ගියපාර කතාව අපි නැවැත්තුවේ සයිකිගෙන් උණු තෙල් පාරක්
කාපු කියුපිඩ් පොර ටෝක් එකකුත් දීලා අතුරුදහන් වෙලා ගිය තැනින්. කට්ටකාඩුව කියවන
කාටවත් දිව්‍ය ඥාණයක්, නොමැකෙන මතකයක් එහෙම
තියෙනවා කියල මම හිතන්නෙ නෑ. ඉතිං එහෙම අය ආපහු
පාරක් මෙන්න මේ ලින්ක් එක හෙවත් සබැඳිය උඩ ක්ලික් කරලා ඒ කොටස බලලා එන්ඩ.
කාට හරි මේ ලිපි පෙලේ පළමු කොටස බලන්ඩ අමතක උනා නම් මෙන්න ඒකට සබැඳිය.
ගිය කොටසේ අපි අහන්ඩ ආරාධනා කලේ මින්දද හී සර ගීතය. ඕකෙ මං ආසම කොටසක්
තියෙනවා.
මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද?
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ...
ගායකයා ආරාධනා කරන්නේ චන්දන මල් ඇතිරූ යහනට වඩින්ඩ කියලා...කාටද?
කන්ද කපා පායන පුන් සඳට...ඇත්තටම ලස්සනම පුන් සඳ දකින්ඩ පුලුවන් වෙන්නෙ 'කන්ද කපා හඳ පායන' දවසට! ඒ කියන්නේ පසළොස්වක පෝයට පස්සෙ
දවසට. අනේ ඒ ලස්සන, පිරුණු හඳ තියෙන වෙලාවට නෙවෙයි මිනිස්සු
වැඩි වැදගත්කමක් දෙන්නේ ඊට කළින් දවසට! අන්න ඒකයි මට හිතෙන්නෙ
මේ ගායකයාට මින්දදයාගේ හී සැරේ වැදිලා තියෙන්නේ ජීවිතේ යොවුන් විය ටිකක් ඉක්ම ගිය
වෙලාවක කියලා. ඒත් එයා තාම පුන්සඳ, හඳුන් මල් ඇතිරූ යහනට
වඩින්ඩ කියල බොහොම ගෞරවාන්විතව ආරාධනය කරනවා. මේ වැඩේ තවත් දුක්බර
වෙන්නේ ඊළග පද පේලියෙන්.
තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ....
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා...
අපේ සාහිත්‍යයේ නිල් කියල කියන්නෙ සාමාන්‍යයෙන් කළු පාටට. ඒ කියන්නේ අශ්වයෙක්
පිටේ නැගලා වගේ වේගයෙන් ඇදිලා යන්නේ කලු පාට වළාකුළු. කළු වළාකුළු ඇදිලා
යනවා කියල කියන්නෙ, අහස පැහැදිලි වෙනවා
කියන එකයි. ඒ කියන්නේ කන්ද කපා වඩින හඳ හොඳින් බලාගන්ඩ
පුලුවන් පැහැදිලි අහසක් උදාවෙමින් තියෙන්නේ...අපේ මේ මදක් වියපත්,
ප්‍රේමයෙන් ආතුර වූ පෙම්වතා ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නේ එයාගේ හිත අරගත්
පෙම්වතිය එනකල් වෙන්ඩ පුළුවන්... සමහර විට ඔහුගේ ප්‍රේමය
තවම ‘ඒ පෙම්වතිය’ නොදන්නවා වෙන්නත්
පුළුවන්.
කවුද දන්නේ සයිකි එක්ක පටලැවිලි හදාගෙන ඉන්න කියුපිඩ්ට
අමතක උනාවත්ද කියලා ඒ ‘පෙම්වතියට’ රන් හීයෙන් විදින්ඩ?
ඉතිං කෝ අපේ කියුපිඩ්?
මට මතක් වෙන්නෙ අපේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයාව. “දවසක් පැල නැති හේනේ”,
අකාල මහ වැහි වහිද්දී, බිරිඳගේ සෙනෙහස වතුරේ
ගසාගෙන යද්දි ඔහුට මතක් උනේ අම්මාව. මං හිතන්නේ ඕනෑම
පුතෙකුට මේක සාධාරණයි. කියුපිඩ් කියන්නෙත්
දෙවියෙන් උනාට අන්තිමේදි ගත්තම පුතෙක්. ඔහුත් ගියා අම්මා- වීනස්- ගාවට. කියුපිඩ් ට සහෝදර සහෝදරියෝ තොගයක් හිටියා.
ඇන්ටෙරොස් එහෙම නැත්තං ඇන්ටි ඊරොස්- එයා තමයි ඊරෝස් එහෙම නැත්තං කියුපිඩ් ගේ විරුද්ධවාදියා. එයා ප්‍රධානත්වය දරන්නේ තම තම්න්ගේ කැමැත්තෙන් ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්නන්ට. ඔයාලට හිතුනේ ඊරෝස්ගෙ විරුද්ධවාදියා කිව්වම මේ යෝධයා දික්කසාදෙට අධිපති කියලද. නෑ එහෙම නෙවෙයි. එයා තමයි අම්මලා තාත්තලාට කරදර කරන්නේ නැතුව තම තමුන්ම ආදරය සොයා යන්නන්ගේ දෙවියා. කට්ටකාඩුවේ ලොකු මලයා වගේ අයට අධිපති මෙයා තමයි.
හිමෙරෝස්- ලිංගික ආශාවේ අධිපති. මොකද හිතන්නෙ මෙයා ගැන?
පොතොස්- බලාපොරොත්තු වීමේ, බලා හිඳීමේ අධිපති. මං හිතන්නේ මේ කියන්නේ ප්‍රේමය බලාපොරොත්තුවෙන් බලා හිඳීම ගැන වෙන්ඩ ඕන. මොකද මුළු පවුලම ප්‍රේමය, විවාහය වගේ දේවල් සම්බන්ධ තනතුරු දරද්දී මෙයා විතරක් වෙනස් වෙන්ඩ බෑනේ....
හයිමෙනායියුස් - මංගල උත්සව වලට අධිපති. හරි නං ඔය හැම මංගල උත්සව ශාලා කුළියට දෙන තැනකම මෙයාගේ ප්‍රතිමාවක් හදන්ඩ ඕන.
හාමෝනියා, ෆෝබෝස්,
ඩෙයිමෝස්- ඊරෝස් ගේ තවත් සහෝදර
සහෝදරියන්. උන් මොනව කලාද කියල දන්නෙ නෑ...සමහර විට ඔය එක්ස්ට්‍රා
මැරිටල් හෙවත් ගංජ හේන් නොහොත් කොටු පැනිලි වගේ දේවල් වලටද දන්නේ නෑ!!
