්තද කියල. මිනිහත් කිව්වා "හරි... හරි" කියල. 

ඉතින් ටෙන්ඩර් කැඳෙව්වා ලංඩන් වල දී 1862 ජනවාරි වල. ඒත් අගෝස්තු වෙනකල් ටෙන්ඩර් එකක් වත් ආවේ නෑ. කොහොම බයක්ද තියෙන්ඩ ඇත්තේ ඒ කාලේ? ඔය අතරේ වතු කාරයෝ බදු ගෙවනවා ඕසෙට. රේල් පාර පේන තෙක් මානෙක නෑ. 

අන්තිමට වතුකාරයෝ ඉල්ලුවා එංගලන්තේ බිස්නස් කාරයන්ගෙන් මේකට මැදිහත් වෙන්ඩ කියල. ඔන්න දැන් ටෙන්ඩර් හයක් ආවා. ඒකෙන් අඩුම එක ඉදිරිපත් කරලා තිබ්බේ ඩබ්ලිව්. එෆ්. ෆෙවියෙල්. පාර හදන්ඩ පවුම් 873,039 කුත් හත් අවුරුද්දකට පාර නඩත්තු කරන්ඩ තව පවුම් 155,400 කුත් ඔහු ඉල්ලුවා. 1863 පෙබරවාරි 2 කොන්ත්‍රාත් එක අස්සං කළා.
වැඩේ ඉවර කරන්ඩ දින දාගෙන හිටියේ 1867 පෙබරවාරි පළමු වෙනිදට. ඒ කියන්නේ අවුරුදු හතරක් ඇතුලත වැඩේ කරලා ඉවර කරන්ඩ ඕන!

රේල් පාර සම්බන්ධයෙන් තියන වත්කම් බැරකම් සංසන්දය කරලා බලපුවම පවුම් මිලියනයක් විතර හිගයි. මේ හිගය පියව ගත්තේ ණයකර නිකුත් කරලා. ඒ කියන්නේ එදත් අද වගේම තමයි ණය වෙලා තමයි වැඩ කලේ.  හැබැයි ඒ කාලේ ණය වෙලා හැදුවේ මිනිස්සුන්ටත් බිස්නස් වලටත් වැඩක් තියන කෝච්චි පාරවල් . අද හදන්නේ නෙලුම් කුළුණ වගේ දේවල්!!

1863 අප්‍රේල් වෙනකොට සේවකයෝ 3,000 එක්ක ෆෙවියෙල් බරටම වැඩ පටං ගත්තා.
ආපු බාධක අනන්තයි. වැස්ස කාලෙදි ගංවතුර.... පොළොවේ පය ගහන්ඩ බෑ ලිස්සනවා බණ්ඩක්ක වගේ. පායන කාලෙදි මැලේරියාව. ඒ මදිවට කොලරාවත් තිබ්බා. කැලණියට පස්සේ, ඒ කියන්නේ කොළඹ ඉදං හැතැම්ම පහක් ගිය වෙලේ පටං හෙන මඩ වගුරු උඩින් තමයි පාර යන්ඩ තිබ්බේ. 28 වැනි හැතැම්ම  ඉඳං 50 කණුව වෙනකල් මැලේරියාවෙන් මැරිච්ච ගාන නිමක් නෑ. කන්ද පටං ගත්තු 50 කණුවේ ඉඳන්, වැඩියක්ම 53 හැතම්මේ ඉඳං 65 වෙනකල් බෑවුම 451 යි!!! මේක කරන්ඩ බැරි වැඩක් හින්ද බිං ගෙවල් නවයක් හදන්ඩ උනා. දෙකඳ බෑවුම පුරවන්ඩ යාර 30 ක පස් පිරෙව්වා. යාර 180 දිගට. ඔක්කොම පස් වැඩ ඝන අඩි 220,000ක්!

