ඉඩෝරයා ගේ කතාව මං බාගෙට කියලා නැවැත්තුවේ කතාව ටිකක්
දිග වැඩි වෙච්චි හින්දා. ඉඩෝරයාගේ කල් කිරියාව කොහොම එකක්දෑ කියල කියන් නැතුව
ඉඩෝරයාගේ ඉරණම කියන එක තේරුමක් නෑ. ඒකයි කතාව දික් උනේ. කවුරු හරි ඉඩෝරයාගේ කතාවෙ
මුල් ටික කියවලා නැත්නම් මයෙ අම්මා තරහ නැතුව මෙතැනිං ඒ කොටහ කියවලම වරෙල්ල හොදේ.
නැතුව අර ටැලිවිසොන් පෙට්ටියේ රෑට රෑට - රූට රූට පෙන්නන
නාට්ටිය බලලා පුරුද්දට, එක දවසක කෑල්ලක් නෙවෙයි දවස් තිහ හතලිහක කෑලි නොබැලුවත්
අවුලක් නැතුව ඉස්සරහට බලාගෙන යන්ඩ පුළුවන් වෙන මෙගා කුණු හරුප නං නෙවෙයි ඕං
මෙව්වා. මෙගා නාට්ටිය කියන්නේ ‘මුත්තයියගේ ගල් කේක්’ වගේ දෙයක්. හැබැයි ඒක
වෙනම දවසක කියන්ඩ ඕන වෙනම කතාවක්... දැන් ඉඩෝරයාගේ දෙවැනි කොටස
“උඹ කොහොමද මට
ලී ගෙනත් දෙන්නෙ?”
“පර බාසාව ප්‍රෂ්නෑක්
උන් නැත්තන් මටත් ආව් අප්ප කියල උපාධිය ගන්ඩ පුලුහන් වෙයි!!”.
එහෙම කියන කොටත් ඉඩෝරයාගේ මූනේ පොඩි හිනාවක් යනවා. අත්
දෙක පද්දන වේගෙ ටික ටික වැඩි වෙනවා.
“…එහෙම උනොත් මං
අපේ ගමේ ග්‍රාමය වෙනවා!!!...”
“මොකක්?”
“ග්‍රාමයා… ජේෂ් තුමා ග්රාමයා!!...”
මූට ඕන ග්‍රාම සේවක කෙනෙක් වෙන්ඩද උපාධියෙන් පස්සේ?. මට හිතා ගන්ඩ බැරි
උනා. සාමාන්යෙන් උපාධිය ගත්තහම අපි බලාපොරොත්තු උනේ ආණ්ඩුවේ ලොකු රස්සාවකට හරි ප්‍රයිවෙට්
තැනක ලොකු පඩියක් ගන්ඩ පුළුවන් ජොබ් එකකට යන්ඩ. ග්‍රාම සේවක තනතුරක් ගැන අපි
කවුරුවත් හිතලා තිබ්බේ නැති වෙලාවක මෙන්න මේකා ග්‍රාම සේවක කෙනෙක් වෙන්ඩ හදනවා!!!. මං ඒ රස්සාව පාත්
කරනවා නෙවෙයි. එත් ඒ කාලේ අපිට හිතුනේ උපාධියක් ගත්තහම ඊට වඩා ලොකු රස්සාවක් කරන්ඩ
ඕන කියලයි.
“ඇයි උඹ
ග්රාමයෙක් වෙන්නෙ?”
“අපි හරි
දුප්පත් ජේෂ් තුමා. අපෙ අප්පච්චි දැනටමත් ණය වෙලා ඉන්නෙ මාව කැම්පස් එවන්ඩ. ඒ ණය
ගෙවල, ගෙයක් දොරක්
හදා ගෙන, වීල් එකකුයි
ටැට්ටරේකුයි, බයික්කෙකුයි ඇන්න
රජා වගේ ඉන්ඩ පුළුවන්නේ ග්රාමයෙක් උනොත්...”
“ඒ කොහොමද බං..? ඊට වඩා හොඳයි
නේ වෙන ලොකු රස්සාවකට යන එක”
“ඊට වඩා ලොකු
රස්සා කොහෙද ජේෂ් තුමා අපේ පැත්තේ? ගමේ මොනවා කොලත් ග්රමයාට කුට්ටිය යනවා. එක
තමයි හොදම වැඩේ...”
“අම්මප? ඉතින් කොහොමද
උඹ මට ලී දෙන්නෙ?”
