පොරොන්දුවක් උනා නං ඉස්ට සිද්ධ කොරන්ඩම ඕන...එහෙමයි අපේ ආතල මුත්තල කියන්නේ. නැත්තං බල්ලෝ කපුටෝ වෙලා උපදිනවා ආය දෙකක් නෑ. උන්දැලා කියන්නේ එහෙමයි. ආය මොකටද පොඩි හරි රිස්ක් එකක් ගන්නේ. මිනිහෙක් වෙලත් ජීවත් වෙන්ඩ මෙච්චර අමාරු එකේ බල්ලෙක් කපුටෙක් උනොත් කොහොමද? ඉතින් මං හිතුවා වෙච්ච පොරොන්දුව ඉස්ට සිද්ධ කරන්ඩ. ඔන්න එහෙමනං ඉතිං නොදුටු මිතුරන් තිදෙනා ගැන කතාවේ අවසාන කොටස. කතාව පටන් ගත්තු පළවෙනි කොටසත් කතාව ගොඩ නැගුනු දෙවෙනි කොටසත් කවුරු හරි උත්තමයෙකුට, උත්තමාවියකට කියවන්ඩ නොලැබුණා නං මෙන්න ඒ ලිපි වලට සබැඳි - ලිපිය 1; ලිපිය 2.
අපේ ටර්නර් උන්නැහේ මහාවංසය පරිවර්තනය කර කර ඉන්න කොට මෙන්න ආරංචි වෙනවා විලියම් බර්ක්ලි ෆොක්ස් කියලා දේවගැතිවරයෙක් මහාවංසයේ ඉංග්රීසි පරිවර්තනයක් ලන්ඩන් නුවරදී ප්රකාශයට පත් කළා කියල. ඒ 1833 දී. ඔය විලියම් බර්ක්ලි වෙස්ලියානු පූජකවරයෙක් බවත් ඔහු බයිබලය දේශීය භාෂාවන්ට පරිවර්තනය මහන්සි
ගත්තු මිෂනාරි පුරෝගාමියෙක් බවත් කියන්නම ඕන. ඉතින් තමන්ගේ මහන්සියෙන් ප්‍රතිඵලයක්
නොවෙන බව හිතපු ටර්නර් මහාවංසය පරිවර්තනය කරන වැඩේ නවත්තලා දැම්මා. හැබැයි පාලි ඉගෙන ගැනිල්ල දිගටම කරගෙන ගියා.
මේ අතරේ ප්‍රින්සෙප්
බොහොම උනන්දුවෙන් වැඩ කරගෙන ගියා. ඔහු ඉතා ස්වාධීන නිදහස් අදහස් දරන්නෙක් විදිහට ඉන්දියානු
තුලත් පිළිගැනීමකට ලක්වෙලා තිබුනා. ඒ හින්දම 1830 අවුරුද්දේ දවසක් උදේ ප්‍රින්සෙප් ව හොයාගෙන ජෛන ආගමිකයෝ දෙපිරිසක්
ආවා. දන්නවනේ ජෛන ආගමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක කට්ටියක් දිගම්බර -ඒ අය ඇඳගෙන
ඉන්නේ අහස! ඔව්... ඔව්...කොහෙද ඉතිං බොලාට මේ අපිට වගේ ඉර්ධිබල තියෙන එකක්යැ. අපිට
නං අහස පේනවා. හැබැයි හුගක් අයට පේන්නේ නෑ...ඉතිං දකින දකින මිනිස්සු හිතන්නේ මේ කට්ටිය
ඉන්නේ නිර්වස්තරෙන්ය කියල. අනික් කට්ටිය ශ්වෙතාම්භර...ඒ
කට්ටිය අඳින්නේ සුදු. ඔය සමහර සුදු ඇඳන් අපිට බණ කිය කියා යන සමහරු....දන්නවනේ කවුද
කට්ටිය කියල නේ... ඉන්නවා හිටපු ගමන් දිගම්භර ගොඩට මාරු වෙනවා. ඒ අයවත් දන්නේ නෑ හැබැයි
මාරු උනා කියල. හැබැයි වටේ බලන් ඉන්න මිනිස්සු ඔක්කොම දන්නවා සමහරු සුදු ඇඳගෙන හිටියට
ඇත්තටම ඉන්නේ 'අහස' ඇඳගෙන කියලා....!!!
ඒ කතාව පැත්තකින් තියල අපේ කතන්දරේ ගැන අපි
හිතමු නේ. ඉතිං මේ දෙගොල්ලෝ ප්රින්සෙප්ට ගෙනාපු ප්‍රශ්නේ තමයි එක්තරා ස්ථූපයක අයිතිය
තමන් දෙගොල්ලන්ගෙන් කොයි කට්ටියට අයිති වෙන්ඩ ඕන කියල විසඳ ගන්න එක. ස්තුඋපය තියෙන්නේ
සැවත් නුවර. දාහක් වැඩ රාජකාරි අතරේ හිර වෙලා ඉන්න ප්‍රින්සෙප් ට මේ වැඩේ කල් දාන්ඩ
වෙනවා අවුරුදු කීපයක්ම. ඔය අතරේ ඉන්දියාවට එනවා ඉංජිනේරුවෙක්. නම ඇලෙක්සැන්ඩර් කනිංහැම්.
