මම අද ලිපිය ඇතුලේ කතා තුනක් කියන්ඩයි හිතාගෙන
ඉන්නේ. මෙන්න පලවෙනි කතාව.
එදා මගේ කසාදෙ දෙවෙනි ගමන නොහොත් ඇට්ටෝන් එක
තිබ්බ දවස. ගමේ යාලුවන්ට වගේම අහල පහල අයට එන්ඩ කිව්වේ එදාට. මොකද වෙඩින් එකට ඒ
කියන්නේ පළවෙනි දවසේ උත්සවේට සල්ලි වියදම් කරන්නේ අපේ නෝනගේ පැත්තෙන් හිංදා මගුල
කෙරෙන්ඩ නං තිහකට වඩා කට්ටිය ගේන්ඩ එපා කියලා ඒ පැත්තෙන් රෙඩ් නෝටිස් දීම හිංදා.
අනික අපේ එව්වෝ කොහොමත් ඉතින් ටිකක් බොන්ඩ කන්ඩ ප්‍රිය කට්ටිය. ඉතිං අපේ කට්ටියට
අඩුවක් පාඩුවක් උනොත් ඒක හරි මදි නේ. ඒකයි මම අපේ කට්ටියට ඇට්ටෝන් එකට එන්ඩ කිව්වේ
වෙඩින් එකට නෑවිදින්. වයි ෂුඩ් වී ලුක් ඇට් දෙයා ලොකුකං. මයි කාර්, මයි පැට්‍රල් කියල මෙතැන් බොන්ඩ දෙන්නේ මම. කවුරු හරි අකමැති කෙනෙක් ඉන්නවා
නං යන්ඩ පුළුවන්. නැත්තං එන්ඩ සෙට් වෙන්ඩ.
දැන් ඔන්න වැඩේ නැගලා යනවා. ආ මට එකක් කියන්ඩ
බැරි උනා. ඒ කාලේ මම වැඩ කරපු කන්තෝරුවේ හිටපු ලොකු මහත්තයෙක්ට ඩියුටි ෆ්‍රී
විස්කි ගන්ඩ පුළුවන් කම තිබ්බා. ඉතිං ගාණ ටිකක් වැඩියෙන් ගියත් ආය අවුරුදු විස්සක්
තිහක් යනකල් ඕන තැනක කට ඇරලා පුරාජේරුව කියන්ඩ පුළුවන් වෙන හිංදා මං හිතුවා තනිකර
විස්කිම දෙන්ඩ. යූ නෝ අයි ඈම් අ රෙස්පෙට්ටබල් ගයි නේ. නෝ ගල්. නෝ පොල්. නෝ කසියා.
ඔන්ලි විස්කි. දවල් එක විතර වෙනකොට අපේ මලයා දුවගෙන ඇවිල්ල මගේ කනට කරලා රහසක්
කිව්වා.
අයියෙ මාර අප්සට් එක!
ඇයි?
බඩු ඉවර වේගෙන එන්නේ.
මොනවා?
ඔව් විස්කි බෝතල් හැත්තෑවක් දැනට ඉවරයි. තව
පහළොවක් විතර තියෙන්නේ. මේ යන රේට් එකට තව පැය බාගයකට වඩා දුවන්ඩ බෑ.
මම දැන ගත්තා වෙලා තියන වැඩේ. අනිවා අපේ ගෙදර
උන්දැගෙ පැත්තෙ උන් බෝතල් ගල් කරලා.
උන්ගෙ හැටි ඔහොම්මයි හිටපංකෝ පවසන්ඩ මේ වැඩේ ඉවර
වෙනකල් මම කිව්වා.
කාටද?
අරුන්ගේ සෙට් එකට ඇයි යකෝ මෙතෙන්ට ඇවිල්ලා බෝතල්
උස්සන්නේ? බීලා පලයල්ලකෝ.
කාගෙවත් සෙට් එකක් නෙවෙයි අපේ ගමේ සෙට් එක!