“ඇයි ජේෂ් තුමා
අපේ ගම වටේම කැළාවනේ!!...සතියට ලී
ලොරි තුන හතර කපලා අපෙ ගමේ මුදලාලි මොරටු එවන එකේ මං ග්රාමයා උනාම ලී ලොරි එකට
දෙකක් දෙන්ඩ බැරිය?”
මේ කතාවෙන් පස්සේ අපි හම්බෙච්චි හුඟක් වෙලාවල් වලදී -
රැග් සීසන් කාලෙත්, ඊට පස්සෙත්-
මං ඉඩෝරයට උගේ පොරොන්දුව මතක් කළා. අනිත් උන් රැග් සීසන් එකෙන් පස්සේ අපේ නං කියලා
කතා කලාට ඉඩෝරය මට නං හැමදාම කතා කලේ 'ජේෂ් තුමා' කියලා.
කාලෙ මෙහෙම ගෙවිල යද්දී
ඉඩෝරයට 'පර බාසා' ප්‍රශ්නෙ තදිම්ම
දැනෙන්ඩ පටන් ගත්තා.පළවැනි සෙමෙස්ටර් දෙකේ සබ්ජෙක්ට් සෑහෙන ගානක් මූ ෆේල් උනා.
දවසක් හවස ආරංචියක් ආවා ඉඩෝරය මහවැලි ගඟ හරහා පේරාදෙණියේ තියෙන කෝච්චි පාලමේ - අපේ
උං කියන විදිහට 'යකා පාලමේ'- අඩි විස්සක්
විතර උස ඇන්ද උඩට නැගලා ගඟට පනින්ඩ හදනවා කියලා. අපි විජහට දුවං ගියා, මේකට මොන
යකෙක් වැහිලද කියල බලන්ඩ. ඒ යනකොටත් ඉඩෝරය බිමට බස්සවගෙන කොහොම හරි.
ඔය සිද්ධියට දවස් දෙක තුනකට පස්සේ ආපහු මට ඉඩෝරය හම්බ
උනා. ආයෙත් අත් දෙක වන වනා,
ජරාස්…. බරාස්….. ගගා සපත්තුව අද්දමින්
ගිය ඉඩෝරය දැක්කහම මං ඌට කතා කළා.
“ඈ බං
ඉඩෝරය..උඹ මොකද එදා පිස්සුවක් කෙලින්ඩ ගියේ?”
“පිස්සු නෙවෙයි
ජේෂ් තුමා...මට ඇත්තටම මැරෙන්ඩ හිතිලා තියෙන්නෙ!”
“ඇයි හු&&^ මැරෙන්නේ?” මං කවුන්සලින්
පාරක් පටන් ගත්තා
“අපේ කුඹුර
සින්න උනා ජේෂ් තුමා...දැන් කන්ඩ වී හොයා ගන්ඩ අදේට කුඹුරු වැඩ කරන්ඩ වෙනවා. වී
හොයා ගත්තත් අතේ වියදමට ගෙදෙට්ට සල්ලි නෑ...”
“ඉතින් එකට
උත්තරේ උඹ මැරෙන එක නෙවෙයිනේ බං... ඉක්මනට ඩිග්‍රිය අරං රස්සාවක් කරන එකනේ..!”
“ඒකත් හරියන්නෑ
ජේෂ් තුමා. මං සබ්ජෙක් තුන හතරක් දවුං!”
“ඉතින් ආයෙත්
එවුව කරන්ඩ පුළුවන්නේ?”
“පිස්සු කතා
කරනවා ජේෂ් තුමා...මේ පාර තියන ටික කර ගන්ඩත් බැරි කොට කොහොමද පහුගිය එවුවත්
කරන්නේ?”
මොකද්ද උඹට තියන ප්‍රශ්නේ? බාසාවද සබ්ජෙක්ට් එකද?
"බාසාව ජේෂ් තුමා බාසාව...මට මෙලෝ සංසාරයක් තේරෙන්නෑ ජේෂ්
තුමා ඉංගිරිස්. ආය ඉතිං අම්ම මුත්ත කාලෙවත් පාවිච්චියක් තිබ්බෙ නෑනේ මෙහෙට්ට එන්ඩ
ඉස්සර..."
“බෑ කියල බෑනෙ
මචෝ...ගෙදර දාන්ඩ නං උඹ පාස් වෙන්ඩම එපෑ... උඹ පාස් වෙන්ඩ නං ඉංග්‍රීසි
ඕනමයි.”
