Thursday, September 7, 2017

ශිෂ්‍යයා සහ අල්ලපු ගෙදර ශිෂ්‍යයා



මේ ලෝකෙ ගත්තොත් හැම දෙයක්ම තියෙන්නෙ ජෝඩු එහෙම නැත්තං කුට්ටං විදිහට. හොඳ සහ නරක, පිං සහ පව්, සතුට සහ දුක, සුදු සහ කලු, ගෑනු සහ පිරිමි, දිනුම සහ පැරදුම (ලංකාවෙ ක්‍රිකට් ගත්තොත් නම් පැරදීම සහ අම්බානට පැරදීම), අම්මා සහ තාත්තා, අයියා සහ අක්කා. තව උදාහරණ කෝටි ගානක් දුන්න හැකි. මේ ජෝඩු සමහරක් වෙලාවට එකිනෙකට විරුද්ධ අදහස් දෙනවා...හරියට දිනුම සහ පැරදුම වගේ. තවත් එවුවා සම්පූර්ණ චිත්‍රේ කෑලි දෙකක්.... හොද සහ නරක එහෙම නැත්තං යින් සහ යැන් වගේ. තවත් සමහරක් ජෝඩු වල කොටස් වෙනස් වෙන්නේ අපි ඒ වචන වලට දෙන අර්ථය මත. උදාහරණයක් විදිහට සුදු සහ කලු ගත්තොත් කෙනෙකුට 'සුදු' ලස්සනයි, තව කෙනෙකුට 'කලු' ලස්සනයි. එවුවා එකිනෙකට විරුද්ධ අදහස් නෙවෙයි. හැබැයි හුඟක් අය හිතන්නේ එවුවා එකිනෙකට විරුද්ධ අදහස් කියල. ශිෂ්‍යයා සහ අල්ලපු ගෙදර ශිෂ්‍යයා කියන ජෝඩුව අයිති වෙන්නේ මේවයින් කොයි ගොඩටද?

එක කාලෙක ලංකාවෙ කෙමිස්ට්‍රි ටියුෂන් ක්ලාස් කරපු බොහොම ප්‍රසිද්ධ ගුරුවරයෙක් හිටියා. ‘රාජකරුණාවට තිලකයක්’ වගේ වෙච්චි මේ ගුරුතුමාට අපි කියමුකරුණාතිලක’ කියලා.. අසූව අනූව දශකවල විතරක් නෙවෙයි මං හිතන්නේ දෙදාස් ගණන් වල මුලත් මේ සර් ක්ලාස් කරා. කට්ටකාඩුවේ ලොකු මල්ලිත් මේ සර් ගේ නුවර සුධර්මාරාමේ තිබ්බ රිවිෂන් ක්ලාස් එකට ගියා. කෙමිස්ට්‍රි උගන්නන්ඩ වගේම කරුණාතිලක සර් ළමයින්ව කැම්පස් යන්ඩ උනන්දු කරන්ඩත් බොහොම මහන්සි ගත්තා. පොඩ්ඩක් ඇදලා පැදලා කතා කරන සර් ඔය මොටිවේෂන් කතා කියන්නේ ඇස් දෙක වහගෙන. සර් ගේ මේ මෝටිවේෂන්  කතා වල හිටියේ චරිත දෙකයි. ඒ තමයි ශිෂ්‍යයා (සමහර විට 'තමා' කියලත් කියන්නේ ශිෂ්‍යයාටම තමයි) සහ අල්ලපු ගෙදර ශිෂ්‍යයා.