හැබැයි ඉතිං ඔහේලාත් දන්නවනේ අම්මලා ගැන. වැලකට කොච්චර ගෙඩි
තිබ්බත් බරක් නැතිලු. ඒ වගේ තමයි වීනසුත්. කරණීය මෙත්ත සූත්රයේත්
කියන මවක් සිය එකම දරුවා රකින්නා සේ ආදරයෙන්, සැලකිල්ලෙන්, තව දරුවෝ ගණනක්
හිටියත් වීනසුත් කියුපිඩ්ව ආදරෙන් තමුන්ගේ භාරයට අරගෙන වෙද හෙදකම් කරන්ඩ පටන්
ගත්තා. ඕනෑම පුතෙක් වගේ අම්මාගේ තුරුලේ කියුපිඩ්
සුව වෙන්ඩ පටන් ගත්තා.
ඔය දෙවියො අතරෙත් ඉන්නවා ආයිබොවන් කේළංකාරයෝ. ඔන්නොහොම එකෙක් හෝ
එකියක් ඇවිත් වීනස්ගේ කනේ තිබ්බා කවුද මේ තෙල් වත්කරේ කියලා.
"වීනස් නංගියේ උඹට කියන්ඩ...මට හරි අමුතු කතාවක්
ආරංචි උනානෙ අද!"
"ඒ මොකක්ද?" වීන්ස් කියුපිඩ්ට
පත්තුවකට බේත් අඹරන ගමන් උත්තර දුන්නා.
"දෙවියො කතාවෙනවනෙ උඹට හොඳ වැඩේය උනේ...අර උරචක්කරමාලෙ තෙල්
වක්කරල හදාපු තුවාලෙට අන්තිමට උඹටයි බේත් හේත් කරන්ඩ උනේ කියල".
"කොයි උරචක්කරමාලෙද?"
"ඇයි උඹ දන්නෙ නැද්ද?"
"මං දන්නෙ කොහොමද?"
"සයිකි බං සයිකි! අඩුම ගානෙ අපේ එක
දේවතාවියක්වත් හිටියෙ නැද්ද උඹේ කොලුවට සහේට ගන්ඩ?! මොකෑ උං ලස්සන නැතුවද?
මේ අදද හෙටද ජීවිතේ ෂුවර් නැති මනුස්ස දුවක් අල්ලගත්තේ??"
"උඹ කවුරු කියලද කිව්වෙ?"
"සයිකි බං සයිකි.... අර රජ්ජුරුවන්නෙ දුව!"
"උඹ ඔය ඇත්තමද කියන්නෙ? අපේ එකා අල්ලගෙන
තියෙන්නෙ අර දහපදුරාවි සයිකිද?"
"ජුපිටර්පල්ලා මේ කියන්නෙ ඇත්ත!. මං හිතුවෙ උඹ දන්නවා ඇති කියල. අනේ කේළමක් කිව්ව කියල නං හිතන්ඩ එපා ඕං!!"
වීනස්ට මල පැන්නා. යකෝ අපේ එකාට වෙන ගෑණු නැද්ද මේ අඩු කුළේ (දෙවියොත් එක්ක ගත්තම රාජ කුමාරිත් අඩු කුලේනෙ නේද) එකියක්ව අල්ලගන්ඩ! අනික වීනස්ගෙ ඩිමාන්ඩ් එකට වඩා ඩිමාන්ඩ් එකක් තිබ්බ හිංදා ශාප කරපු කෙල්ලව තමන්ගෙ පුතා සහේට අරං කියල දැනගත්තම කොයි අම්මාට උනත් දැනෙන හැඟීම වීනස්ටත් දැනෙන්ඩ ඇති.
නෙද්දකින් ඕකා...කොහෙද ඉතිං මදන විසේ
ගහපුවම මුන්ට තමුන් කවුද කියන එක අමතක වෙනවනේ!!
මෙහෙම හිතලා රෙද්දත් කැහපට ගහං වීනස් යන්ඩ පටං ගත්තා
සයිකිව හම්බ වෙන්ඩ. තමන්ගෙ පුතා හම්බ වෙන්ඩ නෙවෙයි යන්නේ. පුතාට කැමැත්ත දුන්න සයිකිව හම්බ වෙන්ඩ. හම්බ වෙලා හොඳවයින්
දෙකක් කතා කරන්ඩ.
ඔය අතරෙ සයිකිත් නිකං හිටියේ නෑ. මට සයිකි හිතන හැටි
ලියන්ඩ කම්මැලි හිංදා ඒ වැඩේ බාරදුන්නා
ටීටර් නාට්‍යවල දෙබස් ලියපු ඒබරං උන්දැට. මෙන්න සයිකිගේ කල්පනාව.
"අහෝ.. මා ප්‍රේම කුමරුවානන්! රජිදානන් ප්‍රේමයේ ! මා දමා ගියේ
සදහටමද ඔහු? නැවත කිසිදා ඔහු නොපැමිණෙන්නෙහිද මා සොයා දෙවියනි?
අහෝ හෘදය වාවා ගත නොහැකිය කුමරුණි මාහට !...දැන්ම යා යුතුය මා පිටත්ව ඔහු සොයා...ඔහු සිටින්නෙහිද කිනම් දෙසක ?
මා සැරිසරන්නෙමි මගේ සම්පූර්ණ ජීවිතයම... ඔහුව සොයමින් . ඔහුගේ හෘදයේ බිඳුවක්
තරම්වත් ප්‍රේමයක් මා කෙරෙහි නැතත්, මා ඔහුට පෙන්වා දෙමි, මා හෘදයේ ඔහු කෙරෙහි
වූ ප්‍රේමය කෙතෙක් විශාලදැයි! . (පසුබිමෙන් “ප්‍රේමාලෝකය නිවී ගියාගීතය” ගැයේ. ගයන්නේ ජමුනා රාණි සමග
මොහිදින් බෙග් නම නොදත් දෙවියෙක් එක්ක දේවතාවියක්).
ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපය මා හද තියා ගියා
වැටුණ මලක් එම අත්තෙහි හා වෙද
ආලය ඒ ලෙස කැඩී ගියා....
සයිකිට හිතෙනවා වීනස් ගාවට ගිහින් බැගෑපත් වෙන්ඩ. වීනස් දේවතාවියක් ඇයට
පේනවා ඇති තමුන්ගේ පුතා ඉන්න තැන. කවුද දන්නෙ වීනස් ගාවම
ඉන්නවද කියල. මම ගිහිං බැගෑපත් වෙලා,
අඬලා දොඩලා ඔහු ඉන්න තැන අහගන්නවා. එහෙම හිතලා සයිකි යන්ඩ
පටං ගත්තා වීනස් හම්බ වෙන්ඩ. දැන් වීනස් කෝ?
වීනස් එනවා සයිකිය හොඳවැයින් දෙකක් කතා කරන්ඩ. ඔන්න දැන් දෙන්නට
දෙන්න අතරමගදි හම්බ උනා.
"පියකරුබවට අධිපති, ලොවන් අන් සියළු
කාන්තාවන් පාමිළි කල, වීනස් මහා දේවතාවියනි,
අහෝ මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ ප්‍රේම කුමරු සිටින තැනක් මා හට පෙන්වා
දුන මැනව!"