ඈ!! ඒ කියන්නේ අපේ උං බොනවද? නානවද??
නෑවනං මෙච්චර යන්නේ නෑ! ඒ මදිවට වදින්නේත්
නැතිලු. ගල් ටිකක් නැද්ද කියල අහනවා.
ගෙනාවේ නෑනේ
ඒක නේන්නං දැන් මොකද කරන්නේ?
එහෙනං ගල් බෝතල් දහයක් විතරවත් ගේමු. මම පස්සේ
සල්ලි දෙන්නං.
වැඩේ ඉවර උනේ ගල් බෝතල් විස්සක් ගෙනැල්ලා. බොන්ඩ
හිටපු ගාණෙන් බීපු ප්‍රමාණය බෙදපුවම මිලි ලීටර් අටසීයකට ටිකක් වැඩියි!
ඊට පස්සේ දවස් හතර පහක් යනකල් අපේ ගමේ යාළුවො
කවුරුවත් අපේ ගෙවල් පැත්ත පළාතේ ආවේ නෑ. මටත් ඒ දවස් වල තිබ්බ වැඩත් එක්ක හොයන්ඩ
බැරි උනා මොකද උනේ කියල. හැබැයි මගේ හිත කිව්වේ එදා ඇට්ටෝන් එකේදී බොන්ඩ මදි වෙච්ච
හිංදා උන් මාත් එක්ක තරහ වෙලා ඇති කියල.
ඇත්ත එලි උනේ මාසෙකට විතර පස්සේ අපේ ගමේ
දන්සැලේදී.
මල්ලි මාර වැඩක් නේ එදා උනේ. සෙනෙවිරුවන් අයියා
කිව්වා.
ඇයි මොකද උනේ?
මල්ලි ඇත්තම කියන්නං අපිට වැඩිය විස්කි බීලා
පුරුද්දක් නෑ. ඉතිං අපි ළඟ නවාගෙන නවාගෙන ගියා. මොකුත් උනේ නැති හින්දයි ගල්
ඉල්ලගෙන බිව්වේ. කවුද දන්නේ විස්කි වදින්නේ තැපෑලෙන් කියලා?
ඉතිං මොකද උනේ?
මොකද උනේ කියන්නේ මල්ලි දවස් තුන හතරක් යනකල්
ගෙදර. ඔලුව බඹර චක්කරේ වගේ. ගෑණි බනිනවා හරකුන්ට වගේ. තැඹිලි බොන්ඩ ඇති විස්සක්
තිහක්.
ආදර්ශය - එක්කෝ නොදන්නා ජාති නොබී සිටිය යුතුය.
නැත්තං පෙරේතකම පාලනය කරගත යුතුය
දෙවෙනි කතාව
ගිය අවුරුද්දේ අපි ගමෙන් එක්කහු වෙලා අනුරාධපුරේ
ගියා රුවන්වැලි සෑයට කප්රුක් පූජාවක් කරන්ඩ. වැඩේ උදේ දහය එකොළහ වෙනකොට ඉවරයි. ඊට
පස්සේ තව තැන් දෙක තුනක් වැඳගෙන දවල්ට කාලා එන්ඩ පිටත් උනා. සාමාන්‍යයෙන් අපේ ගමට
එහෙ ඉඳන් එන්ඩ පැය හතරක් විතර යනවා. එදා හරියටෝම පැය නවයක් ගියා.