දැන් කවුරු හරි පණ්ඩිතයෙක් අහන්ඩ එපා එතකොට මේ පංතියෙ හිටියේ කොල්ලෝ විතරද එහෙම නැත්තං සර් කැම්පස් යන්ඩ දිරි ගැන්නුවේ කොල්ලන්ට විතරද කියලා. මං අර මුලින් කිවුවා වගේ කොල්ලෝ සහ කෙල්ලෝ කියන්නේ එකම චිත්‍රේ කෑලි දෙකක්.ඉතිං ශිෂ්‍යයා කියපුවම කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම අයිතියි හොදේ.
මේ චරිත දෙකින් එකක් වෙච්චි තමුන් එහෙම නැත්තං 'ශිෂ්‍යයා' කියන්නේ කිසි කමකට නැති වැඩ කරන, උනන්දුවක් නැති, අබග්ග චරිතයක්. අල්ලපු ගෙදර ශිෂ්‍යයා ඒකෙ අනිත් පැත්ත. උනන්දුවෙන් පාඩම් කරන, කැම්පස් එකට එහෙම නැත්තං කරුණාතිලක සර් කියපු විදිහට 'විශ්ව විද්‍යාලෙට' යෑම එකම අරමුණ කරගෙන ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන චරිතයක්.ආය මොකටද මං අටුවා ටීකා කියන්නෙ. කරුණාතිලක සර් ගේ කතා ටිකකින් ඔයාලටත් තේරෙයි මේ දෙන්නගේ වෙනස.

…………………………………………………………………………………………………

“....අ....අ.....දැන් ශිෂ්‍යයා පන්ති එනවා කියල ගෙදරින් ඇවිල්ල නවය හමාර දහය වෙනකල් යාළුවො එක්ක ටවුමේ රස්තියාදු වෙලා, ඉන්ටවල් වෙලාවට පන්තියට ඇවිල්ලා, අන්තිම පේලියේ ඉඳ ගන්නවා. පාඩමේ බාගෙකට හිටපු නැති හිංදා තමුන්ට තේරෙන්නෙ නෑ මේ මොනවද උගන්නන්නෙ කියලා. ඉතින් ශිෂ්‍යයා බලනවා වට පිට. ....අ....අ.....ඒ පේලියේ ඉන්න හුගක් දෙනෙක් ශිෂ්‍යයා වගේම තමයි. ක්ලාස් එකට ආවෙ ඉන්ටවල් එකේ. ඒ අයටත් තේරෙන්නෙ නෑ මොකක් උගන්නනවද කියලා. ඉතින් ඔක්කොම එක්කහු වෙලා පන්තියට බාධා කරනවා. සූ...ගානවා. එහෙම ඉඳලා ගෙදර යනවා. විබාගෙට ප්‍රශ්නයක් එනවා මේ කොටසින්. ශිෂ්‍යයා දන්නේ නෑ උත්තර ලියන්ට. ඉතින් එතනත් සූ...ගානවා. කෙලින්ම විභාග ශාලාවෙන් එලියට දානවා. ඊට පස්සේ හැමදාම ගෙදර. එහෙමද අල්ලපු ගෙදර ශිෂ්‍යයා..? ....අ....අ.....උදේම ක්ලාස් එකට ඇවිත්, ඉස්සරහින්ම ඉඳගෙන, හොදට ඇහුම්කන් දීලා, පාඩම ඉගෙන ගන්නවා. විබාගෙට ප්‍රශ්නෙ ආපුවම පැය භාගයක් ඇතුලත උත්තරේ ලියන්ඩ පුළුවන්. ඉතින් ඒ ශිෂ්‍යයා විශ්ව විද්‍යාලෙට යනවා. තමුන් ගෙදරට වෙලා සූ...ගානවා නයෙක් වගේ”.

.................................................................................................................................................................

