Sunday, August 28, 2022

සේසතේ දේවතාවී

 

මට කොහොමත් සිංහලෙන් අකුරු ටයිප් කරන්න හරි අමාරුයි අපි අයිති වෙන්නේ සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් ‘ඒ කෝ බී කෝ’ ක්‍රමයට ටයිප් කරන්න පුරුදු වෙච්ච පරම්පරාවකට. ඉතින් කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු ටයිප් කරගන්න අමාරු වෙනවා නම් කීබෝඩ් එකේ පේන්ඩ නැති, ඒ වගේම සාපේක්ෂකව වැඩි අකුරු ප්‍රමාණයක් තියෙන සිංහල ටයිප් කරන්න කොච්චර අමාරු ද කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දෙදහස් තුන හතර වගේ අවුරුදු වදී මම සිංහල ටයිප් කරේ symbol විදිහට insert කරලා. ඒ විදිහට වාක්‍යයකට දෙකකට  වඩා ටයිප් කරන්න හොඳ ඉවසීමක් වගේම පැයක දෙකක කාලයකුත් ඕන වෙනවා. ඊට පස්සේ google transliteration කියන සේවාව පාවිච්චි කරලා තමයි සිංහල අකුරු ටයිප් කරේ. ඇත්තටම බ්ලොග් එකේ මුල්ම ලිපි බොහොමයක් ලියවුනේ මේ translitaration ක්‍රමයට. ඊටත් පස්සෙ හෙළකුරු app එක පාවිච්චි කරලා ලිපි ලියන්න පටන් ගත්තා. එන්න එන්න අඩු කාලයකින් වැඩි පහසුවකින් සිංහලෙන් ලියන එක කරගන්න මේ මෙවලම් හින්දා පුළුවන් වුණා.

ගිය සතියේ මට ඉගෙන ගන්න හම්බවෙච්ච මට අලුත් ක්‍රමයකට තමයි මේ ලිපිය ලියන්නේ. ඒ තමයි google docs මෙවලමේ ඇති කථන-ලිඛිත පහසුකම පාවිච්චි කරලා. අපිට ඕන විදිහට කතා කරනකොට google සිංහලෙන් අපි කියන දේවල් ලියලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් නැතුව නෙමේ. හැබැයි වඩා ඉක්මනින් පහසුවෙන් සිංහලෙන් යමක් ටයිප් කරන්න මෙය හසු ක්‍රමයක්. අවශ්‍ය කරන එකම දේ ටිකක් හොඳ අන්තර්ජාල පහසුකමක් විතරයි. කාට හරි මේ ක්‍රමය ගැන දැනගන්න ඕන නම් මම දන්න දේවල් කියලා දෙන්න ලෑස්තියි.

ඊට කලින් අපි කට්ටකාඩුවේ අද කතාවට බහිමු. පහුගිය දවසක මම කල්පනා කර කර හිටියා ලංකාවේ දැනට ඇති වෙලා තියෙන ආර් ථික අවපාතය හින්දා අවුරුදු හැට හැත්තෑ ගණන් ගණනක් තිස්සේ ඇති කරගත්තු, ලබාගත්තු මහර ජයග්‍රහණ නැති වෙලා යනවා නේද නේද කියලා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ ක්ෂේත්‍රවල ලබපු ජයග්‍රහණ පෙන්නලා දෙන්න පුළුවන්. අපි පරම්පරා ගණනක් තිස්සේ ආයෝජනය කරලා මන්දපෝෂණය වගේ ප්‍රශ්න සෑහෙන මට්ටමකට විසඳ ගත්තා. ඒත් වත්මන් දරු පරම්පරාව මේ ආර් ථික ප්‍රශ්නත් එක්ක ආපහු පරම්පරා ගණනකට ඉස්සර තිබුණු තත්ත්වයට ආපස්සට ගණන් ගමන් කරලා කරනවා නේද කියලා මට හිතෙනවා.