ඒ මොකද තඹුත්තේගම බාර් එකයි, ගල්ගමුව බාර් එකයි,
අඹන්පොල ගමේ අයියා කෙනෙක් අඳුනන කසිප්පු පොට්
එකකටයි, වාරියපොළ බාර් එකයි වන්දනා කරන්ඩ වෙලාව ගතවීම හිංදා. ඇත්තටම නඩේ හිටපු ගෑණු
උදවිය අපි වෙනම වෑන් එකක් අරං යනවා මේ සමයම නැවැත්තුවේ නැත්තං කියල තර්ජනය කලේ
කුරුණෑගල බාර් එකක නවත්තපු වෙලාවේ. ඒ හිංදා විනාඩි දහයක් ඇතුලත බෝතල් ටිකක් අරගෙන
කට්ටිය බස් එකට ගොඩ උනා. එතන ඉඳන් හුග දෙනෙක් බැණ බැණ ආවේ යකෝ මේක දැන් ගෑණුන්ට
ඕන විදිහට පාලනය වෙන රටක් නේ කියමින්.
ගමට ආවට පස්සේ තලවත්තේ කිරිඅම්මා හැමෝටම පිං
අනුමෝදන් කලේ තොපි වගේ පාහර හැත්තක් එක්ක ආය මැරුණත් කොහෙවත් යන්නේ නැති බව ප්‍රාර්ථනා කරමින්. හැබැයි
ඒ අනුමොන්දනාව හුග දෙනෙකුට ඇහුනේ නැත්තේ බස් එකේ පිටි පස්සේ වමනේ සාගරේක නැති
වෙච්ච සෙරෙප්පු, ගෙවල් වල දොර යතුරු,
පර්ස් වගේ දේවල් සෙවීමේ මහා තරඟයක කට්ටියම
යෙදිලා හිටපු හිංදා.
බස් කාරයා වැඩිපුර රුපියල් තුන්දාහක් ඉල්ලුවා
බස් එක වෙනම සර්විස් කරන්ඩ වෙන හිංදා. අපි කොහෙද එව්වට සැලෙන්නේ? හේදුවා බස් එක රෑ එක හමාර වෙනකල්. ඊට පස්සේ තමයි බස් එක ගියේ. ඒ යනකොට සරත්
අයියා ඉන්ටනැෂනල් හූවක් කිව්වා.
මොකද බං?
ගොං හු....! ඌ හිතාගෙන ඇති අපිව තම්බන්ඩ. මම
අහක් කරපු ඔක්කොම වමනේ ටික එක්කහු කරලා බස් එකේ ඩිකියට දැම්මා!!
දැන් අපිත් එක්ක ට්‍රිප් යෑමට තලවත්තේ කිරිඅම්මා
විතරක් නෙවෙයි අල්ලපු ගමේ බස් කාරයා එන්නෙත් නැත!
ආදර්ශය- ට්‍රිප් යනවිට කාන්තාවන් එක බස් එකකද
පිරිමි තව බස් එකකද යා යුතුය. ගෙවල් වල යතුරු, සෙරෙප්පු සපත්තු, කමිස හා වටිනා කියන කලිසම්, අයිඩෙන්ටිටි කාඩ් යනාදිය
එම කාන්තාවන් බාරයේ තැබිය යුතුය. බස් එක ඇතුලේ බොන එව්වන්ගෙන් බූරු පිටියේදී ලබා
ගන්නා තෝන් මුදල මෙන් බසය සර්විස් කිරීමට කොමිස් මුදලක් ලබා ගෙන වෙනම බස් සේදීමේ
අරමුදලක් තබා ගත යුතුය. හැකිනම් බසයට අත්තිකාරම් මුදල් බඳින දවසේම බසයේ අයිතිකරුට
මේ සර්විස් අරමුදලෙන් මුදල් ලබා දිය යුතුය.
මේ සිද්ධියට පසු අපි ගමෙන් පිට මල ගෙවල් වල යන්නේ රෑට රෑ
වෙලාය. එතකොට කාන්තා පාර්ශ්වය එන්නේ නැතිය. අපිට කැමති පරිදි දුක සැමරිය හැකිය.
කතාව තුන
මගේ ඇට්ටෝන් එක තියන දවස් වල අපේ මිනිස්සු
විස්කි බීලා පුරුද්දක් නැති උනාට දැන් එහෙම නෙවේය. ටයිම් හෑස් චේන්ජ්ඩ් ය. අපේ ගමේ
ජාතික රැකියාව වන කුළී වැඩ වලින් දවසට රුපියල් එක්දාස් හයසීයක් පමණ උපයා ගත හැකිය.