සාමන්යෙන් ඉංග්‍රීසි බැරි උන් හැම අවුරුද්දකම ඉන්නවා. ඒත්
අවුරුද්දක් විතර යනකොට ඔය ප්‍රශ්නේ මග ඇරිලා යනවා, භාවිතේ වැඩි වෙන හිංදා. හැබැයි ඉඩෝරයට තිබ්බේ ටිකක්
දරුණු අමාරුවක්. ඔය ගඟේ පයින වැඩෙන් පස්සේ කොහොම හරි ඉඩෝරය දයිරිය ගත්තා.
“අපේ උං
රුසියාවේ ගිහිං ඒ බාසාවත් ඉගෙන ගෙන
ගෑනියෙකුත් බැඳ ගෙන ඩිග්රියකුත් ඇන්න එන්ට
පුලුවන්නම් ඇයි මට බැරි නේ ජේෂ් තුමා ඉංගිරිස් ඉගෙන ගන්ඩ???....”….
“අපේ සිංහල ගෑනු
අරාබියේ ගිහිං ඒ බාසාවත් කතා කරලා, වැඩත් කරගෙන එන්ඩ පුලුවන්නං ඇයි යකඩෝ අපිට
බැරි ඉංගිරිස් ඉගෙන ගන්ඩ නේ ජේෂ් තුමා???” කියලා ඊට
පස්සේ මාව හම්බෙච්චි දවස් දෙක තුනක්ම
ඉඩෝරයා මාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ උනන්දු කළා.
ඔය කියන කාලේ අපේ තුන්වැනි අවුරුද්ද විතර. ඉතිං අපි MI -මහ ඉලුප්පල්ලමේ - යන හිංදා එක කන්නෙකටම
පේරා එක්ක තියෙන සම්බන්ධතාවේ අඩු උනා. ඊට පස්සේ මේජරින්...ඔය කාලේ ඉඩෝරයලා MI ගියා. ඉතිං ඇත්තටම
කැම්පස් එකේ හිටපු අන්තිම කාලෙ ඉඩෝරයට මොකක් උනාද කියලවත් ඌ ඉංග්‍රීසි ඉගෙන ගත්ත
විදිහවත් දන්නේ නෑ. හැබැයි මං දන්නවා ඌ අන්තිමට ඩිග්‍රිය ගත්තා කියලා.
මහවැලි ගඟ වගේම කාලයත් ගලාගෙන ගියා...අපි කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු පහළොවක්. මේ ලඟදි මට හම්බ උනා ඉඩෝරයගේ බැචෙක්.
මං උගෙන් ඉඩෝරය ගැන ඇහුවා.
“ආ...ඌට දැන්
හොඳයි!!..”
“ඌ ග්‍රාමයෙක්
උනාද?”
“ඒක නං බැරි
උනා...”
“ඌ දැන් මොකද
කරන්නේ ?”
“අවුරුද්දකට
විතර ඉස්සර ඌ කැබිතිගොල්ලෑව පැත්තේ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් වෙලා හිටියා. දැං
නං කොහෙද දන්නේ නෑ...අනුරාධපුරේම කොහේ හරි ඇති....අත් දෙක හොල්ල හොල්ල !!!”
මගේ හිතේ ලොකු සතුටක් ඉපදුනා. හැබැයි ඉඩෝරයා ඉස්කොලේදිත්
ඌ ග්‍රාම සේවක වෙලා කරන්ඩ හිතා ගෙන හිටපු වැඩේම කරන්නෙ නැතුව ඇති කියල මං හිතනවා.
මට නං හිතෙන්නෙ ඉඩෝරයා ඉංග්‍රීසි ඉගෙන ගත්තු, බාධක ජය ගත්තු
විදිහ කැබිතිගොල්ලෑවෙ ළමයින්ට විතරක් නෙවෙයි මුළු ලංකාවේම ඈත ගම්බද ළමයින්ට කියල
දෙන්ඩ ඕන කියල. හිත හොඳ මනුස්සයෙක් වෙච්චි ඉඩෝරයා උගෙන් ඉගෙන ගන්න ළමයින්ට ඒ කතාව
කියල දෙනව ඇති. එහෙම ගුරු උතුමන් තමයි අපිට ලක්ස ගානක් ඕන. නැතුව
පොතේ තියන දේ කට පාඩං කරන්ඩ අණ්ඩර දෙන ගුරු හොරු නෙවෙයි.එහෙම ගුරු උතුමන් දාස්
ගානක් තාම මේ රටේ ඉස්කෝලවල් වල, කැම්පස් වල, ටෙක්නිකල් වල ඉන්නවා.