"එහෙම ලේසියෙන් එව්ව කරන්ඩ බෑ. ඒකට චැලෙන්ජ් තුනක් ජය
ගන්ඩ ඕන".
"පවසන්න.. පවසන්න..නොවළහා පවසන්න. මා අභියෝගයන් තුනකට
නොව දහසකට වුවද මා ප්‍රේම භෘංගරාජයා වෙනුවෙන් මුහුණ දීමට කැමැත්තෙමි!"
"ආ...එහෙනං අද ඉර බහින්ඩ
කලින් මෙන්න මේ ඇට ගොඩ වෙන වෙනම වර්ග වලට වෙන කරපිය" කියලා තිරිඟු,
පොපි, කුරහන් වගේ පොඩිම පොඩි ඇට තියෙන ධාන්‍ය වර්ග ගණනාවක්
බතලේගල, අලගල්ල, බලන වගේ තොග පිටින්
ගෙනැල්ලා එකට මිශ්‍ර කරලා දුන්නා සයිකිට.
සයිකි දැන ගත්තා මේක නං අර බලු වලිගේ ඇද අරිනවා වගේ
වැඩක් තමාය. මාව අන්නවන්ඩ දීපු වැඩක් තමාය කියල. ඒත් දැන් පරක්කු
වැඩියි. අභියෝගය බාරගත්තනේ. ඉතිං බැඳගත්ත බෙරේ
ගහන්ඩම ඕන.
තව වැදගත් දෙයක් තියෙනවා. ඔතන ඔය අලගල්ල,
බලන වගේ කඳු වල නම් මං අතින් දාපුවා උනාට තිරිඟු,
පොපී, කුරහං එහෙම නැත්තං මිලට් වගේ දේවල් ඔරිජිනල් කතාවෙම
තිබ්බ එව්වා. ඒ කියන්නෙ මේ භෝග දෙවියන් අතරෙත් තිබ්බද?
නැත්තං වඩා ප්‍රායෝගිකව හිතුවොත් පැහැදිලි වෙන විදිහට දේවකතා හදපු මිනිස්සු
මේ වෙනකොට ඔය භෝග දැනගෙන හිටියද? මිනිස්සු මේ භෝග වර්ග
දැනගෙන හිටියා නම් ඒ කියන්නෙ ඒ භෝග වර්ග ඒ වෙනකොට ගෘහස්ථීකරණය නොහොත්
ඩොමෙස්ටිකේෂන් කරගෙන. ඒ කියන්න තවත්
විදිහකින් ගත්තොත් මානවයා දඩයම් යුගය පහු කරගෙන ගොවිතැන යුගයට ඇවිල්ලා. මට ඇත්තටම හිතෙන්නේ දඩයම්
යුගයෙදි මිනිස්සුන්ට තිබ්බ විවේක කාලය හුගක් අඩු වෙන්ඩ ඇති. ඉතිං ඒ කාලෙ දෙවියෝ
හිටියා නම් හිටියේ බොහොම සරළ විදිහට වෙන්ඩ ඇති. ගස්,
ගල්, දිය පාරවල්, සත්තු ඒ කාලෙ වන්දනාවට
පත් වෙන්ඩ ඇති. හැබැයි ගොවිතැනත් එක්ක වැඩි කාලයක් ඉතුරු
වෙනකොට, ලොකු ජනාවාස හැදිලා මානව ශිෂ්ටාචාරය පටං ගන්න කොට,
අපි ඒ සරළ දෙවියන්ව මහා ආටෝප සහිත දෙවිවරුන් දේවතාවියන් බවට පත් කර ගන්ඩ
ඇති. සමහරවිට දෙවියන් ගැන භයක් මිනිස්සු තුල ඇති
කරලා, මිනිස්සුන්ව අන්දලා ලොකු ලාභයක් ලබාගන්ඩ පුලුවන් කියලා
තේරිච්ච පූජකයොත් මේ දේවකතා හදන්ඩ දායක වෙන්ඩ ඇති. මේ ගැන හෝඩුවාවක් ගන්ඩ නං ගොවිතැන මත ග්‍රීසිය,
රෝමය හරි ඉන්දියාව හරි තරම් යැපුනේ නැති දඩයක්කාර ජීවිත රටාවට වඩා කිට්ටු
ජීවිතයක් තිබ්බ නෝර්ඩික් පළාතට යන්ඩ වෙනවා.
සයිකිගේ කතාව ඊළග පෝස්ට් එකට තියලා අපි යමු පොඩි ගමනක්.
ගමන යන්නේ ග්‍රීසියේ ඉඳන් උතුරු පැත්තට. සීතල නෝර්ඩික් ප්‍රදේශයට. හරියටම කිව්වොත් ඩෙන්මාර්ක්, නෝර්වේ, අයිස්ලන්තය, ස්වීඩනය වගේ රටවල් තියෙන පැත්තට. එහෙත් තියෙනවා හරි අපූරු දේව කථා සාහිත්‍යයක්. සමකයට ආසන්න ආසියාවේ වගේම යුරෝපයේත් ඒ වගේම
උත්තර ධ්‍රැවය ආසන්න නෝර්ඩික් පලාත් වලත් මිනිස්සු, මිනිස්සුම තමයි. එහෙත් ජීවිතය, ආදරය, අස්වැන්න එහෙම නැත්තං ඵලදාව, මරණය වගේම අටලෝ දහමෙ අනිත් අංගත් පොදුයි. ඉතිං එහෙ මිනිස්සුත් ආදරය ගැන හිතපු විදිහ
කොහොමද කියල බලමු.
මේ හැම දේව කතාවක්ම උපදින්නේ ඒ ඒ රටවල තිබ්බ දේශගුණික, සාමාජික, සංස්කෘතික වටපිටාව එක්ක. මේ ඔක්කොම කියන්ඩ ගියොත් අපේ කතාව නීරස වෙන
හිංදා මම නෝර්ඩික් දේව පුරාණය විතරක් ඉතා කෙටියන් කියන්නම්. කට්ටකාඩුවට මේ අවුරුද්දෙ ‘දෙවියන්ගේ වැඩ’ කියල අලුත් කැටගරියක් එක්කහු කරේ එක එක රටවල
දෙවිවරු කරපු කියපු දේවල් ලියන්ඩ. ඉතිං ඉස්සරහට මේ
නෝර්ඩික් දෙවිවරුන්ගේ අනිත් අය ගැනත් කියවෙයි. එහෙම වෙලාවක නෝර්ඩික් දෙවිවරු ඇති වෙච්ච
හැටි විස්තර ඇතුව ලියන්නං.