කැනිංහැම් ටික දවසකින්ම ප්‍රින්සෙප් එක්ක මිතුරුදමක් ගොඩ නගා ගන්නවා. 1833 වගේ කාලෙකදී
කනිංහැම් සැවත් නුවරට යනවා. ඉතිං ප්‍රින්සෙප් තමන්ගේ යාලුවෙක් වෙච්ච කනිංහැම්ගෙන් ඉල්ලනවා
ජෛන භක්තිකයන්ගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්ඩ කියල. කනිංහැම් අර ස්ථූපය උද ඉඳන් යටට කැණීම්
කරනවා මොනවහරි සාක්කියක් හොයා ගන්ඩ කොයි ජෛන කණ්ඩායමට මේ ස්ථූපය අයිතිද කියලා තීරණය
කරන්ඩ. මේ වැඩේට අවුරුදු දෙකක් යනවා. වියදම රුපියල් පන්සීයක්!!! ඒත් එයාට මොනවත් වටිනා
දෙයක් හම්බ වෙන්නේ නෑ. (පස්සෙන් පහු කාලෙක හොයා ගන්නවා මේ ස්ථූපය පිහිටුවලා තිබ්බේ
බුදු හාමුදුරුවෝ මුලින්ම ධර්ම දේශනා කරපු තැන කියල. අද ඒ ස්ථූපයට කියන්නේ ධමෙක් එහෙම
නැත්තං ධම්මික ස්ථුපය කියල!!) නමුත් මේ කැණීමේදී ඒ පැත්තේ හිටපු වයසක මනුස්සයෙක් එක්ක
කනිංහැම් යාලු වෙනවා.
ඒ වයසක මනුස්සයා කියනවා ඒ ළඟ තව ඒ වගේම ස්ථුපයක් තිබ්බය හැබැයි
ඒ ස්ථුපය කඩලා ඊට අවුරුදු කීපයකට කලින් ගොඩනැගිලි ද්‍රව්‍ය විදිහට ගඩොල්, ගල්, කිරි
ගරුඬ පාෂාණ වගේ දේවල් අරගෙන ගියාය කියල. වඩා වටිනා රහස තමයි ඒ ස්ථූපය කඩලා දාන කොට
පිළිම වගයක් හම්බ උනාය, ඒ පිළිම වලින් යක්ෂ බැල්මක් එයි කියල තිබ්බ විශ්වාසයට පිළිම
ටික ඔක්කොම වලකට දාලා උඩින් පස් දාලා වැහුවය කියන එක!! කනිංහැම් අර වයසක මනුස්සයත්
එක්ක ගිහිං පිළිම ටික ගොඩ ගන්නවා. එතැන පිළිම හැටක් විතර තිබුනා. කනිංහැම් එතනින් විස්සක්
විතර ප්‍රින්සෙප්ට යවනවා (ඒ ඔක්කොම බුද්ධ ප්‍රතිමා කියලයි පස්සේ හොයා ගත්තේ). ඉතුරු
ටික එහෙමම තියෙද්දී ඔහු වෙන වැඩ වගේකට යනවා. එහෙමෙ ගිහින් අවුරුදු කීපෙකින් එද්දී අර
පිළිමත්, ඉතුරුවෙලා තිබ්බ සෙල් ලිපිත්, කිරි ගරුඬ කැටයමුත් ඔක්කොම ඒ ළඟ තිබ්බ ගඟ හරහා
අලුත් පාලමක් හදන තැනක ජල රඳවන විදිහට පාවිච්චි කරලා!!!!.
ඒ කොහොම උනත් මේ වැඩෙන් ප්‍රින්සෙප් සහ කනිංහැම් අතරේ යාලු
කමක් ගොඩ නැගුනා කවදාවත් වෙනස් නොවෙන. ඒ යාලු කම හින්දම කනිංහැම් තමන්ට හම්බ වෙන පරණ
ඉන්දියානු කාසි ප්‍රින්සෙප් ට යවන්ඩ පටන් ගත්තා.
ඔය අතරේ අර අලහබාද් වල කඩලා දාපු ස්ථම්භයේ කොටලා තිබ්බ අකුරු
වල පිටපතක් ගෙන්නවා ගන්නවා ප්‍රින්සෙප්. ඊට පස්සේ ඒ ලිපි පල කරනවා බෙංගාල ආසියාතික
සමිති සඟරාවේ.
මේ ලිපිය දැකපු කත්මණ්ඩු නුවරට වෙලා ඉන්න හොජ්සන් ට මළ පනිනවා!!!
ඔහු කියනවා මීට අවුරුදු ගාණකට කලින් තමන් දැකපු සිංහ සලකුණක් තියෙන ස්ථම්භයක කොටලා
තිබ්බ අකුරු පිටපත් කරගෙන එව්වය ඒකට කිසි උත්තරයක් ආවේ නැතිය කියල. ඒ විතරක් නෙවෙයි
තමන් දැකපු මේ වගේ තවත් කුළුණු දෙකක කොටලා තියෙන අකුරු වල පිටපතුත් එවන ගමන් හොජ්සන්
කියනවා අලහබාද් ලිපියට දුන්න ප්‍රසිද්ධියම මේ ලිපි වලටත් දෙන්ඩ කියල. ඇත්තටම ප්‍රින්සෙප්
ඒ ලිපි වලටත් ලොකු ප්‍රසිද්ධියක් දෙන ගමන්ම හොජ්සන් එක්ක තිබ්බ මිත්‍රත්වයත් දැඩි කර
ගන්නවා. හොජ්සන් කත්මණ්ඩු වලට වෙලා ඉන්න ගමන් ටිබෙට් බස හදාරනවා. ඔහු හොයා ගන්නවා ටිබෙට්
හෝඩිය සංස්කෘත බසෙන් දැඩිව පෝෂණය ලබා තිබෙන බව. මේ කාරණේම සොමා ඩි කොරොස් කියල ඒ වෙනකොට
ඉන්දියාවේ ඉන්න ඉතාලි ජාතිකයෙකුත් හොයා ගන්නවා.