“....අ....අ.....තමුන්ට හිතෙනවා උසස් පෙළ කියන්නෙත් ඉස්කෝලේ හයේ හතේ පංතිවල තියන වාර විබාගේ වගේ එකක් කියලා. ඉතින් විබාගෙ ගැන වගේ වගක් නැතුව මැච් බලනවා...ගමේ ශ්‍රමදාන කරනවා...තොරන් බලන්ඩ යනවා...යාලුවොත් එක්ක දන්සල් දෙනවා. ....අ....අ.....විබාගෙට ගියාම ඒකෙ එක ප්‍රශ්නයක්වත් නෑ දන්සැල් දෙන හැටි ගැන, ශ්‍රමදානෙට කීයක් ආවද කියලා...ටවුමේ තිබ්බ තොරණේ කතාව මොකද්ද කියලා අහලා. තමුන්ට ලොකු වැරද්දක් වෙලා කියලා තේරෙනකොට උත්තර පත්තරේ එක්කහු කරගන්නවා. ....අ....අ.....එහෙමද අල්ලපු ගෙදර ශිෂ්‍යයා.....? ඒ ශිෂ්‍යයා දන්නවා සමාජ සේවය කරන්ඩ පුළුවන් උසස් පෙළ සමත් උනාට පස්සේ කියලා. ඉතින් එයා අනං මනං වැඩ ඔක්කොම පැත්තක තියලා පාඩම් කරනවා. විභාගේ ඉහලිම්ම සමත්. ....අ....අ.....ඊට පස්සේ තමුනුයි, අල්ලපු ගෙදර ශිෂ්‍යයයි දෙන්නම නුවර බස් එකේ නැගල එනවා. අල්ලපු ගෙදර ශිෂ්‍යයා ගලහ හංදිය ගාවින් බැහැල විශ්ව විද්‍යාලෙට යනවා තමුන් කුලී වැඩක් හොයා ගන්ඩ ටවුමට එනවා. දැන් අල්ලපු ගෙදර ශිෂ්‍යයා ජීවිත කාලෙම මැච් බලනවා...ශ්‍රමදාන කරනවා...තොරන් බලනවා. තමුන් ජීවිත කාලෙම මුට්ට කරගහනවා”

....................................................................................................................................................................

“....අ....අ.....තමුන් රෑ දහය එකොළහ විතර වෙනකල් පාඩම් කරලා හිතනවා දැන් පාඩම් කරා ඇති, ඒ හින්දා ටිකක් නිදා ගත්තොත් හොඳයි කියලා. ඉතිං පුටුවෙන් නැගිටලා ඇදට යන්ඩ කලින් නිකමට වගේ අල්ලපු ගෙදර දිහා බලනවා. ....අ....අ.....බලනකොට පේනවා ඒ ගෙදර ශිෂ්‍යයාගේ කාමරේ තාම ලයිට් පත්තු වෙනවා. ඒ කියන්නේ අල්ලපු ගෙදර ශිෂ්‍යයා තාම පාඩම් කරනවා. දැන් තමුන් කල්පනා කරලා බලන්ඩ ඕන..විශ්ව විද්‍යාලෙට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ සමහර විට එක ලකුණකිං. ඉතිං  තමුන් කම්මැලි කමට නිදි අතරේ ....අ....අ.....අල්ලපු ගෙදර ශිෂ්‍යයා පාඩම් කරන දේකින් අඩු ගානේ බහුවරණ ප්‍රශ්නයක් ආවොත් තමුන් දිගටම ගෙදර නිදා ගන්න අතරේ අල්ලපු ගෙදර ශිෂ්‍යයා විශ්ව විද්‍යාලෙට යනවා. හැබැයි තාම පරක්කු වැඩි නෑ....තාම  තීරණය තියෙන්නේ තමුන් අතේ. ....අ....අ.....ඉතින් තමුන් හිත හදා ගෙන ආයෙත් පාඩම් කරන්ඩ පුටුවේ වාඩි වෙනවා. ....අ....අ.....අමාරුවෙන් නමුත් තව පැයක් දෙකක් අල්ලා......ගෙන ඉන්ඩ ඕන. කොයි වෙලාවෙ හරි අල්ලපු ගෙදර ශිෂ්‍යයා නිදා ගන්නවද ඊට පස්සෙයි තමුන් නිදා ගන්ඩ ඕන....
....................................................................................................................................................................