නෝර්ඩික් විශ්වාසය අනුව මුලින්ම තිබ්බෙ මහා හිස්තැනක්. ඔන්න ඔය හිස්තැනින් තමයි යිමීර් නැත්තං
ඉමීර් කියන යෝධයා බිහිවෙන්නෙ. ඔහුගෙන් අනිත් යෝධයෝ වර්ගයක්
බිහිවෙනවා. ඔවුන්ට කියන්නෙ යොට්නාර්
කියල. තනි තනියෙන් ගත්තම මේ යෝධයන්ට කියන්නෙ
යෝට්න් කියල. ඇත්තටම ඔවුන් දෙවිවරු
නෙවෙයි. හැබැයි අනෙක් දේවකථාවල
දෙවිවරුන්ට විතරක් ලැබිච්ච තැන නෝර්ඩික් කතාවල දෙවිවරු සහ යෝධයන් අතරෙ බෙදිලා යනවා. සමහරවිට නෝර්ඩික් කථා යෝධ කථා සහ දේව කථාවල මිශ්‍රණයක්ද කියල
හිතෙන තරමට එකට එකක් බැඳිලයි තියෙන්නෙ. දෙවිවරුන්ගේ උපත සිද්ධ
වෙන්නේ අද්හුම්ලාගෙන්. අද්හුම්ලා එළදෙනක්. ඇය අයිස් කැටයක් ලෙව කාපු හිංදා තමයි ඒ
අයිස් කැටයෙන් පළමු දෙවියා බිහිවෙන්නේ. ඒ බියුරි. ඔහු තමයි සුප්‍රසිද්ධ ඕඩින් ගේ සීයා. ඇත්තටම ඔවුන් අයිති වෙන්නේ එක දේව ගෝත්‍රයකට. ඒ ඒසිර් දෙවිවරු. අනිත් දේව ගෝත්‍රය තමයි වානිර් දෙවිවරු. ලස්සනම වැඩේ කියන්නෙ ඒසිර් දෙවිවරු අතරෙ එක්කෙනෙකුත්
වානිර් දෙවිවරු අතරෙ එක්කෙනෙකුත් ආදරය, විවාහය වගේ කාරණා ගැන
සමබන්ධකමක් දැක්වීම. ග්‍රීක දෙවිවරු වගේ එක
එක කාරණාවලට අදාල වෙන වෙනම දෙවිවරු නෝර්ඩික් පළාතේ හිටියේ නෑ. අඩුම තරමින් මුල්ම දේවකථාවලදි. පස්සෙන් පහු වෙනකොට තමයි අර වැඩේට මෙයා, මේ වැඩේට අරයා කියලා පංගුපේරුවේ වැඩ පටං
ගත්තේ.
නෝර්ඩික් දෙවිවරුන්ගේ ඒසිර් ගෝත්‍රයේ විවාහය, මව් පදවිය ආදිය ගැන අධිපතිත්වය දරන්නේ ෆ්රිග්. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒසිර් දෙවිවරුන්ගේ රජු විදිහට සැලකෙන ඕඩින් ගේ බිරිඳ. ඕඩින් තමයි යුද්ධයට, ඥානයට, කවිකමට අධිපති දෙවියා. ඕඩින් ඥානය ලබාගන්නේ එක ඇහැක් දන්දීලා. ඇස් දෙකම තිබ්බ ඕඩින්ට නුවණ ලැබුනට පස්සේ ඉතුරු වෙච්ච එක ඇහෙන් උනත් වඩා හොඳින් ලෝකය පෙනෙන්ඩ පටං ගත්තා කියලයි කියවෙන්නේ. දැන් ඉතිං කඩප්පුලි කමට මගෙන් අහන්ඩ එපා ඕඩින් ෆ්රිග්ව බැන්දේ නුවණ ලබාගන්ඩ ඉස්සරද පස්සෙද කියල. බලන්ඩකො ඕඩින්ගේ අමාත්‍යාශ විශයයන්. යුද්ධයත් එක්ක කවිකම. යුද්ධයත් එක්ක ඥානය! මොන විහිලුද අප්ප මේ? හා නිකමට හිතල බලන්ඩ යුද්දෙත් එක්ක කවිකම තියෙන්ඩ පුලුවන්ද කියල.
ඔන්න ඉතිං තවත්
කෙනෙකුට කියන්ඩ පුලුවන් ඕක අද අපි එකපාර දැක්කට ඕඩින්ට ඇස් දෙකම තියෙන නුවණ නැති
කාලෙ තමයිය යුද්ධෙට අධිපතිකම බාර ගත්තේ, ඇහැක් නැතිවෙලා හරි
නුවණ පහළ උනාම එයා කවිකමයි ඥානයයි බාර ගන්ඩ ඇති කියල. තව කෙනෙකුට කියන්ඩ පුලුවන් ඕඩින්, ෆ්රිග්ව බැන්දෙත් නුවණ......නෑ එක්කොත් මොකටද නේද? තවත් වැදගත් දෙයක්.. වෙන කිසිම ආලයේ දෙවියෙක් මව් පදවියේ
දෙවියාත් උනේ නෑ. අඩුම තරමේ සාරවත් බවේ, ඵලදාවේ දෙවියා උනෙත් නෑ. ඉන්දියාවෙදි, ග්‍රීසියේදි, රෝමයේදි, කමකට නැති, ඵලදාවකින් කෙලවර නොවෙන ප්‍රේමයනුත් තියෙන්ඩ
පුලුවන් කියල මිනිස්සු හිතපු හිංදාද ඒ ? නෝර්ඩික් ප්‍රදේශයේ
නම් මේ ප්‍රේමය, විවාහය සහ මව් පදවිය
එකට එක්වෙලා, වෙලිලා තිබ්බද?
අනේ අද නං එහෙම නැතිලු. ලෝකෙ කසාද වලට සාපේක්ෂව වැඩිම දික්කසාද ප්‍රමාණයක්
වාර්තා වෙන්නෙ නෝර්ඩික් රටවල් වලින් කියලයි සමහර වාර්තා කියන්නේ. දික්කසාද ප්‍රමාණය
වැඩිවීමට හේතු විදිහට විශේෂඥයෝ දකින්නේ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය ඉහළ යෑම, ආගමික බලපෑම් අවම වීම, සමාජය තුල දික්කසාදය තහනම් අඩවියක් නොවීම, දික්කසාදය ලබා ගැනීමට ඇති නීතිමය බාධාවන්
අවම වීම වගේ කාරණා. ඒ කියන්නේ ආයෙත් ලෝකය
යමින් ඉන්නේ ආදරය කියන්නේ එකක්, විවාහය කියන්නේ තවත්
එකක් කියන තැනටද? ඉන්දියානු, ග්‍රීක, රෝම දේවකතාවල තිබ්බෙත් එහෙම නැත්තං නොකියා
කිව්වෙත් මේ කතාවමද? හා නිකමට හිතල බලන්ඩ
මං කියන්නෙ බොරුද කියලා.
