Thursday, April 2, 2020

වෙසක් සඳ නොකියන රහසක් තිබේද?



කොරෝනා බය හින්ද ගෙදරට වෙලා හිටියත් කට්ටකාඩුව පැත්තේ ගොඩ වෙන්ඩ වෙලාවක් නැති උනේ ' ගෙදර ඉඳන් වැඩ' සංකල්පයක් ක්රියාත්මක වෙන හිංදා. හින්ද ඇත්තටම වෙනදට වඩා වැඩ කිව්වොත් වඩා නිවැරදියි. ඉතාලියේ, ස්පාඤ්ඤයේ,  ඇමරිකාවේ, විතරක් නෙවෙයි ලෝකේ හතර දිග් බාගෙම කොරෝනා මරණ සංඛ්යාව දහස් ගණනින් වැඩි වෙන මේ වෙලාවේ   රාජ්ජවල ඉන්න හැමෝටම ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී බව ලැබෙන්ඩ කියල ප්රාර්ථනා කරන ගමන්  තවමත් ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන සමහර දෙනාට කරුණාකර ගෙදරට වෙලා ඉඳලා කොරෝනාව මර්දනය කරන්ඩ රජයට සහය දෙන්ඩ කියල ඉල්ලන ගමන්ම  අදවත් කතාවක් ලියන්ඩ කියල හිතුනා.

ඇෆ්රිකාවේ තියෙනවා බුරුන්ඩි කියල රටක්. රටේ තවම කොරෝනා රෝගීන් කිසිම කෙනෙක් වාර්තා වෙන්නේ නෑ. හින්දම කොරෝනා වලට ලොකු සූදානමක් හෝ වට බැඳීමකුත් පේන්ඩ නෑ. ඉතින් එක මාධ්යවේදියෙක් මේ රටේ ජනාධිපතිතුමාට කතා කරලා ඇහුවලු ' කොහොමද ජනාධිපති තුමා බුරුන්ඩිය කොරෝනා වෙන නිදහස්ව තියා ගන්නේ කියල? ජනාධිපති තුමා ගත් කටටම කිව්වලු " ...ඒක හරි ලේසියි අපිට තවම කොරෝනා තියෙනවද කියල ටෙස්ට් කරන්ඩ පහසුකම් නෑ!!!! කියල"  මේ කතාව විහිලුවකට ගොතපු එකක් නෙවෙයි කියල මම හිතුවත් මීට පැය දෙක තුනකට ඉස්සර බුරුන්ඩි ආණ්ඩුව මේ ටෙස්ට් කිට් නැති වීමේ කතාව බොරුවක් බව ප්රකාශ කරලා තිබ්බා. කොහොම නමුත් තවම එහෙ කොරෝනා ලෙඩ්ඩු නෑ!!!. මට නිකමට හිතෙනවා අර ලංකාවෙත් ඉන්න "ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන" මිනිස්සු වගේ කොරෝනා ගැන ටෙස්ට් නොකර ඉන්න එකත් රෝගීන් ගණන කෘතිමව අඩුවෙන් තියාගන්ඩ තියෙන එක ක්රමයක් කියල.

මේ බුරුන්ඩි කතාව වගේ ඉදිරිපිට පේන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි නොගන්න අවස්ථා කොච්චර තියෙනවද? වර්තමානයේදී වගේම ඉතිහායේදීත් එහෙමයි. මට මේ ලඟදි කියවන්ඩ ලැබුණු පර්යේෂණ පත්රිකාවකින් මේවගේ දෙයක් ගැන මටත් දැනගන්ඩ ලැබුනා. ගැන 'කොරෝනා නිවාඩුවේදී' ටිකක් හොයල බලපුවාම ඇත්ත කියලත් හිතන්ඩ පුළුවන් සාධක ගණනාවක්ම ලැබුනා. අද මම කට්ටකාඩුවෙන් කියන්ඩ යන්නේ සිද්ධිය  ගැන.

Sunday, January 26, 2020

නොදුටු මිතුරන් - අවසන් කොටස


පොරොන්දුවක් උනා නං ඉස්ට සිද්ධ කොරන්ඩම ඕන...එහෙමයි අපේ ආතල මුත්තල කියන්නේ. නැත්තං බල්ලෝ කපුටෝ වෙලා උපදිනවා ආය දෙකක් නෑ. උන්දැලා කියන්නේ එහෙමයි. ආය මොකටද පොඩි හරි රිස්ක් එකක් ගන්නේ. මිනිහෙක් වෙලත් ජීවත් වෙන්ඩ මෙච්චර අමාරු එකේ බල්ලෙක් කපුටෙක් උනොත් කොහොමද? ඉතින් මං හිතුවා වෙච්ච පොරොන්දුව ඉස්ට සිද්ධ කරන්ඩ. ඔන්න එහෙමනං ඉතිං නොදුටු මිතුරන් තිදෙනා ගැන කතාවේ අවසාන කොටස. කතාව පටන් ගත්තු පළවෙනි කොටසත් කතාව ගොඩ නැගුනු දෙවෙනි කොටසත් කවුරු හරි උත්තමයෙකුට, උත්තමාවියකට කියවන්ඩ නොලැබුණා නං මෙන්න ලිපි වලට සබැඳි - ලිපිය 1; ලිපිය 2.