ලඟම තියන ටවුමට බස් එකෙන් ගොස් බාර් එකෙන් බියර් ටින් එකක්ද අරක්කු කාලක්ද බයිට්
එකට අලි පාෂා ගේ හෝටලෙන් හරක් මස් පීරිසියක්ද ගත්විට රුපියල් හත්සීයක් වැයවේ.
වැස්ස දවසකට නං අරක්කු බාගයක් වුවද කමක් නැත. ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේය. රෑ හතෙන්
පසු අපේ පාරේ බස් නැති එකය. ආණ්ඩුවේ වැඩපිළිවෙලේ කිසි ජොහොර් එකක් නැති හිංදා ප්‍රයිවෙට්
බස් කාරයෝ හය හමාරෙන් පසු බස් දිවීමෙන් වැළකී සිටිති. ඒ හිංදා අපි රුපියල් එකසිය
පනහක් දී ත්‍රී වීල් වලින් ගෙදරට ආ යුතුය. එතකොට පොඩි උන්ට, ගෑණිට කන්ඩ අඳින්ඩ දෙන්නේ අහවල් එක විකුණලා දැයි අපි ආණ්ඩුවෙන් ඇසිය යුතුය.
විශේෂයෙන් වෙන මක්ක නැතත් පැහැර ප්‍රයිවෙට් බස් කාරයන්ට රෑ නවය වෙනතුරුවත් සෙනග
හිටයත් නැතත් දුවන්ඩ නියම කල යුතුය. එහෙම නොකරන බස් අයිති කාරයන් අල්ලා කරත්ත වල
බැඳ රෑ කල මගී ප්‍රවාහනයට යෙදිය යුතුය.
ආදර්ශය
අපේ ගමේ දුප්පත් කමට හේතුව ආණ්ඩුවට ප්‍රයිවෙට්
බස් දිවවීමට ජොහොර් එකක් නැති වීමය. අපි බොන්නේ ඒ දුකටය!
එක්ස්කියුස් මී
ප්ලීස් මැඩම්ස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ස්, අර මම මුලින් ලියලා තියන
අපේ ගෙදර උන්දැගේ පවුලේ විස්තරේ උන්දැ කියොව්වොත් දිස් විල් බී ද
ලාස්ට් පෝස්ට් ඔෆ් කට්ටකාඩුව ය. ලොකු මල්ලි විල් බී හැන්ග්ඩ් දිස් වීක්ය. මළ ගෙදර
එනවා නං බෝතලයක් අරං වරෙල්ලාය. නෝ නීඩ් ඔෆ් මල්වඩම් ය.
බස් එකට පහුවදා පලවෙනි ටර්න් එක තිබ්බද දන්නෙත් නැ ...පව් ඕයි
ReplyDeleteඑහෙනං අපි තුන්දාහක් ගෙවන්ඩ ඕන කියලයි කියන්නේ.දෙයියනේ ඒ කාලේ හැටියට බෝතල් දෙක හමාරක්!!
Deleteමං හිතුවේ මේ කාලේ කතාවක කියලා ... කොහොම උනත් අර යට බක්කියේ වමනේ තියං දුහත හැක්ද ටර්න්
Deleteඅපි දෙන්නා කසාද බැඳලා ආපු අලුත අපේ ඔපිස් එකේ පාටිය වෙලාවෙදී අපේ ගෙදර අනික් එක්කෙනාව ඔපිස් එකේ දමලා මං තනියම ගෙදර ආ කතාව අදටත් මාසෙකට වතාවක් මගේ කංගොටු අතර රැව් පිිලි රැව් දෙන්නේය.