ඕඩින්ටයි ෆ්රිග්ටයි බොල්ඩර් කියල ලස්සන පුතෙකුයි හෝඩ්
කියල බාගෙට අන්ධ පුතෙකුයි හිටියා. හෝඩ්, ලෝකි කියන මායාවේ දෙවියාට රැවටිලා බෝල්ඩර්ට
කරපු දේ වගේම හෝඩ්ගෙන් පළිගන්ඩ ඕඩින් රින්ඩ් කියන යෝධි එක්ක සංවාසයේ යෙදිලා වාලි
කියලා තවත් පුතෙක් ලබා ගත්තු හැටිත් නෝර්ඩික් දේව කතාවල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඕඩින්ගෙ ප්‍රසිද්ධම පුතා, තෝර් ලැබෙන්නෙත් ෆ්රිග්ට නෙවෙයි. තවත් යෝධියක් වෙච්ච යෝර්ග්ට. යෝර්ග් කියන්නේ පොළොව එහෙම නැත්තං පෘතුවිය
කියලත් සමහරු කියනවා. තමුන්ගේ මනුස්සයා මේ
අවලං වැඩ කරන එක ෆ්රිග් දැන හිටියේ නෑ කියල කවුරු කොහොම කිව්වත් මම නං විශ්වාස
කරන්නේ නෑ. මොකද අන්තිමේදී ගත්තම
ෆ්රිග් කියන්නේ ඒ ඒසිර් දේව ගෝත්‍රයේ රැජින. ඉතිං රජ්ජුරුවන්ට වගේම රැජිනටත් කේළං කියල බඩ
කට පුවරවා ගත්තු කේලං කාරයෝ නෝර්ඩික් පළාතේ හිටියේ නෑ කියලද කියන්නේ? හා නිකමට පොඩ්ඩක් හිතලා බලන්ඩ. මං හිතන්නේ ෆ්රිග් ඔය ගම්මැදි හෑලි නොදැන
හිටියා නෙවෙයි ඒත් එයාට දීලා තිබ්බ විවාහයේ සහ මාතෲත්වයේ කටු ඔටුන්නත් එක්ක එයා ඒක
දරාගෙන ඉන්ඩ ඇති. මේ ලොකේ ඉන්නෙ බොහෝ
ගැහැණු අදත් හෙටත් දරාගෙන ඉන්නවා වගේ. හෙන් රි ජයසේන මහත්තයා කුවේණි නාට්‍යයේ කියනවා වගේම....
සදා කාලෙම ලොව පහළ වූ
සදා කාලෙම ලොව පහල වන
කුවේණියමයි එකම ගැහණිය
එදා උපනත් අද උපන්නත්...
ඇයයි දුක් පීඩා විඳින්නේ
ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ
ඇයයි යකිනිය නම් ලබන්නේ....
ෆ්රිග් උනත්, කොච්චර දේවතාවියක්
උනත් අන්තිමට ගත්තම කුවේණි වගේම කාන්තාවක්!
අදට ඔය ඇති. ඉකමනින්ම ඊළග කොටසත් අරන් මං එන්නම් ජීවත්ව හිටියොත්. එතකල් අහන්ඩ මෙන්න අපේ ජෝතිපාල මහත්තයාගේ "අනංගයා මං".
ඔබට ආදරණීය අනාගතයක් වේවා!!

මේ...
ReplyDeleteමොන මගුල උනත් ලොකුමල්ලි ආපහු ලියන එක පංකාදු පහයි.
යුවාල් නෝවා හරාරි නං කියන්නෙ දඩයං කාලෙදි වැඩිපුර විවේකයක් තිබුණ ය, ගොයිතැන් කරන්ඩ ගත්තට පස්සෙ ඩේලි වැඩ තිබුණය කියලා. වගාබිම් සකස් කරලා බෝග හිටවන්ඩ. ඊට පස්සෙ කුරුල්ලො එලවන්ඩ. රෑට පැල් රකින්ඩ. අස්වැන්න නෙලා ගත්ත දා ඉඳං ආපහු වගා බිම් සකස් කරන්ඩ...
හැබැයි ඔය හැම වැඩක් ම කරන අතරෙ මනස විවේකීව තියෙන්ඩ ඇති වැඩ කරන ගමං හිතන්ඩ සහ ඇඹුල කන ගමං, පැල් රකින ගමං ඔය මානසික නිර්මාණ බෙදා ගන්ඩ.
ඒ වගේ ම ංවිධානාත්මක ක්‍රියාකාරකම් රාශියක් ගොයිතැන සහ සත්ත්වපාලනයට තිබුණු නිසා, හොර මැරකං කඩා වාඩා ගැනීම් නවත්තන්ඩ වඩා දියුණු ආගමක් තියෙන්ඩත් ඔ්නෙ වෙන්ඩ ඇති?
හරාරිම තමා නේ ද කියන්නෙ ආදම් සහ ඒව ඒදන් උයනෙන් පැන්නීම කියන එකෙන් අදහස් කරන්නෙ මානවයා දඩයම් යුගයේ ඉඳන් කෘෂිකාර්මික යුගයට පැනීම කියන එකයි කියලා? යෙහෝවා උන් දෙන්නව පන්නන්නෙ "තොපිට මෙච්චර කල් නිකං කන්න බොන්න දුන්නා. තොපි ඒකෙ ගුණේ තිබ්බෙ නෑ. දැන් ගිහින් දෑතෙ මහන්සියෙන් වගා කරන් කාපියවු" කියලා නෙව.
Deleteදඩයම් යුගයෙන් ගොවි යුගයට මාරු වෙන එක දරා ගන්ඩ අමාරු මානසික ආතතියක් මිනිස්සුන්ට ගේන්ඩ ඇති. වෙනදා හුරු පුරුදු කිසිම දෙයක් ඒ විදිහට නොවී හරිම වෙනස් විදිහට වෙනකොට ඒ මිනිස්සු නොපෙනෙන බලවේග වල පිහිට හොයං යන්ඩ ඇති. ගුහා චිත්‍ර එකකවත් දේව රූප නෑ. තියෙන්නෙ දඩයම් විධි. ගොවි යුගයත් එක්ක තමයි ජීවිතේ අභියෝග වැඩිවෙලා, නොපෙනෙන බලවේග මත යැපීම වැඩි වෙන්ඩ ඇත්තේ. කෘතිම බුද්ධියට මුහුණ දෙන ඊළග පරම්පරාව -හරාරි කියන Homo deus ලා ටත් ඒ වගේම ආතතියක් දැනේවි. ඔවින් දෙවියන්ට මොකක් කරයිද?
Deleteවර්තමානයේ ලෝකයේ තියෙන ප්‍රධාන ආගම් සියල්ලම පාහේ කෘෂිකාර්මික යුගයේ දී බිහිවුන ඒවා නේ ද?
Deleteදඩයම් යුගයේදි මානවයා කියන්නෙ සොබාදහම වෙතින් යැපුන, සොබාදහමේම තවත් එක් කොටසක් පමණක් වුනා. සත්තුත් එක්ක, ගස්වැල් එක්ක කතාබහ කරපු, සොබාදහමේ විශ්වකර්ම බව අදහපු, අනිත් සත්තුත් එක්ක ලෝකය එකට බෙදාගෙන ජීවත්වුන, අනිත් සත්තුන්ට වඩා ටිකක් දියුණු බවක් ලබාපු ජීවියෙක්.
