Saturday, July 14, 2018

සෙන්ටිනේරියන් කට්ටකාඩුව


ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් පටන් ගන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව. කට්ටකාඩුව බ්ලොග් එක පටන් ගත්තු විදිහ මම කිව්වනේ 50 වැනි ලිපිය ලියන වෙලාවේ. ආචාර්ය ඩී ගේ බල කිරීමට මේ අටමගල පටං ගත්තට මොකද එතනින් එහාට කොහොම කරගෙන යන්ඩද මොනවා ලියන්ඩද කියල මට කිසිම නිච්චියක් තිබ්බේ නෑ කියමුකෝ

මහාචාර්ය මාතලන් තුමාගේ බ්ලොග් පාඩම් මාලාවෙ සහසුද්දෙම්ම කියල තියනවා අර හිට් කවුන්ටර් එක මුල්ම කාලේ අටවාගන්ඩ එපාය එහෙම උනොත් මොකෙක් වත් මේ මැස්සෝ ඇහිරෙන බ්ලොග් බලන්ඩ එන්නේ නැතිය කියල. හුහ් එහෙම කොහොමද.... මම ඔය එක එක ගුරා ලා කියන දේවල අහන්නේ මොකටද කියල හිතපු මම දා ගත්තා ඒක මුලිම්ම.
අනේ අප්පෝ එහෙමත් නව නිංගිරාවක්! පලවෙනි මාසෙටම මම ලියපු එව්වා බැලුවේ 400 කටත් අඩු ප්රමාණයක්. දැන් මගේ කල්පනාව මේ බ්ලොග් කෙහෙල්මල නවත්තලා දාන්ඩ. මම නැහීගෙන කොටන අකුරු මොකෙක්වත් බලන්නේ නැත්නම් මම මොකටැයි කාලේ කන්නේ. එහෙම කියලා නවත්තන්ඩ හදන කාලේ හරි අපූරු වැඩක් උනා. ඔන්න ඔය වැඩෙත් එක්ක තමයි... නෑ ...දැම්ම නවත්තන්නේ නෑ තව ටික කාලයක් මේක කරගෙන යනවා කියල දහිරිය ගත්තේ. ඉතින් අද කට්ටකාඩුවේ සියවෙනි ලිපිය සමරන වෙලාවේ මට හිතුනා කතාව කියන්ඩ.

...අමතක උනා කට්ටකාඩුවත් එක්ක අවුරුද්දකුත් සතියක් හිටපු මේකේ මම ලියන ලට්ට ලොට්ට කියවන, කියවලා ගුණ දොස් පෙන්නන, ලිපි අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න හැමෝටම ස්තූතියි කියන්ඩ මම මේක අවස්තාව කර ගන්නවා.

Sunday, July 8, 2018

කොරෝදාරාමය



අද කියන්ඩ යන්නේ අපේ ගමට ළඟ ගම දෙකක කතා දෙකක්. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියල ඈත අතීතේ ඉඳන් පවත එන කතාවක් තියනවනේ. උනාට මේ හතර කෝරළේ වැව් නෑ. පොඩි පොඩි ගම්මාන තියන හිංදා හැම ගමකටම පන්සලකුත් නෑ. මගේ හිතේ අතීතේ ඉඳම්ම උඩරට රජ්ජුරුවන්ටයි, කෝට්ටේ රජ්ජුරුවන්ටයි අතර මැද්දේ ටික කාලයක් සීතාවක රජ්ජුරුවන්ටයි, අපේම දැදිගම හිටපු රජ්ජුරුවන්ටයි වගේ එක එක රජා අතරේ මාරුවෙච්ච ෆුට් බෝලයක් වෙච්ච නිරන්තර යුද සූදානමක හිටපු මිනිස්සු ජීවත් වෙච්ච මේ හතර කෝරළේ හැම ගමකටම පංසලක් නඩත්තු කරන්ඩ තරං හයියක් හත්තියක් තිබ්බේ නැති හින්දම තමයි ලොකු ගං වල විතරක් පන්සල් හැදිලා තිබ්බේ.

අපේ ගමත් පොඩි ගමක් හිංදා  අපේ ගමටත් වෙනම පන්සලක් නෑ. හැබැයි එහෙම විශේෂයෙන් පන්සලක් නෑ අඩු පාඩුවකුත් නෑ. අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවරු අපේ ආගමික අවශ්යතාවන් ඉෂ්ට සිද්ධ කරලා දෙන හිංදා. හැබැයි හැම තැනම එහෙම වෙන්නේ නෑ. මම කියන්ඩ හදන්නේ අපේ ළඟ ආසිරාවේ තියන ගං දෙකක වෙච්ච කතා දෙකක් ගැන. කවුද හරි කවුද වැරදි කියලා තමුන්නැහෙලාම තීරණය කරන්ඩ හරිය.

Monday, July 2, 2018

පාර දිගේ ලේ ගැලුවත්...



ගිය මාසේ මම කිව්වනේ රුහුණේ දී හම්බ වෙච්ච තිත්තවැල්ගොල්ලේ වධකයා ගැන. ඉතිං ඔය ලිපිය දැකපු දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහුවා 'රුහුණේ විස්තර' එතකොට මතක් වෙච්ච තව කතාවක් කියන්ඩයි අද සූදානම. මේක අද සමාජයේ ඉන්න ප්රසිද්ධ පුද්ගලයෙකුටත් සම්බන්ධ හිංදා කියම්දෝ නොකියම්දෝ කියල හිතුනත් අපේ ගමේ කට්ටිය කියනවා වගේ 'ඕන ඉලව්වක් වෙන්ඩ ඔන්නොහෙ කියල දාන්ඩ' තමයි මගේ කල්පනාව.

අපේ තකතීරු අධ්යාපන ඇමැත්තෙක් ගේ මානසික රෝග සංසිදුවා ගන්ඩ සැටලයිට් තුමිය රාජ්ජය අවිචාරණ සමයේ අපිව ගාල් කරලා රුහුණේ කෘෂි කර්ම පීටයට යවපු හැටිත් කෘෂි කෙසේ වෙතත් අපේ පෙර කල කර්ම පළදෙන තැනක් බවට එතැන පත්වෙච්ච හැටිත් මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. දැන් කියන්ඩ යන්නේ කාලෙම අපි විරු සිසුවෝ වෙන්ඩ තිබ්බ චෑන්ස් එකක් නූලෙන් මිස් වෙලා ගිය හැටි. එදා වැඩේ ටක්කෙට උනා නං අද මේ ලොකු මලය සුන්දර සුරඹුන්ගේ අතේ.....


අපේ ෆැකල්ටිය පිහිටලා තිබ්බේ මාපලානේ. කියන්නේ ඉඳන් කඹුරුපිටිය පාරේ හැතැම්ම නවයක් දහයක් විතර එනකොට තියන හරියක. හැබැයි රුහුණු විස්සවිජ්ජාලේ ආට් ෆැකල්ටිය හෙම පිහිටුවලා තිබුනේ වැල්ලමඩමේ. කියන්නේ මාතර ඉඳන් තංගල්ල පාරේ හැතැම්ම තුනක් හතරක් විතර එනකොට තියන හරියක. කොටිම්ම කිව්වොත් මාපලානේ ඉඳන් වැල්ලමඩමට එන්ඩ බස් දෙකක හැතැම්ම දොළහක් දහතුනක් විතර එන්ඩ ඕන. ගමනට කාලේ පැය එක හමාරක් විතර ගත උනා කියලයි මතක තියෙන්නේ.