ReplyDeleteකන් ගොටු අතර රව් පිළිරැව් දීමෙන් නවතින්නේ චූටි මැණිකේ නෝනා මහත්මියගේ හොඳ කම නිසාය. නැත්තං බොල දහ අට අවුරුද්දක් බරපතල වැඩ ඇතුව හිරේ යවන්ඩ ඕන කාරණයක්ය. හැබැයි ඉතිං කසාදෙ කියන්නේ එක අතකින් දින නියමයක් නැති බරපතල වැඩ තියන හිරයක් තමාය.
Deleteමම පුල් අමජ්ජප නිසා මගේ වෙඩිම දවසේ බොන්ඩ දුන්නේ නැත.කළිංම මේ බව කියලා තිබ්බ නිසා හැමෝම වගේ වැඩිපුර සල්ලි අරං ඇවිත් තිබුණේ අරගෙන බොන්නය. උංගේ කරුමෙට එදා අමද්‍යප දිනේ නිසා බාර් ඔක්කොම වහලාය. හිතේ දුකට වැඩිපුර ගෙනාපු සල්ලිත් ලියුං කවරෙට දාලා දුන්න නිසා මම නම් සන්තෝසෙන්ය.
ReplyDeleteආන්න හොඳ යාළුවො. ඒකටත් එක්ක අපේ උන්. උන් සල්ලි ඉවර උනා කියල පස්සේ දෙනකල් ගානකුත් ඉල්ලාගෙනයි ගියේ යන ගමං මගදී බොන්ඩ...
Deleteටැප් එකෙන් අරගෙන උණු කරලා නිවල බෝතල්වලට දාල වොඩ්කා දෙන්න තිබුනනෙ ඔයතරම් වද නොවී.
ReplyDeleteඒ කාලේ ඔය ක්‍රමේ හොයා ගෙන තිබ්බේ නැත. නැත්තං කොල්ලා ගොඩය.
Deleteගල් බොල උංට විස්කි දී වැඩක් නැත. උඹල මොනවද මුංට බොන්න දුන්නේ යැයි අසාගෙන බීපු උංගේ ගෙදර උන්දැලා නව යුවල හමුවෙන්න නාපු එක ලොකු දෙයක්ය.
ReplyDeleteමොනව උනත් දැං වොඩ්කා බෝතල්වල එන්නේ උණුකර නිවූ වතුර නිසා අපි සැමදා ගල් වලින් සැනසෙමුය.
ඇත්තටම දවස් දෙක තුනක් යනකල් අරුන් නැගිටින්නේ නැතුව හිටපු වෙලාවේ ගෙවල් වල මිනිස්සු මාව හොයාගෙන ආවේ නැතුවා පුදුමය. වෙඩිමකට ගොස් බඩේ අමාරුවක් හැදුනොත් ගම පුරාම දෙස් දෙවොල් තියන උන් බීලා වැඩි උනාට කිසිම කතාවක් කරන්නේ නැත. අපේ සමගිය ඒ වාගෙය. බොන්ඩ දෙනවනං අපිට බොන්ඩ දෙනවනං අපිට මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ...?
Deleteඔහේගේ ගමට රෑ බස් සේවාවක් නැත්තේ ගමේ කන(පාත්වන තුරු)බොන මිනිස්සු මාළු විකුණන (සෙල්ෆිෂ්) නිසාය, එකට අපේ ගමේ වුන් රෑ බස් කටුවේ ඩ්‍රයිවර් කොන්දොස්තර මහත්තුරුන්ට අගේට සලකනවය, උන්නහෙලත් එසේමය, ටවුමෙන් අඩුවැඩිය සපයාගත් උදවිය සෙට් වෙන්නේ බස් කටුව ඇතුලේමය.