මේ ස්වභාවික ප්‍රශ්න මදිවට වැඩට මිනිස්සු නැති ප්‍රශ්නෙත් තදින් බලපෑවා. අපි ගියෙ නෑ ඩෝ සුද්දගේ රේල් පාරේ වැඩට!!. ඌට ඕනනං හදපුවාවේ, අපි ආතල් එකේ ඉම්මු කියලයි ඒ කාලේ ලංකාවේ මිනිස්සු හිතුවේ. අපි එදත් එහෙමයි!! අදත් එහෙමයි!!! කොටිම්ම වැඩේ කොච්චර දරුණු උනාද කියනවනං දවසක කුලිය දෙගුණයක් කරන්ඩ උනා 1865 දී. ඔය අතරේ ඇමරිකානු සිවිල් යුද්ධය පටං ගත්තා. ඒ මදිවට එංගලන්තේ වැඩ වර්ජන රැල්ලකුත් පටං ගත්තා. මේ ඔක්කොම හිංද බඩු වල මිල 30-40% අතර ප්‍රමානෙකින් වැඩි උනා කියලයි කියන්නේ. මහන්සි වෙලා වැඩි කමට ෆෙවියෙල් අසනීප උනා. එයාට ආපහු එංගලන්තෙට යන්ඩ උනා 1865 දී. ඒ වෙලාවේ එයාගේ දෙවෙනි පෙලේ නිලධාරියො පිස්සු කෙලින්ඩ පටං ගත්ත. ඔය කාලෙම ගොංගිතොටදී මහ අනතුරක් වෙලා 36 දෙනෙක් මැරුණා. ෆෙවියෙල් ලෙඩ අමතක කරල ආපහු ලංකාවට ආවා බාර්ස ගත්තු වැඩේ ඉවර කරන්ඩ.

ඔන්න හැතැම්ම 34.5 හදල ඉවර කරල ඒ කියන්නේ කොළඹ ඉඳන් අඹේපුස්සට පාර බාර දුන්නා 1865 ඔක්තෝබර් 2. එතන ඉඳන් පොල්ගහවෙලට තව හැතැම්ම 10.5 බාර දුන්නා 1866 නොවැම්බර් 1. සම්පූර්ණ පාරම හැදුවා 1867 අගෝස්තු 1 වෙනකොට. හැබැයි මතකනේ පොරොන්දුව. අවසන් කල යුතු දිනය පෙබරවාරි 01. ඒ කියන්නේ වැඩේ මාස හයක් ප්‍රමාදයි!! ප්‍රමාද වෙන හැම මාසෙකටම පවුම් 2,500 ගානේ ආණ්ඩුවට වන්දි ගෙවන්ඩ ඕන කොන්ත්‍රාත් කාරයා. ඒ මදිවට ෆෙවියෙල් පොරොන්දු වෙච්ච ගානට වඩා පවුම් 201, 044 වැඩිපුර වියදම් කරලා. ඒ කියන්නේ කොච්චි පාර හදන්ඩ ගිය සම්පූර්ණ වියදම පවුම් මිලියන් එකයි තව පවුම් හැත්තෑ හතරදාහකුයි. එහෙම නැත්තං අද කාලේ රුපියල් මිලියන් 24,905! 

ඒ කොහොම උනත් ආණ්ඩුව ෆෙවියෙල් කරපු වැඩේ අගය කළා. ඒ හිංද අර වන්දි මුදල ගත්තෙත් නෑ වැඩිපුර පවුම් 58,202 කුත් දුන්නා. ලංකාවේ මිනිස්සුත් ෆෙවියෙල් ට පවුම් 600 ක ටිප් එකක් දුන්නා!!

හදන්ඩ හිතපු  ඉඳලා අවුරුදු 22 යනකොට ඔන්න ලංකාවට රේල් පාරක් හදා ගන්ඩ පුළුවන් උනා. මෙන්න ඊට පස්සේ ප්‍රගතියේ කඩඉම් කීපයක්.