 


 එහෙම ඇතිවෙන පෝෂණ ඌනතා එක්කම හිතන පතන විදිහ විදිහෙත් ඌනතා අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්. අද මම කියන්න යන කතාව එහෙම එකක්. උපුටා ගන්නේ සද්ධර් මාලංකාරය කියන පරණ බණ පොතෙන්. මේ පොත ලිව්වා කියලා විශ්වාස කරන්නේ ගම්පොළ යුගයේදී

Sunday, July 17, 2022

දෙසීයේ චක්කරේ

 

ලියන්ඩත් හිතක් පහළ වෙන්ඩ ඕන. ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළාසයක් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල මැද බාගේ උපන්න අපි වගේ වාහෙලාට ගෙවන්ඩ වෙච්ච ජීවිත කාලෙ හරි පුදුම සිදුවීම් තොගේකින් පිරිලා තිබ්බා කියලයි මට හිතෙන්නේ. අපි ඉපදෙන කොට මහා පොලු යුගයක්! දේශීය කරුමාන්ත නග්ගවන්ඩ කියලා පිටරටින් ගෙන්නන භාණ්ඩ පොදු ජනතාවට තහනම් කරලා තිබ්බ යුගේක ඉපදිච්ච අපි, අපේ ළදරු අවදිය ගෙව්වෙ හුගක් අග හිගකම් මැද්දෙ. මට මගේ පුංචි කාලෙ මතක නොතිබ්බට අම්මලා අප්පච්චිලා කියපු කතාවලින් අහගත්තු දේවල් මං මීට ඉස්සරත් ලියලා තියෙනවා. ඊට පස්සෙ අපිට අවුරුදු 7-8 වෙනකොට පටන් ගත්ත යුද්දෙ නැවතුනේ අපේ පලවලේ සහෝදර සහෝදරියො දාස් ගාණක් බිල්ලට අරං. ඒ යුද්දෙ නැවතුනේ අපිට අවුරුදු 33-34 වෙනකොට. ඇයි ඊට කලින් අපේ හිරිමල් යව්වනයෙදි ඒ කියන්නෙ වයස 13-14 කාලෙදි දකුණෙ මහා භීෂණේ! ටයර් සෑයවල්, අතුරුදහන් වීම්, ගිනි තැබීම්, එකී නොකී මෙකී මහා විජ්ජුම්බර රාසියක්. ඊගාවට ආවෙ සුනාමිය. ඒ අපිට 28-29 වෙද්දි. කොහොමින් කොහොමින් හරි එව්ව මෙව්ව ඔක්කොගෙන්ම බේරිලා හිටියත් අපිට 43-44 වෙද්දි ආපු කොරෝනා වසංගතෙයි අපිට 46-47 වෙනකොට ආපු රට බංකොලොත්වීමයි මේ මහා විපරියාස දැක්ක පරම්පරාවට අත්දැකීම් එකතු කරා. තව අපි දැක්කෙ නැත්තෙ අපේ රටේ පරමාණු බෝම්බයක් පුපුරන එකයි නිළ වශයෙන්ම රට කාට හරි විදේශිකයෙකුට යටත් වෙන එකයි විතරයි හා බොරුද? ආය මොකටද නිළ වශයෙන් යටත් වෙන්නෙ දැං යටත්වෙලා තියෙන හරිය මදෑ කියලත් හිතෙනවා.


           මේ ඉන්නෙ ෂෙන්-හෙ. ලංකාවෙ රජ්ජුරුවෝ චීනෙට ගෙනිච්ච නපුංසක සෙනෙවියා

ඔන මොන සංගදි දැක්කත්, දැං අපි මූණ දීලා තියෙන තත්වෙ තරං අමාරු, භයානක තත්වයක්නං මීට කළින් අහලවත් නෑ තමයි. ඒ අපේ 45-46 වෙන ජීවිත කාලෙදි. රටක් විදිහට ගත්තොත් මීට වඩා අමාරු කාල තියෙන්ඩ ඇති. අද කට්ටකාඩුවට ලියන්ඩ හිතුවෙ අපේ රටට මූණ දෙන්ඩ වෙලා තිබ්බ එක එක අකරතැබ්බ ගැන. නිකම්ම ඔය අකරතැබ්බ ගැන ලිව්වට කිසි ගතියක් නෑනෙ. ඉතිං එක එක සිද්දි වෙච්ච කාළ වකවානු අරගෙන එහෙට්ට මෙහෙට්ට පෙරළ පෙරළා ඉන්නකොට මට තේරුනා පොඩි රටාවක් මතුවෙන බව. ඒ තමයි අවුරුදු දෙසීයකට විතර පාරක් හරියට භූතයෙක් මතු උනාවගේ හරි නස්පැත්ති රාසියක් ලංකාවට කඩා පාත් වෙනවා කියන එක. තවත් පැහැදිලි කරොත් අවුරුදු දෙසීයෙන් දෙසීයට දෑලෙ තියෙන අවුරුදු දහය එක්ක ගත්තොත් ඒ කියන්නෙ ඔය ගණිත ශාස්ත්‍රඥයෝ ලියලා පෙන්නන විදිහට 200± 10 විදිහට ගත්තොත් අපි මහා විපත්තියකට මුහුණ දීලා තියෙනවා හුගක් වෙලාවට.