කොහොම උනත් හොජ්සන් වැඩි දුරටත් කියන්නේ මේ ස්ථම්භ වල තියෙන බස සංස්කෘත බසේම
පැරණි අකුරු වගයක් වෙන්ඩ පුළුවන් කියල.
දැන් ප්‍රින්සෙප් ළඟ ඉන්දියාවේ එක එක පළාත් වලින් ලැබිච්ච
අකුරු පිටපත් ගණනාවක් තියෙනවා. මේ දිහා බලපු ගමන්ම මේ ලිපි වල සමානත්වයක් - පොඩි පොඩි
වෙනස්කම් ඇතුව - තියෙන බව ප්‍රින්සෙප් තේරුම් ගන්නවා. ඉන්දියාවේ විවිධ පළාත් වලින්
- හැතැම්ම දාස් ගණනක් එකිනෙකට දුරින් පිහිටලා තියෙන - මේ ලිපි ඔවුන් තීරණය කරනවා මේ එකම පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ
වැඩක් කියල. ඒත් ඒ කවුද, මේ මොන විදිහක පණිවිඩයක්ද කියල තේරුම් ගන්ඩ නම් කොහොම හරි
අකුරු ටික කියවන්ඩම ඕන!!
ප්‍රින්සෙප් ඒ වැඩේට අත ගහනවා. ඔහු දකිනවා මුලික හැඩතල විසි
නවයක් එක්ක නිතර නිතර යෙදෙන තව සලකුණු පහක්. ප්‍රින්සෙප් උපකල්පනය කරනවා මේ අතිරේක
සලකුණු පහ ස්වරාක්ෂර වෙන්ඩ ඕන කියල. ඒ කියන්නේ අ, එ, ඉ, ඔ, උ එහෙම නැත්තං ඉංග්‍රීසි
බසේ එන විදිහට A,E,I,O,U වෙන්න ඕන කියල. හැබැයි මේ අකුරු අඳුනා ගත්තට අනිත් අකුරු අඳුනා
ගන්ඩ විදිහක් නෑ. මෙතෙන්දි ප්රින්සෙප් ගේ උදවුවට එන්නේ කනිංහැම්. ඔහු එවපු ඉන්දියාවේ
විවිධ යුග වලට අයිති කාසි පැරණි බව අනුව පෙළ ගස්සපුවම හරි අපූරු රටාවක් දකින්ඩ පුළුවන්
වෙනවා. ඒ තමයි එක කාලෙක කාසියේ දෙපැත්තේම ග්‍රීක අකුරු කොටලා තිබ්බ බවත් ඉන් අනතුරුව
කාසියේ එක පැත්තක ග්‍රීක අකුරු තියෙද්දී අනිත් පැත්තේ ඉන්දියානු අකුරක් කොටන්ඩ පටන්
ගත්තු බවත්...තවත් පස්සේ කාලෙකදී ග්‍රීක අකුරු නැති වෙලා ඉන්දියානු අකුරු විතරක් ඉතුරු
වෙනවා. අර අතරමැදි කාලේ ඒ කියන්නේ එක පැත්තක ග්‍රීක අකුරුත් අනික් පැත්තේ ඉන්දියානු
අකුරුත් තිබ්බ කාලේ ඒ ඉන්දියානු අකුරු වලින් කියවුනේ ඊට ඉස්සර ඒ පැත්තේ තිබ්බ ග්‍රීක
අකුරු වලින් කියවෙච්ච දේමයි කියල කෙනෙකුට සාධාරණව හිතන්ඩ පුළුවන් නේ.
ඉතින් ප්‍රින්සෙප්
බිලී කොක්කකට තව කෑල්ලක් එක්කහු කරා වගේ පේන අකුරක් - ඇත්තම කිව්වොත් වාක්‍ය ඛණ්ඩයක්
අඳුනා ගත්තා. ඒ තමයි අහවලාට අයිතියි කියන තේරුම දෙන පාලි වාක්‍ය ඛණ්ඩය. ඒ 'ස්ස' කියන ශබ්දය. ඊට පස්සේ ඔහුට සාංචි ස්ථුපයෙන්
ලැබුණු ලිපි වල අවසානයේ තියෙන්නේ එකම අකුරු ටිකක් කියල තේරුම් ගත්තා. හැම තැනම එකම
විදිහට ඉවර වෙනවා නම් මේ ලිපි එක්කෝ මරණ දැන්වීම් වෙන්ඩ ඕනය, නැත්නම් කෙනෙක් කරපු පූජාවන්
වෙන්ඩ ඕනය කියල ප්‍රින්සෙප් තීරණය කළා. මේක තියෙන්නේ ආගමික ස්ථානයක හින්ද මරණ දැන්වීමක්
වෙනවට වඩා ඉඩක් තියෙන්නේ පූජාවන් ගැන තොරතුරුම වෙන්ඩ ඕනය කියල හිතපු ගමන් තව අකුරු
දෙකක් තේරුම් ගන්ඩ පුළුවන් උනා. පාලි බසිනුත්
සංස්කෘත බසිනුත් පූජාවට කියන්නේ එකම වචනයක්...ඒ තමයි 'දාන'....ඔන්න දැන් ප්‍රින්සෙප්
හිටු කියලා අකුරු කියවන්ඩ පටන් ගන්නවා.