ඔය විදිහට ළමයින්ව මෝටිවෙට් කරන සර්ගේ උපදෙස් අකුරටම පිළිපැද්ද ගෝලයෙක් හිටියා කුරුණෑගල ටියුෂන් ක්ලාස් එකේ. හැබැයි මං මේ කතාව දැන ගත්තෙ  මගේ යාලුවෙක්ගෙන්. මොකද මං කුරුණෑගල ක්ලාස් ගියේ නැති හින්දා. මගේ යාලුවට අනුව මේ පන්තියේ හිටියා 'ශිෂ්‍යයා' වගේ චරිතයක්. කොන්ඩෙ අගල් හයක් විතර වවලා, හම ගිය ඩෙනිමක් ඇඳගෙන, බස් ස්ටෑන්ඩ් එකේ අයියලා එක්ක වැඩි කාලයක් ගත කරපු, යලට මහට පන්ති ආපු මේ චරිතෙ හඳුන්වන්ඩ අපි නමක් දාගමුකො උපුල් වගේ. උපුල් ගෙ ගම කුරුණෑගල උනාට සාක්කුවේ තිබ්බෙ තණමල්විලෙන් ගෙනාපු මල්. කරන්නේ උසස් පෙළ උනාට හුගක් දෙනෙක් කිවුවේ උපුලා කරොත් කරන්නේ පහත් පෙලේ වැඩ කියලා. අතේ සතේ නැති උනාට හිතේ තිබ්බේ කරුණාතිලක සර් ගේ පන්තියට ආපු ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්ඩ. ඇත්තටම උපුලට පන්ති එන්ඩ තිබිච්ච එකම මෝටිවේෂන් එක ඒ කෙල්ල කිව්වොත් හරියටම හරි. මේ කෙල්ල ලස්සනයි. පොහොසත් පවුලක. ඉගෙන ගන්ඩ දක්ෂයි.

දෙතුන් පාරක් උපුල් මේ කෙල්ලගෙන් යාලු වෙන්ඩ කැමතිද කියලා ඇහුවා. කෙල්ල ගත් කටටම කිවුවෙ නැද්ද බැහ්! කියලා. එහෙමත් කියන්ඩ හොඳද මං අහන්නේ? ඔය අතරේ උපුල්, කරුණාතිලක සර් ගේ මෝටිවේෂන් කතා ඇහුවා. ඒවා හිතට ගත්තා. අලුත් ඉලක්කයක් තියාගෙන වැඩ කරන්ඩ පටන් ගත්තා. ටික දවසකින් පංතියෙන් උපුල් අතුරුදහන් උනා!!

එක දවසක් ළමයි උදේ පංතියට එනකොට උපුල් ඉන්නවා කරුණාතිලක සර් එක්ක ස්ටේජ් එක උඩ. පැත්තක ලොකු පාර්සල් ගොඩක් ගොඩ ගහලා. උපුල් සෑහෙන්ඩ වෙනස් වෙලා. ඉරිච්ච ඩෙනිම වෙනුවට හොද කලිසමක් ඇදලා. පොඩි වෙච්ච ටී ෂර්ට් එක වෙනුවට, හොඳට මැදපු, අත් දිග කමිසයක් ඇදලා, ටයි එකකුත් දාලා. දිගට තිබ්බ කොන්ඩේ කපලා, පැත්තට පීරලා. සෙරෙප්පු කබල් දෙක වෙනුවට මූණ පේන සයිස් එකට පොලිෂ් කරපු, කළු සපත්තු දෙකක් දාලා. කොල්ල අඳුර ගන්ඩත් බැරි තරං ඕං. ඒ අතරේ කරුණාතිලක සර්, උපුල්ගේ වෙනස පන්තියට විස්තර කරනවා.