ReplyDeleteයකඩෝ අපේ බස් එකේ ඩයිබර මනුස්සයෙක් නෙවි. ගුදමක්. ඌට බොන්ඩ දීලා ඉවරයක් කරන්ඩ කලිසමත් උගස් තියන්ඩ වෙනවාය. අනික එතකොට ආණ්ඩුවට බනින්ඩ හේතුවක් මතක් වෙන්නෙත් නැත. ඒ හිංදා බීලා කූඩැල්ලෝ කවාගෙන පයින් බඩ ගෑවත් ඩයිබරට බොන්ඩ දීම කල නොහැක.
Deleteබොට පිස්සුද බං සුවිසයිඩ් පෝස්ට් ලියන්නෙ?
ReplyDeleteහිහ් හිහ් යූ නෝ අයි ඈම් ටේකින් කැල්කියුලේටඩ් රිස්ක්ස් ය. අපේ නෝනා බ්ලොග් එක කියවනවද කියල ටෙස්ට් කරන්ඩ තමයි බැනලා දැම්මේ. කියවන පාටක් නෑ. මොකද කියෙව්වනං මේ කමෙන්ට්ස් වලට උත්තර දෙන්ඩ දවස් දහයක් මට ජීවත් වෙන්ඩ ලැබෙන්නේ නැත. ඒ හිංදා ඉස්සරහට මම කැමති දෙයක් ලිවිය හැකිය. නෝ සෙන්සර් බෝඩ් අප්රූවල් රික්වයඩ් ය.
Deleteලොකු මලය සෑර්, මේ ... මේ... පිෂ්ෂු කෙළියට කමක් නෑ විකාර කොරන්ඩ හදන්ඩ එපා.
ReplyDeleteහැන්ග්ඩ් දිස් වීක් නෙවේ හැන්ග් සම්තින් එල්ස් සම්වෙයා ටුනයිට් ..
ලොකු නගාගෙන් කේස් ආවොත් මේම කියන්ඩ. අර එල ද බ්‍රා මෙන්ඩ තමා මේක ලියල දුන්නේ. ඔහේගේ බ්ලොගේ දාන්ඩ කියල. ඌ ඒම දේවල් හරියට කොරනවා. බොරුනන් බලන්ඩ කියන්ඩ කලාහිත සෑර්ගෙ බ්ලොගේ ෆෝ එග්සාම්පල් ඈ ..
මේ ඒක නෙවේ සැන්ඩියට කෝක් ද දුන්නේ?
ජයවේවා!
Myself Hattor.
මෙන්ඩව එල්ලන්න එපැයි යකෝ.. මෙච්චර කල් මගේ එකේ ලිය ලිය ඉඳල මූ නොකියම කට්ටකාඩුවේ ලගින්න ගත්තට.. හැක්.
Deleteඔය එන්නේ එලියට එක එකා අනික් උන්ගේ එව්වයේ කරපු වැඩ...ඔන්න මම නං මොනවා වත් කිව්වේ නැතිය. මම අහිංසකය.
Deleteඅවුරුදු තිහාතලියක් නෙමෙයි ලොකු මල්ලි...ඉන්නකම්..මතක තියන් ඉඳල මලාට පස්සෙත් පින් දෙන මහා පුන්‍ය කරුම ගොඩට වැටෙන එකක් මගුල් ගෙදරදි හොඳට බොන්ට දෙන එක..අපේ ගමේ හිටිය හරමානිස් ආතගෙ මළ ගෙදර දා කතා උනෙත් අහල ගම් හතකින් මෙහා ඉස් ඉස්සෙල්ලාම තමන්ගෙ මගුල් ගෙදර සීල් අරක්කු බොන්ට දුන්නෙ උන්දැය කියල...
ReplyDeleteආන්න ඒකයි. අපේ ගමෙත් එහෙම තමයි. තාම කට්ටිය කතා වෙනවා හැත්තෑ ගණන් වල මැතිනිගේ කාලේ කවුද දීපු කසිප්පු දන්සැලක් ගැන. සීනි නැතුව පෙරාපු කසිප්පු ජාතියක්. ඊට පස්සේ බනිනවා ඒ ක්‍රමේ කියලා දුන්නේ නෑ කියලා.