දැන් තේරෙනවා මේ ලියල තියෙන්නේ පාලි වාක්‍ය
කියල. ඒ හින්ද ඒ අකුරු වලට ප්‍රින්සෙප් නමක් දෙනවා ඉන්දීය පාලි අකුරු කියල. ඇයි මේ
ඉන්දීය පාලි කියන්නේ? පාලි බස්ටම අනන්‍ය වෙච්ච අකුරු වර්ගයක් නෑ. එය එක එක රටේ බසෙන්
ලියන්ඩ පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාවේදී සිංහල බසෙනුත් දකුණු ඉන්දියාවේදී දෙමළ,
මලයාලම් ආදී බසක අකුරිනුත් තායිලන්තේ දී එහෙ අකුරු වලිනුත් තමයි පාලි ලියන්නේ. ඉතින්
ඉන්දියාවේ ලියපු පාලි අකුරු ඉන්දීය පාලි බස කියල හැඳින්වුනා. හැබැයි දැන් මේ අකුරු
වලට කියන්නනේ බ්‍රාහ්මි අකුරු කියල!!
මේ ලිපි ලියවිලා තිබුනේ පාලි වගේම සංස්කෘත බසේත් මුල් ස්වභාවය
වෙච්ච බසකින්. මේ මුල් ස්වභාවයේ බසට නමක් දැම්මා ප්‍රාකෘත කියල. මගධ දේශයේ භාවිතා වෙච්ච
හින්ද මාගධී ප්‍රාකෘත කියල හැඳින්වෙන්නෙත් මේ බසම තමයි. ඒක අයිති වෙන්නෙත් ඉන්දු ආර්ය
භාෂා පවුලට. කාට හරි මේ භාෂා පවුල් ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕන නං මෙන්න මේ සබැඳි
වලින් මම ඉස්සර ලියපු ලිපි කීපයකට යන්න පුලුවන්. (1. බස් ගස දිගේ නගිමු; 2. ආර්යයෝ සොයා යෑම; )
දැන් අපි බලමු අර
ෆෙරෝස් ෂා අච්චර අමාරුවෙන් ගෙනත් තමන්ගේ බලකොටු නගරයේ හිටවා ගත්තු 'භීම් ගේ
සැරයටියේ' විතරක් නෙවෙයි ඉන්දියාවේ එක එක පැති වලින් ලැබිච්ච ස්ථම්භ වල මොනවද ලියල
තිබ්බේ කියල.
මේ ලිපි වලින් කියවෙන්නේ දේවානම්පිය පියදස්සි කියල රජ කෙනෙක්
තමන්ගේ රාජාභිෂේකයෙන් විසි හත්වෙනි වසරේ දී
පිහිටවපු පණිවිඩයක්. දැන් මේ දේවානම්පිය පියදස්සි කියන්නේ කවුද? ඔන්න අර මුලින්
කියපු ෆොක්ස් ගේ මහාවංස පරිවර්තනේ දැක්ක පණ්ඩිතයෝ කියන්ඩ පටන් ගත්තා මේ කියන්නේ අර
ලංකාවේ හිටපු දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ගැන තම කියල. මොකද ඒ වෙනකොට දේවානම්පිය කියල
ගෑවිලා හරි යන නමක් ගැන කියවිලා තිබ්බේ අර පරිවර්තනයේ විතරක් හිංදා.
ඒත් ලංකාව වගේ උතුරු ඉන්දියාවට හුගක් ඈතින් තියෙන පොඩි දූපතක රජ කෙනෙක් තමන් බුද්ධාගම වැළඳ ගත්තය එහි තියෙන මූලික හරයයන් ඕනෑම ආගමිකයෙකුට ගැලපෙන හිංද මේ රට පුරා ඉන්න ඔක්කොම ඒ මූලික හරයයන් ආගමික බේධයකින් තොරව ක්රියාත්මක කරන්ඩ කියල ස්ථම්භ පිහිටුවන එකේ වැදගත්කම මොකද්ද? අනික එහෙම ඉන්දියාවේ විවිධ පලාත්වල එකම පණිවිඩයක් තියෙන ස්ථම්භ හුගක් පිහිටුවන්ඩ හැකියාවක් ඒ වගේ රටක රජ කෙනෙකුට තියෙයිද? එහෙම නැත්නම් ප්රින්සෙප් මෙච්චර මහන්සියකින් අනාවරණය කර ගත්තු භාෂාව වැරදියිද?