ඔන්න මගේ මතය ඇති වෙච්ච හැටි ගැනයි දැන් කියන්ඩ යන්නෙ.

Thursday, December 30, 2021

කුකුළා සහ බල්ලා

 

අපි ගිය පෝස්ට් එකෙන් අර්‍රාබි නිසොල්ලාසෙ පළවෙනි කතන්දරේ අහන්ඩ පටං ගත්තනේ. කවුරුහරි ඒ කොටස බැලුවෙ නැත්තං මේං මෙතනින්- බූරුවා, ගොනා සහ සේවකයා- ඒ කොටසට ගිහිල්ලා බලලා එන්ඩ. නැත්තං මේ කාලේ අපේ සිරි ලංකාවෙ ජීවත්වෙන මේ අපි වාගෙ පොඩි මිනිස්සු හුග දෙනෙක් ඉන්නවා වගේ අංදුං කුංදුං වෙලා තමයි අද කතාව කියවන්ඩ වෙන්නෙ.

 


වෙන දෙයක් වෙච්චාවෙ! තමුසෙ කියන බොරු අහල අහල මට ඇතිවෙලා තියෙන්නෙ. මං දන්නව ඔය කිව්වට මාව ලේසියෙන් මැරෙන්නෙ නෑ කියල!! හුහ් එනව මෙතන මාව රවට්ටන්ඩ. ඉස්සර ඔය කතා වලට රැවටුනාට දැං මං ඔව්වයින් රැවටෙන්නෙ නෑ!!

ඔයා ඉතිං කිව්වට විශ්වාස කරන්නෑනෙ සුදා. පොඩ්ඩක් තේරුං ගන්ඩකො....

Sunday, December 19, 2021

බූරුවා, ගොනා සහ සේවකයා

 

අරාබි නිසොල්ලාසය තරම් අපූරු මායාවී කතන්දර තියෙන වෙන පොතක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මේ අපූරු අද්භූත කතන්දරවල හරි සරළ සුන්දර මතුපිටක් පෙන්නුවාට ගැඹුරු අදහස් ගැබ් වෙලා තියෙනවා කියලයි මං හිතන්නේ. අද කතාව ඒ අපූරු පොතින්. ඉංග්‍රීසි බසින් හෙළ බසට නගන කොට, මුල් කෘතියේ තියෙන රහ ඒ විදිහටම තියාගන්ඩ අමාරුයි වචනයෙන් වචනය පෙරලුවොත්. අන්න ඒක හිංදා මං කතාවෙ සාරය විතරයි කියන්නෙ. වැරදි ඇතොත් සමාවෙලා මේ කතාව රස විඳින්ඩ.

මේ සිද්දිය වෙන්නෙ ඈත අතීත කාලෙ. අපි නෙවෙයි අපේ අත්තලා මුත්තලා, කිරි කෑ මුත්තලාවත් ඒ කාලෙ ඉපදිලා නෑ ඕං.