“අ......අ......මං හැමදාම කියනවනේ අපේ පන්තියට එන ළමයින්ට විශ්ව විද්‍යාලෙට යන්ඩ උනන්දු වෙන්ඩ කියලා...ඉතින් මේ අපේ ළමයි ලංකාවේ උසස් පෙළ කරන හැටි ගැන කල්පනා කරන කොට අපේ මේ උපුල් ශිෂ්‍යයා හිතුවේ කොහොමද ඉක්මනට ඒ තත්වෙට පත් වෙන්නේ කියල. අ......අ......ඉතින් අපේ උනන්දු කිරීම් හින්දා විශ්ව විද්යාලෙකට යන්ඩ ඕන කියන අධිෂ්ටානය මුල් කරගෙන මේ ශිෂ්‍යයා හොයල බලල තියනවා ලංකාවෙන් පිටත් තියන අවස්ථා මොනවද කියල. එහෙම බලන කොට…. අ......අ...... දැනගෙන තියනවා පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව ක්‍රමය ගැන. ඔන්න අපේ ළමයි!!!! උනන්දුයි! විමසිලිමත්!! බුද්ධිමත්!!! ඉතින් ඒ විභාග වලට සාර්ථකව මූණ දීලා සමත් වෙච්චි හිංදා මේ දරුවා ලබන මාසේ එංගලන්තෙට යනවා විශ්ව විද්යාලෙකට. තමුන්ලා ගේ ගෙම්බෝ වගේ ලංකාවෙ ඉඳගෙන විශ්ව විද්‍යාලේ යන්ඩ කල් බලන කොට මේ දරුවා එහෙ ගිහිං, ඉගෙන ගෙන, වෛද්‍යවරයෙක් වෙලා ලංකාවට එනවා!!!
මෙච්චර ලොකු ජයග්‍රහණයක් ලබා ගෙනත් අ......අ......මේ දරුවට මුල මතක තිබ්බා. මේ තියෙන්නේ මේ දරුවට එක එක්කෙනාගෙන් ලැබිච්ච තෑගි. ඒ උනාට මේ ශිෂ්‍යයාගේ උවමනාව ඒ තෑගි තමුන්ට මග පෙන්නපු ගුරුවරයා අතින්ම ලබා ගන්ඩ.  මං දැන් තෑගි මේ වේදිකාව උඩ දීම අපේ උපුල් ශිෂ්යයාට පිරිනමනවා. අපි කවුරුත් එතුමාගේ ජයග්රහණය වෙනුවෙන් සතුටු වෙමු....”

දැන් සර් එක එක තෑගි පාර්සල් උපුල්ට දෙනවා ස්ටේජ් එක උඩදී. ළමයි අප්පුඩි ගහනවා. සර් තෑගි දෙනවා…. ළමයි අප්පුඩි ගහනවා….!! විනාඩි දහයක් විතර ගියා ඔක්කොම තෑගි ටික දීලා ඉවර වෙන්ඩ. කරුණාතිලක සර් තවත් විනාඩි දහයක් විතර අරගෙන උපුල්ගෙ ගුණ වර්ණනාවක් කළා. හැමදාම උපුල් හරි උනන්දු ශිෂ්යයෙක්ලු. උනන්දුවෙන් ඉගෙන ගත්තලු. තව තව කතා කෝටියයි.

උපුලුත් පන්තියට හිස නමලා ආචාර කරලා, සර්ට දන ගහලා වැඳලා, පන්තියෙන් සමු ගත්තා. සතියක් විතර යනකොට අර ගෑණු ළමයා උපුල්ට කැමති උණා. ඉතිං ඊට පස්සෙ හැමෝම සතුටින් හුගක් කල් ජීවත් උනා..... ඒත් මේ කතාව විදිහට සුරංගනා කතාවක් වගේ ඉවර උනේ නෑ.

