Monday, September 23, 2019

රට විරුවන්



මේ ලඟදි තායිලන්තෙට යන ගමන් වෙච්ච සිද්ධියකින් අතීත මතකයක් අවදි උනා. අපි වෙනුවෙන් විදේශ විනිමය උපයන වෘත්තික නොවන රැකියා විදිහට බොහෝ දෙනා හඳුන්වන ගොන්නට අයත් වූ රැකියා කරන බහුතරයක් ගැන කතා දෙකක් හින්ද කට්ටකාඩුවට ලියන එක හොඳයි කියල හිතුනා. කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් මේ මගේ අත්දැකීම් දෙකක් විතරයි ඇත්ත තත්වය මීට වඩා වෙනස් කියල. එහෙම නං හුගක් හොඳයි. මේ මම දැකපු දේ සාමාන්යය නම් තමයි ප්රශ්නේ.

ඔන්න පලවෙනි කතාව..


සිද්ධිය උනේ මීට අවුරුදු දොළහකට පහළොවකට විතර කලින්. මම බස් එකක ගියත් ජනේලයක් අයිනේ වාඩි වෙලා යන්ඩ තමයි කැමති. වට පිට බල බලා යන්ඩ තියන කැමැත්ත හින්ද. ඔන්න දවසක් මම ලන්ඩන් ඉඳලා ලංකාවට එනවා කටාර් වල දෝහා ගුවන් තොටුපොල හරහා. කොටස් කීපයකින් සමන්විත ගමනක් යනකොට ගමන ආරම්භ කරන පළමු ගුවන් තොටුපොලේදීම ගමනට අදාළ බෝඩින් පාසස් ඔක්කොම ටික දෙනවනේ. ඉතින් මම ලන්ඩන් වලදීම දෝහා - කොළඹ ගම වාරය සඳහාත් බෝඩින් පාස් එක ගත්තා. ඒකත් වින්ඩෝ සීට් එකක්. එහෙම නැත්තං ජනේලයකට ආසන්න අසුනක්

Saturday, September 14, 2019

වීරයා ගෙදර ඒම වලක්වමු



අපේ නිමල් දිසානායක උන්නැහේ ලියන නිදි ගේ පංචතන්තරේ බ්ලොග් අඩවියේ මේ ලඟදි හැබෑම වීරයෙක් ගැන ලියල තිබුනා. යුද්දය හින්ද ඇස් දෙකම නැති වෙච්ච අපේ කාලයේ වීරයෙක් ඇස් නොපෙනෙන තවත් මිනිස්සු පනස් දාහක් දෙනාගේ ඇස් පාදා දීමේ කියන්නේ කාච බද්ධ කරදීමේ පිංකමක නිරත වෙලා ඉන්න හැටි ගැන තමයි කතාව. ගැන නොකියවපු කෙනෙක් ඉන්නවා නං මෙන්න ලින්ක්එක ඒ ලිපියට. ඔය ලිපිය කියෙව්වට පස්සේ වීරයා ගෙදර ඇවිත් කියල මාර ටෙලි නාට්යයක් ගියාය ඒක බැලුවේ නැත්තං කිසි වැඩක් නැතිය කියල කීප දෙනෙක්ම කියපු හින්ද පහුගිය දවස් ටිකේ යූ ටියුබ් එකෙන් නාට්යය බාගත කරගෙන බැලුවා. කොටස් හතලිස් හතක් කියන්නේ දල වශයෙන් පැය පහළොවක් විතර! ගෙදර ඉන්න වෙලාවේ ඕක බලන්ඩ ගිහින් තව ඩිංගෙන් මාව ගෙදරිනුත් එළවලා දානවා.

ඇත්තටම රට ජාතිය වෙනුවෙන් ජීවිතේ කැප කරලා, එක්කෝ ජීවිතෙන් වන්දි ගෙවපු, එහෙම නැත්තං ජීවිතාන්තය දක්වා ආබාධිත තත්වයට පත් වෙච්ච කී දාහක් මේ රටේ ඉන්නවද? අයව මල් මාලා දාලා, බෙර ගහලා, රතිඤ්ඤා පත්තු කරලා පිලි ගත්තේ යුද්දේ දිනලා එන කොට. යුද්දේ දිනලා අවුරුදු දහයක් යනකොට අපිට අයගේ සේවයත් අමතක වෙලා. දැන් අය නිකම්ම නිකං ආමි එකට ගිහිං 'ඇස් පොට්ට වෙච්ච' එහෙම නැත්තං 'අබ්බගාත වෙච්ච' එකෙක් විතරයි. එදා වීරයා දැන් නිකමෙක් වෙලා. වෙලා නෙවෙයි කරලා.