නමුත් කෘෂිකාර්මික යුගයේදී මානවයා කියන්නෙ සොබාදහම පාලනය කරපු, අනිත් සත්තු පාලනය කරපු මාස්ටර් කෙනෙක්. වර්තමාන හැම ප්‍රධාන ආගමකම වගේ මිනිසා ප්‍රධානියා කියන මේ කරුන අවධාරණය කෙරෙනවා. විශේෂයෙන්ම ආබ්‍රහමික ආගම්වල කෙලින්ම කියැවෙනවා සත්තු ඇතුළු අනිත් සියලුම දේ මැවුවෙ මිනිසාගේ පරිභෝජනය පිණිසයි කියන එක.
අපි තාමත් ලෝකයේ හැම දේම කරන්නෙ මේ විෂන් එක පදනම් කරන් නේ ද? ග්ලෝබල් වෝමිං හරි වෙන මොන විපතකින් හරි බේරගන්න හදන්නෙත් මානවා වර්ගයාව. හියුමන් රයිට්ස් කියලා දෙයක් තිබුනට ඇනිමල් රයිට්ස් කියලා දෙයක්, නේචර් රයිට්ස් කියලා දෙයක් ගැන හිතන්නෙවත් නැත්තෙත් ඒ විෂන් එක හන්දාම නේ ද?
මේ හැමදේම එකකට එකක් ඈඳෙන හැටි හිතන එකත් අර ප්‍රාජේ තුමා කියන්නා වගේ ඔලුව කැක්කුං හැදෙන වැඩක් නේ ද?
@බුරතීනෝතුමා කියන්නෙ ඉකෝසෙන්ට්රිස්ම් ගැන වෙන්ඩ ඕන. දැන් ටික ටික ජනප්‍රිය උනත් තවමත් ඒක තියෙන්නෙ මනුෂ්‍ය ස්වෝත්තමවාදී න්‍යායන්ට ගව් ගානක් පස්සෙන්. අඩුම ගානෙ මිනිස්සු, මිනිස්සුන්ට ආදරය කරනවා නම් යුද්ධ, සාගත ඇතිවෙන්නෙ නෑ නේද? නොපෙනෙන දෙවියන් ඕන උනේ මේ අලකලංචිය හිංද වෙන්ඩ බැරිද?
Deleteස්තූතියි ඩ්‍රැකීතුමා ඔබේ අදහස් වලට. යුවාල් හරාරි මගෙත් ප්‍රියතම ලේඛකයෙක්. දඩයම් යුගයේදී තනි තනි පුද්ගලයාට විවේකය වැඩි වෙන්න ඇති. ඒත් ඒ විවේකය යොදාගැනුනේ මොකටද? ගොවි යුගයත් එක්ක සාමූහික ක්‍රියාකාරකම් වඩා සංස්කෘතිකමය විදිහට සාමදානෙන් විසඳගන්ඩ පුලුවන් වෙන්ඩ ඇති. ඒකයි මේ විසිතුරු දේව කතා වගේ දේවල් නිර්මාණය වෙන්ඩ ඇත්තෙ.
ReplyDeleteදෙයියෝ සාක්කිම තමයි මේවට.
ReplyDeleteසාක්කි කියන්නෙ නීතිමය කටයුත්තක්. ග්‍රීසියේ දි නං තේමිස්, ඩීකි වගේ අය තමයි ඒකට අධිපති. රෝමෙදි ජුපිටර්...ඒකනෙ අර කේළංකාරි දිවුරන්නෙ ජුපිටර්පල්ලා කියල...!!.
Deleteඉතා හොඳට කවි ලියන්න හැකි වෙන්න
ReplyDeleteඕඩින් දෙයියනේ මට වරයක් දෙන්න
දැනටත් ලියමි කවි 'හොඳ මදි' යැයි හිතෙන
යුද්දෙට නං එපා මාවත් ගාවන්න
ඇපලෝ එක්ක එන දෙව්ලියො නව දෙනෙකී
Deleteසරස්වතී කවියට නම් දැරු ලියකී
ඕඩින් ටිකක් වල්කමටත් බර අයෙකී
පරිස්සමින් කරනා දේ කරනු සකී
හාමෝනියා, ෆෝබෝස්, ඩෙයිමෝස්
ReplyDeleteකියන්නේ මාර දුවරුන්ට වෙන්න බැයිද :D
harmony and concord
Deletehttps://en.wikipedia.org/wiki/Harmonia
හාමෝනියා කෙසේ වෙතත් ෆෝබොස් සහ ඩයිමොස් කියන්නෙ අඟහරුගෙ චන්ද්‍රයෝ දෙන්නෙක්...මට මතක විදිහට 2010 විද්‍යා ප්‍රබන්ධයේ මේ චන්ද් රයෝ ගැන සඳහන් වෙනවා. මාර දූවරු කියන්නෙ තණ්හා, රතී,රගා නම් ඒ වෙන සෙට් එකක් රෝම දේව මණ්ඩලයේ...
Deleteහ්ම්....කියෙව්වා. හොඳට සිත් ඇදගන්නා ලෙස ලියල තියනවා. කියවන්නත් පහසුයි. ස්තූතියි!👌🙏💐
ReplyDeleteස්තූතියි බස්සාතුමා !!
Deleteපුංචි කාලෙ ආසාවෙන් කියෝපු දේව කතා ටික ආයෙමත් මෙහෙමත් කියවන්ට ලැබිච්චි එක අපූරුයි නෙව. ඊටත් වඩා අපූරුයි ලොකු මල්ලිගෙ පණ පිහිටුවාපු බාසා විලාසයෙන් ඒ ටික අහන්ට ලැබෙන එක. ඒ හන්දාම කමෙන්ටුවක් කොටන්නැතුන් රූටලා යන්ට හිත් දුන්නෙ නෑ.
ReplyDeleteමම දැන් ඉතින් බ්ලොග් පැත්තෙ වැඩිය මංගච්චන්නෙ නැති හන්දා මේ ටික මිස් වෙන්ටත් තිවුනා.
// "අහෝ.. මා ප්‍රේම කුමරුවානන්! රජිදානන් ප්‍රේමයේ ! මා දමා ගියේ සදහටමද ඔහු? නැවත කිසිදා ඔහු නොපැමිණෙන්නෙහිද මා සොයා දෙවියනි? අහෝ හෘදය වාවා ගත නොහැකිය කුමරුණි මාහට !...දැන්ම යා යුතුය මා පිටත්ව ඔහු සොයා...ඔහු සිටින්නෙහිද කිනම් දෙසක ? මා සැරිසරන්නෙමි මගේ සම්පූර්ණ ජීවිතයම... ඔහුව සොයමින් . ඔහුගේ හෘදයේ බිඳුවක් තරම්වත් ප්‍රේමයක් මා කෙරෙහි නැතත්, මා ඔහුට පෙන්වා දෙමි, මා හෘදයේ ඔහු කෙරෙහි වූ ප්‍රේමය කෙතෙක් විශාලදැයි! //
මේ කෑල්ලට හිතේ මවාගන්ටෝන රුක්මණී දේවි අසෝක පොන්නම්පෙරුම ගැන හිතමින් ගෙවත්තේ සක්මන් කරමින්, මල් ගස් අතගාමින්, සමනළයින්ට කුරුල්ලන්ට කතා කරමින් ඉන්නා දර්සනයක් ද?