කොහේ ඉඳන් කොහාටද                                               ඉවර කරපු දවස

පේරාදෙණියේ ඉඳන් නාවලපිටියට                                 1874 දෙසැම්බර් 01
නාවලපිටියේ ඉඳන් නානු ඔයට                                      1885 මැයි 20
නානු ඔය ඉඳන් හපුතලේට                                             1893 ජූනි 19
නානු ඔය ඉඳන් රාගලට                                                  1904 ජූලි 01
හපුතලේ ඉඳන් බණ්ඩාරවෙලට                                      1894 සැප්තැම්බර් 03
නුවර ඉඳන් මාතලේට                                                      1880 ඔක්තෝබර් 04
කොළඹ ඉඳන් කළුතරට                                                  1879 සැප්තැම්බර් 22
කළුතර ඉඳන් බෙන්තොටට                                            1890 මාර්තු 31
බෙන්තොට ඉඳන් ගාල්ලට                                               1894 මැයි 07
ගාල්ලේ ඉඳන් මාතරට                                                      1895 දෙසැම්බර් 17
පොල්ගහවෙල ඉඳන් කුරුනෑගලට                                  1894 පෙබරවාරි 14
කුරුණෑගල ඉඳන් අනුරාධපුරේට                                     1905 නොවැම්බර් 01
කන්කසන්තුරේ ඉඳන් අනුරාධපුරේට                              1905 අගෝස්තු 01
මරදාන ඉඳන් යටියන්තොටට                                           1903 සැප්තැම්බර් 14

ඒ කියන්නේ 1963 ඉඳන් 1903 කියන අවුරුදු හතළිහේ දී ලංකාවේ කොච්චර රේල් පාරවල් හැදිලා තියනවද කියල ආපහු ටිකක් හැරිලා බලමු. හොඳයි ඊට පස්සේ අපි හදා ගත්තු රේල් පාරවල් මොනවද? මම දන්න තරමින් අනුරාධපුරේ ඉඳන් මිහින්තලේට ප්‍රේමදාස ජනාධිපති තුමා පාරක් හැදුවා. ඒ ඇරෙන්ඩ වෙන පාරවල් තියනවද කියල මම දන්නේ නෑ. හැබැයි අපි කැලණිවැලි මාර්ගයේ කොටසක් වහලා දැම්මා.

අපිට අවුරුදු  කලින් රේල්ලුව ඇත වින්ද ඉන්දියාව අපිට වඩා අවුරුදු සිය ගානක් ඉස්සරහට ගිහිං කෝච්චියේ නැගලා. දැන් ඔවුන් අධි වේගී දුම්රිය ධාවනය ගැනත් හිතනවා. අපි තාමත් උඩරට මැණිකෙට පට කුඩ ගෙනියන්ඩ විතරක් කෝච්චිය පාවිච්චි කරනවා. ඒකයි මම කිව්වේ සුද්දා පිට අහු උනා කියල. මේක අපේ රට නං මේ රට දියුණු කරන්ඩ අපිට ඕන නං කෝ අපි කරපු වැඩ? සුද්ද නොහිටියනං අපි කවදා රේල් පාරවත් හදයිද? එක අතකින් අධිරාජ්‍යවාදය ගැන හිතන කොට දුකයි. ඒ අපිව හූරගෙන කාපු හිංද. හැබැයි එහෙමයි කියල අපි මොකද කරලා තියෙන්නේ? ඒ ගැන හිතන කොට ඊටත් වඩා දුකයි!! 