උපුල්ට එංගලන්තෙ යන්ද තිබ්බ දවස ටිකක් කල් ගියා කියල තමයි ආරංචි උනේ. ඔය අතරෙ අර ගෑණු ළමයා උපුල් එක්ක හොරෙන් පැනලා ගියා කියලත් ආරංචියක් ආවා.
පන්තියේ හිටපු කරුණාතිලක සර් ගේ ‘ගේ ගෙම්බෝ වගේ ශිෂ්යයෝ’ ටික උසස් පෙළ ලියන කොට උපුල් ආයෙත් කුරුනෑගල ටවුන් එකේ දකින්ඩ හිටියා. හැබැයි පොදු රාජ් මණ්ඩල ශිෂ්යත්වේ දිනපු කෙනා නෙවෙයි. පරණ ඩෙනිම ගහගත්තු, ගංජා ගහන, අබග්ග චරිතේ!! කරුණාතිලක සර්ගෙ කතා වල හිටපු 'අල්ලපු ගෙදර ශිෂ්යයා' අතුරුදහන් වෙලා ආයෙත් 'ශිෂ්යයා' මතු වෙලා.

පස්සේ ආරංචි වෙච්චි විදිහට මුළු කතාවම උපුල් ගේ ගේමක්!! කරුණාතිලක සර් ළමයින්ව කැම්පස් යන්ඩ උනන්දු කරන ආකාරය දැක්ක උපුල්, අර ගෑණු ළමයගෙ හිත දිනා ගන්ඩ ගිල්ලපු ඇමක් තමයි පොදු රාජ් මණ්ඩල ශිෂ්යත්වේ!! කරුණාතිලක සර් වගේම අර දැරිවිත් ඇම ගිල්ලා.මගේ යාළුවාට අවුරුදු පහ හයකින් උපුල්වයි අර ගෑණු ලමයාවයි දෙන්නම් හම්බවෙලා කුරුණෑගලදි. ගෑනු ළමයාගෙ අතේ එක බබෙක්ලු. උපුල් තව කෙනෙක් වඩා ගෙනලු.


මට හිතෙන්නෙ අපි මේ ලෝකෙ හුගක් දේවල් ලබා ගන්ඩ උනන්දු වෙනවා. ඒවා ලබා ගන්ඩමෝටිවේට්’ කරන අය කරන්නේ අපිට උදවුවක්. හැබැයි අපි මතක තියා ගන්ඩ ඕන අය සියල්ල දත්, තුන් කල් පේන අය නෙවෙයි කියලා. ඉතින් සමහර විට අයත් රැවටෙන්ඩ ඉඩ තියනවාසමාජෙ ප්රසිද්ධමෝටිවේටර්ස්’ ලා වලකට වැටුනොත් අයත් එක්ක තවත් දාස් ගානක් වලටම වැටෙනවා අන්ධයෝ වගේ වැඩ කරන හින්දා. මට මතක් වෙනවා අපේ 'සක්විති'ත් එක්ක වැඩ කරපු එක ප්රසිද්ධ චරිතයක් ගැන. මිනිස්සු හිතුවා අහවලාත් මෙතන වැඩ නම් අපි මොකටද සක හිතන්නෙ කියලා. පස්සේ තමයි තේරුම් ගියෙ වයසක මනුස්සයත් සක්විතිට රැවටිලා කියලා. හැබැයි එහෙම තේරෙන කොට පරක්කු වැඩියි. දාස් ගානක් වලට වැටිලා....

11 comments:

  1. උස්සලා පොලේ ගැහුවා වගේ කතාවක්නේ! මට පොඩ්ඩක්වත් හිතාගන්න බැරි අවසානයක්..