අපේ ටර්නර් උන්නැහේ මහාවංසය පරිවර්තනය කර කර ඉන්න කොට මෙන්න ආරංචි වෙනවා විලියම් බර්ක්ලි ෆොක්ස් කියලා දේවගැතිවරයෙක් මහාවංසයේ ඉංග්රීසි පරිවර්තනයක් ලන්ඩන් නුවරදී ප්රකාශයට පත් කළා කියල. 1833 දී. ඔය විලියම් බර්ක්ලි වෙස්ලියානු පූජකවරයෙක් බවත් ඔහු බයිබලය දේශීය භාෂාවන්ට පරිවර්තනය මහන්සි ගත්තු මිෂනාරි පුරෝගාමියෙක් බවත් කියන්නම ඕන. ඉතින් තමන්ගේ මහන්සියෙන් ප්‍රතිඵලයක් නොවෙන බව හිතපු ටර්නර් මහාවංසය පරිවර්තනය කරන වැඩේ නවත්තලා දැම්මා.  හැබැයි පාලි ඉගෙන ගැනිල්ල දිගටම කරගෙන ගියා.

Sunday, January 19, 2020

නොදුටු මිතුරන් තිදෙනා II


සුල්තාන් ෆෙරෝස් ෂා මහාභාරතයේ කියවෙන භීම් කියන යෝධ සෙන්පතියාගේ සැරයටි හම්බ වෙච්ච හැටි මම පහුගිය ලිපියෙන් කිව්වනේ. අමතක නම් මෙන්න මේ සබැඳියෙන් ලිපිය කියවන්ඩ පුළුවන්. ලිපිය මතක නම් තමයි මේ ලියමන තේරුම් ගන්ඩ ලේසි වෙන්නේ. හරියට සිංහල නාට් කලාව පත් වෙලා තිබ්බ අකරහනි තත්වය තේරුම් ගත්තොත් විතරක් ජයලත් මනෝරත්න කියන මහා යුග පුරුෂයා ගැන තේරුම් ගන්ඩ පුළුවන් වෙනවා වගේ.

කොහොම වෙතත් මෙන්න අද කතාව...

සුල්තාන් ෆෙරෝස් ඕන උනා භීම් ගේ සැරයටි තමන් අලුතෙන් ඉදි කරණ දිල්ලි නුවරට අරං යන්ඩ. ඒත් කොහොමද ඒක කරන්නේ. දිල්ලිය තියෙන්නේ හැතැම්ම සිය ගානක් දුරින්. අනික මේ සැරයටි තනි කළු ගලින් කරවපු අඩි හතලිස් දෙකක් විතර උස වගේම ටොන් විසි පහක් විතර බර වෙයි කියල හිතපු ස්මාරක. මතුපිට හොඳට මැදලා, ඔප වැටිලා තියෙන්නේ. කොටිම්ම එක කුළුණක් කොච්චර දිලිසුනාද කියනවා නං කුලුන මතුපිට රත්තරන් ගාලා තියෙනවා කියලයි හිතුවේ. හින්දම කුලුනට රත්තරං කුලුන කියලත් නමක් දැම්මා සුල්තාන් වරයාම. ඉතින් වදෙන් පොරෙන් ගලවාගෙන ගෙනිච්චත් වැඩක් නෑ අනර්ඝ නිමැවුමට හානියක් උනොත්. ඉතිං මේ ෆෙරෝස් දහ අතේ කල්පනා කරලා හොඳ විසඳුමක් හොයා ගත්තා.
ෆෙරෝස් ෂා තුග්ලක් සුල්තාන් වරයා 

ඔහු ඉන්දියාවේ හැම පැත්තෙන්ම කපු පුළුන් ගෙන්නවා ගත්තා. කපු පුළුන්, ගොඩවල් විදිහට සැරයටියේ එක පැත්තකින්  ගොඩ ගැහුවා. ඊට පස්සේ හෙමිහිට හෙමිහිට ස්ථම්භයේ මුල හෑරුවා. දැන් ඔන්න බබා වගේ භීම් ගේ සැරයටිය කපු පුළුන් ගොඩ උඩට ඇලවුනා

Sunday, January 12, 2020

නොදුටු මිතුරන් තිදෙනා


කොහොමද කෑම?

අති විශිෂ්ටයි සර්!!

මට වෙළඳ දැන්වීම් දෙබස මතක් උනේ අපේ කට්ටිය ඉන්දියාවෙන් කාපු කෑම දිහා බලාගෙන ඉන්න ගමන්. කොටින්ම අපිට ඕවර් විස්සක් වත් බැට් කරගන්ඩ අමාරුයි...හැබැයි කොහොමද කතාව? මං ඔය වගේ වෙලාවල් වලදී කරන්නේ අපිට සන්තෝස වෙන්ඩ පුළුවන් දෙයක් ගැන හිතන එක. ජීවිතේ තියෙන්නේ විඳින්ඩ මිසක් විඳ වන්ඩ නෙවෙයි නේ.... හිංද මම දිල්ලියේ සුප්රසිද්ධ ක්රිකට් ක්රීඩාංගනේ ගැන කල්පනා කරන්ඩ පටන් ගත්තා. තමයි ෆෙරෝස් ෂා කොට්ලා කියල කියන්නේ. ගිය අවුරුද්දේ අග හරියේදී අරුන් ජායිට්ලි ක්රීඩාංගනය කියල නම වෙනස් කරාට මොකද අවුරුදු සිය ගානක් තිස්සේ ඔය පිට්ටනියට කිව්වේ ෆෙරෝස් ෂා කොට්ලා කියල. කොට්ලා කියල කියන්නේ බලකොටුව කියන එක. කියන්නේ ඔය පිට්ටනියේ නම ෆෙරෝස් ෂා ගේ බලකොටුව කියන එක.
ඔය තියෙන්නේ ෆෙරෝස් ෂා ගේ බලකොටුවේ නටඹුන්

කවුද මේ බලකොටුවක් හදපු ෆෙරෝස් ෂා? මොකද්ද ඔය තරම් ගැන හිත හිතා සැනසෙන්ඩ තියෙන හේතුව? ගැන තමයි 2020 මුලින්ම කට්ටකාඩුවට ලියන්ඩ හිතුවේ.