21 comments:

  1. කරපු වියදං කන්දරාවයි කාපු කට්ටයි එක්ක ගත්තහම උන් පව් තමා බි ....ඔය ටික උන් කරලා දීලා ගියා මිසක් අපේ උන් කොරයි අහවල් එක ... දවසට හාරසීයේ පඩියට මිනිස්සු හොයන සමාගං කාරයෝ ඉන්න රටක් මේත

    ReplyDelete
    Replies
    1. අටං තුමනි රුපියල් දහදාහට මාසයක් කඹුරන කී දාහක් මේ රටේ ඉන්නවද? දවසක් වැඩට නොගියොත් 500 කපනවා. හයි වැඩට ගියාම හම්බ වෙන්නේ 333! පොල් ගෙඩියක් 80. හාල් කිලෝ එක 80. එතකොට ඉතුරු 120 න් අනිත් හැම දේම කර ගන්ඩ ඕන. මේක යකාගේ රටක්!!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අර පොත්තපිටියෙන් ඇවිත් අලගල්ල පල්ලෙන් බේරෙන කුනුඇලේ තියන දිය ඇල්ලට ඔය දෙකඳ වගේ නමක් තියේ

      Delete
    2. ඇණ තුමනි ඒ දිය ඇල්ලට කියන්නේ දෙකඳ ඇල්ල කියලද? ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  3. //පොල්ගහවෙලට තව හැතැම්ම 10.5 බාර දුන්නා 1966 නොවැම්බර් 1// 1866 වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න. ඔව් ඔබ හරි. මම ඒ වැරැද්ද හැදුවා ඔබ එය පෙන්නා දීමෙන් පස්සේ.

      Delete
  4. ඔය වගේ කට්ටක් කාල ලංකාවෙ මිනිස්සුනං කවදාවත් ඕක හදයි කියල හිතන්න බෑ සුද්දන්ට පුකේ අමාරුව තිබුණට.
    අඩුම ගානෙ අර වහල දාපු කැළනිවැලි ලයින් එක රත්නපුරට වෙනකල්වත් දික් කරගත්තනං හොඳ ගානක් හොයාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම කොහොමද රේල් පාර දික් කරලා? එතකොට බව්සර්, කන්ටේනර් වගේ දේවල් මහපාරේ යවලා ට්‍රැෆික් එක වැඩි කරන්නේ කොහොමද? එහෙම ට්‍රැෆික් නැති උනොත් මිනිස්සු හිතයි මේ රට නොදියුනුයි කියලා.

      Delete
  5. Loku malli ayye..

    kathawa nam sahathika atta
    sudda loku nayak gewwe ape rata allagena.

    loken uthum rata lankawayi....

    ReplyDelete
    Replies
    1. Malli sudda gewwa naya gana hithanne nathuwa puluwannan aayeth suddawa allaganna widihak kalpanaa karamu.

      Delete
  6. මම කලින් පොස්ට් එකකත් දැම්ම වගේ ඇත්තටම් අපිට මෙරට සුද්දට ආයේ බාරදෙන්ඩ බැරිද.මල ඉලව් නිදහසක් ගැන කතා කෙරුවට කොහෙද ඕක තියෙන්නේ.අපේ දේශපාලකයන්ට ඕන හොරකම් කරන්ඩයි බලයේ ඉන්ඩයි විතරයි.

    ReplyDelete
    Replies
    1. 1948 නිදහස වැඩියෙන්ම ඉල්ලුවෙත් මෙහෙ දේසපාලකයො, නිදහස ලැබුනෙත් උන්ට තමයි. 1972 ජනරජ එකෙන් තවත් වැඩියෙන් දේසපාලකයින්ට ඕනෙ විදිහට කරන්න ලැබුනා. ඉන් පස්සෙ දිගටම උන්ට තමයි. දැනට රටේ විදිහට දේසපාලකයින් වැඩියෙන්ම වරප්‍රසාද බුක්ති විඳින රටක් මේක. සමහරවිට ඉතා දියුනු රටවලටත් වඩා. ලැබුන නිදහසෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන් වැඩි දියුනු වුනු සාර්තක දේසපාලකයින් ඉන්න රටක් සිරි ලන්කාව