    මම ඒ සර්ගේ ගෘප් ක්ලාස් ගියා නුවරදී. ආපු වෙලේ ඉඳන් අපිට සැප වැඩියි කිය කියා බනිනවා. අනේ ඉතින් අපි ඒවත් අහගෙන ඉගෙනත් ගත්තා. මෝටිවේෂන් කතා නම් ඇත්ත. නමුත් නියම රොබෝවරු සහ ආත්මාර්තකාමියෝ බිහිවෙන්නේ ඒ මෝටිවේෂන් කතාවලින් කියලා මම ඒ දවස්වල කල්පනා කළා. ඒ උනාට ඒ සර් අහිංසකයි. උපුලා නම් මාරම පොරක් තමයි...

    ReplyDelete
    Replies
    1. සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා...........

      Delete
  2. මමත් කුරුණෑගල ක්ලාස් ගියා රාජකරුණා සර්ගෙ. දෙදාස් දහයෙදිත් ඉගැන්නුව වගේ මතකයි දැන් නම් කොහොමද දන්නෑ. මොනව වුනත් සර් නම් අහිංසකයි. මෝටිවේට් වගේම දුප්පත් ළමයින්ට එහෙම උදව් කරනවා.
    උපුල්ගෙ මොලේ නම් නියමයි, අර ගෑනු ළමයා නම් පව්

    ReplyDelete
    Replies
    1. සර් අහිංසකයි. මං කිවුවේ සර් ව අන්දවන්ඩ එක්තරා චරිතයකට පුළුවන් වෙච්චි බව. සර් වගේ අහිංසකයෙක් රැවට්ටුවම සර් ගේ ගෝලයෝ හුග දෙනෙකුත් ඒ එක්කම රැවටෙනවා. ඇත්තටම සමාජයේ නායකයෝ රැවටුනාම සමාජයේ සැහෙන කොටසකුත් ඒ එක්කම රැවටෙනවා....නායකයන් රැවටීමේ ප්‍රශ්නය ඒකයි....

      Delete
  3. මෝටිවේට් කිරීම මෙන්ම උවමනාවට වඩා මෝටිවේට් වීමද සරීර සෞඛ්‍යයට හොඳ නැත..

    ReplyDelete
  4. එක පැත්තකින් උපුල්ගේ ඉලක්කය වුනේ කැම්පස් නෙවේ අර ගෑනු ළමය .ඒ පැත්තෙන් මිනිහට හරි ගියා. මොර්ටිවේෂන් කෙසේවෙතත් නියම ගේමක් දීල තියෙන්නේ

    ReplyDelete
  5. උබලා වගේ එවුන් තමා තමයි පොරවල් හැබැයි ගෙන්දගම් පොළවේ කට්ට කන එවුන් වගේම පැනලා ගිය කෙල්ල ත් එක්තරා ආකාරයක චරිත තමා නෙහ්
    උපුල් ට ඕන වුණේ කෙල්ල
    කෙල්ලය ඕන වුණේ හොඳ ප්‍රසිද්ධිය
    අන්තිමේදී වළේ වැටුණ
    ක්ඇලාස්වි එකට ඇවිල්ලා උගන්වන් නැතුව පිස්සු කියවන අයටහොද පාඩමක්

    තාම මතකයි උගන්වන ගුරුවරයෙක් හිටියාබණ කිව්වා පන්තියේ
    මට නං හිතෙන්නේ ඒකත් එක්තරා මාකටිං පාරක් කියලා

    ReplyDelete
    Replies
    1. එයත් කුරුණැගල නේ ඉදල හිටල එයාගෙ එකටත් ගියා

      Delete
  6. මාත් ගියා ගොඩක් සර් ලගේ ක්ලාස් හැබැයි එකෙක් ගෙවත් නම් මතක නෑ මොකද මාත් අල්ලපු ගෙදර ශිෂ්‍යා නෙමෙයි ශිෂ්‍යාගෙ ජාතියෙ එකෙක් නිසා. හැබැයි මම හිතන්නෙ අල්ලපු ගෙදර ශිෂ්‍යා නම් තාම ඉගෙන ගන්නව.

    ReplyDelete