ඔන්න මෙතෙන්දි ප්රින්සෙප් ගේ උදව්වට එන්නේ ඒ වෙනකොට නුවර මහ දිසාපති තුමා. ඒ කියන්නේ ටර්නර්. ඔහු නැවතත් මහාවංසය හරි විදිහට පරිවර්තනය කරල පෙන්නලා දෙනවා මේ කියන්නේ ලංකාවට බුද්ධාගම එවාපු, අපේ තිස්ස රජ්ජුරුවන්ට දේවානම්පිය කියන උපාධිය ලබා දුන්නු, මෞර්ය වංශයේ මහා නරපතියා - අශෝක මෞර්ය - තමයි දේවානම්පිය පියදස්සි කියල තමන්ව හඳුන්වා ගත්තේ කියල. මේ පෙන්වා දීමට ප්රින්සෙප්, ටර්නර්ට උදවු කරන්නේ ඔහුගේ මහාවංස පරිවර්තනය ප්රකාශනයට පත් කිරීමට මුදල් හොයා දීමෙන්!! මේ විදිහට අශෝක රජ්ජුරුවන්ට ඉතිහාසයේ අයිති විශිෂ්ට ස්ථානය 1837 දී හොයල දීල, ඉන්දියාවට මුස්ලිම්වරු එන්ඩ ඉස්සර මහා අභිමානවත් බෞද්ධ සංස්කෘතියක් තිබ්බය කියල හොයල දීපු ඒ හින්දම පස්සෙන් පහු කාලෙක ඉන්දියාවේ බෞද්ධ උරුමය නගා හිටුවන්ඩ අපේ අනගාරික ධර්මපාල තුමා වගේ අයට මග පෙන්වපු ප්රදීපස්තම්භයක් වගේ වෙච්ච ප්රින්සෙප් ඉක්මනින්ම දෙව් ලොව ගියා. ඔහුට 1838 වෙද්දී දරුණු ඔලුවේ කැක්කුමක් හැදුනා. ඒ හින්දම ආපහු ඔහු එංගලන්තේ බලා ගියත් 1839 අප්රේල් වලදී ඔහු දෙව් මවු තුරුලට ගියා. එතකොට ඔහුට වයස හතලිස් එකයි.
ටර්නර් කොළඹට මාරු වෙලා ගියත් මැලේරියාව හිංදා අඩපණ වෙලා 1843 දී ඉතාලියේදී මියගියා. එතකොට ඔහුට වයස හතලිස් තුනයි. හොජ්සන් නම් වයස අනූ හතරක් වෙනකල් ජීවත් උනා. ඒ කොහොම වෙතත් ඔවුන්
එකතු වෙලා කරපු වැඩ හිංදා ඉන්දියාවේ බෞද්ධ උරුමය ගැන සදා අමරණීය උනා. මේ වැඩේදි ඇලෙක්සැන්ඩර් කනිංහැම් වගේම ප්රින්සෙප් ගේ පාලි උපදේශකයා වෙච්ච ලංකාවෙන් වැඩම කරලා හිටපු රතනපාල හාමුරුවන්වත් අපිට අමතක කරන්ඩ බෑ.
මේ ස්ථම්භ වලට අමතරව අර සිංහයා හිටපු (අර 1670 දී ඒවා දැකපු සුද්දෙක් ඒ කොටියෙක් කියල හිතුවට ඇත්තෙන්ම තිබුනේ හොජ්සන් අඳුනා ගත්තා වගේ සිංහ රූපයක්) තවත් කුළුණු ජාතියක් අශෝක රජතුමා හිටෙව්වා. ඒ ඔහු වන්දනා කරපු බෞද්ධ සිද්ධස්ථාන සිහි කරන්ඩ. ඒ කුලුණුත් මේ කුලුණුත් අතරේ තියෙන වෙනස තමයි මේ රට පුරා පිහිටවපු කුළුණු බුදු දහමෙන් පෝෂණය වෙච්ච අශෝක ධර්මය රටවැසියන් අතරේ බෙදා හරින්ඩ මේ කුළුණු පිහිටුවීම.
මම දඹදිව ගිය වෙලාවක හවස් වරුවේ විශාලා මහනුවර තියෙන අශෝක ස්ථම්භය බලන්න ගියා. එහි මුදුනේ තියෙන සිංහ රූපය තියෙන්නේ කුසිනාරාව දිහා බලාගෙන. ඒ ඉර බැස යන වෙලාවේ යළි නොඑන්නම විශාලා මහනුවර හැරදා පිරිනිවන් පෑමට වැඩිය බුදු හාමුදුරුවෝ වැඩපු පැත්ත දිහා බලාගෙන ඉන්න දුකින් බර වූ සිංහ රූපය මට මැවි මැවී පේන දසුනක්.
ගිහි ගෙයි හිටියා නම් ලැබෙන්ඩ තිබ්බ චක්රවර්ති රාජ්යය පැත්තකට දාලා තුන් ලොවට මාර සෙන් දිනන නිවන් මග හෙළි කල බුදු රදුන් වගේම දිග විජයෙන් ධර්ම විජයකට මාරු උනු මෞර්ය අශෝකත් ඊට පස්සේ යටත් විජිත පාලනයට නොරටකට ගොඩ බැහැලා ඒ රටේ ඉතිහාසය ගොඩ නගන්නට මහන්සි වෙච්ච ප්රින්සෙප් ලා ගේ පරම්පරාවත් අපිට උගන්නන පාඩම තමයි අමාරුවෙන් දිනා ගත්තු, හොයා ගත්තු දේ නිසි වටිනාකමකින් රැක ගන්ඩ ඕන කියන එක. තාවකාලික ලාභ ප්රයෝජන තකා
අපිට ඕන ඕන විදිහට ඉතිහාසය විකෘති කරන්ඩ යන ගොබිලන් ඉන්න සමාජයක අපි ඔවුන්ට අනුකම්පා කරන ගමන් හරි ඉතිහාසය අනාගත දරුවන්ට දැනගන්ඩ සලස්සන්ඩත් ඕන.
ඒ සඳහා දිරි ගන්නට ඔබ හැම දෙනාටම හැකි වේවා!!
ආවඩා ආයු බෝ වේවා !!