      Delete
    2. @ දසනායක මහතා - තව එක දෙයක් ඒ අයට ඕන....තම තමුන්ගේ නෝනලා, දුවලා, පුතාලා, සහෝදර සහෝදරියන් ඇතුළු හත් මුතු පරම්පරාවම දේශපාලනේට ගා ගැනීම.
      @ ප්‍රා ජේ - ඔබේ අදහසත් එක්ක එකගයි. හොයල බලන්ඩ ඕන ඒ ඒ රටේ දළ ජාතික නිෂ්පාදනේට සාපේක්ෂකව ඒ ඒ රටේ නායකයන්ගේ වියදම් කොහොමද කියලා.

      Delete
    3. @Elder younger bro of shell-sword,
      //හොයල බලන්ඩ ඕන ඒ ඒ රටේ දළ ජාතික නිෂ්පාදනේට සාපේක්ෂකව ඒ ඒ රටේ නායකයන්ගේ වියදම්//
      +++++++++++
      Pl. do an analysis and write a post.

      Delete
  7. පව් බං ෂුඩ්ඩා

    ReplyDelete
    Replies
    1. මෙච්චර වලිකාලා කෝච්චි පාර හදා ගත්තට කෝපි වගාව 1869 අගදී විනාශ වෙලා ගියා. ඊට පස්සේ තමයි තේ වැවිල්ල පටං ගත්තේ. පව් නැද්ද සුද්දා? අපිට එහෙම උනා නං දෝසෙ පටවන්නේ ඇස් වහට, කට වහට, දෙයියෝ කෝප වීමට, රාහු අපලෙට. පව් නේද අපි?

      Delete
    2. තව ස්කේප් එලුවෝ තිබේ-
      වත්තක බංගලාවක් පන්සලකට ඉහලින් ඉදිකිරීම, බටහිර අදිරාජ්ජවාදී කුමණ්ත්‍රන, පොහොරවල බූත දෝස, බහු ජාතික බූවල්ලන්, ෆැක්ටරියේ බහිරව පාද, චීන බාල බඩු, මලගිය ප්‍රානකරුවෙක් කෝපි පඳුරට වැහීම, ධනවාදයේ දුර්වලතා, නාත දෙය්යෝ කිව්ව විදිහට කෝපි නොකැඩීම, ඉන්දීය ව්‍යාප්තවාදය, රාවණාගේ අති දියුණු තාක්ශනයෙන් කෝපි අණු වෙනස් කිරීමේ රහස වැලලීයායම

      Delete
  8. ලොකු මලය සෑර් දැන් නේ වැඩේ මීටර් උනේ. මේ සුද්දා නිදහස දුන්න එක.
    අපි මහා ලොකුවට හිතාගෙන හිටියට සෑර් සුද්ද අපිට නිදහස දුන්න කියල, බලාගෙන යනකොට ඒක ඉල්ලලා තියෙන්නෙත් අන්තිමේ ලැබුනෙත් අපේ දේසපාලක කස්ටියටම නේ. ඒගොල්ලෝ ඒ ලැබුණු නිදහස නියමාකාරයෙන් බුක්ති විඳිනවා. තම තමන්ගේ පවුල් හරහා, නවලොවට ගැලපෙන ලෙස, එකසිය ගානට, වැඩිදියුණු කරගෙන දෙනවා ඇස්ටි හැලෙන්ඩම. අපි නිදහස ඉල්ලුවේ නෑනේ ඉතින් ඒක නිසා අපිට ඒක දෙන්නෙත් නැහැ. කෝමද අප්පා දැන් මේ නිදහස ඉල්ලන්නේ....

    තෑන්ක්ස් සෑර්. කෝච්චියෙන් හිහින් හරි මේක තේරුං කරලා දුන්න එක නං ලොකු දෙයක්!! තෑන්ක්ස් ඈ...මේක නං මාර උදව්වක්..

    ජයවේවා!

    ReplyDelete