නෝර්ඩික් දෙවිවරුන්ගේ ඒසිර් ගෝත්‍රය වගේම ඉන්දියාවෙ හිටියා නෙව අසුරයො කියලා වෙනම දේව ගෝත්‍රයක්. ලොකු මල්ලි ඉදිරියේදි මේ ගැනත් කතා කරයි කියලා හිතනවා. මේ නම් දෙක එක වගේ වෙන්නත් මොකක් හෝ හේතුවක් ඇති නෙව ද?
පොඩි දෙයක්: Aphrodite = ඇෆ්‍රොඩයිට් ද නැත්තං ඇෆ්‍රොඩයිටි ද?
ග්‍රීක් නේමිං කන්වෙන්ෂන්ස් අනුවනං ඔය අන්තිම e අකුර උච්ඡාරණය කරන්ටෝන. පෙනිලෝපෙ, ගැනිමීඩි වගේ..
This comment has been removed by the author.
DeleteLord Bur,
DeleteAI overview -
Norse Aesir and Hindu Asuras, despite differing roles (gods vs. anti-gods), share Indo-European linguistic roots (*H2ensu-) meaning "spirit" or "lord," suggesting a common origin. While Aesir are primary Nordic gods (Odin, Thor), early Asuras were benevolent "bright spirits" before evolving into anti-gods opposing Devas.
Quora
Quora
+4
Key Connections and Similarities
Linguistic Roots: The Norse Æsir (plural of áss) stems from Proto-Germanic ansuz, while Hindu Asura (and Avestan Ahura) relates to "vital spirit," linked by a common Proto-Indo-European root.
Similar Roles/Attributes: Some scholars suggest the "good Asuras" or earlier, more complex depictions of Asuras align with the powerful, sometimes ruthless nature of the Aesir.
The "Deva-Asura" / "Aesir-Vanir" Dichotomy: Some perspectives suggest that the conflict-driven, then merged nature of Norse Aesir and Vanir parallels the ongoing struggles between Hindu Devas and Asuras, or even the transformation of Devas into gods and Asuras into demons in later texts.
Mythological Parallels: Thor’s struggle with Jörmungandr has been compared to Indra’s battle with the serpent Vritra.
Function: Both groups are considered powerful otherworldly beings, often associated with a primordial sacrifice or structural changes in the cosmos.
Key Differences
Role in Mythology: In Norse myth, Aesir are the principal worshipped gods. In mainstream Hinduism (post-Vedic), Asuras are largely depicted as chaotic enemies of the divine Devas.
Nature: Aesir are associated with order against the chaotic Jötunn (giants), while Asuras are often associated with disrupting the orderly cosmic law (Dharma).
Note: Some interpretations also align Asuras more directly with the Jötnar (giants) rather than the Aesir, due to their oppositional role, though their power and wisdom can resemble the gods.
By the way my lord, so nice to you again commenting on a blog post.
This comment has been removed by the author.
Deleteඉන්දියන් අසුරයන් පස්සෙ නරක්වෙලා සුරයන් හොඳවුනාට (ග්‍රීක් ටයිටන්ස්ලා පරදවා ඔලිම්පියන්ස්ලා හොඳවුනාවගේ) පර්සියාවෙනම් පරණ විදිහටම ඉඳල වගේ නේද?
DeleteAhura (Zoroastrianism) and Asura (Hinduism) are cognate terms sharing Indo-Iranian roots but representing opposite moral poles. Ahuras are benevolent deities (led by Ahura Mazda), while Asuras are typically malevolent demi-gods (opposed to Hindu Devas). Their reversed roles suggest a historical schism where shared concepts diverged into opposing light/dark forces.
නෝර්ස් මිතොලොජි එකේ කෘෂිකාර්මික Vanir දෙවියන්ට වඩා රණකාමී Aesir දෙවියන් ඉදිරියට ආව. ග්‍රීක් මාතෘ දෙවඟන පරදවා ඔලිම්පියන් අහස් දෙවියන් වගේ.
The Aesir are the primary pantheon of warrior gods and goddesses in Norse mythology, centered in Asgard and led by Odin, the Allfather. Representing power, war, and societal order, they contrast with the agricultural Vanir gods, though both groups unified after a legendary war.
නෝර්ස්/ග්‍රීක්/පර්සියන්/හින්දු සමානකම් හොයන්න ගියාම ඔලුව කැරෙකෙන්න ගන්නව. ඒ නිසා මිනිස් ශිෂ්ඨාචාර හැම එකේම වගේ දඩයම්, කෘෂිකාර්මික, හමුදා/ආක්‍රමණ වගේ පරිණාමවලට ගැලපෙන්න belief systems වෙනස්වෙන්න ඇති කියල හිතල කොමික්/ප්‍රබන්ධ/සයි ෆයි/විකල්ප ඉතිහාස පොතක් කියවගෙන escapism වල ඉන්නව.
ඒත් කාලෙකට පස්සෙ මේවා ගැන හිතන්න ලැබුනට ලොකුමල්ලිතුමා සහ බුර්තුමාට ස්තුතියි
@බුරතීනෝතුමා- නිවැරදි වර නැගීම ගැන පෙන්වා දුන්නට බොහොම ස්තූතියි. මං නිවැරදි කරන්නම් හැකි ඉක්මනින්. අසුරයෝ කියන්නෙ ඉන්දියාවෙ හිටපු ස්වදේශීය ජන කණ්ඩායම් කියලයි මං හිතන්නෙ. ටිකක් හොයලා බලමු.
Delete@ප්‍රා ජේ තුමා- අනේක වාරයක් ස්තූතියි මේ බුද්ධි කලම්බනයට. නෝර්ස් සහ හින්දු භාෂා අතර තියෙන්නෙ ප්රාග් ඉන්දු යුරෝපියානු මූලයක් නම්, පර්සියානු- හින්දු අතර ඉන්දු-ඉරාණීය සම්බන්ධකම් තිබුන නම්, මට ආපහු බස් ගස දිගේ නගින්ඩ හිතෙනවා. එක් ලිපියක බොහෝ කලකට ඉස්සර මං ඔය ආර්ය සම්භවය ගැන ලියන්ඩ ගත්තත් ඒක නතර උනා. හරිම විචිත්‍ර ගමනකට පස්සෙ අපි නතර වෙන්ඩ යන්නෙ බාෂාවම දේවත්වයට නංවලාද???
DeleteNorse දේව මණ්ඩලය ( මගේ ප්‍රියතම එක ) ගැන මුලින්ම දැන ගත්තෙ පොඩිකාලෙ කියවපු මාර්වල් කොමික්ස් තෝර් පොතකින් (තාමත් කොමික්ස් කියවනව :-D ). මිතොලොජි එක ගැන ඉගන ගත්තෙ ඊට පස්සෙ තමයි.