Deleteගමේ අය නෙවෙයි, එක්තරා කොට්ටාශයක් බොන විදිය තේරුම්ගන්න හරිම අමාරුයි...දවසට දැන් පිරිමි නුපුහුනු කම්කරුවෙකුට රුපියල් 1,200/-ක් ලැබෙනව, වගේම මාසේ හැමදවසකම වැඩත් තියෙනව...මාසිකව බැලුවම උපාධිධාරීන්ටවත් එහෙම පඩියක් ලැබෙන්නේ නෑ..ඒත් කීයෙන් කී දෙනාද හවසට අර සල්ලි ටික ගෙදර ගෙනියන්නේ...ගෙදර තියාගෙන ටිකක් බොන්න තරම් වටපිටාවක් ඒ අයට නෑ වෙනත් ප්‍රශ්න නිසා..ඉතින් හොරපොලේ එකා ඔක්කොම කඩාගන්නව...ඉතින් මගුල් ගෙවල්, මලගෙවල් ගැන කුමන කතාද...!
ReplyDeleteබීම එන්ජෝයි කරන්න බෑ දඩබඩ ගාලා නවාගත්තම...අනික බොන්නේ ඩෝප් වෙලා කානු පල්ලේ ඉන්නමද අප්පා...!
ඔයා ඔහොම කිය කියා ඉන්නේ නැතුව අපිට බීම ගැන ප්‍රැක්ටිකල් ලෙසන් එකක් ඇරෙන්ජ් කරන්නකෝ ලොකු අයියේ.. බොනවා කියන්නේ මොකක්දවත් මතක නෑ දැන්.. :)))
Deleteදඩබඩ ගාලා නවාගන්නේ නැතුව කොහොමද කොහොමද බීම එන්ජෝයි කරන්න... එහෙම කරන්ඩ ගියහම ඔය ලතාවට කලාවට ...ස්ටයිල් එකට බොන ඇයෝ කරන කියන ඒවා දැක්කහම අපේ වෙරි බහිනවනේ මචං
Deleteබොන තැන්වල කොටස් තුනක මිනිස්සු සිටිති. එක බෝතලේ අඩිය දකින තුරු කතා නොකරන අය. උන්ගේ පරමාර්ථය බීමය. දෙක බෝතලේ කැඩීම පමණක් කතා වක්කඩ කැඩීමට අවශ්‍ය අය. උන්ගේ පරමාර්ථය කතාවය. තුන. අනික් උන් බොන හැටිත්, කතා කරන හැටිත්, කතා කරන දේවලුත් අහගෙන බලාගෙන ආතල් ගන්නා අය. උන්ගේ පරමාර්ථය ආතල් ගැනීමය. ත්‍රී පොයින්ට් වන් - මේ කියන කතා ගෑණුන් හා අනෙක් අමද්‍යපයන් ඉස්සරහා කියවන ඕප දූප කාරයෝය. උන්ගේ සබ් ඔබ්ජෙක්ටිව් එක කේලාම් හෙවීමය. ත්‍රී පොයින්ට් ටූ - බයිට් පිඟානට වැඩ දෙන ගොබිලන්ය. වෙරි ඩේන්ජරස් ග්රූප් යූ නෝ. බිවෙයාර් ඔෆ් දෙම්. දිස් ලොකු මල්ලි ටෝල්ඩ් යූ. ඩෝන්ට් ෆොගේට් ඕ.කේ.
Deleteඑහෙම තමයි බං. ගල් ගහන උන්ට විස්කි දුන්නම බීල කට ඇද කරනව වැදුනෙ නෑ කියල. කසිප්පු ගහන උන්ට ගල් දුන්නත් එහෙමමයි.
ReplyDeleteදෙනවනං බොන්න දෙන්න ඕනි නොබොන එවුන්ට..නැද්ද හැලපේ...එතකොට අපිලට චෝයි...😂
Deleteමට ආසයි ඔය දෙක තුනම කලවන් කරලා දීලා බලන්ඩ කාට හරි. මොකක් වෙයිද?