පේරාදෙණියෙන්
බිහි වෙච්චි මනෝරත්න මහත්තය ගුරු තරුවෙ කියනව වගේ....
සඳ නැති ආකාසේ.....
තරු එළියකි පෑවේ.....
කුමුදාකරයකි පන්තිය මේ පොඩි
ගුරු තරුවක් පායා අහසේ...!!!
හැබැයි ඒක වෙනම දවසක කියන්ඩ ඕන වෙනම කතාවක්!!!..
එල එල
ReplyDeleteස්තූතියි ආවට. ආයෙත් එන්ඩ හොදේ...
Delete:)
ReplyDeleteඉඩෝරය.. හොඳ එකා ඌ වැස්සක්වෙලා ආපහු වන්නියටම වැස්ස...කට්ටකාඩුවෙ ලොකු මළයට තමයි පාඩුව.. ලී ලොරි වාසනාව ගහල ගියා..
ReplyDeleteවන්නියට වහින්නේ එහෙමත් වළාකුළු. හුගක් වළාකුළු කරන්නේ වන්නියෙ වැව් වලින් වතුර ටික අරගෙන කොළොම්තොටට හරි වෙනිං දේස දීපංකරේකට හරි පියඹලා ගිහිං වහින එක. මට ලී ලොරි නැති උනාට අහිතක් නෑ...වන්නියෙ ඉඩෝරෙ ඉවර කරන්ඩ පොද වැස්සක් හරි වහිනවනම්.....
Deleteඇත්තටම ඉඩෝරය බලන්ඩ ආසාවක් ඇතිඋනා.අනුරාධපුර අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් එහෙම නැත්නම් කබිතිගොල්ලවෙන් හෙවුවොත් බැරිවෙන්නේ නැහැ.මේ වගේ කී දෙනෙක් කැම්පස් එනවද.ඔවුන්ගේ අනාගතේට මොනවා වෙනවා ඇත්ද?
ReplyDeleteඅයියනායක දෙයියොම එව්වා බලා ගන්ඩ ඕන!!!
Deleteඅපේ බැච් එකෙත් අනුරාධපුරෙන් ආපු 'මීටර්' එකක් හිටියා. ඉංගිරිස් බෑ. ඒ හින්දා බැජ් මිස් උනා. නමුත් අන්තිමට ඩිග්‍රිය ගත්තා. අපි ෆුල් සපෝර්ට් එක දුන්නා. අද වෙනකොට එයා මගේ යටතේම වැඩ කරනවා. මම කාටවත් කිව්වේ නැහැ මගේ බැචෙක් කියලා. තාමත් සන්නිවේදන ගැටළු තියෙනවා. නමුත් මම පුළුවන් උපරිම විදියට සපෝර්ට් කරනවා උනත් ෆේවරේෂන් නම් කරන්නේ නැහැ. තවත් එහෙම උදාහරණ කිහිපයක් තියෙනවා. තවත් එකියක් අන්තිමට ගුරුවරියක් උනා.
ReplyDeleteමං හිතන්නෙ බැච් මිස් වෙලා තියෙන්නෙ අපේ මුළු ජාතියේම කියල. එක හරක් රෑනක් සාර සුබාවට පැහීගෙන ආපු ගොයං යාය කාලා දැම්ම හිංගල බාසාව විතරක් කතා කොරන්ඩ ගිහින්. හැබැයි ඒ රෑනෙ ගොපල්ලො තමුන්ගේ දරුවන්ව යැව්වා 'ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ. හරක් පැටවුන්ට තාම ඉංග්‍රීසි 'පර බාසාව'!!! තව පරම්පරාවක් තව පාරක් බැච් මිස් වෙන්ඩ කලියෙන් අපේ දරුවන්ටවත් ඉංග්‍රීසි උගන්නමු. ඉංග්‍රීසි විතරක් නෙවෙයි පුලුවන්නං චීන, ජර්මන්, ස්පාක්ඤ, අරාබි, කොරියන් ඔක්කොම. හැබැයි සිංහල බාසාවෙ ලස්සනත් මුල ඉදන්ම අපූරුවට කියල දෙදී...
Delete