ReplyDeleteඒක තමයි මට වඩාත්ම කුතුහලය දනවන mythology/religion/belief system එක. දෙවියන් අමරණීය නෑ. කොහොමත් Ragnarok එකේදි අති බහුතරය මැරෙනවා. උසස්ම ස්වර්ගයවගේ එකට (Valhalla) යන්න පුලුවන් යුද්ධයේදි මැරුම්කෑවහම හෝ පණ යනකොට ආයුධයක් අතේ තිබුනොත් තමයි. Valhalla එකේදිත් සටන්කරනවා - මැරෙනවා - ආයිත් පණ එනව - දෙවියොත් එක්ක ඩ්‍රින්කින් පාර්ටි දානවා - සටන්කරනවා - මැරෙනවා ......සයිකල් එක තමයි.
මම කැමතිම විකල්ප ඉතිහාස ප්‍රබන්ධයක් තියනවා Harry Harrisonගේ . ඒකෙ තියන්නේ නෝර්ස් ආගම ක්‍රිස්තියානි ආගමෙන් යටපත් නොකර දෙකම සමාන තත්වයෙන් තරග කිරීම ගැන.
පොත් ත්‍රිත්වයෙන් පලමු හා තුන්වන පොත් ලේසියෙන් මේකෙන්
https://archive.org/details/hammercross0000harr
https://archive.org/details/kingemperorhamme00harr
සහ දෙවනි පොත z-library එකෙන් අමාරුවෙන් නොමිලේ ගන්න පුලුවන්.
ඒ ආගමේ ටිකක් විතර ගැඹුරු පැත්තකුත් තිබුනා. ඕඩින්ගේ Wisdom ලබා ගැනීමේ ක්‍රම, විශ්වකර්ම/හෙෆයිස්ටස්/වල්කන්ට සමාන Wayland ගැන වගේ දේවල්, ඒ කොහොමවෙතත් ඇත්ත ඉතිහාසයේ වුනේ (මට කණගාටුව :-D )නම් නෝර්ස් ආගම සහමුලින්ම යටපත්වීමයි.
හුඟක් දෙනා දන්නෙ නැතිවුනාට ඒක නැතිකරන්න කුරුස යුද්ධත් (Crusades )කලා
https://en.wikipedia.org/wiki/Norwegian_Crusade
හැමදාම වගේ අලුත්, හැංගුනු මූලාශ්‍ර මතු කරලා දෙනවට පින් සිද්ධ වේවා!! තිරුක්කුරල් සිංහල පරිවර්තනයේ -වජිර විජයසිංහ- තියෙනවා මෙහෙම. නැත යන වදන් අතුරෙන්- දරුණුතම වදන නුවණ නැත යන්නයි.
Deleteසෙසු දේ කොපමණ නැතත්- ඒවා නැති දෑ ලෙස ලොව නොසලකයි.
අපේ නුවණ මදකම අඩු කල ඔබට ජුපිටර්ගේ ආරක්ෂාව ලැබේවා!!
@Pra
Delete//Norse දේව මණ්ඩලය ( මගේ ප්‍රියතම එක )//
මගෙත් කැමතිම එක Norse mythology ... ඔය scandinavian රටවල් වල තියෙන දිග වින්ටර් එකට ඔය Norse gods ලා එතකොට fire giants, ice giants වගේ කට්ටිය නියමෙට ගැලපෙනවා.
Stargate සීරිස් එකේ asgardians ලා මතකද? එකේ thor එහෙමත් හිටියා. හැබැයි ඒකෙනම් පෙන්නන්නේ අර roswell type එකේ humanoid alien race එකක් විදියට.
තවත් එකක් තමයි 2002 ආපු age of mythology ගේම් එක. එතනත් ලස්සන කතාවක් යනවා.
@ලොකුමල්ලි
මේ දේව කතා සෙට්නි එක මරු.... නිතර කොමෙන්ට් නොකලත් දිගටම කියවන blog එකක්. ඔහොම ලියාගෙන යමු...ජය වේවා!
උදය රත්නායකතුමා ඇයි නෝර්ස් දෙවියන්ට කැමති? නෙට්ෆ්ලික්ස් එකෙත් අරක්ගෙන ඉන්නෙ නෝර්ඩික් පුරාණ කතා. තෝර් ජනප්‍රියයි සියුස්ට වඩා මාර්වල් ලෝකයෙත්. ඇයි ඒ? සටනට වැඩි තැනක් තියෙන හින්දද? සරළ හේතු ඵල සම්බන්ධකම් තියෙන ඕලාරික මිනිස් හැගීම් තියෙන හින්ද්ද? දෙවියෝ සරළව තේරුම් ගන්ඩ පුලුවන් විදිහට ඉන්න හින්දද??
Deleteෆ්‍රෙයා කියල දෙවඟනක් ඉන්නවනේ සාරවත් බවට හෙම අධිපති නොර්ඩික් දේව කතාවල . අයිසලන්තේ පැත්තේ හෙම තවම අදහනවා . මුහුදු යන එවුන් .
ReplyDeletehttps://www.norsemyth.org/2013/11/the-thor-movies-and-norse-mythology.html
ඔබතුමා ඒ පැත්තෙ ගිය වෙලාවක ඇත්තටම ෆ්‍රෙයා අදහන කට්ටියක් හම්බ උනොත් පොඩි වීඩියෝ එකක් ගන්ඩ පුලුවන් නම් ලොකු දෙයක්. අපි බලමු ඒ ඇදහිල්ල අපේ ප්‍රාථමික දේව ඇදහිලි එක්ක වෙනස් වෙනවද කියල...ස්තූතියි කමෙන්ට් එකට.
Deleteෆ්රෙයියා කියන්නෙ ෆ්රිග් ගෙම වර්ෂන් එකක් නෙවී ද? මේ නෝඩික් දෙවිවරු සෙට්ටෙක ජර්මනික් ගෝත්‍ර අතරට එද්දි නම් ගම් පොඩ්ඩක් වෙනස් කරගත්තා නෙව ද? ඔඩින් -> වොඩෙන් වුනා. තෝර් -> තුනෝර් වුනා. ඒ වගේ ෆ්රිග් -> ෆ්රෙයියා වෙන්ටැති ද?
Deleteජර්මනික් උදවිය මේ දෙවිවරුන්ට සතියෙ දවසුත් වෙන් කරලා දුන්නා නෙව. වොඩෙන්ස්ඩේ (Wednesday), තුනෝර්ස්ඩේ (Thursday), ෆ්රෙයියාඩේ (Friday) වගේ.
රගන්රෝක් ෆිල්ම් එක බැලුවද
ReplyDeleteනෑ...බලන්නම් හොයාගෙන. නෙට්ෆ්ලික්ස් එක තමයි මගේ ෆිල්ම් උල්පත...ඒකෙ නැති එව්ව බැලෙන්නෙ කලාතුරකින්.
Delete@ KLM,
DeleteNkiri.ink