Saturday, August 10, 2019

පුත්තලම් කෝච්චියේ කථා දෙකක්

මං මේ පෝස්ට් එක ලිව්වෙ අවුරුදු දෙකකට විතර කලින්. කට්ටකාඩුව ලියන්ඩ පටන්ගත්තු අලුත. එදාට වඩා පොඩි පොඩි වෙනස්කම් අද තිබුනත් තවම කථාවේ මුල් බීජය අදාල හින්දා නැවත පල කරන්නට හිතුවා.

අනාගතයේ දවසක ඉදිරි පරම්පරාව අද ජීවත්වෙන අපි කරන මේ වැඩ ගැන මොනව කියයිද?
අපි කථාව කියවමු.

Sunday, July 28, 2019

ශිෂුපාල


භරත මුණි කියන පඬිවරයා මීට අවුරුදු දෙදාහකට ඉස්සර තමුන්ගේ නාට්‍යශාස්ත්‍ර කියන පොතේ රස වර්ග අටක් ගැන උගන්නනවා. ඒ ශ්රුංගාර, හාස්‍ය, රෞද්‍ර, කරුණා, භීබත්ස්‍ය, භයානක, වීර, අද්භූත කියන  වර්ග. පස්සෙන් පහු කාලෙක ඔය අටට ශාන්ත රසයත්  එකතු වෙලා තමයි අද අපි කියන ඔය නව නළු රසය හැදිලා තියෙන්නේ.  ඒ කොහොම උනත් භීබත්ස්‍ය එහෙම නැත්තං අප්පිරියාව, කළකිරීම, ජුගුප්සාව කියන දේ රසයක් වෙන්නේ කොහොමද කියල මට නං හිතා ගන්ඩ බෑ. ඒක හින්දම හුගක් සිංහල ටෙලිනාට්‍ය, චිත්‍රපට බැලිල්ල වගේම වගේම නවකතා කියවිල්ලත් මං කරන්නේ හරිම අඩුවෙන්. පරිවර්තන ගැන තත්වේ වෙනස්. වැඩියක්ම ත්රාසජනක හෝ අබිරහස් කතන්දර- ඒ කියන්නේ භයානක, වීර, අද්භූත රස දනවන කතා- කියවන්ඩ මං හුගක් කැමතියි. දුක හිතෙන එහෙම නැත්තං ශෝකාන්ත ඝනයට අයිති වෙන දේවල් නං කියවන්ඩ කොහෙත්ම කැමැත්තක් නෑ


දවසක් සූරිය ප්රකාශකයන්ගේ පොත් සාප්පුවට ගොඩ වෙලා ඉන්න වෙලාවක අහම්බෙන් දැක්ක තීන්ත නදිය කියන පරිවර්තන නවකතාව ගත්තේ ඒක ලංකාව පසුබිම් කරගෙන ලියවෙච්ච ඓතිහාසික නවකතාවක් කියල කවුදෝ කියපු හින්ද. ටිකක් කියවලා බලන කොට තමයි තේරුනේ කතාවට පසුබිම් වෙන්නේ පොළොන්නරු යුගයේ  වෙච්ච කාලිංඝ මාඝ ගේ ආක්රමණය වෙච්ච කාලේ කියන එක. ඒක කොහොමද ශෝකාන්තයක් නොවෙන්නේ?

Saturday, June 22, 2019

ලාපු ලාපු


රාජකාරි වැඩකට පිලිපීනෙට යන්ඩ උනා ආයිබෝවන්. හරියටම කියනවනං පිලිපීනෙ සේබු නගරෙට. ඔය නගරේ හරි ප්රසිද්ධයි ලාපු ලාපු කියන වීරයා හිටපු ප්රදේශය හිංදා.මට හිතුන ඔය ලාපු ලාපු ගේ කතාව තමුන්නැහෙලත් එක්ක බෙදා හදා ගන්ඩ.  වෙන ඕනෑම කතාවක් වගේ මේ කතාවෙත් වීරයෝ වගේම ද්රෝහීන් බිහිවෙන්නෙත් ඕපපාතිකව නෙවෙයි සමාජයේ තිබ්බ උවමනා එපාකම් එක්ක. හින්ද කතාවත් කියලම ඉන්නං අර හුදී ජනයාගේ මෙව්වා එක වෙනුවෙන්.

මේ  කතාව පටන් ගන්නේ පහළොස් වෙනි ශත වර්ශේ කියන්නේ 1400 ගණන් වල යුරෝපයේ දී. කාලේදී යුරෝපයේ අයිබීරියානු අර්ධද්වීපයේ ලොකු රාජධානි දෙකක් තිබ්බා. එකක් පෘතුගාලය. කියන්නේ පෘතුගීසි කාරයන්ගේ මවුබිම. අනික අනික කැස්ටිලා රාජධානිය. අද ඔය ස්පාඤ්ඤය කියන්නේ දල වශයෙන් රාජධානියට. ඔය රටවල් දෙක හැදුන හැටිත් හරි ලස්සන කතාවක්. ඒත් අපේ කතාවට ඒක එච්චර සම්බන්ධයක් නැති හින්ද වෙන දවසක කතා කරමු.