අපේ රටේ එක කාලෙක හරි අපූරු අධ්‍යාපන ඇමති කෙනෙක්
හිටියා. ස්විමිං පූල් එකක වතුර ලෙවල් එක වැඩි කරන්ඩ මෙතුමා කරපු උත්සාහයක් ගැන ඒ
කාලෙ පත්තරවල හෙම තිබුනා. ඒ වගේ අලුත් දේවල් ගානක් අත් හදා බලපු මේ ඇමති තුමාට ඕන
උනා ලංකාවේ කැම්පස් වලින් පිට වෙන උපාධිධාරීන්ගේ ඉංග්‍රීසි හැකියාව වැඩි කරන්ඩ.
එතුමා ඒකට කෙටි ක්‍රමයක් හොයා ගත්තා. ඒක තමයි කොළඹ දිස්ත්‍රික්කෙන් කැම්පස් වලට
තේරෙන ළමයිගේ ලිස්ට් එක දෙකට තුනට කඩලා ඉංග්‍රීසි භාවිතය අඩු කැම්පස් වලට යවන
එක!!එතුමාට අනුව කොළඹින් තේරෙන ඔක්කොටම ඉංගිරිසි දැනුම මල් හතයි!! තරු පහයි!!!
ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ආපු ලොකු මලයටත් මේ උත්තමය හින්ද යන්ඩ උනා
රුහුණේ ඇග්රි ෆැකල්ටි එකට. පේරාදෙණිය අත ළඟ තියාගෙන දැන් ලොකු මලය යනවා හැතැම්ම
දෙසීයක් විතර ඈත තියන මාපලානට!!. වෙනම පළාතක
වෙනම යාළුවො සෙට් එකක් හම්බ උනාම තමයි තේරුනේ අර ඇමති තුමා අපිට ආතල් එකක් දෙන්ඩ
තමයි මේ සංකල්පෙ ගෙනල්ල තියෙන්නේ කියල.
එහෙම හම්බ වෙච්චි එක යාලුවෙක් තමයි කිතලා. කැකිරාව
පැත්තෙ ගමකින් ආපු කිතලට ගමට ගිහිං එන්ඩ දවස් තුන හතරක් නිවාඩුවක් ඕන උනා. අධි වේගී මාර්ග නොතිබ්බ ඒ කාලේ මාපලානේ ඉඳන් මාතරට එන්ඩ පැය බාගෙකුත්, මාතර ඉදං කොළඹට එන්ඩ පැය පහ හයකුත්, එතන ඉඳං කැකිරාවට යන්ඩ තව පැය පහ හයකුත් ඕන වෙච්චි හිංදා දවස් දෙකක සති අන්ත නිවාඩුවට ගෙදර යනවා කියන එක බොරු වැඩක්. අපි හුග දෙනෙකුගෙ කතාව ඒකම තමයි. ඉතිං අපි දිග නිවාඩුවක් එනකල් බලං ඉන්නවා ගෙදර ගිහිං එන්ඩ. අපේ රැග් සීසන් එක ඉවර වෙලා සති දෙකකින් තුනකින් විතර ආවා එහෙම දිග නිවාඩුවක්!!