ඒ කාලේ හිටියා හරිම පොහොසත් වෙළෙන්දෙක්. එයාට එක එක පළාත් වල ගෙවල් තිබුනා. ඒ හැම ගෙදරකම වතු පිටි, හරක බාන, ගෙවල් දොරවල්, හරි සරු සාරෙට තිබ්බා මේ වෙළෙන්දට. එයාගෙ අතට පයට සේවකයෝ හිටියා ඕන තරං. ඉතිං මේ වෙළෙන්දා එයාගෙ හාමිනෙයි පවුලේ අනික් අයයි එක්ක කාලෙන් කාලෙට මේ එක එක ගෙදරට ගිහිං ටික කාලයක් නැවතිලා ඉන්නවා. ඔන්න ඇති කියල හිතුනම වෙන ගෙදරකට ගිහිං ටික කාලයක් ඉන්නවා. ඔහොම සැපෙන් සනීපෙන් කාලෙ ගත උනා. ආ තව ඩිංගෙන් මට කියන්ඩ අමතක වෙනවා. මේ වෙළෙන්දට හරි අපූරු හැකියාවක් තිබුනා. ඒ තමයි සත්තු කතා කරන දේවල් තේරුං ගන්ඩ පුළුවං වීම. හරියට දොස්තර හොඳහිතට වගේ. හැබැයි දොස්තර හොඳහිතට සත්තු එක්ක කතා කරලා දැන ගන්න දේවල් අනිත් අයට කියන්ඩ පුලුවං. හැබැයි මේ වෙළෙන්දාට සත්තු කතා කරන දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ තහනං. මැරුවත් සත්තු කියපු දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ බෑ. එහෙම කිව්වොත් වෙළෙන්ද තමුන්ගෙ රහස කියන කෙනාගෙ ජීවිතෙත් විනාශ වෙනවා. පේනවනේ ඕන බලයක් හම්බ වෙන්නෙ කොන්දේසි වලට යටත්ව.

Monday, December 13, 2021

ගැහුවත් ළකුණු- වැදුනත් ළකුණු

සමහර දේවල් වෙන්නෙ හරි අපූරු විදිහකට! ඒ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මට විතරක් නෙවෙයි ලෝක පාලක දෙවි කෙනෙක් ඉන්නවා නං උන්දැටවත් ඒ දේවල් තේරෙනවා කියල මං හිතන්නෙ නෑ!

මේ ළගඳි මට හම්බ උනා අපූරු මනුස්සයෙක්. අපි කියමුකො එයාගෙ නම රාජා කියල. රාජා අභිරහස් දේවල් ගැන හොයන කෙනෙක්. ඔව් ඔව්...අභිරහස් දේවල් ගැන හොයන එක තමයි එයාගෙ  විනෝදාංශෙ. මට එයාව හම්බ වෙච්ච විදිහත් නිකං අභිරහසක් වගේ. මිනිහා මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. රාජා මගේ යාලුවාගෙන් ලිෆ්ට් එකක් ඉල්ලනවා ගිය සතියේ දවසක. මගේ යාලුවා ලොකු වැඩක හිරවෙලා. මනුස්සයාට ඉන්න තැනින් හෙලවෙන්ඩවත් බැරි තරමෙ ලොකු වැඩක්!

අනේ මචං රාජව ගෙදරට ගෙනෙහිං දාන්ඩ පුලුවන්ද?

යකෝ හැතැම්ම 20-30 මේ වැස්සෙ යන්ඩ මට පිස්සුද? මම රාජව අඳුනන්නෙවත් නෑනෙ!

උඹ ඌව අඳුනන්ඩම ඕන නෑ. ඌ හොඳ කතා ටිකක් කියල දෙයි! මනුස්සයගෙ අතේ සල්ලිත් නෑ මචං මේ වෙලාවෙ ත්‍රී වීල් එකකටවත් ගෙවන්ඩ!

ඉතිං බස් එකේ යන්ඩ කියපංකො!

මචං ඌ ඉන්න තත්වෙ හැටියට බස් එකකට නග්ගගන්නෙ නෑ. ටිකක් වැඩි වෙලා වගේ කතා කරේ. අත්‍යාවශ්‍ය හේතුවකට නෙවෙයි නං මනුස්සයා මෙහෙම උදව්වක් ඉල්ලන්නෙ නෑ!!

මං මේ වෙස්ට් ඉන්ඩීස් මැච් එක බලන ගමන්! කාලෙකට පස්සෙ අපි දිනන මච් එකක් බලන්ඩ හිතුව විතරයි!

හරි මං රාජට කියන්නං ක්‍රිකට් අභිරහස් ටිකක් කියන්ඩ කියල යන ගමන්!