දෙවියන්ට ප්රිය පියදස්සි රජු මෙසේ කියයි...
මේ බිමෙහි කිසිදු පණැති සතෙක් නොමැරිය යුතුය. සත්ව ඝාතනයන්ගෙන් පුද නොපැවැත්විය යුතුය. එවන් උත්සව නොපැවැත්විය යුතුය. දෙවියන්ට ප්රිය වූ පියදස්සි රජු එවැනි උත්සව අනුමත නොකරයි.......
Thank you. +++++
ReplyDeleteThank you very much Sudheera. Hope you enjoyed the reading.
DeleteHarima rasawath,apooru e wagema prayoganawath ithihasa katha pela!Lipi thunama eka wage rasawath.Bohoma sthuthiyi.
ReplyDeleteස්තූතියි සරත්තුමණි. වෙනදා වගේම මෙවරත් ඔබේ අදහස් දැක්වීම හා දිරි ගැන්වීම මිල කල නොහැකි තරමට අගනේයි.
Deleteවදන් මදිය තුති පිදුමට
ReplyDeleteපහන් ටැඹකි ගණ අඳුරට
ඉතිහාසය හොයන අයට
'වදුලක්' වෙයි අද මෙන් හෙට!
වදුලක් යටදි පොඩි පැල නොවැඩෙන බැවින
Deleteහේනක් වෙන්ට පතමිය හැම සා නිවන
'වදුලක්' බලා නිදහන් හාරන බැවින
ලියවෙමි අනාගත පරපුර දත් බසින
අය්යේ අශෝක රජු අපිට දරමය ඉගැන්නුවාට එය දරමයේ හැසිරුනේ න නේද බන් කුනාල කුමාරයා ගේ කතාව මට මතක් උන කියහංකූ .
ReplyDeleteරන්සකු මලයා අපි අශෝක රජ්ජුරුවන්ව දකින්ඩ ඕන එතුමා ජීවත් වෙච්ච කාලයට සාපේක්ශව කියලයි මම හිතන්නේ...ඔහුට පෙර තිබුනේ කුමනාකාර සම්ප්‍රදායක්ද? ඒ සම්ප්‍රදාය බොහෝ දෙනාට හිත සුව පිණිස වෙනස් කරන්නට ඔහුගේ දායකත්වය මොකද්ද කියන කාරණා මත යමෙකුගේ ශ්‍රේෂ්ඨත්වය තීරණය වෙනවා කියලයි මම හිතන්නේ...අමතක කරන්ඩ හොද නෑ ඔහුට පෙර තිබුනේ මහ ජනතාව විසින්ම 'පීතෲ ඝාතක පරම්පරාව' කියලා බලයෙන් පහ කරපු බිම්බිසාර- අජාසත්ත පරපුර හා මහජනතාවට පීඩාකාරී වෙච්ච නන්ද පරපුර කියලා....අශෝකගේ අත්තා කුලී හේවායෙක් ලෙස ග්‍රීකයන් යටතේ සේවය කලා වඩා විශ්වාසදායී මූලාශ්‍ර වලට අනුව....අශෝකගෙන් පසුව වුවත් එතරම් විශිෂ්ටයෙක් බිහි කර ගන්න මගධයට බැරි වෙනවා...
Deleteeka nam atta ..
Delete"දේවානංපිය පියදසි ලාජා හෙවං ආහ..."
ReplyDeleteමහාවංශයෙ නං තියෙන්නෙ පාඨලීපුත්‍රය අවට වනයෙ මරණාසන්න වුණු මොනරු මුවො වාගෙ සත්තු ඇවිත් අශෝක අධිරාජයාගෙ කුස්සිය ළඟ මැරෙනවය කියල.
නෙදකින් ඒකට පැත්තේ බල්ලෙක්වත් මැරෙන්නේ න කිස්සිය පැත්තට ඇවිත්
Deleteබල්ලො මැරිල මොනව කරන්ඩද? ඒකත් වළලන්ඩ වෙන්නෙ අපිටමයි.
Deleteතව තියෙනව, සයංජාත හැල් වී හැදුණලු. එව්ව ගිරව් කපාගෙන ඇවිත් රජ්ජුරුවන්ගෙ අටුවෙ දානවලු. මීයො ගිහිං වී ඇට පොතු ඇරල සුද්ධ කරනවලු...
මහාවංශය ලිව්වෙ මහානාම කියලා මහා තෙර නමක්. අපිට තමා මුසාවාදා වේරමණී. ඒ උදවියට කෝටියක් සංවර සීලය...
පෙර පින් බලේද නැත්නම් කඩුවේ .. හෙල්ලේ බලේටද බන් ඕවා පහල වෙන්නේ
Deleteඩ්‍රැකී, මහාවංසයේ එන ප්‍රවෘත්තිවලට පාදක උනේ ඊට පෙර කාලෙක ඉදන් පැවත ආපු මූලාශ්‍ර. මේ මොණරුන්ගේ කතාවට පාදක වෙන්න ඇත්තේ අශෝකගේම ටැම් ලිපියක කියවෙන කතාවක්. ඒ අනුව ඔහු තම මාලිගයේ පරිභෝජනය වෙනුවෙන් මරන සතුන් ගනන ඉතා පහලට දැම්මා. මට මතක විදිහට මොනරුන් දෙදෙනෙකු සහ මුවෙකුට එය සීමා උනා...මස් අත්‍යාවශ්‍ය සංඝටකයක් වෙච්ච එදා භාරතීය ආහාර වේලට මෙවැනි වෙනසක් තදින් දැනෙන්ඩ ඇති. මහානාම හාමුදුරුවෝ තමන්වහන්සේ විසින්ම කරුනු හොයලා මහාවංසය ලිව්වා නොවෙයි. ඒ හින්දා අශෝකගේ විප්ලවය ගැන ඊට අවුරුදු සිය ගානකට පස්සේ ලියපු කෙනෙක් අතින් වැරදීම් වෙන්ඩ ඉඩ තියෙනවා...මෙච්චර දියුනු අද සමාජයේ කොච්චර වැරදි ප්‍රවෘත්ති පැතිරිලා යනවාද?