Deleteමේ ළඟදීම දවසක හසලක මළ ගෙදරක ආවා ගාල්ලේ සෙට් එකක් ඔය වගේ බස් එකක් අරගෙන.. ගාල්ලෙන් පිටත්වෙලා පැය දහයකින් විතර කතා කරාම කියුව බිබිලේ කියල.. තව පැයකින් විතර කතා කරාම කියුව මහියංගනේ කියල.. තවත් පැයක් විතර ගිහින් ආයෙම කතා කරනකොට ඉස්සෙල්ල කතා කරපු එකා ආයේම කියනවා බිබිලේ කියල.. හතර වරන් වෙන්න ගහලා පාරේ බෝඩ් එකක් කියවගන්න බැරි ගානට.. ගාල්ලේ ඉඳල හසලකට කිලෝමීටර් තුන්සිය පැය පහළොවක් විතර ආවා.. හම්මෝ බස් එකේ උන්නු කාන්තාවන්ගේ කොමෙන්ට් ටික.. වාසනාවන්.. හෙහ්..
ReplyDelete300 / 15 = 20 කිලෝ මීටර් පැයකට = ගාල්ලේ වාර්තාව
Delete170 / 9 = 18.9 කිලෝ මීටර් පැයකට = කෑගල්ලේ වාර්තාව
හුහ් අපිත් එක්ක බීලා දිනන්ඩ ඈ....එව්වා කොහෙද? වී ආ ද චැම්පියන්ස්...වී ආ ද චැම්පියන්ස්....
නියම කතාව.මොනව උනත් මරේමරු.කාලෙකට අමතක වෙන්නෑ.
ReplyDeleteස්තූතියි ගුණවර්ධන තුමනි.
Deleteමරු කතා සෙට් එක...
ReplyDeleteඅපේ වෙඩිමෙදී සහ දෙවෙනි දවසේ දෙකේම බොන්න දුන්නා ඇට්ටි හැලෙන්න...
මගේ යාළුවන්ට කිව්වෙත් දෙවෙනි දවසේ, පලවෙනි දවසේ පිරිස සීමා කරන්න නෝනගේ පැත්තේ අයට උවමනාවක් තිබුනා...
මගේ යාළුවො තුන් දෙනෙකුට විතරයි කිව්වේ. ඉතිරිය ගෙදර උදවිය ඇතුළුව ඔක්කොම 20 ක් වගේ...
මම දෙවෙනි දවස නෑයෝ, ගමේ යාළුවො, ඉස්කෝලේ යාළුවො, කැම්පස් එකේ යාළුවො, වැඩ කරපු ආයතනයේ සෙට් එකටම කිව්වා...
අදටත් සෙට් උනහම එදා පිස්සු කෙළපු ඒවා මතක් කරකර අපේ සෙට් එකේ උන් හිනා වෙන වෙලාවල් තියෙනවා...
මටත් සැර බඩු මදිවෙලා ආයේ ගෙන්නන්න සිද්ධ උනා...
අපරාදේ ඒ කාලේ අපි අදුරන්නේ නැ ........... මේ ඒක නෙමෙයි ....... මල් කුමාරයට ගියේ අර පොලොස්කොට්ටෝරු වලහලු නේද
Deleteඔන්න ඔය තියෙන්නේ සහෘදයන්ගේ කතා. කියන්ඩකෝ මගේ දුක අඩු වෙන්නත් එක්කම.
Deleteඔච්චර බීල ඔය එකෙක්වත් වැරදිලා තමුන්ගේ ගෙදර කියල වෙන ගෙදරකට ගිහිල්ල නැද්ද ?
ReplyDeleteදැන ගැනද නෑ එහෙම දෙයක්. මට පේන්නේ දසනායක මහත්තයාට එහෙම වැඩක් වෙලා වගේ....හා ද?
Delete