Deleteරන්සකු මලයා කඩුවේ හෙල්ලේ බලයෙන් තමයි වැඩේ සාමාන්‍ය විදිහට උනේ...ඒක පොඩ්ඩක් වෙනස් කරන්ඩ හදපුවම ලොකු සමාජ විප්ලවයක් වගේ පේන්න ඇති...කන්නෙ මොනවද අදින්නෙ මොනවද වගේ සිල්ලර කාරනා පැත්තකින් තිබ්බොත් අශෝක යුද්ධය නැවැත්තුවා...සාමාන්‍ය මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් සෞඛ්‍ය සේවාව වැඩි දියුනු කලා කියන දේම මදිද ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට....ඔය කොයි යුද්ධෙනුත් මැරුනේ පොඩි මිනිස්සු...ලොක්කො වෙනුවෙන් පොඩ්ඩො මැරෙන එක නවත්තපු ලොක්කෙක් ඉන්නවා නං ඒකම මදැයි....
DeleteRespect...
Deleteඅය්යේ කියාපන්කෝ අපි මහා උත්සව ශ්‍රීයෙන් සමරන අයිවර් ජෙනින් නෝනාගේ උපන් දිනය ගැන
ReplyDeleteමලයා ඔය ගැන මං පහුගිය අවුරුදු දෙකේම ලිව්වා...අපි මේ කතා කර කර ඉන්න අශෝක රජ්ජුරුවො මොකද කලේ කියන එකටත් ටිකක් සම්බන්ධ හින්දා පුලුවන් නම් 2018 පෙබරවාරි මාසෙ කට්ටකාඩුවේ පලවෙච්ච ' එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට....' කියන ලිපිය කියවන්ඩ....හතර කෝරලේ පොඩි ගමක ජීවත් වෙන මගේ මුතුන් මිත්තන් නිදහස කියන්නෙ මොකද්ද කියලා අර්ථකථනය කර ගන්ඩ බැරි පටලැවිල්ලක හිටපු හැටි ගැනයි ඒ ලිපිය....මගෙ හිතේ අද පරම්පරාවටත් ඒ කතාව වලංගුයි....
DeleteDear
ReplyDeleteCan you Prove in name of suddodana king name in India King name list.
Thx
//At the time when Siddhartha Gautama lived, Northern India was composed of numerous and small independent states competing for resources//
Deletehttps://www.ancient.eu/Siddhartha_Gautama/
//Though frequently depicted and referenced as a king, most recent scholarship on the matter refutes the notion that Śuddhodana was a monarch. Many notable scholars state that the Shakya republic was not a monarchy but rather an oligarchy, ruled by an elite council of the warrior and ministerial class that chose its leader or rājā.//
//Furthermore, by the time of Siddharta's birth, the Shakya republic had become a vassal state of the larger Kingdom of Kosala.[12][13] The head of Shakya's oligarchic council, the rājā, would only assume and stay in office with the approval of the King of Kosala.//
//The earliest Buddhist texts available to us do not identify Śuddhodana or his family as royals.[15] In later texts, there may have been a misinterpretation of the Pali word rājā, which can mean alternatively a king, prince, ruler, or governor.[16][17] Or as noted in the related article on Buddhism, "Some of the stories about Buddha, his life, his teachings, and claims about the society he grew up in may have been invented and interpolated at a later time into the Buddhist texts."//
https://en.wikipedia.org/wiki/%C5%9Auddhodana
I think Pra Jay has given the correct answer. Let me add something to his answer. We are very fortunate to have a written history for at least 2000-2500 years. In India, there was no such tradition. So it is almost impossible to prove the existence of a ruler who 'ruled'a small territory. But lord buddha is definitely a historical person.
Deletehttps://en.wikipedia.org/wiki/Robin_Coningham
ReplyDeleteඒ කාලෙ කනින්හැම් , දැන් කොනින්හැම් https://en.wikipedia.org/wiki/Robin_Coningham
//Coningham led the excavation of the Maya Devi Temple in Lumbini, Nepal; an ancient Buddhist temple situated at the site traditionally considered the birthplace of Buddha.//
https://www.nbcnews.com/sciencemain/religious-roots-buddhas-birthplace-traced-back-2-600-years-2D11648772
අපේ සමහර අයට තේරෙන්නෙ නැති දෙයක් තමයි. ඇත්තෙන්ම ඉතිහාසය, පුරාවිද්‍යාව හැදෑරීම ගවේෂණයට ආස, ආදරේ අය දේශපාලනේට අයත් නොවන බව. ඔවුන්ගේ රට ජාතිය අදාල නෑ ඔවුන් කරන කාර්යයට. අපිට දැන් පුරුදු තමන්ට ඕනෑ ඈන්ගල් එකට හෝ තම දේශපාලනේට සපෝර්ට් කරන්න විෂයය යොදවන අපේ උගතුන් නිසා අපේ සමහරු හිතනවා බෙල්, හෝකාර්ට් , ප්‍රින්සෙප් වගේ අයත් එහෙම ඉන්න ඇති, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයින් වෙන්න ඇති කියල ඔවුන් අගය කරනවා වෙනුවට අභව්‍ය කුමන්ත්‍රණ තියරීස් කතාකරනවා
Deleteසත්තකින්ම ඔව් ප්‍රා ජේ...දිගම්බරයන් වූ ශ්වේතාම්භරයන් හුගක් ඉන්නෙ ලංකාව වගේ රටවල් වල. පුලුවන් හැම දේකින්ම මිනිස්සු රවට්ටලා තමුන්ගේ මතය ජයග්‍රහනය කරවන්ඩ උත්සාහ දරන සංස්කෘතියක් හදා ගත්තම හිතෙන්නේ ලෝකේ අනිත් රටවල්වල ඉන්න අනිත් මිනිස්සුත් ඒ වගෙම තමයි කියල....මේ මජර සිතුවිල්ල නැති වෙන තාක් කල් සීගිරියේ කොන්ක්‍රීට් වලින් වහපු රාවණාගෙ මාලිගාව ගැන හිත හිතා ඉන්නවා...ඇත්තටම අපි හරි කැමතියි අපිට විරුද්ධව ලෝකෙ මිනිස්සු කුමන්ත්‍රණ කරනවා කිය කියා නිකං ඉන්ඩ....
Deleteඅපේ මිනිස්සු (උදාහරණ: විග්නේශ්වරන්, තමන්ගේ වාසියට ඉතිහාසය හදාරනවා වගේම බටහිරයනුත් ඒ වැඩේම කරන අවස්ථා තියෙනවා.
Deleteඋදාහරණයක් විදියට ජර්මානු ජාතික සමාජවාදීන් ගැන බොරු කතා ගෙතීම.
පාප් වහන්සේට පුළුවන් තරම් අපහාසවන පරිදි යුරෝපීය ඉතිහාසය ලිවීම දැක්විය හැකියි)
So it is almost impossible to prove the existence of a ruler who 'ruled'a small territory.
ReplyDeleteDear
How can built three maliga to his son the king ruled in small territory and this three maliga is found the Indian history and why Indian peoples Know Buddha as King Ravan.
Thank you S for your comment. I am not sure whether they have fund the ruins in India of the three palaces but when i visited the ruins in Nepal, i was told that they have excavated the site of palaces belonged to Prince Siddhartha. I think we should take the notion of palaces in a comparative sense rather than thinking that all palaces should have hundreds of rooms and gardens etc.
DeleteI am not aware whether Indians referred to Lord Buddha as Ravan. I know they consider him as one 'avtar' of god Vishnu. Origin of that story is mainly from the renaissance period of Hinduism.
"අපේ" මිනිස්සු කියන හැටියට ලංකාව අතීතයේ සිට වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතුනා.
ReplyDeleteඒ නිසා වෙළඳාමේ යෙදුනු අරාබි ජාතිකයන් විජය එන්නත් කලින් සිට ලංකාවේ පදිංචි වෙලා හිටියා. ඒ වගේම ඔවුන් තම අරාබි නෑයන් සමඟ සම්බන්ධකම් දිගටම පවත්වා ගත්තා.
ඉතින් අරාබියේ තමන්ගේ නෑයෝ ඉස්ලාමය වැළඳගත්තබව දැනගත්තාම ලංකාවේ හිටපු අරාබි ජාතිකයොත් ඉස්ලාමයට හැරුනා.
ඒ විදියට බැලුවාම සිංහල දෙමළ දෙගොල්ලන්ටම පෙර මෙරට හිටියේ "අපේ" මුස්ලිම්වරු.
තේවත්ත බැසිලිකා පල්ලියට ගිහින් බලන්න.
ReplyDelete"අපේ" මිනිස්සු හිතන විදියට බලංගොඩ මානවයගේ කාලේ ඉඳන් ලංකාවේ ක්‍රිස්තියානි කාරයෝ ඉන්නවා.
සීරියස් ලිපියක් නේ මට මිස් වුනේ කොහොමද? මේ ගැන තමා අර මම කතා කරන්න හැදුවෙත්. එම කරුණු සැහෙන ප්‍රයෝජනයි ඒ වැඩේට. මේ දවස් වල සිංහල විතරයි අකුරු තියෙන භාහ්ෂාව කියා කියා අමුතු කතාවක් යනවා බුකියේ. අර ඔයාගේ කලින් ලිපි දෙක පිළිතුරු හැටියට් දැම්ම නම් හරි.
ReplyDeleteThe visionict❤ has gone through so much thinking and research for writing this article. Thank you for sharing this great article with us. This blog is worth to read. Keep sharing this kind of post in the future. I’m also an author. So if you have time, I invite you to have a look at Pisachaya. Have a nice day!
ReplyDeleteලිපි තුනම එක දිගට කියෙව්වාට. මරු!
ReplyDeleteමමත් එක දිගට තුනම කියෙව්වා. අපුරු ලිපියක්. අශෝක ස්ථම්භ ගැන මේ කතාව කලින් අහල නැති එකක්. බොහෝම ස්තුතියි මේ වගේ ලිපි ලියන එකට.
ReplyDeleteඑක දිගට කියවගෙන යන්න පුළුවන් තරම් රසවත් ලිපියක්. නියමයි!
ReplyDelete